Friday, October 25, 2013

කිරි ඉබ්බෝ සහ ගල් ඉබ්බෝ

කිරි ඉබ්බෝ සහ ගල් ඉබ්බෝ


අවුරුදු බර ගාණකට ඉස්සර කාලෙක.

"තාත්තේ!"

"හ්ම්."

"තාත්තේ, කතන්දරයක් කියන්නකෝ!"

"හ්ම්."

"අනේ තාත්තේ කියන්නකෝ!"

"ඔන්න එකමත් එක රටක හිටිය මහ කිරි ඉබ්බෙකුයි, මහ කිරි ඉබ්බියෙකුයි. මේ දෙන්නට හිටියා පොඩි කිරි ඉබ්බො පැටවු තුන් දෙනෙක්."

"අනේ තාත්තේ, ඔය කතාව අපි දන්නවා, වෙන එකක් කියන්නකෝ."

"හ්ම්."

"අනේ තාත්තේ කියන්නකෝ!"

"ඔන්න එකමත් එක රටක හිටිය මහ ගල් ඉබ්බෙකුයි, මහ ගල් ඉබ්බියෙකුයි. මේ දෙන්නට හිටියා පොඩි ගල් ඉබ්බො පැටවු තුන් දෙනෙක්."

"අනේ තාත්තෙ, අපිට එපා ඔය ඉබි කතා. තාත්ත හැමදාම කියන්නේ ඔය ඉබි පැටව් තුන්දෙනාගෙ කතාවමයි නේ."

"හ්ම්."

"අනේ තාත්තෙ, වෙන කතාවක් කියන්නකෝ, ඉබ්බො පැටවු නැති එකක්."

"හ්ම්."

"අනේ තාත්තේ කියන්නකෝ!"

* * * *

පසුගිය අඟහරුවාදා පාන්දරඃ

"තාත්තේ!"

"හ්ම්."

"තාත්තේ, මාව අඳුනන්න පුළුවන්ද?"

"හ්ම්."

"තාත්තේ, මං තමයි අර කිරි ඉබ්බො පැටවු තුන් දෙනාගෙන් ලොක්කා."

"හ්ම්."

"තාත්තේ"

හ්ම්.

කතන්දරකාරයා
ප/ලිඃ මගේ තාත්තාට ඉක්මන් සුව පැතූ සියළු දෙනාටම "තෑන්ක් යූ" කියමි.


උපුටා ගැනීමකි:
http://kathandara.blogspot.com/ බ්ලොග් පිටුවෙන්..
(මෙම ලිපිය හිතන්නට ඔබට යමක් ඉතිරි කරන ලිපියක් බැවින් වටිනාකම තේරුම් ගන්නවුන් උදෙසා උපුටා ගත් බව කරුණාවෙන් මතක් කරමි)

1 comment:

  1. අප්පටසිරි...
    මරු කථාව මචන්..

    ReplyDelete