ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Thursday, August 25, 2016

සඳ විනිවිද..

සඳ විනිවිද..


ඇය.. පතිනියක් විය. දිවිය පුරාවට නේක දුක් කම් කටොලු මැදින් දිවි ගෙවන්නාවූ බොහෝ උන් අතරින් ඈ දඟකාර වෙනස්ම එකියක් විය..

සුන්දරත්තයෙන් කිසිවෙකු හට ඇය පරයන්නට ශක්තියක් නොවීය.
කෙළිලොල් එකියක වූ ඈ.. සෙනෙහසේ මායිමට තුරුලු වී සුන්දර යෞවන කාලයක් ගෙවා දමමින් සිටි එකියකි..

අහම්බයෙන් නොවී හමු වුනු ඔහු හා පෙමින් වෙලී ගෙවා දමමින් සිටි සොදුරු යෞවනයට ඈ, ඇගේ රුවෙන් මෙන්ම දඟකාරකමින්ද එක් කලේ මහා ප්‍රේමාන්විතයකි..

කාලය ගෙවෙන්නට විය..

උලමන්ගේ ආගමනය සිද්ද විය..

සෙනෙහසේ කැටපත සියුම් ගල් කැබලි වැදී පළුදු වන්නට විය..
කිසිවෙකුටත් හොර රහසේ ඇගේ අතීත කර්මයන් කියා ඈ විස්වාස කරන, නමුත් වෙනස් කරන්නට ඕනෑ තරම් ඉඩ ප්‍රස්ථාව තිබූ සිදුවීම් සමුදායක් සිද්ද විය..

ඈ.. සෙනෙහසෙන් තනි විය. ආදරයේ මංපෙතේ අතරමන් විය. කෙලිලොල් බව, දඟකාර ගති නැති විය. දහමෙහි සරණ පැතීය..

වාසනාවක් වූ අවාසනාවක් ඇගේ වටා කැරකෙන්නට විය. නිවැරදි අවබෝධයට වඩා වැදි ශද්ධාව ඇය වටා තුරුලු වන්නට විය..

විඳීම වෙනුවට විඳවීම මනසට ඇතුලු විය..

බැඳීම් තුලින් විඳින්නට හැකි අයුරු ඕනෑ තරම් දහමෙහි ඇත. නමුත් අවාසනාවට ඈ හට අතහැරීමම මනසට කා වද්දන්නට විය. ඈ සියල්ලටම වඩා ඒ නොමැඹුරු, අරුත් විරහිත අවිද්‍යාව මත රජයන, වාසි වෙනුවෙන් දෙසු එවදන් මත නිද්‍රාන විය.

සියල්ල කෙමෙන් ඇගෙන් ඈත් වන්නට විය. දුක තුරුළු කරන් සැප හැර දමමින්, ලඟා විය නොහැකි මානයන් සොයන්නට විය..

අහම්බෙන්,

ඇගේ වූ උතුම් ගති දැක, ඈව ප්‍රථම වරට එකෙකු තේරුම් ගති..

නමුදු,

ඈ, සියල්ලන්ටම අතීතයට සහ අනාගාමික දහමට ලොල් බඳින්නට විය..
වාසනා මිණි කැට දෙපා මුල දිදුලද්දී, අවාසනාවේ මුර ටැඹ ස්පර්ශ කරන්නට තරම් ඈ දුර්වල එකියක වූයේ ඇයිදැයි ඔහු පුදුමයෙන් නොසොයන්නේ, සැබෑව සක් සුදක් සේ සුපැහැදිලි නිසාවෙනි.

නමුදු,
ඇගේ නමින්,

හිස් අහසක තරු පොකුරු යා කර, සෑදූ සුන්දර සේද මාලිගය, මොහොතකින් කෂණයකින් කඩා බිඳ වැටීම ඔහුට දරා ගන්නට නොහැකි විය.

ඇගේ සැපත සතුට සදා පැතුවත්, ඈගේ අනාගාමික මාර්ගය තුලින් ඈ එක්කාසු කර ගන්නා විපාක මැනවින් අවබෝධ වන නිසාදෝ  ඇගෙන් සමු ගන්නට ඒ සිත හදා ගන්නට ඔහුට නොහැකි විය.

ඈ වෙත සැබෑව පසක් කරන්නට උත්සුක විය. කාලය මනස වැය කරමින් සරලව ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ විය. ඒ වෙනුවට ඇගෙන් ඔහුට ත්‍යාගයක් ලැබිනි..

ඒ,
අතීතය සහ වර්ථමානය යා කොට.. දෙදෙනෙකුට සම සේ බෙදන්නට නොහැකි සෙනෙහසක් පිලිබඳව නව ආගමනයකි.

සැබෑව නොදන්නා නමුදු ඔහු ඈ විස්වාස කරයි..ඒ ඇයව ඒතරම් ම වටිනා මෙන්ම ඈ හට එතරම්ම ගෞරවණීය නිසාවෙනි.

කෙසේ වෙතත්,
සොඳුරු හිත් දෙකක ශාන්ත ගමනාන්තයක් වන්නට තිබූ ආරම්භයක්,
වේදනා කැකුළු සමගින්ම අකලට නිහඬ විය..

ඇය..
ඇගේ ගමන යාවි. නිහඩව. අවිදයාව අනවබෝධය මත. කරන පිං කැපෙන්නට පව් රැස් කරමින්..

ඔහු..
???

ස්නේහයේ සියුම් තැන් හදවතින් ස්පර්ශ කර සාංසාරික බැඳීම් තුලින් තේරුම් ගන්නට නොහැකි තරම් සිත් දුර්වල තෙක්,
පතිනියන් හට කෝවලන් වරු මග හැරෙනු නොඅනුමානයි..(වෙන පතිනියන් නොපතන කෝවලන් වරු)

කෙසේ වෙතත් පතිනියන් නිසා කෝවලන් වරු වේදනාවෙන් සිටියත්, පතිනියන් හට දින කීපයකින් එය අමතක වී යාවි. දිවි ඇති තෙක් විඳවන්නට තරම් කෝවලන් හිත් ශක්තිමත් බැව් ඔවුන් දන්නවානම්.......!

අවබෝධය තුලින් යා හැකි මග දුරයි..

සමාප්තියක් බැව් නිසැකයි..

රවීන්ද්‍ර බණ්ඩාර


Monday, April 20, 2015

පැතූ පැතුම්෴4 කොටස


පසුගිය කොටසින්෴

එදා වසරේ පලුමු පෝය දිනය විය..සවස් වරුවේ ඈ මල් වට්ටියක්ද සූදානම් කර ගනිමින් සුදෝ සුදට සැරසී සූදානම් වූයේ පන්සල් යෑමටය..

දුරකථනයට කෙටි පනිවිඩයක් ආවේ මෙවිටයි..

“මම සිවුරු ඇරිය අම්මි...“

අද එතැන් සිට෴

කෙටි පණිවිඩය ලැබුනේ පොඩි හැමුදුරුවන්ගෙන්. මේ තමන්ව කසළ ගොඩක් සේ ඉවතට විසි කර දැමූ ඒ හාමුදුරුවන්මය. දනීශා හට පොළව පළාගෙන යෑමට තරම් ලැජ්ජාවක් මෙන්ම තමා ගැනම විශාල පසුතැවීමක් දැනෙන්නට විය. සිව්රු දරා සිටිනා විට දනීශා, මගෙ නංගි යන වචන වලින් ඈ ඇමතීමට සීමා වූ ඔහු, මෙසේ “අම්මි“ කියන්නට තරම් මාව දුරස් කර තැබූ මාස ගනන ඔහු හට සමීප බවක් වූයේ කෙලෙසදැයි දනීශා හට සිතෙන්නට විය. ඈ හට මහත් අසරණකමක් දැනෙන්නට වූයේ එනිසාමයි..

පණ මෙන් ආදරේ කරපු දනීශාගේ පෙම්වතා නොහොත්, පොඩි හාමුදුරුවන් තව දුරටත් ස්වාමීන් වහන්සේ කෙනෙකු නොවේ. ඔහු මහන දමින් මිදී කනිශ්ක සම්පත් ලෙස ගිහි තරුණයෙකු බවට පත්වී සිටී. පණ මෙන් ආදරේ කරපු, දනීශාගේ පළමු මෙන්ම දැබෑ සෙනෙහස නැතිවී ගොස් මාස ගනනාවක් දුක් වින්දා දනීශාට අමතක නැත. ඔහු නිසා විභාගය පවා අනා ගත් සැටි ඈ කෙලෙසින් නම් අමතක කරන්නද.?

නමුදු, සෙනෙහසේ නාමයෙන් ඔහුව අමතක කරන්නට හෝ, ඔහුට පිටු පාන්නට හෝ ඔහුගේ වචන වලට එරෙහිව යන්නට තරම් දනීශාගේ සිත ශක්තිමත් නොවුනි.

යලිදු මිතුරනුත් පෙම්වතුනුත් නොවන අතරමැදි අවස්තාවක හිඳ දෙදෙනාට දෙදෙනා කතා කරන්නට, කෙටි පණිවිඩ හුවමාරු කරගන්නට පටන් ගත්තේ ඒ නිසාමයි.

සිව්රෙහි සිට සිව්ර හැරීම නම්වූ බෞද්ධ සමාජයේ පිළිකුල් සහගතම ක්‍රයාමාර්ගය ගෙන තිබූ කනිශ්ක බෙහෙවින්ම සමාජයේ කොන් විය. ඔහු පැවිදි බිමේ සිටියදී ඔහු කෙරේ මිනිසුන්ගේ වූ ගෞරවයද හේදී ගොස් තිබිනි. යම් තාක් හෝ දුරකට කනිශ්ක හට ඔහුගේ නැතිවී ගිය ගෞරවයෙන් බිඳක් හෝ යලි ගබා ගන්නට සහ බිඳකින් හෝ පෞර්ෂත්වයක් ගොඩ නගා ගන්නට ඔහු හට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.

“අම්මි.. ඔයා ආයෙ ඒ ලෙවල් කරන්න..මම ක්ලාස් හොයල දෙන්නම්..“

වරෙක එසේ කියමින් යලිඳු උසස්පෙළ විභාගයට මූණ දීම සඳහා දනීශා හට පන්ති පවා කනිශ්ක සොයා දුන්නේ කනිශ්ක, දනීහා ලෙස අලුතින්ම ඔවුන්ගේ ආදර කතාව කෙටුම්පත් කරන්නට මුල පුරමිනුයි.

නිතරම සිත් තැවුලින් කලකිරීමෙන් විඳවමින් ගත කල දනීශාගේ දිවියට යලිඳු ස්නේහයේ මල් පූදින්නට වරම් දෙමින්, වැහැරී ගිය දනීශාගේ සිරුර මෙන්ම සිතද, දිනෙන් දෙකෙන් සුපුන් සඳක් මෙන් බබළන්නට වූයේ නැවතත් පොඩි හාමුදුරුවන් කනිශ්ක ලෙස හෝ තම ප්‍රේමය සුරකින්නට අවසර ගත් නිසා වන්නට ඇත.

ගමේ නින්දා අපහාස ලබමින්, බෞද්ධ සමාජයෙන් හීරළුවා යැයි වචන අසමින් අපහසුවෙන් ගතකල කනිශ්කගේ දිවියට නව අරුතක් දෙන්නට දනීශාට ඇවැසි වූවා.
දිනක්, නාවික හමුදාව සඳහා බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණයකට ඉල්ලුම් පත්‍රයක් දනීශා අතින්ම පිළයෙල කර යවනු ලැබුවේ ඒ නිසාමයි.

මේ අතරතුරේ ගම්මුන්ගේ කතා, මිතුරන්ගේ තොරතුරු යන සිල්ලගේ සම්මිශණයක් ලෙස දනීශාගේ ගෙදරින් මේ සම්බන්දය දැන ගන්නට විය.

“පුතේ. ඇත්තට මේ මිනිස්සු කියන කතා.. “

“මොකක්ද අම්මෙ.?“

“අර.. පහල ගමේ සිව්රු ඇරපු ළමයත් එක්ක ඔයා එහෙ මෙහෙ රවුම් ගහනව කියන්නෙ.. ඒ ළමය එක්ක සම්බන්දයක් තියෙනවද?“

දනීශා මදක් තැති ගත්තද, යෙහෙළියක මෙන් වූ ඇගේ මවට සියල්ල මුල සිට පැහැදිලි කලේ සඟවන්නට තරම් දෙයක් දනීශා තුල නොවූ නිසයි..

“මොන දේ උනත් ඒ ළමය සිව්රු ඇරපු ළමයෙක් නෙපුතේ.. මිනිස්සු කියන කතා අහන්නත් අපප්‍රසන්නයි..“

“එයාගෙ දැන් නම කනිශ්ක.. මං නේවි එකට ඇප්ලිකේෂන් එකක් දැම්ම අම්මෙ.. තේරුනොත් නම් හොඳයි.. ගමේ මිනිස්සුන්ගෙත් කටවල් වැහෙයි.. යාපනේ බොම්බෙ පුපුරගෙන මැරුනු හසලක ගාමිණිත් අරන්තලාවෙදි බේරුණු පොඩි හාමුදුරු කෙනෙක්ලු අම්මෙ“

“හම්.. වෙලාවක එන්න කියන්නකො ඔය ළමයට තාත්තවයි මාවයි හම්බ වෙන්න“ දනීශාගේ මව පැසුවේ නම් ඔහු කෙරේ අකමැත්තකින් නොවෙයි.

කෙලෙසින් හෝ කනිශ්ක වෙනුවෙන් නාවික හමුදාවට දනීශා දැනූ ඉල්ලුම් පත්‍රයට, ඇගේ බලාපොරොත්තු මල් ඵල ගන්වමින් ප්‍රථිචාර ලැබී තිබුනත් ඔහු දනීශාට ඒ බව කියන්නේ නෑ.

මේ අතර දනීශා දෙවන වරට උසස් පෙළ විභාගයට පෙනී සිටිනව. දනීශාගේ උත්සාහය යම් තරමක් දුරට සාර්ථක කරමිනුයි උසස්පෙළ විභාගයට මෙවර A-1, B-2 ලබා ගන්නෙ.

මෙසේ කාලය ගෙවී යන අතරතුරේ ලොකු බෑගයකුත් කරේ හොවාගෙන කනිශ්ක දනීශලාගෙ ගෙදර එන්නෙ කිසිවෙකුත් බලාපොරොත්තු නොවුන වෙලාවකයි.
“ඇන්ටි.. මම නේවි යනව අද..“

සුළු වෙලාවක් කතා බහ කරමින් ඉඳල, දනීශාගේ අම්මට දණ ගහල බැඳල කනිශ්ක කීවෙ දනීශ වත් නොහිතපු විදියට.
මේ වන තෙක් දනීශටවත් නොකිය ඉඳල මේ කනිශ්ක පවසන්නේ ඔහු නාවික හමුදා පුහුනුවට යන්නට යන අතරතුරේ නොවේද? දනීශා තුල මහත් සිත් තැවුලකුයි ඇතිවූයේ..
“මං ගිහින් එන්නම් නංගි..“

දනීශා ගෙත් ඔළුව ගොඩාක් ආදරෙන් අතගාල කනිශ්ක පිටත් වුනේ දනීශාගේ සිතට එක්වරම පැමිනි කණගාටුවට සුලු හෝ අස්වැසිල්ලක් ලබා දෙමිනුයි.

නමුත් දනීශාට මේ ගැන නොකියපු වේදනාව නම් දනීශා හට සඟවා ගන්නට නොහැකි උනා.. ඈ කෑ ගසා හඬන්නට වුනේ, නිතර නිතර අසනීප වන්නට වුනේ ඒ නිසා වන්නට ඇති.. නමුදු දනීශාගේ මවටනම් කනිශ්ක බෙහෙවින් සිතට අල්ලා ඇත. ඇය කනිශ්කව වර්ණනා කල අයුරින් ම ඒ බැවි දනීශාට වැටහිනි.

දින සති මාස ගෙවී ගියත්, දනීශා හට ලිපියකුදු කනිශ්ක ගෙන් නොලැබිනි. කාලයාගේ ඇවෑමෙන් වේදනාව දරා ගත නොහැකිම තැන ඈ කනිශ්කගේ මවගෙන් පවා ලිපියක්වත් කනිශ්කගෙන් ලැබුනිදැයි විමසන්නට විනි.

මෙසේ වසරක් යනකම් දනීශා වේදනාවෙන් විඳවමින් බලා හිඳින්නේ තම අපිරිමිත ස්නේහයේ නාමයෙනුයි.. නමුදු, වසරකටත් ආසන්න කාලයක් ගෙවී ගොස් තිබියදීත්, කනිශ්කගෙන් නම් කිසිඳු කෙටි පණිවිඩයක්, ලිපියක් හෝ දුරකථන ඇමතුමක් වත් ලැබෙන්නේ නැහැ.

“ආ.. දනී.. ආන්න උඹේ පොඩ්ඩ නිවාඩු ඇවිත් යනව හම්බ උනා..“

විටෙක ඇගේ යෙහෙලියක් කීවේ එලෙසයි.ඉස්සර පොඩි හාමුදුරුන් නිසාවෙන් ගමේ උන් බොහොමයක් ඔහු හැඳුන් වූයේ එලෙසය.

මෙවැනි ආරන්චි හමුවේ ජීවත් වීමට තිබූ ආසාවද, බලාපොරොත්තුත් සමගින්ම බිඳ වැටෙන්නට වූයේ දනීශාගේ ඉවසීමේ සීමාව හමාර කරමිනුයි..

“මට ජීවත් වෙලා වැඩක් නෑ.. එක පාරක් සමාව දුන්න.. කමක් නෑ.. ඒ පාර මාව අතාරින්න ඇත්තෙ හාමදුරුවො විදියට හිටපු නිසා වෙන්න ඇති. ඒත්, එයා ගමේ බැනුම් අහද්දි, වචන අහනව බලන් ඉන්න බැරි නිසා මමමයි නේවි දැම්මෙ.. මටවත් කීවෙ නෑ තේරිලත්.. ඒත් කමක් නෑ.. ගිහිල්ලත් අද වෙනකම් කිසිම පනිවිඩයක් නෑ..“

දනීශා එදා තනිවම නිවසේ ඇගේ කාමරයට වී සිතන්නට වූයේ ජීවිතය කෙරෙහි වූ ආසාව බින්දුවටම අඩු කර ගනිමිනුයි.

තවත් කොටසක් බලාපොරොත්තු වන්න..
(මෙය සත්‍ය කතාවක් වන අතර නම් ගම් පමනක් මනංකල්පිත වේ)
රචනය: රවීන්ද්‍ර බණ්ඩාර

පැතූ පැතුම්෴ 3 කොටස


පසුගිය කොටසින්....

එදින හවස් වරුවටම හාමුදුරුවන්ගෙන් කෙටි පණිවිටයක් නොලැබුනි.. දනීශා කෙටි පනිවිඩ කිහිපයක්ම යොමු කලද ආපසු පණිවිඩයක් නොලැබීම නිසා දනීශා සිටියේ සිතු තැවුලෙනි..

“අදින් පස්සෙ ආයෙ මට කතා කරන්න, මැසේජ් කරන්න එපා“

අද එතැන් සිට෴

ඒ කෙටි පනිවිඩය හාමුදුරුවන්ගෙනි. දනීශා හට කරන්ට් එක වැදුනාක් මෙන් විය.. මොහොතකට සියල්ල අමතක වී ගියහ..

“ඔයා විහිළු කරනවද.. මේ.. මම තාම ගැහෙනව.. ඇයි ඔහොම විහිළු කරන්නෙ මගෙ හාමුදුරුවනේ..“

දනීශා මැසේජ් කලේ සැබැවින්ම තැති ගැන්මෙනි..

“මම ඔයාට ආදරේ නෑ.. ආදරේ කලෙත් නෑ.. කරුණාකරල මට වදයක් වෙන්න එපා.. ආයෙ මැසේජ් කරන්න එපා..“

ඒ වෙනකෙකු නොවේ, දනීශා පණ මෙන් ආදරය කල, දනීශා පසුපස සෙනෙහස අයදිමින් පැමිනි, දනීශාව තම මව් පියන්ට පවා හඳුන්වා දුන්, ඒ හාමුදුරුවන්මය.

දනීශා හට කිසිත් කර කියා ගත නොහැකි විය.. එක් වරම හාමාදුරුවෝ , එසේත් නැතිනම් තමන්ගේ ප්‍රේමවන්තයා මෙසේ තමාව කසල ගොඩක් සේ මෙසේ ඉවත් කර දැමීම දනීශාගේ සිතට දැඩි සේ බලපාන්නට ඇත.

ඈ සිංහල පන්ති යෑම නතර කලහ. පාසැල් ගියේද ඕනෑවට එපාවට මෙනි. අධ්‍යාපන කටයුතු බෙහෙවින් අතපසු විය. ජීවිතේ වෙනත් කවර දාකවත් නොමැති තරමේ මහා තනිකමකින් සහ සිත් තැවුලකින් ඈ වෙලාගෙන සිටියහ.

ජීවත් වීමේ ආසාව කෙමෙන් ඈ කෙරෙන් බැහැර වන්නට විය.

ඈ නිතර පන්සලට ගියේ සිත හදා ගන්නටය. ඇතැම් විට ඈ සසුන් ගත වේවිදෝයි යන සැකටද දනීශා ගේ යෙහෙලින් තුල විය.

පන්සලට ගොස් ගෞතම බුදු පියානන්ගේ රුවදෙස බලා කඳුළු වගුරුවමින් තනිවම ඈ හඬා වැටෙන්නට විය. වැලි මලුවේ සක්මන් කරමින්, බෝපත් වළ සිළි සිළි හඬ අභියස ඈ සිතිවිලි අතර තනි වන බොහෝ අවස්තාවල ඈට පොඩි හාමුදුරුවන් මැවි මැවී පෙනෙන්නට විය.

බලාපොරොත්තු වන්න....

“ලා දළු පෝපත් සැලෙනා සෙවනේ...
සාදුගෙ මුහුනයි මැවිලා පෙනුනේ....
අඳුර ගලා එන සුදු වැලි මලුවේ...
ගනදුර පමනයි තනියට උන්නේ...“

මෙසේ කාලය ගත කල නමුදු අවසානයේ කඳුල පමනක් තුරුළු කරන්න, තම මව් පියන් වෙනුවෙන් සිත හසා ගන්නට දනීශා සිතා ගත්තේ නම් දෛවයේ හාස්කමකයට.වටිනා ජීවිතයක් මෙසේ අකාලයේ පරවී නොයෑමට ඉස්තූති විය යුත්තේ දෙවිවරුන්ටමය.

කාලය ඉක්මනින් ගෙවී යන්නට විය. 2011 වර්ශයේ අ.පො.ස උසස් පෙළ විභාගයට උනන්දුවකින් තොරව වුවද මව් පියන්ගේ පෙරැත්ත කිරීම නිසාම මූණ දුන් දනීශා නිවෙසටම වී ඔහේ කාලය ගත කරන්නට වූයේ ජීවත් වනවාට ජීවත් වන්නියක් මෙන් සියළු බලාපොරොත්තු අතැර ගනිමිනි.

A-3 ක් ගන්නට හොඳින්ම අවස්ථාව තිබූ ඈ, හාමුදුරු ප්‍රේමයේ ඵලයක් ලෙස B-2, C-1 කට තම ප්‍රතිඵල සීමා කර ගත්තද, හාමුදුරුවන් A-2, B-1 ක පරාසයකට තම ප්‍රථිඵල රැගෙන ගොස් තිබුනේ හිතු පිත් නැති තිරිසන් බවක්, මෙම සම්බන්දය දැන උන් සැමටම පසක් කරමිනි.

2012 වර්ශය එළමිනි.. එදා වසරේ පලුමු පෝය දිනය විය..සවස් වරුවේ ඈ මල් වට්ටියක්ද සූදානම් කර ගනිමින් සුදෝ සුදට සැරසී සූදානම් වූයේ පන්සල් යෑමටය..
දුරකථනයට කෙටි පනිවිඩයක් ආවේ මෙවිටයි..

“මම සිවුරු ඇරිය අම්මි...“

තවත් කොටසක් බලාපොරොත්තු වන්න෴
රචනය: රවීන්ද්‍ර බණ්ඩාර

Wednesday, April 15, 2015

පැතූ පැතුම්෴ (02 කොටස෴)


පැතූ පැතුම්෴

පළමු කොටසින්,


දුරකථනය ඔන් කරනවිටම කෙටි පනිවිඩයක් තිරයේ දිස් විය...

“ඔයා ගොඩාක් ආදරය කරන කෙනා ඔයාට නැති උනා නේද? (නරක සමනලය)“     


දෙවැනි කොටස මෙතැන් සිට෴


කෙටි පණිවිඩය එවා තිබුනේ නාඳුනන දුරකතන අංකයකිනි. මේ කවුරුන් විය හැකිද. “නරක සමනලය“ මෙලෙස හඳුන්වන කිසිවෙකුත් ඇගේ මතකයට නොපැමිනි නිසාම ඈ කෙටිපණිවිඩයට ප්‍රථිචාර නොදක්වා නිහඬවිය.


“ඔයාල එක උනා නේද. ඒකට මට ගොඩක් සතුටුයි..“


නැවතත් එම අංකයෙන්මය...


අපි දිනුව කියල දන්නෙ කොහොමද මේ කෙනා. යාළුවෙක් වෙන්න ඇති යැයි සිතූ දනීශා කෙටි පණිවිඩයට ප්‍රථිචාර දක්වන්නට තීරණය කලහ.


“ඇයි ඔයා රොබින් හුඩ් ද?“


දෙදෙනා දිගටම කෙටි පණිවිඩ හුවමාරු කර ගන්නට විය.. දනීශා හට ප්‍රධාන වශයෙන්ම අවැසි වූයේ මේ කවුරුන්දැයි හරි හැටි හඳුනා ගන්නටය...


“ඇත්තටම ඔයා කවද?“


“මං කවුද කියල දැන ගත්තොත් ඔයා ආයෙ මගෙ මූණ වත් බලන එකක් නෑ දනීශා“


ඔහු මගෙ නමත් දන්නව. මොහුනම් මාව හොඳින්ම දන්න කෙනෙක් විය යුතුයි. දනීශා හට සිතිනි.


“නෑ.. එහෙම කරන්නෙ නැහැ.. ඔයා කවුද කියන්න..ප්ලීස්“


“හම්.. මම අර ඔයාගෙ සිංහල ක්ලාස් එකේ ඔයා ක්ලාස් ඇරිල එද්දි පස්සෙන් එන හාමුදුරුවො..“


දනීශා හට කිසිත් සිතා ගත නොහැකි විය..සිංහල පන්තියේදී නිතරම දනීශා දෙස බලමින් ඉඟි කරන තරුණ හාමුදුරු නම එවිට දනීශාට මතක් විය. විටෙක එම ස්වාමීන් වහන්සේ දනීශා පන්ති අවසන් වී ආපසු එන විට පසුපසින් එන අවස්තාද දනීශාට මතකය.. නමුත්, ඔහු ඇයි මට මැසේජ් කරන්නෙ.. ඔහු කොහොමද මගෙ ෆෝන් නම්බර් එක දන්නෙ..? දනීශාට තිබුනේ ගැටලු රාශියකි.


“ඔබ වහන්සේට කොහෙන්ද මගෙ නම්බර් එක. ඇයි මට මැසේජ් කරේ“

නමුත්මේ ප්‍රස්නවලට ඔහුගෙන් පිලිතුරු නොලැබිනි.. මේ සිදුවීම නිසා දනීශා තුල ස්වාමීන් වහන්සේ කෙරෙහි වූයේ දැඩි කේන්තියකි.


කාලය සෙමෙන් ගතවෙමින් තිබිනි. මීලඟ සිංහල පන්ති දිනය උදාවිය. 
එදින පන්තියේදී දනීශා දිහා බලා කීප වරක්ම තේරුම් ගත නොහැකි විදියේ සිනාවකින් දනීශාට ස්වාමීන් වහන්සේ සංග්‍රහ කලහ. එතැනින්ද නොනැවතුරු ඔහු, දනීශා මට චිට් එකක් එවා තිබිනි..

“දනී.. අර හාමුදුරුවො උඹට චිට් එකක් එවල.. මේ..“


නදී මා අත තැබුවේ හතරට නැවූ පොත් කොල කැබැල්ලකි.


සන්සාර ආරන්‍යෙයන් මිදී සැනහෙන්න..

පැවිදි බව පුරනවා පින් පරා සැනහෙන්න..

සෙනෙහසක් නොලද මා ඔබේ ලඟ සැනහෙන්න..

ඔය සුවඳ සොයනවා මල් සුවඳ හැර යන්න..

~හාමුදුරුවො~


යැයි එහි සටහන්ව තිබිනි.. දනීශා ගේ කේන්ති සිතට කුමක් වූවාද නොදත්හ. ඈ කෙරෙහි හුමුදුරුවන් වෙනුවෙන් ඇතිවූයේ අපිරිමිත අනුකම්පාවකි..


සෑම දිනකම පාහේ හාමුදුරුවන් සමග කෙටි පනිවිඩ හුවමාරු කර ගන්නට දනීශාට උවමනා වූයේ එනිසාය.. කාලයත් සමග බෞද්ධ ශාවිකාවක වූ දනීශා සුවිශාල  පාපකර්මයකට මුල පුරමින් ස්වාමීන් වහන්සේලා කෙරෙහි ඇති විය යුතු ගෞරවය වෙනතකට පෙරලමින්, එම අනුකම්පාව ආදරයකට පෙරලන්නට වූයේ තනිව නොව, ස්වාමීන් වහන්සේගේද අවශ්‍යතාවය අනුවමය..


හාමුදුරුවනේ, අපෙ හුමුදුරුවනේ  යැයි අනෙක් උන් ආමන්ත්‍රණය කරද්දී, ඇය පමනක් මගෙ හාමුදුරුවනේ කියන්නට ඇත්තේ ස්නේහයේ වූ සත්‍ය බව නිසාමය.


කාලයත් සමගින්ම ඔවුන්ගේ සෙනෙහස බොහෝ දේ දළු ලමින් වැඩෙන්නට විය..


“දනීශ.. මං අපේ අම්මට ඔයා ගැන කීව.. වෙලාවක අපෙ අම්ම ඔයාට කෝල් කරයි..“


හාමුදුරුවන්ගේ ස්නේහය  යථාර්තයක් කරමින් ඔහු දනීශා ගැන තම මවට පවසන්නේ දනීශාව තමා සතු කර ගැනීමේ ඒකායන අරමුණෙනි.. තවමත් චීවර දාරී ඔහු, තෙරවාදී ධර්මයට අනුව ගිහි ජීවිතයෙන් මිදී විනය පිටකයට, ශාසන නීති රීති වලට අනුව පැවිදි බව ගත කලයුතු වුවත්, සියලුම බැමි බිම හෙලමින්, ගෞතම ශාස්තෘවරයානන්ගේ  සම්බුදු වදනටද පිටින් යමින්, විනය නීති කඩමින්, ප්‍රේමයක වෙලී එය යතාර්තයක් කර ගැනීමට චීවරයේම සිට වෙහෙසෙයි.


“හෙලෝ.. මේ දනීශා දුවද.. මං පොඩි හාමුදුරුවන්ගෙ අම්ම..“


හාමුදුරුවන්ගේ මව ඇයව අමතන්නේ ඇගේ ගුණ ගැන මුලින් සිය පුතු ගයා තිබූ ගුණ වර්ණාවේ සැබෑව බිලීමට වන්නට ඇත.


ඈ සැබැවින්ම අහිංසක, නිහඩ එකියකි. මානුශීය ගති පැවතුම් මෙන්ම, දයාන්විත හදවතකට උරුමකම් කී ඈ, ඇගේ ගති පැවතුම්වල තිබූ වැදගත් බව නිසාම හුමුරුවන්ගේ මවගේ ප්‍රසාදයට හේතු විය..


බුදු පුතෙකු ශාසනයට පූජා කොට, බුදුබව පතන මවත්, ආනන්තනීය පුණ්‍ය සම්භාරයකට උරුමකම් කියනා මවක්,
 නිරා දුක් විඳින, අපා ගත වන, මහා පාප කර්මයකට මුල පුරමින්, තම බුදු පුතනුවන් හට ගිහි ජීවිතයට යලි පැමිනෙන්නට අනුබල දෙන්නට විය..


කාලයාගේ ඇවෑමෙන් හුමුදුරුවන්ගේ පුංචි දුප්පත් පවුලේ මවගේ මෙන්ම පියාගේ ත් කැමැත්ත දනීශා හට ලැබිනි..


අනෙක් උන් තම පෙම්වතාගේ සුරතේ වෙලී ප්‍රේමාන්විතව මහ මග යන විට, දනීශා හට සුසමකින් පමනක් සිත සැහැල්ලු කර ගනිමින් ඉවසා සිටින්නට විය.. අනෙක් උන්ට මෙන් නිතර නිතර  මුන ගැසී කතා කරමින් පෙම් කරනා විට දනීශා හට ඉවසා සිටින්නට සිදුවිටය. කෙදිනකවත් අනෙක් පෙම්වතියන්ට මෙන් තම පෙම්වතාගෙන් අරුමෝසම් බලා පොරොත්තු වන්නට ඈ හට නොහැකි විට..


ස්නේහයේ සියුම්ම, සහ සොඳුරුම තැම් මග හැර ගනිමින් වුවද සැබෑ ආදරයේ ආත්මීය නාමයෙන්  දනීශා සැමදාමත් එක සිතින් හාමුදුරුවන් හට ප්‍රේම කලහ..


උසස් පෙළ විභාගයට මාස කිහිපයක්  ඉතිරිව තිබියදී, සිංහල පන්ති දිනයට පමනක් මුන ගැසෙමින්, පන්ති දවසට දවල් දානය පවා දනීශා ගෙන ගොස් දෙමින්, මැසේජ් කරන්නට හුමුදුරුවන්ගේ දුරකතනයට දුරකතන කාඩ් පත පවා අරන් දෙමින්, බොහෝ කැපකිරීම් කරමින් දනීශා වෙහෙසුනේ මේ සෙනෙහස රැක ගන්නටය..


උසස් පෙළ විභාගයට හරියටද දැන් ඉතිරිව ඇත්තේ මාස තුනකි.

එදින හවස් වරුවටම හාමුදුරුවන්ගෙන් කෙටි පණිවිටයක් නොලැබුනි.. 

දනීශා කෙටි පනිවිඩ කිහිපයක්ම යොමු කලද ආපසු පණිවිඩයක් 
නොලැබීම නිසා දනීශා සිටියේ සිතු තැවුලෙනි..


“අදින් පස්සෙ ආයෙ මට කතා කරන්න, මැසේජ් කරන්න එපා“


හමුවෙමු තවත් කොටසකින්.. පැතූ පැතුම් කෙලෙසින් දැයි විද ගැනීමට.

බලාපොරොත්තු වන්න....


“ලා දළු පෝපත් සැලෙනා සෙවනේ...

සාදුගෙ මුහුනයි මැවිලා පෙනුනේ....

අඳුර ගලා එන සුදු වැලි මලුවේ...

ගනදුර පමනයි තනියට උන්නේ...“



(සත්‍ය කතාවක් ඇසුරෙනි)

රචනය: රවීන්ද්‍ර බන්ඩාර.





පැතූ පැතුම්෴ (01කොටස෴)



පැතූ පැතුම්෴

පුතේ, ඔයාව මේ හදන්නෙ ශිෂය බට බලකා සාමාජිකාවක් ලෙස නම් කරන්න. ඔයා හරියටම ඔයාගෙ විස්තර ටික කියන්න ඕනෙ දැන්..

 හොදයි මිස්...

ඔයාගෙ සම්පූර්ණ නම: සූරසේන ආරච්චිලාගේ  දනීශා සේමිනී සූරසේන.

පුතාගෙ උපන්දිනය : 1992. අගෝසතු 25

(විස්තර සැකෙවින් ලබා ගැනින. මා ශිෂය බට බලකා සාමාජිකාවක් කරවීමට මටත් වඩා අවැසි වූයේ පාසලේ ගුරුවරුන්ටය. විදුහලේ විශය භාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් මා තුල වූ ඇල්ම නිසාමදෝ පාසලේ සියළුම ගුරු භවතුන්ගේම පාගේ අවධානය මා කෙරෙහි යොමු වී තිබුනාට සැකයක් නැත.)

දනීෂා යනු දියණියන් දෙදෙනෙකුගෙන් යුතු සූරසේන පවුලේ බාල දියණියයි. බඩ පිස්සී නිසාමදෝ මවගේ සහ පියාගේ තුරුලේම හැදී වැඩුනු ඇය හට කිසි විටකත් ජීවිතයේ බරක් පතලක් දැනෙන්නට සූරසේන දෙමාපියන් කිසිසේත් ඉඩ නොදුන්හ. රුවෙන් මෙන්ම ගුනෙන්ද පොහොසත් වූ ඈ, වැදගත් ඇවතුම් පැවතුම් වලින් පරිපූර්ණ එකියක විය. නිතරම සරල ලෙස ජීවත් වීමට ඇළුම් කල ඈ වැඩි කතා බහක් නොමැති නිහඬ එකියකි.

“බාහිර වැඩම කර කර ඉදල හරි යන්නෙ නෑනෙ චූටි දූ.. ඉස්කෝලෙ පොතේ පතේ වැඩ වලටත් උනන්දු වෙන්න ඕනෙ. නට නටා හිටිය කියලවත්, ඔයා කෑම්ප් ගියා කියලවත් විභාගෙ පාස් කරන්නෙ නෑනෙ පුතේ.. “

මවගේ කන් කෙදිරිය දනීශා හට නොඅඩුවම ලැබෙන්නට වූයේ ශිෂ්‍ය  බට බලකායේ  කඳවුරු කාලය දැනුම් දීමෙන් අනතුරුවය. විෂය භාහිර වැඩවල ආසාවෙන් නිරත වුවද, මේ වන විට නර්ථනය, සිංහල ඇතුලුව කලා විශය ධාරාවෙන් උසස්පෙල හදාරමින් සිටි ඈ පුද්ගලික පන්ති වලට සහභාහී වූයේ නම්, ඇගේ පියාගේ උවමනාවටම පමනි. නිතරම ඈ පසුපසින් සිටි සූරසේන මහතා නිසාම ඈ පන්ති වලට සහභාගී වුවද, ඇගේ එකම සොයුරියවත්, හිතට අල්ලන විදියේ යෙහෙලියකවත් නොසිටි නිසා කෙදිනකවත් ඈ කැමැත්තකින්නම් පන්ති වලට සහභාගී නොවීය.. 

කාලයාගේ ඇවෑමෙන් ඇගේ සිංහල පන්තියේදී ඈ හට සිතා ගත නොහැකි අන්තමේ ගතිගුණ සහිත මිතුරියක් මුන ගැසුනි. ඈ නමින් නදීකා ය. 

සරල, චාම් ගති පැවතුමින් හෙබි, රුවෙන්ද අඩුවක් නොවුන දනීශා මෙන්ම නදී ද නිහඩ එවැනිම චරිතයකි.
“දනී.... මට අද ලස්සන පෑන් වගයක් හම්බුනා. මං උඹටත් එකක් ගත්ත.. ආ ගනින්..“

ඈවිටෙක ඈ හට හමුවුන පෑනක් එලෙස මිතුරියටත් ගෙනැවිත් දෙයි..

“ඒ මේ.. අද අපේ දිහා අළුව හැදුව. මේ උඹ් පංගුව..“  

විටෙක ඈ එලෙසය..

කාලය කෙමෙන් ගෙවෙමින් යන විට දනීශා සහ නදීකා යනු දෙදෙනාට දෙදෙනා නැතුවම බැරි තරම් සහෝදරතවයකින් බැඳුනි.. 

දැන් දනීශා හට සිංහල පන්ති යන්නට හේතුවක් ඇත. ඒ ඇගේ මිතුරිය  සිටීමට.. මෙලෙස කාල ගෙවී යන විට කඳවුරු සඳහා සහභාගී වීමට කාලය ලඟා වුනි..

සති කිහිපයක් විද්‍යාලයෙන් මෙන්ම නිවසෙන්ද බැහැරවී කඳවුරු සඳහා සහභාගී වන්නට දනීශා හට සිදුවිය..  මේ අතරතුරේදී, සිංහල පන්තිය මෙන්ම අනෙක් සියළුම පුද්ගලික පන්ති සති කිහිපයම මග හැරී ගියහ..

කඳුවුරු අවසාන වී දනීශා නිවෙස බලා ආවේ මහා තෙහෙට්ටුවක්ද ගත තුර පොදි බැඳගෙනය.. එමෙන්ම මාස ගනනකින් නොදැකපු, මවුපියන්, ගුරුවරුන්, යෙහෙලියන් මෙන්ම, නදීකා නම් ඇගේ හොඳම මිතිරියද දැක ගැනීමේ අබිප්‍රායෙනි.

“චූටි දූ.. අම්මේ.. මගෙ මැණික කළු වෙලාද මන්ද...“

ඇගේ මව ඈ දුටු විගස පෙරමගට විත් ඈ සිප ගත්තේ සැබෑ මව් සෙනෙහසින්මය..

“හරි මහන්සියි අම්මෙ.. මං චුට්ටක් නිදා ගන්නම්..“

“චූටි දූ.. වොෂ් එකක් අරන්, කෑම කාලම නිදා ගන්න එහෙනම්..“

මවගේ පෙරැත්තයෙන් බේරීමටම කෑම ටිකක් කා ඉක්මනින් ඇඳට වැටුනේ සත් කිහිපයක් විසන්දි කර තිබූ දුරකථනයද ඔන් කරමිනි.. ඒ ඇගේ මිතුරිය නදීකා හට කෙටි පනිවිඩයක් තැබීමටය..

දුරකථනය ඔන් කරනවිටම කෙටි පනිවිඩයක් තිරයේ දිස් විය...

“ඔයා ගොඩාක් ආදරය කරන කෙනා ඔයාට නැති උනා නේද? (නරක සමනලය)“

හමුවෙමු තවත් කොටසකින්.. පැතූ පැතුම් කෙලෙසින්දැයි විද ගැනීමට.

(සත්‍ය කතාවක් ඇසුරෙනි)

රචනය: රවීන්ද්‍ර බන්ඩාර.


Tuesday, February 17, 2015

සැබෑ ආදරය යනු,

සැබෑ ආදරය යනු,

වාහන, රෑපෙ, තරාතිරම, ධනය බලය, අඳින පළින විදිය නෙමේ..
ජීවිතේ බොහෝ තැන් වල බොහෝ අය හමු වෙනව..


විටෙක නිහඬ උන්, තවත් විටෙක බොහෝ මිත්‍රශීලී උන්, තවත් විටක සාමාන්‍ය විදියට ජීවත් වන උන්, ඇතැම් විට මවා ගත් ලෝකවල ජීවත් වන උන්, දුප්පත් උන්, පෝසත් උන්, කිසිම දෙයක් නැති කයිවාරුව පමනක් ඇති උන්, බොහෝ දේ කල හැකි කිසිත් කල නොහැකි සේ ඉන්න උන්, මේ කිසිවකට නැති උන් ලෙස බොහෝ පිරිස් විවිද මට්ටම් නියෝජනය කරනව..


මේ අතරින් බොහෝමයක්,


මිනිස් සිරුරේ සිදුවන්නාවූ හෝමෝන වපර්යාසයන් නිසා,
සෙක්ස්,


එහෙමත් නැත්නම් හැඟීම්,


විඳ ගන්නට උත්සාහ කරනව..


ඇතැමෙක්,


සැබෑ ආදර වන්තියක්, වන්තයෙක් සොයා ගන්නව..


ඇය සමග පමනක් සියළුම හැඟීම් බෙදා ගන්නව..


තවකෙක්,


චකින දකින් කෙනා එක්ක යාළු වෙනව..


හැඟීම් පිට කරගෙන අතෑරල දානව..


තවකෙක්,


සැබෑ ආදරයක් හොයාගෙන ඒක පරිස්සම් කරනව.. වෙන උන් සමග හැඟීම් බෙදා ගන්නව..


අළුත්ම විදි කීපයක් දැන් ඇවිත්..


දුරකථනයෙන්, ස්කයිප්, වයිබර්, එම් එම් එස් වලින් සහ, සව්‍යං වින්දනයෙන් හැඟීම් බෙදා ගත්ත ලාංකික තරුණ තරුණියන්,


දැන් දැන්,


බටහිර රටවල මෙන්,


ඒ වෙනුවෙන්ම කතා කරගෙන ඒ දේවල් බෙදා ගන්නව..


හැබැයි අන්තිමට වෙන එක දෙයක් තියෙනව..


ඔය කොයි කවුරුත්,



අවසානෙටම තමන්ගෙ සහකරු හෝ සහකාරිය කර ගන්න හොයන්නෙ,


ධනය, බලය, රූපෙ, තරාතිරම නෙමේ...


තමන්ටත් වඩා තමන්ට ආදරේ කරන කෙනෙක්ව..


මේ අවස්තාවෙදි බොහෝ වැරදි කරන, කරපු උන්,


ලස්සන, නිවැරදි හදවත් හොරකම් කරනව..


කාලයත් සමග,


අනෙක් කෙනා මේ බව දැන ගත්තාම,


අවසානය,


එක්කො මිනී මැරුමක්,


නැත්නම් සදහටම උරුම වේදනාවක්,


එහෙමත් නැත්නම් දික්කසාදයක්..


ජීවිතේ,


අද කරන වැරදි, කරන්නට ප්‍රථම,


හෙට වන්නට යන,


විපාක ගැන සිතන්න..


අද ඔබට පණ මෙන් සෙනෙහස දක්වන,


ආදර වන්තයා හෝ ආදර වන්තිය,


අවලස්සන වන්නට ඇති,


දුප්පත් ඇති,


ධනය මෙන්ම බලයත් නැතිව ඇති..


නමුත්,


ඔබ දෙදෙනා හරි හැටි තේරුම් අරන්,


ආදරෙන් ජීවත් වන්නේනම්,


ඔහු හෝ ඇයි,


ධනයෙන්, බලයෙන් මෙන්ම, රූපෙන්ද පෝසත් වනු නොඅනුමානය..
මේ ගල් යුගය නොව..


මොහොතක් සිතා,


විහින් ලඟා කර ගනු ලබන.


වේදනාවෙන් මිදෙන්න෴


රචනය: රවීන් බණ්ඩාර