ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Sunday, June 30, 2013

සම්මත ක්‍රමයට YouTube වීඩියෝ ඩවුන්ලෝඩ් කරමුද?



ඔන්න , අද මම කියල දෙන්න යන්නෙ, ඔයාලට ගොඩක් වැදගත් වැඩක්...

අන්තර්ජාලයේ සැරිසරන කවුරුත් දන්න, එක වරක් හෝ ගිහින් තියන ඉතා සුප්‍රසිද්ධ වෙබ් එකක් තමයි YouTube කියන්නෙ...

කවුරුත් දන්නවනේ. අපට මොකක් හරි වීඩියේ එකක් හොයාගන්න ඕනෙනම් ඉස්සරලම අපි යන්නෙ YouTube එකට කියල...

www. YouTube.com කියන ඇඩ්රස් එක යටතේ ඕනෙම කෙනෙකුට මේ වෙබ් සයිට් එකට පිවිසෙන්න පුළුවන්...

ෆ්ලෑෂ් තියන ඕනම පරිගණකයකින් මේකෙ තියන වීඩියෝ ඔන්ලයින් නරඹන්න පුලුවන්..

නමුත් තියන ප්‍රධානතම ගැටලුව තමයි, මේ විඩියෝ ඩවුන්ලෝඩ් කරන්න තියන අපහසුව..

එක එක ජාතියෙ මෘදුකාංග කෑලි දාගෙන වීඩියෝ ඩවුන්ලෝඩ් කරත් ඒ බොහෝ ඒව 100%ක් සාර්ථක නෑනෙ...

අද මන් කියන්න යන මේ පොඩි ගැජට් එකෙන් ඔයාට පුලුවන් ඉතාම පහසුවෙන් මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කර ගන්න...

මුලින්ම පහල තියන ලින්ක් එකෙන් මේ පුන්චි ගැජට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔන්ලයින් ඉන්ස්ටෝල් කර ගන්න...

 
පේන්න ඇතිනි... ඕක ජාවා කියන පරිගණක මෘදුකාංග නිශ්පාදනයට යොදා ගන්න භාෂා අයිතිකරුවන් වන Oracle සමාගමේ නිශ්පාදිත පොඩි ගැජට් එකක්..

ජාවා ගැන ඉගෙන ගන්න අය ඉන්නවනම් වැඩි විස්තර දන්නවනේ...
දැන් මෙහෙමයි..

www.youtube.com කියන ලින්ක් එකෙන් ගිහින් ඔයාට ඩවුන්ලෝඩ් කර ගන්න ඕනෙ කරන වීඩියෝ එක හොයා ගන්න...

අපි හිතමු ඒකෙ ලින්ක් එක ආවෙ මෙහෙම කියල...

www.youtube.com/video/1     කියල...

ඔයාට කරන්න තියෙන්නෙ මෙ ලින්ක් එකේ YouTube කියන තැනට මුලින් Save කියල ටයිප් කරල එන්ට කරන්න...(පහත ආකාරයට)

www.saveyoutube.com/video/1 
 
දැන් පෙන්වන පේජ් එකේ Download URL තෝරන්න... 

එතකොට එන වින්ඩෝ එකේ  Run තෝරන්න..

දැන් ඔයාට අවස්ථාවක් එනව අවශ්‍ය කරන ෆෝමැට් එක තෝරන්න..
ඒ තේරීම කලාම වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනව..දෙතුන් පාරක් කරාම වැඩේට හුරු වෙනව...

එහෙනම් කරලම බලන්නකෝ....

ගැටලු තියනවනම් කියන්නකෝ උදව් කරන්න...
නැවත හමුවෙමු..
පහලින් Comment එකක් දාලම යන්න...

Thursday, June 27, 2013

සෙනෙහසක මහිම(කෙටි කථාව)



වරද කොතැනද? 
මේ කියන්න යන්නෙ ලංකාවෙ සිදුවුනු සත්‍ය කථාවක්...
එක දුෂ්කර ගමක ඉන්නව ලැජ්ජ බයට හැදුනු පෝසත් පවුලක ලස්සනම ලස්සන ගෑණු ළමයෙක්... 
මෙයාගෙ නම සමනලී. පවුලෙ එකම දරුව.
සමනලීට හොඳට ඉගෙන ගන්න පුළුවන්.. ගමේ ඉස්කෝලෙට තමා මෙයා ගියෙ.. 
උසස්පෙල හොඳට පාස් වුනාට මෙයාට විශ්ව විද්‍යාලෙ යන්න ලකුණු කීපයක් මදිවුනා.. ගොඩාක් හිතේ දුකෙන් හිටපු සමනලීගෙ හීනෙ වුනේ නර්ස් කෙනෙක් වෙන එක...
සමනලී හිතුව එයාගෙ හැම හීනයක්ම බොඳ වෙලා ගියා නේද කියල..
ඒත් එයාගෙ ‍තාත්තට හොඳට සල්ලි තිබුන. තත්ත කවදාත් සමනලීට දුකක් ‍දැනෙනවට කැමති උනේ නෑ... තාත්ත මෙයාව කොළඹ පුද්ගලික හෙද පුහුණු ආයතනයකට ඇතුලත් කරා... දන්නවනෙ ඉතින් කොළඹ හැටි.. පුංචි බෝඩිමක නැවතිලා තමයි සමනලීට හෙද පුහුණුව ලබන්න වුනේ...
සමනලී තමයි හෙද පාඨමාලාවෙ හිටපු ලස්සනම කෙල්ල.. ඇත්තම කීවොත් මේ ළමය දැක්කම හිත යන්නෙ නැති කොල්ලෙක් ඉන්නවනම් ඒක පුදුමයක්. ඒ තරමටම සමනලී ලස්සනයි...
දනහිසෙනුත් පහලට වැටෙන්න දිගට ඇඳුමත් ඇඳල, ලස්සනට කොන්ඩෙ පීරල... හිතා ගන්න බැරි තරම් ලස්සනයි.. ඒ වගේම චාම්..
මේ පාඨමාලාවෙ ඉගෙනීම පැත්තෙන් සමනලීට අභියෝගයක් උනේ එක්කෙනෙක් විතරයි... ඒ තමා අනුරුද්ධ. අනුරුද්ධ කියන්නෙ ගමේ කොල්ලෙක්.. වැඩිය සල්ලි බාලෙ නැතිඋනාට කොල්ලගෙ හිත හොඳයි.. ඒ වගේම තමයි... මිනිහ සුපිරිම මීටරේ...
පන්තියෙ හිටිය හැන්ඩිම කොල්ල හොඳ සල්ලි කාරයෙකුගෙ පුතෙක්. මිනිහ ශාන්. ශාන්ට පන්තියෙ වැඩ ඒ තරම් බෑ... ඒත් හොඳට සල්ලි තිබුන.. ටිකක් වලියට බර, මැර පෙනුමක් තමා මිනිහට තිබුනෙ..  ශාන් නිතරම උත්සාහ කලේ අනුරුද්ධත් එක්ක පැටලෙන්න.. ඒත් අනුරුද්ධ බුද්ධිමත් නිසා ශාන්ට කිසිම දෙයක් කර ගන්න බැරි උනා...මොකද ශාන්ගෙ උගුල් වලට අනුරුද්ධ අහු උනේ නෑ...
සමනලී අනුරුද්ධ එක්ක ගොඩක් හිතවත් උනා... පන්තියෙ හොඳම වැඩකාරයනෙ ඉතින්.. 
වැඩිය කථාවක් බහක් නැති අනුරුද්ධත් සමනලීට ගොඩක් හිතවත්...
කාලයත් එක්ක දෙන්නට දෙන්න නැතිවම බැරි තරමට දෙන්න ලන් උනා... ඒත් කොයිම මොහොතකවත් අනුරුද්ධ වත්, සමනලීවත් එයාලගෙ හිතේ තිබුනු ඒ තේරුම්ගන්න බැරි හැඟීම ගැන කථා කලේ නෑ...
කාලය වේගයෙන් ගෙවිල යනව.. මේ අතරෙ තවත් සිදුවීමක් සිදුවෙමින් තිබුන..
ඒ තමයි ශාන්... ශාන් නිතරම උත්සාහ කරේ සමනලීට ලන් වෙන්න... එයාගෙ ආදරේ දිනා ගන්න... ඒත් දඩබ්බර චරිතයක් උනු ශාන් ට සමනලී කැමති නෑ... සමනලී ශාන් තමන්ගෙ ආදරේ කියන්න උත්සාහ කල හැම මොහොතකම කලේ ශාන් ව මග හැරපු එක...
එක දවසක්....
එදා ටිකක් කලින් පාඨමාලාවෙ වැඩ ඉවර උනා...
ශාන්: සමනලී... මට ඔයා එක්ක ටිකක් කථා කරන්න ඕනෙ..
සමනලී: මන් අද ඉක්මනට යන්න ඕනෙ ශාන්... බුක් ෂොප් එකට යන්නත් ඕනෙ..
ශාන්: හරි... අපි දෙන්නම යමු එහෙනම්... මටත් පොඩි උවමනාවක් තියනව...
(සමනලී ශාන්ගෙන් ගැලවෙන්න බොරුවක් ගෙතුවත් ශාන් ගෙ ගැටේට සමනලී අහුවෙලා ඉවරයි...)
සමනලීට හම්... කියනවා හැර වෙන දෙයක් කිව නොහැකිවයි හිටියෙ...
සමනලී: අනුරුද්ධ ත් එනව කීව... එයාටත් පොත් වගයක් ගන්න යන්න.. එයත් ආවම මු..
ශාන්: ඔය ගොබ්බය මොකට ඔයා ආස්රේ කරනවද? පේන්නෙ නැද්ද? කථා බහක් නෑ.. ගෑණි වගේ ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න එක විතරයි...
සමනලී: ශාන්................................... අනුරුද්ධ ට මුකුත් කියන්ඩ එපා... (සමනලී ශාන්ට ඇඟිල්ලකුත් දිගු කරමින් කීවෙ නිම් හිමි නැති කේන්තියකින්..)
ශාන්: හම්... මෙයාගෙ සද්දෙ... අර ගොබ්බයගෙ පවර් එක වෙන්න ඇති....
සමනලී: මේ... ශාන්... තමුසෙ යන දේවාලෙක යනව... අපට පව් නොදී... 
ශාන්: මේකිගෙ කටේ සැර... උඹ දැනගනින්... උඹට ඕකත් එක්ක වැඩි කල් ලව් කරන්ඩ මම ඉඩ තියන්නෙ නෑ...
සමනලීට කර කියාගත හැකි දෙයක් නැතිවුනේ ඒ වෙනකොටත් ශාන් කී දේ අහගෙනම අනුරුද්ධ එතනට ආපු නිසයි...
අනුරුද්ධ: මොකද සමනලී... ප්‍රශ්ණයක්ද?
සමනලී: අපි යමු අනුරුද්ධ? (දෙනෙත් වලින් කඳුලු බේරෙමින් තිබියදිම සමනලී අනුරුද්ධ ගේ අතකින් ඇදගෙන එතනින් පිටවන්නට උත්සාහ කරත් ශාන් මග හරස් කරමින් හිටගත්තෙ අත් දෙකත් මිට මොලවගෙන..)
අනුරුද්ධ: ශාන්... ප්ලීස් මචන්... අයින් වෙයන්... අපි දැන් යන්න ඕනෙ..
ශාන්: උඔ කෙල්ලට හරි ආදරෙයි වගේ... උඹට මට කියන්න ඕනෙ මෙච්චරයි.. (ශාන් කතා කරේ අනුරුද්ධගෙ ශර්ට් එකේ කොලර් එක ගාවින් කරකවල අල්ලල ලඟට ඇදල ගන්න ගමන්)
අනුරුද්ධ: මචන්.. ප්ලීස්... ශර්ට් එක අතෑරපන්... ප්‍රශ්ණයක් තියනවනම් කථා කරල විසඳ ගමු...
(ඊලඟට සිදුවන්නට යන්නේ කුමක්දැයි සිදා ගත නොහැකිව පන්තියෙ ළමයි වටවෙලා බලන් ඉන්නව... හැමෝම බයවෙලා...)
ශාන්: මොනවද? මොනව කථාකරන්ඩද ඩෝ..... (පවසමින්ම අතක් ඉහලට එසවූයේ එක පහරින්ම අනුරුද්ධට බ්ම ඇද වැටෙන්නම පහර දෙන්න.)
සමනලී: අනුරුද්ධ..................................................???????????????
(අත් දෙකෙන්ම කන් දෙකත් වසාගෙන සමනලී හයියන් කෑ ගැහුවෙ කරගන්නම දෙයක් නැතිම නිසා..  සමනලී දන්නව ඊළඟ මොහෙත දකින්නට වෙන්නෙ අනුරුද්ධගෙ ලේ පෙරාගත්ත මුහුණ විත්තිය..)
ඒත් සිදුවුනේ වෙන දෙයක්... මුහුණෙහි පුම ඉරියව් වෙනසක් වත් නොපෙන්වා ශාන් ඉදිරියේ බැගෑපත් උන අනුරුද්ධ, පහර කෑ නාගයෙකු මෙන් ‍කෝපාවිශ්ඨ වී ක්ෂණයකින් එල්ල කල එක් පහරකින්ම ශාන් නාහෙන් කටින් ලේ පෙරාගෙන බිම ඇද වැඩිනි..
අනුරුද්ධ: (වැටී දඟලන ශාන්ව කොරයන් අල්වා නැගිට්‍ටෙවා බෙල්ලෙන් අල්ලා ගනිමින්) තෝ දැනගනින්... බුරන බල්ලන්ට මම බය නෑ.. ආයෙත් මගෙ ඇඟට අතක් තියන්න ආවොත් මන් තෝව මෙහෙම ඉතුරු කරන්නෙ නෑ...
සමනලී: අනේ අනුරුද්ධ? අපි යමු... ප්ලීස්... (ඇස්වල කඳුලු වගුරුවමින් අරවින්දගේ අතේ එල්ලී කෑ ගසපු සමනලී නිසාම අනුරුද්ධගෙන් ශාන් තවත් ගුටි නොකා ගැලවුනේ පූරුවෙ පිනකට...
දෙදෙනාම කථාවක් බහක් නැතිව ඔහේ ඇවිදගෙන ගියා.. ගෝල්ෆේස් දක්වාම ඔහේ අරමුණක් නැතිව ඇවිදන් ආවත් සමනලී හිටියෙ තවමත් අනුරුද්ධගෙ අතේ එල්ලිලා...

දෙදෙනාටම නොතේරෙන කුමක්දෝ බැඳීමක් ස්ථීර වෙමින් තිබෙන බව දෙදෙනාටම තේරුම් ගිහින් තිබුනෙ..
බීච් එකේ සිමෙන්ති බැම්මක අනුරුද්ධ සමනලී ඉන්දවල ඉඳ ගත්තෙ විකල් වූ මානසිකත්වයෙන් මදකට හෝ මිදෙන්න හිතාගෙන...
ඒ වෙලාවෙ තමයි දෙවියන්ගෙ තීරනේ ලැබුනෙ..
සමනලී නිසොල්මන්ව හිටපු අනුරුද්ධගෙ බඳ වටේ අතක් ටවමින් උරහිසට හිස තියාගත්තෙ අනුරුද්ධත් අන්ද මන්ද කරමින්...
සමනලී: මාව කවදාවත් තනි කරන්න එපා අනුරුද්ධ? මට බයයි....
(සමනලී කීවෙ එච්චරයි..)
අනුරුද්ධ සමනලී ආදර කථාව මෙසේ මුල පුරද්දි කාලය ගතවෙලා ගියෙ දෙදෙනාටම ොදැනි. දෙදෙනාම හවස වෙන් වෙලා බෝඩිම් වලට යන්න ගියෙ, පහුවෙනිද හමුවෙන නොයිවසිල්ලෙන්...
කාලය ගෙවිල ගියා... 
අනුරුද්ධට ඇඳට වැටුන වෙලාවෙ ඉඳන් සවස සිදුවීම් මාලාවක එකින් එක මැවි මැවී පෙනෙන්නට විය... 
සිහින ලොවින් අනුරුද්ධව මුදවමින් දුරකථනය නාද වුනේ මේ වෙලාවෙ.. ෂුවර් එකටම සමනලීතමා අනුරුද්ධ ෆෝන් එක අතට ගත්තෙ එහෙම හිතාගෙන... ඒත් කථාකරේ සමනලීගෙ බෝඩිමේ යාළුව දිල්කි.
අනුරුද්ධ: හෙලෝ දිල්කි...
දිල්කි: අනුරුද්ධ...? ඔයා බෝඩිමේද? (දිල්කිගේ කටහ‍ඬ වෙනස් වෙලා.. හරියට බයවෙලා වගේ)
අනුරුද්ධ: ඔව් දිල්කි.. කියන්න.....
දිල්කි: මාර වැඩේනි අනුරුද්ධ? සමනලී තවම ආවෙ නෑනෙ... 
අනුරුද්ධට කරන් එක වැදුනාක් මෙනි.. බීච් එකෙන් එන්න එනකොට සමනලී දිල්කිට කෝල් කර බව අනුරුද්ධට මතකය..
අනුරුද්ධ: මොකක්... කෝල් එකක් වත් දැම්මෙ නැත්ද?
දිල්කි: මොකද නැත්තෙ.. ම කී පාරක් ගත්තද? ෆෝන් එක ඕෆ්..
අනුරුද්ධ: අපි 9.00 වෙනකම් බලමුකො... මටත් හිතාගන්න බෑ දිල්කි කිසි දෙයක්...
(අනුරුද්ධ කීවෙ වෙන කියන්න කරන්න දෙයක් නැති කමට.. අනුරුද්ධගෙ ඔළුව ගිනිඅරන් හිටියෙ...)
දුරකථනය මේසෙ උඩින් තියල අනුරුද්ධ ඇඳට වැටුනෙ 9.00ට කලින් සමනලී ගැන තොරතුරක් නොලැබුනොත් මොකද කරන්නෙ කියල හිත හිත..
නවය වෙන්න මිනිත්තු 5ක් විතර තියෙත්දි දුරකථනය නාද වෙන්න ගත්ත.. අනුරුද්ධ විදුලි වේගෙන් දුරකථනය ලඟට ගියෙ සමනලීගෙන් තොරතුරක් බලාපොරොත්තුවෙන්.. කෝල් එක ආවෙ හිතාගන්නවත් බැරි කෙනෙක්ගෙන්.. කථාකලේ ශාන්..
අනුරුද්ධ: හෙලෝ ශාන්...
ශාන්: හෙලෝ................ ආ... අ අනුරුද්ධ????
(ශාන් කථාකරපු විදියටම ශාන් ඉන්නෙ හොඳටම බීල කියල අනුරුද්ධට තේරුනා..)
අනුරුද්ධ: ශාන්... මන් පොඩි ප්‍රශ්නෙක ඉන්නෙ.. මන් පස්සෙ කෝල් එකක් ගන්නම් මචන්.. (අනුරුද්ධ කථාකලේ හිතේ තරහක් තියාගෙන නෙමේ)
ශාන්: මේ... මේ අහපන්කො... මට මට සමා වෙයන් අනුරුද්ධය... දවල් වෙච්ච දේට මට දුකයි... සමාවෙයන්..
අනුරුද්ධ: හරි බන්... මන් ඒක ගැන දැන් හිතන්නෙ නෑ.. ඕක අමතක කරල දාමු දැන් ශාන්... මචන්... මන් උබට පස්සෙ කෝල් එකක් ගන්නම්.
(ඒත් ශාන් කථාව නැවැත්තුවෙ නෑ..)
ශාන්:පොඩ්ඩක් හිටපන්කො... ම්න මේ පනිවිඩයක් කියන්න ගත්තෙ..
අනුරුද්ධ: කියහන් මචන්..
ශාන්: මේ... පට්ට හනිමූන් එකක් ගත්ත මචන්.. අද තමයි මන් හොඳටම හනිමුන් ගියෙ..
(ශාන්ට හැමතැනම කෙල්ලො ඉන්නව කියන එක කවුරුත් දන්න රහසක්.. ඒ වගේම ඒ කෙල්ලන් එක්ක කාමර ගානෙයි., සිනමාහල් ගානෙයි යන එක පාඨමාලාවෙ හැමෝම දන්න දෙයක්..)
අනුරුද්ධ: ඕ.කේ මචන්.. මන් තියන්නම්.. අපි හෙට හම්බුනාම කථා කරමු..
ශාන්: පොඩ්ඩක් හිටපන්... ොකද හදිස්සි... මේ.. සමනලී... ඉන්නව..
අනුරුද්ධ: මොකක් සමනලී... හෝ... ඇති යන්තම්.. 
 (අරවින්ද සුසුමක් හෙලමින් හිත හෑල්ලු කර ගත්තෙ නිරායාසයෙන්...)කොහෙද බන් උබල ඉන්නෙ.. සමනලී ඔහෙ මොකද කරන්නෙ... (අනුරුද්ධට තිබුනෙ පටලැවිල්ලක්)

ශාන්: ආහ්... ස... සමනලී මෙහෙ ආව.. මේ අනුරුද්ධට එන්ඩලු එක්ක යන්න..

අනුරුද්ධ: හරි මන් දැන්ම එන්නම්, කොහෙද දැන් ඉන්නෙ ශාන්

ශාන්: අපි... අපි ඉන්නෙ උඹෙ බෝඩිම ඉස්සරහ..

අනුරුද්ධ: මොකක්..., බෝඩිම ඉස්සරහ...(බෝඩිම තිබුනෙ පාර අයිනටම වෙන්න.. අනුරුද්ධ දොරත් ඇරගෙන පාරට ආවෙ සමනලීගෙ මුහුණ දකින්න.. යාර කීපයක් ඉදිරියෙන් වෑන් එකක් නවත්තල තිබුන. ශාන් වෑන් එකක ඇවිත් හිටියෙ.. තව ශාන්ගෙ යාළුවො යැයි කියන්න පුලුවන් දෙන්නෙකුත් වෑන් එකෙන් බැහැල මන් දිහා බලාගෙන හිටිය... ශානුයි, ඒ දෙන්නයි කෙලින් හිටගන්න බැරි තරමටම බීලයි හිටියෙ..)


අනුරුද්ධ: කෝ මචන් සමනලී...

ශාන්: ඉන්නව ඉන්නව.. එයාට ටිකක් මහන්සියි ලු....

(ශාන්ගෙ ඔලොක්කුවට වගේ දැම්ම හිනාව අනුරුද්ධගෙ හිත ටිකක් කලබල කරා...ඒ හින්දමයි අනුරුද්ධ දුවගෙන ගිහින් වෑන් එකට එබුනෙ..
අරවින්දට දුටු දෙයින් කකුල් දෙකත් එක්ක පන නැතිවෙලා ගියා වගෙ...)

අනුරුද්ධ: සමනලී... දෙයිය.... මොකද උනේ ඔයාට... කෝ කථා කරන්න...(අනුරුද්ධ වෑන් එකේ උඩබැලි අතට පෙරලී හිටපු සමනලී ගාවට පැන්නෙ විදුලි වේගෙන්.. සමනලීගෙ ඇඳගෙන හිටපු ඇඳුම හොඳටම කිලිටි වෙලා.. සමහර තැන් වලින් ඉරිල.. අත් කකුල් වල තැලුම් පාරවල්.. වෙනද රෝසපාටට ලස්සනට තිබුනු අහිසක මූණෙ හැමතැනම කෙහෙ රොදවල් විසිරිල...හරියට අවුරුදු ගානක් මිනිස් වාසයකින් ඈතක ඉඳල වගේ... ොල් පටවල් වලින් ේ ගලාගෙන ගිහිල්ල එහෙමම ේලිල.)

අනුරුද්ධ: ශාන්... කියපන් ය... මොකද උනේ සමනලීට...

ශාන්: සමනලීට නේද:?? (ඒ වචන දෙකත් සමගම සමනලීට නැඹුරු වී සිටි අනුරුද්ධගේ කොන්දට වැදුනු පා පහරකින් අනුරුද්ධ සමනලී උඩම ඇද වැටිනි..)

ශාන්: උඹ දන්නවද සමනලීට මොකද උනේ කියල... හහ් හහ් හ් හහ් හහ් හා.... සමනලී අපිත් එකක් හනිමූන් එක ගත්තනෙ මචන්... (පා පහරට වඩා වේදනාවක්, කොටින්ම කීවොත් අනුරුද්ධ මේ ලෝකෙ බලාපොරොත්තු නොවූ වචන මාලාවක් පිටවී හමාරය...)

අනුරුද්ධ: දෙයියනේ මගෙ සමනලී.... (සමනලී ඒ වන විටත් පිරිසත් සමග ඔට්ටු වී දෝ ශක්තිය අඩපනවී මද සිහියෙන් වගේ හිටියෙ..)

ශාන්: උඹ දන්නවද? නියම හනිමුන් එක ආ.... සමනලියි.. අපි තුන්දෙනයි. ෂහ් කියල වැඩක් නෑ...ම..... (ශාන්ට කියාගත හැකිවූයේ එපමනයි... ශාන්ගේ ජීවිතයේ අන්තිම වචනටික වා තලයට එක් කරමින් වාහනේ ශීට් එකක් යට තිබුණු යකට පොල්ලක් ශාන්ගේ ඔලු කට්ට හතරට පහට කුඩු කරමින් හිස මතට පතිත විය...

අනුරුද්ධ: තෝ දැනගනින් වල් බල්ල... උඹට පුශ්ණයක් තියනවනම් ඒකට මාව ගාව ගනින්.. මේ අහිංසකී ඒකට මොනව කරන්නද?

ශාන්ගේ යාළුවන් දෙ‍දෙනා එක්වනම දුවන්නට වූ නිසා කථාව නවතා ශාන් දෙස බලනවිටයි අනුරුද්ධ දැක්කෙ ශාන් ලේ පෙරාගෙන බිම ඇද වැටිල කියල...

සෙනග ගොඩක් වටවෙලා බයවෙලා බලන් ඉන්නව..
සමනලී: (ේ අපහසුවෙන් වෑන් එකෙන් බැස ගත් සමනලී ශාන් ලඟට විත් බිම බලාගෙන හඬමින්) මට සමාවෙන්න අනුරුද්ධ?

අනුරුද්ධ: (ඇයව පපුවට තුරුලු කර ගනිමින්)ඔයා මුකුත් හිතල කර ගත්තෙ නෑ මගෙ රත්තරං... ඔයාට අද හවස වග හැමදාමත් මං ආදරෙයි... ඒ ආදරේ කිසිම හේතුවකට වෙනස් වෙන්නෑ මගෙ සමනලී....

පොලීසියෙන් ඒ වනවිටත් පැමින තිබිනි.. අරවින්ද පොලීසිය විසින් රැගෙන ගිය අතර සමනලී රෝහල් ගත කෙරිනි..
(මිනී මැරීමේ වරදට වසර දහයකට සිර දඬුවම් නියම වූ අරවින්ද එනතුරු සමනලී තවමත් හැඬූ කඳුලින් මග බලා සිටිනව....)
මෙයද සැබෑ ආදේ... අනුරුද්ධ, ශාන්, සමනලී වැන්නවුන් ඔබ අතරත් ඇති...
ඉවසීම නිවට කමක් ේ....
ආදරය බලෙන් ලබා ගන්න පුලුවන් ේකුත් ේ...
ඒ වේම ඇතැම් අප්‍රසන්න සිදුවීම් සැබෑ ආදරයක අවසානයද ේ...
(ඔබආදරයද අන්රුද්ධසමනලී ආදරය මෙන් ේවායි මම පතමි.. නමුත්, ශාන් වැන්නවුන් ඔබ අතරට පැමිේවයි මම ප්‍රාර්ථනා කරමි.. )    
තීරණය ඔබේ අතේ....
හිතට දැනෙන, හැඟෙන දේ අපට කියන්න... අඩුපාඩුත් කියන්න..
නැවත හමුවෙමු..
මෙහි සියළුම අයිතිය FreeGetLanka සතුය.
ඔබත් දන්නා සත්‍ය කථා අප වෙත එවන්න... rmbraveen@gmail.com