Tuesday, June 11, 2013

ඔබේ පරිගණකයේ වේගය මදිද? මෙන්න විසඳුම් 01

අද මම ඔයාලට කියන්න යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් යැයි විස්වාස කරන දෙයක්..


හැමොටම තියන ප්‍රස්නයක් තමයි පරිගණකයේ වේගය අඩු වීම.

මෙම වේගය අඩාල වීමට බොහෝ හේතු බලපානව. 

ඉන් ප්‍රඹානතම හේතු කීපයක් සහ විසඳුම් අද කියල දෙන්නම්.


පරිගණකයේ වේගය අඩාල වන ප්‍රධානතම හේතුවක් තමයි අනවශ්‍ය Files හාඩ් ඩිස්ක් එකේ C: කොටසේ පිරී තිබීම.

අපට නොදැනුවත්වම මෙම Files එකතු වෙනව. ප්‍රයෝජනයක් නැති මෙම Files නිසා හාඩ් ඩිස්ක් එකේ 20GB-30GB විතර උනත් පිරිල තිවයන්න පුළුවන්.


විසඳුම ඉතාම සරල දෙයක්.


My Computer ඇතුලට යන්න. 


C: ඩ්රයිව් එක මත රයිට් ක්ලික් කරන්න.


දිගහැරෙන මෙනුවේ Properties තෝරන්න.

 

General කියල උඩ තියන ටැබ් එක යටතේ Disk Cleanup කියල බටන් එකක් තියනව.. ඒක තෝරන්න.


එවිට පහත ආකාරයේ වින්ඩෝ එකක Calculation එකක් සිදුවේවි.. එයට මද වේලාවක් ගත වෙනව.. 



ඊට පස්සෙ විවෘත්ත වෙනව Disk Cleanup For (C:) කියල පහත ආකාරයේ වින්ඩෝ එකක්.

මෙහි File to Delete යටතේ සියළුම File ඉදිරියෙන් හරි ලකුණ දාල OK ලබා දෙන්න.



එවිට විවෘත්ත වන වින්ඩෝ එකෙහි Delete File තෝරන්න.


පහත ආකාරයට Disk Cleanup එක සිද්ද වෙනව. මද වේලාවක් ගතවෙයි.

පරිගණකයට නිදහසේ එම කාර්යය සිද්ද වෙන්න ඉඩ හැරල මද වේලාවක් ඉන්න.



Disk Cleanup එක අවසන් වූ වහාම මෙම වින්ඩෝ එක නැතිවෙලා යනව.


(සතියකට වරක්වත් පරිගණකය Disk Cleanup කිරීමෙන් වේගය අඩාල වීමේ දෝශය අවම කර ගත හැක)

තවත් ක්‍රමයක්..,



මේ වන විට Desktop එක ඔයාල කොපි කරපු සිංදු, වීඩියෝ, පින්තූර,... ආදී විවිධ Files වලින් පිරිල තියනව නම්, ඒව සියල්ලම මාක් කරල Cut තෝරල (C:) ඩ්රයිව් එක නැතිව වෙනත් ඩ්රයිව් එකක හෝ පෙන් ඩ්රයිව් එකකට Past කරන්න.(සරලවම කිව්වොත් Desktop එකෙන් සහ (C:) ඩ්රයිව් එකෙන් අයින් කරන්න කියන එක) 


දැන් පරිගණකය Restart කරල බලන්න.


දැන් පෙරට වඩා වේගවත්ව වැඩ කරනව නේද?

(මෙම කරුණ හොඳින් මතකයේ රඳවාගෙන Desktop එක Files වලින් පිරී යන එක වලක්වා ගතහොත් පරිගණකයේ වේගය අඩාල වීමත් අවම වෙනව.. )



පරිගණකයේ වේගය අඩාල වීමට බලපාන තවත් ප්‍රධාන හේතු කිහිපයක්...


*. භාවිතා කරන වයිරස මර්ධන වැඩසටහන් නිසා.(බොහෝ විට Kaspersky වැනි වැඩසටහන් නිසා මෙසේ සිදුවිය හැක)

*. පරිගණකය තුල වයිරස් ක්‍රයාකාරී වීම නිසා.

*. රැම් ධාරිතාවය, Processor Speed, අඩු මට්ටමක තිබෙන විට.

*. අනවශ්‍ය ලෙස ප්‍රයෝජනයට නොගැනෙන මෘදුකාංග ස්ථාපනය කර තිබෙන විට.

*. විවිද තීම්ස් භාවිතා කරන විට(පරිගණකයේ අලංකාරයට යොදන Gadgets වැනි දේ.

*. .....etc.


පරිගණකයේ වේගය වැඩිකරගතහැකි තව ක්‍රම තියනව.

ඉදිරියේදි කියල දෙන්නම්.

මේ වැඩේ හරි ගියානම් Comment එකක් දාලම යන්න...



1 comment: