මට ජීවිතේ තිබුනෙ එක බලාපොරොත්තුවයි.
ඒත්.....??
ජීවිතේ තප්පර විනාඩි පැය දවස් වලින් ගෙවිල ගියා..
හත් දවසෙ දානෙ ඉවර වෙලා හන්සිගෙ අම්මයි තාත්තයි ඕස්ට්‍රේලියාවෙ හන්සිගෙ තාත්තගෙ මල්ලි ලඟට ගියා ආයෙ නොඑන්නම..කොළඔ තඹපාට ඉර එලිය වැලඳගෙන ගෝල්ෆේස් වෙරළ සිපගන්න දිය රැලි මහ සද්දෙට ඉහලට විසි කරන පුංචි දිය බිදිති කකුල් දෙකේ බාගෙකයත් වඩා පෙන කැටි වලින් පුරෝල..
ඒ දවස්වල කීපාරක් නම් මමයි හන්සියි මේ වෙරලෙ ඇවිදිනන් එන්න ඇත්ද..?
මට මතකයි දවසක්..
ආපු ගමන්ම රැල්ල පාගන්නද ලෑස්තිය...?
හන්සි: ම්........ යමුකෝ...
(හන්සි කීවෙ මගෙ අතක් එයාගෙ අත් දෙකෙන්ම බදාගෙන අදින ගමන්..)
චුට්ටක් ඉඳගෙන ඉඳල යමු... සපත්තු දෙකත් ගලවලා.....
හන්සි: බෑ බෑ බෑ... යන්කෝ....................(මගෙ හන්සි හුරතල් උනේ පුංචි එකියක් වගේ)
කෝ කෝ... වැඩිය ගැඹුරට යන්න එපා...
ආදරේ හිතිල රැල්ල අරගෙන යයි..
හන්සි: ඉතින් හොඳයිනි......? (බෙල්ල ඇද කරමින් ඈත මුහුදෙන් නැගෙන දියරැලි දිහා බලාගෙන හන්සි මිමිනුවෙ මගෙ අතක් අත් දෙකෙන්ම බදාගෙන..)
මේ අහින්සක කොල්ලට මොකද වෙන්නෙ එතකොට..(විහිළුවට කීවට මොකද මගෙ කටහඩේ ගොකු බැරෑරුම් බවක් එයාට තේරෙන්න ඇති.හන්සිගෙ මුහුණ බලාගෙන ඉද්දි කළු උනා.)
හන්සි: අනේ මම විහිළුවටනෙ කීවෙ.... ම්... මට සමාවන්න රත්තරන්.ඔයා වගේ හොඳ කෙනෙක් දාල යන්න තියා හිතන්නවත් බෑ මට අයියෙ...
(මුහුද සිපගෙන හමාගෙන ආපු සුළඟ නිසා අකීකරු උන දිග හිස කෙස් අතින් හදන ගමන් මගේ උරහිසට හිස බර කර ගත්තෙ මට දරාගන්න බැරි තරම් ආදරේකින්... ඒ වෙලාවෙම හයියෙන් නැගිල ආපු දිය රැල්ලකට අපි දන්නගෙම ඇඳුම් හොඳටම තෙමුන..හන්සි මගෙ මූණ දිහා බලාගෙන ආදරෙන් හිනා වෙනව... ජීවිතේට ආදරේ කියන්නෙ මොන තරම් සුන්දර දෙයක්ද කියල මට ගොඩක්ම දැනුනෙ ඒ වෙලාවෙ. එයාටත් එහෙමම හිතෙනව ඇති කියල මගෙ හිත කීවෙ.)
වඩේ වඩේ වඩේ.... මාතිය... වඩේ ගන්නවද? ඉෂ්ෂො වඩේ තමා තීනවා...
මන් ගැස්සිලා වටපිට බලත්දි කට දෙපැත්තෙන් බුලත් කෙල බේරෙන දෙමළ ආච්චි අම්ම කෙනෙක් වඩේ කූඩෙකුත් තියාගෙන මන් දිහා බලන් ඉන්නව...
හැමදාම රැකියාවට ගියෙත් ඕනෙවට එපාවට.. කරන්න දෙයක් නැතිවට යනව වගේ. මාසෙ අන්තිමට ගෙදරට කීයත්හරි යවල ඉතිරි ටිකට කරේ කාපු එකනම් නෙමේ..
මල්ලි... උඹු තාම පොඩ් එකෙක්. ඔය ජරාව බීවට වෙන සෙතක් නෑ.. උඔ ලෙඩවෙන එක විතරයි වෙන්නෙ..
(එදා මෙහෙම ගමේ අරක්කු බොන අයට අවවාද දුන්න මමම මේ ප්‍රස්නෙ නිසා හොඳට බොන්න පුරුදු වුනා.. වියදමට කියල ලඟ තියා ගන්න මාසෙ පඩියෙන් බෝඩිමේ ගාස්තුව කල් ඇතුවම ගෙවල දාන්න මං පුරුදු වෙලා හිටිය. ඒ මොකද අරක්කු සිගරට් වලට වියදම් උනාම සල්ලි දෙන්න බැරි වෙන නිසා..)
හන්සි නැති පාළුව නිතරම මට දැනුන.. ගොඩාක් වෙලාවට මම තන්වෙලා කියලයි මට හිතුනෙ.. ඒ වෙලාවට මම කලේ මුහුදු වෙරළෙ වැඩිය සෙනග නැති තැනකට ගිහිල්ල සිගරට් එකකුත් බිබී පරන හන්සිගෙ මතකයට වෙලා ඇති තරම් අඬපු එක...
මචන්.. ඔහොම පිස්සු කෙලින්ඩ එපා බං.. හන්සිය නැති උනා තමන්. අපිටත් දුකයි මචන්.ඒකි හිත හොඳ එකී.. ඒත් ඒකි ආයෙ එන්නෙ නෑනෙ මචන් උඹ පිස්සු කෙලිය කියල. බලපන් උඹේ හැටි.. වෙනද ශර්ට් එකක් ඇඟට දාන්නෙ නෑ අයන් කරන්නෙ නැතිව.. බලපන් කොන්ඩ රැවුල් වවාගෙන, පොඩිවෙච්ච ෂර්ට් එකකුත් ඇඳගෙන. ඉස්සර හිටපි ජනිතද බලපන් දැන්?
යහළුවො නිතරම දොස් කීවෙ මගෙ වෙනස උන්ටත් දරාගන්න බැරිව වෙන්න ඇති. ඒත්.... හන්සි නැති ලෝකෙක මම කොහොම හිටියම මොකද?
දවසින් දවස මන් දුර්වල වෙන බව මටම දැනෙන්න ගත්ත. ඇඟ කෙට්ටු වෙලා... කළු වෙලා. අවුරුදු 10න විතර වැඩිපුර වයසට ගිහින් වගේ. ඉස්සර ගොඩාක් හිනා වෙලා, විහිළු කරල හැමෝම හිනස්සවල හිටපු මම දැන් නිහඬ පුද්ගලයෙක් වෙලා.. මටවත් හිතා ගන්න බැරි තරම් මම වෙනස් බව මටම හැගෙන්න ගත්ත..
දවසක් වැඩ ඇරිල බෝඩිමට ආවෙ දරාගන්න බැරි තරම් මහන්සියකින්.. ඇඟට පතටත් අමාරුව දැනුන නිසා හිතේ අමාරුවත් යන්න කියල බොරැල්ලෙ කීල්ස් එකට ගියෙයළුවන්ට හොරෙන් ගෙනල්ල හන්ගල තිබුන බියර් ටින් 2ට හරියන්න බයිට් මොනවහරි ගන්න කියල..
ඒ... ජනා..... කොහෙද බන් මේ....
සුපර්මාකට් එකේ පැත්තක බඩු තෝර තෝර හිටපු පිරිමි කෙනෙක් මගෙ පිටට තට්ටු කරල කතා කරා...
විදුලි වේගෙන් ආපසු හැරිල ඔහු දෙස බලපු මට අදහගන්නවත් බැරි උනා...හේ... ප්‍රභා.. උඹ කොහෙද මෙහෙ..මේ පැත්තෙ ආව බ්‍රදර්.... කොහොමද?
පාසැල් යන කාලෙ සමීපතම මිතුරතු වූ ප්‍රභා රැකියාවකට යනබව කියා ගමෙන් පිටවූ පසු සියළුම මිත්‍ර සම්බන්ධකම් ගිලිහී ගොස් තිබිනි. දෑතින්ම එකිනෙකා වැලඳ ගනිමින් අපි එකිනෙකා කාලෙකට පසුව හමුවූ සතුට බෙදා ගත් අතර බයිට් ගැනිල්ල පසෙක ලා ඔහු හා කතාවට වැටිනි.
ඉතින් ජනා.... කොහෙද මේ පැත්තෙ... උබ කළුත් වෙලා.. මොකෝ බන් වෙලා තියෙන්නෙ උබට? කට්ට කන ජොබක්ද කරන්නෙ?
නෑ ප්‍රභා.. ඔය දන්නැත්ද? ප්‍රශ්ණ තමා... කාලෙකින්නෙ හම්බුනේ... හිමිහිට කතා කරමුකො..?
මේ ජනා... අපි මේ රෑට සෙට් වෙන්න කියල.. උඹ ඉතින් අමද්්‍යප නෙ... අහ්?
ප්‍රභා// නෑ බන් මමත් දැන් ඔය පොඩ්ඩක් ගන්නව... කව්ද අපි කීවෙ..
අප්පටසිරි... මරුනේ.. කොල්ල කොළඹ ඇවිත් හැදිල වගේ... මරු මරු... අපි කීවට වැඩිය නෑ බන්...
මමයි.. මගෙ තව යාළුවෙකුයි... වරෙන් යන්න අද ෆුල් ෆන් එකක් ගමු...
(ජීවිතේ කිසිමදිනක මෙලෙස පිරිසක් සමග මත්ද්‍රව්‍ය ගැනීමට නොසිතූ නොපැතූ මා ප්‍රභාත් ගේ ජෝජනාවට කැමති වූයේය.... මට එහි අමුතුම ආස්වාදයක් දැනෙන්නට විය...)
ප්‍රභාත් රැකියාව කලේ මාර්කටින් කම්පැනි එකක මැනේජර් කෙනෙක් විදියට... රැකියා නොමැති තරුණ තරුණියන් කීප දෙනෙක් බඳවාගෙන ඔවුන් ලවා ගෙවල් වට ගොස් විකුණුවා ගන්නා තෝරාගත් විශේෂ බඩු වලින් කොමිස් මුදලක් ඔවුන්ට දී ඉතිරි ලාබය ප්‍රභාත් ලබා ගනී. එම ඉතිරි ලාබය ප්‍රභාත්ගේ පඩියයි. මෙලෙස දෛනිකව මුදල් හම්බ කරන ප්‍රභාත් දැන් හෙඳෙ සල්ලි කාරයෙකි.
මචන්... මේ තමා මගෙ කම්පැනි එක... මම මාකටින් කරන්නෙ... මාර ලාබයි... හොඳට හොයන්නත් පුලුවන්.. යමුකො... ඩ්‍රින්ක් එකක් දාන ගමන්ම කතා කරමු...
20ක් පමන වූ ටයි කෝට් දාගන පිලිවෙලට ඇඳගත්ත තරුණ පිරිසක් අතරින් ප්‍රභා ආයතන ප්‍රධානියෙකුට සුදුසු සේ සැකසූ කාමරයකට මා කැඳවාගෙන ගියහ...
සිදුවන්නට යන්නේ කුමක්දැයි නොදත් මා දැඩි පොලු පහරක් හිසට වැදුන එකකු සේ තුශ්නිම්භූතව ප්‍රභා පසුපස ගියා විනා වෙන්න යන්නෙ කුමක්ද කියා වැටහීමක් නොතිබුනහ..
තවත් කොටසක් බලාපොරොත්තු වන්න....
ඔබේ අදහස් පහලින් දක්වන්න...
ඔබ දන්නා සත්‍ය කතා වෙතොත් rmbraveen@gmail.com වෙත ඊමේල් කරන්න.. අප ඔබේ නමින් ඒවා පල කරන්නෙමු...
සියළුම හිමිකම් FreeGetLanka සතුය.
මන් ගැස්සිලා වටපිට බලත්දි කට දෙපැත්තෙන් බුලත් කෙල බේරෙන දෙමළ ආච්චි අම්ම කෙනෙක් වඩේ කූඩෙකුත් තියාගෙන මන් දිහා බලන් ඉන්නව...
දවසින් දවස මන් දුර්වල වෙන බව මටම දැනෙන්න ගත්ත. ඇඟ කෙට්ටු වෙලා... කළු වෙලා. අවුරුදු 10න විතර වැඩිපුර වයසට ගිහින් වගේ. ඉස්සර ගොඩාක් හිනා වෙලා, විහිළු කරල හැමෝම හිනස්සවල හිටපු මම දැන් නිහඬ පුද්ගලයෙක් වෙලා.. මටවත් හිතා ගන්න බැරි තරම් මම වෙනස් බව මටම හැගෙන්න ගත්ත..
මාරු කතාවක් දිගටම ලියන්න
ReplyDeleteඔව්... ඉස්සරහට මෙයිට වඩා ලස්සනයි... මේක ඇත්ත කතාවක්.. රැඳී ඉන්න අප සමග...
ReplyDeleteniyamai...
ReplyDelete3 වන කොටස දැන් කියවිය හැක...
ReplyDeleteඉතිරි සියළුම කොටස් කියවීමට මෙතැනට යන්න..
ReplyDeletehttp://freegetlanka.blogspot.com/p/blog-page_1.html