Sunday, June 30, 2013

සම්මත ක්‍රමයට YouTube වීඩියෝ ඩවුන්ලෝඩ් කරමුද?



ඔන්න , අද මම කියල දෙන්න යන්නෙ, ඔයාලට ගොඩක් වැදගත් වැඩක්...

අන්තර්ජාලයේ සැරිසරන කවුරුත් දන්න, එක වරක් හෝ ගිහින් තියන ඉතා සුප්‍රසිද්ධ වෙබ් එකක් තමයි YouTube කියන්නෙ...

කවුරුත් දන්නවනේ. අපට මොකක් හරි වීඩියේ එකක් හොයාගන්න ඕනෙනම් ඉස්සරලම අපි යන්නෙ YouTube එකට කියල...

www. YouTube.com කියන ඇඩ්රස් එක යටතේ ඕනෙම කෙනෙකුට මේ වෙබ් සයිට් එකට පිවිසෙන්න පුළුවන්...

ෆ්ලෑෂ් තියන ඕනම පරිගණකයකින් මේකෙ තියන වීඩියෝ ඔන්ලයින් නරඹන්න පුලුවන්..

නමුත් තියන ප්‍රධානතම ගැටලුව තමයි, මේ විඩියෝ ඩවුන්ලෝඩ් කරන්න තියන අපහසුව..

එක එක ජාතියෙ මෘදුකාංග කෑලි දාගෙන වීඩියෝ ඩවුන්ලෝඩ් කරත් ඒ බොහෝ ඒව 100%ක් සාර්ථක නෑනෙ...

අද මන් කියන්න යන මේ පොඩි ගැජට් එකෙන් ඔයාට පුලුවන් ඉතාම පහසුවෙන් මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කර ගන්න...

මුලින්ම පහල තියන ලින්ක් එකෙන් මේ පුන්චි ගැජට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔන්ලයින් ඉන්ස්ටෝල් කර ගන්න...

 
පේන්න ඇතිනි... ඕක ජාවා කියන පරිගණක මෘදුකාංග නිශ්පාදනයට යොදා ගන්න භාෂා අයිතිකරුවන් වන Oracle සමාගමේ නිශ්පාදිත පොඩි ගැජට් එකක්..

ජාවා ගැන ඉගෙන ගන්න අය ඉන්නවනම් වැඩි විස්තර දන්නවනේ...
දැන් මෙහෙමයි..

www.youtube.com කියන ලින්ක් එකෙන් ගිහින් ඔයාට ඩවුන්ලෝඩ් කර ගන්න ඕනෙ කරන වීඩියෝ එක හොයා ගන්න...

අපි හිතමු ඒකෙ ලින්ක් එක ආවෙ මෙහෙම කියල...

www.youtube.com/video/1     කියල...

ඔයාට කරන්න තියෙන්නෙ මෙ ලින්ක් එකේ YouTube කියන තැනට මුලින් Save කියල ටයිප් කරල එන්ට කරන්න...(පහත ආකාරයට)

www.saveyoutube.com/video/1 
 
දැන් පෙන්වන පේජ් එකේ Download URL තෝරන්න... 

එතකොට එන වින්ඩෝ එකේ  Run තෝරන්න..

දැන් ඔයාට අවස්ථාවක් එනව අවශ්‍ය කරන ෆෝමැට් එක තෝරන්න..
ඒ තේරීම කලාම වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනව..දෙතුන් පාරක් කරාම වැඩේට හුරු වෙනව...

එහෙනම් කරලම බලන්නකෝ....

ගැටලු තියනවනම් කියන්නකෝ උදව් කරන්න...
නැවත හමුවෙමු..
පහලින් Comment එකක් දාලම යන්න...

0 comments:

Post a Comment