ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Friday, May 30, 2014

පිනි මත බඹරු (11 වන කොටස)




ලෝච.. මේ... යමන් යන්න.. අපිට එයා එක්ක කථාවක් නෑ...

සජ්ජ මාව ඇදගෙන ලෝචනා ඉදිරිපටටම ගියේ ඇය මගහැර යන්න. ඒ ඇයත් එක්ක සජ්ජ කතා කලොත් මගෙ හිත තවත් පෑරෙන වග ඌ දැනන් හිටි නිසා වෙන්න ඕනෙ. ඒ වගේම සෙට් එකේම උන් ලෝචි ට තමන්ගෙම සහෝදරියකට මෙන් සලකපු එකත් ඒකට එක් හේතුවක් වෙන්න ඇති..

ලෝචන...

ලෝචිගෙ හඬ හමුවෙ ඇය පසුකර යෑමේ අධිෂ්ඨානය එහෙමම නැතීවී ගියේ ඈ කෙරෙහි හිතේ තිබුනු ස්නේහය එ‍හෙමම මසිතේ රැඳී තිබූ නිසාම වෙන්නැති.

කියන්න..

බිමට බරවෙලා තිබිනු ඒ මලානික මුහුණ දෙස බලාගෙන අපහසුතාවෙන් වුවත් පැවසුවෙ හදවතින් ආපු ඉකිබිඳුම නවත්ත ගන්න උත්සාහ ගනිමින්.

මේ... ලෝචනා... කරුනා කරල අපට අපේ පාඩුවෙ යන්න දෙන්න.. ඔයාල වගේ බෝනික්කන්ට සෙල්ලම් කරන්න අපේ ජීවිත සෙල්ලම් බඩු නෙමේ.. අපි ගොඩක් දුප්පත් අහිංසක අම්මල තාත්තලගෙ දරුවො..

සජ්ජ ටිකක් සැරෙන් කීවෙ හිතට ආපු ආවේගෙට වගේම දුකට කියල මම හොඳටම දැනන් හිටිය. 

අයිම් සොරි ලෝචන.. මට විනාඩියක් කතා කරන්න ඕනෙ. හැමෝටම හොරෙන්  ඔයා මීට් වෙන්න මගට ආවෙ ඒකයි..

ලෝචිගෙ අසරණ මූණ දිහා බලාගෙන මට ඒ ඉල්ලීම ප්‍රථික්ශේප කරන්න හයියක් තිබුනෙ නෑ..

සජ්ජ.. මචන්.. මට විනාඩි පහක් දියන්...

සජ්ජ කේන්තියෙන් මදක් එහාට ගියෙ මගෙ ඉල්ලීමට පිටුපාන්න බැරි කමට කියල මට හොඳටම තේරුන...

ලෝචනා... කියන්න..තව මොනවද ඔයාට කියන්න ඉතිරි වෙලා තියෙන්නෙ නංගි..?

ඇය හිටියෙ බිම බලාගෙන.. ඒ මුහුණෙ මහා දුකක් ගැබු වෙලා කියල මට බැලූ බැල්මටම පෙනුන. ඒත්, ඒ දුක මම දුන්නු දුකක් නෙමෙයි. ඒ මුහුණ නිසා මටයි දුකක් ඇති වෙලා තියෙන්නෙ... මම හිටියෙ කිසිවත් කර කියා ගන්න බැරි තරම් අසරණ තත්වෙක.

අයියෙ... මට ඔයාට කියන්න දෙයක් තියෙනව...

ඇය කීවෙ ඉවත බලාගෙන ඇස්වල කඳුලු පුරවගෙන...

මොකක්ද ලෝචනා.. කියන්න...

ඈ කුලු පිරුණු දෑසින් මා දෙස නැවතත් බලා ඉවත බලාගෙන කල්පනා කරන්න පටන් ගත්ත... කියන්නෙ කුමක් වුවත් එය බොහොම බරපතල දෙයක් බැව් මට හොටම තේරුම් ගිහිල්ලයි හිටියෙ.

අයියෙ...  ඔයා මම එවපු ලිවුම කියව්වනෙ. ඒ හැමදේම ඇත්ත. ඒත්, ඔයාව අඳුන ගත්තට පස්සෙ මගෙ හිත මටත් නොදැනී ඔයාට ගොඩාක් ලන් උනා... සත්තයි. මට ඔයාට බොරු කියන්න බෑ. ඔයා එදා ග්රවුන්ඩ් එකේදි බත් කවපු වෙලේ ඉඳන් මට මේ ලෝකෙ මගෙම කියල කෙනෙක් ඉන්නව නේද කියල දැනුන. ඔයාගෙ දුප්පත් කම නිසා මම ඔයාව විහිළුවට ගත්ත කියල හිතන්න එපා..
 
සත්තයි.. ඔයා තමයි මම දැකපු මේ ලෝකෙ පෝසත්ම කෙනා ලෝචන අයියෙ.. ඔයාගෙ හදවත ඔයාගෙ ගතිගුණ ගොඩාක් පෝසත්.  ඒ වගේම මම මේ ලෝකෙ දැකපු හොඳම යාළුවො සෙට් එක ඉන්නෙත් ඔයාට..

අපේ අම්ම කියන කථාව ඇත්ත ලෝචන අයියෙ. මම වගේ අවාසනාවන්ත කෙල්ලෙකුට වාසනාව පෙනෙන්නෙ නෑ...

ලෝචනාගෙ ඇස්වලින් කඳුළු වැටෙන්න උනේ ඈ කියවාගෙන යද්දිමයි.. කෙමෙන් කෙමෙන් ඇගේ හඬ ඉකිබිඳුමක් බවට පෙරලෙන්නට විය..

මට සමා වෙන්න අයියෙ...

ඈ දෑත් එක්කර මට වඳින්නට මෙන් මා අභියස පහත් වන්නට විය. මා ඇගේ දෙව්රෙන් අල්ලා නැගී සිටුවන්නට සදත්ම ඈ මගේ පපුවට ගුලිවී හඬන්නට වූයේ මා අන්ද මන්ද කරමිනි.. වටපිට බලන විට සජ්ජද කිසිත් තේරුම් ගත නොහැකිව මීටර් 50ක් පමන ඈතින් මේ සිදුවීම් සමුදාය දෙස දෑස් අයා බලා සිටින වග මට පෙනිනි..

මට සමා වෙන්න රත්තරං...... 
ලෝචි කීවෙ ඉකිබිඳුම් අතරින්..

මා ඈ හට ඇතිතරම් හඬා දුක තුනී කර ගන්නට හැර නිහඬව සිටියේ ඈ මගේද නැතහොත් මේ අපේ කථාවේ අවසානයද යන්න තේරුම් ගන්නට බැරිව දෙලොවක් අතර අතරමන් වෙමිනි..

හමුවෙමු යලිත් විඳින විඳවන සෙනෙහසක සැබෑ තතු අරන්

පිනි මත බඹරු 12 වන කොටස සමගින්...

රැඳී සිටින්න අප සමග.
රචනය: රවීන් බණ්ඩාර

Sunday, May 25, 2014

ගෞතම බුදු සිරුර ආදාහනයෙන් පසු ඉතිරි වුනු ධාතූන් වහන්සේලා෴


ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
සම්ම සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා ශාරීරික ධාතු, පාරිභෝගික ධාතු, උද්දේසික ධාතු ලෙස කොටස් තුනක ට බෙදිය හැක. ශාරීරික ධාතු යනු බුදු රදුන්ගේ ශ්‍රී ශරීරයේ කෙස්, දත්, අස්ථි ආදී කොටස් ය. පාරිභෝගික ධාතු යනු බුදුරජාණන් වහන්සේ විසින් පාරිභෝග කළ ජය ශ්‍රී මහා බෝධිය, පාත්‍ර, සිවුරු ආදී වස්තූන් ය. සිරිපා සටහන් ද මෙයට ම අයත් වේ. උද්දේසික ධාතු යනු බුදු රජාණන් වහන්සේ උදෙසා කරන ලද්දා වූ බුද්ධ ප්‍රතිමාදියයි. මෙහි විස්තර කරනු ලබන්නේ ශාරීරික ධාතු හා පාරිභෝගික ධාතු පිළිබදව මූලික කරුණු ස්වල්පයකි.
ශාරීරික ධාතූන් වහන්සේලා
ලලාට ධාතූන් වහන්සේ
අකු ධාතූන් වහන්සේලා දෙනම
ධාඨා ධාතූන් වන්සේලා සතර නම (සතර දළදාවන්)
ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ
කේශ ධාතූන් වහන්සේලා
නඛ (නිය) ධාතූන් වහන්සේලා
ඌර්ණ රෝම ධාතූන් වහන්සේ
භින්න ධාතූන් වහන්සේලා

පාරිභෝගික ධාතූන් වහන්සේලා
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ
සිරිපා සටහන්
පටී ධාතූන් වහන්සේ
ජලසාටිකා ධාතූන් වහන්සේ
පාත්‍රා ධාතූන් වහන්සේ
01 ලලාට ධාතූන් වහන්සේ

නොවිසිරුණු ධාතු අතරින් ලලාට ධාතුවට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. ලලාට ධාතුව යනුවෙන් හදුන්වන්නේ නලල් ඇටය යි. (Frontal Bone) පාලි භාෂාවෙන් මෙයට " උණ්හීස " යනුවෙන් කියනු ලැබේ. මෙය තරමක් විශාල අස්ථියකි.
සර්වඥයන් වහන්සේට පිරිපුන් නලල් තලයක් ද පිරිපුන් ශීර්ෂයක් ද වූ බව දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ දැක් වේ. එය මහා පුරුෂ ලක්ෂණයකි. එය හදුන්වන්නේ " උෂ්ණීෂ ශීර්ෂ ලක්ෂණය " යනුවෙනි.

" මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්න "
ධාතු බෙදී මේ දී සර්වඥ ලලාට ධාතුව මල්ල රජ දරුවන් ගේ ධාතු කොටසට අයත් විය. බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයෙහි " මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්නැ " යි කියා අනුදැන තිබුණි. මේ බව හොදින් දැනගෙන හිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මල්ල රජ දරුවන් වෙත එළැබ " රජ දරුවනි, අප බුදු රජුන් වැඩ සිටි සමයෙහි ම ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන ලෙසට අනුදැන තිබුනි. එබැවින් ධාතූන් වහන්සේලා අපට දෙන්නැ " යි කී සේක. මෙය ඇසූ මල්ල රජ දරුවෝ " ස්වාමිනී, එසේනම් ගනු මැනවැ " යි කියා ධාතූන් වහන්සේ මහ තෙරුන්ට භාර දුන්හ.
එකල්හි මහා කාශ්‍යප මහ තෙරණුවෝ තමන් වහන්සේ ගේ සද්ධිවිහාරික වූ මහා නන්ද තෙරුන් කැදවා " නන්දයෙනි, අනාගතෙයේ දී මේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයෙහි මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් විල් තෙර වරාහසොණ්ඩ් නම් වූ තැන පිහිටුවා කාවන්තිස්ස නම් වූ රජතුමා මහා දාගැබක් බැද සංඝාරාමයක් ද කරවන්නේය. ඔබ මේ ධාතූන් වහන්සේලා ගෙන විශාලා මහ නුවර මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි අප බුදුන් වැඩ සිටි ගඳකිළියෙහි තැන්පත් කර මලින් ගඳින් පුද සත්කාර පවත්වන්නැ " යි කියා ධාතූන් වහන්සේ භාර දුන් සේක.
මහා නන්ද තෙරණුවෝ මහා කාශ්‍යප මහ තෙරුන්ට වැඳ ධාතූන් වහන්සේ පිලිගෙන අහසට පැන නැගී විශාලා මහ නුවර මහ වනයේ කූටාගාර ශාලාවෙහි බුදුරදුන් වැඩ සිටි ගඳකිළියට වැඩ ලලාට ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නොයෙක් ආකාරයෙන් පුද සත්කාර පැවැත්වූහ.
මෙසේ මහ රහත් පරපුරෙන් පරපුරට මහා සත්කාර ලබමින් ආරක්ෂා වූ ලලාට ධාතූන් වහන්සේ පසු කලෙක මහාදේව මහ තෙරුන් වහන්සේ ලක්දිවට වැඩම කර වූහ. ඒ සමයෙහි ලක්දිව මාගම රාජ්‍ය කලේ මහා නාග රජු ය. මහා නාග රජු ධාතූන් වහන්සේ උදෙසා මනරම් මන්දිරයක් තනා ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නිරන්තරයෙන් ම ධාතු පූජා පැවැත්වීය.
ඉන් පසුව රජ වූ යටාලතිස්ස රජු ද ගෝඨාභය රජු ද ධාතු පූජා පැවැත් විය. ගෝඨාභය රජු ගෙන් පසුව රජ වූයේ කාවන්තිස්ස රජුය. කාවන්තිස්ස මහ රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ ගේ ශරීරයේ ප්‍රමාණයට සත් රුවනින් බුද්ධ ප්‍රතිමාවක් තනවා ලලාට ධාතුව එම බුද්ධ ප්‍රතිමා වේ නලල් තලයෙහි තැම්පත් කළේය. තැන්පත් කර සිව තෙරුන් නාලොවෙන් වැඩම කර වූ කේශ ධාතූන් වහන්සේලා විහාරමහා දේවිය ලවා බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයෙහි තැන්පත් කරවා එම බුද්ධ ප්‍රතිමාව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය තැනුවේය.

එතැන් පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ඉතා දුර්ලබ වූ ලලාට ධාතූන් වහන්සේ දෙවිමිනිසුන් සහිත ලෝකයා ගේ වන්දනා ලබමින් මේ දක්වා නැගෙනහිර පළාතේ සේරුවිල මංගල මහා සෑයේ වැඩ සිටිති. මේ මහා ධාතු ස්ථූපයෙන් අවස්ථා කිහිපයක දී නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යන් සිදු වී ඇත.
බුදුරදුන් තෙවැනි වරට ලක් දිවට වැඩම කල අවස්ථාවේ දී පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් සේරුවිලට ද වැඩම කර මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. ලලාට ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේලා තැම්පත් කර මංගල මහා සෑය තනා ඇත්තේ බුදුරජුන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටි ඒ ස්ථානයේය.

02 අකු ධාතූන් වහන්සේලා
අකු ධාතු දෙනම ද නොවිසිරුනු ධාතු අතරට අයත් වේ. අකු ධාතුව යනුවෙන් හදුන්වන්නේ අකු ඇටයයි. ( Clavicle/Collar bone). පාලි භාෂාවෙන් අකු ඇටයට "අක්ඛකට්ඨි" යනුවෙන් කියනු ලැබේ. සංස්කෘත භාෂාවෙන් "අක්ෂකාස්ථි" යනුවෙන් කියනු ලැබේ. වම් හා දකුණු ලෙස අකු ඇට දෙකකි.
ස්ර්ව්ඥ අකු ධාතු දෙනම ගෙන් දකුණු අකු ධාතූන් වහන්සේ මුලින්ම වැඩ සිටියේ තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයේය. පසුව මිහිදු මහ රහතන් වහන්සේ ගේ උපදෙස් පරිදි සුමන සාමණේරයන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක් රජුගෙන් දකුණු අකු ධාතුව ලබා ගෙන ලක් දිවට පැමිණියහ.

දේවානම්පියතිස්ස මහ රජු ස්ර්වඥ දකුණු අකු ධාතුව නිධන් කර අනුරාධපුරයේ ස්ථූපයක් කලේය. මේ ස්ථූපය "ථූපාරාම මහා සෑය" ලෙස හදුන්වනු ලැබේ. ලක්දිවට බුදු දහම වැඩම කරවීමෙන් පසුව ඉදි වූ මුල්ම ස්ථූපය මෙයයි. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී දැන් මේ ථූපාරාමය පිහිටා ඇති ස්ථානයේ ද පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ.
( එපමණක් නොව මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ බුදුරජුන් ගේ ඩබරා ධාතුව ද කෝණාගමන බුදුරජුන් ගේ පටී ධාතුව ද කාෂ්‍යප බුදුරජුන් ගේ ජලසාටිකා ධාතුව ද තැන් පත් කර තිබුනේ දැන් මේ ථූපාරාම මහ සෑ පිහිටා ඇති ස්ථානයේම ය. )
දකුණු අකු ධාතුන් වහන්සේ ථූපාරාම මහ සෑයේ පිහිටුවන දිනයෙහි බුදුරදුන් ගේ අදිටනකට අනුව ධාතූන් වහන්සේ අහසට පැන නැගී යමා මහ පෙළහර දක්වා ඇත.
දෙවැනි අග්බෝ රජු සමයේ දී ථූපාරාම සෑයේ කොටසක් කඩා වැටීම නිසා දකුණු අකු ධාතූන් වහන්සේ ඉන් පිටතට වැඩම කිරීමට සිදු විය. මේ බව චූල වංශයේ දැක්වේ. එම කතා පුවත මෙසේ යි.
දිනක් ජෝතිපාල තෙරුන් වහන්සේ ථූපාරාම මහා සෑය වන්දනා කරන කල්හි සෑයෙන් භාගයක් කඩාගෙන වැටුණි. මෙයින් දුකට පත් ජෝතිපාල තෙරුන් රජතුමා කැදවා එය පෙන්වීය. රජු කඩා වැටී ඇති සෑය දැක බියට පත්ව දකුණු අකු ධාතූන් වහන්සේ පිටතට වැඩම කරවා ලෝවාමහාපායේ සුරක්ෂිතව තැන්පත් කර සෑය පිලිසකර කර වීමට කටයුතු යෙදුවේය. ඒත් ඒ කටයුතු පමා විය.
එකල්හි ථූපාරාමයේ දෙවතාවෝ ආරාමිකයන් මෙන් රජුට සිහිනන් පෙනී "සෑය තැනීමට තවත් පමා වෙනවා නම් අපි ධාතූන් වහන් සේ ගෙන වෙනත් තැනකට යමු" යි කීහ. මෙයින් බියට පත් වූ අග්බෝ රජු වහ වහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරවා ලෝවාමහාපායේ වැඩ සිටි සර්වඥ දකුණු අකු ධාතුව ගෙණ ථූපාරාම සෑයේ තැන්පත් කර එහි සියලු වැඩ කටයුතු අවසන් කරවා මහා පූජාවක් කලේය.
මෙසේ ගෞතම බුදුරජුන් ගේ දකුණු අකු ධාතූන් වහන්සේ ලක් දිව ථූපාරාම මහ සෑයේ වැඩ සිටිති. එසේ නම් වම් අකු ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ කොහි ද?
බුද්ධවංශ පාළියේ ධාතු භජනීය කතාවේ සදහන් ගාථාවන් ට අනුව ස්ර්වඥ වම් අකු ධාතූන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ වැඩ සිටින බව දක්වා තිබුණත් එයට වඩා වැඩි විස්තරයක් දක්වා නැත.

03 දාඨා ධාතූන් වහන්සේලා
සතර දළදාවන් ද නොවිසිරුනු ධාතූන් අතරට අයත් වේ. "දළදා" යනුවෙන් හදුන් වන්නේ "රදනක" (Canine) නම් වූ දත් විශේෂයයි.
රදනක දත් සතරකි. පාලි භාෂාවෙන් රදනක දත් වලට "දාඨා" යැයි කියනු ලැබේ. මේ දත් සතර අනෙක් දත් වලට වඩා මදක් උල් ය.
දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු, හිඩැස් නොවීය. එසේම දත් උස නොවීය, කෙටි නොවීය, ඇල නොවීය. සියලු දත් මුතු ඇට පෙලක් මෙන් සමව පිහිටා තිබුණි. දළදා සතර අනෙක් දත් වලට වඩා ඉතා සුදු පැහයෙන් යුක්ත විය.
සතර දළදවන් ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදේ. ඒවාට "දාඨා ප්‍රභා" යයි කියනු ලැබේ. සතර දළදාවන් හොදින් දැක ගැනීමට ලැබෙන්නේ ස්ර්වඥයන් වහන්සේ සිනහ පහළ කරන අවස්ථාවන්හි දී පමණි.

ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදන අවස්තාවේ දී සගවා ගත් දළදාවන් තුන් නමට සිදුවූයේ කුමක්ද?
ධාතු බෙදන අවස්තාවේ දී දෙදෙවු ලොවට අධිපති සක්‍ දෙවු රජු බුදුරජුන්ගේ දකුණු දළදාව නොදැක "සර්වඥයන් වහන්සේගේ දකුණු දළදාව කවරෙකු විසින් ගනු ලැබුවා දැ?" යි කියා දිවැසින් බලන කල්හි ධාතු බෙදන ද්‍රෝණ බමුණා විසින් ම ගෙන ජටාව තුල සගවා ගෙන සිටින බව දැක "මොහුට මේ ධාතූන් වහන්සේට පුද සත්කාර කිරීමට හැකියාවක් තිබෙන්නේ දැ?" යි කියා බලන ලදි. එහිදී එය නොහැකි බව දැන "මොහු ගෙන් ධාතූන් වහන්සේ ගනිමි" යි සිතා ඉතා සියුම් අතක් මවා ඔහුට නොදැනෙන ලෙස ධාතූන් වහන්සේ ගෙන රන් කරඬුවක තැන්පත් කර හිස මුදුනේ තබා ගෙණ තව්තිසා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයේ තැන්පත් කර පුද සත්කාර කළේය.
අනෙක් දකුණු දළදාවට සිදු වූයේ කුමක් ද?
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නම් නාරජු මහත් වූ දුකට පත්ව "අවසන් වතාවටත් බුදුරජාණන් වහන්සේ දැක බලා ගෙන වන්දනා කරන්නෙමි" සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමින මහා පූජා කොට ධාතු බෙදන කල්හි එතැන්ට ගොස් එකත්පස්ව සිට ගෙන සිටියේය.
ධාතු බෙදන අවස්ථාවේ දී ද්‍රෝණ බමුණා අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා ගත් අයුරු ජයසේන නාරජු දුටුවේය. දැක ඔහුට නොදැනෙන ලෙස දළදාව ඍදියෙන් ගෙන නාග භවනට ගෙන ගොස් නාග පුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වීය.
කාවන්තිස්ස මහ රජතුමා සමයෙහි මහාදේව මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහින්ද නැමති තෙරණුවෝ නාග භවට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කලහ. ගිරි අභය රජතුමා මහින්ද තෙරුන් සතුව පැවති ඒ දකුණු දළදා වහන්සේ නිධන් කර ස්ථූපයක් කලේය. එය "සෝමාවතී මහ සෑය" නම් වෙයි.

මේ ස්ථූපය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ. 2 වැනි සියවසේදීය. මෙයින් පෙනී යන්නේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු සර්වඥ වම් දළදාව ලක් දිවට වැඩම කිරීමටත් ප්‍රථම සර්වඥ දකුණු දළදාව ලක්දිවට වැඩම කරවා ඇති බවයි.
සෝමාවතී මහ සෑයේ වැඩ වසන දකුණු දළදා වහන්සේ බොහෝ ප්‍රාතිහර්‍යයන් සිදු කරන ධාතූන් වහන්සේ නමක් බව බොහෝ දෙනා ගේ පිළිගැනීමයි. අවස්ථා කිහිපයක දී ම ධාතු ස්ථූපයෙන් දීප්තිමත් අලෝක ධාරා විහිදී ඇත. ඇතැම්විට හේවිසි ශබ්ද ඇසී ඇත. සෝමාවතී පුදබිම නොයෙක් අසිරිමත් සිදුවීම් වන මහා පින්බිමක් වශයෙන් බෞද්ධයන් අතර පමණක් නොව අබෞද්ධයන් අතර ද ප්‍රකට ය.

වම් උඩු දළදාවට සිදුවූ යේ කුමක් ද?
ද්‍රෝණ බමුණා ධාතු බෙදන අතර තුර බුදුරජුන් ගේ වම් උඩු දළදාව වස්ත්‍ර අතරේ සගවා ගත්තේය. දළදාව වස්ත්‍රයේ සගවා ගත් අයුරු දුටු පෙර කරන ලද මහා පින් ඇති ගාන්ධාර දේශයෙන් පැමිණි වැසියෙක් කුසල් සිතින් යුතුව එම දළදාව ගෙන ගන්ධාර වැසියන් ද සමගින් තම රටට ගොස් චේතිය නැමති වනයේ වම් උඩු දළදාව තැන්පත් කර පුද සත්කාර පැවැත් වීය.
ගන්ධාර දේශයට වැඩම කර වූ සර්වඥයන් වහන්සේගේ වම් උඩු දන්ථ ධාතූන් වහන්සේ මේ වන විට කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි නිශ්චිතව කිව නොහැක්කේ ඒ පිලිබඳ ව වැඩි විස්තරයක් සදහන් නොවන නිසා වෙනි.

වම් යටි දළදාවට සිදුවූ යේ කුමක් ද?
දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ ගේ සිසුවෙකු වූ ඛේම මහ රහතන් වහන්සේ සර්වඥ චිත්කයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් යටි වම් දළදාව ගෙන කාලිංග දේශයට ගොස් එහි රජතුමාට දළදා වහන්සේ භාර දුන්හ. මුලින් ම මිසදිටුවෙකු වූ මේ රජතුමා පසුව මහ තෙරුන් නිසා බුද්ධ සාසනයෙහි පැහැදී බුදු දහම වැලඳ ගෙන මනහර මන්දිරයක් තනා දළදා වහන්සේ එහි තැන්පත් කර ධාතු පූජා පැවැත්වීය. මෙසේ දළදා වහන්සේ වසර අටසියයක කාලයක් කාලිංග දේශයේ රජ දරුවන්ගේ මහා සත්කාර ලබමින් දඹදිව වැඩ සිටියහ.
පසුව එරට රජ කල ගුහසීව රජතුමා පරසතුරු උවදුරු වලින් දළදා වහන්සේ ආරක්ෂා කර ගනු රිසියෙන් හේමමාලා කුමරියට හා දන්ත කුමරුට දළදා වහන්සේ භාර දී ලක්දිවට යෑමට උපදෙස් දුන්නේය. හේමමාලා කුමරිය බැමිණියක ගේ වෙස් ගෙන දළදා වහන්සේ තම කෙස් කළඹ තුල සගවා ගෙන බමුණු වෙස් ගත් දන්ත කුමරු ද සමගින් නැව් නැගී ලක්දිවට පැමිණියාය. ඔවුන් පැමිණෙන විට ලක්දිව රජකම් කලේ මහසෙන් රජතුමාගේ පුත්‍රයා වූ කිත්සිරිමෙවන් රජතුමාය. (ක්‍රි. ව. 301-328)
හේමමාලා කුමරිය හා දන්ත කුමරු කිත්සිරිමෙවන් රජුවෙත ගොස් දළදා වහන්සේ රජු වෙත භාර කළහ. රජතුමා මහත් වූ සතුටට පත්ව අගනා කරඬුවක දළදාව තැන්පත් කර දේවානම්පියතිස්ස රජු කර වූ දම්සක්ගෙයි දළදා වහන්සේ සහිත කරඬුව වඩා හිදුවා මහත් වූ පුද සත්කාර පැවැත් වීය. එතැන් සිට සිංහල රජ දරුවන් ගේ අප්‍රමාණ ගෞරවයට හා වන්දනාවට පාත්‍ර වූ දළදා වහන්සේ මේ වන විට මහනුවර ශ්‍රී දළාදා මැදුරේ අගනා කරඬු සතක් තුල වැඩ සිටිති. දළදා වහන්සේ නොයෙක් අවස්ථාවල දි නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යයන් සිදු කර ඇත.

අනෙකුත් දන්ත ධාතූන්, කේශ ධාතූන් හා ලෝම ධාතූන් ට සිදු වූයේ කුමක් ද?
මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව බුදු රජුන් ගේ අනෙකුත් දන්ත ධාතූන් ද, කේශ ධාතූන් හා ලෝම ධාතූන් ද නොයෙක් සක්වළින් පැමිණි දේවතාවෝ ගෙන ගොස් ඇත. බුදුරදුන් පිරිනිවීමට පෙර දෙවි මිනිසුන් සහිත ලෝකයාට වැද පුදා ගෙන පින් සිදු කර ගැනීමට මේ ධාතු ශේෂ වීමට අදිටන් කල බව පාළි ධාතු වංශයේ සදහන් වේ. ඊට වඩා වැඩි විස්තරයක් දක්වා නැත.
ඒත් හියුං සියං හිමියන් ඉන්දියාවේ හා අෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයක බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේලා කිහිප නමක් වැඩ සිටින බව තම දේශාටන වාර්තවේ සදහන් කර තිබේ.
එහි සදහන් කර ඇති ආකාරයට ඇෆ්ගනිස්ථානයේ බාමියන් දේශයේ එක් විහාරයක බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේ නමක් හැරුණු විට පසේ බුදු රජාණන් වහන්සේ කෙනෙකුගේ දන්ත ධාතූවක් ද සක්විති රජ කෙනෙකුගේ දන්තයක් ද තැන්පත් කර තිබුනි. ඇෆ්ගනිස්ථාන්යේ කපීෂ දේශයේ එක් විහාරයක සිදුහත් කුමරු ගේ කිරිදතක් තැන්පත් කර තිබුණි.
ෆාහියන් හිමියන් ඛල්චා දේශයේ වැඩ හිදින දන්ත ධාතුවක් ගැනත් ඇෆ්නනිස්ථානයේ නගරහාර දේශය තුල වැඩ හිදින දන්ත ධාතුවක් ගැනත් තම වාර්තාවේ සදහන් කර ඇත. ඒත් එම ධාතූන් වහන්සේලා එම ප්‍රදේශ වලට ලැබුන ආකාරය ගැන විස්තර සදහන් කර නැත.
මෙසේ ඉන්දියාවේ ත් ඇෆ්ගනිස්ථානයේත් ප්‍රදේශ කිහිපයක දන්ත ධාතු කිහිප නමක් වැඩ සිටින බව සදහන් කර තිබුණ ත් මේ වන විට එම දන්ත ධාතූන් වහසේලා කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි කිව නොහැක.
චීනයේ එක් විහාරයක අගනා කරඬුවක් තුළ බුදුරජාණන් වහන්සේගේ යැයි සැලකෙන දන්ත ධාතුවක් තැන්පත් කර තිබේ. "චීන දළදාවහන්සේ" යැයි ප්‍රකට මේ ධාතුන් වහන්සේ 1961 වසරේ දී ලංකාවට වැඩම කරවා ප්‍රදර්ශනය කර ඇත.

04 ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ
කොඳු ඇට පෙලේ ඉහලින්ම් ඇති අස්ථි සත " ග්‍රෙවී කශේරුකා " නම් වෙයි. මේවා සත එකට ගෙන ග්‍රීවාස්ථිය ලෙස ද හදුන්වයි.
බුද්ධ ශරීරය ආදාහනය කරණ කල්හි දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් ගේ සිසුවෙකු වූ " සරභූ " නම් මහත් ඍදි ඇති තෙරහු දැවෙන චිත්කයෙන් සූවාසූ දහසක් ධර්මස්කන්දය ස්පර්ශ කලා වූ ස්ඵටික මාණික්‍යමය මෘදංග භේරියක් (මිහිඟු බෙරයක්) වැනි වූ සර්වඥ ග්‍රීවාස්ථි ධාතුව ගෙණ අහසට පැන නැගී පන්සියයක් භික්ෂූන් ද සමගින් ලක්දිව මහියංගනයට වැඩම කළහ.
වැඩම කර සුමන සමන් දෙව් රජු බුදුන් වහන්සේගේ කේශ ධාතු නිදන් කර සත්‍ රියන් උසට කර තිබූ ඒ ඉන්ද්‍රනීල මාණික්‍යමය ස්තූපයෙහි සර්වඥ ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ තබා සීවලී සහ සුමන යන මහා ඍදි ඇති සාමණේරයන් වහන්සේලා දෙනම ලවා නාලොවින් ගෙන්වා ගත් මේද වර්ණ පාෂාණයෙන් සෑය වසා දොලොස් රියන් උසට ස්තූපය කරවා කුසිනාරා නුවරට ම වැඩම කලහ.
පසු කලෙක දේවානම්පියතිස්ස මහ රජු ගේ සොහොයුරෙකු වූ උද්ධචූළාභය කුමරු මහත් ආනුභවය ඇති ඒ සෑය දැක එය වසා තිස් රියන් උසට ස්ථූපයක් කර වීය. පසුව දුටු ගැමුණු මහ රජතුමා තිස් රියන් උස ඒ සෑය වසා අසූ රියන් උසට මහ සෑයක් කරවීය.

(මෙහි සියලු තොරතුරු උපුටා ගත්තේ ලද්දේ ගයාන් චානුක විදානපතිරන මහතා විසින් බුදු රදුන්ගේ ධාතූන් වහන්සේලා පිලිබද විස්තර කරමින් රචිත "ධාතු විස්තරය" නම් වූ ග්‍රන්තයෙනි.)
පුණ්‍යානුමෝදනාව : සමාධි සිල්වා

Tuesday, May 13, 2014

පිංබර වෙසක් පෝ දිනක් වේවා෴


අති උතුම් බුදු තෙමගුල සිදුවූ මේ පිංබර වෙසඟේ සියළු සිතුම් පැතුම් සාර්ථක වී, පව් නැතිවී, පිං මතුවී, නිවන් සුව කරා යන මග එලි පෙහෙලි වේවා෴

ඔබට තෙරුවන් සරණයි෴!!!

ෙසාඳුරිය මට නොකියාම ගියා෴

සොඳුරිය මට නොකියාම ගියා..!
දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක
ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා
කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක්
තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ
දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...

මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ
මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ
දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න
වෙනවා...

ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට
බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න
ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!

මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා
නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ
අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක්
තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක්
වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය
ඤාතියාට ගෞරව කරන්න...

ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න
වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට
ගීතවත් වෙන්නෙ...
·
එදා මෙදාතුර කඳුලට විවරවූ
දෑස් පියන්පත් කවුළු වසා

ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...

මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...

ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ.......

Thursday, May 8, 2014

දයාබර රෝසි෴






හීනියට වැටුනු උදේ මල් වැස්ස අතරින් එයා ඇවිදන් ආවෙ පුංචි හිම කුමාරියක් හිම අතරින් පාවෙලා එනව වගේ෴
උදේම රෝස පාට කුඩ පොඩිත්තට නම් නිවනක් නැතුවම තනි රකින්න වැහි පොඩිත්තො පතිත උනේ හරියට ඔයාව බය කරන්න හිතාගෙන වගේ෴
ලස්සනම ලස්සන ලා දම් පාට මල් වැටුනු රෝසපාට ගව්මෙ වාටිය ආසන්නයෙට වෙන්න වගේ මඩ පැල්ලම් කීපයක් වැටිල තිබුනෙ, අඩි උස නැති සෙරෛප්පු දෙක කල දඟකාරකම් වලට වෙන්න ඇති෴
අහම්බෙන් බස් එකේදි දැකපු මේ සුන්දර මුව කමල රෑට රෑට මැවි මැවී පේන්න උනේ පෙර කුමක් හෝ තිබුනු පුරුද්දකට කියලයි මටනම් හිතෙන්නෙ෴
දවස් ගනනාවක්,ඔයා නැගපු බස් එක්, ඔයාව දැකපු වෙලාවට ඇවිත්, හොයල හොයල තමයි ඔයා මේ යන පන්තියයි, ඔයාට පන්ති තියෙන වෙලාවයි හොයා ගත්තෙ෴
ඒත් මම දන්නෙ නෑ ඔයා කාගෙ කවුද , කොහෙද ඉන්නෙ කියලනම්෴
නමුත්, මම එක දෙයක් හොඳාකාරවම දන්නව රෝසියෙ, ඔයා ගොඩාක් වැදගත් විදියට, ලැජ්ජ බයට හැදුනු, ආදරේ කරන්න තරම් වටින කෙනෙක් කියල෴
මෙච්චර දුරක් ගෙවාගෙන, මෙච්චර දුක් විඳගෙන, අද ඔයාව බලන්න මෙහෙම ඇවිත් මේ වැස්සෙ තෙමෙන්නෙ, ඒ වටිනාකම තේරුම් ගත්ත නිසා෴
මගෙ හිත ඔයාව දැකපු දවසෙ ඉඳන්ම මොකක්දෝ අමුතු දෙයක් කියන්න හදනව෴
ඒත්, මට බයයි,මේ දේ කියන්න ගිහින් නන්නාඳුනන එකෙකුට මෙන් මට තිළිණ කරන ඔයාගෙ අවිහිංසක සිනාවවත් මට නැති වෙයි කියල෴
ඔයා දිහා බලන් ඉන්න තප්පර කීපයත් මට මහා වටිිනා කාාලයක් වගේ රෝසි෴
මම දන්නෙ නෑ, හරියට කිසිම දෙයක් නොදන්න ඔයා ගැන මම ඇයි මෙහෙම හිතන්නෙ කියල෴
ඇත්තටම මම ඔයාට ගොඩාක් ආදරෙයි රෝසි෴

එක්ස්කියුස් මී මචන්:
මම තිගැස්සිලා බැලුවෙ තරුණයෙකුගේ අසලින්ම ඇසුනු කටහඬට෴
යස්:
මම ආපස් උත්තර දුන්නෙ මම හිටපු බස් හෝල්ට් එක අසල කිසිවෙකුත් නොවූ නිසා, ඔහු මටම කථා කල බවක් තහවුරු වූ නිසාමයි෴
මචන් මෙතනින් දැන් ඔය ක්ලාස්  එකට සුදු, මටි ගර්ල් කෙනෙක් ගියාද:
බස් හෝල්ටය ඉදිරිපස වූ පෞද්ගලික පන්ති පැවැත්වෙන ආයතනය දෙසට අත දිගු කරමින් ඔහු ඇසුවේ කවුරුන් ගැනදැයි මට එකරම සිතාගන්නට නොහැකි වුනා෴
කොන්ඩය ස්පයික් ආකාරයට සකසාගෙන, ගොල වැසෙන තරමටම සුදු යකඩ දම්වැල් 4ක් 5ක් ඔතාගෙන, දකුනු අතේ බාගයක් විතර වැහෙන්න රබර් වලලු බොහෝ ප්‍රමාණයක් පැළඳගෙන සිටි ඔහු, බැලූ බැල්මටම වැදගත් පවුලක වැදගත් එකෙකුයැයි කියා මට නොසිතිනි෴
ඇහි බැමක් සිදුරු කර යකඩ උලක් ඒ හරහා ඇතුල් කර තුබුනු අතර, ඔහුගේවම් කනේ සුදු යකඩ කරාඹුවක්ද විය. වම් අත වඩා ඔතාගෙන සිටි බොබ් මාලිගේ රුව සහිත ලේන්සුවද ඔහුගේ විලාසිතා අතර එක් අංගයක් විය යුතුය෴
ඔහුගේ කළු පැහැ ගැන්වී ඉදිමී තිබුනු දෙතොල් වලින් ඔහු සිගරට් වලට ඇබ්බැහි වූවෙක් යැයි මට පසක් වන්නට විය෴
මට හරියයටම නම් කියන්න අමාරුයි කොල්ලො. ගොඩක් අය ඉතින් පාරෙ යනවනෙ:
හිටපන් මචන්, මන් ගාව ෆොටෝ එකක් තියෙනව. බලපන්කො බන්., කෑල්ල මට එන්න කීව ක්ලාස් පටන් ගන්න කලින්, මම ටිකක් පරක්කු උනා බන් ඇහැරෙන්න අද, සැපට නින්දක් දාගෙන හිටියෙ බන්:
ඹහු කතා කලේ ඔහුගේ පෙම්වතිය ගැනය, ඔහු රස්තියාදුකාර භාෂාවෙන් මා සමග කතා කරන ගමන් දම්වැලක අමුනා, කොටකලිසමේ හොවාගෙන සිටි ඔහුගේ දිගු පසුම්බියෙන් චායාරූපයක් එලියට ඇද ගත්හ෴
මචන්, මෙන්න මෙයා, මේ මගෙ කෑල්ල. මෙතනින් ගියාද:
මගේ ඉහ මොල රත් වන්නට වූයේ ඡායාරූපෙයේ දසුන නෙත ගැටුනු විටය෴ රස්තුයිදුකාර මේ අමුතු පුද්ගලයගේ ගෙල බදාගෙන ලස්සනම ලස්සන හනාවක්  සමග ඒපින්තූරයේ වූයේ මා මෙතෙක් අපිරිමිත ස්නේහයෙන් වැදගත් යැයි සම්මාන සිතින් පුද ගල ඒ රෝසිය මය෴
කතා කර ගන්නටත් නොහැකි තරමට අසරණ උවත් දැන් මා කතා කල යුතුමය, නැත්නම් මොහු මා පිළිබඳව සැකයක් ගොඩ නගා ගන්නට වුව ඉඩ ඇත෴
ආහ්, මන් දැක්ක මචන් දැන් පොඩ්ඩකට කලින් මේ වගේ හැඩ හුරුකම් තියෙන ගෑණු ළමයෙක් නම් ඔය පැත්තට යනව:
ඕහ්, ෂිට්෴ අපරාදෙ,:
ඇයි සහෝ අපරාදෙ කීවෙ, පරක්කු උන නිසාද:?
මට ඇතිවූයේ දැඩි කුතුහලයක්.
නෑ බන්, අද යන්න හිටියෙ හෝල් එක පැත්තෙ෴ ෂහ්, අපරාදෙ බන්෴ ෆට්ට දවස, ෂැහ්෴:
ඔහු එසේ කියා යන්නට ගියේ ගොදුරක් ඩැහැ ගැනීමට අවුත් ගොදුර වැරදුනු ගිජු ලිහිනියෙකු මෙනි෴
ස්නේහයෙන් ඈ දෙස බැලූ, ඉතා වටිනා ඉහල නම්බු නාම දුන්, සැබෑවටම අදරය කරන්නට, පවුලේ ගෞරවටද රකීවි යැයි සිතන්නට තරම් මා පෙළඹවූ ඈ, දැන හෝ නොදැන තමා විසින් මුලු ජීවිතයට ආගාදයකට ඇද දමා ගනිමින් සිිටිනා වග පමනක් මට සිතෙන්නට විය෴
උදේ පාන්දර, කුසට අහරකුදු නොමැතිව ස්නේහ සිතින් පැමිනි මේ බලාපොරොත්තු පෙරදැරි ගමන, මෙසේ සුනු විසුනු වූ ප්‍රාර්ථනා හමුවේ වුවද යතාර්තය අභිමුව වේදනාවෙන් වුව නිමා කරන්නට ලැබීම පුංචි හෝ සැනසීමකට කරුණක් විය෴
එනමුත්, රෝසියේ, මම එක් දෙයක් හොඳාකාරවම දනිමි෴
මා මෙන් වෙන කිසිවෙක් ඔබ දෙස සැබෑ ස්නේහයෙන්, සැබෑ මානුෂීයත්වයෙන් මෙසේ නොබලනු ඇත෴
අහිමි වුවද මා හට, රූපයට නොරැවටෙන්නැයි යන පාඩම කියා දුන්නාට, ඔබට බෙහෙවින්ම තුති෴
ඔබට අයහපතක් නොවේවායි මා හෘර්දයාංගමව ප්‍රාර්තනා කරන්නෙමි෴
නම් ගම් පමනක් මනංකල්පිත බව සලකන්න෴
රචනය: රවීන් බණ්ඩාර


Friday, May 2, 2014

කැටයමක් විය ගතවූ නිමේෂය෴

කැටයමක් විය ගතවූ නිමේෂය෴

මිරිඟුවක් සේ පැමිනි ඇය පෙනෙන මානයේම ලැගුම් ගත්තේ කිමැයි මා නොදනිමි෴

ස්නේහ සිතුවිලි ඇගේ සිත තුල තැම්පත් වන්නට ඇති. එය සාමාන්‍යයි. මා එයට ඇයට වරදක් නොකියමි. අසම්මත ස්නේහයන් ගොඩනැගෙන මේ කුරිරු විශ්වයේ ඇගේ සිතේ තැම්පත් වුනු ඒ සොඳුරු සිතුවිලි දාමයට මා වෛර නොකරමි. ඇය මා ගැන සිතුවත් මා සිතන්නේ වෙනකෙකු ගැනයි.. සිත පුරාවට ඇති එකම ප්‍රාර්තනාව වන එම ප්‍රාර්ථනාව සඵල කර ගැනීමට මා බෙහෙවින් වෙහෙසෙමි. වෙහෙස මහන්සිය නොබලා, දිවා රෑ නිදි වරා බොහෝ කැපවීම් කරනුයේ නුඹේ සෙවනට මා හට පැමිනෙන්නට ඇවැසි පාර කපා ගන්නටයි.෴

ඔබ කටු පඳුරු ලඳු කැලෑ වලින් ගහන මහා ගිරි දුර්ග නිම් වලලු වලින් වට වී ඇත. නුඹ නමුදු දනී.මා සොයන්නේ නුඹම වග. නුඹ නොව, සිප්හලේ ගුරු සිසු සියල්ලහුද දනී, මා සොයනුයේ නුඹවමයි කියා෴

කාලය ගෙවෙමින් ඇත. මා නුඹ සමීපයටම පැමිනෙමින් ඇත. බොහෝ බාධක පසු කර හමාරය. නුමුදු, ඔබට ලංවෙන්නට පැමිනෙන මේ ගමනේ මෙතෙක් පැමිනි බාදක සියල්ලම ජය ලැබුවත්, අද මා පරාජ වී ඇත. ඒ, මතු කී ඇගේ ස්නේහය නිසාම ඈ ඇති කල ප්‍රශ්න කන්දක් නිසාය,

ඇය මා වෙත විවිද වෙස් ගෙන පැමිනියහ. විටෙක සොයුරියක් විය. විටෙක සැබැවින්ම යෙහෙලියක් විය. ඒ දෙයාකාරයම මා පිලි ගත්තේ ආත්මානුකම්පිතවය. ඇය එය වරදවා වටහාගෙන ඇත. ඇය තෙවන වර පැමිනියේ මහා රළ කඳක් මෙනි. මහා ගල් පර්වතයක හැපුනු විට කෙතරම් දැඩි රළ පහරක් වුව, බිඳී සුනු විසුනු වී යන බැව් ඔබ නොදැන ඉන්නට ඇත. ගෝෂා කරමින්, ඔබ මොබ හැපෙමින් අවට පිරිස් හටද දනවමින්ම ඔබ මා වෙත පැමිනියේ මා පෙරලා දමන්නටම බැව් මා හොඳාකාරවම දනී.

සැබැවින්ම ඒ රළ ගෙඩි බෙහෙවින් ප්‍රචන්ඩ බැව් මට පෙනිනි.මට හොඳින් දැනිනි. කුමන රළ පහරකට වුව අමාරුවෙන් ගොඩ නැගූ මා නම් පර්වථය පෙරලා දමනවාට මසිත ඉතාම අකමැතිය.

සිත දැඩි විය. කුරිරු විය. සැර පරුෂ හඬින් පෙරලෙමින් ආ නුඹ නම් රළ පහල මා වෙත හැපුනු තප්පරයෙන් සීයෙන් පංගුවක නිමේෂයෙන් බිඳී යන්නට විය. රළ තවත් අකීකරු විය. පරාජය බාර ගන්නට අකමැතිම විය. නැවතත් පෙරටත් වඩා කුරිරු ලෙස මා සුනු විසුනු කර දමන්නට තැත් කරන්නට විය.. පර්වතය පෙරලා සුනු විසුනු කර දමන්නට නුඹ පරිනත මදිය. පුංචි රල ගෙඩි මහා ගන පර්වතයකට කුමක් කරන්නද? සිසිලස දෙන්නටනම් හැකිය. ඒ හැර වෙන කිසිවක් කල නොහැක. දෙවන ප්‍රයත්නයේදී පර්වතය ඉතා දැඩි විය. සැඩ රල පෙර කෑලි කෑලි කරමින් කුඩා බිඳිති බවට සුනු විසුනු විය.

නුඹ සමා නොදෙන වග මා නොදනිමි. නමුදු මා වරදක් නොකල බවද මා දනිමි. සිදුවන්නට තිබූ විශාල විනාශයක් මෙතැකින් නිමවීම ස්වප්නයකි. පුංචි අතුල් පහරක් නිසා රෝස කම්මුල් නිල් පැහැ වූවාට සැකයක් නැති. නමුදු, ඒ වේදනාව මෙන් සිය දහස් ගුණයක වේදනාවක් මසිතේ තවමත් ඉතිරිව ඇත. ඒ නුඹට රිදවූ පවට සහ, මාගේ ගුරු දෙවිවරුන් අපහසුතාවට පත් කල පවටය.

සියල්ල සිදුවී හෝරා ගනනක් ගත විය.. දින සති මාස ගනන් ගෙවී යනු ඇත. දිනයක නුඹ මා පෙනෙන මානයෙන් නික්ම යනුද ඇත. නමුදු, අද වූ මේ දෙය මසිදේ සදාකල් ශිලාවක් සේ කැටයම් වනු නොඅනුමානය. නුඹ දන්නෙහිද.. මතු කී මා සොයනා මගේ එකම ප්‍රාර්තනාව කී ඇය වෙනකෙකු නෙමේ. මාගේ be-tech උපාදියයි.

නුඹට දුකක් මෙන්ම කුතුහලයක් මෙතුවක් ලැබුනාට කමා වන සේක්වා෴ දයාබර සොයුරිය෴

නුඹෙන් මම අවසන෴ නිහඬව අයදිමි සමා හදවතින්෴ සිදුවූයේ වරදක් බැවි මම දනිමි෴ නමුදු ඔබේ වවරද නිසාම බැව්ද මම හොඳාකාරවම දනිමි෴
අවසරයි විඳ ගන්න෴ සිදුවූ සියල්ල෴ සීතල රාත්‍රියේ෴ තනිව෴ වේදනා බර සිතින්෴


@රවීන් බණ්ඩාර