ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Tuesday, February 17, 2015

සැබෑ ආදරය යනු,

සැබෑ ආදරය යනු,

වාහන, රෑපෙ, තරාතිරම, ධනය බලය, අඳින පළින විදිය නෙමේ..
ජීවිතේ බොහෝ තැන් වල බොහෝ අය හමු වෙනව..


විටෙක නිහඬ උන්, තවත් විටෙක බොහෝ මිත්‍රශීලී උන්, තවත් විටක සාමාන්‍ය විදියට ජීවත් වන උන්, ඇතැම් විට මවා ගත් ලෝකවල ජීවත් වන උන්, දුප්පත් උන්, පෝසත් උන්, කිසිම දෙයක් නැති කයිවාරුව පමනක් ඇති උන්, බොහෝ දේ කල හැකි කිසිත් කල නොහැකි සේ ඉන්න උන්, මේ කිසිවකට නැති උන් ලෙස බොහෝ පිරිස් විවිද මට්ටම් නියෝජනය කරනව..


මේ අතරින් බොහෝමයක්,


මිනිස් සිරුරේ සිදුවන්නාවූ හෝමෝන වපර්යාසයන් නිසා,
සෙක්ස්,


එහෙමත් නැත්නම් හැඟීම්,


විඳ ගන්නට උත්සාහ කරනව..


ඇතැමෙක්,


සැබෑ ආදර වන්තියක්, වන්තයෙක් සොයා ගන්නව..


ඇය සමග පමනක් සියළුම හැඟීම් බෙදා ගන්නව..


තවකෙක්,


චකින දකින් කෙනා එක්ක යාළු වෙනව..


හැඟීම් පිට කරගෙන අතෑරල දානව..


තවකෙක්,


සැබෑ ආදරයක් හොයාගෙන ඒක පරිස්සම් කරනව.. වෙන උන් සමග හැඟීම් බෙදා ගන්නව..


අළුත්ම විදි කීපයක් දැන් ඇවිත්..


දුරකථනයෙන්, ස්කයිප්, වයිබර්, එම් එම් එස් වලින් සහ, සව්‍යං වින්දනයෙන් හැඟීම් බෙදා ගත්ත ලාංකික තරුණ තරුණියන්,


දැන් දැන්,


බටහිර රටවල මෙන්,


ඒ වෙනුවෙන්ම කතා කරගෙන ඒ දේවල් බෙදා ගන්නව..


හැබැයි අන්තිමට වෙන එක දෙයක් තියෙනව..


ඔය කොයි කවුරුත්,



අවසානෙටම තමන්ගෙ සහකරු හෝ සහකාරිය කර ගන්න හොයන්නෙ,


ධනය, බලය, රූපෙ, තරාතිරම නෙමේ...


තමන්ටත් වඩා තමන්ට ආදරේ කරන කෙනෙක්ව..


මේ අවස්තාවෙදි බොහෝ වැරදි කරන, කරපු උන්,


ලස්සන, නිවැරදි හදවත් හොරකම් කරනව..


කාලයත් සමග,


අනෙක් කෙනා මේ බව දැන ගත්තාම,


අවසානය,


එක්කො මිනී මැරුමක්,


නැත්නම් සදහටම උරුම වේදනාවක්,


එහෙමත් නැත්නම් දික්කසාදයක්..


ජීවිතේ,


අද කරන වැරදි, කරන්නට ප්‍රථම,


හෙට වන්නට යන,


විපාක ගැන සිතන්න..


අද ඔබට පණ මෙන් සෙනෙහස දක්වන,


ආදර වන්තයා හෝ ආදර වන්තිය,


අවලස්සන වන්නට ඇති,


දුප්පත් ඇති,


ධනය මෙන්ම බලයත් නැතිව ඇති..


නමුත්,


ඔබ දෙදෙනා හරි හැටි තේරුම් අරන්,


ආදරෙන් ජීවත් වන්නේනම්,


ඔහු හෝ ඇයි,


ධනයෙන්, බලයෙන් මෙන්ම, රූපෙන්ද පෝසත් වනු නොඅනුමානය..
මේ ගල් යුගය නොව..


මොහොතක් සිතා,


විහින් ලඟා කර ගනු ලබන.


වේදනාවෙන් මිදෙන්න෴


රචනය: රවීන් බණ්ඩාර

විශෘකා෴

විශෘකා෴


වේලාව උදෑසන 9ට පමන ඇත..
සෙමෙන් සෙමෙන් පා තබමින් සීරුවට හස්තිශෛලපුර සුන්දරම පර්යන්තයට අපි ලඟා වෙමින් උන්නෙමු..
කාලය සෙමෙන් ගෙවී යන අතර තුරේ සොඳුරු සිහිලු සුඵන් රැලි ගත සිත පුබුදුවා ලූයේ සමාදි බුදු රුවෙහි සොඳුරු මෙන්ම ශාන්ත බවට තවත් කරුණාබර සිතිවිලි සමුදායක්, ආශිර්වාදාත්මක ස්වරයෙන් ගැබ් ගන්වමිනි..
ආදරය නම් සොඳුරු මකරන්දයේ ගිලෙමින්, සැබෑ මෙන්ම තහනම් සෙනෙහසේද සුවය විඳින්නට, බොහෝ පෙම්වතුන් සහ පෙම්වතියන් මෙම ඇතුගල් පව්ව කරා ඇදෙන්නේ, එහි ඇති නිහඩ නිසංසල බාවය නිසාමය..
විටෙක හාදුවකින්ද, විටෙක සිසාරා පැතිරී යන සොඳුරු සිනාවන්ගෙන්ද, තවත් විටෙක කඳුළු කතා බහකින්ද, ඇතැමෙකු නිහඩව තුරුලෙහි හිඳිමින්ද ඇතුල් පව්ව මුදුනටම දිව යන මාර්ගය දෙපස සුපෙම්වතුන් පෙම් සුව විඳිනු දකින්නට ලැබැනි.
පුද්ගලික පන්ති යන පුංචි එවුන්, මහා උන් වගේ, දෑත් පටලාගෙන පාර පුරා ඔහේ නිදහසේ ඇවිදන් වාර අනන්ත අප්‍රමාණය...
මේ වන විට අපි ඇතුගල් පව්වෙහි භාගෙකට වඩා දුරක් ගෙවා අවසන්ය..
කැමරා කරණයේ ප්‍රවීණයකු නොවුවද, විනෝදාංශයක් ලෙස කැමරාවට පෙම් කල මා, සති කිහිපයකට වරක් හෝ මෙලෙස සොඳුරු පෙදෙස් ස්පර්ශ කරන්නේ එනිසාමය..
මෙයද එවැනි සමනක අතරතුරයකි..
කැමරා කාචයේ සටහන් වන සොඳුරු දසුන් අතර එක්වරම කැමරාව නාභි ගත වූයේ මා වත් නොසිතූ දසුනකටය..
අප්පට හඩු..
ඉබේටම මට කියැවුනේ මටත් නොදැනුවත්වමය..
 මලි මීටර් 300 වර්ගයේ ටෙලි ලෙන්සය නිසාම මගේ පුද්ගලික කැමරාවට නාභි ගත කල හැකි දුර බොහෝ සේ වැඩිය..
මට කිසිත් සිතා ගත නොහැකි විය.
මා නැවතත් කැමරාව ආදාරයෙන් පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන එදසුන දෙස හොඳින් බැලුවේ කිසිත් තේරුම් නොහැකිවය..
ඇයි මචන්..
මගේ විමසිල්ල මා මිත්‍ර චේතිය ට ප්‍රස්නයක් වන්නට ඇත..
 පොඩ්ඩක් හිටපන්..
මා කැමරාවත් අතින් ගෙන ඇතුගලේ ඒ අසල පිහිටි අවදානම් බෑවුමට ගමන් කලේ කිසිඳු තීරිණයකට මනසට ඉඩ නොදෙමිනි..
මචන් පරිස්සමෙන්.. තාම පින්නට ගල ලෙස්සනව෴
චේතිය මතක් කලේ සැබෑවටමය.
බෑවුමටම ගොස් ලබා ගත් චායාරූප කිහිපය මා චේතිය වෙත ගෙන ආවේ කිහිප වරක් ඡායාරූපද කැමරාවෙන් ලං කර බැලීමෙන් අනතුරුවය..
මේ බලපන්......
මා ඡායාරූප ටික චේතියට පෙන්වන ගමන් ඔහුගේ මුහුණ දෙස බැලුවේ මා සතු හැඟීමම ඔහු සතුවද ඇද්දැයි දැන ගැනීමටයි..
කෙමෙන් චේතිය ගේ මුහුණ අඳුරු වී යන මට පෙනිනි...
මචන්... විශාක නංගි නේද බන්............
හම්.. ඕ මචන්.. මට පුදුමත් හිතුන..
(ඒ චේතිය වසර තුනක් ආදරේ කර කර පිස්සෙක් වගේ  පසුපස ගිය විශාකා ය..)
එදා, වසර තුනක් තිස්සේ පස්සෙන් යන විටත්, චේතිය ට යාන වාහන නෑ කියමින්,  දුප්පත් නිසා මහ ගැරිය විශාකා ඒ කාලේ සිටම කොල්ලම් සමග රවුම් ගැසෑ බව සැබෑවකි..
මේ පිළිබඳව දැන උන් නිසාම මා චේතියට සැබෑව බවසා විශෘකා ගැන නොසිතා සිත හදා ගන්නට යැයි වරෙක පැවසූවා මතකය..
ඒ එකම ඉල්ලීමෙන්ම මාව විස්වාස කල චේතිය, විශාකාගේ සියළම වේදනා බර මතකයන් ගෙන් මිදී, දිවි සරු කර ගන්නට වෙහෙසුනි..
අද මේ අහම්බයකි. ඇතු ගල් පව්වේ එක් ගස් සෙවනක, , කවුරුන්දෝ එකෙකුන් සමග පෙම් සුව විඳින්නීය..
නුමුදු, එය සැබෑ සෙනෙහස නොවන වග කැමරා දසුන් දුටු චේතියටද පසක් වන්නට ඇත..
ඇගේ උඩු කය බාගෙකටත් වඩා නිරුවත් ය..
දැකිය යුතු සියල්ල ඇගේ ඔහු මෙන්ම අපද කැමරාවේ පිහිටෙන් දැක්කේ අහම්බයකි.. නමුදු එය අප හට සොඳුරු දසුනක් නොවේ.. පිළිකුලකි..
සිදුවන්නට ඇති සියල්ල එවලේද සිදු වෙමින් පැවතිනි. මීට කිලින්ද සිදු වන්නට ඇති බවට සැකයක් නැත..
ඕක ඩිලීට් කරපන් බම්..
මම චේතියට කීවේ කැමරාව තවමත් ඔහු අත නිසාවෙනි..
මචන් අපි යමු
උඹ මාව බේරුව මචන්.. තෑන්ක්ස්..
චේතිය සෙනෙහසින් සුභ පැතුවේ දිගු සුසුමකින් සිත සැහැල්ලු කර ගනිමිනි..
අපි ටික දුරක් ගමන් කරන්නට උනෙමු..
ඇතු ගල් සමාධිය අසලට යන විට ඒ අවට පිරිස බොහෝ විය..
පෙම්වතුන්
, වැඩි හිටියන් මෙන්ම,
ආරක්ෂක නිළධාරීන්ගෙන්ද අඩුවක් නොවුනි..
එක්වරම පොලීසියේ දෙදෙනෙක් අප අසලින් මාංචු ද රැගෙන දිව යනු අප නෙත ගැටුනේ අහම්බෙනි..
පට්ට ශොට් එක බන්..
මා පොලීසියේ අයෙකු අත තිබූ මාංචු කුට්ටමක් කැමරාවට හසු කර ගත්තේ අපහසුවෙනි..
ඒ අර බලපන්..
චේතිය මට පෙන්වුවේ මා තුශ්නිම්භූත කරමනි..
පෙම්වතුන් දෙදෙනෙකු මාංචු කුට්ටමකින් සිර කොට, අප අසලින් රැගෙන ගියහ..
ඇගේ කෙස් අවුල් වී ගොසිනි. ඇඳුම් පොඩිවී ගොසිනි... ඈ සමග ගිය ඔහු ගෙවුනු සෙරෙප්පු කුට්ටක්, අවුල් වී ගිය හිස කෙස් හිමි, කුඩු කාරයෙකුයැයි කිව හැකි එකෙකි...
ඈ එක වරම හැරී මෙහෙතක් අප දෙස බැලීය...
ඒ වෙනඑකියක නොවේ..
ඈ......... විශෘකාමය...........
රචනය: රවීන් බණ්ඩාර

Tuesday, February 3, 2015

පිනි මත බඹරු (15 අවසන් කොටස)

පිනි මත බඹරු අවසන් කොටස෴

මචන්. එහෙම දෙයක් නෙමෙයි බන්..

එහෙනම් කියපන්කො සජ්ජ කොහොම දෙයක්ද කියල...තෙපර බාන්නෙ නැතුව..
(මා තුල ළුූයේ දැඩි කෝපයක්)

මචන්.. ලෝචනා නැතිවෙලා..................

මොකක්...............
(පරය.. තෝ, විහිලු කරපන් විහිලු කරන්න ඕනෙ අවස්තා වල.. යකෝ, මට නැති උනත් කමක් නෑ.. ඒ වගේ මූසල කතා කියන්න එපා කාට උනත්...)

(සජ්ජගෙ කොලරයෙන් ඇදල අරන් මම කෑ ගැහුවෙ හිතට ආපු කේන්තියටමයි.. මා හට මළගෙදර නොපැමිනියට, මාව නොසලකා හැරියට පුංචි කේන්තියක් සිතේ නොතිබුනා නොවේ.. නමුදු මා අවංකවම සෙනෙහස පෑ ඈ ගැන විහිළුවට එසේ කියන්නට කිසිවෙකුටවත් අවසර නොමැත..)

මචන්, මං කියන දේ අහපන්.. මං කියන්නෙ බොරු නෙමේ...

මචන්.., උඹේ මලගෙවල් දවස් වල ලෝචනා හිටියෙ හොස්පිට්ල් එකේ..

මොකක්,( හිසට හෙනයක් වැදුනාක් මෙන් මා හට දැනෙන්නට විය..)

ඔව් බන්, ඒක දිග කතාවක්, අද උදේ ලෝචනා නැති වෙලා තියෙන්නෙ.. මටත් දැන් ආරන්චිය ආවෙ බන්..

මා හිටි දැනම බිම හිඳ ගත්තේ දෑත් දෙපා පණ නැතිවී යන්නාක් මෙන් දැනෙන්නට වූ නිසාමය..

දෑසෙන් කඳුරු වැගිරෙද්දීම සජ්ජ කතා කරන්නට විය..

මචන්,

උඹේ තාත්ත නැති උනා කියල එදා පනිවිඩේ ආපු දා අපි ආවට පස්සෙ අපිත් එක්කම ඇවිත් ලෝචනා ගෙදර ගියානෙ.. එදා ගියාට පස්සෙ ලෝචනාට ගොඩක් අමාරු වෙලා.. දවස් තුනක් හොස්පිට්ල් එකේ හිටියෙ.. උඹට අපි කීවෙ නැත්තෙ මේ ප්‍රස්න ඉවර උනාම කියන්න කියල හිතල..අපි මෙහෙ ඉන්න ගමන් ලෝචනා බලන්න ගියා ඒ දවස් තුනේම මචන්..

ඇයි බන් උඹල මට නොකීවෙ.. මොකක්ද ඒකිට තිබුනු ලෙඩේ..

මචන්.. ලෝචනා කියන්නෙ ලියුකේමියා ලෙඩෙක්(ලේ පිළිකා). ලේ දිදී තමයි මෙච්චර කල් ලෝචනාව ජීවත් කරවල තියෙන්නෙ මචන්..
ලෝචනා බලන්න ගිය වෙලාවක ලෝචනාගෙ අම්ම මං එක්ක හැමදේම කිව්ව.. උඹව හම්බුනාට පස්සෙ ඒකි ගොඩක් සතුටින් ඉඳල තියෙන්නෙ.. ඒත්, ඩොක්ටර්ස් ල කියල තියෙනව එයාව ජීවත් කරවන්න බෑ කියල..

ජීවිතේ සියල්ලම නැතිවී ගොස් මෙනි.. මුලුමනින්ම හිස් වූ මානසිකත්වයකින්, හඩා ගන්නට තරම්වත් ශක්තියක් නොමැතිව, මා හුන් තැනම හිටියා විනා, කුමක් කල යුතදැයි දෝ, කිසිත් තේරුම් ගත නොහැකි විය.

ගෙවුනු අතීතයේ සුන්දර සිදුවීම් මොහොතකට මතක් කරමින් එදින රාත්‍රියේ ලෝචනාගේ ගෙදර ගියේ දෑසෙන් වැගිරෙන කඳුලු වලට නිදහසේ කම්මුල් තෙමන්නට ඉඩ හරිමිනි..
“මේක අහල ඔයා දුක් වෙන්නෙ වත්, කලබල වෙන්නෙවත් නෑ කියන්න ලෝචන අයියෙ.. මට පොරොන්දු වෙන්න“
(මෙසේ ලෝචනා කියාගෙන ආවේ මේ කතාව නේද... මට මොහොතකින් සියල්ල වැටහෙන්නට විය..)

දෙයියනේ............... ලෝචනා..........

රෝසපැහැති කම්මුල් අද නිල්පැහැ වී ඇත... දෑස් පියවී, දෑඟිලි එකට බැඳැන් නිසලව ඈ කියා පාන්නේ අනිත්‍ය බවේ යතාර්තය නොවේද...

ඇගේ නිසල සීතල දේහය බදාන කොපමන වේලා හැඬුවදැයි මා නොදනිමි..

පුතේ... දුක් වෙලා වැඩක නෑ........... එයා ඔයාව විතරක් නෙමේ, අපි හැමෝවමත් දාල ගියා...
මගෙ සුදු දුවට මේලෝක එයාගෙ අප්පච්චියි, මායි ඇරුනම වැඩිපුරම ආදරේ කරල තියෙන්නෙ ඔයා..
මට සමා වෙන්න පුතේ.. මට හැමදේම ඔයාගෙ යාළුවො කීව.. අපි දන්නවනම් ඔයාගෙ තාත්තගෙ මල ගෙදර ඇවිත් යන්න එනව.. ඒත්, අපිත් හිටියෙ මේ ගින්දරේනෙ එවලෙත්෴

මැදි විය ඉක්මවූ ලෝචිගේම මුහුනුවර ඇති, ඈ කියාගෙන ගියේ ලෝචන ගේ හිස අතගාමිනි.. ඈ ඇගේ මව බැව් ලෝචනට හැඳින ගත හැකි විය..

ලෝචි අතීතයේ ඇගේ මව ගැන බොහෝ දේ කීවා මතකය..

“මාව හදා ගන්න ගත්ත කෙල්ලෙක්ද මන්ද අයියෙ“ විටෙක ඈ පැවසුවේ එලෙසයි..

නමුදු, ඈ වෙනුවෙන් කොපමන නම් ස්නේහයක් මොවුන්ගේ හිතු තුල තිබෙනවාද, ඈ නිසා අද කොපමන නම් මොවුන් විඳවනවාද.....

පුතේ, ඔයා විතරයි දැන් ඔයාගෙ පවුලෙ අයට ඉන්නෙ.. ඒ නිසා, දැන් මේ හැමදේම අමතක කරල, නංගිලා දෙන්නට උගන්වන්න මහන්සි වෙන්න, අම්මව රැකබලා ගන්න.. ඔයාට දැන් වගකීම් ගොඩක් තියෙනව.. තේරුනාද.. ඒව ගැන හිතල හිත හයිය කරගන්න පුතේ...
(ලෝචනා ගේ මව ඔහුව දිරිමත් කරන්නට උත්සාහ කලේ තම සෙනෙහෙබර දියනියගේ වියෝව කඳුලු මැදින් දරා ගන්නට වෙහෙසෙමිනි..)

සියල්ල සක්සුදක් සේ පැහැදිලි වෙමින් ඇත.. ඈ සිටිනා මේ තත්වය නිසා, ඈව පරිස්සම් කරන්නට ඇත...
ඈ වෙනුවෙන් මේ දෙමාපියන් බොහෝ කැපකිරීම් කරන්නට ඇත..
අවසන,
තම සෙනෙහෙබර දියනිය මරු වෙත පුදා, ඉවසා දරා ගන්නට තරම් මොවුන් පෙර ආත්මයක පව් පුරන්නට ඇත..
මමද ඒ පව් වල කොටස් කරුවෙකු නොවේද..
මගේ සිතිවිලි ඔහේ ගලා යන්නට විය..


ලෝචන යනු, දුක හුරු පුරුදු එකෙකි, නමුදු, උහුලන්නට බැරි තරම් මෙවන් දුකක් උහුලන්නේ කෙසේදැයි ඔහුද නොදනී..

“හිරු දුටු පිණි බුඳුවක්“ සේ ඔවුන් මෙලොවින් සමු ගෙන ගොස් හමාරය.. නමුදු කල යුතු බොහෝ දේ ඉතිරිව ඇත..

පිනි මත රැඳී හුන් බඹරිදු, හිරු කුමරුන්ගේ ආගමනයෙන් වාශ්ප වී යන පිනි දැක ඉවසා දරා හිඳින්නා සේ,

ලෝචන සියල්ල විඳ දරාගෙන තම ආදරණීය මෑණීයන් සහ, සොහොයුරියන් වෙනුවෙන් අභියෝග හමුවේ වුව ජීවිතයට මුහුණ දෙයි..

විඳින ජීවිතයට ආයුබෝවන් කියමින්, ගෙල වැලලාගෙන, කෝචචියට බෙල්ල තබාගෙන, වස බීගෙන මියැදෙන ආත්ම ශක්තිය හීන වූවන් අතර, ලෝචන නම් වූ විඳවන ජීවිතයට ආයුබෝවන් කියන්නට වෙර දරන යෞවනයන්, ඔබට ආදර්ශයක් වනු නොඅනුමානය..


විඳින විඳවන ජීවිතවල සුවඳ,
කැටයුම් වුවත් යුතුරු පුවරුවතුල,
දෑඟිලි වෙහෙස නොබලා,
කියන්නට වෙර දරනුයේ.
පිපෙන පරවෙන කොඳ මල්,
අවිනිශ්චිත ලෝකය කියා පාන වගත්,
සැඩ රල හමුවේ නොසැලෙන ගල් පර,
නිශ්චිත අරමුනු ශාක්ෂාත් කරන බත්,
නොවේද෴???

සමාප්තයි..!!!

රචනය:රවීන් බණ්ඩාර


ප.ලි:
මාගේ මෙම නවකතාව(කොටස් 15 කින් සමන්විත) අනුරාධපුරයේ සත්‍ය කතාවක් පාධක කරගෙන නිර්මානය වූවක් වන අතර, මෙහි සියලුම අයිතීන් කතෘ සතු වේ..
ලේකනයේ අභිවෘර්ධිය උදෙසා. ඔබගේ අව්‍යාජ අදහස් මා අගේ කොට සලකමි...

පිනි මත බඹරු (14 වන කොටස)

පිනි මත බඹරු දහ හතර වන කොටස෴

ඒත්.................................සුසුම්නාව කැඩිල... තාත්තව බේර ගන්න බැරිවෙලා මචන්..

සජ්ජ.. මචන්....

මට මුලු ලෝකෙම කඩා වැටුනා සේ දැනෙන්නට විය.. හිස ගිසනි ගන්නවාක් මෙනි.. පපුව හිර වෙන්නාක් මෙනි..

මුලු ජීවිත කාලෙ පුරාවටම වෛර කරපු., ටික දිනකට මත්තෙන් හරි හැටි තේරුම් ගත්තු, පොල්ගස් නැගල ජීවිතේ ගැට ගහපු, අපේ අහංසක තාත්ත නේද මේ දෙයියනේ...

හීනෙකින් වත් නොසිතූ විරූ ලෙස ජීවිතෙන් සමුගෙන අපවත් අතරමන් කර දමා යන්න ගියේ ඇයි තාත්තෙ...

කියා ගත නොහී සිතුවිලි සමුදායක් මැදින් මා කෙමෙන් මලානික වන්නට විය..

කාලය ගෙවී ගියහ..

දිනෙන් දින වියැකෙන මානසිකත්වයෙන් යුතුව පෙර මන් බලා හිදින්නට වූයේ තාත්තගේ නිසල දේහය නිවෙසට ගෙනෙන තුරුය..

නිවසේ ප්‍රමාණවත් තරම් ඉඩ කඩ නොවුන නිසාවෙන් ගේ ඉදිරිපස ටකරන් ටෙන්ට් එකක තාත්තගේ නිසල දේහය අවසන් ගෞරව සදහා තබා තිබිනි..
ලොකු, සිගිති සහ අම්මා යන තිදෙනාම හැඩූ කදුලින්ම තාත්තා දෙස බලා හිදී.. ඔවුන් බෙහෙවින් අප්‍රානික වී සිටී..

මීලගට කල යුත්තේ කුමක් දැයි මා නොදනී.. ගමේ මිනිසුන් එක්කාසු වී මලගමේ වැඩ කටයුත් ඉෂ්ඨ කරන්නේ මහත් උනන්දුවෙනි..

මාගේ පාසැල් මිතුරන් ටික නොහිටින්න මා හට පිස්සු හැදෙනු ඇත..

ආහ්.. ලෝච.. මචන්.. සුජා ල ඇවිත්..

(රොෂා ඇවිත් කීවෙ තාත්තගෙ නිසල දේහය අසල සිටි සුජාව පෙන්වන ගමන්..)

සුජා අසලට මා යන විට සුජා සහ පිරිස මා වට කර ගත්තෙ සැබෑම මිත්‍ර සෙනෙහයෙන් බැවි මට දැනින..

ලෝචන... අපිට ගොඩක් කණගාටුයි.. ඔයාගෙ තාත්තට උන දේට..

බලන්න සුජා.. මට මගෙ මුලු ලෝකෙම නැතිඋනා..

දුක් වෙන්න එපා ලෝචන.. ඊලගට වෙන්න තියෙන දේවල් කරන්න බලන්න.. ජීවිතේ ඔහොම තමයි ලෝචන..

කෝ ලෝචනා සුජා..

(සුජා මම ලෝචනා ගැන විමසන විටම මුහුන කෙමෙන් අදුරු විය..)

ආහ්.. එයාට පනිවිඩේ කීව.. එයා හෙට එයි.. අද එන්න විදියක් නෑ කීව.. ටිකක් සනීප නෑ කියල..

හම්..

(සුජා ඇතුලු ඇගේ යෙහෙලියන් මාගේ සිත සනසන්නට බොහෝ දේ කියන්නට ඇත.. වෙන අවස්තාවක නම් පිට කරන සෑම වචනයක් පාසා සිනහව කැටි කල ඈ, සැබෑම මිතුරියක සේ මසිත සනසන්නට දරන වෑයම අපිරිමිතය.. නමුදු, පියාගේ සෙනෙහස අහිමි, සදාතනිකවම පියා අහිමි මා, කෙලෙසනම් එවදන් හමුවේ සැනසෙන්නටද..)

කාලයත් සමග තාත්තගේ නිසල දේහයට සමු දෙන්නට සිදුවිය..

මල ගෙදර වැඩ කටයුතු හමාර විනි. සත් දින දානයට පමනක් පිරිස ඉතිරි වී අනෙක් පැමින සිටි සියල්ලන්ම වාගේ තාත්තාගේ මෘත දේහයත් සමගම නිවසෙන් පිට විනි..

“පුතේ... ලොකු එකේ.. මං දන්නව.. උඹ විතරයි මට වතුරු උගුරක් හරි දෙන්න ඉන්නෙ මගෙ කියල..“

(තාත්තගේ මෟත දේහය කර මත තබන් පය ඔසවන පියවරක් පියවරක් පාසා මාගේ මනසේ එවදන් රැව් පිලි රැව් දෙන්නට විය..)

ඔහු, නොපෙනුනවට මා හට ආදරේ කරන්නට ඇත..

කුමක් හෝ හේතුවක් නිසා, බීමට ඇබ්බැහු වුවද, ඔහු, සිය දරුවන්ගේ යුතුකම් යම් ප්‍රමානයකින් හෝ ඉටු කල සල්ලාලයෙකුයැයි කිව නොහැකි, පොල් කැඩුවත්, අවිහිංසක වැදගත් හදවතක් හිමි අව්‍යාජ පියකු බැවි, මා හට නොබියව ඕනෑම තැනක ප්‍රකාශ කල හැක..

මචන් ලෝච.. සජ්ජ දුවගෙන ආවේ කනත්තට ගොස් පැමින මා නිවසට ගොඩ වෙන්නටත් ප්‍රතමයෙනි...

ඇයි බන් සජ්ජ..

(සජ්ජ හිටියෙ ගොඩක් කලබල වෙලා..)

මචන් මේ... මේ..

මොකද බන්.. තටමන්නෙ නැතිව කියපන්.. තවත් සිද්ද වෙන්න දෙයක් නෑනෙ බන්..

ඇත්තටම තව මොනව නම් සිද්ද වෙන්නද.

සිද්ද විය යුතු සිය්ල සිදුවී හමාරය..
ආදරණීය පියානන් සදහටම සමුගෙන ගොසිනි..
ඒ නිකන් නොව, පවුලේ බර එහෙම් පිටින්ම වගකීම් රාශියක්ද සමගින් මා පිට පටවමිනි.
හරිහමන් රැකියාවක්වත් නොමැති මා කෙසේ නම් පවුලේ බර උසුලන්නද. එසේ කියා අම්මාට ම දුක් විඳින්නට තව දුරටත් ඉඩ හල නොහැකිය.
එහෙයින් කල යුතු දේ බොහොමයක් මා හට ඉතිරි වී ඇත.
තව සිදුවන්නට කියා මහා බයානක යැයි කිසිත් මා හට තේරෙන පරිදි නොමැත.෴.

මචන් ලෝචනා................... (සජ්ජ ගොත ගසන්නට විය..)

ඇයි බන් කියපන්.. මළගෙදරටවත් ආවෙ නෑනෙ.. උවමනාවක් තියෙනව නම් එන්න තිබුනනෙ බන් එයාට. මහ ලොකු ආදරේ... කියපන් බන්.. මොකද.. වෙන එකෙක් එක්ක ඉන්නව වත් දැක්කද෴?

(ඇත්තටම මා තුල තිබුනේ කේන්තියකට වඩා දැඩි කලකිරීමකි....)
සජ්ජ ඇස් ලොකු කරන් මා දෙස බලා සිටියේ මා සජ්ජාගේ සිත කියවූවක් මෙන් යැයි මට හැඟිනි..

නමුදු ඔහුගේ ප්‍රතිරූපය ක්‍රමයෙන් වෙනස් වන්නට විය..

හමුවමු,
පිනි මත බඹරු අවසන් කොටසත් සමගින්...
විඳවන සෙනෙහසේ සැබෑ පූර්වාකතනයක් සමගින්, 

තවත් සත්‍ය කතාවක නිමාව සනිටුහන් කරන්නට...

පිනි මත බඹරු (13 වන කොටස)

පිනි මත බඹරු (13 වන කොටස)

මෙතැන් සිට෴

විශේෂම දේ ඒක නෙමේ අයියෙ..

(ලෝචනා කීවෙ ගොඩාක් වෙනස් විදියට.. ඒ වචන වලින්ම මහා බැරෑරුම් දෙයක් කියන්නට යන වග සජ්ජට වගේම මටත් හොඳට තේරුනා)

කියන්න ලෝචනා.. මොකක්ද විශේෂම දේ.. ම්..

මේක අහල ඔයාල කලබල වෙන්නෙ ණෑ කියල මට පොරොන්දු වෙන්න.. ප්ලීස්..

ඇයි.. ඔය කියන්න යන්නෙ අපි කලබල වෙන දෙයක්ද ලෝචනා..?

(සජ්ජ එහෙම ඇහුවෙ කිසිවක් හිතාගන්න බැරිව මං සජ්ජ දිහා බලද්දි)

හම්........ අනේ මන්ද අයියෙ..

(සුසුමක් පිට කරමින් ලෝචනා කියන්නට තැත්කරන්නේ නම් සුලු පටු දෙයක් නොවන වග අපට හොඳන්ම තේරුම් ගියා..)

කියන්නකො බලන්න.. (මා තුල වූයේ දැඩි නොයිවසිල්ලක්)

මම, මම................ මම මේක කියන්න ඉස්සෙල්ල ඔයාගෙන් ඉල්ලන්නෙ එකම එක දෙයයි ලෝචන අයියෙ..

ඒ මොකක්ද නංගි..?

ඔයා දුක් වෙන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න ඒක අහල..

තෙපර බාන්නෙ නැතුව කියහන්කො බන්..(සජ්ජ කීවෙ බලන්න ඉන්න බැරිම තැන)

හරි... මං පොරොන්දු වෙන්නම්.. කියන්න.. මොකක්ද කාරණේ.. ම්..?

(ගොඩාක් ආදරෙන් මං ඒ දේ අහන්න ඇති කියල මට හිතුනෙ ලෝචනා මගෙ වචන වලට කීකරු උනු විදියෙන්..)

අයියෙ.. මෙකයි................ මං.................

එවිටම සජ්ජගෙ දුරකථනය නාද විය.. මචන් පොඩ්ඩක් හිටපන්.. රොෂා ගන්නව.. ලෝචනා.. පොඩ්ඩක් ඉන්න..

හෙලෝ රොෂා.. කියපන්..

අප්පට සිරි.. (අනෙක් පසින් කතා කල කිසිවක් අපට නෑසුනි)

උඹ සිරාද කියන්නෙ බං රොෂෝ...........

හරි බන්.. ඉඳහන්.. මම ලෝචත් එක්ක එන්නම් මේ දැන්ම..

මච්න් ලෝච.. අපි දැන්ම උඹලගෙ ගෙදර යන්න ඕනෙ.. තාත්තට සනීප නෑ කියල රොෂාට උඹලගෙ නංගි කතා කරල කියල උඹට පනිවිඩේ කියන්න කියල.. යමු ඉක්මනට.. ලෝචනා.. අපි යන්න ඕනෙ දැන්.. අපි වෙන වෙලාවක හම්බ වෙමු..

(සජ්ජ මාවත් ඇදගෙන යන්න පිටත් උනේ ලොකු හදිස්සියකින්)

ලෝචනා.. එන්න..අපිත් එක්ක යමු ටවුන් එකට යනකම්..

ඇයි අයියෙ.. ලෝචන අයියලගෙ තාත්තට මොකද...

(ලෝචි සජ්ජ ගෙන් අහනව මං අහගෙන)

ලෝචන අයියෙ.. මේ මගෙ නම්බර් එක.. තාත්තට මොකද කියල මට බලල කියන්න.. හොදද..

ලෝචනා ඇගේ දුරකතන අංකය ලියූ කඩදාස් කැබැල්ලක් මා අත තැබුවේ සැබෑ පෙම්වතියක් තම පෙම්වතා ගැන සොයා බලන ඉරියව්වෙන්..
ලෝචනාවත් ටවුන් එකට ඇරලවගෙනම අපි මගේ නිවස බලා පිටත් වූයේ දැඩි කුතුහලයකින්..

මොනව වෙලාලුද බන් තාත්තට...

උඹ කලබල වෙන්න එපා බන්.. ඒ හැටි අමාරුවක්නැතිව ඇති..

(සජ්ජගෙ ඒ වචන වල අමුත්තක් තේරුනත් මට කිසිත් සිතා ගන්නට නොහැකිවයි මා සිටියෙ..)

වසර ගානක් තිස්සෙ වැරදියට තේරුම් අරන් හිටපු අපේ තාත්ත වෙනස් උනා පමනයි.. ඇයි දෙයියනේ මේ මනුස්සය අසනීප කරන්නෙ.. මොනව වෙලා ඇද්ද.. බීමත් කම නිසා පෙනහලු, වකුගඩු වත් නරක් වෙලාවත්ද? ලොකු නංගි කතා කරල එන්න කියන්න තරම් හේතුව මොකක්ද෴

නිවස අසලට යන විට ගමේ කිහිප දෙනෙක් නිවස අවට එක් රොක් වී සිටියහ..

සිඟිති පෙරමගට දිව ආවේ මට කිසිත් සිතා ගත නොහැකිව සිටිද්දියි........

කෝ සිඟිති අම්ම.. මොකද උනේ.. කෝ තාත්ත..?

තාත්ත ගහකින් වැටිල.. ඉස්පිරිතාලෙ ගෙනිච්චලු ලොකු අයියෙ...

සිඟිති මාව බදන් අඬන්නට මාව ගොඩක් අසරණ කර ගන්න ගමන්..

මචන්.. පොඩ්ඩක් වරෙන්..

ගමේ මිනිස්සු සමග කතා කර කර උන් සජ්ජ මට කතා කලේ මට කිසිත් කර කියා ගතක නොහැකි ව අසරණ වී සිටි අවස්තාවකයි..
සිඟිති ව මෑත් කර මම සජ්ජ අසලට ගියේ කල යුත්තේ කුමක් දැයි අරමුණක් නැතිවයි..

මච්න්... කලබල වෙන්න එපා.. දැන් ලොකු නංගි කතා කලා මට හොස්පිට්ල් එකේ ඉඳන්.. රොෂා ලත් එහෙලු.. මේ කියන්න යන දේ අහල උඹ කලබල වෙන්න එපා මචන්...

තාත්ත ගහකින් වැටිල කොන්ද වැදිලලු... හොස්පිට්ල් අරන් ගියාලු හැබැයි.......

විඳින විඳවන සෙනෙහසේ සැබෑ තතු රැගෙන.
හමුවමු නැවතත්,

තවත් කොටසක් සමගින්෴