4:09 AM
දිනුක – ”මතකද සමන් ! අපි දෙන්න ඉස්කෝලෙ යන කාලේ රණ්ඩු උනා ලොකු උනාම
කවුද ලොකුම ලොක්ක වෙන්නේ කියලා.. ”
සමන් – ” ඔව් දිනුක , එදා මම ඔයාත් එක්ක රන්ඩු උනා ඒක කරන්නේ මමයි
කියලා.ඔයා පන්තියේ අන්තිම වෙනකොට මම ඔයාට නෝන්ඩි දැම්මා.ඒ පොඩි
කාලේ නිසා දිනුක”
දිනුක – ” මම ඔයා එක්ක කේන්තියෙන් හිටියේ පොඩිකාලේ..ඔයා මට හැමදාම නෝන්ඩි
දාපු නිසා.ඔයා හොදට ඉගනගෙන කොලඹ ඉස්කෝලේ ආවා.ඔයා ගියාට
පස්සේ මගේ ජීවිතේ වෙනස් උනා.මගේ තාත්තා නැති උනා.පවුල රකින්න වෙන
විදියක් තිබ්‍බේ නෑ.අම්මයි අක්කල දෙන්නයි නංගිවයි රකින්න මම යුධ
හමුදාවට බැදුනා”
සමන් – ” ඔවු මම හොයල බැලුවා ! එතකොට ඔයා ආර්මි එකට ගිහින් කියලා දැනගන්න
ලැබුනා . එදා මට තේරුනා ඔයා ගොඩක් ලොකු පරිත්‍යාගයක් කරලා
තියෙන්නේ කියලා ”
දිනුක – ” මම මුලතිව් සටනට කෙලින්ම සම්බන්ධ උනේ මගෙ මොරාල් එක එදා ඉදන්ම
ඔළුවේ ලොකුවට තිබුන නිසා..ඒත් මාව බෝම්බයකට අහුවෙලා මගේ කකුල
නැති වෙවි කියල ලොකුවට හිතේ තිබ්බේ නෑ..රට වෙනුවෙන් ජීවිතය හරි පූජා
කරන්නයි මම හිතාගන හිටියේ.”
සමන් – ” ඔහොම කියන්න එපා දිනුක !! මගේ හිත වාවන්නේ නෑ.. රට වෙනුවෙන්
තමන්ගේ ශරීරයෙන් බාගයක් පූජා කරපු ඔයාගේ වෛද්‍යවරයා වෙන්න
ලැබුනු එක මම කරපු ලොකු පිනක්”
දිනුක – ” මටත් එහෙමයි කවදාවත් හිතුවේ නැති විදියට ඔයයි මායි ආයෙත් හමු උනා.
ඉස්සර වගේ නෙවේ රටට වැඩක් කරන ලොකු මිනුස්සු දෙන්නෙක් විදියට”
සමන් – ” නෑ දිනුක!! මම වෛද්‍යවරයෙක් උනාට ඔයාලා අපිට ඉන්න රටක් බේරලා
දුන්නා.මට වඩා ඔයා රටට ලොකු සේවයක් කරල තියනවා.අපේ රට බේරුනේ
ඔයාලා වගේ රත්තරං කොල්ලෝ තමන්ගේ ජීවිත පූජකරල රට වෙනුවෙන්
කැප උන නිසා .. ඔයයි ලොකුම ලොක්කා ! ”
රණවිරුවාගේ දෑසින් සතුටු කදුලු කැට කඩා
වැටෙන්නට විය..රට වෙනුවෙන් පූජා කල කකුල වෙනුවට දැමූ යකඩ කකුල අත ගාමින් තම
රෝද පුටුවත් පදවාගන කොරිඩෝව දිගේ සිනහ මුසු ආඩම්බර ලීලාවෙන් ඉදිරියට ඇදී
නොපෙනී ගියේය.
වෛද්‍යවරයා හිතේ පුරවාගත් සොයුරු පෙමකින් ඔහු දෙස බලා සිටියේය !!
උපුටා ගැනීමකි..
ඔබ දන්නා සත්‍ය සිදුවීම් rmbraveen@gmail.com වෙත මේල් කරන්න.. ඔබේ නමින් අප ඒවා පල කරන්නෙමු…
http://www.hamadeyakma.com/2013/05/blog-post_18.html
0 comments:
Post a Comment