ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Tuesday, December 24, 2013

සැමට සුභ නත්තලක්...෴

ඔබ සැමට

සතුට සාමය සපිරි ප්‍රීතිමත් නත්තලක් වේවා...!!!

ෆී ගෙට් ලංකා අප හදවතින්ම සුභ පතන්නෙමු...෴

Tuesday, December 10, 2013

අසමසම නීරෝ෴


සුපර් මෑන්ලා,ස්පයිඩර් මෑන්ලා අයන් මෑන්ලා ඔබේ හිත ඇතුලත රින්ගා ගන්නේ මහා චරිත ලෙසය.
 
ඔවුන් ඔබේද මගේද හිත තුල දැවැන්ත චිත්ත රූප මවා ගන්නේ හුදෙක්ම එම චිත්‍රපට වල නිශ්පාදක වරුන්ගේ විස්මය ජනක හැකියාව නිසා වීමට පුලුවන..නමුත් අවසානය ඔවුන් අපට ලබා දෙන්නේ මොනවාදැයි කිසිවෙකු විමසූහොත් අපට ඇත්තේ එකම පිලිතුරකි..
 
ඒ එය නැරබීමෙන් අපේ සිතට වින්දනයක් ලැබුවා කීමට පමනි.සැබවින්ම පිලිතුර එපමනකි.එයට හේතුව හුදෙක්ම ඔවුන් තවත් එක් මනෝ කල්පිතයක් නිසාවෙනි.
 
නමුත් අසම සම වෙඩික්කරු නීරෝ.... යනුවෙන් හදුන්වන්නේ තවත් එක් මනස් කල්පිතයක් නොව ඔබ මා මෙන් ජීවමාන වූ තවත් එක් මිනිසෙකි.ඔහු මහා වීර වරයෙකු වන්නේ ඔහුගේ අවසන් හුස්ම පොද ඔබද මාද නොව මේ රටේ මිනිසුන් වෙනුවෙන් දන් දුන් නිසාවෙනි.ඔහු නමින් රංජිත් ප්‍රේමසිරි විය.කුඩා කල සිටම රට රැකීමට ඔහු මහත් ලෙස ඇලුම් කලේය.
 
මෙම අරමුනට ඔහුට කිසි දිනක ඔහුගේ මවවූ රීටා මහත්මියගෙන් හෝ පියා වූ ජයසුන්දර මහතාගෙන් විරෝදයක් නොතිබුනි.පල්ලම මඩලානේ උපන් ඔහු ඉගනගතේ ආනමඩුව මඩලාන විදුහලෙනි.
 
ඔහු පාසල් ගමන අවසන් කර වෙනත් රැකියා දෙකක් කලේය.නමුත් තම යටි හිත වද දුන් අරමුන රට නිදහස් කරගත යුතු බව නිසා ඔහු 1991 පෙබරවාරි මස 12වනිදා ජීවිතේ 21වන වියේදී යුධ හමුදාවේ ස්වේච්ජා බල සේනාවේ සේවයට බැදුනි.
 
පසුව දියතලාව පුහුනු පාසලෙන් මූලික පුහුනුව ලබා ගජබා රෙජිමේන්තුවේ පස්වන බල සේනාවට අනුයුත වුනි.හිත කැමති රැකියාව තෝරා ගත් ඔහුට මේ වන විට ඔහුගේ හිමිකරියද තෝරාගෙන තිබුනි.ඒ නිලූකාය.ඒ අනුව 1994දී ඔහුගේ විවාහය සිදුවුනි.රංජිත් ප්‍රේමසිරි රැකියාවට ආදරේ කලා මෙන්ම ඔහුගේ බිරිදටද දැඩි ලෙස ආදරය කලේය.
 
ඔහුගේ කුලුදුල් පුතු රෂ්මික උපන් දිනයේ ඔහු මුලු ලොවම දිනුවාක් ලෙස සතුටු උනේ දෝරෙගලා ගිය පිය සෙනෙහස තම හිත තුල සගවාගෙනය.ඔහුගේ දෙවන දරුවාගේ එනම් ධනුශ්කගේ උපන්දිනය දා ඔහු මෙලෙසම සතුටු විය. 
 
දැන් ඔයාට දරුවො දෙනෙක්ම ඉන්නවා කියා රංජිත් තම දරුවන් දෙදෙනා තුරුල් කරගෙන නිලූකාට පැවසුවේය.පසුව ඔහුට දියනියකගේ සුරතල් බැලීමට හැකිවිය.ඒ දිනූපමා ඉපදුනු පසුවය. රංජිත් සැමවිටම කිව්වේ රට වෙනුවෙන් වැඩක් කිරීමට තවත් හමුදාවෙන් ඉහලට යා යුතු බවයි.

කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි ඉලක්ක රාජකාරිය අකුරටම ඉටුකල සැගවුනු වෙඩික්කරුවෙකි.තම වෙඩි උන්ඩයෙන් සතුරාගේ නලල් තලය පසාරුකරගෙන යාමට එක වරම ඉලක්ක කර හැකි අසම සම වෙඩික්කරු
ඔහුයි.නීරෝ නමින් අපේ හිත දිනූ අපි වෙනුවෙන් ඉදිරියට ගිය මහා විරුවා ඔහුයි. 

රාජකාරිය කොතරම් බාර දූර වූවද ඔහු තම නිවසට දින දෙකකට වරක් හෝ සතියකට වරක් ඔහු නිවස අමතයි.ඒ තම පවුල ගැන ඔහු හිත තුල තිබූ ලෙන්ගතු කම නිසාවෙනි.
 
එදා අප්‍රියල් 27දා 11.30ට පමන රංජිත් නිවසට කතා කලේය.ඒ වන විට ඔහුගේ බිරිද සිටියේ අසනීපයෙනි."නාන්න එපා උන වැඩි වෙයි"ඔහු තම බිරිදට පැවසුවේය."මම පරිසම් වෙන්නම්.ඔයා මට වඩා පරිසම් වෙන්න"රංජිත්ගේ බිරිද පැවසීය.
 
ඔහු ඒ වන විටත් පුදුමාතලම්හි පලමු පස් බැම්ම ලග කොටි ත්‍රස්ථයන්ගෙන් මිදී පැමිනෙන ද්‍රවිඩ ජනතාවට මුවා වී පැමිනෙන කොටින් ඉලක්ක කරමින් සිටියේය.අප්‍රියල් 28වනදා වීරෝදාර හමුදාව දෙවන පස් බැම්ම අත් පත් කරගත් පසු ඔහු එතන තම ඉලක්ක ගනිමින් සිටියේය.එය එතරම් පහසු කටයුතක් නොවීය.
 
ඔහු තම ඉලක්කයක් ගතේය.නමුත් ඒ තප්පරයේදී ඔහුට නොසිතූ දෙයකට මුහුනදීමට සිදුවිය.ඒ නොසිතූ මොහොතක සැගවුනු කොටි වෙඩික්කරුවෙකු රංජිත් ඉලක්ක විය.
 
යුද බිමට යුද්ධයට කිසි විටෙකත් බිය නොවූ ඒ අසම සම වෙඩික්කරු ඔබට මටද අපේ රටේ මතු උපදින දරුවන්ටද නිදහස් නිවහල් රටක් තනාදීම වෙනුවෙන් දියතලාව ප්‍රගුන පුහුනු පාසලට යටත්ව සටන් බිමට වැද කොටින් තම වෙඩි උන්ඩයෙන් මවිත කරමින් විස්කම් පෑ කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ තම අවසන් හුස්ම පොද මේ පින් බිමට පූජාකර අප්‍රියල් 28 වනදා 41වන වියේදී සදහටම දෙනෙත් වසාගත්තේය.

"එයා හැම වෙලාවෙම කීවේ මැරිල හරි කමක් නෑ දරුවන්ට රටක් ඉතුරු කරන්න ඔනේ කියන එක"යැයි ඔහුගේ බිරිද පැවසීය.කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි මියයන විටත් රන බිමේ දැක්වූ වීර වික්‍රමාන්විතයන් වෙනුවෙන් වීර වික්‍රමාන්විත විභූෂන ,රණ වික්‍රම සහ රණ ශූර යන පදක්කම් වලට නිර්දේශ ලැබ තිබිනි....

ඉතින් ඔබද මාද දැන් මේ නිදහසේ ජීවත් වන රට අපට ලැබුනේ මෙවන් සැගවුනු කථා සගවාගෙන සදහටම දෙනෙත් පියාගත් ඒ මහා විරුවන්ට පිංසිදු වන්නටය.විරුවනි අපි ඔබට සදා ණය ගැති........
 
මූණු පොතෙන් උපුටා ගැනීමකි

Friday, December 6, 2013

වැදගත් ගූගල් වැදගත් පියවරක් ගනී෴

ඔබ දන්නවාද?

ඕනෑම දරුවෙකුට අන්තර්ජාලයට ප්‍රවිශ්ඨ වී, බයකින් සැකයකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට හැකි වන පරිදි,
අන්තර්ජාලයේ තිබූ භයානකම දෝෂයක් වූ නිල් චිත්‍රපට, වීඩියෝ දර්ශන සහ චායාරූප,
ගූගල් සෙවුම් යන්ත්‍ර මගින් සෙවීම අත් හිටුවා ඇත....


ළමයින් යොදාගෙන සිදුකෙරන ලිංගික අපයෝජනයන් ඇතුළත් වීඩියෝ දර්ශන හා ඡායාරූප අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර වලින් සොයාගැනීම වාරණය කිරීමට ගූගල් සමාගම සැරැසෙයි. මේ සදහා ගූගල් සමාගම නවතම තාක්ෂණයක් ද හදුන්වා දී තිබේ. 
එයින් සිදුවන්නේ ළමා අපචාර හෝ ලිංගික ක්‍රියාකාරකම් සොයා කිසිවෙකුත් අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමට යන්නේ නම් එය සෙවුම් යන්ත්‍රය හදුනාගෙන සෙවුම් ප්‍රතිඵල ලබාදීම අත්හිටුවීමයි. සෙවුම් යන්ත්‍රයකින් සෙවුම් ප්‍රතිඵල ලබා ගැනීමට සෙවුම් වදන් භාවිතා කළ යුතුවේ. 
ළමා අපයෝජනයන් ඇතළත් වේ යැයි සිතිය හැකි සෙවුම් වදන් 13000 කට අධික ප්‍රමාණයක් ගූගල් සමාගම තම සෙවුම් යන්ත්‍ර පද්ධතියට එක් කර ඇති අතර එම එක් සෙවුම් වදනක් හෝ අන්තර්ජාලය භාවිතා කරන්නෙකු සෙවුම් යන්ත්‍රයේ සටහන් කළහොත් එය වහාම හඳුනාගන්නා පද්ධතිය අන්තර්ජාලයේ සෙවුම් සිදුකිරීම අත්හිටුවා දමා භාවිතා කරන්නාට අනතුරු ඇගවීමකුත් නිකුත් කිරීමේ සමත් ය. 



දැනට ගූගල් සමාගමේ 'ගූගල්' සෙවුම් යන්ත්‍රයේත් මයික්‍රොසොෆ්ට් සමාගමේ 'බ්ලින්ග්' සෙවුම් යන්ත්‍රයේත් මෙය ක්‍රියාත්මක අතර ඉදිරියේ දී අනෙක් සෙවුම් යන්ත්‍රත් මෙම තාක්ෂණය භාවිතයට ගැනීමට නියමිත ය. 

මිට අමතරව ගූගල් සමාගම විශේෂයෙන් පුහුණු කෙරූ මෘදුකාංග ඉංජිනේරුවන් අනතර්ජාල විමර්ෂකයින් ලෙස පත්කිරීමටත් සැළසුම් කර ඇත. ඔවුන්ගෙන් සමාගම බලාපොරොත්තු වන්නේ අන්තර්ජාලයේ ඇති ළමා අපයෝජන ක්‍රියා ඇතුළත් වීඩියෝ හා ඡායාරූප ඉවත් කිරීමය. 

ලිංගික අපයෝජනයන් ඇතුළත් දර්ශනයන් ඉවත් කිරීමේ වගකීම භාරදිය යුත්තේ මිනිසුන්ටම මිස පරිගණක වලට නොවන බව ගූගල් සමාගමේ මතය යි. 

මන්ද ඡායාරූපයක් හෝ විඩියෝවක් අපයෝජනයක් වේදැයි හෝ නොවේදැයි යන්න පරිගණක වලටම හදුනාගත හැකි තාක්ෂණයක් මෙතෙක් සොයාගෙන නොමැති හෙයින් ය. 


මුල දී ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් දෙකම තති මතයක පිහිටා අන්තර්ජාලයේ සෙවුම් සීමා කිරීම යනු අන්තර්ජාලයට වාරණයක් පැනවීම වැන්නකයි ද එය අන්තර්ජාලය පිහිටුවීමේ අරමුණ උල්ලංඝණය කරන්නක් යැයිද පැවසූ අතර නමුත් ලොව රටවල්වලින් එල්ල වන්න්ට ගත් පීඩනය නිසා මෙසේ ඔවුන් දැරූ ස්ථාවරය වෙනස් කරගෙන ඇත. 

දැනට තෝරාගත් රටවල් කිහිපයක මෙම වාරණය ක්‍රියාත්මක අතර ඉදිරි මාස 6 ක කාලයේ දී ලොවම ආවරණය කිරීමට ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් සැළසුම් කර ඇත.

උපුටා ගැනීම: http://www.lankaegossipnews.com/2013/11/blog-post_9602.html

ලිපිය වැදගත්නම් ඔබේ අදහස් කියලම යන්න..
ඔබගේ අදහස් අපට මෙන්ම මෙම අඩවියේ රචකයින්ටද බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි..

Thursday, December 5, 2013

පිනි මත බඹරු (9 වන කොටස)


නිවසේදී... 
ලෝචන....
ලෝචන... ඔයාට කොහොමද? මම මේ ලිපිය ලියන්න හිටියෙ ගොඩක් කලින්. ඒත් යාළුවො නිසයි මම මේ ටික ලීවෙ නැත්තෙ.. මම ඔයාට ඇ්ත්තම කියන්න හිතුවය. ඔයා කලබල වෙන්න එපා මේ දේවල් අහල. මුලින්ම මම ඔයාගෙන් සමාව ඉල්ලනව මම ඔයාට කරපු වරදට. 
මම ඔළුව උස්සල සජ්ජයි සුජයි දිහා මාරුවෙන් මාරුවට බැලුවෙ මුකුත්ම හිතා ගන්න බැරිව..
ලෝචන. මම ඔයාට ලං උනේ අහම්බෙන් නෙමේ. මේ ඔක්කොම මගෙ යාළුවන්ගෙ වැඩ. ඇත්තම කීවොත් මම ගොඩක් පෝසත් පවුලක ගෑණු ළමයෙක් තමයි. අපි නිතරම සතුටින් ඉන්න යාළුවො කට්ටියක්..
දවසක් මගෙ යාළුවො ටික එකතු වෙලා කොල්ලෙක් බයිට් කරා. එදා මගෙ යාළුවට ඒ කොල්ල හොඳටම බැන්න. එදා මම යාළුවව නෝන්ඩි කරල හොඳට හිනා වුනාත අපේ යාළුවොත් එක්ක. ඒ දවසෙ ඉඳල ඒ යාළුව මට කීව දවසක උඹටත් ඔය විදියටම මම හිනා වෙනව කියල. 
පස්සෙ එදා ක්සෑම් දවසෙයි ඔයාව අහම්බෙන් අපි මම දැක්කෙ. ඒත් එදා එක්සෑම් ඉවර උනාම යාළුවො සෙට් එක ඔට්ටුවක් ඇල්ලුව. ඔයාව මං යාළු කරගෙන පෙන්නන්න කීව. අයිස් ක්‍රීම් ඔයා ලවා අරන් දීල පෙන්නන්න කීව. නැත්නම් සෙට් එකෙන් මාව අයින් කරනව කීව. ඒකෙ ප්‍රධානියා උනේ එදා මම බයිට් කරපු මගෙ යාළුව.
මම ඒකයි ඔයා එක්ක යාළු උනේ.. ඇත්තම කීවොත් මගෙ හිතේ ආදරයක් තිබුනෙ නෑ,..
ඒත්,
ඔයාගෙ කථාව ඇහුවට පස්ස, ඔයා ගැන දැන ගත්තට පස්සෙ ම‍ට ඔයා ගැන ගොඩක් දුක හිතුන.
ඔයා ගොඩක් අවංක කෙනෙක්. ඒ වගේම ගොඩක් වැදගත් කෙනෙක්. ඔයාව විහිළුවකට ගත්ත එකට මට ගොඩක් දුකයි. 
මට සමා වෙන්න ලෝචන. මට ගොඩක් සමා වෙන්න.
මම කවදාවත් ආයෙනම් මේ වගේ දේවල් කරන්නෙ නෑ. මම මගෙ යාළුවන්ටත් හොඳටම බැන්න.
ඔයා වගේ අමාරුවෙන් ජීවත් වෙන, දුක් මහන්සියෙන් ජීවිතේට නිර්භීතව මූණ දෙන උත්සාහ වන්ත කෙනෙක් මීට කලින් මම දැකල නෑ,
මම දන්නෙ එකම එක දෙයයි ලෝචන අයියෙ. ඔයාට මට වඩා සිය දාස් ගුණයක් හොඳ ගල් කෙනෙක් ලැබෙයි..
සතුටින් පරිස්සමින් ඉන්න.
අවසාන වතාවට මම එකම එක ඉල්ලීමක් කරන්නම්.
කැමතිනම් විතරක් මාව ඔයාගෙ හොඳ ය‍ාළුවෙක් කරගන්න. 
ඔයාගෙ ආදරේ ලබන්න තරම් මම පිං කරල නෑ අයියෙ..
මීට 
ලෝචනා 
 ලිපිය හතරට පහට නවල සාක්කුවෙ දාගත්තෙ මුකුත්ම හිතා ගන්න බැරිව..
සජ්ජ තාමත් ඇස්වල කඳුළු පුරවගෙන මා දිහා බල‍ාගෙන.

..........෴

හමුවෙමු යලිත් විඳින විඳවන සෙනෙහසක සැබෑ තතු අරන්
පිනි මත බඹරු 10 වන කොටස සමගින්...
රැඳී සිටින්න අප සමග

චයිනීස් ෆෝන් වල තරම෴



චයිනීස් ෆෝන් එකක් ගන්න කලින් මේ ලිපිය කියවන්න෴

එහෙනම් හැමෝම කියන්නෙ අළුත් ෆෝන් එකක් ගන්න කලින් මේකත් පොඩ්ඩක් කියවල බලන්න.
චයිනීස් ෆෝන් පාවිච්චි කරන අයට වැදගත්.අපි දැකල තියෙනව ගොඩක් දෙනා ෆෝන් ගන්න ගියාම තෝරලා තෝරලා අන්තිමට ගන්නේ චයිනීස් ෆෝන්. ඒකට හේතු පහතින් දැක්වේ.
ලාබයි.

වැඩ ගොඩයිපොලොවේ ගැහුවත් වැඩ


ටච් ස්ක්‍රීන් තියෙනවා.


පට්ට ගහන්න පළුවන්


අවුරුද්දක් පාවිච්චි කරත් මදැයි මේ ගානට අරගෙන.


TV බලන්න පුලුවන්

ඔන්න ඔය වගේ කථා තමයි කට්ටිය කියන්නෙ.මේවත් ඇත්ත තමයි. නමුත් මේ වගේ එක එක ගැටලුත් තියෙනව.

ඇයි චයිනීස් ෆෝන් ලාබ෴?මේව හදන්නෙ ගොඩක් වෙලාවට නිශ්චිත සමාගමකින් නෙමේ.‍මේවට නමකුත් නෑ. .තියෙන නමත් ඔය මොකක් හරි විකාර නමක්. අනිත් එක කාලෙකට එක නමක්. අ‍යෙ ටික දවසක් යනකොට හොයා ගන්නත් නෑ. අනිත් එක මෙව ගොඩක් වෙලාවට හදන්නෙ පාවිච්චි කරල ඉවත ලන ජංගම දුරකථන ‍කොටස් වලින්. ඒ කියන්නෙ මේව ප්‍රථිචක්රීකරණය කරපු ෆෝන්.

ඒ කියන්නේ කොටින්ම කීවොත් මේව එච්චර කොලිටි නෑ. ගොඩක් වෙලාවට රත් වෙනව. අනිත් එක තමයි මේවගෙ පාවිච්චි වෙන මෘදුකාංග ප්‍රභල ඒව නෙමේ.  හරියට ජලේ ඇඳපු ඉරක් වගේ. ක්ෂණයකින් නැති වෙලා යනව. බොහොම ලාබෙට හදපු ගුණාත්මක බවින් අඩු ‍මෘදුකාංග ඔය වගේ තමයි. ගොඩක් වෙලාවට වෙනස් ජාති දෙකක චයිනීස් ෆෝන් දෙකක් ගත්තත් අපිට දකින්න පුලුවන් ෆෝන් දෙකේම සොෆ්ට්වෙයා දෙකම එකයි. හරියට නිකම් එක වල්ලෙ පොල් වගේ..

අනිත් එක මේ වගේ හාඩ්වෙයා කොටස් වලත් ගුණාත්මක බව අඩුයි. ඔයාල දැකල ඇති සමහර ෆෝන් වල මෙනූ බටන් එක ඔබල තප්පරයක් දෙක් විතර ගියාම තමයි මෙනූ එක එන්නෙ.

ඇයි තියෙන විච්චූර්ණ වැඩ ගොඩ෴

ඒ වගේ වැඩ ගොඩක් තිබුනට අපි දන්නවා ඒ වගේම වැඩ තියෙන NOKIA ෆෝන් එකක් එක්ක සංසන්ධනය කරොත් චයිනීස් එකේ ගන්න දෙයක් නෑ, ටච් ස්ක්‍රීන් තියෙන චයිනීස් ෆෝන් වල කාලයක් යනකොට ටච් එක සම්පූර්ණයෙන්ම හෝ තැන් තැන් වලින් වැඩ කරන්නේ නැතිව යනව.

කැමරා තියෙන චයිනීස් ෆෝන් වලට තමයි ගොඩක් අයගෙ ඉල්ලුම තියෙන්නෙ. 

රු:2000කට හරි 3000කට හරි කමක් නෑ කැමරාවක් තියෙනවනම් ඒක මාර ලොකුයි. ඇත්තම කීවොත් මේවා ෆොටෝ ගහන්නනම් අරන් වැඩක් නෑ.  ගොඩක් වෙලාවට මේවගෙ ෆොටෝ පැහැදිලි නෑ. පැහැදිලි උනත් සමහර ෆොටෝ සයිස් එකෙන් පොඩී. ඉතින් කම්පියුටර් එකකට දාල බැලුවම ගන්න දෙයක් නෑ. ගොඩක් ඒවගෙ තියෙන්නෙ 240*320 වගේ තමයි. උපරිම 640*480 ප්‍රමාණයක් තියෙනව. 

මේවට තමයි කියන්නෙ ලාබ බඩුවෙත් හිලක් තියෙනව කියල.


මේවගෙ හදිස්සියට ගන්න පාට්ස් එහෙම තියෙනවද෴?

ඇත්තම කීවොත් ඔරිජිනල් පාට්ස් හොයා ගන්න එක හරියට කළු නික හොයනව වගේ වැඩක්. ‍ගොඩක් වෙලාවට කඩවල් වලින් කරන්නෙ ඔය ලාබෙට තියෙන මොකක්හරි කෑල්ලක් දාන එක හරි මොකක් හරි ෆෝන් එකකින් ගලෝ ගත්ත කෑල්ලක් දාල ෆෝන් එක අමුට්ටල දෙන එකයි.
කවදාවත් Slap, Slide ආකාරයේ චයිනිස් එකක්නම් ගන්න එපා කීයටවත්. ඔයාල දන්නවද? මේවගෙ තියෙන්නෙ රිබන් එකක්. ඒ කිව්වෙ ඔය උඩ පහල කරන කෑල්ල හෝ නවන දිගහරින කෑල්ල යට තියෙන අනෙක් කොටසත් එක්ක සම්බන්ධ වෙන්නෙ නැමෙන දිගහැරෙන කේබල් එකකින්. 

ඉතින් ගොඩක් වෙලාවට කාලයත් එක්කම මේ රිබන් එක කැඩෙනව.(90%ක් විතර) ඉතින් රෙපෙයාර් කරන්න කඩේකට ගිහින් දුන්නට එයාල බාර ගන්නෙ නෑ. මොකද මේවට ගැලපෙන රිබන් නැති නිසා. රිබන් හොයන්න නැති නිසා. බැරි වෙලාවත් බාර ගත්තත් ඔයාලට කියන දවසටනම් ලැබෙන්නෙ නෑ.

ඒ මොකද දන්නවද? එයාල කොළඹ ගිහින් මේවට ගැලපෙන රිබන් එකක් තියෙනවද කියල හොයල බලල ගේන්න ඕනෙ නිසා. ඒත් ඔයාල ෆෝන් එක දුන්න කියල සතියෙන් දෙකෙන්නම් එයාල කොළඹ යන්නෙ නෑ. මොකද දන්නවද? තව මේ වගේම අමුට්ට ගන්න පුලුවන් කියල හිතෙන ෆෝන් 10ක් 15ක් වත් එයාලට ලැබුනම තමයි බඩු ගේන්න කොළඹ යන්නෙ.

කල් පැවැත්ම෴

කල් පැවැත්ම ගැන කීවොත් කියන්න වදන් නෑ. ගොඩක් වෙලාවට උපරිම අවුරුද්දයි නැත්තම් එක හමාරයි. අනිවා කැඩෙනව. නැත්නම් කලින් තිබුනු PEFORMACE අඩු වෙනව. ගොඩක් වෙලාවට වෙන්නෙ සිග්නල් අඩු වෙන එක හෝ බැටරි පැවැත්ම අඩු වෙන එක. කී පෑඩ් එක සවුත්තු වෙනව. මැසේජ් එන්නෙ පරක්කු වෙලා. ඩිස්ල්ප්ලේ එකේ එලිය වෙනස් වෙනව. ඔය වගේ ගොඩක් ප්‍රස්න තියෙනව. 

හරි෴

ඔයාලටත් චයිනීස් ෆෝන් එකක් ගන්න ඕනෙමනම් ගන්න කලින් ‍මේ  දේවල් ගැනත් හොයල බලන්න.

§  ගන්න ෆෝන් එක කාලයක් ති‍ස්සෙ ලංකාවෙ නමක් දිනාගත් සමාගමක් හෝ මාදිලියක්ද කියල බලන්න.
උදා: E-Tel, Bird, Micromax, Zego, Forme, Do,.. ඔය වගේ ඒවනම් කමක් නෑ. 

§  ගන්න කලින් පුලුවන්තරම් ෆෝන් එක අතට අරගෙන ඔබල ඔබල බලන්න. තමන්ගෙ උවමනාකම් වලට ගැලපෙනවද කියල. සමහර ඒවගෙ කීපෑඩ් එහෙම පල්ල සද්දෙයි. හරියට ටකරමකට තඩි බානව වගේ. ඒ නිසා තමයි ගන්න කලින් හැමදේම බලන්න කීවෙ. මොකද ඉතින් රෑට ගෙදරට හොරෙන් SMS එකක්වත් යවා ගන්න බැරිනම් වැඩක් නෑනෙ?

§  මතක තියා ගන්න දැන් ෆෝනුත් බෝම්බ වගේ පුපුරණව කියල. මේවටනම් මූලික වෙන්නෙ බැටරි භාවිතයෙ තිබෙන ගැටළු. ගොඩක් දෙනා කරන්නෙ ඔරිජිනල් බැටරි එකෙන් පස්සෙ ඔය කොහේ හරි තියෙන ලාබෙට අහුවෙන කුණු ගොඩක් අරගෙන දාගන්න එක. ඉතින් මොකද වෙන්නෙ පුපුරණව ඇරෙන්න. 

§  මම මුලුන්ම කීවනෙ මේකෙ තියෙන හාඩ්වෙයා එච්චර හොඳ නෑ කියල.

තව ඒව ටිකක් තියෙනව කියන්න. ඔයාල ෆෝන් ගන්නකොට අනිවා පුලුවන්නම් NOKIA හීනි පින් 2.5mm සහ Mini USB තියෙන ජාතියෙ චාජින් පෝට් දෙකම තියෙන ජාතියෙ ‍ෆෝන් එකක් ගන්න. මේවගෙ ගොඩක් වෙලාවට Mini USB එක භාවිතා වෙන්නෙ Headset එක ගහන්න. ඒකෙම ෆෝන් එක චාජ් කරන්නත් පුලුවන්. කඩවල්වල මේකට කියන්නෙ V3 පෝට් එක කියල. අනිත් එක තමයි ‍මේ චයිනීස් ෆෝන් නොකියා ඔරිජිනල් චාජර් වලින්නම් චාජ් වෙන්නෙ නැහැ. ඒකට හේතුව තමයි මේව චාජ් වෙන්න වැඩි දාරාවක් අවශය වීම.
 
ඒ නිසා ඔය කඩවල්වල තියෙන ලෝකල් නොකියා හීනි පින් චාජර් වලින් තමයි චාජ් කරගන්න වෙන්නෙ. මියුසික් වලට කැමතිනම් හොඳ සවුන්ඩ් කොලිටි ෆෝන් එකක් බලල ගන්න. ඒ වගේම තමයි එහෙම ෆෝන් එකක නෝමල් 3.5mm Headset ජැක් එක තියෙන එකක්නම් හදිසියකට වෙන හොඳ කොලිටි හෙඩ් ෆෝන් එකක් උනත් ගහල භාවිතා කරන්න පුලුවන්.
පරිස්සමෙන් පාවිච්චි කරන්න බැරිනම් ටච් ෆෝන් ගන්න එපා.
අර NOKIA කියල ගහපු චයිනීස් ඒවනම් ගන්නම එපා. ඒව මගින් විකිරණ පිට කරනව වැඩී.හදිස්සියකට නඩුවක් දාගන්නවත් සමාගමක් හොයා ගන්න බැරි වෙනව.
ඔබේ අදහස් හෝ ඔබ දන්නා තවත් තොරතුරු ඇත්නම් අපට කියල යන්න....

Monday, December 2, 2013

ලෝකයේ වැඩිපුරම අලෙවි වී ඇති ජංගම දුරකථන 10෴

ඔබ දන්නවාද? 

ලෝකයේ වැඩිපුරම අලෙවි වී ඇති ජංගම දුරකථන 10 මොනවාදැයි කියා..

ලෝකයේ වැඩිපුරම අලෙවි වී ඇති ජංගම දුරකථන වර්ගය ලෙස වාර්ථා වී ඇත්තේ ඔබ අප කවුරුත් හොඳින් හඳුනන නොකියා(NOKIA) සමාගමේ ජංගම දුරකථනයි.
ලෝකයේ වැඩිම අලෙවියක් වාර්ථා වන දුරකථන මාදිලි 10න් 9ක් ම  NOKIA ජංගම දුරකථන වීම සුවිශේෂ ලක්ෂණයකි.

ඒ අතරින්ද ලෝකයේ වැඩිම අලෙවියකට හිමිකම් කියනු ලබන්නේ ලංකාවේද ඉතා සුප්‍රකට දුරකථන මාදිලියක් වූ NOKIA 1100 දුරකථනයයි.

ලෝකයේ වැඩියෙන්ම අලෙවි වී ඇති Mobile Phones 10

1. Nokia 1100
2. Nokia 3210
3. Nokia 1200
4. Nokia 5230
5. Nokia 6600
6. Nokia 2600 (2610/2626/2630)
7. Motorola RAZR V3
8. Nokia 1600 (1650/1661)
9. Nokia 3310 (3330)
10. Nokia 1208 (1209)

Source : Wikipedia
- See more at: http://topsinhalablog.com/most-popular-phones-all-time/#sthash.f3s5qvIG.dpuf
ලෝකයේ වැඩිපුරම අලෙවි වූ ජංගම දුරකථන මාදිලි දහය.

1. NOKIA 1100

2. NOKIA 3200

3. NOKIA 1200

4. NOKIA 5230

5. NOKIA 6600

6. NOKIA 2600 (2600/2626/2630)

7. MOTOROLA RAZR V3

8. NOKIA 1600 (1650/1661)

9. NOKIA 3310 (3330)

10. NOKIA 1208 (1209)

විකිපීඩියා තොරතුරු ඇසුරෙන්...
1. Nokia 1100
2. Nokia 3210
3. Nokia 1200
4. Nokia 5230
5. Nokia 6600
6. Nokia 2600 (2610/2626/2630)
7. Motorola RAZR V3
8. Nokia 1600 (1650/1661)
9. Nokia 3310 (3330)
10. Nokia 1208 (1209) - See more at: http://topsinhalablog.com/most-popular-phones-all-time/#sthash.f3s5qvIG.dpuf
ඔබත් කැමතිද ලෝකයේ වැඩියෙන්ම අලෙවි වී ඇති Mobile Phones 10 මොකද්ද කියල දැනගන්න? ලෝකයේ වැඩියෙන්ම අලවි වී ඇති phone එක ලෙස වාර්තාව තබන්නේ ශ්‍රී ලංකාවේද ඉතාමත් ජනප්‍රිය වු Nokia සමාගම නිෂ්පාදනය කරන ලද Nokia 1100 ජංගම දුරකතනයයි. ලෝකයේ වැඩියෙන්ම අලෙවි වී ඇති Mobile Phones 10න් Mobile Phones 9ක්ම Nokia සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Mobile Phones වීම විශේෂ ලක්ෂණයකි. - See more at: http://topsinhalablog.com/most-popular-phones-all-time/#sthash.f3s5qvIG.dpuf

Monday, November 25, 2013

මොනවද මේ අළුත් භාෂා-පට්ට කථා෴

මචං පට්ට සීතලයි.... කටට රහට දැවිල්ලට මොනවා හරි කාලා පොඩි ඇලට් එකක් දාන්න තිබුණා නම් පට්ට සැපයිමිතුරියකගේ වදන් ඔස්සේ මම අතීතය වෙත ඇවිද ගියෙමි. එදවස මිතුරන් මිතුරන්ට ආමන්ත‍්‍රණය කිරීම සඳහා මචං යන ආමන්ත‍්‍රණය යොදා ගත්තත් මිතුරියන් මිතුරියන්ට අමතනු සඳහා මචං යන ව්‍යවහාරය යොදා ගත්තේ නැත.
 
එහෙත් අද නමින් අමතනු වෙනුවට ”-මචංයන ආමන්ත‍්‍රණය මිතුරන් අතර පමණක් නොව මිතුරියන් අතරද ජනපි‍්‍රය ඇමතුම් පදයක් බවට පත්වී ඇත. අනේ කාලේ වනේ වාසේ කීවේ ලූ... යුගයෙන් යුගයට සමාජය අතික‍්‍රමණය කරන බොහෝ දෑ අතර අලූත් වචනද එක් දෙයක්යැයි කීවොත් එය නිවැරදිය.
  පසුගිය කාලයේ අප සමාජයේ අතිශය ජනපි‍්‍රය වචනයක් බවට පත්වූයේ පට්ටයන වචනයයි. පට්ට යන්නෙන් අරුත් ගැන්වෙන්නේ කුමක්ද? මේ ඒ පට්ට පිළිබඳව සොයා යාමකි. පට්ට සේම කටට හුරුවූ තවත් වචන පිළිබඳව මතකය ද ඒ සොයායාමේදී හමු විණි. ඉතිකින් මේ වනාහි පට්ට පෙරටු කරගෙන පට්ටවලට පෙර හා පසු පැමිණි තවත් වචන පිළිබඳව ද විමසා බැලීමකි.
 
භාෂාවේ පදවලට එක් එක් කාලවලදී දෙන අර්ථ වෙනස් වීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස සුඟක් යන්න පැරැණි භාෂාවේදී ඉතා ස්වල්පයක් යන්න හැඟවනු පිණිස භාවිත වූ වදනකි. එහෙත් අද ඇත්තේ මීට සම්පූර්ණයෙන්ම ප‍්‍රතිපක්ෂ වූ අර්ථයකි. අද භාවිත වන්නේ සුඟාක් නොව හුඟාක් යන වචනයයි. එයින් අදහස් වන්නේ ස්වල්පාර්ථය නොව බහුලාර්ථයයි.
 
මෙය භාෂාව පරිණාමය වීමයි. මළ භාෂාවක් නම් මෙසේ පරිණාමය වන්නේ නැත. භාෂාවක් යනු ප‍්‍රාණයක් සහිත දෙයකි. භාෂාවට පණ ඇති හෙයින් භාෂාවේ පදවල අරුත් කලින් කලට වෙනස් වේ.
 
එමෙන්ම භාෂාවක එක් එක් විෂයන්වලට අනන්‍ය වූ පාරිභාෂිත වචනද පවතී. පාරිභාෂිත වචන අදාළ වූයේ එකී විෂයට අදාළව පමණි. එහෙත් නූතන ලේඛකයන් මෙම වචන තමන්ට අවැසි පරිදි තම ලේඛනය සඳහා යොදා ගැනීමේ ප‍්‍රවණතාවක් මේ වන විට ඇතිව තිබේ. උදාහරණයක් ලෙස අවශෝෂණය කරගැනීම විද්‍යා විෂය ධාරාවට අනන්‍ය වූ පාරිභාෂිත වචනයකි. එහෙත් අද සාහිත්‍ය විචාරවලදී මෙම වචනය භාවිත කරනු දක්නට ලැබේ.
  සංගායනාවක් යනු යතිවරයාණන් වහන්සේලාට පමණක් කළ හැක්කක්යැයි ඇතැම්හු සිතති. එහෙත් සංගායනාව යනු යහපත් ගායනාවක් යන අරුත් ඇති වචනයකි. යමෙක් පවසතොත් ව්‍යාකරණ සංගායනාවක් පිළිබඳව එතෙනදී සිදුවන්නේ බෞද්ධ සංස්කෘතිය තුළ  භාවිත කළ වදනක් සාහිත්‍යයට අදාළව භාවිත කිරීමකි.
 
පෙර කල දේහය යන්න භාවිත කළේ මෘත දේහය යන්න කරන සඳහනකදීය. එහෙත් අද කාව්‍ය විචාරයේදී ද දේහය යන වචනය පරිහරණය කරයි. කාව්‍ය ආකෘතිය යන්න වෙනුවට ඒ අරුතින්ම කාව්‍ය දේහය යන්න යොදා ගැනීම අද දක්නට ලැබෙන්නකි.
 
ආචීර්ණකල්පිත අදහස් දරන, නොඑසේ නම් වෙනස්වීම යන්න පිළිගැනීමට අකමැති භාෂාව විනාශ වේ යැයි චෝදනා කරන භාෂාව සංස්කෘතියක් ලෙස පිළිනොගන්නා භාෂාවේ වෙනස්වීමට විරුද්ධව අදහස් දක්වන අය මෙය භාෂාවේ ශුද්ධ බව නැති කර භාෂාව කාලකන්නි කිරීමක් ලෙස හැඳින්වුවද මෙය භාෂාව විනාශ කිරීමක් ලෙස අප නොපිළිගන්නේ ජීව භාෂාවකට මෙකී උරුමයන් සහ වෙනස්වීම් නිසඟයෙන්ම අනන්‍ය වන බැවිනි.
 
භාෂාවේ ආමන්ත‍්‍රණ නිපාත ලෙස හඳුන්වන නිපාත පද විශේෂයක් පවතී. ව්‍යාකරණ පතපොතේ ආමන්ත‍්‍රණය කිරීමේ නිපාත යටතේ ඇත්තේ එම්බා, එම්බල, බොල, තෙල, බොලේ, ඒයිඕයි යන ආමන්ත‍්‍රණය. 

එහෙත් අද සමාජයේදී මේ එක් වචනයක්වත් පොදුවේ ආමන්ත‍්‍රණ සඳහා යොදාගත හැකිද යන ප‍්‍රශ්නය පවතී. පොතේ ඇති නිපාතය එය වුවත් සමාජයීය වෙනස අනුව භාවිත කිරීම පිළිබඳ ප‍්‍රායෝගික ගැටලූවක් පවතී.
 
අව්‍ය පදයකදී ස්තී‍්‍රලිංගxපුරුෂලිංග යන භේදය නොපවතී. ඒක වචන බහු වචන යන භේදය නැති වේ. එමෙන්ම විභක්තිවලදී වර නගන්නට නොහැකි වේ. උදාහරණයක් ලෙස මෙන් යන නිපාතයට ස්ති‍්‍රලිංග පුරුෂලිංග භේදයක් නැත. වරනගන්නටත් නොහැක. ඒක වචන බහු වචන භේදයකුත් නැත.
 
අඩෝ යන වචනය ගතහොත් ව්‍යාකරණ පොතේ හැරෙන්නට නාට්‍යයේත්, චිත‍්‍රපටියේත්, පත්තරයේත්, පොලිස් වාර්තාවලත්, නවකතාවේත්, කෙටිකතාවේත් මේ වචනය නැත. ව්‍යාකරණ පොතේ තිබුණත් එම්බා, බොල, තෙළ, බොලේ යන ආමන්ත‍්‍රණ මේ එක් මාධ්‍යයක්වත් නැත. භාෂාවේ ජීවගුණය, භාෂාවේ වෙනස්වීම් ස්වභාවය මෙයයි.

අනාගතයේදී -මචංයන ආමන්ත‍්‍රණය නිපාතයක් වන බවට ඉඟි ලැබෙමින් පවතී. නිපාතයක් වීමට නම් වචන භේදයක් නැතිවිය යුතුය. මචං යන්නේ වචන භේදය අද වෙද්දී තුනීවෙමින් නැතිවෙමින් යමින් පවතී. මචං යන්නට තිබූ නිශ්චිත අර්ථය මස්සිනා යන්නයි. අද ගැහැනු ළමයින් ගැහැනු ළමයින්ටත් පිරිමි ළමයින් පිරිමි ළමයින්ටත් මේ කිසිදු භේදයකින් තොරව මචං යන්න භාවිත කරයි. නිශ්චිත අර්ථය හා ලිංග භේදය නැතිවී මචං යන්න ආමන්ත‍්‍රණ නිපාතයක් බවට අද පත්වී ඇත. 

ව්‍යාකරණ ඇදුරකු මචං යන්න  නිපාතයක් ලෙස හැඳින්නොවූවත් අනාගතයේදී එය එසේ වන බවට ඉඟි පවතී.
 
එදා ගම්වල පට්ට යන වචනය ඇතැම් අවස්ථාවල භාවිත කළේ ඉතාම නරක යන අර්ථය දෙන්නටය. පට්ට බැල්ලී, පට්ට වෙසඟන (එය භාවිත වූයේ වෙසඟන යන්නටම යෙදුන අකුරු තුනේ වචනයකිනි.) පට්ට බවට පත්වුණේ පර යන වචනයයි. පරබල්ලා, පට්ට බල්ලා බවට පත්වුණේය. මෙතනදී පර ලෙස ගැනුණේ නරක, අධම, නීච යන අරුතයි.
 
එහෙත් අද පට්ට යන්නෙන් අරුත් ගැනෙන්නේ සරලව කිවහොත් -මාරයන්න වන භාවිතයට සමාන අරුතකි. විශාල උත්කර්ෂයට පත්වන කි‍්‍රයාවක්, සංතෘප්තිදායක දෙයක්, විශ්මය ජනක දෙයක් යන්න සඳහන් කිරීමට ඒ සියලූ අර්ථ කැටිවූ වචනයක් ලෙස පට්ට යන්න භාවිත කරයි.
 
පට්ට ෆිල්ම් එකක් බැලූවා මචං යනුවෙන් පවසද්දී පට්ට යනු හද්ද පිටිසර වචනයකි. ෆිල්ම් යනු චිත‍්‍රපටිය යන්නට යෙදෙන ඉංගී‍්‍රසි වචනයයි. නියම, ලස්සන, හොඳ, -මාර ගතිචිත‍්‍රපටියක් යන්න දැක්වීමට මෙතනදී මේ සියල්ලේ අරුත් කැටිකොට පට්ට යන්න යොදා ගනී.
 
පට්ට ආතල්, ගැනීම යනු සාදයකදී විනෝද ගමනකදී, නැතිනම් ලිංගික කි‍්‍රයාවකදී ආදරණීය ගනුදෙනුවකදී  උතුරා යන අප‍්‍රමාණ සතුටක් අත්විඳීමය. ඇතැම් විට පට්ට යන්න පමණක් අදින ස්වරයෙන් කියමින් නතර කරයි. එයින් අරුත් ගැනෙන්නේ ඉන් එහාට කීමට වදන් නැත යන්නය. සියලූ රස උපරිම අයුරින්සාරාංශ කොට පට්ට .... යනුවෙන් කියයි. පට්ට ආදරයක් තිබුණා... යනු ඇත්තටම තවත් විදියකින්ම කියනවා නම් බොක්කෙන්ම ආදරය කළා යන්න හැඟවීමට යොදන වචනයයි.
 
පට්ට කතාවක්, පට්ට සැපක්, පට්ට සීතලකි, පට්ට රහක්. මේ සියලූ කතාවලදී ඉවසා දරාගත නොහැකි ඒ ඒ හැටියට උපරිම රසපිරුණු යන්න හැඟවෙයි.
  අද වාමාංශික මොඩලයේ සඟරාවල පට්ට යන්න ජනපි‍්‍රය වචනයකි. පට්ට පොලිටික්ස් යන්න නියම දේශපාලනය යන්න හඟවයි.
 
පට්ට කෑල්ලක් යනු ගැහැනු ළමයින් සඳහා භාවිත කරන්නකි. ඒ ගැහැනු ළමයාට පබාවතියගේ බඳු රූපයක් ඇති බව, සාලිය කුමරු අශෝකමාලා වර්ණනා කිරීමේදී කේශාන්තයේ සිට පාදාන්තය දක්වා පියයුරු, කලවා, දෙතොල, දෑස්, කෙස් මේ සියල්ල එකින් එක වර්ණනා කිරීමේදී කළ වර්ණනාත්මක ඇගයුම්, ෙඡ්ද දහයකින් පමණ ලිවිය යුතු වර්ණනා වත්මන් තරුණයින් එක් වචනයකින් කියන්නට ගත් උත්සාහයක් ලෙස පට්ට යන වචනය යොදා ගනියි. පට්ට කෑල්ල කී විට ඒ සියලූ අරුත් එහි ගැබ්ව පවතී.
 
පට්ට වෙසඟන යැයි කීවේ නියම උපරිම, මචනයේ පරිසමාප්ත අරුතින්ම වෙසඟනකි යන තේරුම දනවන්නටය. භාෂාවේ යමක් පැහැදිලි කරමින් කියන්නට අසීරු විට පැහැදිලි කිරීමට වචන බොහෝ ගණනක් යෙදීමට වඩා එක් වචනයක් භාවිත කිරීම පහසුය. පට්ට යන්න එසේ යොදාගත හැකි වචනයකි. පට්ට යන්න යෙදු විට නැවත පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත.
 
පෙර යුගයේදී පැරැණි සාහිත්‍යයේදී පදයක් ගත්විට  ඊට අටුවා, ටීකා, ටිප්පනී ගැටපද, ලියාගෙන ඒමට සිදුවූයේ ඒ පදය තේරුම් කිරීම සඳහාය. ශිෂ්ටාචාරයේ දැනට ඇති විශිෂ්ටතම සන්නිවේදන සොයාගැනීම වූ කලී භාෂාවයි.
 
භාෂාව ඉතා දියුණු තත්ත්වයකට පැමිණ නොතිබූ යුගයේදී නිරුක්ති පැහැදිලි කරන්නට විශාල මහන්සියක් දරන්නට සිදුවිය. පට්ට වැනි වචනවලින් ඒ කිසිදු මහන්සියකින් තොරව තේරුම මේ යැයි හැඟවිය හැකිය.
 
අද පරම්පරාව එකඟයි යන්න හැඟවීමට -අනිවාර්යෙන්මයන්න යොදාගනී. එය අද ප‍්‍රශ්නවලට ඔව්, එහෙමයි, එකඟයි මේ සියල්ල හැඟවීමට යෙදිය හැකි ස්ථීරසාර යෙදුමක් බවට පත්ව ඇත. ස්ථීරවම, ඒකාන්තයෙන්ම, සත්තකින්ම, අනිවාර්යයෙන්ම යනුවෙන් ගම්වල භාවිත කළේ ද අද පරම්පරාව අනිවාරතයෙන්ම යන්න භාවිත කරගත්තා වූ අරුතමය. එය යමක් පිළිබඳව සපථ කිරීම සඳහා එක් වචනයකින් දෙන පිළිතුරු දීමකි.
 
පට්ට යන වචනය භාෂාව තුළට ගෙනාවේ කවුරුන් වුවත් සිදුවුණේ එසේ වචනය ගෙනා විට එය පත්තුවීමකි. එසේ ලැව් ගින්නක් සේ වචන පත්තු කිරීම භාෂාවකදී කළ හැක්කකි.
 
ගැහැනු ළමයින් හැඳින්වීමට මාර කඳක් යනුවෙන් යොදා ගත්තේය. ඒ වචනය මාර කැතහැඳින්වීමක් ලෙස අර්ථ විග‍්‍රහ කළ සුචරිතවාදීහු අප රටේ සිටියහ. බෝධිසත්වයන් වහන්සේ කුස ජාතකයේදී පබාවතිය හඳුන්වා ඇත්තේ ද කඳ යන නමිනි. ජාතක පොතේ ස්වර්ණ තාල ස්කන්ධයක් ලෙස පබාවතිය හඳුන්වා ඇත. ස්වර්ණ යනු රත්තරන්ය. තාල යනු තල්ය. ස්කන්ධ යනු කඳය. සරල සිංහලයෙන් ගත්තම පබාවතිය යනු රන් තල් කඳකි. වත්මන් පරපුර මාර කඳක් යනුවෙන් කළ ව්‍යවහාරය ඒ පැරැුණි ව්‍යවහාරයේම නව මුහුණුවරකි.
 
පිස්සු හැදෙන සඳමීට කලකට පෙර ආ භාවිතයකි. මේක මහ පිස්සු හැදෙන කාලයක් යනුවෙන් එයින් අරුත් ගැන්වුණි. හොදි මදි, හොදි  ඕන් නෑ, දිරවගන්න ලේසියි, තව හොදි ටිකක් තිබුණා නම් යන්න අද ජනපි‍්‍රය තවත් යෙදුමකි. රසය මදි, තියන රසය හොඳටම ඇති, තව රස තිබුණොත් හොඳයි යන්න මින් අර්ථ ගැන්වේ.
 
මල පැන්නා යන්නද පසුගිය කාලයේ භාවිත වූ ජනපි‍්‍රය යෙදුමකි. කෝප ගැන්වූවා යන්න හැඟවීමට මෙය යෙදේ. අර්ශස් රෝගය සෑදුණු විට ගුද මාර්ගයේ බඩවැල එළියට පැමිණේ. එය මලක හැඩය ගනී. වේදනාව නිසා ඒ රෝග තත්ත්වය හැදුණු විට කේන්තිය එයි. කේන්තිය ආවා යන්න ඇඟවීමට මල පනිනවා යන්න යෙදුනි. ඒ අරුතින්ම තොට අර්ශස්ද යන්න ඇසීම පසුගිය කාලයේ ආ දෙයකි.
 
පෙර සඳහන් කළ සියලූ වචන අපේ ඉපැරැුණි ජනවහරත් සමඟ සබඳකමක් තිබූ වචන මිස එක්වරම ප‍්‍රාදුර්භූත වූ වචන නොවේ. මේ සියල්ල භාෂණයේ තිබූ ඒවා මිස ආකාස්මික ඒවා නොවේ. භාෂා මූලයකින් හැදෙන වචන මිස ඉබේ පහළ වෙන වචන නොවේ. පට්ට සිට එල, දක්වා කී නොකී සියලූ වචනවලට එකී සත්‍ය වලංගු වෙයි.

සටහන: සංජීවිකා සමරතුංග
ඡායාරූප: ඇලෙක්සැන්ඩර් බාලසූරිය
උපුටා ගැනීම: http://www.lankadeepa.lk/index.php/articles/188162  

Sunday, November 10, 2013

පිනි මත බඹරු (8 වන කොටස)

පුද්ගලිකත පරිගණක පන්තියට යන්න උදේම ගෙදරින් පිට වුනාට මොකද, හිතට සැහැල්ලුවක් නම් තිබුනෙම නෑ. දහ දුක් විඳගෙන අම්මල ජීවත් වෙන්න සටන් කරද්දි, අතේ සතේ නැතිව මම පුද්ගලික පන්තියකට යන එක හරිද කියන ප්‍රස්නෙ මගෙ හිතේ නොතිබුනාම නොවේ.

ආහ්.... ලෝචන... උදේම කුකුලත් අතින් අරන් මොකද මේ පැත්තෙ...?
ආහ්... සුජා... ගුඩ් ‍මෝනිං... කො‍හොමද?

ගුඩ් මෝනිං ලෝචන.. එපා වෙනව ගෙදර ඉන්න ගියාම...

ම්... හම්.... මමනම් ඔය පොඩි පොඩ් ජොබ් කීපයකටම ඇප්ලිකේෂන් දැම්ම.  ඒත් රිසාල්ට් එනකන් ඒවගෙන් වැඩක් නැතිවෙයි වගේ...

ආ... කුමාරය හිමිදිරි උදේම සැපත් වෙලා ඉන්නෙ... කුමාරිකාව මුණ ගැහෙන්න වගේ..

ආහ්.. සජ්ජ.. ගුඩ් මෝනිං වේවා...

මෝනිං මෝනිං...

ආපෝ.. උඹ ආවනෙ මෙහෙත් වනසන්න...

පල පල ඩෝ යන්න.. මේ සජ්ජ නැත්තන් ලොවෙත් නෑ...

හ්ම්... හ්ම්... අපි නොදන්න ලොව....

(සුජා කට ඇද කරල නෝන්ඩියට වගේ කියල සජ්ජට කැපිල්ල දැම්මෙ රමේකගෙ හැකර කටේ තරම දන්න හින්දයි..)

ආහ්...  මට අමතක උනා... ලෝචනා මේක දෙන්න කීව ඔයාට ලෝචන...

(සුජානි මගෙ අතේ 4ට 5ට නවපු කොල කෑල්ලක් තිබ්බෙ සජ්ජත් ඉන්න තැන...

වාව්... වාව්... කොල්ලගෙ ලව නම් නැගලම යනව වගේ... කෝ.. මෙහෙ දියන් බලන්න..

(සජ්ජ මගෙ අතින් ලිව්ම උදුර ගත්තෙ කියවන්න බව මම දැන ගත්ත...)

ඔන්න එහෙනම් සුජා ලෝචගෙ ආදර පෙම් පුවත ඈ...... හොඳට අහගන්න සුජා...

හ්ම්... හ්ම්... හ්ම්...

උගුර පාදල එහෙම සජ්ජ ලෑස්ති වෙන්නෙ මගෙ ආත්ම ගෞරවේ සුජා ගාව කුජීතම කරන්න බව මම දැන ගත්ත. දැන් මොනව කරන්නද? පාප මිත්‍ර සේවනයේ ප්‍රථිඵල.???

නිවසේදී... ලෝචන....

ෂැක්.. මන් හිතුවෙ මගෙ සුදු පැටිය සංගිලි බෝලෙ... රත්තරං... මැණික... කියල ආමන්ත්‍රණයකර තියෙයි කියල ඈ... ෂෑ... 

සජ්ජ කියවගෙන ගියේ මාව අගතියටම කපා දාල. සුජා නම් හිටියෙ ගොඩක් බයවෙලා වගේ...

ෝචන... ඔයාට කොහොමද? මම මේ ලිපිය ලියන්න හිටියෙ ගොඩක් කලින්. ඒත් යාළුවො......

(ඉතිරිය සජ්ජ සද්දෙ වහගෙන කියවන්න පටන් ගත්ත..)

සුජානි මගේ දිහා විටින් විටේ බයවෙලා වගේ බල බල බිම් බලාගත්ත..ඒ ඇයි කියලනම් මට තේරුම් ගන්න බැරි උනා....

ලිපිය සම්පූර්ණයෙන්ම කියවල අවසන් කරපු සජ්ජ මන් දිහා මොහොතකට බලාගෙන ඉඳල ආයෙත් ලිපිය මුල ඉඳන් කියෙව්වද කොහෙද?

මොකද බන්..  මොකද ලෝචනා කියන්නෙ...?

සජ්ජ ඒත් කථාවක් බහක් නැතිව ලිපිය කියවනව බිම 
බලාගෙනම..මොකෝ බං.. මූඩ් ගහගෙන ගල් ගිලල වගේ...උඹට ලෝචනා බැනලද බන්....

ඒත් සජ්ජ කතා කරේවත් ඔලුව ලිපියෙන් ඉවතට ගත්තෙ වත් නෑ. සජ්ජගෙ ඇස්වල කඳුළු දිලිසෙනව දැක්කෙ මම ඒ වෙලාවෙ.මෙන්න මෙහාට දියන් බලන්න.

මම සජ්ජගෙ අතින් ලිපිය ඇදල ගත්තෙ ටිකක් කේන්තියෙන්.

සජ්ජ එහෙමම හිටගෙන හිටපු තැන තිබුනු ලයිට් කනුවට හේත්තු වෙලා ලයිට් කණුවට හේත්තු වෙලා කල්පනා කරන්නට වුනේ මාව අන්ද මන්ද කරමින්..

ඇ්තටම මොනවද ලෝචි ලියල තියෙන්නෙ.? මූ මේ තරමටම අප්සෙට් යන්න තරම්... කල්පනා කරමින්ම ලිපිය කියෙව්වෙ මුකුත්ම හිතා ගන්න බැරිව..

තවත් කොටසක් බලාපොරොත්තු වන්න

මෙහි සියළුම හිමිකම් FREEGETLANKA.COM සතු වන අතර අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් වේ...