Saturday, June 8, 2013

පවුරු (01 කොටස)

මට ඔයා ඔය ආදරෙන් ඉන්න විදියට හැමදාම හිටියම හොඳටම ඇති......

සත්‍ය කථාවක්....

සමාන්‍ය පවුලක ඉපිද පවුලෙන් ගොඩාක් දුරස්ව ජීවිතෙට තනිවම මුහුණ දෙන්න වුනු කෙනෙක් තමා ජනිත් තියන්නෙ… මේ කියන්න යන කථාවෙ කථා නායකය ජනිත්.. අහම්බෙන් වගේ අඳුන ගත් මහරගම පැත්තෙ ලස්සන අහින්සක ගෑණු ළමයෙකුට ජනිත් පන වගේ ආදරය කලා ..ඇත්තටම ඒ ගෑණු ළමය ගොඩක් අහිංසකයි. කියන්න බැරි තරම් ලස්සනයි. ගෑණු ළමයගෙ නම හන්සි..   ජනිත් දුප්පත් උනාට හන්සි ගොඩක් පෝසත්. මේ දෙන්නගෙ ආදරේට ‍තරතිරම ප්‍රශ්ණයක් උනේ නෑ… හන්සිව ජනිත් මලක් වගේ පරිස්සම් කලා… ජනිත් වැඩ කලේ බොරැල්ලෙහි පිහිටි පෞද්ගලික ආයතනයක.

දිනක්.. දුරකථනයෙන්,

ජනිත් : ඇයි හන්සි ඔයා දුකෙන් වගේ..

හන්සි: ඔයා කීවනෙ අවුරුද්දට ඇඳුම් ගන්න යන්න අද මාත් එක්ක එනව කියල..

ජනිත්: අනේ රත්තරං.. තරහ වෙන්න එපා.. මට තවම පඩි හම්බුනේ නෑ..

හන්සි: මන් සල්ලි ඉල්ලුවෙ නෑනි ඔයාගෙන්. ප්ලීස්.., එන්නකෝ……

ජනිත්: ඒත්.., මට මගෙ සල්ලි වලින් ඔයාට මුකුත් අරන් දෙන්න ඕනෙ….

හන්සි: මේ සල්ලි ඉතින් ඔයාගෙනි..

ජනිත්: ඕවා ඔයාගෙ අම්මලගෙනි මැණික…

හන්සි: ඉතින්… මගෙ අම්මල මොකද ඔයාගෙ අම්මල මොකද? අපි දෙන්නගෙම අම්මල අපේනි අයියෙ… අනේ එන්නකෝ…

ජනිත්: ඔයා අද යන්න. මම හෙට එන්නම්..

හන්සි: එහෙනම් හෙටම යමු. ම්… හෙට එනව නේද ෂුවර් එකටම…

ජනාත්: ඔව්… උදේම මම එන්නම්. හොඳද? අද පඩි.. මොනවද ඕනෙ ඔයාට?

හන්සි: මට මුකුත් එපා අයියෙ… මට ඔයා ඔය ආදරෙන් ඉන්න විදියට හැමදාම හිටියම හොඳටම ඇති..

ජනිත්: එහෙම බෑ.. කියන්න.. මොනවද ඖනෙ..?

හන්සි: එහෙනම් මට ටෙඩි බෙයා කෙනෙක් ගෙනත් දෙන්න..

ජනිත්: ම්… මගෙ චූටි බබාටත් හිතෙන දේවල්… හරි මන් ගේන්නම්කො.. ම්…

හන්සි: මට ආදරෙයි නේද මගෙ අයිය..

ජනිත්: ඔව් මැණික… මගෙ සතුට තියෙන්නෙ ඔයා ලඟ.. ඔයාගෙ ආදරේ නිසා මන් ජීවත් වෙනව කියල මට දැනෙනව.. ඔයාට තියන ආදරේ වචන වලට පෙරලන්න බෑ රත්තරන්…

හන්සි: මන් ඒක දන්නව මගෙ අයියෙ.. අහ්… මන් යාළුවත් එක්ක ටවුන් එකේ බුක් ෂොප් එකට ජිහින් එන්නද?

ජනිත්: හා… පරිසමට ජිහින් එන්න… කොල්ලො දිහා එහෙම බලනව නෙමේ… 

 (ජනිත් විහිළුවක්ද කරමින් දුරකථන ඇමතුම අවසන් කරේ හන්සි කෙරේ අපරිමිත ස්නේහයකිනි…)

දෙදෙනා මෙසේ ආදරයෙන් බැඳී වසරක් පමන ගතවී ගොසිනි… හන්සිගේ දෙමව්පියන් ද මේ සම්බන්දය ගැන දනී.. මුලින්ම දැනගත් විට ජනිත් ගේ ආර්ථික පසුබිම නිසා අකමැති උවත්, ඔහුගේ මානුෂීය ගති ලක්ෂණ හා දෙදෙනා කෙරේ ඌ අපිරිමිත ස්නේහය නිසාම දෙමාපියන්ගේද කැමැත්ත ලැබිනි. ජනිත් ගේ  ගෙදරට කියන්න යැයි හන්සිගේ දෙමාපියන් කල ඉල්ලීම නිසාම ජනිත් මේ නිවාඩුවට ගෙදර ගියාම ගෙදරට කියන බවට ඔවුන්ට පොරොන්දු විය…

කාලය ගෙවී ගියහ… පැයකට පමන පසු..

ජනිත්ගේ මහරගම යහළුවෙකු වන චානක දුරකථනයෙන් ඇමතීය.

චානක: මචන් ජනිත්..

ජනිත්: ඔව් චාන.. කියපන්…

චානක: පොඩි හදිසියක්.. ඉක්මනට හොස්පිට්ල් එකට වරෙන්.. (චානකගේ කටහඬ දුකෙන් පිරී තිබින)

ජනිත්: ඇයි චාන? මොකක්ද අවුල..

චානක: මචන්… මචන් මේ…. (චානක ගොත ගසන්නට විය)

ජනිත්: තටමන් නැතිව කියපන් බන්..??????? මොකක්ද අවුල?

චානක: මගෙ ගර්ල් ඇක්සිඩන්ට් වෙලා… ……… (චානක කියා ගත්තේ ඉතා අපහසුවෙනි)

ජනිත්: අප්පටසිරි… ඒ කොහෙන්ද? කෙල්ලට අමාරුද බන්… උඹ කොහෙද ඉන්නෙ… හිටපන් මම දැන්ම එන්නම්…

(චානකගෙ ගර්ල් ශානිකා ය.. ශානි යනු නිහතමානී අවන්ක කෙල්ලෙකි… ජනිත් ශානිටත් ශානි ජනිත්ටත් සැලකුවේ එක්කුස උපන් සහොදරයන්ට මෙනි. එම නිසාම මෙම සිදුවීම ජනිත්ට මහත් වේදනා ගෙන දෙන්නක් විය… ජනිත් එවෙලෙහිම හන්සිට දුරකථන ඇමතුමක් ගත්තේ මෙ ගැන කියන්නටය… ෆෝන් එක ඕෆ් නිසා ජනිත් කාර්යාලයට සත්්‍ය සිදුවීම පවසා රොහල වෙත ගියහ..)

ජනිත්: චානා…………… චානක සිටියේ හදිසි අනතුරු ඒකකය අසල පිටත වූ පුටුවකට බරවීගෙනය…

චානක: ජනිත්… වාඩිවෙයන්කො…..????/

ජනිත්: කෝ ශානි;;…..

පුතා……………… (එවිටම එතනට පැමිනියේ හන්සිගේ දෙමාපියන්ය….)

අංකල්ල කොහෙද මෙහෙ???????????????????????????????????

සියල්ලෝම මුහුණට මුහුණ බලා ගන්නවා විනා කිසිවක් නොකියවූහ… කිසිවක් තේරුම්ගත නොහැකි වූ ජනිත් හදිසි අනතුරු ඒකකයේ පුංචි වීදුරු කවුළුවෙන් ඇතුලත බැලුවේ ශානිගේ තත්වය දැනගන්නටය… දෙයියනේ…………………………………………………………….

ජනිත්ට කෑ ගැසිනි..

නහයෙන් කටෙන් ලේ පෙරාගෙන ආදාරක මැෂින් ආදාරයෙන් අමාරුවෙන් හුස්ම අදිමින් ලෙඩෙකු හුස්ම අදිමින් සිටියහ……………………

ජනිත් දෑසෙන් කඳුලු වැගිරෙත්දිම පුටුවට බරවූයේ කර කියා ගත හැකි දෙයක් නොමැතිව ඉතා අසරණවය… ශානි යනු ජනිත් ගේ ආදරය බෙහෙවින් දිනාගත් සහෝදරියකි.. එම නිසාම මෙය ජනිත්ට මහත් කම්පනයක් විය.. මිනිත්තුවක්වත් ගත නොවිනි..

වෛද්‍යවරයෙක් හදිසි අනතුරු ඒකකයෙන් පිටතට පැමිනියේ ඉතා සන්නුන්වය…

ජනිත් එක්වරම නැගිටිනි…

ජනිත්: ලෙඩාට කොහොමද ඩොක්ටර්……………………..

ඩොක්ටර්: පුතා… කලබල වෙන්න එපා… හැමදේම වෙන්නෙ මිනිස්සුන්ටනෙ…

ජනිත්: හරි හරි… ලෙඩාට මොකද කියන්ඩකො… ජනිත්ට නිම් හිම් නැති විය………..

ඩොක්ටර්: අපි හැම උත්සාහයක්ම ගත්ත.. ලෙඩාගෙ කුඩා මොලේට ලොකු බලපෑමක් වෙලා ඇක්සිඩන්ට් එකෙන්…

ජනිත්: එයාව සනීප කරන්න පුළුවන් නේද ඩොක්ටර්..

ඩොක්ටර්: අපට සමා වෙන්න… අපට එයාව බේර ගන්න බැරිව ගියා…………………..

 ඒ සමගම සුදු රෙද්දක් පෙරවපු ට්‍රොලියක් හදිසි අනතුරු ඒකකයේ දොරෙන් එලියට ඇදුනි...

බෙහෙවින් කම්පනය වී සිටි ජනිත්ට නිකමට එක් වරක් ශානිගේ මුහුණ දැකීමට අවැසි විය..

සුදු රෙද්ද මෑත් කලේ ඒ අහිංසක මුහුණ දැක ගන්නටය..

ජනිත් එක්වරම දුටුවේ බලාපොරොත්තු රහිත දසුනකි෴

දෙවියනේ.... ජනිත් දෑතින්ම ට්‍රොලියෙහි වූ මල කඳ බදාගෙන කෑ ගැසුවේ මුළු රෝහලම මොහොතකට නිහඩ කරවමිනි...

ටොලියේ සිටියේ ශානි නොව෴

මලක් මෙන් පරිස්සම් කල, ඇස් දෙක මෙන් රැක බලා ගත්, ආත්මෙටත් වඩා ජනිත් ආදරය කල ඔහුගේ ස්නේහබර පෙම්වතිය හංසීමය෴

ඒ මීට හෝරාවකට පමන පෙර ජනිත්ගෙන් ටෙඩි බෙයා කෙනෙක් ඉල්ලූ හන්සි මය……………………………….෴

 ජනිත් මුළු ලොකෙම කඩා වැටුනා සේ සිහිසුන් ව ඇද වැටිනි….

ලබන සතියට.....

(ජීවිතේ ජීවත් කරවන්නේ ආදරයයි… මෙය සත්‍ය කථාවකි.. මෙහි එන නම්ගම් පමනක් මනංකල්පිත වන බව කරුණාවෙන් සලකන්න) 

ඔබේ අදහස් පහලින් දක්වන්න…

උපුටාගැනීමක් නොවේ…

ඔබ දන්නා සත්‍ය සිදුවීම් rmbraveen@gmail.com වෙත මේල් කරන්න..

ඔබේ නමින් අප ඒවා පල කරන්නෙමු…

කතාව හොඳනම් comment එකක් දාලම යන්න...

11 comments:

  1. patta wadak.apata 4n akenuthbeliyahaki.oyanam niyamai.gud luck

    ReplyDelete
  2. puduma duka hithena kathawak... me wage kathawak mama kiyewwamai... Thabnkx Im vihangi.

    ReplyDelete
  3. දුක හිකතන කතාවක්... ඇත්තටම මේ කවිද?

    ReplyDelete
  4. අම්මෝ...

    ReplyDelete
  5. දෙවැනි කොටස පලවුනා... බලන්න..

    ReplyDelete
  6. congratulations

    thawa liyanna

    ReplyDelete
  7. ජීවිතය ඔහොම තමයි.හිමිවුනු දෙ අහිමි වෙනවා.අහිමි වුනු දේ හිමි වෙනවා.
    ලස්සන කතාව දිගටම ලියන්න.සුබ පතනවා

    ReplyDelete
  8. ස්තූතියි..
    පවුරු ඉතිරි සියළුම කොටස් මෙතැතිත් කියවිය හැක..
    http://freegetlanka.blogspot.com/p/blog-page_1.html

    ReplyDelete
  9. මාරම දුක හිතෙන කථාවක්.
    ඇත්තටම මේ කාගෙ කවුද.
    ඇඩ්මිින්.
    මේ ඔයාගෙ කතාවද.
    ජීවිතේට කියවපු දුකම හිතෙන කතාව.
    ඉතිරි ටිිකත් කියවන්නම්.

    ReplyDelete