ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Sunday, December 21, 2014

තරුවක් හැඬුවා෴





සර්, දහම් පාසලට අළුත් ළමයෙක් ඇවිත්෴ සර් ට ලොකු හාමුදුරුවො එන්න කීව එයාව රෙජිස්ටර් කරන්න෴


දුලානි දුවගෙන අවිත් කීවෙ අවිශ්ක දහම් පාසලට ඇවිත් බයික් එකෙන් බහින්නත් කලින්෴


එවිට උසස් පෙළ හදාරා පුද්ගලික පාඨමාලාවක් හදාරමින් සිටි අවිශ්ක ධර්මාචාර්‍ය සමත් පාලි විශේෂ පාඨමාලාවක් ද හැදෑරූ දහම්පාසලේ ගුරුවරයෙකි෴ 


පාලි භාෂාව හදාරා තිබීම නිසා ඔහුට වඩා වයසින් වැඩි මහලු සහ අද්දැකීම් බහුල ගුරුවරුන් සිටියද,  දහම් පාසලේ විශේෂ සැලකිල්ලක් අවිශ්ක ට  හිමිවී තිබිනි෴


ආ... අවිශ්ක පුතා... තෙරුවණ් සරණයි..!!! මේ එනකම් බලාගෙන හිටියෙ..


තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ....!!! ඒ මොකද අපෙ හාමුදුරුවනේ...


මේ.. අළුතෙන් දරුවෙක් දහම්පාසලට සම්බන්ද වෙන්න ඇවිත් අද... අන්න විහාර මලුව පැත්තෙ ඉන්නව.. ලියාපදිංචි කරල පොත් පත්වල වැඩ ටික අහවර කරල හිටියනම්...


එහෙමයි අපෙ හාමුදුරුවනේ...


දුලානි.. පුතේ ගිහින් ඒ ළමයට එන්න කියන්නකො මෙහාට...


අවිශ්ක දහම්පාසලේ 8 ශ්‍රේණිය භාර ගුරුවරයා විදියට කටයුතු කල අතර, අවුරුදු 20ක් පමන වුවද දහම් පාසල් දරුවන්ට පුතේ කියා අමතන්න ට ඔහු අමතක නොකලේ ගරු භූමිකාවේ ගෞරවය සහ අභිමානය ආරක්ෂා කර ගැනීමට විය යුතුය..


ඉතා නිහතමානී මෙන්ම අව්‍යාජ චරිතයක් වුවද ඇතැම් විට දරුවන් මෙල්ල කිරීමට ගත් ඇතැම් දරදඬු ක්‍රියා මාර්ග නිසාවෙන්ම දහම්පාසලේ දරුවන් නායක හාමුදුරුවන්ට හැරුනුකොට වැඩිපුරම කීකරු වූයේ අවිශ්කටයි...


සර්... මෙයා තමයි ආවෙ අද..


දුලානි පිටුපා සිටි අවිශ්කට පැවසුවේ යම් කල්පනාවක සිටි අවිශ්කගේ සිතට මද ගැස්මක්ද ඇති කරමිනි..

ආහ්..


ආවිශ්ක ආපසු හැරෙන විට මැදි විය ඉක්මවමින් සිටි කාන්තාවක් සමග සිටි ඈ මොහොතකට අවිශ්කගේ නෙත් සිත් සසල කලහ.. 


ආ.. එන්න වාඩි වෙන්න...


අවිශ්ක දෙදෙනාටම අසල තිබු බංකුව වෙතට  ආරාධනා කලේ මද තැතිගැනීමකිනි..


ඈ සැබැවින්ම සුන්දරය.. දිගු කෙස් කලඹ, නිල්වන් ආකාර්ශණීය නෙත් යුග,  රත් පැහැ ගැන්වී තිබු රෝස පැහැති දෙකොපුල්, නා දළු වන් දෙතොල්, ඇය ළමා සාරියට අපූර්වම සිතුවමක් ගෙනහැර පෑහ...


අව්වට පිච්චී මූණ කළුවි ගොස් තිබුනු, අවල් වි ගිය හිස කෙස් වලින්, ඉතා පීඩිත ජීවිතයක් ගත කරන සේයා පෙන්වන දුක් විඳින නෙත් යුගලක් හිමි මැදි විය ඉක්මවමින් සිටි කාන්තාව අව්‍යාජ සිනහවකින් සංග්‍රහ කලේ කුඩා අවිශ්කට ගුරු ගෞරවයෙන් විය යුතුය...


මොකක්ද පුතේ නම.


සර්... සත්සරණි..


කීය වසරටද...?


8 වසරට...


8 වසරට? ඉස්කෝලෙ කීය වසරෙද෴?


අවිශ්ක නැවත ඇසුවෙ 8 ශ්‍රේණියේ ම දැයි සැක හැර දැන ගන්නට විිය යුතුය.. මන්ද, ඈ පෙනුමෙන් සාපෙළ සිසුවියකගේ තරම් විය.. නමුදු ඇගේ මුහුණුවරෙහි ලාබාල ගතියක්ද විය...


අනෙක් කරුණ නම් ඇය පැමින ඇතතේ විශ්ක ගේම පන්තියට වීම නිසාය...


ඉස්කෝලෙත් 8 වසරෙ තමයි සර්..


එවිට උත්තර දුන්නේ මැදිවියේ කාන්තාවයි..


ආහ්... මම තමයි මෙහෙ 8 පන්තිය භාරව ඉන්නෙ... මේ එතකොට සත්සරණිගෙ අම්මද෴?


ඔව් සර... ඇය පිළිතුරු දුන්නේ මදක් පැකිලෙමින් මෙනි..


ඇතැම් විට ඇය ඇග් මව සිටි විලාසය නිසා ලැජ්ජා වනවා වියත් හැකිය.. කිසිවක් ගනන් නොගෙන අවිශ්ක අව්‍යාජ සිනහවකින් ඈ හට සංග්‍රහ කල නිසා ඈගේ මදකට හෝ සංසුන් වනනට ඇත.....


අම්මෙ.. දුවව දහම්පාසලට ඇතුල් කරන්න හිතපු එක බොහොම හොඳ  දෙයක්.. මේ වෙලාවෙ ඉඳල සත්සරණි අපේ දහම්පාසලේ ශිෂ්‍යාවක්.. දැන් අපි පෙල පොත් ටිකත් දෙනව. අදින් පස්සෙ තියෙන හැම තරඟෙකටම, විශේෂ අත්සව, විභාග, සියල්ලටම සත්සරණිටත් සම්බන්ද වෙන්න පලුවන් හැකියාව අනුව. විශේෂම දේ, අපි බලාපොරොත්තු වෙනව හැමදාම දහම්පාසැල් එන එක..


නායක හාමුදුරුවන්ගේද විශේෂ අනසාසනයකින් පසු ඇගේ මව පිටවී ගිය අතර එදින සිට අවිශ්ක ගේ පන්තියේ ශිෂ්‍යාවක් ලෙස ඇය ඉගෙනුම ආරම්භ කලහ..


සති කීපයකින්ම අවිශ්කට ඈ හඳුනා ගත හැකි විය.. මනා සේ ඈව තේරුම් ගත් අවිශ්කට පැහැදිලි වූයේ, ඈ ඉගනීමට බෙහෙවින් දුර්වල බවයි..


ඇතැම් විට පන්තියේ අනේක් දරුවන්ගේ උසුලු විසුලු වලට පවා බාජනය වන තරමට ඈ අධ්‍යාපනයට දුර්වල විය..


රුවෙන් පොහොසත් ඈ හට අධ්‍යාපනයටද විශේෂ කැපකිරීමක් කලහොත් අද්‍යාපනයද දිනිය හැකි බැවි ක්‍රමයෙන් අවිශ්කට තේරුම් ගියහ..


දහම් පාසලේ ඉහලම ලකුනු මට්ටමේ සිටි අවිශ්කගේ පන්තියේ දරුවන්ට අමතර පන්ති අවශ්‍ය නොවුනි.. නමුදු, සත්සරණි නිසාම අවිශ්ක සතියට දෙවරක් සතියේ දිනවල සවස දහම්පාසලේ නොමිලේ අමතර පන්ති ආරම්භ කලහ...


සත්සරණි, පුතේ... ඉස්සෙල්ලම මට කියන්න.. ඇයි ඔයා නිතරම කල්පනා කර කර ඉන්නෙ.. මොකක්ද ප්‍රස්නෙ..?


දිනක් සත්සරණි කලින් පන්තියට පැමිනි දිනක අවිශ්ක විමසුවේ ඉතාම දයාබර ස්වරයෙනි.. ඇත්තෙන්ම මේ වන විට අවිශ්ක සත්සරණි ගේ ගුරුවරයා මෙන්ම ඉතා මිත්‍රශීලී පුද්ගලයෙකුද වී සිටියේ ඈ පන්තියේ කොන් වන ඇතැම් විට ඇගේ පැත්ත ගෙන ඈව දිරිමත් කරන නිසා විය යුතුය...


සර්, මට ලැජ්ජයි කියන්න. ඒත් මම සර් ට කියන්නම්...


ඈ නෙතඟ කඳුලු පුරවාගෙන කියන්නට වෑයම් කරන්නේ මහා දුක් අඳෝනාවක් බැව් අවිශ්කට හොඳින්ම තේරුම් ගියහ...


සර්.. මගෙ තාත්ත බස් කොන්දර කෙනෙක්.. මට නංගිලා තුන් දෙනෙක් ඉන්නව.. අපි ගොඩක් දුප්පත්...

ඔයාගෙ කථාවට මම බාදා කරනව.. දැන් ඇයි ඔයා දුප්පත් කීවෙ..? ම්...

 අපිට සල්ලි නෑ සර්...


පුතේ, ඔයා හිතාගෙන ඉන්න විදිය වැරදියි... මිනිස්සුන්ගෙ දුප්පත්කම මනින්නෙ සල්ලි වලින් නෙමෙයි... 

දැනුමෙන්.. අධ්‍යාපනයෙන්.. හොඳද... මෝඩයො තමයි සල්ලි වලින් දුප්පත්කම මනින්නෙ... අද සල්ලි තියෙන මනුස්සය හෙට සල්ලි නැති වුනොත් දුප්පත් වනව කියමුකො ඔයා කියන විදියට෴ හැබැයි පුතේ අද ලබා ගත්තොත් දැනුමක් ඒක කවදාවත් කාටවත් නැති කරන්න බෑ෴ ඉතින් එහෙම බලද්දි සල්ලි වලින් දුප්පත් පෝසත් කම මනින විදිය වැරදී නේද...?


ඈ මදක් කල්පනා කරන්නට විය.. අවසානයේ දෙකොපුල් දිගේ රූරා වැටුනු කඳුලු පිස දමමින් මද සිනහවකින් යුතුව හිස වනන්නට විය...


හම්, කියන්නකො දැන්...,


ඈ අවිශ්කගේ වචනයට කීකරු වන්නට විය...


මේ වන විට අවිශ්කලාගේ කථාව දුර ඉඳන් ලොකු හාමුදුරුවන්ද ඇහුම්කම් දෙන්නට විය.. අවිශ්කට එය පෙනුනද, ලොකු හාමුදුරුවන්ට පිටුපා වාඩි වී සිටි තත්සරණි එය නොදත්හ෴


අපේ තාත්ත අපට ආදරේ නෑ.. එයා හැමදාම අම්මට බනිනව.. ගහනව.. නංගිලාටත් ගහනව... අම්ම තමයි හැමදේම කරන්නෙ. 


ඈ දිගින් දිගමට දුක් අදෝනාවක්ම කියාගෙන ගියහ.. ඒ ඇතැම් විටෙක, ඈ කුසගින්නේ සිටි අවස්තා, ඇගේ පියාගේ ගුටිබැට හමුවේ වද වේදනා විඳි අවස්තා, පවුලේ අයගෙන්, පාසැලෙන්, සමාජෙන් ගැරහුම් ලද අවස්තා, ආදී බොහෝ දේ කියවුනි...


(දෙයියනේ.. මේ කෙල්ලට ඇතතටම ආදරේ කියන දේ, රැකවරණය කියන දේ ලැබෙන්නෙ ඉතාම ල්ප විදියට නේද.. මේ විඳින තරම් දුක් විඳින අය තව කොච්චර නම් ඇත්ද ලංකාවෙ.. ඒ අතින් අපිට මොන ප්‍රස්නද?) ආදී දහසකුත් සිතුවිලි අවිශ්කගේ උණූ වූ  සිත තුලින් බුර බුරා නැගෙන්නට විය...


සත්සරණි.. මේ අහන්න.. මමත් ගොඩක් දුක් විඳපු කෙනෙක් මේ තත්වෙට එන්න.. හොඳද.. දන්නවද.. මං ඉස්සර පන්තියෙ අන්තිමය..ඒත් ඔයා පන්තියෙ කීප දෙනෙකුට හරි ඉස්සරහින් ඉන්නව. මං ඉස්කෝලෙ ගියෙ, පන්ගියෙ තනියම. ඒත්, ඔයාව එක්ක යන්න අම්මවත් ඉන්නව.. මමත් ගුටි කාපු අවස්තා තියෙනව.. බේර ගන්න කවුරුත් හිටියෙ නෑ.. ඒත් ඔයාව බේර ගන්න අම්ම හරි ඉන්නව.. අනික බලන්න.. ඔයාට නංගිලම දෙන්නෙක් ඉන්නව. කොච්චර ෂෝක්ද.? මට නංගිලත් නෑනෙ.. ඉතින් ඔයාට මට වඩා හොඳට ඉගෙන ගන්න පුලුවන් වෙන්න එපැයි.. ම්..


අවිශ්ක අවිශ්ක විඳි දුක් ගැන බොරුවක් ගොතා කීවේ ඇගේ සිත සනසන්නටය.. ඔහු එසේ දුක් විඳි එකකු නොවේ.. නමුදු සත්සරනි ඔහු වස්වාස කන්නට විය..


අද ඉඳන් හිතට ගන්න. මොන ප්‍රස්න ආවත් පාඩම් කරනව.. මොන දේ උනත් විභාග පාස් කරනව. පන්තියෙ පළමු 10 දෙනා අතර ඉන්නව.. කොහොම හරි කැම්පස් යනව.අද දුක විඳින අම්මට, අද සැර කරන තාත්තට, ඔයාගෙ චූටි නංගිලා දෙන්නට හොඳින් සලකනව. බලා ගන්නව කියල.. ඔයා බලන්නකො. ඔයා හොඳට ඉගෙන ගන්න ගත්තම තතාත්තත් හොඳ කෙනෙක් වෙනව..


අවිහ්ක නිතරම මෙවන් දේ කියන්නට විය.. ඇයව දිරි ගන්වන්නට විය.. ඇයද කෙමෙන් කෙමෙන් අධ්‍යාපනයට යොමු විය.. දිනෙන් දින පංතියේද, බාහිර වැඩ වලද, දහම් පාසලේද ඉදිරියටම එන්නට විය...


දැන් තත්සරණි හොඳට වැඩ කරනව නේද.. අවිශ්කගෙ උත්සාහය අපතෙ ගිහින් නෑ වගේ..


ඇතැම් විට ලොකු හාමුදුරුවන්ද පැවසුවේ ප්‍රශංසනීයවය...


ඈ විටක ගෙදර හෝ දුරකථන කුටියකින් අවිශ්ක ඇමතීය. හේතුවක් ඇතිව හෝ නැතිව සිදුවන, ලැබෙන සියළු අවස්තා සහ සිඳුවීම් පියකුට මෙන් අවිශ්කට කියන්නට ඈ අමතක නොකලහ..


ඇතැම්විට අවිශ්ක පියෙකුද, ගුරුවරයෙකුද, මිතුරෙකුට, නැත්නම් වෙනත් කවරෙකුද යන්න පවා ඈ හට ගැටලුවක් වන්නට ඇත..


සර් මාව බේර ගන්නෝ... දිනක් දහම් පාසැල් ඇරී ළමුන් ගිය පසු ලොකු හාමුදුරුවන්ට නමස්කාර කර නිවසට ඒමට යතුරු පැදියට නගිනවාත් සමගම සත්සරණි කෑ ගසාගෙන දිවවිත් අවිශ්කගේ ඇඟේ එල්ලුනි.. ඈ හඩමින් අවිශ්කගේ අතේ එල්ලී සිටියේ හැහෙන ගතිනි.


ඇයි ඇයි සත්සරණි.. මොකද උනේ.. ඇයි ඔයා බයවෙලා.. 


සර්.. අර අර..


පිරිමි ළමුන් දෙදෙනෙකු යතුරු පැදියක් නවතාගෙන ඈත පාරෙහි විය.. ඔවුන් ගමේම අයවලුන්ය..

ස්... මෙහා එමු පොඩ්ඩක්..


අසාධාරණයේදී යක්ෂයකු මෙන් වූ අවිශ්ක සැරෙන කතා කලේ සත්සරණීවද තිගැස්සවමිනි.. මේ වන විට ලොකු හාමුදුරුවන්ද එතනට විත්ය..


මොකක්ද ප්‍රස්නෙ මල්ලිල෴


නෑ මේ..


නෑ මේ නෙමේ.. මොකක්ද ප්‍රහ්නෙ තමුසෙලට෴


අවිශ්ක කථා කලේ ටිකක් උස මහතින් යුත් කෙනාව කොලරයෙන් අල්ලා දහම්පාසැල් ගේට්ටුවට හේතුත කරමිනි...


ඇත්ත කියපන්.. නැත්නම් කඩනව අත් කකුල්....


නැ මේ.. මේ.. අරූ තත්සරණි ට ටෝක් කරනව.. ඒකි කැමති නෑ.. අද ආවෙ අකමැතිනම් උස්සන්න..

කන හරහා වැරෙන් පහරක් එක්ක කල විශ්ක තත්සරණි පසුපස එවා යැයි කියා පෙන්වූ අනෙකා ලඟට ගියේ කේන්තියෙනි..


වෙන්නට යන්නේ කුමක්දැයි නොදත්තද, මෙවන් වෙලාවට අවිශ්ක පාලනය කිරීමට යෑම තවත් ඔහුගේ කේන්තිය ඇවිස්සිමක් බැවි ලොකු හාමුදුරුවන්  දැන උන් නිසාම නිහඩව සිදුවන දෙය දෙස විමසිල්ලෙන් බලා සිටියහ..


උඹද අනංගය.. ම්.. අහිංසක කෙල්ලෙකුට පාරෙ යන්න දෙන්නෙ නැති අනංගයා.. ඔහුටද වැරෙන් පහරක් එක්ක කල අවිශ්ක  බිම ඇද වැටුනු ඔහු නැගිට්ටුවා නැවත පහරක් ගැසීය..


මෙයාට කොල්ලෙක් නෑ කියල දන්නව අයියෙ.. ඒකයි පස්සෙන් ආවෙ...


ඔහු කෙදිරි ගාමින් පවසන්නට විය..


මොකක්.. කොල්ලෙක් නෑ.. උඹ කොහොමද එහෙම කියන්නෙ..


මං දන්නව.. එයාට කොල්ලෙක් නෑ..


අවිශ්ක සිනා සෙන්නට විය..


සිදුවන්නේ කුමක් දැයි ප්‍රෙහෙලිකාවකි..


යකෝ ගොනෝ... සත්සරණි මාත් එක්ක යාලු වෙලා ඉන්නෙ... උඹේ වැඩක් බලාගෙන පලයන්.. ආයෙ ඒ කෙල්ලට කරදර කරන්න ආවොත්෴...... මරණව.. පලයව්...


ස..සමා වෙන්න අයියෙ. අපි දැනන් හිටියෙ නෑ... අවිශ්ක ඉදිරියේ දෑත් එක්කොට සමාව අයදිමින් ඔව්න් යන්නට විය...


අඬමින් සිටි සත්සරණි දිලිසෙන නෙත් යුග අතරින් වෙනස් ම ආකාරයක සිනහවක් පෑවේ මන්දැන් අවිශ්කට නොතේරුනි.. වෙන කරන්නට යමක් නොවූ නිසා අවිශ්ක එසේ පැවසුවේ ඇගේම ආරක්ෂාවටය...

දින සති ගෙවුනි..


සත්සරණි කෙමෙන් ප්‍රමාණයටත් වඩා අවිශ්කට සමීප විය.. ඈ අවිශ්කගෙන් බොහෝ සේ සෙනෙහස බලාපොරොත්තු විය..


මිතුරියකට, සහෝදරියකට මෙන් අවිශ්ක ඈහට සලකන්නට විය..


ඈ දිනෙන් දින රුවෙන් මෙන්ම ගුණෙන්ද, දැනුමෙන්ද පෝෂණය වන්නට විය...


පුතා, මේ මං ඔයාව හම්බ වෙන්න ඔයාලගෙ ගෙදර යන ගමන්... දිනක්  මහමගදී  හමුවී සත්සරණිගේ මව පවසන්නට වූයේ අවිශ්කට කිසිත් සිතා ගැනීමටවන් නොහැකි ලෙසය..


ඇයි අම්මෙ... මොකක් හරි හදිසියක්ද...?


හදිසියක් නම් තමයි.. මං මේ පුතාගෙන් ඉල්ලන්නෙ, අම්මකෙනෙක් විදියට බුදුන්ට වඳින දෑත් එක් කරල... පිං සිද්ද වෙයි.. මගෙ කෙල්ල එක්ක තියෙන සම්බන්දෙ නවත්තන්න.. මට මගෙ කෙල්ල හිඟන්නෙකුට හරි බන්දල දෙන්න උන්ට උගන්නගන්න දෙන්න මහත්තයො.. මං කන්නෙ අඳින්නෙ නැතිව උන්ට උගන්නනනෙ..උන්ගෙ තාත්ත කිසිම දෙයක් කරන්නෙ නෑ. මමමයි පුලුවන් හැම හයියක්ම දාල මේ කෙල්ලො තුන් දෙනාට උගන්නන්නෙ.. පිං සිද්ද වෙයි.. මට පොරොන්දු වෙන්න. මගෙ කෙල්ල එක්ක තියෙන සම්බන්දෙ නවත්තනව කියල.. ඈ හඬමින් කියවන්නට විය..


අම්මෙ මේ..


අනේ මහත්තයො.. කථා එපා.. කරුනාකරල.. මං මේ මහත්තයගෙ අම්මයි තාත්තයි හම්බ වෙලා වැඳල ඉල්ලන්න යන්න ගියෙ මහත්තයලගෙ ගෙදර...


කවුද කීවෙ මෙහෙම කතාවක්...


මහත්තය මගෙ කෙල්ල පස්සෙන් කරදර කරන්න ආව කොල්ලො දෙන්නෙකුට ගැහුවලු.. කෙලීව බේර ගත්තට බුදුබව අත් වෙනව මහත්තයො.. ඒත්, මං මේ වගක් දන්නෙ ඒ කොල්ලො දෙන්න ගෙදරටම ඇවිත් කීවම.. මං පස්සෙ කෙල්ලගෙන් ඇහුවම මට හැමදෙම කීව කෙල්ල.. මං දන්නව.. කෙල්ලට නරකක් කරන්නෙ ණෑ කියල ඔයා... ඉගෙන ගන්න කීවලු.. නංගිලට අම්මලට සලකන්න කීවලු෴ මට හැමදේම කීව දරුව.. ඒත්, මට හිඟන්නෙකුට හරි බන්දල දෙන්න මට මේ කෙල්ලට උගන්න ගන්න දෙන්න.. මේ සම්බන්දෙ  නවත්තන්න පොරොන්දු වෙන්න මහත්තය... ආයෙ කෙල්ල දහම්පාසැල් එවන්නෙත් නෑ මං...


හරි හොඳයි... ඒත්........, දරුවව දහම් පාසලට එවන්න. මං ඉන්න එකනම් ප්‍රස්නෙ මම නවතින්නම්....


(අවිශ්ක එපමනක් කීය)  ඔහු සැබැවින්ම සත්සරණිට ආදරේ කරයි.. නමුදු ඒ සහෝදරියකට, සොයුරියකට, දහම්පාසලේ ගෝලයෙකුට මෙනි.. ප්‍රේමයක් ගැන ඔහු සිතාවත් නැති.. එදා එවදන් පිට කලේ ඇගේ ආරක්ෂාවටය.. නමුදු, සෙනෙහසක් සොයමින් සිටි ඈ අවිශ්ක කෙරේ සෙනෙහෙන් බැඳෙන්නට ඇත.. එම වදන් වරදවා වටහා ගන්නට ඇත..


සත්සරණි දහම්පාසැල් ගමන නැවැත්වීය.. කුමන හේතුවක් නිසා හෝ ඈ, පාරකදී මුණ ගැසුනද බිම බලාගෙනම යන්නට විය...


දින සති මාස ගෙවුනි..


සත්සරණිගේ සමු ගැන්මත් සමග අවිශ්ක මානසිකව ඇද වැටෙමින් සිටියහ..


දහම්පාසලට ආයුබෝවන් කී ඔහු ගමෙන්ද කෙමෙන් ඈත විය..


කාලයත් සමග සත්සරණි අපොස සාපෙල ලියන්නට සැරසිනි..


අවිශ්කගේ මතකයේ නිතර ලැගුම් ගත් සත්සරණිට සුභ පතන්නට ඇවැසි වුවද, අවස්ථාවක් වත් නොලැබිනි..


අපොස සාපෙල ලියන පළමු  දින අවිශ්ක විශාග ශාලාව අසලට විත්  ඈට හොරෙන් එක් වරක් ඈ දෙස බලා යන්නට ගියේ සිත් තැවුලෙනි..


නමුදු ආරන්චි වූ සැටියට ඈ අවිශ්ක කී ඔවදන් එලෙසින්ම පිලි පැද ඇති..  ඈ සාපෙලට වාඩි වන විට පන්තියේ 5 වෙනියා වි තිබේ.. ඈ දැන් රූමත් යුවතියකි.. දැකුම්කලු  ඇගෙ නෙත් යුගල වෙනදාටත් වඩා දීප්තිමත්ය..

කාලයත් සමග සාපෙල ප්‍රථිඵල පැමිනියහ.. ඈගේ ප්‍රතිපල ඈ ටත් කලින් පාසැල් දැන්වීම් පුවරුවෙන් බැලුවේ අවිශ්ක වනනට ඇත..


ඔහුගේ උත්සාහය, ඔවදන්, කැපකිරීම ගැන සියුම් සතුටක් බක්ති විඳිමින් අවිශ්ක බලා සිටියේ ඇගේ ඊලඟ තීරණය දෙසය..


අවිශ්කව අමතක වීද නොදනී. නමුදු ඈ හට අවිශ්කගේ ඔවදන් අමතක නැතුවාට සැක නැත..


ඈ වානිජ විශය දාරාවෙන් උසස්පෙළ හැදෑරීමට තීරණය කර ඇත..


ගමේ ඉස්කෝලෙන් ටවුන් එකේ ඉස්කෝලෙකට යන්න ඕනෙ ඔයා.. ඔයාට පුලුවන්.. හොඳට පාඩම් කරන්න. මං ගමේ ඉස්කෝ ලෙ ඉඳල ටවුමට ගියෙ.. ඔයාටත් පුලුවන්.. කොහොමහරි ඒ ලෙවලු පාස් වෙලා ඔයා කැම්පස් යන්න ඕනෙ.. එදාට  ඔයාට වඩා මම සතුටු වෙනව.. හොඳද෴  දිනක් අවිහ්ක ඈ හට කීවා මතකය..


ඈ එය එලෙසම ඉටු කර ඇත..


ඈ නගරෙ පාසලකට ඇතුලත් වී අද්‍යාපනය හදාරමින් සිටී...


ගමේ නගරේ දහසකුත් දෙනා, වරක් දුටුවහොත් දෙවරක් බලන්නට සිතෙන තරම් ස්භාවිකව ලස්සන ඈ පසුපස සෙනෙහස අයදිමින් දිව යන බැව් නොරහසකි. නමුදු දන්නා තරමින් ඈ ද අවිශ්ක මෙන්ම තවමත තිනකඩය..


ස්වභාවිත ලස්සන කීවේ, ඈ හට ක්‍රී ම් වර්ග පුයර වර්ග භාවිතා කරන්නට තරම් වත්කමක් නැති.. විලාසිතා කරන්නට වත්කමක් නැති.. නමුදු ඈ ස්වභාවිකවම මේකප් තට්ටු පිටින් උලන කෙල්ලන්ට වඩා දස දහස් ගුණයෙන් රූමත්ය.. එමෙන්ම ගති පැවතුම් අතින්ද ඉතා වැදගත් එකියක මෙන් බැවි අවිශ්කට දැනගන්නට ලැබී ඇත...


දින කිහිපයකට වතාවක් ඈ අවිශ්කට පාරෙන් හෝ මුණ ගැසේ.. ඇතැම විට අවිශ්ක ඈ දෙස ඈට නොහැඟෙන්නට බලා සිටී.. මූණටම මුණ ගැසුනද නන්නාදුනන එකක් දෙස මෙන් බලා අවිශ්ක පසු කර යන්නේ ඔහුගේ සිත දවා අලුකරලමිනි..


කාලය ගෙවෙමින් ඇත..


ඇය විශ්වවිද්‍යාල පුවේශය ලැබීමට අපේක්ෂා කරන බැවි මිතුරන් මගින් අවිශ්කට දැනගන්නට ලැබී ඇත..

ඉදිරියට වන්නේ කුමක්දැයි නොදනිත්,


නමුදු,


අවිශ්ක ලොවට රහසින් සත්සරණීට ආදරය කරනවා විය හැක...


දිනක සත්සරණී අවිශ්කට කතා කලහොත්,


තවත් සෙනෙහෙ කතන්දරයක සොඳුරු අවසානයක් එය වන්නට පිලිවෙන..


එනමුදු,


කතා නොකලහොත් හෝ තත්සරණී වෙනකකු වෙත ගියහොත්..,


අවිශ්කට කුමක් වේවිද෴

(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)
 රචනය: රවීන් බණ්ඩාර

Wednesday, November 12, 2014

සමනළ දඩයම - අවසන් කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව )
- අවසන් කොටස - 

 
නිසල රාත්‍රීයේ නිහැඩියාව බිඳින්නට සමත්වූයේ ඉඳහිට සෑම්ගේ නිවස පසුකර ගිය මෝටරථයක් නඟන හඬ පමණි.සෑම් රිවෝල්වරය කරකවමින් කාමරයේ ඒ මේ අත ඇවිද්දේය. ජෙසිකා බොහෝවේලාවක් තිස්සේ. සෑම්ගේ පොත් රාක්කය පිරික්සමින් සිටියේය.කවුළුව තුළින් සීතළ සුළං ඇදීආවේය.කාමරයේ විදුලි පහන යට කැරකෙන කෘමියෙක්ට කුරුමානම් අල්ලමින් සෑම්ගේ සුරතළ් බල්ලා ඒ මේ අත පනිමින් ඳැඟලුවේය.
අවසානයේ ඌ උඩපැන කෘමියාව ඩැහැගත්‍තේය.එහෙත් දැඩි හඬක් නංවමින් ඌ බිම පතිතවිය.සෑම් ඌව පරීක්ෂාකලේය.මොහොතකින් සුරත්ලා කටින් පෙණ එළියට දමමින් ඳඟ්ළා මියගියේය.
- දෙයියනේ ..ජෙසිකා ඉක්මන්කරන්න.. !
සැම් කෑගස්මින් නිවසින් එළියට පැන අඳුරු විදිය දිගේ දිවගියේය. වීදිය කෙළවර සිට කිසිවකු ඔහුට වෙඩිතැබීය.ජෙසිකා පැමිණෙන විට සෑම්ගේ වෙඩිපහරින් මහාචාර්ය මොරේසියස් බිමවැටීසිටියේය.
* * *
තුවාළ ලබාසිටි මොරේසියස් රෝහලට ඇතුළත් කරනලදී.දින දෙකකට පසු ඔහු ප්‍රකෘති සිහිය ලැබූවේය. පසුව ඔහුවිසින් අපරාධය සම්බන්ධයෙන් පාපොච්චාරණය කරනලදී.
- ෆ්‍රොයිඩ් මට හිටිය හොඳම යාළුවා. මයිකල් ඔහුගේ සේවකයෙක්. ඒත් මයිකල් ප්‍රොයිගෙ මුදල් වංචාකරා.මයිකල්ව මරාදැමුවොත් විශාල මුදලක් දෙන්න ප්‍රොයිඩ් පොරොන්දුවුනා.ඒත් පස්සේ මුදල් ඉල්ලද්දි ඔහු ළඟ මුදල් නැතිබව කිව්වා. දවසක් රෑ මං ප්‍රොයිඩ්ගේ නිවසට ගිහින් මුදල් ඉල්ලලා ඔහුට කරදර කලා.එදා රාත්‍රියේම ඔහු වෙඩිතබාගෙන මියගොස්සිටියා. පස්සේ ඔහුගේ ලිපිගොනු අවුස්සලා බලපුහාම තමයි දැක්කේ.ඔහු ළඟ ඇත්ත්ටම මුදල් තිබුණේ නැහැ කියලා.මයිකල්ගෙ මරණයට රහස්පරීක්ෂක සෑම් මාව සැක කරන බව මට හොඳින්ම පැහැදිලිවුනා.ඒකයි ඔහුව මරාදමන්න සැලසුම් කලේ.
ප්‍රොයිඩ් සහ මම මුළින් විනෝදාංශයක් විදිහට තමයි කෘමීන්ව ඇල්ලුවේ.ප්‍රොයිඩ් ළඟ ලොකු කෘමි එකතුවක් තිබුණා. අපි නිතරම කෘමින් ගැන තොරතුරු හෙව්වා .අන්තිමට මගේ දැනුම පාවිච්චිකරලා විශේෂ කෘමියෙක් නිර්මාණය කලා.මී මැස්සෙකුට වඩා දෙගුණයක් පුංචියි.ඇහැට නොපෙනන තරම් පුංචි පරිපථයකින් ඔවුන් කියාත්මක වෙන්නේ.අව්ශ්‍ය දේට ප්‍රෝග්‍රෑම්කරලා ඔවුන්ව මුදාහරින්න විතරයි තියෙන්නේ. ඔවුන්ගේ ශරීරයේ සයනයිඩ් පොඩිප්‍රමාණයක් ගබඩාකරලා අරන්යන්න පුළුවන්.මයිකල් සිරකුටියෙදි මියගියේ ඒ කෘමියෙකුගේ පහරදීමක් නිසා.

- අවසානයි - 

රචනය: සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi

සමනළ දඩයම - හයවැනි කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව )
- හයවැනි කොටස -



සෑම් සහ ජෙසිකා , ෆ්‍රොයිඩ්ගේ නිවසින් පිටතට පැමිණෙනවිටම වාගේ මහාචාර්ය මොරේසියස්ද එතනට පැමිණියේය. සෑම් ඔහු ඇමතුවේය.
- සුබ උදෑසනක් ප්‍රොෆෙසර් මොරේසියස්. මෙහෙදී ඔබව හමුවීම සතුටක්.
- සුබ උදෑසනක් ඔබටත්. ඒත් ඔබට වැරදීමක් වෙලා වගෙයි.
- නැහැ, මංනම් එහෙම හිතන්නැහැ.මම ඩියුක් විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලේ ප්‍රොෆෙසර්ව නිතර දැකලා තියෙයි. කමක් නැහැ, මම සෑම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්.මේ මගේ සහයිකාව ජෙසිකා පාකර්
- හ්ම්ම්.. එහෙනම් ඔබ මාව හඳුනාගත්තා. කොහොමවුනත් හමුවීම සතුටක්.
ප්‍රොෆෙසර් මොරේසියස් ඔවුන් දෙදේනාටම අතට අතදී පිළිගත්තේය.
- හැබෑටම ප්‍රොෆෙසර් මේවගේ පිටිසර පළාතක ඔබ මොනවද කරන්නේ.
- මං දැන් පරීක්ෂණවලින් ඉවත්වෙලා.මෙහෙට වෙලා විවේකයෙන් ඉන්නවා.මේ දැනුත් සමනළ්ලු අල්ලන්න යනගමන්. ඒක හරිම විනෝදජනක වැඩක්.
ප්‍රොෆෙසර් තමන් අත තිබූ කෲමීන් ඇල්ලීමට යොදාගන්නා දැලක් පෙන්විය.
- බොහොම හොඳයි ප්‍රොෆෙසර්.අපි දැන් පිටත්විය යුතුයි.ඔබ නගරය පැත්තේ ආවොත් එන්න,උද්‍යානයට යනමාවතේ දෙවනියට හමුවෙන්නේ අපේ නවාතැන.
- හොඳයි දරුවා.. මං නගරයට ආවොත් නොවරදවාම එන්නම්. සුබගමන්.!
* * *
-සෑම් ඒකියන්නේ ඔබ ඔහුව විශ්වවිද්‍යාලයේ ඉන්නකාලේ ඉඳන් හ්ඳුනනවා.
ජෙසිකා මෝටරථයට ගොඩවනවිට සෑම්ගෙන් විමසීය.
- නැහැ. මං ඩියුක් විශ්වවිද්‍යාලයේ පැත්තෙවත් ගිහිල්ලා නැහැ. මිනිහව මුළ්වරට සජීවීව දැක්කේ අදයි.
නමුත් මං මිනිහා ගැන අහළා තිබුණා.පුවත්පත්වල දැකලා තිබුණා.කොහොමද මගේ අනුමාන කිරීම හරියටම හරිගියා.
- ඇත්තටම විශිෂ්ටයි සෑම්.
- ජෙසිකා ඒ මිනිහා කියපු හැමදේම බොරු.
ඔයා දන්නවද මිනිහා නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් ඇමරිකාවේ හිටපු ජේෂ්ඨම මහාචාර්යවරයෙක් ඒත් රජයේ මුදල් බිලියන ගානක් යටකරලා ඔහු කරපු පරීක්ෂණ දිගටම අසාර්ථක වුනා .අන්තිමට ඩියුක් විශ්වවිද්‍යාලයෙන් ඔහුව ඉවත්කරලා දැම්මා.ඊට පස්සේ වසර ගනනක් මිනිහා ගැන කිසිම තොරතුරක් වාර්තාවුනේ නැහැ.
මං අහලා තියන විදිහට මොරේසියස් කියන්නේ කවදාවත් පරීක්ෂණයක් අතරමග නවත්වන කෙනෙක් නෙවෙයි. ඔහු මෙහි විවේකයෙන් ඉන්නවා කියන එක බොරු.ඔහු සමනළ්ලු අල්ලන්නේ මොකක් හරි විශේෂ දෙයකට. අනිත් එක මොරේසියස් කවදාවත් කිසිම කෙනෙක් එක්ක වචනයක් කතාකරන සුහදශීලී කෙනෙක් නෙවෙයි.
ඔහු අපිත් එක්ක කතාකර්පු විදිහ මේ අපරාධ එක්ක මිනිහගේ තියෙන සම්බන්ධය හොඳින්ම පෙන්වනවා.නමුත් මිනිහා මියගිය ෆ්‍රොයිඩ්ගේ හොඳම මිත්‍රයෙක්.
- ඉතින් සෑම් ඇයි ඔහුත් සමග ෆ්‍රොයිඩ්ගෙ මරණය ගැන කිසිමදෙයක් කතානොකලේ. ඔහුට විරුද්ධව අපි ළඟ කිසිම සාක්ෂියක් ඇත්තෙත් නැහැ නේද ?. ඔහුගේ නිවස පරීක්ෂාකරානම් ගොඩක් සාක්ෂි හොයාගන්න පුළුවන්වේවි.
- ජෙසිකා , මොරේසියස් කියන්නේ ඇමරිකාවේ ඉන්න සූක්ෂ්ම බුද්ධියක් තියන කිහිපදෙනාගෙන් කෙනෙක්. ඔහුගෙ නිවස පරීක්ෂාකරත් ලොකු සාක්ෂියක් ලැබෙයිකියලා හිතන්න බැහැ. ඔහු පැහැදිලිවම දන්නවා අපේ ප්‍රධාන සැකකාරයා ඔහු කියලා.
- එහෙමනම් මොකක්ද ඔබේ සැලැස්ම.
- මං දැල එළලා ඉවරයි ජෙසිකා.මං ඔහුට මගේ නවාතැන තියන තැන විතරයි කිව්වේ. අපිට වැඩිය මහන්සිවෙන්න දෙයක් නැහැ.අද රාත්‍රියේ ඔහු නිසැකවම සාක්ෂිත් අරන්ම මහේ නිවසට එනවා.
ඔයත් හවසට මගේ නවාතැනට එන්න. ඉතුරු වුන විස්ක් බෝතලේකුත් තියෙයි..

- මතුසම්බන්ධයි -

රචනය:සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi

සමනළ දඩයම - පස්වැනි කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව )
- පස්වැනි කොටස - 
 

ෆ්‍රොයිඩ් මියගොස් දින කිහිපයකට පසු උදෑසනක සෑම් ජෙසිකා සමග ඔහුගේ නිවස පරීක්ෂාකිරීම සඳහා පිටත්විය.එහෙත් ඔවුන් එහි යන්නට පෙර කිසිවකු ෆ්‍රොයිඩ්ගේ නිවසට ඇතුළු වී ඇතිබවට සලකුණු පෙනෙන්නට තිබුණි.
- සෑම්, අපිට කලින් කවුරුහරි මෙහෙට ඇවිත් වගෙයි. බඩු මුට්ටු හැමදෙයක්ම පෙරලලා දාලා.
ඒත් මේ බලන්න ෆ්‍රොයිඩ්ගේ වටිනා අත්ඔරලෝසුවත් එහෙම්මම තියෙනවා.
එතකොට මෙච්චර ගේ පෙරලලා හොයලා තියෙන්නෙ මොනවද ?
- ජෙසිකා , ආපුකෙනා කවුරු උනත් හොයලා තියෙන්නෙ මේක .
සෑම් දෙකට මැදින් ඉරා. පොඩිකර මුල්ලකට වීසිකර තිබූ ලිපිගොනුවක් ජෙසිකාවෙත දිගුකලේය.
- මේක ෆ්‍රොයිඩ්ගේ බැංකු ගිණුම් ලියකියවිලි වගයක්.
බලන්න ෆ්‍රොයිඩ්ගේ ගිණුමේ ශේෂය ඩොලර් ලක්ෂයක් වත් නැහැ. ඔහු ගත්තු ණය කිහිපයක වාරික ගෙවීම පහැර හැරීම ගැන බැංකු කිහිපයකින්ම එවපු ලියුම් මෙතන තියේ.
- සෑම් , මිස්ටර් ෆ්‍රොයිඩ් තමයි ඇමරිකාවේ හිටපු තුන්වැනි කෝටිපතියා. මේක විශ්වාසකරන්න පුළුවන්ද ?
- ජෙසිකා.. ඔබට අමතකද හිරේදි මියගිය මයිකල් ෆ්‍රොයිඩ්ගෙ ධනයෙන් බිලියන ගානක් වංචාවකරපු විත්තිය.මිනිහා ඊට පස්සේ බංකොලොත් වුනා. ගේ පෙරලලා හොයපු දේ මොනාඋනත් ,ඒ කෙනාට ෂුවර් එකටම ෆ්‍රොයිඩ්ගෙන් මුදලක් අයවිය යුතුව තිබුණා. ඔහුට මේ ටික දැක්කම යකානැගලා තියෙනවා.
- හ්ම්ම්..මිස්ටර් ෆ්‍රොයිඩ් දිවිනසාගන්න හේතුවත් මේක වෙන්න ඇති.
- අනිවාර්යයෙන්ම හේතුව මේක තමයි.
- එතකොට සෑම් ,අපේ රාජකාරිය මෙතනින් ඉවරද මයිකල්ව ඝාතනය කිරීමට පෙළබීමට තරම් සාධාරණ හේතු ෆ්‍රොයිඩ්ට තිබුණා කියලා පැහැදිලියි.
ඒත් මයිකල් ඝාතනයකල විදිහ තාමත් අභිරහසක්. මං අපරාධ විද්‍යාව හදාරපු අවුරුදු පහටම කොයිතරම් අපරාධ විශ්ලේෂණය කරාද. ඒත් සිරමැදිරියෙදි සිදුවෙච්ච මයිකල්ගේ ඝාතනයවගේ සූක්ෂ්ම අපරාධයක් හමුවෙලා නැහැ. අපරාධකරු කිසිම සාක්ෂියක් ඉතුරුකරලා නැහැ.
- අපේ රාජකාරිය දැන්ම අවසන්වෙන්නෙ නැහැ ජෙසිකා.
මයිකල්ගේ ඝාතකයා,ෆ්‍රොයිඩ්ගේ දිවිනසාගැනීමට හේතුවූ කෙනා ඒ වගේම මේ ගේ පෙරලලා ලිපිගොනුව ඉරලාදාපු කෙනා මට නම් මේ වෙලාවෙත් පැහැදිලව පේනවා තව මොහොතකින් ඔහු මෙතනට එනවා. ඒ වගේම එදා ෆ්‍රොයිඩ් එක්ක රණ්ඩුවුනෙත් මේ කෙනාම තමයි.
- සෑම්.. ඔබ කොහොමද ඔච්චර දෙයක් කියන්නෙ.මට හිතාගන්න බැහැ. මටනම් කවුරුත් පෙනෙන්නෙත් නැහැ.
- ජෙසිකා හොඳින් බලන්න අර වනාන්තරය පැත්තේ ඉඳන් මෙහාට එන මිනිහා.
ඔහු තමා මහාචාර්ය මොරේසියස්..!
එන්න.. ඉක්මනට පහලට බහිමු ජෙසිකා . ප්‍රොෆෙසර් බොහොම සුහදශීලී කෙනෙක්. ඒත් අපිව අදුනාගැනීමට නම් කැමතිවෙනඑකක් නැහැ.

- මතු සම්බන්ධයි -

රචනය:සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi

සමනළ දඩයම - සිව්වන කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව )
- සිව්වන කොටස -

 
උදෑසන 8.20ට පමණ ජෙසිකාගේ නිවස අසලදී සෑම් ඇයව මෝටරථයට නංවාගත්තේය.
- සුබ උදෑසනක් සෑම්. අද ඔබේ සැලැස්ම මොකක්ද .උදෙන්ම මිස්ට ෆ්‍රොයිඩ් හමුවෙලා ඊයෙ සිද්ධිය ගැන ප්‍රශ්ණකලොත් හොඳනැද්ද.?
- එහෙම කරන්න තිබුණා ඒත් අපි පරක්කු වැඩියි.ඊයේ රෑ ප්‍රොයිඩ් වෙඩිතබාගෙන මියගිහින්.
- මොනවා.
- ඔව් , ඒක තමයි සිද්දවෙලාතියෙන්නේ.
ෆ්‍රොයිඩ් තමාගේ කාමරය තුළ ඔහුගේ පෞද්ගලික පිස්තෝලයෙන් වෙඩිතබාගෙන මියගොස් සිටියේය.එය දිවිනසාගැනීමක් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.
ප්‍රොයිඩ්ගේ මරණයෙන් පසු ඔහුගේ නිවස අවට පදිංචි කිහිප දෙනෙක්ගෙන්ම ප්‍රශ්නකොට සාක්ෂි සටහන් කළත් කිසිදු වැදගත් යමක් අනාවරණය නොවීය.ඔවුන් වැඩිදෙනෙක් පැවසූ පරිදි ප්‍රොයිඩ් හුදකලා ජීවිතයක් ගතකල අතර ඔහුට මිතුරන්ට සිටියේ පොලිස් සිරමැදිරිය තුළ මියගිය මයිකල් ඇතුළු කිහිපදෙනක් පමණි.
- සෑම් , ප්‍රශ්ණය තවත් අවුල්වුනා විතරයි. මටනම් මේක ලිහාගන්න පොටක් හොයාගන්න අමාරුයි.
- ඔව්,මටත් එහෙමයි.උත්සාහකලොත් බැරිවෙන එකක් නැහැ. අපිට තවකෙනෙක් ඉතුරුවෙලා ඉන්නවා කියලා අමතකකරන්න එපා.

- මතුසම්බන්ධයි -

රචනය: සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi

සමනළ දඩයම - තෙවන කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව )
- තෙවන කොටස -


ඉතා සෙමින් ආ මෝටරථයක් ෆ්‍රොයිඩ්ගේ නිවසට මීටර් 50ක් පමණ දුරතියා නතරවිය.ඒ තුළ රහස්පරීක්ෂක සෑම් සහ ඔහුගේ සහයිකාව ජෙසිකා විය.
මොහොතකින් ෆ්‍රොයිඩ්ගේ මෝටරථයද මාර්ගයේ එහා කොනෙන් වේගයෙන් ඇතුළුවී නිවස ඉදිරිපිට නතරවිය. ෆ්‍රොයිඩ් ගෙට ඇතුළුවී දොර වසාගත්තේය. අනතුරුව නිවසේ විදුලිපහන් කිහිපයක් දැල්වුනි. රහස්පරීක්ෂක සෑම් අදෝරක්ත දුරදක්නය දෑස්මත තබා ගත්තේය.
- ජෙසිකා , ඔබට විශ්වාසද මිස්ටර් ෆ්‍රොයිඩ් මේගෙදර තනියම ඉන්නවා කියලා. මට තවත් කෙනෙක් පේනවා , උඩ තට්ටුවේ පුටුවක වාඩිවෙලා ඉන්න කෙනෙක්.
- නැහැ සෑම්, ඔහු ඉන්නේ තනියම තමයි.කෝ දෙන්න බලන්න.
ජෙසිකා දුරදක්නය ගෙන පරීක්ෂාකරබැලීය.
- ඔන්න ෆ්‍රොයිඩ් කාමරයට ඇතුළ්වුනා.
ම්ම්ම්.. ඒදෙන්නා කතාකරනවා වගේ.
- කවුද මේ කෙනා.
- සෑම් ,මේ කෙනා කොහොමටත් ගෙදර කෙනෙක් වෙන්න බැහැ.
ෆ්‍රොයිඩ් සහ අමුත්තතා අතර සාකඡාව වැඩිවෙලා නොපැවතුනි.ඔවුන්ගේ සංවාදය බහින්බස්වීමකට පෙරලුණි.මොහොතකින් නිවසේ දොර විවර විය.දෙදෙනාම එළියට බැස එකිනෙකාට බැනගත්හ.අමුත්තතා නිවස පිටුපසින් වනාන්තරය දෙසට තිබූ කුඩා දොරටුව දක්වා ගොස් යළිත් ෆ්‍රොයිඩ් දෙසට හැරී බනින්නට පටන්ගත්තේය.නිවසේ විදුලිපහන් වල දුබල ආලෝකය රහස්පරීක්ෂකයන්ට අමුත්තතාගේ මුහුණ හඳිනාගැනීමට බාධාකලේය.අවසානයේ ෆ්‍රොයිඩ් ගෙටගොස් වේගයෙන් දොරවසා විදුලිපහන් නිවාදැමීය. අන්ධකාරය යළි පැතිරුණි. අමුත්තතා අඳුර තුළින් නොපෙනීගියේය.
- සෑම් ඔහු කොහෙටද ගියේ .
- මේකට අහුවෙන්නැහැ. පුදුමයි. සෑම් දුරදක්නය දෑස් මත තබාගෙන මෝටරථයෙන් බැස අවට පරීක්ෂාකර බැලීය.
- වනාන්තරය පැත්තට යන කෙනෙක් පේනවා..ඒ ඔහු වෙන්න ඕන
- සෑම් , අපි ඔහුව ලුහුබඳිමු..!
- වැඩක් නැහැ. ඔහු දැනටමත් සෑහෙනදුර ගිහින්.
සෑම් මෝටරථය පනගන්වා නගරය දෙසට ධාවනය කලේය.

- මතුසම්බන්ධයි -
රචනය:සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi

සමනළ දඩයම - දෙවන කොටස-

සමනළ දඩයම ( විද්‍යා ප්‍රබන්ධය )
- දෙවන කොටස -

පසුදින පුවත්පත් බොහොමයක් මෙම මරණය සම්බන්ධයෙන් වාර්තාකොට තිබුණි. ඒ සියල්ල එකින් එක සුපරික්ෂාකාරීව කියවාබැලූ ෆ්‍රොයිඩ් පොලිස් ස්ථානයට ළඟාවනවිට පෙරවරු 10.00 පසුවී තිබුණි.
විශේෂ මැදිරියක් තුළදී පොලීස් නිලධාරින් කිහිපදෙනෙක් විසින් ඔහුගෙන් ප්‍රශ්නකිරීම් සිදුකර සටහන් කරගන්නා ලදී.
- ප්‍රොයිඩ් මහත්මයා මේ සම්බන්ධයෙන් අපිට සැකකරන්න පුළුවන් එකම කෙනා ඔබ.මොකද මියගිහින් ඉන්නෙ ඔබේ නඩුවේ විත්තිකරු. ඒ හින්දා දන්න දෙයක් තියෙනවානම් දැම්මම කියනඑක හොඳයි. මේක ඉතාම සූක්ෂ්ම විදිහට සැලසුම් කරපු මිනීමැරුමක්.සයනයිඩ් එන්නත් කිරීමක් වැනිදෙයක් සිදුවෙලා. ඒත් කැමරාවල කිසිම කෙනෙක් සිරමැදිරියට ඇතුළ්වෙනවා පෙන්නන් නැහැ. එන්නත් කටු වගේ කිසිමදෙයක් එතනින් හමුවුනෙත් නැහැ.
- ඉන්ස්පෙක්ටර්, මට මිනිහව මරන්න උවමනාවක් තිබුණනම් ඒක කරන්නේ මීට ගොඩක් කලින්. මේකට මාව සැකකරන එක වැරදියි. ඔබටම පේනවනේ මට විරුද්ධව කිසිම සාක්ෂියක් නැහැ.මේවගේ දෙයක් කරන්න පුළුවන් අදුශ්‍යමාන බලවේගයකට විතරයි.
පැය ගනනාවක් දිග්ගැස්සුනු ප්‍රශ්නකිරීම් වලින් කිසිදු වැදගත් කිසිවක් අනාවරණය නොවීය. වෙහෙසටපත් ෆ්‍රොයිඩ් ඇඳිරිවැටීගෙන එනවිට නිවසට ළඟාවිය..
අන්ධකාරය රජකල ඔහුගේ කාමරය තුළ ඔහු එනතුරු කිසවකු බලාසිටින බව ප්‍රොයිඩ් නොදත්තේය.
 
- මතුසම්බන්ධයි -
රචනය: සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi

සමනළ දඩයම - පළමු කොටස -

සමනළ දඩයම ( විද්‍යා ප්‍රබන්ධයකි ) 

- පළමු කොටස - 


තද නින්දක සිටි ෆ්‍රොයිඩ් ජංගම දුරකථනය නාදවීමත් සමග අවදිවිය.එහි ආලෝකමත් තිරය නිසා අඳුරු කාමරය තුල පහසුවෙන් දුරකථනය අතට හසුකරගන්නා ඔහු මොහොතකින් එය කනේ තබාගනී.
- සුබ උදෑසනක් ප්‍රොයිඩ් මහත්මයා. ඔයාගේ කම්පැනි එකේ බිලියන ගානක මුදල් වංචාකරලා අහුවුන මිනිහා ඊයේ රෑ හිරේදිම අභිරහස් විදිහට මැරිලා.
- සුබ උදෑසන්ක් ඉන්ස්පෙක්ටර්, කොහොමද ඒක සිදිදවෙලා තියෙන්නේ. ?
-ශරීරය්ට සයනයිඩ් ඇතුළුවෙලා. ඒත් කිසිම සාක්ෂියක් නැහැ. සිරකුටියේ කැමරාවලත් කිසිම සැකසහිත දෙයක් සටහන්වෙලා නැහැ. ඒත් මේක මිනීමැරුමක් බව පැහැදිලියි. ප්‍රොයිඩ් මහත්මයාගෙනුත් කට උත්තරයක් ගන්න අවශ්‍යයි.
- හොදයි ඉන්ස්පෙක්ටෙර් මම උදේම ඔතනට එන්නම්.
ෆ්‍රොයිඩ් දුරකථන ඇමතුම විසන්ධිකල සැනින්ම එයට තවත් ඇමතුමක් පැමිණෙයි.
- හෙලෝ ප්‍රොයිඩ් මහත්මයා. අද හවස විශේෂ වැඩක් නැත්තම්.ඟං ඉවුරෙ සමනල්ලු අල්ලන යමුද.?
- හොඳයි ප්‍රොෆෙසර් මං එන්නම්.
ප්‍රොයිඩ් ඇමතුම ක්ෂණිකව විසන්ධ්කරදැමීය. 


- මතුසම්බන්ධයි -

රචනය: සෝරෝ෴ 
https://www.facebook.com/crucezorro?fref=ufi

Saturday, November 8, 2014

පණ පිටින් සිටි දරුවා දන් දුන් බෝසත් මව් පියෝ෴

 (සංවේදී අය කියවීමෙන් වලකින්න)
 
මොළේ මැරිල ඇඟ පණ තියෙන දුවගෙ හදවත-වකුගඩු-අක්මාව දන් දුන්නු උත්තම අම්මයි බෝසත් තාත්තයි.


චූටි මල්ලි... මට ලේන්සුව ගෙනත් දෙන්නකෝ පැටියෝ... පන්ති යන්න කියලා මඟක් දුරට ගියපු මගේ දරුවා ආයෙත් හැරිලා ඇවිත් මල්ලිට කියලා ලේන්සුව ගෙන්නව ගත්තා. ඊට පස්සෙ මගේ දුව වචනයක්වත් කතා කළේ නැහැ. අනේ... තව තත්පරයකින්, දෙකකින්... තුනකින්... 

මගේ දුව කතා කරයිද? ඇස් දෙක ඇරලාවත් බලයිද? මගේ දුවගේ එක අතක් ඇඹරිලා ගිහින් තිබුණේ. මං කොහොමද විශ්වාස කරන්නේ මගේ දරුවා ආයේ කවදාවත්ම ඇස් ඇරලා බලන්නේ නෑ කියලා.

එයා අදවත් මගේ දිහා බලයි. මගේ රත්තරන් දුව තවමත් ඇස් පියාගෙන. මේ ‍ෙදාස්තර මහත්තයලා කියනවා මගේ පුතාගේ මොළය මැරිලා කියලා. අනේ මං කොහොමද විශ්වාස කරන්නේ මගේ පුතේ. 

ඉස්පිරිතාලේ ‍ෙදාස්තරලා, මිසීලා සේරම බලන් ඉන්නේ මම දරුවාගේ අක්මාව ඉවත් කරන්න කැමැත්ත දෙනකල්.

මම මගේ දරුවගේ ඇඟට දාලා තිබුණ ෂීට් එක පොඩ්ඩක් අෑත් කරලා බැලුවා. දරුවගේ කකුල් දෙක හොඳටම නිල්පාට වෙලා. ඉදිමිලා. මං පුතාගේ අම්මා. ඒත් පුතේ මගේ හිත කියනවා ඔයාව ජීවත් කරවන්න බෑ කියලා. මං මගේ අහිංසක දරුවගේ කන ළඟට නැමුණා. අනේ... අවුරුදු 17ක් තිස්සේ මගේ තුරුල්ලේ උණුසුම් වුණ දරුවට අද මගේ උණුසුමවත් දැනුණේ නෑ. මං හිත ගලක් කරගත්තා. මං මගේ රත්තරන් දරුවගේ කන ළඟට ළංවෙලා මේ ලෝකේ ඉන්න කිසිම අම්මා කෙනෙක්ට කියන්න බැරි භයානකම වචන ටික මගේ දරුවට කිව්වා.

"අනේ පුතේ... ඔයා ඉන්න එපා. ඔයා යන්න. තේරුමක් නෑ. මම කොහොම හරි හිත හදාගන්නම්. මම කොහොමහරි අමතක කරන්නම් ඔයා යන්න මගෙ රත්තරන් පුතේ"

අන්තිමේදී මගේ දරුවගේ හුස්ම ටික ඩිංග ඩිංග ඉහළ පහළ වැටෙද්දිම මම දරුවගේ අක්මාව ඉවත් කරගන්න වෛද්‍යවරුන්ට අවසර දුන්නා.


පහුගිය 24 වැනිදා හවස 7.40ට විතර දෙපානම අරලිය උයන හන්දියේ කහ ඉර මතදී මේ පුංචි සමනලියගේ සියලු සංවේදනයන් අහිමි විය. අෑ අවසන් වතාවට මිමිණූ­ එකම වචනය ඇගේ තාත්තාගේ නමයි. ඉන්පසු අෑ අගහිඟකම් පිරුණු පුංචි ගෙදර චූටි මල්ලිත් ලොකු මල්ලිත් අම්මාත් තාත්තාත් අතහැර කවුරුත් නොදන්නා ලෝකයකට ගියාය. ඇගේ සිත කොයි ගියාදැයි කිසිවකුත් දැන නොසිටියත් කොයි මොහොතේ හෝ ඒ පුංචි හිත අෑ ළඟට යළිත් පැමිණේවියි කියා බොහෝ දෙනෙක් මඟ බලා සිටියහ.

"අම්මේ... මම කියන දේ තේරුම් ගන්න. මේ දරුවව ජීවත් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ 5%යි. මේ දරුවගේ මොළය මැරිලා. බැරිවෙලා හරි සිහිය ආවත් කිසිම හැඟීමක් දැනීමක් නැතිව තමයි ජීවත්වෙන්න සිද්ධවෙන්නේ. අම්මාට දරුවා ජීවතුන් අතර කියලා දැනෙන මහා පුණ්‍යකර්මයක් කරගන්න පුළුවන් දරුවගේ අවයව පරිත්‍යාග කළොත්. බැරිවෙලා හරි මැෂින් වැඩ කරද්දිම දරුවා මියගියොත් අක්මාව ගන්න බෑ."

ආදරණීය අම්මකුට තමන්ගෙ දරුවාගේ අවසන් ගමන ඉක්මන් කළ යුතු බව පැහැදිලි කිරීමේ අතිශය සංවේදී වෑයම වෛද්‍යවරයා තවදුරටත් අත නොහැරියේය. මේ දරුවාගේ අන්තිම හුස්ම ඇබින්දෙන් ජීවය ලබන්නට මේ රෝහලේම තවත් කෙළවරක පණ ගැහෙන ප්‍රාණියෙක් බලාපොරොත්තු සහගතව පසුවෙයි. තව කෙනකුට ජීවය ලබාදී මරණය වැලඳගැනීමට සූදානමින් පුංචි දියණිය තවමත් නිසොල්මනේය.

"ඇත්තටම මොළේ මැරෙනවා කියන එක ගැන මටවත් මහත්තයාටවත් කිසිම අවබෝධයක් තිබුණේ නෑ. මොළේ මැරිලා කිව්වත් අපි හිතුවේ කොයි මොහොතේ හරි දරුවා නැඟිටියි කියලා. අපි දෙන්නා උදේ පාන්දර 5.00ට බුදු පහන තියලා ඉස්පිරිතාලෙට දුවන්නේ අද නම් දරුවට ගුණ ඇති කියලා හිතාගෙන. දවස් එකහමාරක් විතර යනකල් මටයි මහත්තයාටයි දරුවගේ මොළේ මැරිලා කියන කතාව තේරුම් ගන්න බැරිව හිටියා. ‍ෙදාස්තර මහත්තයා තමයි ඒ අවාසනාවන්ත ඇත්ත තේරුම් කරලා දුන්නේ. ඒත් මොන අම්මාටද කියන්න පුළුවන් තමන්ගේ දරුවා ජීවත්වුණා ඇති කියලා..."

මේ ලෝකේ සිටින කිසිම අම්මා කෙනකුට සිහිනයකින්වත් දකින්න බැරි ඒ භයානක ඇත්තට මුහුණ දෙන්නට ගයනි විශාකා ලියනගේ දියණියගේ අම්මාට සිදු විය. අක්මා ආබාධයකින් පෙළෙන 21 හැවිරිදි තරුණියගේ ජීවිතයද එන්න එන්නම දැඩි අවදානමට ලක්වෙද්දී වෛද්‍යවරයා අම්මාගෙත් තාත්තාගේත් හිත හදන්නට යළි යළිත් උත්සාහ ගත්තේය.

රෝද තුනේ වාහනය කැරකෙන තරමට දරුවන්ට හොඳින් උගන්වන්නත් බඩකට පිරෙන්න කන්න දෙන්නත් මැළි නොවූ විශාඛා දියණියගේ තාත්තා දාහත් වසරක දුක් මහන්සියේ ප්‍රතිඵලය දෙස කඳුළු පිරුණු දෑසින් බලා සිටියේය. ගෙවල් ‍ෙදාරවල් ඉඩකඩම්, බඩුමුට්ටු කිසිවක්ම නොවූ විශාකාගේ මවුපියන්ට සිටිය එකම සම්පත ඔවුන්ගේ දරු දෙදෙනාය. අවුරුදු 17ක් තිස්සේ සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳුණත් බෙහෙත් අරගෙන දී මලක් සේ දැඩි කළ එකම දියණිය දැන් ජීවත්වුණා හොඳටම ඇති කියා තීරණය කරන්නට විශාකාගේ ආදරණීය තාත්තා හිත හදාගත්තේය. ඔහු විශාකාගේ අම්මාගේ වේදනාවෙන් බරිත හදවත අස්වැසුවේය.

"අපිට දුව නැතිවෙලා නෑනේ. දුවගේ හැම අවයවයක්ම තව කෙනෙක්ව ජීවත් කරනවනේ. මේ, වෙලා තියෙන ඇක්සිඩන්ට් එකේ හැටියට කරන්න තියෙන හොඳම දේ... අපි මේකට කැමැති වෙමු. දරුවටත් හොඳ තැනකට යන්න ඒ පින්කම උපකාරයක් වේවි..."

මොළය මියැදුණු මුත් පණ ගැහෙන පුංචි දියණිය දෙස මේ ලෝකයේ සිටින ආදරණීයම තාත්තා තව වරක් බැලුවේය. ඒ කතා කළේ තමන්මදැයි යළි යළිත් සිතුවේය. මොළයත් හදවතත් සියල්ල අක්‍රිය වී ක්ෂණයකට මුළු ලෝකයම එක තැන නතර වූයේය.

තවමත් ඒ දෑඟිලි සුමටය. තවමත් ඒ කොපුළත උණුසුම්ය. තවමත් ඒ ළපටි හදවත ලබ් ඩබ් හඬ නඟන්නේය. ඒත් අවසානයේ දරුවා ජීවතුන් අතර සිටියදීම ඇයගේ සියයට සියයක්ම නිරෝගී සියලු අවයව සිරුරින් ඉවත් කරගන්නට ඒ බෝසත් අම්මාත් තාත්තාත් අවසර දුන්නේය.
"අපි ඒ තීරණය දීලා කෙළින්ම ආවේ පන්සලට. දරුවගේ ඉස්කෝලෙ යාළුවෝ, ගුරුවරු, ගමේ හිතවත් අය, ඥාතීන් හැමෝම පන්සලට ඇවිත් හිටියේ. හරියටම රෑ 10.30ට මගේ රත්තරන් දරුවගේ හුස්ම ටික රඳවගෙන හිටපු මැෂින් ගලවනවා. තව මිනිත්තුවයි... තත්පර තිහයි.... 

අපි ‍ෙදාහොත් මුදුන් දීලා ලොව්තුරා බුදුන්ට වැන්දා. මගේ අහිංසක දරුවා ලෝකේ කොහේ හරි තැනක පින්වන්ත දරුවෙක් වෙලා ඉපදෙන්න... බෝධි පූජාව පටන් ගනිද්දි මගේ දූ තවත් දුවකුට මේ ලෝකේ දකින්න එයාගේ වකුගඩු, අක්මාව, ඇස්... තව බොහෝ දේ පරිත්‍යාග කළා."

බෝධිසත්වයන් ලොව්තුරා බුදු බව පතා එක් එක් භවයන්හිදී ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් බව අපි අසා ඇත්තෙමු. පුංචි විශාකා දියණියද ජීවතුන් අතර සිටියදීම අක්මාව, හෘදය වස්තුව, වකුගඩු, ඇස් ආදී තව බොහෝ ඉන්ද්‍රියයන් දන්දී මතු බුදුවන පෙරුමන් පිරුවාය.


"ඒක හරිම හාස්කමක් වගේ. මගේ දරුවගේ අක්මාව අර දරුණු අක්මා රෝගයෙන් පෙළුණ දරුවට සියයට සියයක්ම ගැළපුණා. ඒ අයත් හරිම දුප්පත් මිනිස්සු. මේ රෝගය නිසාම හුඟක් අසරණ තත්ත්වයට පත්වෙලා හිටියේ. මගේ දරුවගේ වාසනාවට ඒ දරුවා දැන් ජීවත් වෙනවා. දරුවගේ අනෙක් අවයවත් මේ විදියටම කාට හරි ජීවත් වෙන්න උපකාරී වේවි. ‍ෙදාස්තර මහත්තයා කිව්වා අම්මේ... ඔයාගේ දරුවාගේ මොළය විතරයි මැරිලා තියෙන්නේ. අනිත් හැම අවයවයක්ම සියයට සියයක්ම නිරෝගීයි කියලා. මගේ පින්වන්ත දරුවා ජීවතුන් අතර ඉඳගෙනම මේ වගේ දානයක් කරගත්තා. මගේ දරුවා තව හුඟ දෙනෙක්ට ජීවිතය දුන්නා. දරුවා මියගියත් මගේ දරුවගේ අවයව මේ රටේ කොහේ හෝ තැනක දරුවෙක්ව ජීවත් කරනවා. මායි මහත්තයායි හිත හදාගන්න උත්සාහ ගන්නේ මෙහෙමයි."

ඉස්කෝලේ ඇරිලා ඇවිත් ඒ ඇඳුම පිටින්ම පැය දෙකක් විතර දවසේ විස්තර කිචි බිචි ගගා කිරිල්ලියක් වගේ කියවපු, චූටි මල්ලිව හුරතල් කරපු, හැරෙන්නවත් ඉඩ නැති ගේ පොඩ්ඩ ලොකු ගෙයක් කරගන්න හීන දැකපු, වාණිජ විෂයෙන් ඒ 3ක් අරගෙන රස්සාවක් කරලා මල්ලිලාට උගන්වන්න ප්‍රාර්ථනා කරපු, අගහිඟකම් ඉවසගෙන හුඟාක් දුර යන්න හිතපු, දීපිකාගේත්, චන්නගේත් වැඩිමල්ම දියණිය නොහිතපු වෙලාවක නොහිතපු දුකක් දී මරු තුරුලට ගියාය. ඇගේ මරණයට වගකිවයුතු නොසැලකිලිමත් රියැදුරු සුගතදාස ක්‍රීඩාංගණයේ සභාපතිවරයා තවමත් උසාවි නියෝගය මත රැඳවුම් භාරයේය.

"පසුගිය නඩු වාරයකදී අපේ පැත්තෙන් එක ලෝයර් කෙනයි හිටියේ. අනෙක් පැත්තට ලෝයර්ස්ලා පස්දෙනෙක් හිටියා. පස්සේ දරුවගේ යාළුවෝ, වෛද්‍යවරයා, හිතවත් අය මැදිහත් වෙලා අපිටත් ලෝයර්ස්ලා හතර දෙනෙක් කතා කරලා දුන්නා. උසාවියේදී මගේ දරුවා හප්පපු කෙනාගේ පුතා මගේ ළඟට ඇවිත් සමාවෙන්න කියලා කිව්වා. මට ඒ වෙලාවේ හයියෙන් ඇඬුණා. පුතේ ඔයා මගෙන් සමාව ඉල්ලන්නේ මගේ දරුවගේ මරණයට ඔයාගේ තාත්තා යන්තම් හරි සැලකිලිමත් වුණා නම් අද මගේ දරුවා අතක් පයක් කැඩිලා හරි ජීවත් වෙනවා කියලා මම කිව්වා. මගේ දිහා ඒ වෙලාවේ උසාවියේ හිටපු ලෝයර්ස්ලා හැමෝම බැලුවා. කවදාවත්ම දැකලා නැති ලෝයර්ස්ලා ගොඩක් මගේ ළඟට ආවා. 

අනෙක් පාර්ශ්වයේ ලෝයර්ස්ලාගෙන් එයාලා ඇහුවා දැන් මොකද කරන්නේ කියලා. එයාලා කිව්වා දරුවගේ අභිවෘද්ධියට කටයුතු කරනවා කියලා. ඊට පස්සේ අර සේරම කෑගහලා ඇහුවා දරුවගේ අභිවෘද්ධිය බලන්නේ සොහොනක් හදල දීලාද කියලා... ලෝයර්ස්ලා අර පුද්ගලයාට එදා ඇප ලබාගන්න ඉඩ දුන්නේ නෑ. පසුගිය 12 වැනිදා ගංගොඩවිල උසාවියේදී ආයෙත් නඩුව කතා කළා. එතැනදි මේ අපරාධය කරපු කෙනාට ඇප ලැබුණා. මගේ දරුවාගේ ජීවිතයට වන්දිය විදියට ලැබුණෙ රුපියල් ලක්ෂයයි. ඇප මත වුණත් මගේ දරුවා මරපු කෙනා දැන් නිදහස්. 

ඊයෙ තමයි දරුවාගේ 17 වැනි උපන් දිනය තිබුණෙ අපි ඒ ලක්ෂයෙන් දරුවා සිහිකරලා වජිර ළමා නිවාසෙට දානයක් දුන්නා. නඩුව ආයෙත් ජනවාරි 13ට කල්ගියා. අපිට දැන් අපේ දරුවත් නෑ, උසාවි ගාණෙත් රස්තියාදු වෙන්න වෙලා. රටක් වටින මගේ දරුවාගෙ වටිනාකම උසාවියෙදි ලක්ෂයයි. ඔන්න ඕකයි නීතිය."

පුංචි විශාකා දියණිය සිහින මැව්වේ හැරෙන්නවත් ඉඩ නැති නිවෙස හදාගන්නය. දැන් මේ පවුල සිටි තැනිනුත් පහළට වැටී ඇත. මේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ආධාර මුදලක් හෝ ලැබී නැත. ලබන නඩු වාරයේදී අපරාධකරුවාද ඇප මත නිදහස් වූ පසු මේ දියණියගේ කතාවත් අතීතයට එකතු වීමට ඉඩ ඇත. සම්මානනීය රංගන ශිල්පීන්ටත් නිවෙස් පරිත්‍යාග කරන අපට මේ පුංචි දියණියගේ ප්‍රාර්ථනය සඵල කරදීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත. මේ දරුවා මියගියේ තව ජීවිත බොහොමයක් ජීවත් කරවමින් බවද සිහි තබාගෙන අප මෙරට උත්තරීතර පාර්ලිමේන්තුව හොබවන මැති ඇමැතිවරුන්ගෙන් සහ ජනාධිපතිතුමන්ගෙන්ද කාරුණික ආයාචනයක් කරමු. නොසැලකිලිමත් රියැදුරකුගේ වරදින් ජීවිතය අහිමි වූ නමුදු ජීවිත රැසක් ජීවත් කළ විශාකා ලියනගේ දියණියගේ පරිත්‍යාගශිලී මවුපියන් දෙස තව එක්වරක් බලන්න.

වාසනා සුරංගිකා විතානගේ
ඡායාරූප-නුවන් අමරවංශ

(උපුටා ගැනීමකි)
www.facebook.com/SinhalaBuddhist