Wednesday, July 3, 2013

ෆේස් බුක් වල තිත්ත ඇත්ත...



තිත්ත ඇත්ත...


ෆේස් බුක් යනු සමාජජාල වෙබ් අඩවියක් බව කවුරුත් දන්න...

මේකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ විසිරී පැතිරී සිටින විවිධ තරා තිරම් වල, විවිධ වයස් වල, විවිධ රටවල හැමෝම එකම තැනකට ගෙනල්ල ඔවුනොවුන් අතර සුහදත්වය, මිත්‍රත්වය ගොඩනගන එක...(තව තියනව. කීපයක් ඔය කීවෙ...)
මිතුරු සබඳතා ගොඩ නගාගන්න , ඒ කියන්නෙ සරලවම කීවොත් යාළුවො හඳුන ගන්න, කෙනෙක් දන්න දෙයක් අනිත් අයත් එක්ක බෙදා ගන්න , විහිළුකින් මනස පොඩ්ඩක් සැහැල්ලු කරගන්න‍ ඇත්තටම ෆේස් බුක් ගොඩක් හොඳ තැනක්...
ලෝකයේ බොහෝ රටවල ඒ විදියට ෆේස් බුක් පාවිච්චි කරනව...

ඒ වගේම තමයි...
ෆොෆයිල් එකට ෆොටෝ එකක් දාන්න අවස්ථාවක් දීල තියෙන්නෙ තමන්ව අනෙක් අයට හඳුන්වල දෙන්න...

තව දෙයක්...
සීමාවකින් තොරව ෆොටෝ අප්ලෝඩ් කරන්න‍ දෙන්නෙ තමන්ගෙ දැනුම, ලෝකයේ වැදගත් , ලස්සන, අනිත් අයට ප්‍රයෝජනවත් දේ අප්ලෝඩ් කරන්න...

ඒත් ලංකාවෙ වෙලා තියෙන්නෙ වෙනත් දෙයක්...
ෆොෆයිල් එකට තමාව හඳුන්වන්නෙ එක්කො බල්ලෙක් පූසෙක්ගෙන්, එහෙමත් නැත්තම් තමන් ඇහැටවත් දැකල නැති නළු නිලියෙකුගෙන්... එහෙමත් නැත්නම් කිසි වැදගැම්මකට නැති ෆොටෝ එකකින්...
(ෆොෆයිල් ෆොටෝ එක දාන තැනින් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ..)
දැන් කියයි ෆේක් ඒව හදනව ෆොටෝ දාපුවම කියල.. ඒකටත් උත්තරේ කියන්නම්... මේ ටිකත් කියවපුවමම...

ඊලඟට ෆොටෝ අප්ලෝඩ් කරන එක...මේක බොහොමයක් අයට තියන ලෙඩක්...
තමන්ගෙ ගෙදර බාක්රූම් එකේ හරි කමක්නෑ... ෆොටෝ ගහල අප්ලෝඩ් කරනව..
ඔයාගෙ ෆොටෝ එකක් තිබුනම ඇති කෙනෙකුට ඔයාව අඳුන ගන්න...
ඇයි ඔයා ඔයාවම වෙන්දේසි කර ගන්නෙ...
ආදරණීය නංගියෙ මල්ලියෙ...
ඔයා දන්නවද? දැන් ලෝකෙ තියන තාක්ෂණික දියුණුවත් එක්ක ඔයාගෙ ෆොටෝ 5කට වැඩිපුර ‍ෆොෆයිල් එකේ තියනවනම් කාටහරි ඕනෙනම් පුළුවන් ඒව විකෘර්ති කරල වෙබ් එකක පල කරල හම්බ කර ගන්න උනත්..
(උදාහරණයක්: ඔයාගෙ මූණ බට් කරණව අසභ්‍ය පින්තූරයක ඇඟකට.. දැන් ඒ පින්තූරෙ බලන කෙනෙකුට පේන්නෙ ඔයාව..ඒ පින්තූරෙ අන්තර්ජාලයෙන් කොටි ගානක් සෙනග බලනව.. කොපි කරනව. ඒව දාපු කෙනා හොඳට සලුලි හොයනව.. ඒත්... ඔයාට මොනවද හම්බෙන්නෙ...?? ඔය පින්තූරෙ ඔයාගෙ අම්ම, තාත්ත, පෙම්වතා, පෙම්වතී, යහළුවෙක් දැක්කොත් ඔයා ගැන මොනව හිතයිද?....................... එතනින් එහාට ඔයාගෙ ජීවිතේ.........??????????? මොහොතක් සිතන්න... මං වෙනුවෙන් නෙමේ... ඔයා වෙනුවෙන්.. ඔයාගෙ ආත්ම ගව්රවේ වෙනුවෙන්...)
දැන් කියන්නම් කලින් ප්‍රශ්නෙට උත්තරේ... සාමාන්යෙන් පින්තූර 5ක් වත් එක මූණෙන් තිබුනොත් තමයි අසභ්‍ය ක්‍රියා සිදු කරන්නෙ... මොකද එයා දන්නව එකම මූණ ආකාර 5කටවත් නොදැම්මොත් බලන අය බොරුවක් කියල හිතනව කියල... එහෙනම් ඒකට විසඳුම ලැබුනනෙ... ඒ නිසා ෆොෆයිල් එකට ෆොටෝ එකක් දාල තමන්ගෙ ෆොෆයිල් එකේ අනන්‍යතාවයක් ගොඩනගා ගන්න බය වෙන්න එපා... මොකද එක ෆොටෝ එකක් දැම්ම කියල සමාන්‍යයෙන් ලොකු හානියක් වෙන්නෙ නෑ... මොකද එහෙම ෆොටෝ එකක් දෙකක් ඕනෙනම් කෙනෙකුට ඔයා මහපාරෙ යන වෙලවෙක ජංගම දුරකථනයකින් හරි ගහ ගත්තැකි දැන් කාලෙ..
මීලඟට...
ඔයා දන්නවද දන්නෙ නෑ...
සාමාන්‍ය ෆොෆයිල් එකක උපරිම ඇඩ් කරගන්න පුළුවන් යාළුවො 5000යි.. (ලයික් පේජස් නෙමේ) මෙහෙම ලිමිටි එකක් දීල තියෙන්නෙ හේතු කීපයක් නිසා..
1.       ඔයාට යාළුවො 5000ක් හරියට හඳන ගත්තොත් ඔයාට ඒ හොඳටම ඇති මුළු ජීවිත කාලෙටම..
2.       මේ සා විශාල යහළුවන් පුමානයකටත් එකවර සවන් දීමට පිලිතුරු දීමට තියන අපහසුව...
3.       දැනුම බෙදා ගැනීම පහසු වීමට..
4.       ෆේස් බුකියේ මෙමරිය වැනි ගැටළු වලට පිළිතුරක් ලෙස...(තවත් තියනව...)

ඇත්තටම ඔයා හිතල බලන්න... ඔයාගෙ ෆොෆයිල් එකේ අනිවාර්යෙන්ම මේ වන විටත් යාළුවො විශාල ප්‍රමාණයක් ඇති.. ඒත්... ඒ අයගෙන් කී දෙනෙක්ව ඔයා හරියට යාළුවො විදියට හඳන ගත්තද? හඳුනනවාද?
ඔය අතරින් ෆේක් ෆොෆයිල් කීයක්නම් ඇද්ද?
චැට් නොකරන අය කී දෙනෙක් ඇත්ද?
ඔයා දාන පින්තූරෙකට, ලිපියකට කමෙන්ට් එකක්, ලයික් එකක් දා‍න්නෙ කීයෙන් කී දෙනාද?
ඔයාට ප්‍රයෝජනවත් ලිපි දාන්නෙ කීයෙන් කී දෙනාද?
නිකමට හිතන්න.....
තමන්ගෙ පින්තූර ෆේමස් කරගන්න කී දෙනෙක් නම් උත්සාහ ගන්නවද?
සමහරුන්ට ඕනෙ චැට් එකේ මෙච්චරක් ඉන්නව, යාළුවො මෙච්චරක් ඉන්නව කියල පුරසාරම් ගහන්න විතරයි නේද?
ඒත් ඒ අය සමහර විට එක වැදගත් ලිපියක්වත් ෆේස් බුකියට නොදාපු අය...
අනිත් මිනිස්සුන්ට බැන බැන, රටේ , සමාජෙ අඩුපාඩු හොය හොය තමන් ප්‍රසිද්ධ වෙන්න දඟලන අය... මේ ලිපියෙන් ගොඩක් අයට රිදෙයි... ඒත් ඇත්ත මේකයි...
මං කියන්නම් උදාහරණ කීපයකුත්:...............
සමාවෙන්න මේ ටික ලියන්න උනාට...(මේක කරල බලපු වැඩක්...මේ කියන්නෙ ඇත්ත..)
ගෑණු ළමයෙකුගෙ නමිනුයි , පිරිමි ළමයෙකුගෙ නමිනුයි , ෆොෆයිල් 2ක් හදල, එකම ලිපි දාල එක්කෙනෙක්වත් ඇඩ් කරන්න යන්නෙ නැතිව එන රික්වෙස්ට් විතරක් ඇක්සෙප්ට් කරොත්,
වැඩිපුරම ‍ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එන්නෙ ගෑනු ළමයගෙ වගේ එකට....
වැඩිපුරම ලයික් , කමෙන්ට් ලැබෙන්නෙ ගෑණු ළමයගෙ ව‍ගේ වෝල් එකට...
තවත් දෙයක්...
ගෑණු ළමයගෙ වගේ වෝල් එකට කිසි තේරුමක් නැති අර්ථයක් නැති ලිපියක් දැම්මත්..., කමෙන්ට් , ලයික් ගලාගෙන එනව...
පිරිමි ළමයගෙ වගේ එකට කොයි තරම් අර්ථවත්, පුයෝජනවත් ලිපි දැම්මත් ලයික්, කමෙන්ට් නෑ...මේ දේවල් වලින් තේරෙන්නෙ කුමක්ද?
ඔබගේ බුද්ධියෙන්ම විමසන්න...බොහෝ පිරිසක් හොයන්නෙ එක්කො කාමාශාවන් වලට විසඳුම්...
නැත්නම් ආදරය(සත්‍ය සැබෑ ආදරය නොවේ)
සමහරන්ට ඕනෙ ජනප්‍රියත්වය...
තමන්ගෙ ඔද්දල් මානසිකත්වය ලෝකෙට පෙන්වනවන්න ඕනෙ පිරිසකුත් ඉන්නව...
ඒත් සැබෑව මේකයි...
ඔබට ඉන්නෙ යාළුවො 100ක් පමන වෙන්න පුළුවන්...
නමුත් ඔබේ අර්ථවත් ලිපියකට ඔවුන් නොපමාව අදහස් දක්වනව... කැමැත්ත දක්වනව...කොයි වෙලාවක චැට් කරත් චැට් කරනව..
දින දෙක තුනක් ෆේස් බුක් නාවොත් ඒක එයාලට ප්‍ර ශ්ණයක්... ඇත්තටම ඒ ඔබේ සැබෑ මිතුරන් නේද?
අධ්‍යාපනයට, ගමනක් යන අවස්ථාවක, ජීවිතේ නොයෙකුත් අවස්ථාවල ඔවුන් ඔබ ළඟින් සිටිනව...

FreeGetLanka අපගෙ එකම ඉල්ලීම මේකයි....
ඔබ දැන් මේ ලිපිය කියෙව්ව... දැන් යථාර්තය තේරෙනව ඇති...
ඔබත් මේ මොහොතේ පටන් වත්, අර්ථවත් ෆේස්බුක් ෆොෆයිල් එකක හිමි කරුවෙකු වන්න...
ආයෙත් කියනව..(ඔයාගෙ අම්ම තාත්ත ඇස් දෙක වගේ පරිසම් කරපු ඔයාව නන්නාදුනන කාමාතුරයෙකුගෙ වෙළඳ ඡායාරූප ගොන්නක එකතුවක් කර ගන්න ඉඩ තියන්න එපා)
ලිපියෙ අඩුපාඩු තියනවනම් ඒවත් පෙන්නල දීල, යටින් කමෙන්ට් එකකුත් දාලම යන්න..

සුභ අනාගතයක්...
ඔබේ ෆොෆයිල් එකත් වැදගත් එකක් කර පෙන්වන්න...
 යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න 
 ලයික් එකකුත් දකුණු පැත්තෙන් දාලම යන්න...


4 comments:

  1. වාාාාාව්............. වටින ලිපියක්... ඔයා කියන හැම දේම ඇත්ත
    Thankx freegetlanka

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්... මං ෆේස්බුක් යන්නෙ පරණ යාළුවො එක්ක සෙට් වෙන්න විතරයි. නැත්නම් ඒක මහ කාලෙ කන වැඩක්

    ReplyDelete
  3. ඇත්ත..!අපිටත් තේරෙනව..වැඩේ අැත්ත..තිත්තයි...!
    ස්..ස්.. මම ෆේසිබුක් යන් නේ යාළුවොසමඟ කාන්සිය මකාගන්න.
    ෆේසි්ක් හොඳයි..්ත්හැමදේම අරථවත් වෙන්න ඕනෑ...
    තෑන්ක්ස් ... යූ..freegetlanka

    ReplyDelete