ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Tuesday, April 29, 2014

දුකම පතාගෙන ආපු නිසා... දුකම සදා මට උරුම උනා....



දුකම පතාගෙන ආපු නිසා... දුකම සදා මට උරුම උනා....


උදේ පාන්දරම නාගරික වෙළද සංකීර්ණයට ගියෙ ගෙදරට අවශ්‍ය බඩු වගයක් ගන්න කියල හිතාගෙන.. 

අත්‍යාවශ්‍ය ලිපි ද්‍රව්‍ය කීපයකුත් අරගෙන ඇවිදල ඇවිදලම හෙම්බත් වෙලා හිටපු නිසා පොඩ්ඩක් වෙහෙස නිවා ගන්නයි පැත්තකින් තිබුනු රවුම් තරප්පු පේලියෙ සුදු යකඩ වැඩට හේත්තු වුනේ.

එක එක ජාතියෙ මිනිස්සු කඩි මිඩියෙ එහෙ මෙහ ගියෙ හරියට තව මොහොතකින් වෙළද සංකීර්ණයේ සියළුම භාන්ඩ අහර වෙනවා යැයි කියන්නාක් වගේ..

කොන්ඩ ස්ට්‍රේට් කරපු අක්කල, ඇන්ටිල, ඩෙනිම් ඇදල බාට කෑලි දෙකක් දා ගත්තු පන්ති යන මල්ලිල, අගල් හතර හමාරෙ සාය කෑලි ඇදගත්තු ලිෆ්ටික් වලින් තොල් දෙක වහගෙන කියුටෙක්ස් වලින් ඇගිලි වලට විගඩම් කරපු ගෑණු ළමයි, ගවුමක් ඇදගෙන බෑග් එකක් දාගෙන පිලිවෙලකට පන්ති යන සමහර වැදගත් නංගිල, වගේ බොහෝ දෙනා ඔය අතරෙ උනා..

මේ හැම කෙනෙක්ම වගේ හිටියෙ එක එක්කෙනාට වෙන් වුනු වෙන වෙනම මානසිකත්ව වල..

මම මේ ටික ලීවෙ ඕක කියන්න නම් නෙමේ..

ඔය අතරෙ ඔතනට ආව බිම ගෑවෙන තරමට දුඹුරු පාට සායක් සහ අත අගිස්සෙන් බාගෙට ඉරුනු පැල්ලම් ඉහිරුනු ලා කොල පාට බ්ලවුසයක් ඇදගෙන අඩිය පෑදෙන්න ගෙවුනු රතුපාට කකුලෙ ප්‍රමාණෙට වඩා කුඩා සෙරෙප්පු දෙකක් දා ගත්තු, කොන්ඩෙ අවුල් වුනු, කණේ කරාඹු දෙක වෙනුවට පුංචි කෝටු කෑලි දෙකක් ගහපු මැදිවියේ කාන්තාවකුයි, නිල්, දුඹුරු කහට ඉහිරුනු කහපාට ටීෂර්ට් එකකුයි, සුදු වෙන්නම පාඩ පිච්චුනු වාටියෙ පැත්තක් ලිහුනු ශෝට කලිසක් ඇදල, ඔහේ වැවුනු තෙල් ටිකක්, පනාවක් කාලෙකින් නොදැකපු අවුල්වී ගිය හිසකෙස් වලින් හෙබි වයස අවුරුදු 8ක විතර පුංචි එකෙකුයි.

විස්වාස කරයිද මන් දන්නෙ නෑ.. මේ දරුව දාගෙන හිටපු ඒ නිල්පාට බාට කෑලි දෙකේම විළුඹ ගාවින් අගල් එක හමාරක විතර විශ්කම්භයක් ගත්තු විශාර සිදුරු දෙකක්.. 

ඔහු පොලවට අඩිය ලගසන විට විළුඹ කෙලින්ම බිම වදිනව..
මට මතක් උනේ මීට ටික දවසකට කලින් අපේ අල්ලපු ගෙදර සිදුවූ සිදුවීමක්...

උවුන් ටිකක් යමක් කමක් තිබෙන පවුලක්..

පාසැලේ  8 වසරේ ඉගෙනුම ලබන ගැහුණු ළමයකු ඔවුන්ගේ බවුලේ එකම දිරුව. ඇයගේ සපත්තුවේ ඉදිරියෙන් අඩිය තබන විට නැමෙන තැන පුංචි පැලීමක් සිදුවූවා කියා, ඔවුන් එවලේම ටවුන් එකට ඇවිත් රුපියල් දහස් ගනනක් වටිනා සපත්තු ජෝඩවක් ගෙනැවිත් දුන්නේ ඒ පුංචි මිලි මීටර දෙකේ පැලීම ඇයට අගෞරවයකැයි සිතා මෙනි..

මෙවන්  දේ සිදුවන සමාජයක මෙවැනි අසරණ උනුත් ජීවත් වන වග මට සිදුනේ සිතට මහා සන්තාපයක් එක් කරන ගමන්...

අම්මෙ... මට බඩගිනී...

මම හේත්තු වී සිටි සුදු යකඩ වැටටම හේත්තු වුනු මැදිවියේ ගැහැණියගෙන් පුංචි කොළු පැටියා ආයාචනාත්මක ඉල්ලා සිටියේ කුසට අහරකි.. බැලූ බැල්මෙන්ම ඔවුන්ට රජ බොජුන් බුක්ති විදීමට වත්කම් නැති..

කන්ඩ ගත්තොත් අපට මෙහෙ තමයි ඉන්ඩ වෙන්නෙ.. දැන් තාත්ත බලල අත්තම්ම එයි ඉස්පිරිතාලෙ ඉදන්.. අත්තම්ම ආවම බලමුකො.. ම්...

දෙයියනේ.. මෙච්චර දුප්පත් අසරණ මිනිස්සුන්ටමයි කරදර..

මට එහෙම හිතනෙ ඒ ජීවිත වල තිබුනු මහා දුක් අදෝනා වලින් අල්පයක් හෝ මගෙ දෙසවනට වැටුනු නිසා...

ඒ අතරෙන ඈතින් පේන ප්ස්ට්‍රි ශොප් එකේ මේ වයසෙම පුංචි එකියක් මයිලෝ එකක් බිබී, සබ්මැරීන් එකක් ගිල දමන අයුරු ආසාවෙන් කුසට අත ගසාගෙන පොඩි එකා බලාගෙන ඉන්නව දකිද්දිනම් මගෙ පපුව හෝස් ගාල ගියා...

ඇත්තේ එසේය... නැත්තෝ මෙසේය... කියා මට සිතුනේ ඇස් ඉදිරිපිටම දැකපු මේ වික්ශිප්ත දසුන් නිසාමය...

පුංචි එකා දෑස් දල්වා බලන් ඉදල බම් බලා ගත්තෙ මහා ලොකුවට සුසුමක් පිට කරන ගමන්..

ඒ සුසුමින් මලා ලොකු කතා ගොඩක් නොතේරුම් කමට මුත් පොඩි එකා පිට කල වගනම් මට හොද හැටි තේරුම් ගියා..

සමා වෙයන් පුතේ.. මගෙ අතෙත් සල්ලි නෑ.. තිබුනු අන්තිම සතේටත් බඩු ගත්ත... මම එතනින් පිට උනේ.. මටම එහෙම කියා ගන්න ගමන්...

සටහන්: @රවීන් බණ්ඩාර. (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)

Sunday, April 27, 2014

සුගන්ධි෴





එදා ගොඩක් සෙනග පිරුනු විද්‍යාලයීය ප්‍රධාන ශාලාව බොහොම කලබලකාරී ස්වභාවයක් ගත්ත෴

අහම්බෙන් නෙත් අභියසට පැමිනි  නන්නාදුනන ඔය දෙනෙත් දෙස, තප්පරයක් බලා සිටියේ පෙර කුමන හේ දිනක ඔබ දැක හුරු පුරුදුය යන වග මසිතට දැනුනු නිසාමයි෴

අවිහින්සක හිනාවකින් ලෝබ නැතිව සංග්‍රහ කර බෝනික්කියක වගේ උඩින් උඩින් ඇවිදන් ගිය ඔයා නොපෙනී යන තුරුම මම බලා සිටියෙ ආයෙ එක වරක් හෝ දකින්න ඇත්නම් කියල මගෙ හිතටම තනියම කියා ගන්න ගමන්෴

ටික දවසක් ගෙවිල යද්දි අළුත් පන්තිය පටන් ගත්තෙ මොකක්දෝ අමුතුම අළුත් හැඟීමක් හැම හිතකටම එකතු කරන ගමන්෴

ගුඩ් මෝනිං අයියෙ෴ 

අසලින් ඇසුනු සියුම් කෙඳිරිල්ලට විදුලි වේගෙන් මම ඔලුව කැරකෙව්වෙ හඩේ තිබුනු පුරුද්දකටම නෙමේ. පරන පන්තියක දන්න කියන කෙනෙක්වත් මේ පන්තියෙ ඉන්නවද කියන සැකෙන්. මොකද එහෙම ඉන්නවනම් අළුත් පිරිසක් අතරෙ ඒක ලොකු හයියක්නෙ හිතටත්෴

තප්පර ගානකට මට කතා කර ගන්න බැරුව ගියෙ නම් ඇස් අදහ ගන්න බැරිව ගිය නිසාමයි.

 ගුඩ් මෝනිං නංගි෴ 

ඈ වෙන කවුරුත් නෙවේ. පෙර කී හුරු පුරුදු බෝනික්කියමයි෴

අහම්බෙන් නමුත් ඈද එදා ඇවිත් තියෙන්නෙ මා තේරී ඇති පාඨමාලාව හැදෑරීමටයි කයන එක දැන්නම් මට සක්සුදක් සේ පැහැදිලියි෴

අහ්෴ ඔයත් මේ ක්ලාස් එකේද෴

ඔව් අයියෙ. ඇයි.෴

නෑ නිකන්෴

 බොහොම අගෙයි, මල් හතයි, එළම තමයි වගේ වදනක් කටින් පිට වෙන්න ආවත් ඒක නතර කර ගත්තෙ මේ මොන පිස්සෙක්ද යන මානසිකත්වය ඇයිට උරුම කර නොදීමේ අදහසින්මයි෴

කාලය ගෙවී ගියේ ඊයක වේගෙන්... ඒත් මට ඒ කාලය නම් බොහොම සුන්දර උනා.. මාසයක් විතර ඇගේ සුවද දැනෙන මානයට වෙලා මම ආසාවෙන් ගත කලේ හිතේ මෝදුවෙන මොකක්දෝ හැගීමක් තනිවම මම තේරුම් ගන්න උත්සාහ කරන ගමන්.෴

අයියෙ.. ඔයා අද හරි වෙනස්.. ඇයි මේ.. මොකක්හරි ප්‍රස්නයක්ද ඔයාට..
ඇයි දිනක් එක්වරම ප්‍රශ්න කලේ මාව දෙතුන් පාරක් කරකවල අතහැරිය ගානට මගෙ මානසිකත්වට එක් වරම නතර කරල දාල වගේ.෴

ඇත්ත. මම මේ ටිකේ ඉන්නෙ තේරුම් කර ගන්න බැරි මොකක්දෝ හිතේ උපදින හැගීමක් එක්ක සටන් කර කර. ඒත් මම කොහොමද ඒක ඔයාට කියන්නෙ. ඒ නිසාමයි මම නෑ මුකුත් නෑ නංගි... කියල එතනින් ශේප් උනේ.෴

ඒත්.. ඔයා මාව අතාරින පාටක් නම් නෑ වගේ.. ආයෙ ආයෙත් පුන පුනා අහපුවම නම් මට මගාරින්නම බැරි උනා.. ඒකයි මම ඒ හැගීම වචනෙට පෙරලුවෙ.෴

මම ඔයාට ආදරේ කරනව. මගෙ හිතේ ඔයා ගැන ලොකු කැමැත්තක් තියෙනව෴

මම එහෙම කීවෙ නිකම්ම නෙමේ. මගෙ මුලු ජීවිතේටම ඔයාගෙ නමින් අරමුණක් ගොඩනගා ගන්න ගමන්. ඒත්,

කිඹුල කනව ඉවසුවැකි. කොහිල කටු ඇනෙන ඉවසන්න බෑ... කියන අතීත කියමන සත්‍යක්ම කරේ ඔයාගෙ ප්‍රතිචාරයමයි෴

අයිම් සොරි අයියෙ., මට ඔයා ගැන හිතන්න බෑ. මගෙ හිතේ ඔයා ගැන ආදරයක් නෑ. මගෙ හිතේ ඉන්නෙ ඔයා වගේ කෙනෙක් නෙමේ෴

ඔයා මෙහෙම කීවෙ කොහොමද කියල මම දන්නෙ නෑ.. ඒත් මම දන්නෙ මෙච්චරයි. අරක්කු ටිකක්, සිගරට් එකක් කටේ ගාන්නෙ නැති, සල්ලාලයෙක් නොවෙන, වැදගත් පවුලක ඉපදුනු මම නෙමේනම් ඔයාගෙ හිතේ ඉන්නෙ, කුඩු කාරයෙක්, ගන්ජ කාරයෙක්, එහෙමත් නැත්නම් හොද බේබද්දෙක් හෝ සල්ලාලයෙක් වෙන්නම ඔනෙ. ඒක මගෙ හිත මට සත්ත දීල කියන දෙයක්෴

ඇස් වලට කදුලු මෙන්ම හදවතට මහා වේදනාවකුත්, හිතට මහා බරකුත් ඉතිරි කරල ඔයාගෙ ආදරේ ඔහෙමම නැතිවෙලා යද්දි මටත් නොදැනි මම ලෙඩෙක් උනේ ඔයා ගැන හිතලමයි කියල මම දන්නව. ඒත් මම කොහොමද කියන්නෙ ඒකට හේතුව ඔයාමයි කියල. මොකද ඔයා තමයි හිමි උනත් නැතත් මගෙ ජීවිතේ෴

ඔයා දන්නෙ නෑ. රෑ එලි වෙනකම් ඇස්වල කදුලු පුරෝගෙන අඩල අඩල, උදේට ඔයාට පේන්න හිනා වෙලා ඉන්න වාර අනන්තයි෴

කාටවත් නොකිය පෙන්න හොද තත්වෙන් හිටියට දැන් මම ලෙඩෙක්..
ඇත්තම කීවොත් මානසිකව මම ගොඩක් පීඩා විදිනව෴

මම එක දෙයක් දන්නව෴

ඔයා මේක කියවන්නෙ නෑ.. ඒ නිසාමයි මේක ලිව්වෙ මම.
ඒ වෙන හේතුවකට නෙමේ෴

මේක කියවන අය අතරත් ඔයා වැනි අය ඇති෴

එයාලගෙන් මම ඉල්ලන එකම දේ෴

කවම දාකවත් අවංක ආදරයක් රෑපෙ, තරාතිරම, දුප්පත් පෝසත්කම, කුල මල නිසා නැති කර ගන්න එපා෴

එතනදි ඇත්තටම වෙන්නෙ මුලු ජීවිතයක්ම නැති වෙන එක..
ආත්ම ගානකටවත් මම ඔයා එක්ක තරහ නෑ෴

මම ඔයාගෙ ගෞරවය වෙනුවෙන් ඔයාට පේන්න වෙන ගර්ල් ලට ටෝක් කරනව වගේ පෙන්නන්නෙ ඔයාට ඒක සතුටක් වෙවයි කියල හිතල෴

ඔයාව මම හිතින් අමතක කරල කියල ඔයාට එතකොට දැනන නිසා෴

මම නිසා ඔයා තප්පරයකටවත් හිතේ බරක් තියා ගන්න ඕනෙ නෑ෴

ඔයා හිමි නොවුනට ඔයාට මම ජීවත් වෙන තුරාම ආදරේ කරනව.. ඒත් ඒක ඔයා දැනගන්න ඕනෙ නෑ෴

පිස්සෙක් මෝඩයෙක්, සමහරක් විට සල්ලාලයෙක් විදියට පෙනෙන මාව ඔයාට ඒ විදියටම පෙන්නල ජීවත් වෙන කාලයක් ඔහේ තනියම ඉදල, යන තැනකට තනිවම යන්නයි දැන් මට ඕනෙ෴

ලොකූ බලාපොරෙත්තු නෑ.. ලොකූ ආසාවල් නෑ෴

තියෙන්නෙ එකම එක අභිප්‍රායක් පමනයි෴

ඔයාගෙ මංගල දවස පුලුවන් උනෙත් මගෙ අතින් චායාරූප ගත කිරීම.. මගේ ගානෙ..

ඔයා හිතන්නෙවත් නැතිවෙයි෴

මම ඔයාගෙ මංගල දිනේ චායාරූප ගත කරන එක තමයි මගෙ අන්තිම මංගල චායාරූපකරණය වෙන්නෙ෴

ඔහුගෙ සුරතෙ වෙලී ඉන්න ඔයාගෙ දෑත් මට අහිමි උනේ මොන පවටද කියල එදාටත් මට තප්පරේකට හරි හිතෙයි.. ඒකට කමක් නෑ෴

එදාට ඔයා ඇස්වල සතුටු කදුලු පුරවන් මංගල ගමන යද්දි මම කදුලු පිරුනු ඇස් වලින් කැමරා කාචයෙන් ඔයා දිහා බලල, ඔයාගෙ සුන්දර මූන එකවරකට වැඩි වාර ගනනක් කැමරා කාචයෙන් නාඹි ගත කරන්නෙ ගොඩක් ආසාවෙන්෴

මොකද ඔයාගෙ ජීවිතේ මෙන්ම මගෙ ජීවිතෙත් අවසන් සොදුරු හෝරාවල් කීපය ඒ මොහොතෙන් ගෙවී යන බව මම දන්නව..
මොකද.......................

ඔයා කාව විවාහ කර ගත්තත්....., මම තරම් ඔයාට වෙන තවුරුන්වත් ආදරේ කරන්නෙ නෑ෴

ඒ නිසාම එකම එක දවසකට හරි ඔයාට මාව, මගෙ ආදරේ මතක් වෙනව.෴.....

ඒ දවස වෙනකොට, මා මේලෝකෙන් සමු ගෙන සිටීවි සුගන්ධිකා.෴.

ප.ලි:
අවවාදයයි:  අනුකම්පාවක් ලබාගෙන ආදරය සිගමන් යැදීම යනු සැබෑ ආදරයක් හිමි කර ගැනීමක් නොවේ෴

ඉල්ලීමයි: පුරුද්දකට වගේ ජීවිතයේ බොහෝ සිදුවීම් කිවියට, කතාවට නැගුවද, මෙයින් අනුකම්පාවක් කිසි සේත් බලාපොරොත්තු නොවෙමි෴

විශේෂයි: මෙය හුදෙක් නිර්මාණයක් ලෙස පමනක් සලකන්න෴
@රවීන් බණ්ඩාර


Sunday, April 13, 2014

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා෴!!!

2014 සිංහල හින්දු අළුත් අවුරුද්ද 
සියළු පැතුම් ඉටුුවන, සාමය සතුට සෞභාග්‍යය සපිරි 
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා෴!!!