Wednesday, June 19, 2013

ඔබේ පරිගණකයේ වේගය මදිද? (විසඳුම් 02)

ඔබේ පරිගණකයේ වේගය මදිද? (විසඳුම් 02)
 


මුදලක් වැය නොකොට වේගය වැඩිකර ගන්නා තවත් ක්‍රමයක්...
අද මන් කියන්න යන්නෙ ටික දෙනෙක් දන්න, බොහෝ දෙනෙක් නොදන්න කථාවක්.

පරිගණකයක වේගය පැවැත්මට මෙහා්තු වන කොටස් අතර රැම් කාඩ් එකට හිමිවෙන්නෙ ප්‍රධාන තැනක්...

රැම් එක කියන එක විග්‍රාහ කලොත් Random Access Memory කියන වචන 3 තමයි කෙටි කරල RAM කියල අප හඳුන් වන්නෙ.මෙහි තේරුම තමයි තාවකාලික රැඳවුම් මතකය කියන එක....

පරිගණකය ක්‍රයාත්මක වන අවස්ථාවේදී මෙහෙයුම් පද්ධතිය ඇතුළු පරිගණකයේ එම අවස්ථාවේදී ක්‍රියාත්මක වන වැඩසටහන් වලට ක්‍රියාත්මක වීමට අවශ්‍ය මෙමරිය(මතක ධාරිතාව) ලබා දීම තමයි මෙයින් සිදු වන්නෙ...

පැහැදිලියිනෙ කියපු දේ..

ඉතින් ගොඩක් පරිගණක වල තියන වේගය අඩාල වීමේ ප්‍රශ්ණයට බොහෝ විට මෙම රැම් ධාරිතාව අඩු වීම ලොකු හේතුවක් වෙනව..මෙසේ රැම් ධාරිථාවය අඩුවීමේ ප්‍රථිඵල ලෙස,

      1.   පරිගණකය හිරවීම.
      2.   පරිගණකය රීස්ටාට් වීම.
      3.   පරිගණකයේ තිරයේ ඉරි පැමිනීම(මෙය ග්‍රැෆික් ප්‍රශ්ණ වලටද සිදුවිය හැක)

      4.   භාවිතයේ පවතින අවස්ථාවල වැඩසටහන් වැසී යාම(Close වීම)
      5.   ඔබ ගේම් සෙල්ලම් කරන කෙනෙක්නම් ගේම් ඉන්ස්ටෝල්     කරන විට එර්ර මැසේජස් පැමිනීම.
      6.   ගේම් ස්ලෝ වීම.    
  ආදී දේ සිදුවිය හැක......
ගැටළුවලට තියන ප්‍රධානතම විසඳුම මෙමරිය වැඩි රැම් කාඩ් එකක් සවි කරන එක වුවද, මිල ගණන බොහෝ ඉහල නිසා එයත් බොහෝ අයට අපහසු කටයුත්තක්.

මම කියලදෙන්නම් රැම් කාඩ් එකක් සවි නොකර රැම් ධාරිථාවය වැඩි කර ගන්න ක්‍රමයක්..

නමුත් මෙය 100% ක්ම සාර්ථක නෑ කියලත් මතක තියා ගන්න ඕනෙ..
70% ක් විතර තමා සාර්ථක.මෙහෙමයි කරන්නෙ.

      1.  ඔයාගෙ පරිගණක කී බෝඩ් එකේ Windows කී එකත් සමග Pause Break (නම්බර් පෑඩ් එක අසල ඉහල පිහිටා ඇත) කී එක තද කරන්න.
      2.  එවිට විවෘත්ත වන වින්ඩෝ එකේ Advance System Setting තෝරන්න.
      3.  එවිට System Properties කියල වින්ඩෝ එකක් විවෘත්ත වේවි.
      4.  එහි Performance ඉදිරියෙන් ඇති  Setting යන්න තෝරන්න
      5.  එවිට විවෘත්ත වන Performance Options වින්ඩෝ එකේ Advanced ටැබ් එක තෝරන්න.
      6.  එහි පහල Virtual Memory යටතේ ඇති Change බට්න් එක තෝරන්න.
      7.  දැන් පහල ආකාරයේ Virtual Memory නම් වින්ඩෝ එක විවෘත්ත උනා නේද?
       8. අපි දැන් කරන්න හදන්නෙ පරිගණකයේ රැම් දාරිතාවයට හාඩ් ඩිස්ක් එකෙන් මෙමරි කොටසක් එකතු කරන්න... ඒ නිසා දැන් ඉහල තියන ඔයාගෙ හාඩ් ඩිස්ක් ටික පෙන්වන කවුළුවෙන් කැමති හාඩ් එකක් තෝරන්න.
       9. පහල Custom Size ඉදිරියේ තිත සලකුණු කර  Initial size යටතේ මෙමරි අගයක් ලබා දෙන්න. උදා: 3000 (3GB Ram ධාරිථාවකට ආසන්න අගයක්)
      10. ඊට පහලින් ඇති Maximum size යටතේ කලින් අගයට වඩා ටිකක් වැඩි අගයක් ලබා දෙන්න. උදා: 3080
      11. දැන් set බටන් එක තෝරන්න..
      12. OK තෝරන්න.
      13. කලින් විවෘත්ත වෘ කවුලු සියල්ලෙහිත්  OK තෝරන්න.
      14. දැන් පරිගණකය රීස්ටාස් කර බලන්න..
  (සියළුම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා මෙම ක්‍රමය භාවිතා කල හැක.

පරිගණකය ක්රයාත්මක වෙන වේගය වැඩියි නේද?
ගැටළු තියනවනම් කියන්නකෝ......
 
 සියළුම හිමිකම් FreeGetLanka සතුය.


5 comments:

  1. ikmanata kiyanno...

    ReplyDelete
  2. චැට් බොක්ස් අවුලක් තිබුන... ඔන්න දැන් හරි

    ReplyDelete
  3. Replies
    1. ne weda... mama kara sarthakai...

      Delete
  4. Wada Karnwa,... E Agayan Deddi" PC 1e Restrt Karnna Illnwa Ehm Unoth Thama Hari Naththnm Naa !...
    E Handa Restrt Illankn Value Chnge Kara Kara Balnna"

    ReplyDelete