Wednesday, June 26, 2013

කොලුකම ආදරය හා දුප්පත්කම....

ඇත්තටම කොල්ලෙක් කියන්නෙ කවුද?

මොනවද මේ කොලු ගති..?

එතකොට දුප්පත් කම, කොල්ලෙකුට බලපාන්නෙකොහොමද?

 ආදරය කියන දේ කොල්ලෙකුට අත්විඳින්න ලැබෙන්නෙ කොහොමද?

මේ වගේ ගැටළු කීපයකට බොහෝ විට මේ ලිපියෙන් ඔයාට විසඳුම් ලැබෙයි...

කොල්ලෙක් ගැන කියනවනම් ඇත්තටම, පුංචිම කාලෙ ඉඳල ගැහැණු ළමුන්ට වඩා සාපේක්ෂව සිතුම් පැතුම් පවා බොහෝ සේ වෙනස්. 

කොල්ලෙක් පුංචිම කාලෙ ඉඳලම ගොඩක් ආසයි වීරයෙක් වෙන්න... දිනන්න.. ඔය දිනීම කියන දේ වෙනුවෙන් තමයි මුලු ඩීවිත කාලෙම කොල්ලෙක් කැපකිරීම් කරන තරමක් කරන්නෙ...
 
ඔයත් ඔයාගෙ හිතින් අතීතෙට ගිහින් බලන්න... මම හරි නේද?

පුංචි කාලෙ තාත්ත කරන කරන වැඩේ අපි කොපි කරන්න උත්සාහ කරනව.. ඒ එයා වගේ ලොකු මිනිහෙක් වෙන්න...

ඉන් එහාට ගියාම පාසැල් යනකොට උත්සාහ කරන්නෙ යාළුවන් අතරෙ ජනප්‍රිය වෙන්න.. 

ඒ විතරක් නෙමේ කොල්ලන් අතරෙ වීරයෙක්, වැඩකාරයෙක්, සුපිරි පොරක් ආදී වචන වලින් තමාව හඳුන්වනවට ඔයා හරි කැමතියි නේද?

ඔයාට හිනා වෙනවට, විහිලුවට ලක් කරනවට ඔයා අකමැතියි නේද?
ඒ විතරක් නෙමේ ඔයා කැමතියි අනිත් අයට හිනා වෙන්නත්... (මම මේ කියන්නෙ පොදුවෙ)

එතනිනුත් එහාට ගියාම රැකියාවක් කරනකොට ඔයා කැමතියි, හැහමා්ටම වඩා හොඳට අඳින්න, පලඳින්න...
හැමෝගෙම අවදානෙ දිනා ගන්න.. ලස්සන ගෙයක්, වාහනයක්(අඩුම තරමෙ බයික් එකක් වත්), අනිත් හැමෝටම වඩා හොඳ ෆෝන් එකක්,... මේව නේද ඔයාගෙ හීන...

ඇත්තටම මේ කොල්ලෙක්ගෙ ස්වභාවය... ඒ වුනාට න‍රකම දේකුත් තියනව... ඒ දේ හොඳ පැත්තකුත් නැතුව නෙමේ... මේකයි..කොල්ලෙක් පාසැල් යන වයසෙ ඉඳලම ගෙදරින්, මව්පියන්ගෙන් ටික ටික දුරස් වෙනව..

ඇත්තම කියනවනම්, තමන්ගෙ ලොකුම රහස් දන්නෙ අහම්බෙන් හඳුනගත් යාළුවො.. මන් හරි නේද? ඔයාගෙත් දෙමාපියන් නොදන්න, යාළුවො දන්න රහස් කොච්චර තියනවද? හිතල බලන්නකො.. ඒක තමයි කොල්ලෙකුගෙ ස්වභාවය...ගෙදරින් දුරස් වෙන මේ කොල්ලන්ට වියදමට පවා මුදල් හම්බෙන්නෙ හරි අඩුවෙන්... ඒක ‍බොහෝ දෙනාට පොදු කරුණක්...

හැමදාම එකම ඩෙනිම පට්ට ගහන් එක, බාට කෑලි දෙකක් දාගෙන පොත් ටිකත් අතේ රෝල් කරගෙන පන්ති යන එක කොලු කමේම කොටසක් වගේ...

ඇත්තටම ඔයත් සෙරෙප්පුවට මැදිල වාටිය ඉරිච්ච කලිසමක් ඇඳගෙන පන්ති යන්න ඇති...

එකම ටීෂර්ට් එක, ශර්ට් එක හෝදන්නැතිව දවස් ගානක් අඳින්න ඇති...ලොකු ලොකු සයිවර් කඩවලට ගිහිල්ල, මහා ලොකු ගණන්වල කෑමවල මිල අහල, ප්ලේන්ටියක් බීල බඩ පුරෝගත්ත, ගන්න කාලයක් ඔබටත් ඇති... ඒක කොල්ලෙක් විඳයයුතුම සැපක්... මම සැපක් කීවෙ හේතුවක් ඇතිව... ඒ අද්දැකීම් තමයි කොල්ලෙක්ව සමාජෙ ජීවත් කරවන්න පන්නරේ දෙන්නෙ...

ඔයා එකඟද මගෙ කතාවට...

එහෙනම් මෙන්න ඉතුරු ටික...ගෙදරින් දුරස් අන යහළුවන් අතර තනිවුනු කොල්ලෙක්ට සල්ලි ගාවට අඩුවෙන්ම දැනෙන දේ තමයි ආදරය... හැමෝම මේකට එකඟයි... මොකද? තමන්ගෙ පුස්නයක් කියා ගන්න..., තමන්ගෙ දුකක් බෙදා ගන්න තමන්ට කෙනෙක් හිටියනම් කියන හැඟීම කොල්ලෙකුට ඇතිවෙන්නෙ අහම්බෙන්ම නෙවේ...

සමාජෙන් බැට කකා ජීවිතේට මූණ දෙන්න තනිවම හුරුවෙත්දි ඔයදේත් දැනෙන්න ගන්නව..

ඉතින්....

හැම කොල්ලෙක්ම (බොහෝදුරට) හොයන්නෙ තමන්ගෙ අම්ම වගේ කෙල්ලෙක්...

අවංකකම 100%ක් බලාපොරොත්තු වෙනව... ආදරේ තමයි ඊලඟට ගොඩක්ම හොයන්නෙ... 

තව එක දෙයක්...

ඔය කොච්චර නෑ කිව්වත් ලස්සන කියන දේ ඔය ඇස් හොයනවමයි නේද? බොහෝ විට ඔයා හොයන්නෙ වෙනස් ගතිගුණ, වෙනස් අදහස් තියන වෙනස් විදියට හිතන කෙනෙක් නේද?
ඉතින් හොයල හොයල කොහොමහරි ගෑණු ළමයෙක් හොයා ගත්ත කියමුකො... 

එතනින් එහාට....

තමන්ට ගෙදරින් කෑමට දෙන සොච්චම වියදම් කරන්නෙ ඔය කෙල්ලට තෑගි අරන් දෙන්න... පන්ති පීස් එකත් කෙල්ල වෙනුවෙන් වියදම් කරන කොල්ලො ඉන්නව... ඒ විතරක්ද? අර ඉරිච්ච ඩෙනිම ඇඳගෙන ආවොත් කෙල්ලට අවැඩක්(ලැජ්ජාවක්) වෙයි කියල හිතල, කොල්ලෙක්ගෙන් ඉල්ලගෙන හරි කලිසමක්, ෂර්ට් එකක් අඳනව... බැරිමනම් පේමන්ට් එකේ සෙනට් එකක් වක්කරගන හරි සුවඳ විහිදි විහිදි කෙල්ල ලඟට එන්නෙ කොල්ලන්ට තිබිල නෙවේ... උන් තමන්ගෙ කෙල්ල ගැන වැඩිපුර හිතන නිසා. උන්ට ඕනෙ තමන්ට නැතත් කෙල්ලට අඩුවක් නොකරන්න...

හන්බෙන කෙල්ලොත් හැමෝම හොඳ අය නෙවේනි... ොල්ලගෙ යථාර්තය ේරුම් ගන්න පුලුවන් විදිහෙ දෙවුදුවක් වගේ කෙල්ලක් හම්බු‍නොත්නම් කොල්ල ජීවිතේ ගොඩ දා ගන....
හැබැයි ඉතින් කට්ට, කපටි, කයිරාටික, වෙට්ට, පිත්තල දෙව්  වෙස් ගත් අංගනාවකට කොල්ල අහු උනොත්නම් අවසානෙ ගැන කියන්න කාටවත්ම බෑ... 
බොහෝ කොල්‍ලන්ගෙ අනාගතේ තීරනේ වෙන ප්‍රදාන සන්දිස්තානය තමා මේක...

බොහෝ විට ඔයාගෙත් එහෙම නේද?
කොල්ලන්ගෙ ආදරේ අවන්කයි... උන් දරුණුයි වගේ පෙන්න්වට උන්ගෙ හිත් හරිම සංවේදියි... හැබැයි එක දෙයක්... කෙල්ලො නම් කරන්නෙ තරහ ගියාම අඬන එක... ඒත් කොල්ලො එහෙම නෑ... තරහ ගියාම උන් කරන්නෙ පලි ගන්න එක... එතනදි තමයි ොඩක් ොල්ො වරද්ද ගන්නෙ....

ඔය පලිගැනීමෙ ප්‍රතිඵල විදියට තමා බන්ධනාගාර දක්වා මේ සමාජයේ වෙන බොහෝ අකටයුතුකම් සිද්ධ වෙන්නෙ...

ඇත්තම කියන්න ඕනෙ... කොල්ලෙකුගෙ ඕනම ප්‍රශ්නෙකට කාන්තාවක් ගෑවිලා ඉන්නවමයි නේද?

කිව යුතු තව එක දෙයක් තියනව... කව්රු ොම ොයි විදියට කීවත් ඇත්තම කතාව තමා ොල්ලෙක්ගෙ ජීවිේ වැඩිම හරියක් කරන්නෙ දුක් උහුලන එක... අනුන්ට රැකවරණ සලසන එක... ොල්ලෙකුගෙ ජීවිේ දරා ගැනීම් වැඩී... ඒක තමා පිරිමියෙකුගෙ ස්වභාවෙ.. පිරිමියෙකුට ආරක්ෂාවක් දෙන්න, ලගින් ඉදන් ආදරෙන් සලකන්න, දුේදි ප්‍රශ්නෙකදි පිහිට වෙන්න ෝ විට කෙනෙක් නෑ... ඔයාටත් එහෙම ඇති.. ඒ අපි හැෝටම ොදු ධර්මතාවයක්...



අදට නවතින්නම්.
මේව ඔක්කොම ලීවෙ සමාජෙ අහන්න දකින්න අත්විඳින්න වූ සිදුවීම් අලලා මිස උපුටගෙන නෙවේ... 
මේ හැම වචනයක්ම මගෙ...
(ෝදනා තිවනවනම් කියන්න.කාරුණිකව බාර ගන්න)

කාගෙ හරි හිතක් රිදුනනම් සමා වෙන්න..
ඔයාගෙ අදහසත් පහලින් දාල යන්න අමතක කරන්න එපා...
ආයෙ හමුවෙමු...

7 comments:

  1. meka thama kollange atta.. maeru

    ReplyDelete
  2. ස්තූතියි හැමෝටම...

    ReplyDelete
  3. කොල්ලෙක්ව රජෙක් කරන්න කෙල්ලෙකුට පුලුවන් වගේම උන්ම තමයි අන්තිමට අපිව හිගන්නෙක් කරන්නෙත්.උඹ කතාව ඇත්ත."තේරුනේ දැන් තමයි"

    ReplyDelete
    Replies
    1. "තේරුම් ගත්තනම් ඒ හොඳටම ඇති... තෑනික්ස්..."
      හැමදාමක් හැමෝම අපි සමග ඉන්න...

      Delete