ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Saturday, September 13, 2014

ඈ නිසා෴


                                          ඈ නිසා෴

එදා ශනිදාවක්෴

කොල්ලො කෙල්ලො රංචු පිටින් විදුලිිය වෙත පිය මැන්නෙ දහසකුත් එකක් බලාපොරොත්තු පොදු බැදන්෴


මාස තුනක පොදු භාෂා පාඨමාලාවකින් පසු අප මෙසේ එකතු වන්නේ අපේ පරම බලාපොරොත්තුව වවූ දෙවන වසර අධ්‍යන කටයුතු ආරම්භය සොයාගෙන෴


ජීවිතේ දහසක් ගැටලු මොහොතකට පසෙක තබා අධයාපනය තුලින් ලෝකය දකිින්නට වෙර දරන්නන් අතර මමත් මූලිිකව කතයුතු කලා.෴
අඩෝ.. අළුත් කෑලි ගොඩාාායි෴
එකෙක් මගෙ උසහිසට පහරක් ගසා කීවෙ සියල්ලන්ගේම අවධානය ඒ වෙත යොමු කරමින්෴


අප්පට සිරි෴ පට්ට පට පට... සුපිරි මචෝ... සූටි නගාල නේ්........


තවකෙක් කලින් කථාවම අනුමත කරන්නට වූයෙ ටිකක් තාලෙට ඇදල පැදල෴


කට්ටිය කිියන නිිසාම මාද ඒ දෙස බැලුවේ නිකමට මෙනි.
ඇස් අදහා ගන්නට නොහැකි විය෴


ඒ ඈමය෴


සිතේ ඇඳී තිබු වසර ගණනාවක රැව මා දෑස් අභියස විය෴
යාන්තමට පිනි අතරින් පායා එන හිරු රශ්මියට ඇගේ වත රත් පැහැ ගැන්වී තිබිනි෴
ඈ සුන්දරය෴
සැබැවින්ම සුන්දරය෴
ඈ දෙස බලන අයෙකුට තවත් වරක් හැරී බලන්නට සිතෙන තරමටම ඈ සොඳුරු විය෴


ආදරේ යනු කුමක් දැයි මා නොහඳුනමි෴


බොහෝ ඇත්තියන් මා කෙරේ සෙනෙහසින් විවිදවූ ආකාරයෙන් ඒ අරමුණු පෙන්වන්නට දැරූ උපක්‍රම අනන්තය෴අප්‍රමානය෴
ඒ මන්දැයි මා නොදනිමි෴


නමුදු ආදරයක් තියා වෙනස් වූ කිසිදු හැඟීමක් මසිතේ හට නොගත්තේ මා හට ආදරය අතයාවශ්‍ය නොවූ නිසා වන්නට ඇත෴


නමුදු,


මේ දුටු සුදු මුහුණ මාගේ සිතට තදින්ම කා වැදී ඇත෴


ඒ මන්ද෴
ඈ වෙනුවෙන් සිතේ ඇතිවූ හැඟීම කුමක්ද.෴
ඒ ආදරයද෴
ඈ කාගේ කවුද෴
කොහෙ සිටන් පැමිනියේද෴
ප්‍රස්න මහා ගොන්නක් මසිතේ ලැගුම් ගනිමින් තිබිනි෴


කාලය නපුරු විය෴


උදෑසන ජාතිික ගීය වාදනය වීමෙන් අනතුරුව පාඨමාලා ආරම්භ විය.෴

දිවා විවේකය ලැබෙන තුරු නොයිවසිල්ලෙන් පසු වූයේ ඈ දකිින්නටය෴

සිත තුල සෑහෙන වෙනසක් සිදු වෙමින් පැවතිනි෴


ඈ ලිත් දිවා විවේකයේදී මුහුණටම මුණ ගැසිනි෴


ඒ කළුපාට වතුර බෝතලයක් සහ කෑම පැකට්ටුවක් ද අතැතිවය෴

ඈ උපැස් පලඳින්නියකි෴
ඈ සැබැවින්ම සුන්දරය෴
ශ්වේත වර්ණ ඇගේ කෙස් කළඹ ඈ තවස් සොඳුුරු කරවීය෴
ඉතා සංවර ලෙස මා අසලින් ඇවිද ගිය ඈ මා හල සිනහවකිින් සංග්‍රහ කරන්නට අමතක නොකලහ෴

ඒ සිනහව මසිතෙහි දෝංකාර දෙන්නට විය෴


දින සති මාස ගෙවී යන්නට විය෴


ඈ කෙමෙන් සිනහවෙන් කථාවෙන් මා සමග සමීප විය෴


ඇගේ සෑම ඉරියව්වක්ම පාසා මා අධ්‍යනය කලෙමි෴


වැදගත් පවුලක හැදුනු වැදගත් කෙල්ලෙක් මචන්:
පට්ට කෙල්ල බන්.පට්ටම ඩීසන්ට්:
උඹට මාර සෙට් බන්.ඒ කෙල්ල මාර අන්ඩස්ටෑනින් කෙල්ලෙක් වගේ:
ඕක උඹට අනිව සෙට් වෙනව මචන්.ඒකි උඹට කැමතියි ලොවෙත්:

එකට ඉන්න ඇතැමෙක් ඈ හැඳින්වූයේ එලෙසය෴

කාලය ගෙවී ගියහ. තෙමසක් අවසන් වී තිබිනි.


මා ඇයට ආදරය කරනා වට මා හට තේරුම් යමින් තිබිනි. ඈ හටද එය නොතේරෙනවා විය නොහැකිය.


එදා අඳුරු අහසෙහි යාන්තමින් හිිරු පායා එමින් තිබිනි. වෙනදා නැති අමුත්තක් පරිසරය ගිලගෙන තිබුනත් මා හට එය තේරුම් ගත නොහී විය.

ආන්න උඹේ සුදු මැනික කැන්ටිමේ ඉන්නව. අදවත් ගිහින් කියපන‍ෙ හිතේ තියන දේ.

එකෙකු දිවවිත් කීවේ ඇගේත් මගේත් ආදර කථාව සනිටුහන් කරන්නට විය යුතුය.


මා ඇය හමුවිය. නමුද විශේෂ දෙයක් කථා කර ගන්නට තරම් සිත ශක්තිිමත් නොවිය.

හවස ඕක අහල උත්තරේ ගනින්. ෂික් බලපන්..උඹල දෙන්නම දෙපැත්තට වෙලා බලන් ඉන්නව. අහල ඉවරයක් කරපන් බන්.පව්.. ඒකිත් බලන් ඉන්නෙ උඹ අහනකම් වෙන්න ඕනෙ මචන්..

යහළුවන් තීවෘරව කියා සිටියේ ඈ මා කෙරෙහි දැක්වූ ප්‍රතීචාර නිසා විය යුතුය..


ඇය මා හට මා මෙන්ම ආදරය කරනා බැව් මටද දැනෙමින් තිබිනි....


සැම අතින්ම ගැලපෙනා ඈ මා හට නොගැලපෙනවානම් ඒ මට වඩා ඈ ආර්ථිකමය අතින් ටිකක් පහල මට්්ටමක සිටීය..

නමුදු මුදල් හෝ දේපල බලාපොරොත්තු නොවන මා හට එය ගැටලුවක් නොවිනි. මන්ද මා හට ඇයටද සරිලන්නට ඒ දේවල් තිබෙන නිසාවෙනි.. නමුදු එබැව් මා අඈ හට කියන්නට නොගියෙමි..


නංගිි.. අපි අඳුනගෙන දැනට මාස 3යි. ඔයා මාවවත් මං ඔයාවවත් හොඳටම දන්නව දැන්..

මං කැමතියි මගෙ ජීවිතේ වැදගත්ම තීරණයක් අද ගන්න..


බොහොම අමාරුවෙන් ඈ හා ඇවිද යමින් මා වචන ගැට ගසන්නට වීය...

ඈ ඒ හැම වදනකටම හම් කීවා හැරෙන්නට කිසිත් නොකීවහ..

ඔයා ගොඩක් වැදගත්, විශේෂ කෙනෙක් කියල මට දැනෙනව..ඒ නිසා මං කැමතියි ඔයාව මගෙ ජීවිතේට ලං කර ගන්න..

ඇත්තටම මං ඔයාට ආදරේ කරනව...


වෙව්ලන වදනින් ඈ හට ප්‍රකාශ කර ගන්නට මා හට හැකි වූයේ කෙසේදැයි වත් මා නොදන්නමුත් මා ඒ මහා ක්‍රියාව සිදු කලහ...


අයියෙ මේ... ඔයා එක්ක කථා කල පලියට, ඔයාට හිනා උන පලියට ඔයා හිතන්න එපා මං ඔයාට කැමතියි කියල....

හිසට අකුණක් ගැසුවාක් මෙන් අඇගෙන් පිටවූ වදන් පෙල හමුවේ මා යන මගම නැවතිනි..

කර කියා ගන්නට කිිසිත් නොවීය.. 


ජීවිතේ පළමු වරට මෙතරම්ම අසරණ වී ඇත්තේ මන්දැයි මා නොදන්නෙමි..


කිිසිවක් සිතා ගත නොහී මා වට පිට බලන්නට විය...

මට සමා වෙන්න.. ඔයා හැමදාම සතුටින් ඉන්න..


ඈවෙත අවසන් වදන් පෙල එසේ තැබීමට මට ශක්තියක් ලැබිනි...
ඈ යන්නට ගියත් මා තවම හිටි වනමය..

මිතුරන් සියල්ම වටවිය..

අඩෝ මේ.. අද උඹ ගානෙ කේක් කෑල්ලක් කන්ඩම වෙනව හරි..
එහෙනම් සුභ පැතුම් ඈ....


කොල්ලන් ටික මාව බදාගෙන ඔල්වරසන් දෙන්නට විය...


මාගේ දෙනෙත් කෙමෙන් තෙත් වන්නට විය.. කඩා වැටුනු කඳුලු කැට නවතා ගන්නට මට නොහැකි විිය..


සියල්ලෝම නිහඬවී තුෂ්නිම්භූතව බලා සිටින්නට විය...


අඩෝ.. ඇයි බන්...
එකෙකු ඇසුවේ සෙනෙහසිනි...


ඒකි බෑ කීව බන්...


කෙමෙන් සියල්ලන්ගෙම මූණූ වෙනස් වන්නට විය...


පරට්ටි..
මාසෙ තුනක් උඹට ඔන් එක දීල අද බෑ කීව..
මේකි හිතන් ඇති කොල්ලො කියන්නෙ සෙල්ම් බඩු කියල෴
වරෙන් යන්න..
අද ඕකිය ආයෙ කොලේජ් නොඑන්නම චොර කරන්ඩ෴


එකෙකු එසේ කියන විට සියල්ලන්ම කෝපයෙන් වෙව්ලන්නට විය...


මචන්... එපා.. ඒකි මට කැමති නැතිව ඇත. ඒත්... මට බෑ ඒකිට රිද්දන්න...
මං වෙනුවෙන් ඒකිව අතෑරපල්ල..
ඕහෙ ඉඳල කෝස් එක කරගෙන ගියාපුවාවෙ..ප්ලීස් මචන්... ප්ලීස්..

මගේ මුවින් පිටවුනේ එවදන් ඉතා අසරණවය..

මට වෙන කරන්නට දෙයක් නැත..
කොල්ලො ටික දැන් ගියොත් ආයෙ කවදාවත් ඇයට මේහි පැමිනෙන්නටවත් නොහැකි වන තරමට සමාජයේ නොන්ඩි වනු ඇත...

නමුත් ඒ මා ආදරය කල එකියයි.. මට නැතත් ඒකිට හෝ යහපතක් විය යුතුය..

එතැනින් සියල්ල නිමා විිය....

ඈ සුපුරුදු පරිදි විද්‍යාලයට පැමිනෙයි...
නමුදු කිසිවෙකුදු ඈ ගනන් නොගනී...
එනමුදු, ඈ හට අවැඩක් සිදු නොවන්නේ මා නිසා බැව් ඈ නොදනී෴


වැරදි වැටහීමක් නිසා ඇතිවූ ආදරයේ පවට මා තවමත් විඳවයි...
අනාගතයේ සිදුවන් දේ දෙස මා අවධානයෙන් බලා හිඳී෴

ඔබේ තේරීම කවුරුන්දැයි මා නොදනී෴
මා කවුරුන්දැයි නොදැන ඔබ ගත් තීරණය ඔබේ ජීවිතයේ ගත් වැරදිම තීරණය බැවි මා හොඳින්ම දනී෴


විඳවන ජීවිතයක් ඉදිරිපිට, විඳින්නට ලැබේවායි එක සිතින් පතමි෴

සත්‍ය සිදුවීමක් ඇසුරිනි෴
රචනය: Raveen Bandara
(ඔබේ තවත් මෙවැනි අද්දැකීම් අපට කියන්න.. FREEGETLANKA අප ඔබ සමගයි..)
http://www.freegetlanka.com/

Monday, September 8, 2014

පිනි මත බඹරු(12 වන කොටස)෴

                         පිනි මත බඹරු(12 වන කොටස)


ලෝචි෴ ඇයි රත්තරං...? මේ තරම් ආදරේනම් මට අර විදියෙ ලිව්මක් එව්වෙ.? ම්...
ඇගේ හිස අතගාමින් මා විමසන විට ඈ තවත් තදින් මා තුරුලට වූයේ මට ඔයා නැතුව බෑ ලෝචන අයියෙ කියන්නාක් මෙනි.
මට සමාවෙන්න අයියෙ෴
ඈ මගෙ පපුවට තුරුල් වෙලාම ඉඳන් හිස හරවල මගෙ ඇස් දෙක දිහා බලාගෙන කීවෙ කවමදාකවත් අමතක කරන්න බැරි තරම් අහින්සක කමක් ඒ ඇස්වල පුරෝගෙන කියල නම් මට හොඳටම තේරුනා.සමාව ඉල්ලුවෙ මගෙන් වෙන් වෙන්නද, නැත්නම් ආයෙත් දාල යන්නෙ නෑ කියන අදහසින්ද කියල නම් මට තේරුනේ නෑ...
කියන්න... ඇයි ඔයා එහෙම කතාවක් කීවෙ..? ම්..
අයියෙ.. ඒක ටිකක් දිග කතාවක්..
ලෝචනා පැවසුවෙ දිගු සුසුමක් පිට කරමින්.
හරි ඉතින්.. ටික ටික කියන්න.එතකොට දිග අඩුවෙයි..
මම එහෙම කීවෙ ලෝචනා හිනස්සන්නත් එක්ක.ඒත්, ඇගේ මුවින් පිටවුනේ අවඥ්ඥාසහගත සිනහවක්.
හම්.. මං හැමදේම කියන්නම්. එතකොට ඔයාටම මාව එපා වෙයි. අපි ටිකක් නිදහස් තැනකට ගිහින් කථා කරමුද..?
ලෝචනා යෝජනා කරේ මහා බැරෑරුම් දෙයක් කියන්න වග මට හොඳින්ම තේරුනා.
සජ්ජ, මචන් ලෝචනාට ටිකක් කථා කරන්න ඕනෙලු. ටිකක් නිදහස් තැනකට යමු කියනව. කොහෙද බන් යන්න තියෙන්නෙ.෴
මම සජ්ජ ලඟට ගිහින් ඇහුවෙ කර කියා ගන්න දෙයක් නැතිව.
හම්.. මේකෙ ඉවරයක් තියෙන්නත් එපැයි. යමන්. අපි රුවන්වැලි සෑය ලඟට යමු. බලමු.. කියන්න තියන හැම දේම කියල ඉවරයක් කරන්න කියපන් අදම.. යමු෴
සජ්ජ තවමත් කථා කරන්නෙ නම් කේන්තියෙන් කියල මට හොඳටම තේරුන෴
රුවැන්වැලි සෑයට අපි තුන් දෙනාම ගියත්, කිසිවෙකුත් අතරවත් කථා බහක් නම් සිද්ද උනේ නෑ෴
දැඩි නිහඬතාවෙකින් පස්සෙ රුවන්වැලි සෑය පිවිසුන් දොරටුවෙනුත් වැලි මලුවට ඇවිත් සජ්ජ නිහඩතාවය බිඳ දැමුව෴
ලෝචනා෴ ඔන්න මම නම් දන්න නිදහස්ම තැන. අපි එහා පැත්තට යමු. කියන්න තිය හැම දෙයක්ම කියල කථා කරගෙන තීරණයක් ගන්න. මට බෑ උඹල දෙන්නම විඳවනව බලන් ඉන්න෴
රුවන්වැලි සෑයේ පිටුපසන වන්නට පිටි ගල් කණු අසල සෙවනට අපි පිවිසියේ සුමුදු සුලං රැලි තව තවත් අප සිත් සංසුන් කරන මොහොතක
මහා චෛත්‍ය රාජයානන් දෑස් මානයේම විරාජමාන වන්නට විය. මුදු සුරං රැලි ලෝචනා ගේ අකීකරු කෙහෙරැලි ඔහේ විසුරුවා හරිද්දි, ඈ චෛත්‍ය සෙවනේ වූ ගල් පතුරක් උඩින් බෑගය තබා බිම වාඩි උනේ ඉතාම සංවර ලීලාවකින්.
යමන්. උඹත් පලයන් එතන්ට. මම මේ කොහෙ හරි ඉන්නම්.
සජ්ජ මාවත් ලෝචනා ලට තල්ලු කරල යන්න සැරසුනේ අපට අපේ නිදහසේ තීරණයක් ගන්න ඉඩ දීල වෙන්න ඇති. ඒත් එයට ඉඩක් ලැබුනේ නෑ.
සජිත් අයියෙ. ඔයත් එන්න..
සජ්ජට කර කියා ගත හැකි දෙයක් නොවූයෙන් ලෝචනා අසලම මා වාඩි වෙද්දි අප අසලම වාඩි උනා..
කුමක් නමුත් ලෝචනා කියන්නට යන්නෙ නම් බොහොම සංවේදී දෙයක් බැවි නම් මට හොදින්ම තේරිලා තිබුනෙ.
කියන්න ඔයාගෙ කථාව. මම අහන් ඉන්නෙ..
සජ්ජ මගෙ දිහා බැලවෙ සිදුවන්නට යන කිසිවකත් තේරුම් ගන්නට බැරිව..
ලෝචන අයියෙ. මුලින්ම මට සමා වෙන්න මම මේ ගැන නොකීවට කලින්..
මගෙ අම්ම ඩොක්ටර් කෙනෙක්. තාත්ත ගුරුවරයෙක්. එයාල ගොඩක් වෙනස් අය. පුංචිම කාලෙ ඉදන් එයාලට ඕනෙ විදියටයි මම හැදුනෙ. ඇදුමක් ගත්තත්, පවුඩර් එකක්, ක්‍රීම් එකක්, සෙරෙප්පු දෙකක් ගත්තත් මම ගත්තෙ එයාලට ඕනෙ දේවල්. කවදාවත් මට මට ඖනෙ විදියෙ දෙයක් ගන්න අවසරයක් ලැබුනෙ නෑ. මගෙ ජීවිතේ හැම තීරණයක්ම ගන්නෙ එයාලා. කොටින්ම මම හදාරණ විශයන්, මම ආස්රේ කරන්න ඕනෙ යාළුවො, මම කන්න ආස කෑම, මේ හැම දේම තීරණේ කලේ එයාලා. මට ආස දෙයක්  ගන්න, ආස දෙයක් කරන්න මට එයාල ඉඩ දෙන්නෙ නෑ.
ඔයා දන්නවද. එයාලට හොදට සල්ලි තියෙනව. ඒත්, මට ඇදුමක් ගන්න හරි සල්ලි දෙන්නෙ දෙපාරක් හිතල. බස් එකේ එන්න ක්ලාස් යන්න සල්ලි දෙන්නෙ ගානට.ගෙදරින් මාව ගොඩක් හිර කරල තියන් ඉන්නෙ. මම දන්නෙ නෑ ඒ ඇයි කියල. මගෙ වයසෙ අනිත් ගෑණු ළමයි දිහා බලද්දි මම හිර කාරියක් වගේ.
ඔයා දන්නවද.. මේ ලඟදින් මගෙ අතින් ගෙදර මල් වාස් එකක් කැඩිල, ඒකටත් මට හොදටම බැන්න. මම වියදමට සල්ලි තියා ගන්නෙත් බස් එකට දෙන ඒවගෛන් කීය කීය හරි එකතු කරල.ඒවගෙන් දීල මම වාස්  එකක් ගෙදරට ගෙනිහින් දුන්න. ඔන්න ඔහොමයි මගෙ ජීවිතේ...
හෝ.. ඉතින්.. මම ඔයාගෙන් සල්ලි ඉල්ලුවෙ නෑනෙ ලෝචනා..
මම එහෙම කීවෙ කියන්න දෙයක් නැති කමට.. සජ්ජනම් බොහොම අවධානෙන් සියල්ල අහගෙන හිටියෙ..
ඉන්නකො කියනකම්.. එයාල මගෙ ජීවිතේ මම ගන්න ඕනෙ තීරණත් අරන්..
මොකක්.. ඒ කීවෙ...
මට මුකුත්ම හිතා ගන්න බැරි කමටයි මම එහෙම ඇහුවෙ..
මට මැරි කරන්නලු දැන්. එක්සෑම් ඉවර නිසා. එයාල කෙනෙක්වත් හොයල..
මොකක්.. මේ මිනිස්සුන්ට පිස්සුද..? ඉතින් ඔයා මොකද කීවෙ...
මම බෑ කීව ලෝචන අයියෙ.. ඒත්.. එයාල ඒ බෝයි ගෙ කට්ටියටත් පහුගිය දවසක අපේ දිහා එන්න කියල. ගෙදර ආවමයි මම දන්නෙ. එයාල දිනත් දාගෙන අයියෙ.  මට ඕනෙ තව ඉගෙන ගන්න..
ලෝචනාගේ දෑස් කෙමෙන් කදුලින් තෙත් වන වග මට පෙනුනත් ඇගේ සිත හදන්නට හෝ කියන්නට හෝ දෙයක් මසිතට ගලා නාවේ මන්දැයි මම නොදනිමි..
සජ්ජගෙද මුහුනෙහි මහා දුකක සේයාවක් ඇදෙමින් තිබිනි.
කවුද ඒ කොල්ල.. කොහෙ එකෙක්ද.. මොනව කරන එකෙක්ද...
ස්ජ්ජ කතා කරන්නට උනේ සෑහෙන තරහක් හිතේ පුරවගෙන..
එයා අම්මගෙ වැඩ කරන තැන ඩොක්ට ඇන්ටි කෙනෙක්ගෙ පුතෙක්ලු. එයා වැඩිපුරම ඉන්නෙ ඇමෙරිකා වලලු. බිස්නස් කරන කෙනෙක් කියල තමයි කීවෙ..
ආහ්..      සජ්ජ එපමනක් කියල නිහඩ උනේ ඇයි කියල මට තේරුනේ නෑ..
ලෝචනා.. මේ අහන්න...
අම්මල මේ දේවල් කරන්නෙ ඔයා සතුටින් ඉන්නව දකින්න ආස නිසානෙ.. එයාලට වෛර කරන්න එපා.. අනික ගෑණු ළමයෙක් උනාම නිසි වයසෙදි විවාහ නොවුනම ඒකත් ප්‍රස්නයක්.. ඒ බෝයි ට සල්ලිත් තියෙනව නම්, ප්‍රස්නෙකුත් නෑනෙ. එයාට පුලුවන් වෙයි ඔයාව සතුටින් තියන්න.
මා කෙසේ මෙවදන් පැවසුවේදැයි මටම සැතුනත් මට කිව හැකි වෙන යමක් එවෙලෙහි මසිතට නාවේය.
කිසිවක් නොකිය සජ්ජ මගෙ මුහුන දිහා බලන් හිටියෙ මගෙ තෙත්වන දෑස් දැකල වෙන්න ඇති...

වන්නට යන්නේ කුමක්ද෴ මේ අය මොන විදියේ තීරණයක් ගනීවිද෴මේ මොවුන්ගේ ආදර අන්දරයේ අවසානයද෴ රැඳී සිටින්න෴
විදින විදවන සෙනෙහසක සැබෑ තතු අරන්,

පිනි මත බඹරු 13 වන කොටින් හමුවෙමු..
රචනය:රවීන් බණ්ඩාර.