Monday, June 24, 2013

සෙම්ප්‍රතිශ්‍යාව එන්න කලින් එළවමු

සෙම්ප්‍රතිශ්‍යාව එන්න කලින් එළවමු
                                                                      
  සෙම්ප්‍රතිශ්‍යාව කියූ සැනින්ම කාටත් මතක් වෙන්නේ හිසරදයෙන් අපහසුතාවෙන් පිරි දවස්  කිහිපයකි.

 අපෝ වෙන ඕන ලෙඩක් හොදයි එපා වෙනව‍නේ.”
 
සෙම්ප්‍රතිශ්‍යාව විස්තර කර දෙන්නට බොහෝ අයගේ මුවින් පිට වන සුපුරුදු වචනයයි. මේ කොයි දෙයින් වුවත් කියවෙන්නේ සෙම්ප්‍රතිශ්‍යාව කාගේත් එදිනෙදා කටයුතු අඩපණ කරන්නට සමත්කම් දක්වන බවයි. සෙම්ප්‍රතිශ්‍යාවක් වැලදෙන්නට එන බව හැගීයන විටකදී මගදීම නවතා ගන්නට කවුරුත් උත්සාහ කරන්නේ ඒ නිසාය. සෙම්ප්‍රතිශ්‍යාව කල් තියාම වළක්වා ගන්නට උත්සුක වන කාටත් අලුත්ම බලාපොරොත්තුවක් ගෙන එන්නට සැන්දිගෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාල සහ නෙබ්‍රස්කා විශ්ව විද්‍යාල පර්යේෂකයින් පිරිසකගේ සාර්ථක උත්සාහයක් සමත් වී ඇත.

                        බාහිර පරිසරයේ සිට මිනිස් සිරුරක් තුළට ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරසය නිසා සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වීමට සිදුවේ. වෛරස් මගින් බෝවන සෙම්ප්‍රතිශ්‍යාවට මුහුණ දීමට උවමනා වන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති ක්‍රියාකාරීත්වයයි. සිරුරට භාහිරින් ඇතුළු වන ‍රෝග ඇති කරන විෂබජවලට මුහුණ දීමට ඕනෑම කෙනෙකුට ස්වාභාවිකව ලැබෙන්නේ ප්‍රතිශක්තීකරන පද්ධතියයි. සිරුරට ඇතුළු වන විෂබීඡ සමග සටන් කරමින් එම විෂබීජ නිසා සිරුර රෝගී වීම වළක්වාලන්නට ප්‍රතිසංස්කරණ පද්ධතිය කටයුතු කරයි. එසේ වූවත් ප්‍රතිසංස්තරණ පද්ධතිය එක්වරම ක්‍රියාත්මක වන්නේ නැත රෝග බෝකරන විෂ බීජය ශරීරයට ඇතුළු වී එය සිරුර පුරා පැතිර යද්දී ප්‍රතිශක්තිකරණ පද්ධතිය තමන්ගේ රජකාරි අරඹයි.
 
                     සැන්දිගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පර්යේෂණ පැවැත්වූයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉක්මන් කරවන ක්‍රමයක් සොයා ගැනිමටය. ඔවුන් ලද විසදුම වූයේ කෘතිමව නිපදවාගත හැකි ප්‍රෝටීනයකි. එය EP 67 ලෙස නම් කර තිබේ. EP 67 කරළියට අමුත්තෙකු නොවේ. EP 67 ප්‍රතිශක්තිකරණයේදී නිතැතින්ම උපකාර කළ මිතුරෙකි. මෙතෙක් කල් EP 67 අගය හරිහැටි වටහාගෙන නොසිටි නිසාම EP 67 යොදා ගත්තේ සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේදී උපකාරක රසායනික සංයෝගයක් නිසාය. එනම් සිරුර තුළට‍ ඇතුළු කරන ප්‍රතිශක්තිකරණ එන්නත් වල ක්‍රයාකාරීත්වය ඇරඹීමට අවශ්‍ය උත්‍තේජනය ලබා දෙන රසායනික උත්තේජකයක් ලෙසයි. පර්යේෂකයින් තමන්ගේ පර්යේෂණයේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට උපයෝගී කර ගත්තේ මේ දන්නා මූලධර්මයේ නොදුටු ඉසව්වකි.
                 
  කෘත්‍රිම ප්‍රතිශක්තිකරණ එන්නත්වල ක්‍රියාකාරීත්වය අරඹන්නට වුවමනා කරන ශක්තිය ලබා දෙන EP 67 වලට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ද ඉක්මන් කරවන්නට හැකි බව සැන්දිගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට අනාවරණය කරගත හැකිවූයේ ඒ අනුවය. සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරවන වෛරසයකට තමන් නිරාවරණය වූ බව දැනුණු ඕනෑම විටකදී EP 67 ප්‍රෝටීනය ශරීරයට ඇතුළු කිරීමෙන් පැය දෙකක කාලයක් තුළදී ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අරඹා සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ මතුවීම වළක්වා ගත හැකි බව සැනිදිගෝ විශ්ව විද්‍යාල පර්යේෂකයෝ පවසති ඔවුන්ගේ මේ සොයා ගැනීම තවදුරටත් තහවුරු කරන්නට නෙබ්‍රස්කා විශ්ව විද්‍යාල පර්යේෂකයින්ට හැකිවී තිබේ.
                      
    සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරසය ශරීරයට ඇතුළු වෙන්නේ අපි නොසිතන අවස්ථාවලදී ඒ විදිහට ඇතුළු වෙලා එම වෛරසය ක්‍රියා කිරීම පටන් ගන්නෙත් හොර රහසේ. අපි සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර කරන්න පටන් ගන්නේ රෝග ලක්ෂණ ඇති වෙනකොට. ඒ වුණත් රෝග ලක්ෂණ මතු වෙන තැනට එන්න කලින් සෙම්ප්‍රතිශ්‍යා වෛරසය අපේ සිරුර ඇතු‍ළේ අපිට හිතා ගන්නත් බැරි තරම් ගුණනය වෙනවා මේ ගුණනය වීම ප්‍රතිශක්තිකරණ පද්ධතියට දැනෙද්දී තමයි රෝග ලක්ෂණ ඇති වෙන්නේ. ඒත් ඒ වෙලාවේදී ප්‍රතිකාර කළාට සෙම්ප්‍රතිශ්‍යාවෙන් ‍බේරෙන්න බැහැ. EP 67 කියන්නේ සෙම්ප්‍රතිශ්‍යාව ඇති වීම නතර කර ගත හැකි ක්‍රමයක්.” නෙබ්‍රස්කා විශ්ව විද්‍යාල පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය ජෝයි පිලිප්ස් කියන්නේ එවැන්නකි.
                           
    සෙම්ප්‍රතිශ්‍යා ඇති කරන වෛරසයකට තමන් නිරාවරණය වුණා කියලා තේරුණු වෙලාවක පැය 24 ක් ඇතුළත EP 67 සිරුරට ඇතුළු කළොත් අපේ ප්‍රතිශක්තිකරන පද්ධතිය ක්‍රියා කිරීම අරඹනවා ඒ වෙද්දී වෛරසය ගුණනය වෙලා නැති නිසා මර්දනය පහසුයි. මේ නිසා සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්නේ නැහැ.” ආචාර්ය පිලිප්ස් තවදුරටත් එසේ කියන්නීය. සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීම වළක්වා ගත හැකි EP 67 පෝටීනය තවත් ආකාරයකින් විශේෂත්වයක් දක්වයි. බොහෝ විට සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන රෝග කාරකවලට එදිරිව නිපද‍වෙන ප්‍රතිදේහ එක් එක් රෝග කාරකයට විශේෂිතයි. ඒ එක් එක් ප්‍රතිදේහයකින් බිද හෙළිය හැක්කේ ඒ ප්‍රති දේහයට අදාළ රෝග කාරකය පමණි. නමුත් EP 67 ඹ්නෑම රෝග කාරකයකට එදිරිව ක්‍රියා කිරීම අරඹයි එසේම වැඩි විශ්වාසයකින් පාවිච්චි කිරීමට හැකියාවක් ඇති සේම ප්‍රතිකාර ක්‍රමවලට ඔරොත්තු දීමට වෛරසය හැඩ ගැසීමේ ගැටලුවද මගහරවා ගත හැකිය.
                       
     EP 67 සම්බන්ධ පර්යේෂණ සෙම්ප්‍රතිශ්‍යාවම ඉලක්ක කරමින් සිදු කෙරුණද ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෙනත් රෝග සහ දිලීර මගින් ඇතිවෙන වෙනත් රෝග වලට ද ඉක්මන් ප්‍රතිකාර ක්‍රමයක් ලෙසද භාවිත කළ හැකිය එසේ වූවත් සාස් එච් 1 එන් වැනි වෛරසවලට මුහුණදීමේ හැකියාව තවමත් මත පළ කිරීමේ හැකියාවක් නැත. EP 67 ගැන මෙතරමි තොරතුරු කියැවුණත් තවමත් මිනිස් සිරුර සම්බන්ධ පර්යේෂණ මෙහෙයවා නැත. මේ තොරතුරු අනාවරණය කර ගන්නට යොදාගෙන ඇත්තේ මීයන් සම්බන්ධ සිදු කළ පර්යේෂණයකි. සෙම්ප්‍රතිශ්‍යා වෛරසවලට නිරාවරණය කළ මීයන්ට පැය 24ක් තුළ EP 67 ලබා දී ඇත සෙම්ප්‍රතිශ්‍යා වෛරසය ආසාදනයකදී සාමාන්‍ය තත්වය යටතේ මීයන්ගේ සිරුරේ බර සියයට 20කින් අඩු විය යුතු වුණත් EP 67 ලබා දුන් මීයන්ගේ ශරීරවල බර අඩු වී ඇත්තේ සියයට හයකිනි. එසේම EP 67 ලබා දීමෙන් පසුව මරණීය සෙම්ප්‍රතිශ්‍යා වෛරසය ශරීර ගත කළද මීයන් මිය නොගිය බව ද පර්යේෂකයින් පවසති.
                         
   මේ අනුව බලන කළ EP 67 භාවිත කිරීම සත්ත්වයන්ට වඩා ප්‍රතිඵල දායක බව පෙනී ගොස් ඇති අතර මහා පරිමාණ සත්ත්ව ගොවිපළවලදී බෝවන රෝග මර්දනය කර ගැනීමේ මගක් ලෙසද EP 67 යොදා ගත හැකි බව පර්යේෂකයින් අනාවරණය කරගෙන ඇත සෙම්ප්‍රතිශ්‍යාව වැනි කරදරකාරී ‍රෝගයකින් කල්තියා ආරක්ෂා වීමට උපකාර වන EP 67 ප්‍රෝටීනය මිනිස් සිරුරේ එක් එක් සෛල සමග ක්‍රියා කරන ආකාරය ගැන ද දිගින් දිගටම පර්යේෂණ මෙහෙය වේ පර්යේෂණවල ප්‍රතිඵල සතුටුදායක වුවහොත් සෙම්ප්‍රතිශ්‍යාව ගැන මතක් වන විට හැකිළී යන මුහුණ යළි කිසිදා දකින්නට නොලැබෙනු ඇත.   

උපුටා ගැනීම:
නෙලූෂා සිල්වා  

(රිවිර පුවත්පත ඇසුරින්)  

(ලිපිය වැදගත්නම් පහලින් කමෙන්ට් එකක් දාලම යන්න)       

1 comment: