Tuesday, June 25, 2013

පවුරු (03 වන කොටස)


උන්ට අපි කියන්නෙ මාස 6ක මාකටින් ට්‍රේනින් එකකින් පස්සෙ උන්ව මැනේජර් කෙනෙක් කරනව කියල

ප්‍රභා මාවද කැඳවාගෙන ගියෙ එයාගෙ කාර්යාල කාමරයට... කාර්යාලයේ මේසය දැකපු මට පුදුමටක්ද සමග හිනාවක්ද මතුඋනේ අහම්බෙන්...

මොකෝ ජනා උඹට හිනා ගියෙ මචන්...

නෑ මචං... බලහන්කො උඹෙ ඔෆිස් රූම් එක...

(විස්කි බෝතල් දෙකක්, රෝස් කරපු කුකුලෙක්, අල බැදුමක්, තව තව පිඟන් කීපයක් ඇතුළු මේසය පෙන්වමින් මන් කීවෙ එලියට ආපු හිනාව ඔහේ පිටකරමින්..)

උඹ දන්නවනෙ මචන් මගෙ හැටි.. රෑට මෙහෙමයි.. දවල්ට මෙහෙමයි.. 

(ප්‍රභා හිනාවෙමින් කීවෙ මෙමෙ කාර්යාලයේම ටයිකෝටි දාල මල් වාස් එකක් එහෙම මේසෙ උඩ තියල ජනා ඉඳන් ඉත්දි ගත්ත කාමරේ කොනක රාමු කරල තිබුනු පින්තූරෙ පෙන්නල..)

මරු මරු... මේසෙ අසල පුටුවකට බරවෙමින් මන් ඔහේ කියල දැම්ම..

(ජීවිතේ දැණුනු දරුණුම දුක වෙනුවෙන් මන් දීබු එකම විසඳුම තමා විඳවපු එක.. එකෙදි බියර් ටින් එකක් තනියම හිස් කරාට, බීච් එකට වෙලා සිගරටි එකක් උර උර පපුව පුරෝ ගත්තට මෙහෙම අද්දැකීම් මට තිබුනෙ නෑ...)

එදා රෑ මන් ප්‍රභා ලත් එක්ක හොඳටම බීව... වෙරි මතින් මන් ප්‍රභා ඇතුළුසියළුම දෙනාට මන් මගෙ කථාව කියන්න පටන් ගත්ත.. හාවක් හූවක් නැතුව හැමොම හිටියෙ මගෙ කතාවට හොඳටම ඇහුම්කන් දීගෙන...

මචන්... පොඩ්ඩක් හිටපන්.. ගෙනාපුව ඇති... මන් තව බෝතලයක් අරගෙන එන්නම්...

ප්‍රභා එහෙම කියල නැගිටිනකොටයි හැමෝටම තේරුනේ කථාව අහගෙන කට්ටියම බෝතල් දෙක ඉවර කරල කියල...

උඹ මාර පොරක්නි බන්.. කියපන්... මොකද උනේ ඊට පස්සෙ...??

ප්‍රභා ‍තවත් බෝතලයක් මේසෙ උඩින් තියල ඉඳගත්තෙ කථාව අහන්න..
මන් මගෙ හිතේ හැම දුකක්ම ඔහේ කියවගෙන ගියා... 

අඩෝ.... දුක් වෙලා වැඩක් නෑ මචන් දැන්... වෙන්න තියන දේ වෙලා ඉවරනි මචන්...

ප්‍රභා මගෙ පිටට තට්ටුවක් දාගෙන එහෙම කියත්දියි මට තේරුනේ මගෙ ඇස් වලින් කඳුළු වැටෙනව කියල...

හරි... දැන් වෙන්න තියන දේ උනානෙ මචන්... මන් කියන්නද වැඩක්.. උභ වරෙන් මගෙ ලඟට... අපි දෙන්නම සෙට් වෙලා මේ මාකටින් වැඩේ ඇදගෙන යමු...

අන්තිමටම ප්‍රභා කීවෙ එච්චරයි....

එදා වැටිච්ච වැටිච්ච තැන නිදා ගත්තත් උදේම මම නැගිට්ට වැඩට යන්න බෝඩිමට යන්න ඕනෙ නිසා...

පාන්දරම ප්‍රභාට ඇහැරවල කියල මන් බෝඩිමට ආවත් හිතට පුංචි සැහැල්ලුවක් දැනෙන ගත්ත.

 *********************************************

මට හිතුනෙ ඒ ප්‍රභාට හැමචද්ම කියපු නිසා වෙන්න ඇති කියල...
දින කීපයක් ගෙවිල ගියා... 

මන් තීරනේ කලා ප්‍රභාත් එක්ක එකතු වෙන්න.. බෝඩිමේ ඇන්ටිට බෝඩිමේ එකට හිටපු මගෙ යාළුවට සමු දීල මම ප්‍රභා ගාවට ආව...

මචන් මෙහෙමයි... අපිට කරන්න තියෙන්නෙ පුංචි වැඩක්... 
 පත්තරේ ඇඩි 2,3ක් දාල ගම්වල ඉන්න දුර පලාත්වල කොල්ලො ටිකක් බඳව ගන්න ඕනෙ මාකටින් ට්‍රේනින් එකකට කියල...

උන්ට අපි කියන්නෙ මාස 6ක මාකටින් ට්‍රේනින් එකකින් පස්සෙ උන්ව මැනේජර් කෙනෙක් කරනව කියල. මැනේජර් කෙනෙක් උනාම 75000ක විතර පඩියක් ගන්න පුළුවන් කියන්නත් ඕනෙ. උන් එතකොට මෙතන දාල යන්නෙ නෑ.. අනික අපි කියන්න ඕනෙ අපිත්  ඔය තත්වෙ ඉඳල තමයි මෙතනට ආවෙ කියල. 

ඊටපස්සෙ, ඔය මල්වත්තෙන්, කොටුවෙන් පොඩි පොඩි බඩු ටිකක් අඩුවට තොගේට අරගෙන, තව ඕනෙනම් අපේ කියල පේන්න ලේබල් එකකුත් ගහල, කොල්ලො කෙල්ලො ටික ලවා වැඩි ගානකට විකුණවනව... උන්ට පොඩි කොමිස් එකක් දුන්නම ඇති... ටාගට් එකක් දීල උන්ව පොඩ්ඩක් මෝටිවේට්(දිරිමත්) කලාම උන් ලස්සනට වැඩේ කරනව.. 

නිකන් ඉඳල ලාබෙ ගන්න තියෙන්නෙ..

ප්‍රභා ආයතන ක්‍රියා පටිපාටිය රහසක් නැතුව විස්තර කරා.. 

මන් ප්‍රභා ගෙ එක පන්තියෙ මිතුරා නිසා සැකයකුත් තිබුනෙ නෑ මිනිහට..
මමත් වැඩේට කැමති උනා... 

පිලිවලට ඇන්දම ‍මන් කොහොමත් ප්‍රභාටත් වඩා වැදගත් පෙනුමයි.. ඒ හින්දමද කොහෙද ප්‍රභා අර දුප්පත් කොල්ලො කෙල්ලො ටිකට මාව අඳුන්වල දුන්නෙ ප්‍රභාව මැනේජර් කරපු ප්‍රභාගෙ සර් විදියට. 

ළමයි ටික මන්දිහා බලාගෙන හිටියෙ හරියට දෙවි කෙනෙක් දිහා බලනව වගේ... මටත් ඉතින් කාගෙ කාගෙත් හිත් ඇදගන්න විදියට කතා කරන්න එහෙමත් පුළුවන් නිසා පොඩි කතාවකුත් කරල ළමයි ටිකගෙ සර් උනා..

ඔෆිස් එකේ ළමයි 25ක් හිටිය... ගෑණු ළමයි 2යි, පිරිමි ළමයි 23. ඒ අතරින් අනිත් ළමයින්ගෙ විස්වාසෙ දිනාගත්ත, හොඳට කථා කරන්න පුළුවන් (ඔළුව ඉදිමුවගෙන ඉන්නෙ.මම තමයි වැඩ්ඩ කියල. එහෙම) තුන් දෙනෙක්ව සුපවයිසර් ල විදියට පත් කරල තිබුන..

ප්‍රභා ටයි මටයිත් එක්කම කෑම උයන්නෙත් ළමයි... 

ඒකවැයි පුදුම වැඩේ කියන්නෙ.. දවසක්...

සර්: රෑටයි උදේටයි උයන්න බඩු ගේන්න සල්ලි දෙනවද සර්..(හැමදාම ආහාර වලට මුදල් දුන්නෙ ප්‍රභා. මොකද එයාලගෙ හැටියට මේක පුහුණුවක්නෙ)

ආ... මොනවද අද ගේන්නෙ... ලොකු සර්ත් දැන් ඉන්න හින්ද වෙනසක් කරන්න වෙයි..(දන්නවනි ඉතින් කවුද ලොකු සර් කියල)

සර්ම කියන්න, අපි ඕන දෙයක් උයන්නම්... 

හරි.. එහෙනම්, උදේට හාල් කිලෝ 3යි, රෑට හාල් කිලෝ 5යි. එළවළු වර්ග 2ක් ගේනඩ 500ග්රෑම් වලින්. ආහ් අපට.... හන්දියෙ හෝටලෙන් චිකන් ගේන්න රු,100ක.

මොකක්.... හාල් කිලෝ 3ක්... උදේට..? ළමයි 25යි අපි 2නයි. ඔක්කොම 27දෙනෙක් කොහොමද හාල් කිලෝ 3කින් යැපෙන්නෙ... ්‍රභාට වැරදිලාවත්දැයි මට සිතිනි..... 

ප්‍රභා.. ගාන වැරදුනාද මචං... හාල් කිලෝ 3ක් උදේට මදි නේද මචන්...???

 තවත් ොටසක් බලාොත්තු වන්න.....

මෙය සත්‍ය කථාවක් වන අතර සියළුම හිමිකම් FreeGetLanka සතු වේ.
ඔබත් දන්නා සත්‍ය කථා හෝ ලිපි වේ නම් අප වෙත මේල් කරන්න. අපි ඔබේ නමින් ඒවා පල කරන්නෙමු. rmbraveen@gmail.com 
මෙන්ට් එකක් දාලම යන්න
(ඔබේ අදහස් ෝජනා ෝදනා අප අගය කරන්නෙමු

5 comments:

  1. මාර ලස්සන කථාවක්...

    ReplyDelete
  2. 4 KOTASA IKMANATA DANNA AIYE... MARA LASSANA KATHAWA...

    ReplyDelete
  3. waaw... niyamai machn...

    ReplyDelete
  4. ස්තූතායි හැමෝටම... 4වන කොටසත් පලවුනා..

    ReplyDelete
  5. ඉතිරි සියළුම කොටස් කියවීමට මෙතැනට යන්න..
    ඉතිරි කොටස් සියල්ලම

    ReplyDelete