Wednesday, June 12, 2013

ඊමේල් සහ ෆෝන් වලින් සුවඳ යවන්න පුළුවන් ක්‍රමයක්.

ඔබ කවුරු කවුරුත් මේ මොහොත වෙත්දිත් අනිවාර්යයෙන්ම දුරකථනයක හිමි කරුවෙක්... එහෙම නේද?
සමහරු ලඟ නම් දුරකථන 2ක් ම ඇති.
ජායාරූප ගත හැකි වීම, ගීත ඇසීමට ඇතිහැකියාව, වීඩියෝ නැරඹීමේ හැකියාව දැන් සාමාන්‍ය ලක්ෂණ වෙලානෙ දුරකථන වල..
ඉතින් මේ වෙනකම් නම් තිබුන පුදුම කරවන ලක්ෂණය තමා ඇපල් සමාගමෙන් හදපු Apple Iphone6 වල එන Laser Screen කියන ක‍්‍රමය..
දන්න අයත් ඇතිනේ...
මේ ඊටත් වඩා එහාට ගිය පුදුම සහගත තාක්ෂණයක්..

මිතුරු මිතුරියන් වෙත දුරකතනයෙන් හෝ අන්තර්ජාලය ඔස්සේ පණිවිඩ යවන විට ඊට ගැලපෙන සුවඳක් සමග මුසු කොට යැවිය හැකි ක්‍රමයක් ජපාන තාක්ෂණික සමාගමක් සොයාගෙන තිබේ.

එම සමාගම චැට්පර්ෆ්(Chatperf) නම් වේ.සුවඳ විහිදුවාලන මෙම නවතම සංනිවේදන උපකරණය හැඳින්වෙන්නේ scentee(සෙන්ටී) ලෙසය.තවමත් ප්‍රදර්ශනාත්මක මූලකෘතියක් ලෙස පවතින මෙම උපාංගය ඇපල් වර්ගයේ ජංගම දුරකථන වල දැනට ක්‍රියාත්මක කල හැකි බවත් එළඹෙන සැප්තැම්බර් මාසයේදි ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ සියලුම ජංගම දුරකථනවල භාවිතය සඳහා ද සෙන්ටි සුදානම් කරන බවත් වාර්තා වේ.

මානසික පීඩාවට හෝ වෙස්ව පත්ව සිටිනා මිතුරකු වෙත ඔබ සමාජජාල වෙබ් අඩවියක් හරහා පණිවිඩයක් යවන්නේ නම් එම උපාංගය භාවිතා කොට මනස සුවපත් කරනා සුවඳක් ඒ සමග මුසු කොට යැවිය හැකි වනු ඇත.ජංගම දුරකථන ක්‍රීඩා වල නියලීමේදී වෙඩි තබා ගන්නා ක්‍රීඩාවක දි වෙඩි බෙහෙත් සුවඳ ද රසකැවිලි සම්බන්ද ක්‍රීඩාවක දි රසකැවිලි සුවඳ ද විඳිමින් ක්‍රීඩාවේ යෙදීමට ඔබට මෙමගින් අවස්තාව සැලසේ .

කුඩා ප්ලාස්තික් ටැංකි වල බහා වෙළඳ පොලට නිකුත් කිරීමට නියමිත මෙම උපාංගය ජංගම දුරකතනයට සම්බන්ද කල හැකිය.සුවඳ යැවීමට අවශ්‍ය වූ විට ජංගම දුරකථන තීරයේ පෆ් (Puff) යන්න තෙරපීමෙන් පසු අදාළ පණිවිඩය ලබන්නා තෝරා ඔබට සුවඳ යැවිය හැක.

ඩේලිමේල්(උපුටා ගැනීමකි)
ඔබේ අදහස් Comment කරන්න. ඔබත් දන්නා වටිනා පුවත්, කථා, වැදගත් ලිපි rmbraveen@gmail.com ට ඊමේල් මගින් අප වෙත යොමු කරන්න.. අප ඕවා ඔබේ නමින් FreeGetLanka බ්ලොගය තුල පල කරන්නම්..



0 comments:

Post a Comment