Thursday, August 25, 2016

සඳ විනිවිද..

සඳ විනිවිද..


ඇය.. පතිනියක් විය. දිවිය පුරාවට නේක දුක් කම් කටොලු මැදින් දිවි ගෙවන්නාවූ බොහෝ උන් අතරින් ඈ දඟකාර වෙනස්ම එකියක් විය..

සුන්දරත්තයෙන් කිසිවෙකු හට ඇය පරයන්නට ශක්තියක් නොවීය.
කෙළිලොල් එකියක වූ ඈ.. සෙනෙහසේ මායිමට තුරුලු වී සුන්දර යෞවන කාලයක් ගෙවා දමමින් සිටි එකියකි..

අහම්බයෙන් නොවී හමු වුනු ඔහු හා පෙමින් වෙලී ගෙවා දමමින් සිටි සොදුරු යෞවනයට ඈ, ඇගේ රුවෙන් මෙන්ම දඟකාරකමින්ද එක් කලේ මහා ප්‍රේමාන්විතයකි..

කාලය ගෙවෙන්නට විය..

උලමන්ගේ ආගමනය සිද්ද විය..

සෙනෙහසේ කැටපත සියුම් ගල් කැබලි වැදී පළුදු වන්නට විය..
කිසිවෙකුටත් හොර රහසේ ඇගේ අතීත කර්මයන් කියා ඈ විස්වාස කරන, නමුත් වෙනස් කරන්නට ඕනෑ තරම් ඉඩ ප්‍රස්ථාව තිබූ සිදුවීම් සමුදායක් සිද්ද විය..

ඈ.. සෙනෙහසෙන් තනි විය. ආදරයේ මංපෙතේ අතරමන් විය. කෙලිලොල් බව, දඟකාර ගති නැති විය. දහමෙහි සරණ පැතීය..

වාසනාවක් වූ අවාසනාවක් ඇගේ වටා කැරකෙන්නට විය. නිවැරදි අවබෝධයට වඩා වැදි ශද්ධාව ඇය වටා තුරුලු වන්නට විය..

විඳීම වෙනුවට විඳවීම මනසට ඇතුලු විය..

බැඳීම් තුලින් විඳින්නට හැකි අයුරු ඕනෑ තරම් දහමෙහි ඇත. නමුත් අවාසනාවට ඈ හට අතහැරීමම මනසට කා වද්දන්නට විය. ඈ සියල්ලටම වඩා ඒ නොමැඹුරු, අරුත් විරහිත අවිද්‍යාව මත රජයන, වාසි වෙනුවෙන් දෙසු එවදන් මත නිද්‍රාන විය.

සියල්ල කෙමෙන් ඇගෙන් ඈත් වන්නට විය. දුක තුරුළු කරන් සැප හැර දමමින්, ලඟා විය නොහැකි මානයන් සොයන්නට විය..

අහම්බෙන්,

ඇගේ වූ උතුම් ගති දැක, ඈව ප්‍රථම වරට එකෙකු තේරුම් ගති..

නමුදු,

ඈ, සියල්ලන්ටම අතීතයට සහ අනාගාමික දහමට ලොල් බඳින්නට විය..
වාසනා මිණි කැට දෙපා මුල දිදුලද්දී, අවාසනාවේ මුර ටැඹ ස්පර්ශ කරන්නට තරම් ඈ දුර්වල එකියක වූයේ ඇයිදැයි ඔහු පුදුමයෙන් නොසොයන්නේ, සැබෑව සක් සුදක් සේ සුපැහැදිලි නිසාවෙනි.

නමුදු,
ඇගේ නමින්,

හිස් අහසක තරු පොකුරු යා කර, සෑදූ සුන්දර සේද මාලිගය, මොහොතකින් කෂණයකින් කඩා බිඳ වැටීම ඔහුට දරා ගන්නට නොහැකි විය.

ඇගේ සැපත සතුට සදා පැතුවත්, ඈගේ අනාගාමික මාර්ගය තුලින් ඈ එක්කාසු කර ගන්නා විපාක මැනවින් අවබෝධ වන නිසාදෝ  ඇගෙන් සමු ගන්නට ඒ සිත හදා ගන්නට ඔහුට නොහැකි විය.

ඈ වෙත සැබෑව පසක් කරන්නට උත්සුක විය. කාලය මනස වැය කරමින් සරලව ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ විය. ඒ වෙනුවට ඇගෙන් ඔහුට ත්‍යාගයක් ලැබිනි..

ඒ,
අතීතය සහ වර්ථමානය යා කොට.. දෙදෙනෙකුට සම සේ බෙදන්නට නොහැකි සෙනෙහසක් පිලිබඳව නව ආගමනයකි.

සැබෑව නොදන්නා නමුදු ඔහු ඈ විස්වාස කරයි..ඒ ඇයව ඒතරම් ම වටිනා මෙන්ම ඈ හට එතරම්ම ගෞරවණීය නිසාවෙනි.

කෙසේ වෙතත්,
සොඳුරු හිත් දෙකක ශාන්ත ගමනාන්තයක් වන්නට තිබූ ආරම්භයක්,
වේදනා කැකුළු සමගින්ම අකලට නිහඬ විය..

ඇය..
ඇගේ ගමන යාවි. නිහඩව. අවිදයාව අනවබෝධය මත. කරන පිං කැපෙන්නට පව් රැස් කරමින්..

ඔහු..
???

ස්නේහයේ සියුම් තැන් හදවතින් ස්පර්ශ කර සාංසාරික බැඳීම් තුලින් තේරුම් ගන්නට නොහැකි තරම් සිත් දුර්වල තෙක්,
පතිනියන් හට කෝවලන් වරු මග හැරෙනු නොඅනුමානයි..(වෙන පතිනියන් නොපතන කෝවලන් වරු)

කෙසේ වෙතත් පතිනියන් නිසා කෝවලන් වරු වේදනාවෙන් සිටියත්, පතිනියන් හට දින කීපයකින් එය අමතක වී යාවි. දිවි ඇති තෙක් විඳවන්නට තරම් කෝවලන් හිත් ශක්තිමත් බැව් ඔවුන් දන්නවානම්.......!

අවබෝධය තුලින් යා හැකි මග දුරයි..

සමාප්තියක් බැව් නිසැකයි..

රවීන්ද්‍ර බණ්ඩාර


1 comment: