ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Friday, October 31, 2014

සිහිනයක් වූ ප්‍රේමයක් ෴2





Oya kohenda? Mam kemathi oyawa aduna ganna.. Plz..

එදා ඔහු සංජලාවන්ට එසේ කෙටි පණිවිඩයක් එවා තිබිනි. 

Mama Mathara.

ඇය ගාලු පුරවරයේ වුවද ඇයට මොහුට ඇත්ත කීමට තරම් හේතුවත් නොතිබුනු නිසාම කකට ආ ගමක නමක් කෙටි පණිවිඩයක් බවට පත් කලේ දෙවක් නොසිතාමයි.

Mama chathura. Oya..?

නැවතත් ඈ ගෙන් ප්‍රස්නයක් විමසමින් මොහු උත්සාහ කරන්නේ සංජලාවන් හට ලං වන්නට බැව් නිකමට මෙන් ඈ හට නොසිතුනා නොවේ.

Hm.. Mama Deepika.

සංජලා ඇත්තක් නොකීවද ඔහුගේ කෙටි පණිවඩ වලට ප්‍රතිචාර දක්වන්නට සිතුනේ මන්දැයි ඈ හට නොහැඟුනි.

දිනෙන් දිනම ඔහු හා සංජලා අතර හැඳුනුම්කම වැඩි වන්නට විය. ඔහු සංජලා මාතර යැයි සිතුවද ඔවුන් දෙදෙනාම ගාලු පුරවරයේම වූහ. 

දෙදෙනාම මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා සූදාම් වන්නන් වූ අතර මග තොටේදී මුන ගැසෙන අයෙක්දැයි යන සැකයද සංජලා තුල නොවූවා නොවේ.

අනෙක් සම වයසේ උන් සමග සංසන්දනය කල විට සංජලා යනු වෙන්ස්ම චරිතයකි. ආගමික දේ වෙනුවෙන් දැඩි නැඹුරුවක් වූ ඈ ඉතා සංවර එකියකි. දිනපතා උදේ සවස බුදු පහන තියා මිය ගිය තම පියානන් වෙනුවෙන් පුන්‍යානුමෝදනා කරන ඈ, කුඩා කල සිටම ඇඳුමක් පැළඳුමක් මිලදී ගත්තද සිත වැඩිපුරම ඇළුම් කලේ හාන්ත ස්වේත වර්ණයටයි. 

තාරුණ්‍යෙය් ආදරය යන අකුරු සතරෙහි තේරුමවත් හරි හැටි නොදත් ඈ හට එහි හැඟීමක් හෝ දැනීමක් පිළිබඳව අවබෝදයක් නොවූයේ ඒ පිළිබඳව ඈ හට කැමැත්තක් නොවූ නිසා වන්නට ඇත..

චතුර නම් වූ නන්නාදුන ඔහු දිනෙන් දින දීපිකා ලෙස ඔහු හඳන ගත් සංජලාට ලං වන්නට විය..ඔහු විටෙක සංජලාගෙන් ආදරය ඉල්ලා සිටියහ. සංජලා හට එවන්  අවස්ථාවල පව් නොපිරෙන පංචි බොරුවකින් හෝ එහුව අස්වසාලා ඔහු මග හරින්නට ඇවැසි විය. එනිසාම ඈ 

අනේ සොරි. මට මැරි කරන්න කෙනෙක් ඉන්නව.
 
ලෙස විටෙක පැවසීය. ඔහු එය පිළි නොගත්හ. දිනෙන් දින පිස්සෙකු මෙන් සංජලාගෙන් ආදරය සිඟමන් යැද්දාහ.

අනේ. මට සමා වෙන්න. මං ඇත්තම කියන්නම්. මට හොඳ කරන්න බැරි ලෙඩක් තියෙනව.ප්ලීස්... මාව අමතක කරන්න...

වරක් ඔහුගේ සිත නොරිද්දා ඔහුව ඈත් කරන්නට සිතාගෙන ඇය මෙවැන්නක් ගෙනහැර පෑහ.

ඇගේ උත්සාහයන් ව්‍යර්ත විය. ඔහු කෙමෙන් කෙමෙන් ඇගේ සිතේද ලැගුම් ගන්නට වෙමින් තිබිනි....

කාලය ගෙවී ගියහ..

කෙමෙන් සංජලාටද ඔහුව නැතිව බැරි විය... උදේ පාන්දර අවදි වන්නේ ඔහුගෙන් කෙටි පනිවිඩයක් බලාපොරොත්තුවෙනි. ඔහුගෙන් කෙටි පණිවුට පමා වන විට දුරකථන තිරය දෙස නොයිවසිල්ලෙන් බලා හිඳින වාර අනන්තරය..

Mata sama wenna Deepika.. Mama oyata boruwak kiwwa. Mama chathura nemei. Mage aththa nama “Kasun”.

දිනක් ඔහු පැවසුවේ සංජලාගේ සිතේ විඳවමින් තිබූ ගැටලුවකට විසඳමක් සඳහා අවස්ථාවක් ලබා දෙමිනි. ඇය ඔහුට බොරු කීම පිළිබඳව සිත් තැවුලෙන් සිටියදී ඔහු මෙවන්නක් පැවසීම ඇයටම ඇත්ත පැවසීමට අවස්ථාවක් ලබා දීමක් විය..

Matath sama wenna. Mamath Deepika nemei.

Ehenam…?

Mama Sanjala.

Hm..

Mama Matarath nemei. Gall

අවස්තාවෙන් ප්‍රෙයා්ජන අරගෙන ඈ සියල්ල කියා දැමුවේ කසුන් වෙනුවෙන් හංඟන්නට තරම් දෙයක් දැන් ඈ හට නොවූ නිසාවෙනි.
ඔහු 1992 වසරෙහි උපන් අයෙකු වන අතර  සංජලා 1991 වසරෙහි උපන්නියකි.. ජන්ම දිනයන් අනුව කසුන් වයසින් වසරක් බාල උවවද ඔවුන්ගේ ආදරයට වයස බාදාවක් නොවුනි. 

Api Meet wemu.. Mata oyawa dakinna one.

කසුන් විටෙක පැවසුවේ දුරකතානයට පමනක් සීමා වී තිබූ ඔවුන්ගේ ආදරය මුනගැසීමක් දක්වා දුර දිග ගෙන යාමට ඔහුට ඇවැසි වූ නිසාවෙන් ය.

සංජලා-කසුන් මුණ ගැසෙයිද෴? මුණ ගැසුනහොත් ඔවුන් කවුරන් වේවිද...? ඔවුන්ගේ ආදරය කෙසේ ඉදිරියට ගලා යාවිද... අවසන දක්වා රැඳී සිටින්න.. හමුවමු නොබෝ දිනකින්ම, සංජලා- කසුන් සැබෑ ස්නේහ කතාන්දරයේ තවත් කොටසක් සමගින්....

පන්හිඳ තුඩඟට හසු නොවුවද, යතුරු පුවරුවෙන් කැටයම් වන, අපේ කාලයේ සංජලාවකගේ, සත්‍ය ආදර කථාව෴

තවත් කොටසක් බලාපොරොත්තු වන්න෴
රචනය: රවීන් බණ්ඩාර


Sunday, October 12, 2014

යොවුන් මදය෴



යොවුන් මදය


යොවුන් විය සුන්දර ය; ශක්තිමත් ය. ඒ ගැන වාදයක් නොමැත. ජීවිතයේ සුන්දර ම කාලපරිච්ඡේදය යොවුන් විය යි. දැනට වැඩිහිටි බවට පත් ව සිටින වැඩිහිටියන්ගෙන් විමසුව හොත් ඔවුන් තමන්ගේ යොවුන් විය පිළිබඳව මහත් උජාරුවෙන් කතා කරනු ඇත.

මම කොල්ලා කාලේ හොඳ හොඳ වැඩ කළා...

එහෙත් කාලය කෙමෙන් කෙමෙන් ගත වී යයි. වැඩිහිටියන් සිටින තත්ත්වයට යොවුන් අපටත් ඉතා ඉක්මනින් ම පත් වන්නට සිදු වනවා. 
සාමාන්‍ය පෙළ විභාග අවධියේ අප අපේක්ෂා කරනුයේ උසස් පෙළට සමත් වීමට ය. උසස් පෙළදී අපේක්ෂා කරනුයේ විභාගය ඉහළින් සමත් ව සරසවි වරම් ලැබීමට ය. සරසවි වරම් ලැබූ පසු උපාධිය ඉහළින් කරගැනීමටත් තවත් සුදුසුකම්වලින් රැකියාවකට යෑමටත් සිතති.
ඉන් පසු රැකියාව, විවාහය, දරුවන් දැකීම, දරුවන්ගේ දරුවන් දැකීම... 

මේ ආකාරයට යොවුන් ඔබ - අප නොදැනුවත් ව ම ආච්චි - සීයා බවට පත් වනු ඇත. සමාජ ජීවිතයේ ලබන මෙම අත්දැකීම් ගිහි කාමභෝගීනට බුදු රජාණන් වහන්සේ විසින් කිසි විටෙක තහනම් කොට නැත. ගිහි කාමභෝගී පාඨකයිනි, කම් නැත: ඔබ තෝරාගත් එම මාවතේ ම යන්න: ඒ යන ගමන සාර්ථක, අතිසාර්ථක කරගැනුමට බුදු දහමේ ඕනෑ තරම් උපදෙස් වේ.

මහසයුරේ රළ වෙරළ දක්වා පැමිණ පෙණ කැට විසුරුවා නැවත හැරී මඳ දුරක් ගොස් නැවතත් සුදු පෙණකැට නංවමින් වෙරළට එයි. එය සුන්දර ය. එමෙන් ඉහත සඳහන් කළ ගිහි චර්යාවේ සුන්දර අවධිය ද සුන්දර ම ය. එහෙත් සයුරු රළ විටින් විට වෙරළ සීමාව ඉක්ම ගිය හොත් කොතරම් චණ්ඩ ද, නපුරු ද, සිදු වන විනාශය? අප ජීවිත ද යොවුන් මදයෙන් මත් වුව හොත් සිදු වන්නේ එය ම ය. යොවුන් මදය නම් කුමක් ද?

අපි තව ම තරුණ යි. අනෙක් අය මහලු යි. ඒ අයගේ ජීවිත ප්‍රපාතයක ඇති ගසක් වගෙයි. ඒ වුණාට මම ජීවිතයේ පළමු යොවුන් වියේ සිටිමි. මහලු කාලයේ පින්දහම් කරමි, යනුවෙන් මදයක් වශයෙන් උපන් මානය යොවුන් මදය යි.”(පාටිකවග්ග අටුවාව, සාරත්ථදීපනී ටීකාව).

බුදු රජාණන් වහන්සේටත් යොවුන් වියක් තිබිණි. තමන් වහන්සේ බෝසත් කල යොවුන් විය ගත කළ ආකාරය බුදු හිමියෝ මෙසේ වදාළහ:

මහණෙනි, ඒ මට ප්‍රාසාද තුනක් විය. එකක් හේමන්ත කාලයට. එකක් ගිම්හාන කාලයට. එකක් වැසි කාලයට. මහණෙනි, ඒ කාලයේ මම වැසි කාලයට අයත් මාස හතර වැසි කාලය වෙනුවෙන් තැනූ ප්‍රාසාදයේ පිරිමින් නැති ව ස්ත්‍රීන් විසින් තූර්යයන්ගෙන් පිනවනු ලබනෙම් යට මහලට නොබසිමි.” (අංගුත්තර නිකාය) අප යොවුන් වියත්, යොවුන් මදයෙන් මත් වීමත් මනාව තේරුම්ගත යුතු ය. මිනිසුන්ට මදවශයෙන් ඇත්තේ යොවුන් මදය පමණක් නො වේ. බොහෝ මදඇත.

* උපන් ජාතිය නිසා ඇති වන මදය ජාති මදයයි.

* ගෝත්‍රය නිසා ඇති වන මදය ගෝත්‍රමදය යි.

මේ මදය එක්තරා සියුම් උමතු බවකි. මේ ජාති, කුල, ගෝත්‍ර මදවලින් මත් වී සිටින අය බෙහෙවින් ඇත්තේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ය. එය මේ දෙරටට බලවත් පිරිහීමේ හේතුවක් ව ඇත්තේ ය.” (රේරුකානේ චන්දවිමල හිමි).

* නීරෝගි බව නිසා ඇති වන මදය ආරෝග්‍ය මදයයි.

අනෙක් අයට වඩා මම බොහෝ කල් ජීවත් වුණෙමි, ඉදිරියට ද එසේය,” 
 ආදි වශයෙන් ඇති වන මදය ජීවිත මදනම් වේ. මෙය බොහෝ වැඩිහිටියන්ට ඇති මදයකි.

* ලාභය නිසා ඇති වන මදය ලාභ මදයයි.

* සක්කාර නිසා ඇති වන මදය සත්කාර මදයයි.

* “අනෙක් අයට වඩා මට ගරු සැලකිලි ලැබේ,” යනුවෙන් ඇති වන මදය ගරුකාර මදයයි.

* පිරිවර ඇති විට ඇති වන මදය පරිවාර මදයයි.

* ශෝභමාන වර්ණය (ශරීර වර්ණය) නිසා ද, ගුණ වර්ණනා ආදිය නිසා ද ඇති වන මදය වණ්ණ මදයයි.

* පිණ්ඩපාතයේ ම හැසිරෙන භික්ෂුවකට මම මේ කාරණයෙන් අනෙක් භික්ෂූන්ට වඩා උසස් ය ආදි වශයෙන් ඇති වන මදය පිණ්ඩපාතික මදයයි.

මෙවැනි මද විසිහතක් විභංග පාළියේ සඳහන් වේ. ඉහත සඳහන් කළ මදවලින් මත් වූ මිනිසුන් දෙස විමසිල්ලෙන් බලා සිටින්න. ඔවුන්ගේ ක්‍රියා කලාප සමාජයට විහිළුවකි; උම්මත්තකයින්ගේ ක්‍රියා බඳු ය; සිනහ ඇති කරවයි. එහෙත් එකී මදයෙන් මත් වූ තැනැත්තාට එය නො වැටහේ. 

උගත්කමින්, ලාභ සත්කාරවලින් මත් වී, තම හැකියාව ඉහළින් ප්‍රදර්ශනය කිරීම අන්‍යයන්ට විහිළුවකි. එයින් තේරුම් ගත යුතු, වටහාගත යුතු දෙයක් ඇත. එනම්: ඔවුන්ගේ එම උගත්කම්වල, ධනවත්කම්වල, කුලයන්හි කුමන හෝ අඩුපාඩුවක් තිබේ. උදාහරණයක් වශයෙන් විද්‍යා දදාති විනයංයනුවෙන් පැවසෙන්නේ උගත්කම නිසා හික්මීම ඇති වේයන්න යි. එසේ නම්, යමකු උගත්කමින් මත් වී කටයුතු කරන්නේ නම් ඔහුගේ උගත්කමේ යම් අඩුවක් තිබේ. සැබෑ උගතා අහංකාර නැත. මහා ප්‍රඥාවන්ත සැරියුත් හිමියන් තමන් වහන්සේගේ නිහතමානී බව දක්වන්නේ තමන් වහන්සේ පාපිස්නකට උපමා කරගනිමිනි.


ඉහත සඳහන් අයුරින් ම අප යොවුන් මදය ගැනත් කරුණු තේරුම් ගනිමු. යම් කෙනකු යොවුන් මදයෙන් අධික ව මත් වී ක්‍රියා කරන්නේ නම්, සමාජයට එය විහිළුවකි. එහෙත් මදයෙන් මත් වූ තැනැත්තාට එය නො වැටහේ. සමාජයේ සිටින සියලු වැඩිහිටියෝ මේ යොවුන් විය මෙයට පෙර පසු කළ අය වෙති. යමකු තමන්ගේ යොවුන් බව හේතුකොටගෙන අධික ව මත් වී විප්‍රකාරී දෑ කරයි නම්, කයෙන්, වචනයෙන්, මනසින් දුසිරිතෙහි යෙදෙයි නම්, ඔහු හෝ ඇය පෙන්වන්නට සැරසෙන ශක්තිමත් යොවුන් බවේ ද යම් අඩුපාඩුවක් තිබේ. කයින්, මනසින් නිවැරැදි ලෙස සංවර්ධනය වූ යෞවනයකු තුළ, යෞවනියක තුළ දුසිරිත තිබිය නොහැකි ය; විකාරරූපී ක්‍රියා, වචන නොතිබිය යුතු ය. විශාඛා කුමරිය හොඳ උදාහරණයකි:

ඇතකුගේ බර ඇති පලඳනාවක් පැලඳීමට තරම් ශරීර ශක්තියක් තිබූ විශාඛාව රූපයෙන් ද කථාවෙන් ද සිත් ඇදගන්නා මනහර තරුණියක් වූවා ය. දිනක් ඇය යෙහෙළියන් සමඟ නැකැත් කෙළියට ගොස් එන විට වර්ෂාව වැටෙන්නට විය. යෙහෙළියෝ තෙමෙන බැවින් ඉක්මනින් දිවගොස් ශාලාවකට පිවිසුණහ. එහෙත් විශාඛා කුමරිය පමණක් තෙමෙමින් හෙමිහිට පැමිණ ශාලාවට ගොඩ වූවා ය. එතැන සිටි පිරිස ඔබ හරියට මහලු කාන්තාවක් වගේ නේ!යැ යි පැවසූ කල ඇය පවසන්නේ, “සළු නම් දුර්ලභ නො වේ. මගේ ගෙදර සළු සුලභ යි. 

වැඩිවියට පත් ස්ත්‍රීන් වෙළෙඳ බඩු වගෙයි. මිනිස්සු අත් හෝ පාද හෝ කැඩී අංගවිකල වූ ස්ත්‍රිය පිළිකුල් කරමින් කෙළගසා යති. ඒ නිසා හෙමිහිට ආවෙමියනුවෙනි.

විශාඛා කුමරිය තමා කොතරම් ශක්තිමත් වුව ද රූපවත් වුව ද ක්‍රියා කළේ කුමරියකට, යොවුන් තරුණියකට ගැළපෙන අයුරිනි. ඒ මගින් පෙනීයන්නේ ඇයගේ පෞරුෂවත් භාවය යි. ඒ නිසා ඇය දෙලොව ජය ගත්තා ය. එහෙත් කෙනකු තුළ ඇති එම පෞරුෂය හීන වී, යොවුන් මදයෙන් මත් වී ක්‍රියා කළොත්, දුසිරිතෙහි යෙදුණ හොත් සිදු වන්නේ මහත් විනාශයකි. ඒ බව ඉසීදාසී ථේරීගාථා වලින් පෙනේ:

පෙර ඒරකච්ඡ නම් නුවර රන්කරුවෙක් විය. යොවුන් මදයෙන් මත් වූ ඔහු පරදාර සේවනයෙහි යෙදුණේ ය. ඒ නිසා ඔහු නිරයේ ඉපිද දීර්ඝ කාලයක් පැසුණේ ය. ඉන් පසු වැඳීරියක කුස උපන්නේ ය. ඉපදී සත් දවසකින් මහ වඳුරෙක් පැමිණ අණ්ඩකෝෂ හපා විනාශ කළේ ය. ඉන් පසු සින්ධව ආරණ්‍යයෙහි කණ වූ කුදු වූ එළියක කුස ඉපදිණි. එහිදී කර අඹවනු ලැබ මහ බර පිට තබාගෙන දොළොස් අවුරුද්දක් මෙහෙ කරන්නට සිදු විය. 

අවසන වණ සෑදී පණුවන් ගසා දුක්ඛිත ව මිය ගියේ ය. ඉන් පසු වස්සකු ව ඉපදී යළිදු කර අඹවා බර වැඩට යොදවනු ලැබී ය. ඉන් පසු ජීවිතයේදී නපුංසක ව ඉපදිණි. ඊළඟ භවයේදී ස්ත්‍රියක් වූවා ය. මේ ආකාරයට යොවුන් බවින් මත් වීමෙන් බොහෝ දුක් පීඩා විඳින්නට ඒරකච්ඡට සිදු විය.

යොවුන් මදයෙන් මත් වී යොවුන් වියේදී කළ යුතු කටයුතු නොකිරීමෙන් පසු තැවෙන්නට සිදු වේ.

අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චා ව ක්ධායන්ති - බීණමච්ඡේව පල්ලලේ.

බඹසර වාසය කළ හැකි තරුණ වියෙහි බඹසර නොවැස (පැවිදි නොවී), ධනය ඉපයීමට හැකි යොවුන් වියේදී ධනය නූපයා, ප්‍රමාදී ව විසූ අනුවණයෝ ජලය සිඳී ගිය බැවින් මසුන් නැති විලක මඬ පිට හිඳ තැවෙන (ගොදුරු ඇති විලකට යාගැනීමට ද නොහැකි) මහලු කොස්වාළිහිණියන් මෙන් තැවෙති.” (ධම්මපදය).

යොවුන් වියේදී කළ යුතු දැයෙහි නියුක්ත වීමට ප්‍රමාද වීම පසුතැවීමට හේතු වේ. අදාළ කාලයන්හිදී කළ යුතු දෑ කළ යුතු ය.

අතීතයොබ්බනෝ පෝසෝ - ආනේති තිම්බරුත්ථනිං,
තස්සා ඉස්සා න සූපති - තං පරාභවතෝ මුඛං.

යොවුන් විය ඉක්මගිය පුරුෂයෙක් තිඹිරි පල වැනි පියොවුරු ඇති තරුණ දැරියක ආවාහ කොට ගනී ද ඔහු ඇයට ඊර්ෂ්‍යාවෙන් (තරුණිය මහල්ලා සමඟ රතියට ද සංවාසයට ද අකැමැති වේ. ඒ නිසා ඔහු මැය තරුණයකු ප්‍රාර්ථනා නොකෙරේවා! යි ඊර්ෂ්‍යාවෙන්) නොනිදා ඇය රකියි. එය පිරිහීමට දොරටුවකි.” (පරාභව සූත්‍රය).

එම මහලු පුරුෂයා කාමරාගයෙන් ද, ඊර්ෂ්‍යාවෙන් ද තැවේ. මේවා යොවුන් වියේ කිරීමට ඇති දෑ නොකිරීමේ විපාක ය. මේ නිසා අලස බවින්, කුසීත බවින් හා යොවුන් මදයෙන් මත් වී ක්‍රියා නොකළ යුතු ය.
මහණෙනි, යොවුන් මදය, නීරෝගි බව නිසා ඇති වන මදය, දිගු කලක් ජීවත් වීම නිසා ඇති වන මදය යනුවෙන් මද තුනක් තිබේ. මහණෙනි, ධර්මය අසා නැති පෘථග්ජනයා යොවුන් මදයෙන් මත් වී කයින් දුසිරිතෙහි හැසිරෙයි, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි, මනසින් දුසිරිතෙහි හැසිරෙයි. ඔහු කයින් දුසිරිතෙහි හැසිරී, වචනයෙන් දුසිරිතෙහි හැසිරී මරණින් මතු සැප නැති, දුකට ගති වූ නිරයට පැමිණෙයි... (අංගුත්තර නිකාය).

යොවුන් බවින් මත් වීමෙන් දුසිරිතෙහි හැසිරීමෙන් අපායට ගමන් කිරීම වැනි දරුණු විපාක පවා ලැබේ. පැවිද්ද වැනි උතුම් අවස්ථා අහිමි වේ. එබැවින් යොවුන් විය ප්‍රමාදයට පත් කර නොගෙන යෞවනත්වයේ වටිනාකම තේරුම් ගත යුතු ය.

මහණෙනි, භික්ෂුව ජරාවෙන් මැඩී දිරා ගියේ වෙයි. මහණෙනි, ප්‍රධන් වීර්යය කිරීමට (වීර්යයෙන් භාවනා කිරීමට) නුසුදුසු කාලය මෙය යි.
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව තරුණ, කළු කෙස් ඇති, සොඳුරු යෞවනයෙන් ද පළමු වයසින් ද සමන්විත වූ තරුණයෙක් වෙයි. 

මහණෙනි, ප්‍රධන් වීර්යය කිරීමට සුදුසු පළමු කාලය මෙය යි.” (අසමය - සමය සූත්‍රය).

මේ ආකාරයට යොවුන් මදයෙන් මත් නොවී, යොවුන් ශක්තියෙන් ප්‍රයෝජන ගනිමින් ලබාගත යුතු දෑ, කළ යුතු දෑ බොහෝ ය.

* ඉගෙනීම
* යහපත් රැකියාව
* යහපත් විවාහය
* දෙමව්පිය ආදි යුතුකම් ඉටු කළ යුතු අයට යුතුකම් ඉටු කිරීම
* සමාජයට තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කිරීම
* කල්‍යාණ වූ යහපත් ධර්මයන් සමාදන් වීම
* තෙරුවන් සරණ ගොස් සිල්වත් වීම
* පරිත්‍යාගය
* ධර්ම මාර්ගයේ හැසිරීම
* ප්‍රඥාවන්ත වීම

ශීලාචාර වූ ධාර්මික යෞවනයන්ට ධාර්මික සුවයක් විඳිය හැකි ය. එය අධාර්මික සුවයට වඩා සැපවත් ය; පසුවටත් සැප විපාක ම ලබා දෙයි. ජීවිතයේ ඒ ඒ අවස්ථාවන්වලදී ඇති වන මදයන් තේරුම් ගෙන ශීලාචාර වීමෙන් පැහැදිලි වන්නේ ඒ පුද්ගලයා සතු වන නුවණ ය. ඔහුට සමාජයේ සැමදෙනා ම, වැඩිහිටියන්, දෙවියන් පවා ගෞරව කරයි; බුදු සසුනෙන් ලද හැකි උතුම් අම පල ලැබිය හැකි ය. යෞවන මදය මුළුමනින් ම ප්‍රහාණය කිරීමට හෝ තුනී කරගැනීමට බුදු රජාණන් වහන්සේ මෙසේ අවවාද දී තිබේ:

මහණෙනි, කුමන අර්ථයක් නිසා නිතර ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ මම ජරාවට පත් වන ස්වභාව ඇති කෙනෙක් වෙමි, ජරාවට පත් වන ස්වභාවය ඉක්මවා නොගිය කෙනෙක් වෙමි,’ යනුවෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ද?

මහණෙනි, සත්ත්වයන්ට යෞවනයෙහි යෞවන බව අරභයා ඇති වූ මදයක් තිබේ. ඒ නිසා මේ සත්ත්වයෝ යෞවන මදයෙන් මත් වී කයින් දුසිරිත් කරති; වචනයෙන් දුසිරිත් කරති; මනසින් දුසිරිත් කරති. මේ නිසා මම ජරාවට පත් වන ස්වභාව ඇති කෙනෙක් වෙමි, ජරාවට පත් වන ස්වභාවය ඉක්මවා නොගිය කෙනෙක් වෙමි, යනුවෙන් ප්‍රත්‍යවේක්ෂා කරන පුද්ගලයාගේ යෞවනයෙහි යෞවන බව අරභයා ඇති වූ යොවුන් මදය සම්පූර්ණයෙන් ප්‍රහීණ වීම හෝ තුනී වීම සිදු වෙයි. (ඨාන සූත්‍රය).
මේ නිසා අපිදු මම ජරාවට පත් වන ස්වභාව ඇති කෙනෙක් වෙමි; ජරාවට පත් වන ස්වභාවය ඉක්මවා නොගියෙමි; ඉදිරියේදී ජරාවට පත් වන්නෙමියනුවෙන් නිතර ප්‍රත්‍යවේක්ෂා කරමු. මේ වටිනා දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ ලද ශක්තිමත් යොවුන් වියේදී කළ යුතු දෑ කිරීමට ප්‍රමාදී නොවෙමු. ප්‍රමාදී වී පසු නොතැවෙමු. 

(රේරුකානේ චන්දවිමල හිමියන්ගේ කෙලෙස් එක් දහස් පන්සියයකෘතිය ද ඇසුරු කැරිණ).

මූණු පොතෙන් උපුටා ගන්නා ලදී෴

Saturday, October 11, 2014

ලාංකීය බ්ලොග් අඩවි අතර හොඳම නිර්මාණාත්මක (දෙවන ස්ථානය)

ඇගයුමට ඇගයුමක්෴!
 
ලාංකීය දහස් සංඛ්‍යාත බ්ලොග් අඩවි අතර හොඳම නිර්මානාත්මක බ්ලොග් අඩවි අතරින් දෙවන ස්තානය Freegetlanka.com අප දිනාගත් බැව් සතුටින් දැනුම් දෙන්නෙමු෴

රේඩියෝ කළුතර සහ එකතුව ෆෝරමය එක්ව සංවිධානය කල,
එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියෙහිදී,
මේ අඟනා අවස්තාව අප හිමිකර ගනු ලැබුවේ පාඨක ඔබගේ නොමද ප්‍රථිචාර සහ සහයෝගය නිසාවෙන්මය෴

ලෝකයේ සිදුවන, ඇසි දිසි සත්‍ය සිදුවීම්ම පමනක්,
තාරුණ්‍යෙය් හෟර්දස්පර්ශය අරඹයාම,

යතුරු පුවරුවෙන් සිංහල බසින් කැටයම් කරනු වස්,
රැඩිකල් බ්ලොග් කථාවේ වෙනස් මං පෙතක දිව යන,
අප අඩවියට,
මෙවන් ස්ථෘනයක් හිමි කර දුන්
පාඨක ඔබ සැමටත්,
රේඩියෝ කළුතර ආයතනයටත්,
එකතුව ෆෝරමයට සහ එහි සංවිදායක මඩල්ලටත්,
තරිඳු ප්‍රභාත් පින්නදූව සහෘර්දයානන්ටත්,
අපගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු෴

වෙනස් වන ලෝකයේ සැබෑ සිදුවීම,
නෙතඟ කඳුලු පිසලමින්,
සෙනෙහසින් කියවන්නට,
සැමදාමත් රැඳී සිටින්න,
Freegetlanka.com
අප සමගින්ම෴
රචනය: රවීන් බණ්ඩාර

Wednesday, October 8, 2014

සිහිනයක් වූ ප්‍රේමයක්෴

    සිහිනයක් වූ ප්‍රේමයක්෴

හෙලෝ.. 
ආහ් මේ සමන්තද..?
සොරි.. රෝන් නම්බර්....
ඈ දුරකථන ඇමතුම විසන්දි කලේ දෙවරක් නොසිතාමයි..
ඈ නමින් සංජලා විය.. අද්විදීය ගාලු කොටු පවුර විරාජමාන වන ඓතිහාසික ගාලු  පුරවරයේ සොදුරු ගම්මානයක මානුෂීය හදවත් ඇත්තවුන් දෙදෙනෙකුගේ පවුලේ බාල දියණිය ලෙස උපන් ඈ සැබැවින්ම සුන්දර චරිතයකි෴
ඇගේ දුක සැප දෙකටම සිටි එකම සහෘර්ධයා වූ ඇගේ එකම සහෝදරයා වූ එක්කුස උපන් අයියා හැරුනු‍‍කොට ඇයට ඇගේ ජීවිතයේ වටිනාම සම්පත වූයේ ආදරණීය අම්මයි තාත්තයි විතරමයි෴
ඇයට වයස 18ක් තරම් වන විට පිලිකා රෝගයෙන් පෙලුණු ඇගේ ආදරණීය පියානන් හදිසියේම සංජලා ඇතුලු මුළු පවුලම අතැර දමා අවසන් ගමන් ගියේ පවුලේ සියළුම බර ඇගේ සහෝදරයා පිට පටවමින්෴
වෘර්ථියෙන් කරණවෑමියෙකු වූ ඇගේ සහෝදරයාට පවුල වෙනවෙන් කලයුතු මහා යුතුකම් කන්දරාවක් විය෴
මෙලෙස කෙමෙන් කාලය ගත වෙමින් තිබිනි෴
දිනෙන් දින පියකරු වෙමින්  සිටි  සොදුරු සංජලාවන් ගමේ සැමගේ ආදරය රිසි සේ දිනා ගන්නට සමත් වූයේ ඇගේ රුව මෙන්ම ගුණයෙහිද අඩුවක් නොවූ නිසා වන්නට ඇත෴
සුදු දූ෴ මෙන්න ඔයාට කෝල් එකක්... 
කව්ද අම්මා෴
දන්නෙ නෑ පුතේ. ඔයාම බලන්න...
අන්දර යායේ වැව් තාවුල්ලේ...
සක්මන් කරනා අප්පච්චී෴....
ඒ ඇගේ සුපුරුදු දුරකථන නාදය විය. ඇගේ ආදරණීය පියානන් අහිමි වූ දින පටන් ඇගේ හද බැඳි ගීතය වූ කරුනාරත්න දිවුල්ගනේ මහතාගේ ඒ සොඳුරු ගීතයයි.
දුරකථන තිරයේ වූ හඳුනා නොගත් අංකයෙහි පුංචි මතකයක් සිතෙහි තිබුනද එය පැහැදිලි සේයාවක් නොවූයෙන් සංජලා දුරකථනයට අතට හත්හ෴
හෙලෝ෴
අනෙක් පසින් ප්‍රථිචාරයක් නොවුනි...
හෙලෝ... 
ප්‍රථිචාරයක් නොලැබුනු තැන සංජලා දුරකථනය විසන්දි කලහ..
Hi..
අඳුනා නොගත් එම අංකයෙන් කෙටි පනිවිඩයක් පැමැනියහ.෴
Oyage katahada lassanai..
එම අංකයෙන්ම නැතවතත් මැසේජ් එකක්..
මේ ඈ හට උදේ පැමැනි රොන් නම්බර් එක බැවි ඇයට මතක් විය..
Oya kawda? Karadara karanna epa. Plz..
සංජලා ආපසු පනිවිඩයක් යැව්වේ පසුවට මෙම අංකය කරදරයක් විය හැකි යැයි සුතුනු නිසාමය..
Sorry.. ath oya kawda?
යලිත් ආපසු කෙටි පණිවිඩයක් පැමැනියේය.
ඇය එයට ප්‍රථිචාර නොදක්වා නිහඬ වූයේ පසුවට කරදරයක් වේ යැයි සිතුනු නිසාම විය යුතුය..
කාලය කෙමෙන් ගතවන්නට විය..
දිනකට වරක් දෙවරක් නන්නාදුනන එම අංකය දුරකථන තිරයේ දිස් වූයේය. නමුත් එය සංජලාට හින්සාවක් නොවූයේ ඇයට වදකාරී කරදර කාරී කිසිඳු දෙයක් ඔහුගේ කෙටි පණිවිඩයකින් හෝ සිදු නොවූ නිසාය.
කාලයත් සමග එම අංකයට ඉඳ හිට හෝ ආපසු පණිවිඩයක් යැවීමට සංජලා පුරුදු වූයේ ඇයි දැයි ඈම නොදනී.
Oya koheda? Mama gall..
විටෙක මෙවැනි විස්තර අසා පණිවිඩ පැමිනියත් සංජලා ප්‍රතිචාර නොදක්වීය..
Ochchara adambara wenna epa.. Api yaluwo wemu.
ඔහු කවුරුන්දැයි නොදනී.. කුමක් අරඹයා මෙසේ කෙටි පණිවිඩ එවන්නේ දැයි සංජලා නොදනී.. නමුත් සංජලා ඉඳහිට හෝ ප්‍රතිචාර දැක්වූයේ ඔහු හොඳ අයෙකුයැයි කාලයත් සමග තේරුම් ගිය නිසා වන්නට ඇත.
පන්හිඳ තුඩඟට හසු නොවුවද, යතුරු පුවරුවෙන් කැටයම් වන, අපේ කාලයේ සංජලාවකගේ, සත්‍ය ආදර කථාව෴
තවත් කොටසක් බලාපොරොත්තු වන්න෴
රචනය: රවීන් බණ්ඩාර