ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Sunday, September 29, 2013

පිනි මත බඹරු (03 කොටස)




ගෙදර එනකොට හැන්දෑවෙ 7ටත් කිට්ටුයි..

මරු... දැන් තමයි හොඳම හරිය... දැන් ඉතින් අම්මගෙ පරන යකඩ තලන සද්දෙ අහගෙන ඉන්න එපැයි ඊලඟට..

ආහ්... උඹ දැන්ද ගෙදර එන්නෙ... මොකද? මේ දවස් ටිකේ විභාගෙ කියන එකත් අමතක උනාද? ම්...? නැත්තන් රෑටත් විභාගෙද උඹට විතරක්....

හප්පොච්චියේ.... මාව කොටියම කාපිය.. විභාගෙ මතක් උනේ ගෙදර ආවමනෙ..

විභාගෙ වගේද අම්මෙ ලෝචි.. (කියල කියන්න හිතුනත් ඊලඟට මට මූන දෙන්න වෙන අභාග්‍ය සම්පන්න සිදුවීම් දාමය මතකයට නැගුනු නිසා ඔන්න ඔහේ නිහඬව හිටිය..)

ආන්න උඹේ මහ එකා අද ගෙදර තිබුනු විදුලි ඉස්තිරික්කෙත් විකුණල බීල අද... අද ඉඳන් පොල්කට්ටු පුච්චාගෙන රෙදි මැදපල්ල...

අනේ අම්මපා... මෙහෙමත් අප්පල ඉන්නවනෙ.. මගෙනම් මොන කරුමයක්ද මන්ද? ජීවිතේ පටන් ගත්තු දා ඉඳන් මම කවදාවත් ‍තාත්තගෙන් කියල කිසි දෙයක් ලැබුවෙ නෑ... අඩුම තරමෙ ඇඳුමක්වත්... අම්ම තමයි හැමදේම කලේ.. දන්න දවසෙ ඉඳල තාත්තගෙන් කියල හම්බුනේ ගුටි බැට වලට අමතරව අහිමි වීම් පමනයි...

මට හොඳට මතකයි.. පහුගිය දවසක, අම්ම සීට්ටුවක් දාල ගෙදරට ගෙනාපු කලර් ටී.වී එක.. බල බලා ඉඳැද්දි ගෙනිහින් උගස් තියල අවුරුදු කැට පොලට සල්ලි ටික පූජ කරපු විදිය.

ෂික්... එක්කො තාත්ත අපිව හදල අපෙන් පලි ගන්නව.. නැත්නම්, එයාගෙ අවශ්‍යතාවයන් වෙනුවෙනු මගෙ අම්මව පාවිච්චි කරල, අපි ඉපදුනම අපිට නොසලකා හරිනව... කොහොම උනත් තේරෙන කාලෙ ඉඳන් මට දැනෙන්නෙ එකම හැඟීමයි.. ඇත්තටම මම හදා ගන්න ගත්ත කොල්ලෙකුටත් අන්තයි..

ලස්සනට ඇඳල පැළඳල වාහන වල ඇවිත් ටියුෂන් පන්ති ගාවින් බහින සමහර මහත් වරුන්ගේ දරුවො දක්ද්දි ජීවිතේ කියන්නෙ ඇත්තටම මොකද්ද කියන ප්‍රස්නෙ මම මගෙන්ම අහ ගත්ත වාර අනන්තයි..

පවුලෙ නංගිල දෙන්නෙක් ඉන්නව... මේ අයගෙ අනාගතය ගොඩනගන්නෙ කවුද? හොඳවෙලාවට ශිෂ්වත්තෙ පාස් වෙලා සෙන්ට්‍රල් එකට යන්න අවස්තාව ලැබුනෙ.  නැත්නම් මටත් වෙන්නෙ ගමේ සමහර කොල්ලන්ට වගේ අද මේසන් වැඩට හරි මල් කාඩේකට හරි ගිහින් දුක් විඳින්න.. බලමු..

මට තියෙන ලොකුම බලාපොරොත්තුව සා.පෙල ගොඩ දා ගන්න එක...

මම මොන දේ කරත්, මොන තීරණ ගත්තත් මගෙ ප්‍රධාන අරමුන සා.පෙල. මට අද වෙනකම් හරි හමන් රැකවරණයක් ලැබුනෙ නෑ.. මට අද වෙනකම් කවුරුවත් ආදරෙන් කතා කරල නෑ. අද වෙනකම් මම කාගෙවත් ආදරයක් විඳල නෑ. ඒ නිසාම මට කා ගැනවත් ලොකු ආදරයක් දැනිලත් නෑ..

ඒත්.... අද අහම්බෙන් දුටු ලෝචි................... මගෙ ආත්මෙම පැහැරගෙන වගේ.... ඒ ලස්සන හිනාව... ඒ කතා බහ.. වැදගත් හැසිරීම්... මේ නේද මම බලාපොරොත්තු වන ලෝකෙ...

අම්මේ........... මෙන්න මෙයා අනිමිස ලෝචනේට සම වැදිල...

හුටා... ලොකු නංගි නේද? මම ගෙදර තිබුනු පොත් මේසෙ පුටුව උඩට වෙලා, කමිසෙත් ගලෝගෙන කවකටු පෙට්ටිය ඕපන් කරගෙන බර කල්පනාවක නේද ඉඳල තියෙන්නෙ කියල තේරුනේ, අපේ නංගිගෙ ටකරන් වීනාවෙ හඬ දෙසවන් පසාරු කලාමයි...

මොකෝ... ප්‍රස්නෙයක්ද ලොකූ...

හම්.. ලොකු ප්‍රස්නයක්.. ඔය වීනාවෙ සද්දෙට මගෙ කන් අඩි දෙක පැලෙන්න එනව...

අනේ යන්ව යන්න... අපි කතා කරාම තමයි කන් අඩි පැලෙන්න එන්නෙ.. අර රෑට තාත්ත බීල කියන ටොප් ටුවෙන්ටි තමුසෙට මිහිරි ඇති...

මම දන්නව.. ලොකූ කියන්නෙ රෑට තාත්ත බීල ඇවිල්ල වපුරණ කුණුහරුප අහගෙන ඉන්න බැරි කමට කියල.. ඒත්, මම කොහොමද ලොකූට තේරුම් කරල දෙන්නෙ.. මට අතක් උස්සන්න හෝ හානියක් දනුවමක් කරන්න හෝ බැරි ඒ මගේ තාත්ත නිසා කියල.. ලොකූට තාම තේරෙන්නෙ නැතිවත් ඇති ඒ දේ...

මොනව උනත් ඒ අපේ තාත්ත ලොකූ... කරන්න දෙයක් නෑ.. ඉවසන ඇරෙන්න.. අපි මොකක් හරි ලොකු පවක් කරන්න ඇති ලොකූ.. මෙහෙම දුක් විඳින්න..

  (මගෙ කටින් අහම්බෙන් වගේ පිටවුනු ඒ වටන වල තිබුන බර ලොකූට දැනිල කියල මම දැන ගත්තෙ ලොකූගෙ කඳුලුකැටයක් සිමෙන්ති පොලවට වැටෙනව දකිද්දි..)

පව්.. කොල්ලෙකුට වඩා කෙල්ලෙක් මේ වගේ අවස්තාවල කොයි තරම්නම් අසරණද?

කරුවලේම වත්ත පහල ලිඳට ගිහින් නාල ගෙදර ආවෙ තියෙන දෙයක් කාල හෙට තියෙන විශයට සූදානම් වෙන්න. ලොකූ..

අදනම් බත් නෑ.. හාල් හුන්ඩු දෙකක් තියනව හෙට උදේට උයන්න. රෑට මේව තමයි...

අම්ම මගෙ අතට රතු බතල අල කීපයක් දාපු පිඟාන ගෙනත් දුන්නෙ ගොඩක් අසරණ විදියට..

අඩේ... පට්ටනෙ.. බතල එල කෑමක්නෙ අම්මෙ..   අම්මවත් හිනා ගස්සමින් මම කීවෙ බතල වලට තියෙන ආසාවටම නෙමේ.. කොහොමත් මම ගෙදර අයට මම දුක් විඳිනව, වි‍ඳෝනව කියල ඇ‍ඟෙව්වෙ නෑ...

කෝ... ලොකුයි සිඟිතියි දෙන්න.

අන්න කුස්සියෙ කනව.. කොහොමද... විභාගෙ ලේසිද?

හම්... අවුලක් නෑ....

මම හැමදාම මට මොනව කන්න ගෙනාවත් ඉස්සරලම බලන්නෙ ලොකුයි සිඟිතියි දෙන්න කෑවද කියල.. පොඩි නංගිට අපි ආදරේට කීවෙ සිඟිති කියල... ඒ වගේම අම්මගෙ කෑම පිඟාන ඇරල බලන්නත් මම අමතක කරන්නෙ නෑ.. හුඟික් වෙලාවට ඒ දේ කරන්නෙ මම හොරෙන්... මොකද මම දන්නව අම්ම ගොඩක් වෙලාවට උයන්න හාල් එහෙම ගෙදර නැතුවම, මට තියනව උඹල කාපල්ල කියල, අම්ම අපට තියන බත් ටික බෙදල දීල බඩගින්නෙ ඉන්නව...
සමහර දවසට එයා කන්නෙ අපි කන්න බැරුව ඉතිරි කලොත් ඒ බත් ටිකක් හෝ දන්කුඩ ටිකක්..

ලොකුයි සිඟිතියි කුස්සියෙ බතල කනව..

පිඟානෙ තිබිනු බතල අල හතරෙන් ලොකුම අලේ දෙකට කඩල දෙන්නගෙ පිඟින් දෙකට දාල ඔලුව අතගාල මම ආවෙ අම්මගෙ පිඟාන බලන්න..

වෙනද වගේමයි.. පිඟානට බෙදලත් නෑ..

පුංචි අයින් කෑලි 3ක් මුට්ටියෙ අඩියෙ තිබුනෙ.. පව්.. මොනව උනත් අම්ම කොයි තරම්නම් දුක් විඳිනවද? මම මගෙ පිඟිනෙ තිබුනු අනිත් ලොකුම බතල අලේ මුට්ටියට දාල එතනම පිඟානෙ ඉතුරු අල කෑලි දෙක ගිල දාල පිඟාන හේදුවෙ අම්ම දකී කියල..

කිරි අප්පට බල්ලො පැනපි කීවලු... මමීට මාට්ටු නොවැ...

දත් තිස් දෙකම පෙන්නල මම ගෙට රිංඟ ගත්තත් මගෙන්න අම්මට අම්මගෙ ඇස් වලින් පැනපු කඳුලුනම් හංග ගන්න බැරි උනා...

පාඩම් කරන්න තරම් මහා ලොකු දෙයක් මට තිබුනෙ නෑ.. මොකද මම දිනයට දෙන පාසැල් වැඩ කොටස එදාටම පාඩම් කරල ඉවර කරන නිසා මට විභාගෙත් නිකම් කිරි කජු වගේ තමයි...

ඔන්න ඔහෙ ඕනෙ එකක් කියල අම්මගෙ හිත හැදෙන්නත් එක්ක පොත අතට ගත්තෙ පොඩ්ඩක් පාඩම් කරන්න..

මේකනම් හරිම ආංජමිකයි... දෙයියනේ... පොත පුරාම ලෝචිගෙ රෑප... මම හිතුවෙ මට වැරදිලා ලෝචිගෙ පොතක්වත් ගෙදර ගෙනල්ලද කියල... දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ කීවලු... බිත්තියෙත්‍ ලෝචි නේද, දැන්නම් ඉතින් ලෙඩේ හොඳටම උත්සන්න වේගෙන එන්නෙ... බෙහෙතක් නොගත්තොත් නම් සන්නිපාතෙට එන්නත් පුලුවන්..

මට හිතුනෙ එහෙම..
ඇයි දෙයිය‍නේ... අහිංසක, සුමට, සුවච කීකරු කෙල්ලෙක් දැක්කම මෙහෙම ලෙඩක් හැදුනම කොල්ලො කියන්නෙ ඒක ලව් මේනියාවද මොකක්ද කියලනෙ.. මටත් ඒකද කොහෙද?

මම කවදාවත් ආදරේ සෙව්වෙ නැති උනාට මට අවශ්‍යම කරන බොහෝ ‍දේ අතර ආදරේ තිබුන කියල මම කලින් ඉඳන්ම දැනන් හිටිය.. ආදරේ කොයි තරම් සුන්දරද? ඒක මොන පාටද? ඒ කිසි දෙයක් මම දැනන් හිටියෙනම් නෑ..

හැබැයි තව දෙයක් මගෙ හිතේ තදින්ම තිබුන...

මං වගේ අන්ත අසරණ දුප්පත් ‍කොල්ලෙකුට කවදාවත් කෙල්ලෙක් කැමති නොවෙන බව මම දැනන් හිටිය..

ඒ මොන දේ උනත් ලෝචිව ඇයි මගෙ හිතින් ඈත් කරන්න බැරි.. මට තිබුනු ප්‍රස්නෙ තමයි ඒක...


පහුවදා උදේ හත වෙනකොට පාසලට ගියේ උ‍දේම ලෝචිගෙ මූණ දැක ගන්න...

ආහ්.......... අන්න අපේ අනංගයා ඇවිත්... වරෙල්ල වරෙල්ල... අද අපට කේක් කන්න හොඳ දවසක්...

(ආ...පෝ...... මේ සජ්ජනම් මගෙ පාසැල් නිළ ඇඳුම ගලවන්නමයි ට්‍රයි එක... ෂැක්... උගුඩුවොත් දැක්ක මේ වගේ උගුඩුවො දැක්කෙ නෑ....)

ගුඩ් මෝනිං ලෝචා....  මොකෝ... උඹේ ස්වීටි තාම පේන්න නැත්තෙ...

මෝනිං මෝනිං...තො‍පි වගේ උගුඩුවො රෑනක් ඉන්න තැනකට ඒ වගේ හැදිච්ච කෙල්ලක් එයිද බං... (මම වැඩිය සජ්ජව ගනන් නොගත්තෙ පොරගෙ තරම මම හොඳටම දන්න නිසා...)

මේ.. ඒක නෙවේ මචන්.. උඹ දන්නව සිරා කතාව...

කියපන්කො දැනගන්න... උඹේ ඔය කොල ‍බොක්කෙ තියන ඒව මම දන්නවයැ..?

හරි හරි බං... දැන් උඹ‍නෙ ලෝචිට ටෝක් කරන්නෙ..

ඔව්….. ඉතින්...?  ඇයි වෙන මොකෙක් හරි හැලපයෙක් ඒකිට ඇහැ දාන්න අරන්ද? ආහ්...
(සජ්ජට මම කීවෙ ටිකක් කේන්තියන්, මොනව උනත් මගෙ පලමු ට්‍රයි එකනෙ අප්පා...)

නෑ නෑ බං... උඹේ ඔය ලෝචිට කාටවත් ටෝක් කරන්න දෙන්නෙ නෑ බං අපි.. අහපංකො කියන්න...

කියපං බං.. තෙපර බාන්නෙ නැතිව...

අපේ රොෂා... අපේ රොෂා අර කළු ළඳට ලයින් ලු නේ...........

අප්පට හුඩු.... අර කළු ගල ද?

මගෙ කතාවට සෙට් එකට හිනා  ගිය පාර හිනාව නවත්තගන්න බැරුව විනාඩි ගානක් බඩ අල්ලන් හිනාව...

මතක් වෙද්දිත් හිනා යනව බං... කොහොමද උඹට ඊයෙ දාපු බැල්ම..
(මම සජ්ජට කීවෙ අතීත සිදුවීම සිහිපත් කරල..)

අනෙ අම්මෝ බං... මමනම් ඔය කළු බඩ්ඩ දිහා ඇහැක් ඇරලබලන්නෙ නෑ... මට නම් හිතෙන්නෙ ඒකි රොෂාව සුප් හදයි බං...

නයි කයිද රොස් පාං කීවලු... රොෂාටම කැපෙන කෑල්ල බං...

හිනාව කොයි තරම්ද කියනවනම් සෙට් එකම කඳුලු එනකම් හිනා වුනා...
ඒයි... අන්න උඹේ පුන් සඳ වඩිනව...
(එකෙක් මට පිටට තටුටවක් දාල කීවෙ අපි සියල්ලන්ගෙම අවදානය ඒ දෙසට යොමු කරමින්..)

ෂහ්.. අද කෙල්ලගෙ ලස්සන.. දුකේ බෑ බං.. උඹ වගේ චිම්පන්සියෙකුට ඒකි ගැලපෙන්නෙ නෑ බං...

ස්ජ්ජ ආයෙත් හැකර කට ඇරියෙ පලාතම ගඳ ගස්සමින්..

ගුඩ් මෝනිං ලෝචන...

ගුඩ් මෝනිං ලෝචි...

ඒයි... මේ...... ලෝචනට විතරද උදෑසන සුභ වෙන්න ඕනෙ... අපිත් මෙතන ඉන්නව ලෝචනා.. ඇයි අපිට ගුඩ් මෝනිං කීවොත් අවුල්ද ඈ...

සජ්ජ කෑගහපි ආයෙත්... අම්මපා... මුගෙ කට කපපු එකාට තිබ්බෙ මුගෙ කට සෙන්ටිමීටරේකට වඩා නොකප ඉන්න...මන් බැන්නෙ ඉවසන් ඉන්න බැරිම තැන...

මෝනිං මෝනිං.. ඔක්කොටම..
ලෝචනා හිනා වෙලා අපේ සෙට් එකට මෝනිං කියල මගෙ දිහා බලල මගෙ මුලු හිතම සසල කරන හිනාවක් මට දීල ශාලාව පැත්තට ගියා...

ෂහ්... මේ වගේ කෙල්ලක් ලබන්නම් පිං පුරන්න ඕනෙ... අද ලෝචනා ඊයෙටත් වඩා ලස්සනයි.. හොඳ සමාජ ශීලී කෙනෙක් වගේ.. නැත්නම් අපේ එවුන් කියන ඒවට නස්කූඥ්ඥ බැල්මක්නෙ දාල යන්නෙ වෙන එකියක්නම්...

ඒයි... අන්න වඩිනවා... රොෂාගෙ කළු ගල...  
අපේ එකෙකුගෙ කතාවට කස්ටියටම බකස් ගාල හිනා පැන්නෙ කෙල්ල අපේ දිහා බලද්දිමයි...

මල හුටප්පරයයි... අදනම් මම සෙත්ත පෝච්චි... මම කැපෙනව ලෝචනයෝ... මම ඇහුවොත් අද ආවෙ නෑ කියපන්...

සජ්ජ සෙට් එකෙන් ශේප් වෙලා ටොයිලට් පැත්තට දීවෙ හරියට මහ සෝන් අවතාරෙට බයවෙලා වගේ...

හායි.... ගුඩ් මෝනිං නංගි...

නංගි... හහ්....
 (එහෙම කියාගෙන රොෂාගෙ මෝනිං පාරට ගස්සගෙන යන්න ගියෙ රොෂාගෙ මූඩ් කනපිට පෙරලල...)

ඒ බං... හරියට පූලම අතෑරුන වැඳිරියක් වගේනෙ බං... මෝනිං කියපුවම මෝනිං වත් කියන්න දන්නෙ නෑනෙ..

අපේ එකෙක් ඒ වෙලාවෙ රොෂාට කීවෙ ගොඩක් සීරියස්... මොනව උනත් රොෂාගෙ මයින්ඩ් අවුල් ගැහුව කියලනම් අපට හොඳටම තේරුනා...

උඹට ඒ කෙල්ලම ඕනෙද බං.... මම රොෂාගෙ කරට අතක් දාගෙන ඇහුවෙ අවංකවම...

ම්... මම ඒ කෙල්ලට කැමතියි බං... ඒ නපුරුකම් වලට මම හරි ආසයි... පුලුවන්නම් ඒකිව සෙට් කරල දියන්කො ලෝච....

හරි... දැන් වෙලාව හරි... යමන් එක්සෑම් හෝල් එකට... මම හවස උඹට ප්ලෑනක් කියන්නම්... අනිව මම ඕක උඹට සෙට් කරනව.. ඉවසපන්...

රොෂාගෙත් හිත හදල සෙට් එකම හෝල් එකට ගියෙ පේපර් එක ගොඩ දාන්න හිතාගෙන....

තවත් කොටසක් බලාපොරොත්තු වන්න....
මෙම කථාවේ සියළුම හිමිකම් FreeGetLanka සතු වන අතර අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් වේ.....
ඔබගේ අදහස් අපගේ සාර්ථකත්වයයි...
ඔබගේ අදහස් පහලින් කියලම යන්න....

Saturday, September 28, 2013

පිටසක්වල (3 කොටස)

2 කොටස හා බැ‍ඳේ...

"මේ සිද්ධියෙන් පසු මට අමුතු හැඟීමක්‌ ඇති විය. මගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය ගැන මට අමුත්තක්‌ දැනුණ අතර මානසික වශයෙන්ද විස්‌තර කළ නොහැකි අපහසුතාවක මම සිටියෙමි. අහසේ නිල් පැහැය ඉතා සුන්දර බව මට හැඟින. මම හිටි හැටියේම අන් අය ගැන මහා කරුණාවකින් කටයුතු කරන්නට පටන් ගතිමි. මගේ ජීවිතය වෙනස්‌ වී තිබිණ.
"මේ සිද්ධියෙන් මාස තුනකට පසු මගේ ඔසප් චක්‍රය දින 27 කට වරක්‌ නොව දින 50 කට වරක්‌ දක්‌වා ප්‍රතිසංවිධානය වී ඇති බව මම දැන ගතිමි. මගේ ගැබ ක්‍රමයෙන් විශාල වන්නට විය. ඒ අතර නාඳුනන අවකාශ වස්‌තුවක්‌ මට හමු විය.

"මා හදිසියේම ලෝහයෙන් කළ කාමරයක්‌ තුළ සිටින බව මම දැනගතිමි. අලුපාට ඇඳුමින් සැරසුණු ජීවී මිනිසුන් 11 දෙනෙක්‌ එහි සිටියහ. කාමරය තුළ මා වැතිර සිටියේ ඇඳකය. මා දරු ප්‍රසූතියට සූදානම් වන බව මට මතකය

 මගේ ඇනෙක්‌ දරුවන් සිසේරියන් සැත්කම් මගින් පිටතට ගත්තද මෙය ස්‌වාභාවික ප්‍රසූතියක්‌ විය. අනතුරුව මට නින්ද ගියේය. මා අවදිවන විට දුටුවේ පිටසක්‌වල ජීවියකු බිලිsඳු දරුවකු අත තබාගෙන සිටින හැටිය. මේ දරුවා මගේ දරුවා බව මගේ හිත කීවේය.  

දරුවා මහත් ආදරයෙන් මා දෙස බැලූ බව මට වැටහින. මේ දරුවා පෘථිවි වාසීන් ගන්නා ආහාරවලට හුරුනැති නිසා ඔහු මට භාරදිය නොහැකි බවද ඔවුහු මට කීහ. මම දරුවා වඩා ගතිමි. ඔහු තද කරගෙන අල්ලා ගතිමි. පසුව පිටසක්‌වල මිනිස්‌සු මා කිසියම් දොරටුවක්‌ වෙත ගෙන ගියහ. ඉන් පිටතට බැස්‌සවිට මට තේරුම් ගියේ මා මෙතෙක්‌ වේලා සිටියේ විශාල පියාඹන පීරිසියක්‌ තුළ බවය. 

"අවස්‌ථා කිහිපයකදීම මේ පිටසක්‌වල පිරිස මගේ දරුවා රැගෙන මා වෙත පැමිණ ඔහු මා අතටදී මා අහසින් ගෙන ගියහ.  

ඔවුන් මා ගෙන ගියේ අන් තැනක නවතා ඇති පිටසක්‌වල යානය වෙතය. ඔවුන් මා එහි ගෙන ගියේ යානයකින් නොවේ. අප සියලුදෙනාම නිකම්ම අහසේ පාවී ගියෙමු. මම දරුවා තරයේ තුරුළු කරගෙන සිටියෙමි. ඒ අතර ඔවුන් මගේ සිරුරේ විවිධ තැන් ගැන පරීක්‍ෂණ කරන්නට වූහ. එය පීඩාවක්‌ වුවද දරුවා බිම වැටෙතැයි සිතා මම තරයේ ඔහු අල්ලාගෙන සිටියෙමි. ඔවුන් මේ පරීක්‍ෂණය කරන්නට ඇත්තේ පෘථිවියේ මවුවරුන් දරුවන් වෙත දක්‌වන සෙනෙහස තක්‌සේරු කිරීමට විය යුතුය. පීඩාවකදී මව දරුවා අත් නොහරින බව ඔවුන් වටහා ගන්නට ඇත. (Willie Durand Urbina, Puer to Rican Reserch Group වාර්තාවක්‌ ඇසුරිනි).
මීළඟට අප ඔබට කියන්නේ මිලාගොස්‌ ග්‍රාසියා (Milagros Garcia) ගැනය. ඇයද ලතින් ඇමරිකාවේම පුවර්ටෝරිකෝ ජාතික කාන්තාවකි. ඇය මනුෂ්‍ය සහ පිටසක්‌වල ජීවී ලක්‍ෂණ ඇතුළත් හයිබ්‍රිඩ් කාන්තාවකි. ඇගේ සිරුරේ ඇති DNA යම් තරමකට මනුෂ්‍ය ස්‌වභාවයක්‌ ගත්තද වැඩි වශයෙන් ආගන්තුකය.  

තමන් පිටසක්‌වල ජීවියකුගේ දරුවකු බව ඇය කියයි. එහෙත් වෛද්‍යවරුන්ට ඇගේ පිටසක්‌වල කතාව "ප්‍රලාපයකි. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ මිලාගොස්‌ ග්‍රාසියාගේ සිරුරේ DNA වල ආගන්තුක ස්‌වරූපයට හේතු සෙවීම ය.
අපගේ ඊළඟ කතාව ඇමරිකාව් ඔහායෝ ප්‍රාන්තයේ New Paris නගරයේ ඕමෙනස්‌ ඔනස්‌ (Omnec Onec) ගැනය. තමා වසර 264 කට පෙර පිටසක්‌වලදී උපත ලබා 1955 දී පෘථිවියට පැමිණි බව ඇය කියයි. Venus හෙවත් සිකුරු ග්‍රහයා මත පිහිටි ටියුටෝනියා නගරයේ හැදී වැඩුණු බවත් ඇය කියයි. (මේ නම ඇති නගරයකට හිට්‌ලර්ගේ ජර්මානු විද්‍යාඥයන් පිරිසක්‌ ගිය බවට කතාවක්‌ පිටසක්‌වල ජීවය පිළිබඳ පුරාවෘත්ත ක්‍ෂේත්‍රයේ තිබේ.)  

වීනස්‌ ග්‍රහලෝකයේ ජීවත් වූ කාලයේදී තමන් සතුව බාහිර ස්‌වරූපයක්‌ හෝ ශරීරයක්‌ නොතිබුණු බවත් මනෝකායයක්‌ පමණක්‌ තිබූ බවත් ඇය කියයි. සිය නායකයාගේ අණ පරිදි පසු කාලයේදී පෘථිවියට පැමිණි තමා ඊට ස්‌වල්ප වේලාවකට පෙර බස්‌ අනතුරකින් මියගිය හත් හැවිරිදි දැරියකගේ සිරුරට ඇතුළු වූ බවද කියයි.

 ඊළඟට පණ ලබා නැවත නැඟිටින දැරිය ඇගේ මිත්තණිය විසින් ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ චත්තානුගා ප්‍රදේශයේදී හදා වඩා ගනු ලැබේ. එහිදී ඇය කිසි දිනෙක වීනස්‌ ග්‍රහයා ගැන කතා කරන්නේ නැත. පෘථිවියට ආදේශ වීමත් සමගම බලපවත්වන්නට පටන් ගන්නා ස්‌වකීය කර්මානුරූප අතීතය (වෙබ් අඩවියේ මෙය සඳහන් වන්නේ Karmic Past ලෙසය.) සමඟ සටන් කරමින් ඇය ඉදිරියට යයි. ඔමෙන්ස්‌ කියන පරිදි වීනස්‌ ග්‍රහයාගේ සිට පැමිණි ඇගේ මනෝ කායට මනුෂ්‍ය පැවැත්ම පුරුදු කරන ලද්දේ තිබ්බතයේ ඉපැරැණි ආශ්‍රමයක්‌ තුළය. 1990 දී ඇය ස්‌වකීය බහුවිධ ග්‍රහලෝක අත්දැකීම් ඇසුරින් agoracosmopolitant නමැති කෘතිය පළ කළාය.
පිටසක්‌වල ජීවීන් ලෙස පෙනී සිටින පෘථිවි වාසීන් අතුරින් වඩාත්ම තර්කානුකූල සහ වඩාත්ම විඥනවාදී තොරතුරු සමූහය ඇත්තේ ඔමෙන්ස්‌ සතුවය.  

අහසේ සෞරග්‍රහ මණ්‌ඩලයේ වයසින් බාලම ග්‍රහ වස්‌තුව පෘථිsවිය බවත් එය වටා භ්‍රමනය වන එකම එක චන්ද්‍රයා නිසා පෘථිවිය මත විවිධ අසමතුලිතතා හට ගන්නා බවත් ඇය තම ග්‍රන්ථය මගින් කියයි.  

අහසේ ග්‍රහ මණ්‌ඩලයේ ඇති සෙසු ග්‍රහලෝක සහෝදර සමූහයක්‌ ලෙස ක්‍රියා කරන බවත් මෙයට වසර දස දහස්‌ ගණනකට පෙර විනාශ වූ අත්ලන්තිස්‌ (Atlantis) සහ ලෙමුරියා (Lemuria) ශිෂ්ටාචාර පැවැති යුගවලදී පවා පෘථිවිය කෙරෙහි පිටසක්‌වල වාසීන්ගේ අවධානය යොමු වී තිබූ බවත් එම ග්‍රන්ථයේ සඳහන් ය.  

ඇයට අනුව වීනස්‌ ග්‍රහලෝකයේ ඇත්තේ ඕම් නෝෂියා සේඩියා (Om Natia Zedia) නමැති උත්තරීතර දෙවියන්ගේ නීතිය ය. මේ ග්‍රහලෝක මත ඇත්තේ හඬ පමණක්‌ ඇති භෞතික දේහයක්‌ නැති මනෝකායයන්ය.  

මේ මනෝකායයන් විවිධ ග්‍රහලෝකවල පහළවෙමින් පුනරුත්පත්තිය ලබන බව ඇය පෙන්වා දෙයි. පෘථිවි වාසීන්ගේ සිරුරු තුළ ද එම මනෝකායයන් පුනර්භය ලබන අවස්‌ථා ඇති බව අය කියයි.
කෙසේ වුවද වීනස්‌ ග්‍රහයාගේ දෙවියන්ගේ නමෙහි මුලට එන "ඕම්" යන්න විශ්වය බිහිවීමේදී උපන් පළමුවන ශබ්දය බවට හින්දු විශ්වාසයක් ඇත.
උපුටා ගැනීම:
දිවයින පුවත්පතේ පළවු ලිපියකිනි.
www.geek.lk සාකච්චාවක් ඇසුරෙන 

Thursday, September 26, 2013

පිනි මත බඹරු (02 කොටස)

ලෝචන... මචන් කොහොමද එක්සෑම්...?

හප්පා... කියල වැඩක් නෑ බන්... මටනං ගේමක් තිබුනෙම නෑ... එකෙම්ම පාස්... දාන්නවනෙ ඉතින්...

ඔව් ඔව්.. උඹ ඉතින් කොහොමත් මීටරේනෙ බං.. අපිටනම් හොඳට ඇනුන බං...

(මුං වෙඩිමක් කතා කරනව.. මං නෙ දන්නෙ උත්තර ටික මතක් කර ගන්න මොලේ ඉස්මොල්ලෙ දාගෙන තටමපු විදිය...)

මේ.. යමුද මචන් වැව පැත්තෙ..රව්මක් දාන්න...

එක්සෑම් ඉවර වෙලා වෙනද පුරුද්දටම වගේ පාසලට මදක් නුදුරෙන් වූ වැව පැත්තට යන්නට එකෙකු යෝජනා කලේ කස්ටියම හෙට උදේ 8.30 වෙනකම් එක්සෑම් ගැන නොහිතන වග හොඳින්ම දන්න නිසා..
යමං යමං...

ඒ.................... අඩෝ... කවුද බං අර කිරිල්ලියො සෙට් එක?

මොන කිරිල්ලියොද හාවො... අඩුම තරමෙ වැහි ලිහිණියෙක්වත් පේන්න නෑ...

ගොං වස්සො... මම කීවෙ අර ඈත ඉන්න කෙල්ලො සෙට් එක ගැන...

(අපට ඇවිදන් යන දිශාවෙහිම අපට මීටර් 100ක් පමන දුරින් නාඳුනන පාසලක ගැහැණු ළමුන් පිරිසක් පෙන්වමින් මම කීවෙ රොෂාන් ගෙ ඔලුවටත් එකක් ගහල..)

ආහ්... ඔය ආර බාලිකාවෙ කෙල්ලො ටිකනෙ බං...

ෂැහ්... අපරාදෙ බන්... දැන්නෙ මතක් උනේ... අර උදේ ආපු කෙල්ල... මට ඒකි ඉන්න ඉස්කෝලෙ වත් හොයා ගන්න බැරි උනානෙ....

ඉස්කෝලෙ හොයන්නෙ මොන වෙඩිමකටද ඌරො... ටයි එකෙන් අඳුන ගත්තැකිනි...

අඩෝ රොෂා.. සිරා බං මම කියන්නෙ... මට ටයි එක මතක නෑනෙ බං...

ඔව් ඉතින් උදේ කෙල්ල දැක්ක වෙලේ ඉඳන් උඹ හීන දකිනවනෙ... උඹ හීනෙන්ද බං එක්සෑම් ලීවෙත් ලෝචා................

අනේ මන්ද බන්... මං ඒ කෙල්ල දැක්කම මගෙ ඇ‍ඟේ මයිල් ස්මයි උනා බං... පට්ට ලස්සන කෙල්ල බං..

ෂැහ්...කොහෙද ඉතින් උඹ රබර් ඇහැ දාපු නිසා අපිත් ‍ලයින් නොදා හිටිය... නොහැකියාව කීවනම් අපිවත් වැඩක් කර ගන්නවනෙ බං...

ඒ... ලො‍්ච............ අර ඉන්නෙ ඒ කෙල්ල නේද බං.............

අපේ සෙට් එකේ හිටපු ටිකක් උසින් වැඩි සජිත් කීවෙ ගෑණු ළමුන් සිටි දිහාවට ඇඟිල්ලක් දික් කරල...

මොකක්... අඩේ... පට්ට බං... යමං යමං... ගිහින් ටෝකක් දාමු...
අපේ ජිරාෆ් කොළුව මාර වැඩ්ඩනෙ... එහෙනම් ලෝචනටත් කලින් කෙල්ලව අඳුන ගත්ත...

අඩෝ මේතන කැත ටෝක් එපා බං... ඒ ලෝච ගෙ ට්‍රයි එක... මම ඕවට උදැල්ල දාන්නෙ නෑ බං... අනික ඒකි මට වඩා අඩි ගානක් මිටියි... (සජිත් රොෂාන්ට කීවෙ මදක් තරහින්..

හරි හරි මේ.... උදලු බැරිනම් අලවංගු හරි දා ගනිල්ල පස්සෙ... දැන් යමංකො කෙල්ලො ටික ටිකක් බයිට් කරන්ඩ...


මම එහෙම කියාගෙන ඉස්සර උනේ අපේ එවුන් තර්ක කරන්න පටන් ‍ගත්තොත් අද මෙතන විසුමක් නොවන වග හොඳින්ම දන්න නිසා...

ගෑණු ළමුන් 6 දෙනෙකුගෙන් පමන සමන්විත ඔවුන්ගේ කන්ඩායමේ සියලු දෙනාම බාලිකා විද්‍යාලයේ අය බව ටයි එකෙන් හැඳින ගත හැකි විය..... ඔවුන් නාන මංකඩක අඩක් බැසගෙන එකනෙකා සමග ඕපාදූප කියමින්(ගෑණු ළමයි ඉතින් වෙන මොනව කියවන්ඩද නේද? ඒකයි ඕපාදූප කීවෙ ඈ) හිනා වෙමින් සිටියා මිස අප ආ වගක් ඔවුන්ට නොවැටහිනි...

හප්පා............. කකුල් දෙකත් රිදෙනව... මේ ගලේ වත් වාඩි වෙමු බං....

ටිකක් හයියෙන් කෙල්ලන්ට ඇහෙන්න කියාගෙන රොෂාන් වාඩි උනේ මටත් ඇසකින් ඉඟි කරගෙන...

හයියෙන් ආ හුළඟක් අප සියල්ලක්ම වැව් ඉවුරෙන් බිමට ඇද දමන්නට ගත් උත්සාහයක් අප ව්‍යර්ථ කර ගත්තේ ඉතා අසීරුවෙනි... සුලියක් මෙන් ආ ඒ හුළඟ ගැහැණු ළමයි අසලින් ඇදෙන්නට වූයේ ඔවුන්ගේ අකීකරුහිසකෙස් අවුල් කරමිනි... 

හප්පා............ ගල රත්වෙලා බං....

සජිත් කෑ ගැසුවෙ ගෑණු ළමුන් දෙස බලාගෙන... බොහෝ සේ ඉහලට ඇදුනු ගවුම හදාගන්නට වෙහෙසෙමින් ලැජ්ජාවෙන් මූණ රතුකරගෙන මා දෙස බලගෙන පහතට නැමෙන උදේ දුටු සුරංගනාවිව මම දැක්කෙ ඒ වෙලාවෙ...

සජ්ජො... ඔය හැකර කට වහ ගනින් බං... අර කෙල්ලට ඇහුනද දන්නෙත් නෑ...

ඇහුනාවෙ ලෝචයො... ඇහෙන්ඩ තමයි කීවෙ... අපි උන්ට මුකුත් කීවයැ... මම කීවෙ ගල රත්වෙලා කියල...

යකෝ.. උන් හිතයි උන්ට කීව කියල...

මීමො... මම කීවෙ මේ කළු ගල රත්වෙලා කියල...

සජ්ජ ආයෙත් කෑ ගැසුවෙ පෙරටත් වඩා හඬ උස් කරල...

ඒ පාරනම් සජ්ජට හරි වගේ... එතන හිටපු කළු කෙල්ලක් කරකවල රවල බැළුවෙ සජ්ජගෙ රීරි මාංශ උරා බොන්ඩ වගේ...

හප්පොච්චියේ... කළු ළඳගෙ තියන ගනං... ඔන්න මචන්... ආයෙනම් මම ඕකුන් ඉස්සරහ කෑම කන්නවත් කට අරින්නෙ ණෑ...

සජ්ජකීවෙ හොඳටම බයවෙලා වගේ... ඇති යන්තම්... මුගෙ හැකර කට වහ ගත්ත...

මේ... සජියො... ඒක නෙමේ.. වරෙන්කො යන්න අර කෙල්ලට ටිකක් කථා කරන්න

උඹ පලයන්.. දැන් මම ඔතනය ගියොත් මගෙ බොඩි පාට්ස් කොහෙන් ආනයනව කරන්න වෙයිද දන්නෙ නෑ...

පිස්සු නැතුව වරෙන් බන්.

මම නාන ‍තොටුපලට සජිතුත් එක්ක බැස්සෙ අනිත් සෙට් එකට වාඩි වෙලා ඉන්න ඉඩ ඇරල.. 

මේ නංගිලා මාළු අල්ලනවද මෙතන...

 සජිය කීවෙ කෙල්ලො ටික කථාවට අල්ල ගන්න හිතාගෙන... 
කොහමත මුගෙ හැකර කට ඇරියොත් ඉතින් පලාතක් ඉවරයි...

නෑ අයියා... අපි මේ පීනනව... නැද්ද ලෝචි....

 (කෙල්ලො සෙට් එකේ අර උදේ දැකපු සුරංගනාවිට එකියක් එහෙම කීවෙ සජ්ජග බෙල්ල මුලින්ම කපල දා‍ල..)

ෂැහ්... විලි හැත්තෑවයි... දැන්නම් ඉතින් නාලම තමයි යන්න වෙන්නෙ...

(මට දැනුනෙ දරා ගන්න බැරි තරම් ලැජ්ජාවක්... ඒ මදිවට කෙල්ලො ටික කැපිල්ල දාල හිනත් වෙනව කැකිරි පල පල)

ආ...හ්...... උඩුගං බලා වෙන්න ඇති නේද නංගි....

සජ්ජත් ගේම අතඅරින පාටක් නෑ වගේ... මට මුකුත් කියන්නත් බෑ.. අර කෙල්ලත් ඉන්න නිසා... නොකියත් බෑ...

ඇයි අයියත් එන්නද අහන්නෙ.....

ෂැහ්... ආයෙත් කඩු පාරක් නේද?

ආවට කමක් නැද්ද දන්නෑ නේද නංගි....

යකෝ... සජ්ජ මං හිතුවට වඩා එල පොරක්නෙ... මූ ගේම අතාරින්නෙම නෑ වගේ...

අයියෝ.. අයිය... වැවේ කොහෙද කමත්... ඒකට හොයන් යන්ට වෙලක්....

එකියක කීවෙ ටිකක් ගැමි බවක් ආරෝපනය කරගෙන... සියල්ලන්ම තවත් හිනා ගස්සමින්... 

ඒත් ලෝචි නම් වූ ඒ අහිංසකාවි නිහඬව සියල්ල දෙස බලන් හිටිය...
හප්පොච්චියේ... දැන්නම් ඉස්කෝලෙ යුනිෆෝම් එකත් ගැලවිලා යයි වගේ සජ්ජගෙයි මගෙයි...

නංගිට තේරෙන්නෙ නෑනෙ... කල් ගතවෙද්දි වල් බිහිවෙනව කියල... අන්න ඒයි ප්‍රස්නෙ...

ඒ පාර සජිය දුන් ටෝකටනම් කෙල්ලො ටික සැලෙන්ඩර් වගේ... අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතන් මම වැඩේට එන්ටර් වෙන්න තීරනය කලා...

ඒ... ඔයාල වගේ නැහැදිච්ච යාළුවොත් එක්ක ලෝචි වගේ වැදත් ළමයෙක් කොහොම ඉන්නවද මන්ද?

කොහොද බං මේ උදවියගෙ තව හැදෙන්න තියෙන්නෙ...

(යකෝ.. සජ්ජ ෆෝම් වෙච්ච පාර මූ මටත් කපනවනෙ...)

හා හා හා................ එහෙනම් මෙයා නමත් හොයාගෙන.....

කෙල්ලො ටික තාලෙකට වගේ එකට කීවෙ මට හින්ට් එකක් පාස් කරන්න... ලෝචි නම් මූණ රතු කරගෙන බිම බලාගත්ත...

ගන්න ඕනෙ පුරුෂ ෂක්තිය ඇඟට...  

නෑ නෑ නෑ..................... නංගිලමනේ.... අපට ඇහෙන්න එයාට ලෝචි කීවෙ...

හරි හරි... අපි පරාදයි කියමුකො.... දැන් මේ අයියලගෙනම් මොනවද?
එකියක සියල්ල වෙනස් මගකට යොමු කරමින් ඇහුවෙ සිරාවටම කියල මට තේ‍රුන...

මේ සජිත්... මම ලෝචන....

ලෝචන...............................?????”

කට්ටිය කීවෙ පුදුමේන් වගේ...

ඔව් ලෝචන.. ඇයි පුදුමෙන් වගේ... අවුල්ද?

ලෝචන... ලෝචනා.... කිසී අවුලක් නෑ... මරු ජෝඩුව...

(ඔන්න මට කෙල්ලන්ගෙන් ආයෙත් නෝන්ඩියක්)

අප්පට සිරි... එහෙමද?

සජ්ජ මැදට පැන්නෙනෙ ආයෙත්...

නෑ නෑ අයිය... අප්පටසිරි නෙමේ... ලෝචනා... ලෝචනා...කෙල්ලො ටික අද සජියව සුප් හදයි වගේ...

මේ ඒක නෙමේ අයියා... ඔයාල මේ තර්ඩ් ෂයි ද?

මොකක්... අපි මේ ෆස්ට් ෂයි... ඇයි එහෙම ඇහුවෙ..

මම ඇහුවෙ ටිකක් අවුලෙන්... මොනව උ‍නත් අපි නාකි ගනේට වැටෙන්න බෑනෙ... මූණත් තහඩුවවත් අවුල්ද දන්නෙ නෑ අපේ...

නෑ නෑ... අපිට මේ නංගි නංගි කියද්දි අපි හිතුව මේ වයසක සෙට් එකක් කියල...

හප්පොච්චියෝ...... මෙහෙමත් නෑමක්නම් ජීවිතේට නාල නෑ... ලෝචි ගෙ කටින් හිකිස් ගාල හිනාවක් පැන්නෙ කෙල්ලන්ගෙ ඒ කථාවට වෙන්න ඇති... මොනව උනත් ඔයා හිනා වෙනකොට හරි ලස්සනයි සුදූකියල කියන්න හිතුනත් මට ඒහෙම අයිතියක් නෑනෙ..?

යමු යමු... වෙලා ගිහිල්ල තියෙන්නෙ.. නැත්තං ගෙවල් වලින් හොයන්න එයි...

ෂැහ්... කෙල්ලො ටික යන්න වගේ... අපරාදෙ... ලෝචිගෙ මූණ බලන්න තිබුනනම් තව ටික වෙලාවක් හරි... ඒත් ඉතින් මම එහෙම හිතුවට ඒ කෙල්ල මාව සත පහකට ගනන් ගන්නෙ නැතිව ඇති..

අපි යනව ලෝචන... සජිත්... එහෙනම් අපි යන්නම්.. තව වෙලා ගත්තොත් ගෙදරින් හොයන්න එයි... බායි...

 කෙල්ලො ටික ගොඩාක් ලඟින් ඇසුරු කරන දන්නා හඳුනන යාළුවන්ට මෙන් අපට සමු දී යන්නට හැරුනි...ලෝචි මා දිහා බලා අහිංසක විදහට හිනා වුනේ, සමු ගන්නට අවසරයි කියන්නාක් වගේ...

කෙල්ලො ටික යන තුරුම සජියත් මමත් ඒ දෙස බලන් හිටිය.. මීටර් පනහක් පමන ගිය පසු ලෝචි ඇවිදින එක නවත්තල හොමිහිට ආපහු හැරිල බැලුව... අනිත් කෙල්ලො ටිකත් ආපහු හැරුනෙ ලෝචිට නොදැනෙන්න....

අපේ කෙල්ලට ලව් සන්නිපාතෙ හැදෙන්න වගේ... හෙට හම්බවෙමු... කෙල්ලො ටික කෑ ගැහුවෙ ලෝචිගෙ හැඟිම් අපට පැහැදිලි වෙන්න වගේ...

ලෝචය... මචන්... කෙල්ල උඹට කැමතියි වගේ... එල මචන්.. අපි කෙල්ලව ගොඩ දාමු...

කවුද බං දන්නෙ හරියටම...

 මම එහෙම කීවෙ සජ්ජගෙ හැටි හොඳටම දන්න නිසා.. උදව් කරද්දි සීරියස් උනාට පස්සෙ මමම එපැයි මුන්ට බයිට් වෙන්න...

තවත් කොටසක් බලාපොරොත්තු වන්න...
මෙහි සියළුම හිමිකම් FreeGetLanka සතු වන අතර උපුටා ගැනීම සපුරා තහනම් වේ....