ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Tuesday, July 30, 2013

මිතුරු කමක අරුම(සෑම පිරිමි ළමයෙකුම කියවිය යුතුම කථාවක්)

සමන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බඩ පිස්සාය. 

ඇස ගැටෙන ඕනැම අයෙකුගේ නෙත් සිත් ඇදගන්න මනා තරුණ පෙනුමකින් යුත් සමන්ගේ දෙමාපියන් දෙදෙනාම රජයේ සහ පෞද්ගලික අංශයේ උසස් තනතුරු හොබවන්නන්ය. 

සමන්ගේ වැඩිමහල් සොහොයුරාද විවාහක එක්දරු පියෙකි. ඔහුද පෞද්ගලික අංශයේ විධායක නිලධාරියෙක් වන අතර බිරිඳ දන්ත වෛද්‍යවරියකි. 

අගනුවර උසස්ම ජාතික පාසලක අධ්‍යාපනය ලද සමන් අ.පො.ස. (උ/පෙළ) සාර්ථකව නිම කලේ 'A' සාමාර්ථ තුනක් සහිතවය. සරසවි ප්‍රවේශයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සුදුසුකම් තිබුණද සමන් තෝරාගත්තේ පෞද්ගලික බැංකුවක රැකියාවකි. කිසිඳු ආර්ථික අහේනියාවක් එම පවුල තුළ නොතිබුන නිසාවෙන් , උපයන හැම සතයක්ම ඉතිරිකර ගන්නා ලෙස දෙමාපියන්ගෙන් ලද උපදෙස් අකුරටම පිළිපදිමින්, වසරක් පමණ රැකියා ස්ථානයේ, නිවස අවට, නෑදෑ මිත්‍රාදින් අතරද ඉතාමත්ම ජනප්‍රියතවයට පත් වෙමින් කෙළිදෙලින් පසුවූ සමන්ගේ මව තවත් රන් මසු සොයා විදෙස් රටකට ගියේ පුතුගේ බර පැන සිය සැමියා වෙත පවරමින්ය. සමන් සිය විවේක කාලය ගත කලේ බැට්මින්ටන්, කැරම් ක්‍රීඩාවන් වල යෙදෙමින් සහ පොත පත කියවීමෙන්ය.

"
මචන් අද හවස off වෙලා අපේ කට්ටිය සෙට් වෙනවා උඹත් එන්නම ඕනේ".

මේ සමන් සමඟ එකම බැංකුවේ සේවය කළ මිතුරන් කිහිප දෙනෙකුගෙන් ලද ඇරයුමකි. අනේ මචන් අද නම් බෑ... අද off වෙලා බැඩ්මින්ටන් practise... 


 නෑ... නෑ... නෑ... උඹ අද එන්නම ඕනේ. අද රංජියාගේ birthday පාටිය.

කෙසේ හෝ මිතුරන් රැළ අගනුවර ප්‍රසිද්ධ සමාජ ශාලාවකදී සෙට් විය. විස්කි, බ්‍රැන්ඩි, බයිට්ස් මේසය පුරාම විය.

 "ඔන්න මට නම් අරක්කු බෑ"  

කමක් නෑ උඹ අදමනේ අපිට සෙට් වුනේ උඹ ඉතින් උපාසකයනේ... එහෙනම් බියර් එකක් ගනින් ඒකට වෙරි වෙන්නේ නැ. 

කෙසේ හෝ ජීවිතයේ ප්‍රථම වතාවට බියර් බෝතලයෙන් අඩක් හිස් කල සමන් සාදය අවසන් වන තුරු බයිට්ස් වලින්ම බඩ පුරවා ගෙන එදින නිවසට ලඟාවන විට රාත්‍රි 9.00ට පමණ විය. 

ඊලඟ සති අන්තයේදීද නැවතත් මිතුරන්ගෙන් ඇරයුමකි. එදින කිසිදු පැකිලීමකින් තරව ඇරයුම පිලිගත් සමන්, එදින බියර් බෝතලයක් සෙමින් සෙමින් තොලගාන්නට විය. සාදය ජයටම පැවැත්වෙන අතර සමන්ට වැසිකිලියට යාමට අවශ්‍ය විය. විනාඩි පහකින් පමණ ආපසු පැමිණි සමන් බියර් බෝතලයේ ඉතිරි තුන්කාලහ සෙමෙන් සෙමෙන් අහවර කරන ලදී.

සාදය අවසන් වන විට සමන්ගේ ගතට අමුත්තක් දැනුණි. හිසද කරකැවෙන්නට විය. ගමනද ටිකක් අපහසු විය. දෙපා අප්‍රාණික වගේය. කෙසේ වුවද මිතුරන්ගේ උදව්වෙන් එදිනද සමන් ගෙදරට යන විට රාත්‍රි 12.00 ද ආසන්නය. පසු දින අවදි වූ සමන් පෙරදින තමන්ට සිදුවුයේ කුමක්දැයි සිතන්නට විය. ඔහු බීවේ බියර් බෝතලය පමණි, එහෙනම් කොහොමද මට මෙච්චර වෙරි වුනේ...??  

සත්‍යය හෙළිදරව් වුයේ එදින දහවල් ආහාර පැයේදීය. සමන් වැසිකිලියට ගිය අතරතුර මිතුරන් රැළ ඔහුගේ ඉතිරි බියර් ටිකට සිගරට් අළු සහ අරක්කු මිශ්‍ර කොට තිබිණි. එම මිශ්‍රණය සමන්ගේ නොඉඳුල් ගතට ඔරොත්තු නොදී හොඳ හැටි වෙරි වී තිබිණි.

මෙම සිද්ධියෙන් අනතුරුව සමන් දවසින් දවස බිමට ඇබ්බැහි විය. බියර් වෙනුවට සමන් අරක්කු පානයට ලොල් විය. ඔහු වටා රාජකාරියෙන් පසු නිතරම මිතුරන් ගැවසෙන්නට විය. දිනකට බෝතල් හතර පහ හිස් කළද සියලු බර පැන උසුලන ලද්දේ සමන් විසින්ය. 

ක්‍රමයෙන් සමන් දුම් පානයටද. මත් කුඩු භාවිතයටද පුරුදු විය. දැන් සමන් නියම බේබද්දේකි. කට ගොන්නක බීගෙන සිටින සමන්ව බොහෝ දිනවලදි නිවසට ගෙනවිත් දමන්නේ ත්‍රී රෝදකරුවන්ය. සමන්ගේ පියාටද දැන් සමන්ව පාලනය කර ගත නොහැකි තරම්ය. 

මෙම හදිය කන වැකුණු සමන්ගේ මවද විදෙස් රැකියාවකට ආයුබෝවන් කියා නැවත මව්බිමට ලඟා විය. ඒ පැමිණෙන විටද සියල්ල සිදුවී හමාරය. සිය දෑත්, ගත පාලනය කර ගත නොහැකි වූ සමන්ට උදෑසන අවදි වූ වෙලේ පටන් මත්පැන් සහ දුම් පානය නොකරම බැරි විය. එසේ නොමැති වු විට ඔහුගේ අත පය පවා ප්‍රාණවත් නොවීය. ඒ තරමටම ඔහු මතට ඇබ්බැහි වී අවසානය.

'
රාජකාරිය පැහැර හැරීමේ' චෝදනව මත මේ අතර සමන්ව රැකියාවෙන් දොට්ට දමන ලදී. දෙමාපියන් විසින් සමන්ව, කෝවිල්, පන්සල්, දේවාල, යන්ත්‍ර, මන්ත්‍ර, උපදේශකයින් සහ අවසානයේ මානසික වෛද්‍ය වරුන්ගේ පිහිට පැතුවද තාවකාලිකව මති මුදා ගන්නට හැකි වූවද නැවත මතටත් දුමටත් සුපුරුදූ විලසින්ම අවතීර්ණ විය. 

දැන් සමන්ට මුදල්ද, රැකියාවද, මිතුරන්ද අහිමි විය. වැරහැලි ශරීරයත් සමඟ යාචකයෙකු විලසින් මග තොට සැරිසරන සමන් දකින නෑදෑ හිත මිතුරන් ඔහුව මඟ හරින්නේ හිරකිතයෙන්ය.

දෙමාපියන්ගේ මෙන්ම වෙනම නිවසක වෙසෙන සිය සොයුරාගේ නිවසේ ඇති වටිනා බඩු මුට්ටු, දොරගුළු සියල්ලම ගලවා විකුණා දමා කසිප්පු, කුඩු වලට ඒ මුදල් වැය කරන්නට විය. 

දරුවාව ගොඩගන්නට සියලු වෙර දැමු දෙමාපියන් එම දුක වාවාගත නොහැකිව රෝගිව මිය යන ලදී. සිය එකම සොහොයුරාගේ මෙම කාලකණ්නි ක්‍රියා පිළිවෙත නිසාම සමන්ගේ සොයුරාද සිය බිරිය සහ දරුවා සමඟ සිය දේපොල විකුණා දමා ස්ථිර පදිංචිය සඳහා විදෙස් ගත විය.

දැන් සමන්ට ඉන්ට හිටින්ට තැනක් නැත. නිවස අසළ සිටි වෙළද ව්‍යාපාරිකයෙකුගෙන් විටින් විට මුදල් ලබා ගත් නිසා එම ණය පියවන්නට සමන්ට සිය දෙමාපිය උරුමයෙන් ලද නිවසද ව්‍යාපාරිකයාට පරිත්‍යාග කරන්නට සිදු විය. 

පසු ගිය දිනෙක අගනුවර කඩපිලක තිබූ සමන්ගේ දේහය රජය විසින් වළ දමන ලද්දේ සමන්ට වයස අවුරුදු 28ක්ව සිටියදීය.

ආදර අයියේ මල්ලියේ, ඉහතින් දැක්වූයේ වසර විසි අටක් වැනි කෙටි කලකදී දිදුලන අනාගතයකට හිමිකම් පෑ උගත්, කඩවසම් තරුණයෙක් බියර් බෝතලයකින් පටන්ගෙන සිය දිවියම මතට බිළිදී අකාලයේ ජීවිතයෙන් සමුගත් තරුණයෙකු පිළිබඳ වූ අනුවේදනීය කථාවකි.

යහපත් කල් ක්‍රියාවෙන් දිවි ගෙවන මිතුරන්ගේ පමණක් ඇසුරු කරන්න. සමන්ගේ සිද්ධියෙන් පාඩම් ඉගෙන ගෙන දෙමාපියන්ගෙ, වැඩිහිටියන්ගෙ උපදෙස් පිළිගෙන ඔබලාගේ ලස්සන දිවිය තව තවත් ඔපවත් කරන වෙර දරන්න. 

සමන්ගේ සිද්ධිය මෙම ධර්ම ද්වීපය තුළ සිදුවූ දැනටත් සිදුවෙන දස දහසකුත් සිද්ධි අතරින් එකක් පමණය. අද වන විට තරුණ ඔබ සැම නොමඟට යොමුකරන යකුන්, ප්‍රේතයන්, කුම්භාණ්ඩයන් රංචු පිටින් ඔබ අවට ගැවසෙනවා ඇත. ඒනිසා කල්පණාකාරි වන්න අනවශ්‍ය මිතුරන්ගෙන් ප්‍රවේශම් වන්න.

මෙය වැදගත් කියා ඔබත් සිතනවා නම් මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබේ අදහසත් අපට කියල යන්න..
මූණුපොතෙන් ඉස්සූ ලිපියකි..

Monday, July 29, 2013

පවුරු (07 වන කොටස)

මං දන්නෙ නෑ අංකල්... මම මැරෙනකම්ම හංසි මගෙ හිතෙන් ඈත් වෙන එකක් නෑ..

මචන් ජනිත්... ඔනෙවට වඩා කිසිම දෙයක් ගැන හිතන්න එපා බන්...
අපි දෙන්න තනියම ඉන්න එකේ ඔය වෙනසකටත් එක්ක හොඳයිනෙ..
අනික ඉතින් ඔෆිස් එකේනි ඉන්නෙත් බන්...

ප්‍රභාගෙ කථාවට මුකුත්ම කියන්න මට අයිතියක් නැති බව මන් දන්න නිසාම මම නිහඬ උනා..

එදා  කොල්ලො ටිකට අවුරුදු වගේ... අනිත් ගෑනු ළමයි දෙන්නට විශේෂයෙන් සලකපු උන් ටික අළුතින් ආපු ළමය පස්සෙ වැටිල.. දන්නවනි ඉතින් කොල්ලො... අලුත් මූණක් දැක්කම නොබල ඉන්නෙ මොන කොල්ලද ඉතින්... කෙල්ලත් ඇහැට කනට පේන්න හිටියනෙ...

මහේෂිකා.. අපේ අළුත් ඇඩ්මින් වරියට හම්බවුනේ මගෙ ෂීට් එක ට ඉස්සරහ තිබුනු පුංචි මේසෙ..

ඇයට ඉන්ටව් එක අවසානෙදි ප්‍රභා නියම කරපු විදියටම කෝට් කිට් එක තමයි ඇගෙ යුනිෆෝම් එක උනේ...

පුදුම ලස්සනයි... මං මේ ලෝකෙ දැකපු ලස්සනම කෙල්ල මගෙ හංසි... ඒත් හංසිට පස්සෙ මම මේ ලෝකෙ දැකපු ලස්සනම කෙල්ල මහේෂි...

සර්... මට සර් මේ ෆයිල් ටික චෙක් කරන්න කීව... ප්‍රශ්ණයක් තිබුනොත් ලොකු සර්ගෙන් අහගන්න කීව... මට මේ ස්ටෝක් එක හදන විදිය තේරෙන්නෙ නෑ සර්..
ඇය මා අසලට ඇවිත් ඇහුවෙ ටිකක් බයෙන් වගේ..
ප්‍රභා ඇයට භාර දීල තිබුනු පලුමු වැඩ කොටස ස්ටෝක් එක චෙක් කරන එක...
ඈ මේ තරම් ලඟට දැකපු පලමු අවස්තාව මේ... ඇය සුන්දරයි.... කියා ගන්න බැරි තරම් සුන්දරයි... ගමේ පිපුන මේ මල් කැකුල කෙසේනම් මේ තරම් සොඳුරු රුවැත්තියක් වූයේදැයි මට සිතා ගන්නටවත් නොහැකි උ‍නා.. වෙන කෙල්ලන් තුලින් බලාපොරොත්තු නොවන විදිහේ අමුතු දේවල් ගොඩක්  දේවල් ඈ කෙරෙන් මට පෙනෙන්නට ගත්ත...
අතේ මැණික් කටුව වටේට පුංචි පබලු ඇට වලල්ලක් දාල හිටිපු ඇගේ ගතින් විහිදුනේ බේබි ක්‍රීම් සුවඳ... හරියටම පුංචි එකියක් වගේ... එක පුංචි පැල්ලමක් වත් නොමැති ඇගේ පැහැපත් මුහුණ නාගරික ගැටිස්සියන් උදේ, දිවා , රෑ නොබලා අතුල්ලන දාස් ගණනෙ ක්‍රීම් ජාති භාවිතා නොකරන බවට එක් නිදසුනක් උනා...
පවුඩර් ටිකකින් සුදු මූණ තවත් ලස්සන වෙලයි තිබුනෙ...

ඕ. කේ......... මන් කියල දෙන්නම්... කෝ බලන්න.. වාඩි වෙන්න මහේෂි...

මන් ඇගේ අතින් ෆයිල් එක ගත්තෙ ඈට ඉදිරිපස අසුන පිළිගන්වමින්..

ඈ යලිත් අහිංසක විදියට සිනා සුනා...


 කාලය ගෙවිල ගියා... හැමදාමත් වගේ මං දිගටම හංසිගෙ මතකයෙ දුක් වින්ද...

දිනපතාම සිගරට් බොන්න ඇබ්බැහි උනා...
අරක්කු ටිකක් කටට නොවැටුන දිනයක් නැති තරම්.. ඒත්...  ප්‍රභාගෙ කම්පැණි එකේ ළමයි හැමෝම මට ගොඩක් ආදරෙන් සැලකුව.. ඒ හැමෝම අතරෙ මං ගොඩක් ආදරණීය පුදුගලයෙක් උනා...

සර්... කෝල් එකක් සර්ට... ෆෝන් එක දෙපාරක්ම දැන් රින්ස් ගියා.. ඒකයි අරන් ආවෙ...
ආහ් තැන්කියු මහේෂි...
හෙලෝ..........


ආහ්... පුතා... කොහෙද ඉන්නෙ... අපිත් එක්ක අමනාප වෙලාද ෆෝන් එක ගන්නෙ නැත්තෙ... මන් දැන් කීප සැරයක්ම ට්‍රයි කලා පුතා....

මම එකපාරටම ෆෝන් එකේ නම්බර් එක චෙක් කලේ කටහඬ හොඳට හුරු පුරුදු නිසා... එහාපැත්තෙ ඉඳන් කථාකරන්නෙ හංසිගෙ තාත්ත බව වැටහුනේ නම්බර් එක දැක්කම..
සොරි අංකල්... මම පොඩි වැඩක හිටියෙ... ෆෝන් එක අතේ නෙවෙයි තිබුනෙ... ඉතින් අංකල් කොහොමද? කවදද ලංකාවට ආවෙ...?

අපිට නෙවේ පුතා... ඔයාට කොහොමද? අපි ඊයෙ ආවෙ....

හ්ම... ඔහෙ ඉන්නව අංකල්... වරදක් නෑ...

මට ආරන්චියි පුතා... ඔයාගෙ කටහ‍ඬෙන්ම තේරෙනව... ඔයා තවමත් දුකෙන් ඉන්නෙ කියල... ඒත් වෙන්න තියන දේ උ‍නා... ප්ලීස් පුතා... දැන්වත් හිත හදා ගන්න...

මං දන්නෙ නෑ අංකල්... මම මැරෙනකම්ම හංසි මගෙ හිතෙන් ඈත් වෙන එකක් නෑ..

මං දැකල නෑ පුතා මේ ලෝකෙ මේ තරම්ම ගෑණු ළමයෙකුට ආදරේ කරපු පිරිමි ළමයෙක්...
ඔයා වගේ කෙනෙක්ගෙ ආදරේ ලබන්න මගෙ දුව ගොඩක් පිං කරල තියනව... ඒත් ඔයා වගේ කෙනෙක් මගෙ බෑන කරන්න තරම් මගෙ කෙල්ලටයි, අපටයි පිං නෑ පුතා.... හංසිගෙ තාත්තට ඇඬුම් ආවෙ හදවතින්ම කියල මම දන්නව...

ඉතිං අංකල්... කෝ ආන්ටි එහෙම... කොහොමද එහෙ ජීවිතේ...?

වැරදක් නෑ පුතා... ඇන්ට් මේ ඉන්නව... ඉන්න මම දෙන්නම්...
හෙලෝ පුතා...

ආහ්.. ආන්ට්.. කොහොමද?
හොදයි පුතා... මන් ඔයාගෙන්නම් කොහොමද කියල අහන්නෙ නෑ... මන් දන්නවනෙ ඔයා ගැන... ඒක නෙමේ මතකද හෙට දවස..?

හම්... කොහොම අමතක වෙන්නද ආන්ට්.... මගෙ ජීවිතේ දුක වැඩිම දවස....?
(හෙට දිනය යනු පන වගේ මම ආදරේ කරපු හංසි මට අහිමි වී වසරක් සපිරෙන දිනයයි... එය කෙසේ නම්  මම අමතක කරන්නද?)
පුතා... අපි ආවෙ... දුව වෙනුවෙන් දානයක් දීල යන්න... පුතත් අනිවාර්යෙන්ම හෙට එන්න ඕනෙ... අපි බලන් ඉන්නව පුතා එනකම්....

ෂුවර්... මං අනිවාර්යෙන්ම එනව...
ඕකේ පුතා... බුදුසරණයි...

දුරකථන ඇමතුම එසේ අවසන් වුවත් හිතේ සැඟවී තිබූ දුක යලි යලිත් පැසේන්නට විය...

ප්‍රභා.... මචන් මං හෙට පොඩි වැඩකට කොළඹ ගිහින් එන්නද?
මොකෝ ජනා හදිසියෙම...ගෙවල් පැත්තෙ වත් යන්නද?

ඔව් මචන් ගෙවල් පැත්තෙත් ගිහිල්ලම දවස් 3කින් විතර එන්නම්..


පහුවදා උදේම මම හංසිලාගෙ ගෙදර යන විටත් හංසිගෙ අම්මයි තාත්තයි, දානෙට අවශ්‍ය කලමනා සියල්ල සූදානම් කරගෙන තිබුනෙ.... එයාල දානෙ දෙන්න තීරනේ කරල තිබුනෙ මහනුවර තපෝවන ආරන්‍ය සේනාසනයට...

අපි එහෙ යන විට උ‍දෑසන 10.30 පමන වෙලා තිබුනෙ..

හංසිලා බාර අරන් තිබුනෙ ආරණ්‍ය වාසී තපස් හාමුදුරුවරු 30 නමකට පමන දහවල් දානයයි...

පුතා.... ඒක නෙමේ... අපිත් එක්ක පුතත් රට යමුද? මගෙ බිස්නස් වලට ජොයින් වෙලා එහෙම ඉන්න පුලුවන්නෙ.. බලන්න... වෙනද පිලිවෙලට හිටිය ජනිත්ද කියල දැන් ඉන්නෙ... ඔහේ ඕනෙවට එපාවට වගේ... ජීවිතේ අතෑරල දාල වගේ ඇයි මේ...

ඇත්ත පුතා අංකල් කියන්නෙ... ඔයා හොඳටම වි‍ඳෝනව කියල කවුරුත් නොකීවට බැලූ බැල්මටම අපට පේනව... අපිත් එක්ක එහෙ යමු... වියදම් සේරම අංකල් බලා ගනී... (දානය සකස් කරන අතරතුර හංසිගෙ අම්මයි තාත්තයි මට කීවෙනම් අවංකවම)

බෑ ආන්ට්... මට මෙහෙ හොඳයි.. මගෙ අම්ම, තාත්ත, යාළුවො, හංසි... ඒ හැමෝගෙම මතකයන් තියෙන්නෙ මෙහෙ... මං අනිත් එක ලංකාවට ආදරෙයි... ඒ නිසා මං මෙහෙම ඉන්නම්.. ප්ලීස්...

එයින් එහාට එයාල මුකුත් කියන්න ගියෙ නෑ...

ආරණ්‍ය සේනාසනේ හිටිය ඔක්කොම හාමුදුරුවරු බැලූ බැල්මටම එකම වගේ... පඬු සිවුරු පොරෝල.... පාවහන් නොමැති පා තුඩු, ශාන්තව ගල් මුල් අතර තබමින් , අරණ්‍ය ගල් කුටි තුල සිට දහවල් දානය සඳහා පහතට වැඩම කරන අපූරුව... ජීවිතේ කෙ‍තරම්නම් සංසුන්, සුන්දර දෙයක්ද කියල මොහොතකට පසක් කලා... මෙලෙස බවුන් වඩන්නෙ, මා වැන්නවුන් විලස බැඳීම් පසුපස ගොස් වේදනා විඳිනවාට වඩා නිර්වානය කෙ‍තරම්නම් උතුම්දැයි කල් තියාම පසක් කර ගත් පිනට නොවේදැයි මට සිතුන වාර අනන්තයි...

මගෙ රත්තරං හංසිගෙ නමින්, දානෙ පූජ කරල, පිං අණුමෝදනා කරල අපි ආපසු එන්න එනකොට හවස 2.30 ට විතර ඇති...

පුතා ඔයා දැන් කොහෙද යන්නෙ...

මං මෙහෙමම ගෙදරත් ගිහිල්ල අම්මලවත් බලලම එනව අංකල්...

හරි... අපි ඔයාව කොළඹින් බස්සන්නම්.. පුතා අපි තැඹිලි ගෙඩියක් බීල යමු... මටනම් හරිම තිබහයි.... (හංසිගෙ තාත්ත පාර අයිනෙ පුංචි තැඹිලි කඩයක් ලඟින් වාහනේ නැවැත්තුවෙ පොඩි විවේකයකටත් එක්ක...)

පුතා මේ ටික එහෙනම් පුතා තියා ගන්න... මන් යාළුවෙකුට කථා කරල ඔයාට හොඳ ජොබ් එකකුත් හොයල දෙන්නම්... දැන් ඇති ඔය පරණ මතකයන් එක්ක ජීවත් උනා.. දැන් එයාව අමතක කරල අළුතින් ජීවිතේ පටන් ගන්න... අහ් අපි හෙට ආයෙ මැලේසියා යනව.. ආයෙ කවද එවෙයිද දන්නෙ නෑ පුතා

අංකල් මොනවද මේ... (හංසිගෙ තාත්ත මගෙ අතේ තිබ්බ පාර්සලේ දිහා බලාගෙන මං ඇහුවෙ කිසිවක් තේරුම් ගන්න බැරිව..)
ඔයාට අනාගතේට අවශ්‍ය වෙයි...ඔහු කීවෙ එපමනයි..
මං පාර්සලේ දිගෑරියෙ කිසිවක් හිතා ගන්න බැරිව.....

පවුරු 08 වන කොටස සමග යලිත් හමුවන තුරු,
අපේ පරපුරේ තවත් එක් සත්‍ය කථාවකට මොහොතකට නැවතුම් තියන්නට අවසරයි...
මෙහි සියළුම අයිතිය FreeGetLanka සතුය.

Friday, July 26, 2013

අසහාය ගායකයෙකුගේ කඳුලු කථාව

මිල්ටන් මල්ලවාරච්චිගේ නොකියූ ආදර කතාව 
සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය . එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ මොහු ඉතාම තදින් සංගීතයට ඇලුම් කල බැවිනි .. එබැවින් සතියකට සැරයක්වත් මෙම නිවසේ පැදුරු සජ්ජයක්‌ පැවැත්වීම අනිවාර්යයෙන් සිදුවිය...
ඔහුගේ දුව අපි ඇය මධු යනුවෙන් හදුන්වමු.. මධු සංගීතයට අලුම්කලේ නැත . පියාගේ මේම ආසාව කමකට නැති පිස්සු වැඩක් ලෙස ඇය සිතුවය . තම පියා ඔහුගේ තත්වයට නොගැලපෙන දෙයකට ඇබ්බැහිවී ඇතැයි සිතූ ඇය නිතරම ඒ පිලිබදව ඇගේ අකමැත්ත ප්‍රකාශ කළේය.. ඒ මෙන්ම තම නිවසට පැමිණෙන පැදුරු සාජ්ජ කණ්ඩායම් ඇය නොරිස්සුවේය... අඩු තරමින් ඇය සාජ්ජ බැලීමටවත් ගියේ නැත 
පැදුරු සජ්ජයක්‌ පැවැත්වෙන දිනක ඇය .. උඩුමහලේ බැල්කනියට වී හුදකලාව සිටි අතර නිවස තුල සජ්ජයේ සාමාජිකයෙක් ව්සින් ගායනා කල මනරම් හින්දි ගීතයක් ඇයට යන්තමින් ඇසුනි.. ඇය එම ගීතයට ප්‍රිය කලාය.. එම ගීතයෙන් පසුව එම ගායනා කණ්ඩායමේ සමාජිකය තවත් මියුරු හින්දි ගීත කිහිපයක් ඒක දිගටම ගයනා කලේය .. ඔහුගේ මියුරු හඩ ඇගේ සිත් ගත් අතර ඇය එම හඩට ප්‍රිය කලාය..
එදා සිට ඇය එම හඩ ඇසෙන දින වලට . සදලුතලයට ගොස් ඔහු ගයන ගීත රස විදීමට හුරුවී සිටියේය . එහෙත් තවම ඇය ඔහුගේ රුව දැක නැත.. දිනක් ඇයට මේම ලයාන්විත කටහඩක් හිමි පුද්ගලයා කව්දැයි බැලීමට ආශාවක් ඇතිවිය.. ඔහු ගීතයක් ගයන විට උඩු මහලේ සිට සාජ්ජය දෙස බැලුවේ ඔහු කව්දැයි දැක ගැනීමේ ආශාවෙනි...
දෑස් පියාගෙන දැහැනට සමවැදුනු අයුරින් ගයනා කරන . කොණ්ඩය පොකුටු සුදු උස තරුණයෙක් ඇයට දැක ගැනීමට හැකි විය . ඔහුගේ රුවද ඇයගේ සිත් ගත්තේය .. එදා සිට ඇය එම හඩටද හඩ හිමි තරුණයාටද සිතින් පෙම් කිරීම්ට පෙලබුනි .. ඔහු ගී ගයන සැම දිනකම උඩු මහලේ සිට ඔහු දෙස බලාගෙන සිටීම ඇයගේ පුරුද්දක් වී තිබුණි .
දිනක් ගයනා කරන විට අහම්බෙකින් ඔහුට ඇයව දැක ගැනීමට හැකිවිය . තමන් දෙස දැඩි උවමනාවෙන් බලා සිටින රුවැත්තිය දෙස ඔහුත් බැලුවේය . දෙදෙනාගේම සිව් නෙත් එකට යාවුනි . ඇය සිනාසුනි ඔහුත් පෙරලා ඇයට සිනාසුනි ඒ නෙත් වල සංසාරගත බැදීමක් ඔහු දකින්නට ඇත .. එත් ඈ කාගේ කව්දැයි ඔහු නොදනී...
“ මේ වගේ දිනක් නෑ එන්නේ - ඈ කොහේ ලදක් දෝ නෑ දන්නේ... පෑ රිදී සිනා කැන් ඒ දෑසේ - මා සිතින් මැකිලා යා නොවේ ....”
එදා සිට පැදුරු සාජ්ජ පැවැත්වෙන සැම දිනකම ඔවුන් දෙදෙනා නෙත් වලින් කථා කලෙය .සිතින් දෙදෙනාම දෙදෙනාට ආදරය කළේය . තවත් මෙය සිත තුල සිරකරගෙන සිටීමට අපොහොසත් වූ ඇය ලිපියකින් මෙය ඔහුට දැන්වූයේය.. එහෙත් තරුණයා එය පිළිගැනීමට බිය විය . එයට හේතුව මුදලාලිගේ සිතුම් පැතුම් ගැන ඔහු දැනසිටි නිසා විය යුතුය . තමා වැනි දුප්පත් තරුණයෙක්ට ඔහු තම දියණිය සරණපාවා දීමට කිසි දිනෙක කැමැති නොවන වග ඔහු දැන සිටියා විය හැක.
එහෙත් අවසානයේ ඇය ජය ගත්තාය .. ඇයගේ බලවත් පෙරැත්තය මත ඇගේ ආදරය පිලි ගැනීමට ඔහුට සිදු විය . කිසි දිනෙක ඔහුව අතහැර නොයන බවට ඇය පොරොන්දු විය.. කෙදිනක හෝ ඇයව විවාහ කර ගන්නා බවට ඔහු පොරොන්දු විය..
“දිනක රන්සළු පලදා සද නැගී හෝරාවෙන් .... පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන් ......................”
දෙදෙනාගේ ප්‍රේමය කාටත් රහසේ බොහෝ කාලයක් දළුලා වැඩුනි.. එහෙත් වැඩි කාලයක් ලොවට රහසේ මෙම පෙම් පලහිලව්ව පවත්වාගෙන යාමට දෙදෙනාට හැකියාවක් ලැබුනේ නැත.. ආදරයත් කැස්සත් වසන් කල නොහැකියි යන කියමන සනාථ කරමින් ඔවුන්ගේ රහස පියාට දැනගැනීමට ලැබුණි .. මෙය දැනගත් විට මුදලාලි යක්‍ෂාවේශ විය.. ඔහු දෙදෙනාටම නවත්වන ලෙස තදින් අවවාද කළේය.. මෙය නතර කිරීමට ඔහු නොගත් උත්සහයක් නැත.. ඔහු දියණියට නිවසින් එලියට යාම පවා තහනම් කළේය.. එහෙත් ඔවුන් දෙදෙනාගේ සිත් වල ඇති ප්‍රේමය තහනම් කිරීමට පියා අපොහොසත්ය..
“මගේ පාලු ලෝකයේ තනිවූ මේම ... සක්විති රජුන් හමුවේ නැත හිසනම .. සිතුවිලි මගේ හසුරා ගතහැක නමා .. මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා ..”
මේ සම්බන්දයෙන් මුදලාලි ගත් සියළු පියවර අසාර්ථක විය . තරුණයාට කොයි තරම් අවවාද කලත් තර්ජනය කලත් පලක් නොවුනි .. අවසානයේ දියණිය කාමරයේ සිරකළ අතර .. පැදුරු සාජ්ජ කණ්ඩායම සමග නිවසට එන මේම තරුණයාට නැවත නිවසට ඒම තහනම් විය.. එදා සිට ඔහුට සුවිසල් මැදුරේ දොර වැසුනි..
“ මැදුරේ දොරගුළු ලු නියා ... අදුරේ මා තනිවූ නියා... මට සිහිවෙනවා .. මේ දැන් වාගේ නෑ මා හැඩුවේ එදා... රන්මසු නැහැ කියා මා දිලිදුයි කියා කිවා....මට තව මතකයි ඒවා ...”
තමන්ගේ දුප්පත් කම නිසා මුදලාලි මෙම සම්බන්දයට කැමැති නොවන බව ඔහුට වැටහුනි.. එහෙත් කිසි දිනෙක ඇයව අමතක කිරීමේ හැකියාවක් ඔහුට නැත..
මේ අතර පියා ඔහුට හැකි උපරිමයෙන් ක්‍රියා කලත් දෙදෙනාගේ සිත් වෙනස් කිරීමට ඔහුට නොහැකි වීය.. සියලු වෑයම් අසාර්ථකවී හෙම්බත්වී සිටි මොහුට .. අමුතුම උපායක් කල්පනාවිය. එතැන් පටන් ඔහු ක්‍රියා කලේ වෙනස් ආකාරයකටය . මෙතුවක් ක්‍රියා කල ආකාරය සහමුලින්ම කණපිට පෙරලුනා වැනිය.. නැවතත් සංගීත කණ්ඩායම සමග තරුණයාට නිවසට ඒමට අවසර ලැබුණි .. මෙතෙක් නිවාස අඩස්සියේ සිටි තරුණියට ද ක්‍රම ක්‍රමයෙන් තම සුපුරුදු නිදහස බුක්ති විදිමටද අවකාශය ලැබුණි..
මෙයින් උපරිම ප්‍රයෝජන ගත් පෙම්වතුන් නැවතත් ප්‍රේමයෙන් වෙලුනි මෙතෙක් ඔවුන්ට තිබු එකම බාදකයත් තුරන්වී ඇති බැවින් දැන් ඔවුන්ට බිය වීමට කිසිම හේතුවක් නැත .. මේ අතර පියා මොවුන් දෙපලට ගේ එක්වීමට තමන්ගේ අකමැත්තක් නැති බව ප්‍රකාශ කලේය ..
එහෙත් තරුණයාට පියාගේ පොරොන්දුවකට යටත් වීමට සිදුවිය . තරුණයත් ඔවුන්ගේ මට්ටමට සමාන තරමක පොහොසතෙකු වීය යුතු බවත් පැවසූ පියා එතෙර රටක රැකියාවක් ඔහුට සොයාදී එහි පිටත් කළේය .. නැවතත් වසර කිහිපයකින් සිය රටට පැමිණි පසු විවාහය සිදු කර දෙන බව පැවසුවේය .. දෙමාපිය අසිර්වාදය ඇතිව එක් වීමට ලැබීම බග්‍යක් ලෙස සිතු දෙදෙනා එයට කැමැති වීය .. නැවත සිය රටට පැමිණ ඇයගේ අත ගැනීමේ බලාපොරොත්තුව ඔහු වෙනත් රටකට යාමට ගුවන්තොටුපොළ බලා පිටත්විය ...
“ඒදා රැ ගුවන්තොටු පොලේදි මා ... වෙන්වී ගියේ..... සිතකින් නොවේ ......’
දුරු රටක තනිවී සිටියත් ඔහු එය සතුටින් විද ගත්තේ . සියලු දුක් දොම්නස් විදින්නේ ඇය නිසා බව සිතමිනි.. එම කාලයේ පණිවිඩ යැවීමේ ප්‍රධානම ක්‍රමය වුයේ ලිපි මාර්ගයෙනි ඔහු ඉඩ ලැබෙන සැම විටම ඇයට ලිපි ලීවේය .. ඇයගෙන් ලිපි එනතුරු මග බැලුවේය .. එහිදී ඔහුගේ එකම සතුට වුයේ ඇය සිහි කරමින් ලිපි ලිවීමයි..
“ මධු මල ලෙස මුදු මගේ ප්‍රියදර මිහිරාවිය වෙතටයි ... ඔබ සිහි කර කර ..ඔබට ලියන ඒක මට ඇති ඒක සතුටයි ....

එහෙත් වැඩි කාලයක් දෙදෙනාට ලිපි ගනුදෙනුව කිරීමට ඉඩ ලැබුනේ නැත . පියා ඒ වන විට ඔහුගේ සැලැස්ම ක්‍රියාවට නංවමින් සිටියේය .. ඔහු දියණියගේ නමට එන ලිපි ඇයට ලැබෙන ඒක වැළකුවේය.. එමෙන්ම ඇය විසින් තැපැල් කරන ලිපි ඔහුට නොයන ලෙස ඔහුගේ බලපුලුවන් කාරකම් ප්‍රයෝජනයට ගනිමින් වැළකුවේය..

කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව අසරණව සිටින දියණියගේ සිතට විසබීජ දැමීමට පියා පටන් ගත්තේ එතැන් සිටය.. ඔහු වෙනත් තරුණියක හා හාද බව පවසමින් දියණියගේ සිත වෙනස් කිරීමට උත්සහ කල පියා අවසානයේ ජය ගත්තේය .දියණියගේ සිත වෙනස්වූ විගස එයින් ප්‍රයෝජන ගන්න සිතු . පියා තම පවුලට ගැලපෙන තරුනයෙක්ව ඇයට යෝජනා කළේය .. දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින තරුණිය එම යෝජනාවට කැමැති වීය... බලන්න පිවිතුරු ආදරයක් දෙකඩ කරමින් මුලාව ජයගත් අපුරුව...

මේ අතර කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව සිටි තරුණයාට අවසානයේ දැනගැනීමට ලැබෙන්නේ ඔහු පනමෙන් ආදරය කල තරුණිය පොහොසත් තරුණයෙකු හා ලගදි විවාහවීමට යන බවයි .. මෙයින් දැඩි දුකට පත් තරුණයාට කල හැකි කිසි දෙයක් නැත .. ගිවිසුම් කාලය අවසාන වනතුරු නැවත සිය රට බල යාමටද ඔහුට හැකියාවක් නොමැත .. ඉතාමත් දුක්බිත වූ තරුණයාට කළහැකි එකමදේ සිතින් ඇයට සුභ පැතීම පමණි....
“අදහෙට ඔබ මා අතහැර යනබව දැනගන්නට ලැබුනා - රහසින් මට ඇසුණා.. ඔබ රවටා නැත .. ඔබ හඩවා නැත ... දැන දැන මා නම් වැරදිකරේ නැත ... ඔබ ගැන මට පුදුමයි ..... වෙනසක තතු නොහැගෙයි....

එයිට කාලයකට පසු ඔහු නැවත මව් රටට පැමිණියත් ඒ වනවිට ඔහුගේ පෙම්වතිය විවාහවී අවසානය... එහෙත් දිනක් දෙදෙනා අහම්බෙන් මුණ ගැසී කතා කරනවිට තමයි ඔවුන් දෙදෙනාටම වැටහෙන්නේ පියා තමන්ව මුලා කර ඔහුගේ අදහස ඉටු කරගත් වහ... එහෙත් දැන් ඔවුන්ට කල හැකි යමක් නැත දුක දරාගෙන වෙන්වීම හැරෙන්නට ඇය දැන් විවාහකය ..
“අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැද ඇත ලොව සතර දෙසින් ... එනමුදු උපදින හැම බවයකදිම මම ඔබ හිමිකර ගනිමි ලදේ ...
පසුව ඔහු ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් බවට පත් වෙනවා .. ඔහුගේ ලයාන්විත කට හඩට දහස් ගනන් ජනතාව ආදරය කරනවා .. එහෙත් ප්‍රථම ප්‍රේමයෙන් පරාජයවී ලැබූ අත්දැකීම මනසින් මැකීමට ඔහු අපොහොසත් එම නිසාමදෝ ඔහු මත්පැන් පානය කිරීමට පෙලබෙනවා... ඒ මෙන්ම ඔහු ගයනා කල ගීතවල ඔහු විදි විරහව කැටිවී තිබෙනවා හරිම අපුරුවට..
අවසානයේ මේ අග්‍රගණයේ පුද්ගයා අසනීපවී මිය යනවා.. එයත් හරි අපුරු සිදුවීමක් විදියට මක්නිසාදයත් ඔහු මියයන්නේ ඔහු පනමෙන් ආදරය කර ඔහුට හිමිකර ගැනීමට නොහැකිවූ පෙම්වතියට අයිති නවලෝක රෝහලේ රෝහල් කාමරයක් තුල ඇයගේ ඇස් ඉදිරි පිටදීම වීමයි ..

මරු කතරේ මිනිස්‌ පුරේ කොතැනක වේවා මෙතේ බුදුන් පාමුල ඔබ නෙළුමක්‌ වේවා.....

හාදුවකින් කෙනා මනිමුද?

හිසට-
ස්තීර වූ ප්‍රේමනීය බැදීමක්.නිරන්තරව ඔබේ ආරක්ශාව ගැන සිතන අයෙක්.සෑමා බාදාවක්ම පරදාවා ඔබ හා ජීවත් වේවී,

නළලට-
ඔබේ සන්වේදී බව හොදින් හදුනන සන්වේදී කෙනෙක්,ප්‍රේමය ඉදිරියේ ගරුත්වයකින් හැසිරෙන අයෙක්.කවදාවත් පිටු පාන එක්ක නෑ.සතුට ගැන ඔයාගේ ගොඩාක් හිතන කෙනෙක්.

කන්පෙති -
මේ අය ගැන නම් 2 පාරක් හිතන්න.හොරගල් අහුලා ඔබේ ජීව්තිය අදුරට ගෙන යාවී,කිසිම විටක විශ්වාස කළ නොහැක.

දෙතොල් වලට-
එක විට සුන්දර කමක් දැනුනත් එය සුන්දර ප්‍රේමයක මතක සටහන් වෙන එකක් නෑ.වේදනාව ඉතිරි කරාවී,බොහෝ විට කාමුක කෙනෙක් වෙන්න පුලුවන්

දකුනු කම්මුලට-
ප්‍රේමයට ප්‍රේම කරන බුද්දිමත් කෙනෙක්,ඔබේ ජීවිතය ගැන ගොඩාක් හිත කෙනෙක්.සැබැවින්ම ඔබේ වාසනාවට ලද කෙනෙක්.

වම් කම්මුලට-
රළු ගති ගුන තියන කෙනෙක්.දවසක ඔයාට අණ කරාවී,කාරුනික වෙන්නේ නෑ.දවසක ඔයාව සැක කරාවී.

නිකට-
හදවතින්ම පැන නැගුන ආදරයක්.සැප දුක එක ලෙසම ඔයා එක්ක විද ගනීවී.

ගෙලට-
චපල කෙනෙක්.,මානසික අසහනයෙන් පෙලෙන්නෙක්,වරදටම පොලඹවයි

උරහිසට-
මේ අයගේ ජීවිත වල සැග උන රහස් තියෙන්න පුලුවන්,

පපුවට-
සරල කෙනෙක්.හුදකලාවේ ඔයත් එක්ක දොඩමලු වෙන්න කැමති කෙනෙක්

අත්ල-
මවාපැම් කරන්නෙක්.දවසක දාල යාවි

ඇගිලි තුඩු-
එයාට ඉන්න වටිනාම සම්පත ඔයා.

(උපුටා ගැනීම= ප්‍රවීන ජෝත්යිෂ්‍ය වේදී මතුගම ජයනෙත්තිමහාතාගෙන්) 

 ඉස්සුවෙ ගීක් එකෙන් ඈ...........
මෙන්ට් එකක් දාලම යන්නෝ.....

Thursday, July 25, 2013

පවුරු (6 වන කොටස)

අපිත් මේ බලන් හිටියෙ කව්ද මේ අපේ මැණිකගෙ හි ගත්ත ජනත් කියන කෙනා කියල බලන්න...



ගොඩක් ගෑණු ළමයි ඇවිත් හිටියෙ තාත්තලත් එක්ක.  

මන් හිතන විදිහට ආරක්ෂාව ගැන හොයල බලන්න, ආයතනය ගැන විපරම් කරන්න වගේ දේවල් ඒකට හේතු වෙන්න ඇති. ඔය අතර හිටිය ස්සන ගෑණු ළමයි දෙතුන් දෙනෙක්ම

ප්‍රභා මට අධ්‍යාපන සහතික ටික චෙක් කරන වැඩේ බාර දුන්න...  

"මන් කොහොමත් ඔය අධ්‍යාපනය පේන්න බැරි එකානෙ බන්.. උඹම ඔය ටික චෙක් කරහන්..." (ප්‍රභා ඉන්ටව් එකට කලින් කීවෙ එහෙම)

ගොඩක් හොඳට ඉගෙන ගත්තු ළමයි හිටිය...
ඒත් අවසානයෙ ප්‍රභා තෝරගතත්ත ළමයට මුල් තැන දීල තිබුනෙ ලස්සනට..

ඒ ළමය ඇත්තටම ගොඩක් ලස්සන ළමයෙක්.. වලස්මුල්ලෙ ඉඳල ඇවිත් තියෙන්නෙ... හොඳ සමාජශීලි බවකුත් බැලූ බැල්මටම පේන්ව තිබුන...

"මචන්... මෙයා තමයි අපට හරියනම ගර්ල්... " (ප්‍රභා අන්තිමටම කීවෙ ඒ ළමයගෙ ඇප්ලිකේෂන් එකේ තිබුනු ෆොටෝ එක මට පෙන්නල...)

"ඕ.කේ මචන්..." (මට වෙන කියන්න දෙයක් තිබුනෙ නෑ.. ඒ වගේම මට මුකුත් කියන්න උවමනාවක් තිබුනෙත් නෑ..)  

ඒත්, ඒ ළමයට වඩා ගොඩාක් ඉහල අධ්‍යාපන සුදුසුකම් තියන ළමයි එතන හිටිය.. එහෙම ඉද්දිත් මේ ළමයව තෝරගත්තෙ ඇයි කියන එකනම් මගෙ හිතේ කොනක තිබුනු පොඩි පිළිතුරක් නැති ගැටළුවක්.

ප්‍රභාගෙ තේරීමට අනුව වලස්මුල්ලෙ මහේෂිකා ඇඩ්මින් තනතුරට බඳවා ගත්ත

"දුවව හෙට උදේම එක්ක එන්නම් මහත්තයෝ... නවාතැන් පහසුකම් එහෙම කියනවද?"

"ඔව්... අපේ ඔෆිස් එකේ තව ගෑණු ළමයි කීප දෙනෙක්ම ඉන්නව.. එයාලත් එක්ක ඉන්න පුළුවන්... නවාතැන්, කෑම බීම කිසිදේකට‍ වියදම් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ.. අපි ඒ හැමදේම ආයතනය ගානෙ ලබා දෙනව..."

ප්‍රභා මහේෂිකාගෙ තාත්තට කීවෙ රැකියාව, ආයතනය කෙරෙහි ඒ දුප්පත් මනුස්සයහෙ විස්වාසය තවත් ගොඩ නංවමින්... 

මහේෂිකා මන් දිහා බලල ඒ වෙලාවෙ හිනාවුනේ හරිම අහිංසක විදිහට...

ඒ හිනාව සුළු මොහොතකට මාව හංසිගෙ අතීත මතකයෙ මාව නතර කරන්න තරමි ප්‍රභල වුනා..

මට මතකයි..
හංසි ඉස්සරලම මට එයාලගෙ ගෙදර එන්න කීව දවස..

"අයියෙ...  මම ඊයෙ අපේ අම්මට ඔයා ගැන කීව.. අම්ම ඒක තාත්තිට කියල... තාත්ති ඔයාට හෙට ඇවිත් කථා කරන්න කීව..."

මට හීනියට දාඩිය පාරක් දැම්මෙ ඒ කථාව අහල... 

හරි... දැන් එන්න කියල........ ලොකූ දේශනාවක් දීල.... මේ සම්බන්දෙ අදම නතර කරන්න කියයි...  මන් දන්නෙ නැද්ද අම්මල තාත්තලගෙ හැටි... 
(මට හිතුනෙ එහෙම.. ඒත් මම මගෙ සිතිවිලි හංසිට කියන්න ඉක්මන් උනේ නෑ..)
"හරි.. මං හෙට එන්නම්කො මගෙ සුදු කෙල්ලගෙ ගෙදර.. ම්... හැබැයි ඔන්න නැන්දම්මයි, මාමන්ඩියි, දුම්මල වරම අතට ගත්තොත්, මේ දෙව් දුවට තමයි මාව බේරගන්න වෙන්නෙ..."
(හංසිගෙ කනක් චුට්ටක් කොනිත්තල මන් කීවෙ ආදරෙන්..)
"ඌයි......... අනේ යන්න... අපේ අම්මයි, තාත්තියි හරි හොඳයි... බෑණ දකින්න ආසයි කියලනෙ එන්න කීවෙ... 
(මට ඔලොක්කුවට වගේ ඇහැක් ඉඟි කරල හිනා වෙලා මගෙ පපුවට බර වෙන ගමන් මගෙ හන්සි කීවෙ කියා ගන්න බැරි තරම් ආදරයක් මගෙ හිතට ඇතුල් කරල..)
මම එදා හවස ගෙදර යනකොට හැමෝම මාව බලාපොරොත්තුවෙන් හිටියෙ...
න්සි නම් මාව දැකපු ගමන් මගට දුවගෙන ඇවිත් මාව පිළි ගත්ත.
"අයිය එනව කියපු හින්ද අප තාත්තත් ගෙදර.. යමු ඇතුලට.."
මම ගෙට ඇතුල් වෙනකොටම හන්සිගෙ රූපෙට සමාන රූප සම්පත්තියක් තියන මැදිවියේ කාන්තාවක් සිරියාවන්ත සිනාවකින් මාව පිලි ගත්ත..
"ආහ්... එන්න පුතා.... ඔයා එනකම් මේ දූ උදේ ඉඳන් මග බලාගෙන... අපිත් මේ බලන් හිටියෙ කව්ද මේ අපේ මැණිකගෙ හි ගත්ත ජනත් කියන කෙනා කියල බලන්න..."
ඒ හංසි ගෙ අම්ම බව මට  වැටහෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ... පොඩි ලැජ්ජාවකුත් නොතිබුනාම නෙවෙයි... 
ඒත් ඉතින් මොනව කරන්නද? 
ආදරේ කරනවනම්, මේවටත් මූණ දෙන්නම වෙනවනෙ... 

හිතපු තරම් දරුණු පාටක් පේන්න නම් තිබුනෙ නෑ...කොහොමින් කොහොමින් හරි ගෙදර කට්ටිය අඳුනගෙන තේමේසෙට වඩි උනේ හැමෝම හරිම සතුටින්...
"පුතා.......... මගෙ දුව මේ වෙනකම් කා එක්කව් සම්බන්ධයක් ඇති කරගෙන නෑ... ඒ වගේම අපට බොරු කරලත් නෑ.... මට පුතාගෙ වත්කම්, දේපොළ, මිල මුදල්, ඒ කිසිදෙයක් වැඩක් නෑ.......
පුතා හොඳ කෙනෙක්, ඉගෙන ගන්න කෙනෙක් කියල මට තේරෙනව... ඒ වගේම පුතා කම්පියුටර් උපාධිය කරන්න යනව කියලත් මට දූ කීව... 
මට ඉන්නෙ මෙච්චරයි පුතා... මගෙ මැණිකව ඇස්දෙක වගේ පුතා බලා ගනී කියල මගෙ හිත මට කියනව..."
"ඒ විස්වාසෙ කඩන්න එපා... එච්චරයි මට ඕනෙ.... පුතාට ඉගෙන ගන්න මම වියදම් කරන්නම්.."
(හංසිගෙ තාත්ත කියාගෙන ගිහිල්ල නැවැත්තුවෙ, මාව හිතාගන්න බැරි තැනක තිය... මං මොනව කියන්නද? මටම හිතා ගන්න බෑ... )
සතුටුයි... කියාගන්න බැරි තරම් සතුටුයි... අපේ ආදරේට තිබුනු බයානකම බාධකේ කිසිම නීරස අද්දැකීමකින් තොරව අපි ජය අරගෙන... 

හංසිගෙ ඇස් වලින් සතුට දෝරෙ ගලනව...
අපි හරිම වා‍සනාවන්තයි රත්තරං... 

මගෙ හිතෙන් මම හංසි දිහා බලාගෙන කීවෙ හදවතින්ම... හංසිත් එහෙමම හිතන්න ඇති... ඒක ඒ ඇස් වලින් මට තේරුණා........
"මචන්... ඔය ඇති අනිමිස ලෝච... වරෙන් යන්න, ටව්ම පැත්තට ගිහින් එන්න..."
මන් ගැස්සිලා සිහින ලොකෙන් පියවි ලෝකෙට ආවෙ ප්‍රභාගෙ කටහඬට... 

අර ගෑණු ළමය, තාත්තත් එක්ක ගේට්ටුවෙන් පිටවෙලා යනව පෙනුන... ඒ මිනිස්සු මොනව හිතුවද දන්නෑ... 

හංසි මතක් වෙන සෑම මොහොතකම මම මේ වගේ හැසිරෙන එක වෙලාවකට මට වදයක් නොවුනාමත් නෙවේ... ඒත්... මං ඒ හීන ලෝකෙට ගොඩක් ආසයි... ආදරෙයි...
කාලය ගෙවිල ගියා... පහුවදා උදේම මහේෂිකා ඇඳුම් බෑග් එකත් අරගෙන නවතින්න බලාගෙනම ඇවිත් හිටිය...
"ආහ්... පුතා... එන්න..."

ප්‍රභා ඔෆිස් එකට කථා කලේ මහේෂිකා බෑග් එකත් එල්ලගෙන ඔෆිස් කාමරේට එබෙනව දැකල..
"සජිනි... මේ අපේ අලුත් ඇඩ්මින් මිස්... මෙයාට ඇඳුම් තියාගන්න ඔයාලගෙ රූම් එකේ තැනක් හදල සදන්න.. අද ඉඳන් මේ මිස් අපිත් එක්ක මෙහෙ වැඩ.."
සජිනිට මහේෂිකා ව හඳුන්වල දෙන ගමන් අනිත් වැඩකරන ළමයින්ටත් ඇහෙන්න ප්‍රභා කීවෙ මහ්ෂිකාගෙ චකිතය මුසු අහින්සක මූණ දිහා බලාගෙන...
"මචන් ප්‍රභා... කට්ටියම ‍බඩු විකුණන්න එලියට ගියාම අපි දෙන්නයි, මේ ගර්ල් ලුයි විතරයි නෙ බන් ඔෆිස් එකේ... ඒ‍ක එච්චර හරි මදි නේද මචන්...?"

තවත් ොටසත් බලාොත්තු වන්න.
මෙහි සියළුම හිමිකම FreeGetLanka සතුය.
රැඳී සිටින්න අප සමග... 

අපගේ සාර්ථකත්වය ඔබගේ අදහස් බැවින්, පහලින් ඔබේ අදහස් සටහන් කර යන්න අමතක කරන්න එපා...