Sunday, November 10, 2013

සිතකට සිතුනි෴

ජීවිතේ හරි පුදුමාකාරයි. විටෙක සිනහව, තවත් විටෙක කඳුල, සුසුම මො‍හොතකට කල්පනා ලෝකයට ගියෙමි. කෙතෙක් නම් දෙනා අප වට කර සිටියද අවසානයට තමාට තමා පමනක් යැයි විටෙක මා හට සිතුනි.

කුඩා කාලයේ පටන් මා දහසකුත් දුක් වේදනා විඳ ඇත්තෙමි. දුක් කම්කොටුලු මැද ජීවිතය සොයන්නට වෙර ගතිමි. සඳට ගිය මිනිසෙකු පිළිබඳ කථා පුවතක් මා අසා ඇත. සුව කරන්නට බැරි පිළිකා රෝගයෙන් පෙළෙන පිළිකා රෝගියෙකු ප්‍රංශ පා පැදි සවාරියේ ශූරයා වූ කථා පුවත මා අසා ඇත. දුගී පැලේ ජීවත්ව ඇමරිකාවෙහි ධවල මන්ධිරයට ගොස් විටෙක නායකයෙකු වූ එඩිතර මිනිසෙකු පිළිබඳ කතා පුවතක් මාගේ මතකයට නැගේ.

මාද උත්සා‍හ කරන්නේ මාගේ ජීවිතය ගොඩ නගා ගන්නටය. නැතහොත් එය ජය ගන්නටය. නමුත් නොයෙක් දුක් කම්කටොළු අප කරා පැමිනෙනු ඇත. ජීවිතයේ එක් කාලයක යාළුවන් අසීමිත පිරිසක් මා වටා එක් රැස් වී කාලය ගත කරපු ආකාරය මට මතක් වේ. එහෙත් අද මා සමග ඉන්නේ යහළුවන් කිහිප දෙනෙකි. ඔවුන් මාගේ පණ වැනි යැයි විටෙක මට සිතේ.
අධ්‍යාලනය අතරතුරේ මා හට නොයෙකුත් ප්‍රස්න පැන නැගුනි. එහෙත් මා ඒවා යම් තරමකින් ජය ගතිමි. ඒ මාගේ උත්සාහය නිසා යැයි මට සිතේ. 

නිවසේ ප්‍රශ්න නිසා තනිවූ විටෙක ප්‍රේමයක් සොයා ගියෙමි. එයත් නොලැබී ගිය විට මාගේ සිත බොහෝ සෙයින් දුර්වල විනි. මා කෙසේ හෝ ශක්තිමත් වී අධ්‍යාපනයට යොමු වී අද සමාඩයේ යම් තරමක් දුරට යම් දෙයක් කර කියා ගත හැකි තරමේ පුද්ගලයකු ලෙස ජීවත් වෙමි. සෙනෙහස නිසා අපමන ලෙස සිතින් දුක් විඳින මා විඳවුවම ජීවිතය කරගෙන සිටිමි. 

අද මා හට හොඳ යහළුවන් තිදෙනෙකු සිටිති. මට දැනෙන්නේ අප්‍රමාන සතුටකි. අකැප සමාජයෙන් මා බේරා ගන්නටත් ජීවිතය දිනන්නටත් ඔවුන් උදව් කරන්නේ අව්‍යාජ සතුටකිනි. මා හට මෙවන් සතුටත් මින් පෙර මේ ලොව උරුම වී නැත.

ප්‍රේමය නිසා සිතින් වැටෙන්නට ඔවන් කිසිදා මා හට ඉඩ නොදේ.  ඔවුන්ගේ ජංගම දුරකථන වල තිබූ සුනිල් එදිරිසිංහ නම් වූ විශිෂ්ඨ කලා කරුවා ගායනා කරන්නා වූ ගීතයක මෙසේ තිබුනු පද පෙලක් මට මතකය.. මා එය සෙව්වෙමි..එය ඉතා ගැඹුරු අරුතක් පසක් කර දෙයි.

 ඉසුරු මුණියේ නුඹ තැනූ....
    පෙම්බරිය කොතැනද කියා....
    මා ඇසූ විට හිනැහුනේ ඔහු....
තවම තනිකඩ යැයි කියා...

මහත් පුදුමාකාර වචන පෙලකි මෙහි ගැබු වී ඇත්තේ. තනිව ජීවිතයට මුහුණ දීමේ අරුත මෙයින් මනාව විදහා පායි. අජීවී ගල් පර්වතයකට ජීවිතය ලබා දුන් මේ සුවිසල් උත්සාහ වන්ත පුද්ගලයාද තවම තනිකඩ අයෙකි. තනිකඩයා කියා සමාජයේ පිරිහෙන්නට ඔහු නොගියේය.  ඔහු සිතේ ශක්තිය දෑතින් කැටයම් කර කළු ගලකට ජීවිය දුනි. 

කාන්තාවකගෙන් ලබන්නා වූ ප්‍රේමයට වඩා සොයුරු පෙම සොඳුරු යැයි මාගේ සිත කීවෙමි. සිතින් දුක් විඳිනවාට වඩා සොයුරන් සමග තුටින් කල් ගෙවීම හොඳයැයි ප්‍රේමයෙන් දුක් විඳිනා සිතකට සිතුනි.

රචනය:
ක්‍රිශාන් දනුශ්ක
(FreeGetLanka.com වෙනුවෙනි)
අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම්

0 comments:

Post a Comment