Sunday, June 9, 2013

ෆේස් බුක් ෆේක් එකවුන්ට් හඳුනා ගන්නේ කෙසේද....???

ෆේස් බුක් ෆේක් එකවුන්ට් හඳුනා ගන්නේ කෙසේද???


ඔයාලට මම අද කියන්න යන්නෙ ඔයාලට ගොඩාක් වැදගත් කාරනයක්...

ෆේස් බුක්..

ඊමේල් එකවුන්ට් එකක් හෝ දුරකථනයක් තියන හැම කෙනෙකුටම නොමිලේ පහසුවෙන් ලියාපදිංචි වෙන්න පුළුවන් සමාජජාල වෙබ් අඩවියක් තමයි ෆේස් බුක් (මුහුණු පොත) කියන්නෙ. www.facebook.com යන වෙබ් ලිපිනය හරහා මුළු ලොකයටම බෙදා හරින මෙම සමාජජාල වෙබ් අඩවියේ ලියාපදිංචි පිරිස බිලියන ගණනක්.

වයස් බේදයක්, සමාජ, පන්ති, තරාතිරම්, ජා, ආගම්, කුල බේද නොතකමින් ඕනෑම කෙනෙකුට ඔනෑම කෙනෙකු සමග පහසුවෙන් අදහස් හුවමාරු කර ගැනීමට, තම අදහස් පොදුවේ අන් හය සමග බෙදා ගැනීමට ෆේස්බුක් කදිම තෝතැන්නක්..

සෑම දෙයක්ම හොඳට වගේම නරකටත් භාවිතා කරන බව කවුරුත් දන්න තිත්ත ඇත්තනේ...

ඉතින්, මේ සමාජ ජාල වෙබ් අඩවියෙත් හොඳ වගේම නරකත් තියනව..

මින් ප්‍රධානතම ගැටළුවක් විදියට වර්ථමානයේ දකින්න පුළුවන් දෙයක් තමක් ෆේක් එකවුන්ට්. බොහෝ විට ෆේක් එකවුන් වලින් පෙනී සිටින පිරිස පිරිමින් බව සමීක්ෂණ මගින් හඳුනාගත් පොදු ලක්ෂණයක්..

ෆේක් එකවුන්ට් වල ප්‍රධාන ලක්ෂණ......,

   *     එකවුන් එකේ නම බොහෝ විට කාන්තා නමක්

   *     වැඩිපුරම යහළුවන් විදියට ඉන්නෙ කාන්තාවන්

   *    Interest යන්නට තෝරා තිබෙන්නේ බොහෝ විට Female

   *     සමහර ෆේක් එකවුන් වල Gender-Male ලෙස සටහන්ව ඇතත් තම කාන්තා නමක්  තිබේ.

  *     වෙබ් ලිපින සඳහන් බාර් එකෙහි පිරිමි නමක් පෙන්වන නමුත් කාන්තා නමක් එකවුන්ට් එකෙහි පෙන්වයි.

  *     About යටතේ දුරකථන අංකයක් පෙන්නුම් කරයිනම් එය බොහෝ විට ෆේක් එකවුන්ට් එකකි.

  *    E-Mail එකට පිරිමි නමක් සහිත ලිපිනයක් තිබෙන අතර එකවුන්ට් එක තාන්තා නමකින් තිබේ..

  *    පිරිමි, ගැහැණු සඳහන් කර නොමැති අතර එකවුන් එකේ නම පිරිමිද, ගැහැණුද යන්න වෙන්කර හඳුනාගත නොහැකි ආකාරයට යොදා තිබීම..

 උදා: අසංක ද සිල්වා(මනංකල්පිතයකි)

   *     එකවුන්ටි එකෙහි ගැහැණු ළමයෙකුගේ ෆොටෝ එකක් තිබේ.. නමුත් අනෙකුත් ෆොටෝ අතර ඒ හා සමාන පින්තූර නොතිබීම හෝ වෙත් වෙනත් අයගේ පින්තූර ෆොෆයිල් පොටෝ ගැලරියට ඇතුලත් පෙර ඇතුලත් කර තිබීම.

   *  එකම ගැහැණු ළමයාගේ එකම ඇඳුමෙන් ලබාගත් පින්තූර අවම වශයෙන් 4කට පමන සීමා වී තිබීම සහ, බොහෝ විට නිළියන්ගේ පින්තූර පින්තූර ගොනුවට ඇතුලත් කර තිබීම.

   *   Brother, Sister, Wife, Husband වැන්නවුන් වෙන්කර හඳුන්වා දීමට පහසුකමක් ෆේස්බුක් වල දී ඇති අතර එම පහසුකම ෆේක් එකවුන් වල 99% කටත් වඩා භාවිතයට නොගනී.

  *    උපන්දිනය වර්ශය නොපෙනෙන සේ දැමීම හෝ වයස අවුරුදු 22ට අඩු වන සේ උපන් දිනයක් දැමීම සහ 4.1 , 4.14 , 2.4, 12.31,..... හෝ 1 , 31, ප්‍රසිද්ධ මතකයේ රැදෙන දවස් උපන්දින ලෙස යොදා ගැනීම ෆේක් එකවුන්ට් වල පොදු ලක්ෂණයකි.

   *   තවද අසභ්‍ය පින්තූර යොදා ගනිමින්, අසභ්‍ය අදහස් හුවමාරු කරමින් , නොමනා ලෙස හැසිරෙන ෆේස්බුක් එකවුන්ට් සියල්ල ෆේක් ඒවා වෙයි...

ෆේක් එකවුන්ට් එකක් මිතුරකු වූ පසු එය ෆේක් බව හඳුනා ගත හැකි ලක්ෂණ...,

  *     බොහෝ විට තමා සමග බලෙන් මෙන් අදහසි හුවමාරු කිරීමට උත්සාහ දරයිනම් එය ෆේක් එකවුන්ට් එකක් විය හැක.

  *     පිරිමි හෝ ගැහැණු අය වෙත චැට් බොක්ස් එකට අසභ්‍ය පින්තූර හෝ තමන්ගේ යැයි කියා ගන්නා පින්තූර එවයිනම් එය ෆේක් එකවුන් එකකි.

  *     තමා හට අසභ්‍ය පින්තූර, වීඩියෝ නැරභවීමට උත්සාහ ගනී නම් තමාගෙන් ආදරය ඉල්ලා බැගෑපත් වෙයිනම් ඔහු හෝ ඇයගේ එකවුන්ට් එක ෆේක් විය හැක.

  *     තවද ෆේක් එකවුන් ඇත්තවුන් පින්තූර, වීඩියෝ ආදී දේවල් වලට Comment, Like නොදැමීම ප්‍රධාන ලක්ෂණයකි.

ෆේක් එකවුන්ට් වල අරමුණ

***. බොහෝ විට අසභ්‍ය වීඩියෝ පට, පින්තූර ආදිය ලබා ගැනීම හෝ අපරාධ ක්‍රියා වෙනුවෙන් ඔබව යොමු කර ගැනීම සහ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් ඔබව යොදා ගැනීම, රටට සමාජයට ඔබට අපහාස අගෞරව කිරීම මොවුන්ගේ ප්‍රධාන අරමුණු වේ.

ප්‍ර වේසම් වන්න..

ආදරණීය මව්පියන්  මලක් මෙන් පරිස්සම් කර රැක බලා ගත් ඔබ නන්නාදුනන, නමක්, ගමක්, ලිපිනයක් නැති, කිසිඳු තේරුමක් නැති පාපතරයකුගේ, සහචරයකුගේ රැවටීම් බසට මුලා වී ඔබගේ ගෞරවය, කීර්ථිය නැති කර ගන්න එපා..

කිසිම කෙනෙකු ෆේස් බුක් තුලින් හඳුනා ගත් පමනින් විස්වාස කරන්න එපා..

සියළුම ආදරනීය නංගිලා මල්ලිලා වෙනුවෙන් තවත් ඉල්ලීමක් කරමි...

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය සුන්දර තැනක් කර ගන්න..

ඔබත් ෆේක් එකවුන් සාදාගෙන  ඉන්නවානම් අදම ඒවා ඉවත් කරන ලෙස ගෞරවණීය ඉල්ලීමද Freegetlanka අපගේ බ්ලොග් අඩවියෙන් කරන්නෙමු..

මෙය ඔබටත් වැදගත් ලිපියක් වූවානම් Comment එකක් දාලම යන්න.

(ඔබගේ අදහස් අප අගය කරන්නෙමු)

රචනය: රවීන්ද්‍ර බණ්ඩාර

2 comments:

  1. niyamai... yatharthaya meka thamai

    ReplyDelete
  2. aniwa aniwa... sira kathawa. meka balalawath hadenawanam loku deyak.

    ReplyDelete