Thursday, July 11, 2013

අමිහිරි අතීතයක කටු සටහන්..........

තවත් එක් අහිංසකාවියකගේ තිත්ත සත්‍ය කථාවක්...


කොහොමද ඔයාට...?

සුභ දවසක් වේවා....!!!  

ඔන්න අදත් මම කියන්න යන්නෙ තවත් එක ඇත්ත කථාවක්...

මෙහෙමයි...

මේක ගොඩක් නීරස කතාවක්... 

ඔයත් ලංකා පුරවැසියෙක් ලෙස මෙහි කතා නායිකාව වෙනුවෙන්වත් කියවන්න...


මම විවේකී හැම තප්පරේකම කරන්නෙ අන්තර්ජාලයේ අලුත් දේවල් හොයන බලන එක...

ඒක මගෙ මනසට ලොකු වින්දනයක් ගෙනෙන කාර්යයක්...

ඉතින් මෙහෙම විවේකීව ඉන්න බොහෝ වෙලාවට ෆේස් බුකියෙත් ඉන්නව..

යාළුවො එක්ක චැට් කරනව..

එදා සෙනසුරාදාවක්...

ටවුම පැත්තටත් ඇවිත් යාළුවොත් එක්ක පොඩු රවුමක් දාල ගෙදර ආවෙ.. 

එදා රෑ නින්දක් මගෙ අහලකටවත් ආවෙ නෑ...

මමත් ඉතින් වෙන කරන්න දෙයක් නැති කමට ලස්සන හින්දි ෆිල්ම් එකක් දාගෙන බල බල හිටියෙ...

ඔය අතරෙ ෆේස් බුකියටත් පොඩ්ඩක් ඇහැ දාල නොබැලුවම නෙමේ..
වෙලාව රෑ 11ත් පහු‍වලා තිබුනෙ...

ෆේස් බුකියෙ ටි ටික්.... ගාගෙන මැසේජ් එකක් ආවෙ පොඩි කුතුහලයක් හිතට දනවන ගමන්...

ඉක්මනට ‍ෆිල්ම් එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා බුකියට ඔලුව දැම්මෙ මේ නිසාචර වවුල කවුද බලන්න...

හායි... ඔයා FreeGetLanka එකේ ඇඩ්මින්ද?

මැසේජ් එක ආවෙ ගැහැණු ළමයෙකුගෙන්...

අපි එයාට අමාලි කියමු..

මටනම් හිතුනෙ ෆේක් එකක් කියට...කෝකටත් බ්ලොග් එක ගැන දන්න කෙනෙක් නිසා 

හායි... ඔව්...”   කියල මමත් ඔහෙ කොටල දැම්ම...

මට ඔයාට කියන්න කථාවක් තියනව... ආදරේට, දුකට ඔයාගෙ ‍බ්ලොග් එකේ ඉඩක් දෙන නිසා ඒක කියන්න හිතුන...

එකපාරටම ගෑණු ළමයෙක් මෙහෙම කියයිද?...  මට මොකද කියන්නෙ කියල හිතා ගන්න බැරිව ටිකක් කල්පනා කරල... ඔහෙ ඕන එකක් කියල රිප්ලයි කලා...

මෙතැන් සිට ඒ කතාව මෙහෙමයි...

මන් එයාට ඇහුම්කන් දීගෙන හිටියෙ... එයා කතාව පටන් ගත්ත...

එයා මට කතා කලේ ඇඩ්මින් කියල...

"ඇඩ්මින්..... මේ කියන්න යන්නෙ ඇත්ත කතාවක්... ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා.. මේක කියා ගන්නවත් මට ශක්තියක් තිබුනෙ නෑ... ඔයාගෙ පවුරු කතාවයි මේ තරමටවත් මට මේ ශක්තිය දුන්නෙ..."
මම ගෙදර ගොඩාක් තනිවුන කෙනෙක්...
උපතින්ම දුක තුරුළු කරන් ඉපදුන කෙනෙක්....
මගෙ අම්ම ලේබ කෙනෙක්... 
තාත්ත මේසන් වැඩ කරන්නෙ...
හැමදාම රෑට තාත්ත බීල ඇවිත් අම්මට ගහනව... 
පවුලෙ හිටියෙ එකම දරුව මම..
උදේට කෑවොත් දවල්ට නෑ.. 
දවල්ට කෑවොත් රෑට නෑ...
හම්බ කරන හැම සතේටම එයා කරන්නෙ අරක්කු බොන එක...
රෑට නිදහසේ නිදා ගන්න වත් නෑ... 
රෑ එලිවෙනකම් ගේ පුරා බීඩි ගඳ...
පාඩම් කරන්න නෑ...
පන්තියෙ ළමයි ලස්සනට ඇඳල, ලස්සනට ඉස්කොලෙ යත්දි මන් ඉස්කෝලෙ ගියෙ හිඟන්නියක් වගේ...

"කොහොමහරි මම සාමාන්‍ය පෙළ කරා... ඒත්.. 
සාමාන්‍යපෙල ප්‍රථිඵල එන කාලෙ එනකොට තාත්තයි අම්මයි දවසක් හොඳටම රන්ඩු උනා.."

"එදා තාත්ත මන්න පිහියක් අරන් අම්මට කොටන්න හැදුව.. අම්ම මාවත් ඇදගෙන මාමලගෙ ගෙදරට දුවලයි ජීවිතේ බේර ගත්තෙ....."

ඒත්... පහුවෙනිද තාත්ත අපි එක්ක ආයෙ යාළු වෙයි කියල අපි හිතුවෙ...
ඒ උනාට සිදුද උනේ වෙන දෙයක්...
උදේ පාන්දර මිදුලට බහිත්දි මගෙයි අම්මගෙයි ඇදුම් ටික මාමලගෙ ගෙදර මිදුලෙ තිබුන..."

"ඒ තමා මට මගෙ හිසට තිබුනු වහලත් අහිමි උන දවස..."

(අමාලිගෙ මැසේජස් වල විලාසයෙන්ම මට හිතුන එයා අඬනව වෙන්න ඇති කියල... පව්... මේ තරම් දුක් විඳින කොනෙක්...??? ඒත්... එහෙම කෙනෙක් කොහොමද ෆේස් බුක් එන්නෙ... මගෙ හිතේ ගැටළු රාශියක් මේ වනවිටත් පැන නැගෙමින් තිබුනෙ... ඒත්... මන් ඒව අහන්න හදිසි නොවී... ඒ කතාව අහගෙන හිටිය... මට මේක කියන්නත් හේතුවක් ඇතිනි...?)

"කියන්න අමාලි... මන් අහගෙන ඉන්නෙ...."

(අමාලි ආයෙ කතාව කියාගෙන ගියා...)

"අම්මගෙ පඩිය අම්මටයි මටයි ජීවත් වෙන්න මදි... මාමලගෙ ගෙදර හිටියට, කෑම බීම වලට හරියන්න හාල්, එළවළු එහෙම අම්ම පුළුවන් හැටියට ගේනව..."

"ඒත් ගොඩාක් අඟහිඟකම් තිබුන..."

"ඒ නිසාම මන් තීරනේ කරා ඉස්කෝලෙ යන එක නවත්තල වැඩට යන්න..."

"ඒත් සාමාන්‍යපෙළ කරපු කෙල්ලෙකුට කවුද ජොබ් දෙන්නෙ..."

"මන් ඒ නිසා කටුනායක ගාමන්ට් එකකට ගියා...
එහෙ බෝඩ් වෙලා තමයි ජොබ් එක කරේ...
මාසෙ පඩිය අම්මටය් මටයි ජීවත් වෙන්න පිරිමැහුන..."

"ඒත්... මට දැනුන දෙයක් තමයි ..."

"මං ගොඩක් තනිවෙලා නේද කියන දේ.....
ඔයා අහගෙනද ඉන්නෙ ඇඩ්මින්...."

"හම්........"   (දිග සුසුමක් හෙලමින් මම කී බෝඩ් එකට අත තිබ්බෙ හිස විකාර වූවෙකු වගේ..)

අමාලි ආයෙත් චැට් කරන්න පටන් ගත්ත...

"මගෙ හිතට ආදරයක් දැනෙන්න ගත්තෙ මේ කාලෙ..
තනියම තනිවෙලා හිටපු මට වෙන කෙනෙකුගෙ රැකවරණයක් ඕනෙ වෙලයි තිබුනෙ..
ගොඩක් පිරිමි ළමයි මගෙන් ආදරේ ඉල්ලගෙන ආවත් ඒ ගැන මන් හිතුවෙ නෑ... 
මොකද ගෙදර තිබුන ප්‍රශ්ණත් එක්ක මාව බාර ගන්න කවුද කැමති වෙන්නෙ...
ඒත් චන්දනට මගෙ හිතේ ඉඩක් හැඳුනෙ අහම්බෙන් වගේ...
ඒයා ඔෆිස් එකේ වැඩ කරපු සර් කෙනෙක්...
එයා ‍ගොඩක් කඩවසම්... 
වැඩකරන කෙල්ලො පිස්සු වට්ටන පෙනුමක් එයාට තිබුනෙ...
එයා මට ආදරේ කරන බව දැන ගත්තම ෆැක්ටරියෙ කෙල්ලො ඊරිසියාවෙන් වගේ මා දිහා බැලුවෙ....
එතකොටනම් මට දැනුනෙ පුදුම සතුටක්...."

"කාලය ගෙවිල ගියා... මන් එයාට හැම දේම කිව්ව මං ගැන.. 
එයාට හොඳට සල්ලි තියන කෙනෙක් කියල මං දැන ගත්තෙ එදා... 
එයා මට කීව අපි මැරි කරමු කියල...,
මමත් එයාව ගොඩක් විස්වාස කලා..."

(එයා ටික වෙලාවකට මැසේජ් කලේ නෑ...මට ඕනෙ උනේ ඒ කථාව අහන්න.. ඒ කතාවෙ පුදුම දුක හිතෙන තැන් තවත් ඇති කියල මගෙ හිත මටම කිව්ව..)

"කියන්න අමාලි... මන් අහගෙන ඉන්නෙ..."

"ඇඩ්මින්... මන් මේ දේ කියන්නෙ මේ ලෝකෙ තවත් මන් වගේ අය ඉන්නවනම් එයාලට හැදෙන්න..
වෙන කිසිම දෙයක් මන් බලාපොරොත්තු වෙන්නෙ නෑ..."

"හරි... කියන්න අමාලි... දිගයටම කතාව කියන්න..." (ෆිල්ම් එක පරිගණකයේ නවතා තිබූ තැනින් ඉවත් කරමින් මන් චැට් කරේ ඒ හැමදේම දැන ගන්න මට තිබුන අවධානය නිසාමයි...)

"දවසක් එයා කීව නුවරඑළි ට්‍රිප් එකක් යමු කියල... 
බෑ කීව... 
ඒත් එයාගෙ හිත ඒකට රිදුන බව තේරුනෙ එයාගෙ මූණ දැක්කමයි..."

පස්සෙ තිබුන ආදරෙයි , විස්වාසෙයි නිසාම මම ගමනට කැමති උනා... මොකද එයා කීවෙ අපේ ම කොළඹ ෆැක්ට්‍රියෙත් තව යාළුවො කීප දෙනෙක් එයාළගෙ ගර්ල එක්ක මේ ගමනට එකතු වෙනව කියල...
කොහොමහරි අපි ගමන පිටත් උනා... 

දවස් 3ක ගමනක්...

චන්දනයි මමයි ගියෙ චන්දන‍ගෙ කාර් එකේ....

අපි ලස්සන කඳු පන්තියක් පාමුලට වෙන්න තිබුනු නවාතැන්පලක් තමා නතර වෙන්න තෝර ගත්තෙ...

අපේ ගමනට වෑන් එකක තව පිරිමි ළමයි දෙන්නෙකුයි, ගෑණු ළමයි දෙන්නෙකුයිත් ඇවිත් හිටිය...

"ඒ පළමු රැය ගොඩක් දීර්ඝ රැයක්... මමයි චන්දනයි හිටියෙ එකම රූම් එක..."

"මන් කවමදාකවත් කොල්ලෙක් එක්ක එක රූම් එකේ ඉඳල නෑ..."

(හරි... ඉතුරු ටික මොකටද? ඕක කියන්නද තැටමුවෙ... මේක දැන් පොදු කථාවක් වෙලානෙ... කියල වගේ සිතිවිලි ගොන්නකුයි මට එවලෙ හිතට ආවෙ... මට හිතුන ෆේස් බුකියෙන් අයින් වෙලා නිදා ගන්න... ඒත් නිදිමතක් තිබුනෙත් නැති නිසා ඔහේ සද්දෙ වහගෙන අහගෙන හිටිය...)

"එදා ගොඩාක් සීතලයි...
මන් චන්දනගෙ ළඟ උනුසුමට ගුලි උනේ මන් එයාව ගොඩාක් විස්වාස කරපු නිසා... 
ඒ දිගු රාත්‍රිය මගෙ ජීවිතේට අද්දැකීම් ගොඩක් එකතු කලා...
මට දැනුන දැන් චන්දන මට පිට කෙනෙක් නෙමේ කියල.."

"ඔයා තමයි මන් මේ වෙනකම් මගෙ ජීවිතේ දැකපු ලස්සනම කෙල්ල රත්තරං..."

චන්දන කීවෙ එහෙම... (ඒ කථාවෙ අමුත්තක් තියන බව මට දැනුනත් මන් ඒක වැඩිය ගණනකට ගත්තෙ නෑ..)

(ඕක තමයි කෙල්ලන්ගෙ තියම මොඩකම...  කියල මට කියන්න හිතුනත් මං මුකුත්ම කියන්න ගියෙ නෑ...)

පහුවදා යාළුවොයි, එයාලගෙ ගර්ල් ලයි, මමයි, චන්දනයි... අපි හැමෝම නුවර එළියෙ ගොඩක් ලස්සන තැන් බල බල තමයි මුලු දවසම ගෙවුවෙ...

ඒ හැම වෙලාවකම මගෙයි, චන්දනගෙයි තිබුනු සමීපකම අනිත් අය අතරෙ මම දැක්කෙ නෑ... 
එයාල අතරෙ තිබුනෙ ආදරේකට වඩා වෙනස් දෙයක් කියලයි මට හිතුනෙ... 
ඒත් මට ඒක තේරුම් ගන්න බැරි උනා...

(වෙලාව 12.45 පහුවෙලා... මේ රැයනම් කවමදාකවත් මගෙ ජීවිතේට අමතක නොවේවි... මොකක්ද මේ වෙන්නෙ... කිසිම දෙයක් හිතා ගන්න බැරිවයි මම හිටියෙ... ඇයි කවදාවත් දැකල, කතාකරල නැති, නන්නාදුනන කෙනෙක් උන මට මෙ‍යා හම්ව කියන්නෙ.. මගෙ හිතින්ම මම ප්‍රශ්ණ කර ගත්තෙ වෙන කරන්න දෙයක් නැති කමට...)

දෙවනි දවසෙ රෑ චන්දනල හොඳටම බිව්ව... 
ගෑණු ළමයි දෙන්න එයාලගෙ කාමරවල.. 
මං කාමරෙන් එලියට ආවෙ කම්මැලිකමක් දැනුන නිසා...

"මචන්... අද මාරුවෙමු නේ...."

මට චන්දනගෙ යාළුවෙක් කියපු ඒ කතාව යාන්තමය ඇහුනතු තේරුනේ නෑ..

හැමෝම හෙඳටම බීව...

අපි 6 දෙනාගෙ කාමර තිබුනෙ එකි‍න් එකට යාබදව...

චන්දන කාමරේට ඇවිල්ල මට කීව,

"අමාලි.... ඔයා අද එහා රූම් එකේ නිදියන්න...,"

මට තේරුනේ නෑ කියපු දේ... මන් හිතුවෙ ඩ්‍රින්ක්ස් ගත්ත නිසා වෙන්න ඇති එහෙම කීවෙ කියල... 

පිරිමි මයි මේකෙ නිදනව ඇති කියල...
ඒත් චන්දන කියපු ඊලඟ වචනෙ මගෙ මුලු ආත්මෙටම ඇනපු පිහි පාරක් උනා...

(මොකක්ද යකෝ මේ වෙන්න යන්නෙ... මටනම් හිතා ගන්න බැරිවයි හිටියෙ.. අමාලි දිගටම මැසේජ් කලා)

එයා කීව...


"මගෙ යාලුවත් එක්ක ඔයා අද එහා රූම් එකේ ඉන්න... 
අද ඒ ගර්ල් එක්ක මම මේකෙ ඉන්නම් වෙනසකටත් එක්ක" කියල...

මට කොච්චර තරහ ගියාද කීවොත් වචන කටින් පිටවුනේ නෑ... මන් ගොඩක් බයවෙලා හිටියෙ...

ඒත්... ඒ වෙලාවෙ එයාගෙ යාලුව කාමරේට ආව.

"චන්දන... මචන් උඹ මගෙ රූම් එකට පලයන්.. මන් මේකෙ ඉන්නම් මේ ස්වීටිත් එක්ක..."

මට හෙල්ලෙන්නවත් නොදී ඒ පාපතරය මාව ඇඳට පෙරලුව... 
එතනින් එහාට වුනේ මන් කවදාවත් හීනෙකින්වත් නොපතපු දේවල් ගොඩක්... 
රෑ එලිවෙනකම්ම මම අඩ අඬ ඒ පාපතර මිනිහගෙ ඕන එපාකම් ඉශ්ඨ කලා....

(මට මැරෙන්න ඕනෙ වෙලා තිබුනෙ...)

මන් උදේම නැවතිල හිටපු තැනින් පැනගන්න හිතන් හිටියෙ... ඒත් එදා උදේ තදටම වැස්ස... කාමරේටම කෑම ගෙනත් තිබුනත් මම කෑවෙ නෑ...

ටික වෙලාවකින් චන්දන ආවෙ හොඳ ප්‍රේමවන්ත හිනාවුත් දාගෙන...

මන් බිම බලාගෙන තරහෙන් හිටියෙ...

"කොහොමද,?
ඊයෙ නයිට් එක... හෙඳද? ම්... මන් නම් හොඳට එන්ජෝයි කරා..."

චන්දන කීවෙ එහෙම...
මන් රහෙන් බාත්රූම් එකට රිංගුවෙ ඒ ජඩ කතා අහන් ඉන්න බැරි කමට..

මට තේරෙන්නෙ නෑ.. මන් දැන් මොනව කරන්නද කියල...

ම්න් නාගෙන එලියට එත්දි... 5 දෙනාම රූම් එකේ මන් දිහා බලන් ඉන්නව....

මන් හිටියෙ ටවල් එක පිටින්... මට දැනුනෙ දරාගන්න බැරි ලැජ්ජාවක්...

ඊයෙ රෑ මාව මරාගෙන කාපු තිරිසනා මා දිහා බලල හිනා වුනේ ගොදුරක් දැකලු උතුස්සෙක් වගේ...

මන් ඇඳුමක් ගන්න බෑග් එක ලඟට යනකොටම තුන් දෙනාම මාව උස්සල ඇඳට දැම්ම... ටවල් එකත් ගැලවිලා ගියෙ ඇඳට වැටුන පාරෙ සැරට...

එතනින් එහාට සිදුවුන දේ පෙර රාත්‍රි 2ටම වඩා පිලිකුල්...

මන් ප්‍රාර්ථනා කරනව කවමදාකවත් කිසිම කෙල්ලෙකුම ඒ අවාසනාවන්ත මොහොතක් උදා නොවේවා කියල...

මන් මෙහෙම කීවොත් නිවැරදී...
උන් ඔක්කොම මාව සමූහ දූශණය කරා....

ඒ කෙල්ලො දෙන්න ගණිකාවො කියල මට තේරුනේ එවල....

හිතටයි ගතටයි දරා ගන්න බැරි තරම් පිලිකුල් වේදනාවක් ගෙන දෙමින් ඔවුන් ඔක්කොම මාවයි, මගෙ ආත්මෙයි, මගෙ මුලු ජීවිතේමයි විනාසම කරල දැම්ම...

(මං මොනව කියන්නද? මේ ලෝකය මේ තරම්ම තිරිසන්ද? අපේ නවකථාවක් වුන පවුරු කථාවෙ ජගත්ල වගේ දෙවිවරු අතරේ මේ වගේ තිරිසන්නු ඉන්නෙ කොහොමද?
හැබෑ ආදරේ මහිම නොදන්න... ජීවිතයක අගය නොදන්න... අම්ම, තාත්ත, සහෝදරී අදුනන්නෙ නැති මේ කුරිරු සමාජය මේ ගෞතම බුද්ධ දේශයේම බිහි වුනේ කොහොමද?
මට කියන්න දෙයක් නෑ... මන් නිහඬව අසා හිටිය..)

"ඇඩ්මින්: මගෙ ජීවිතේ විනාස වෙලා ඉවරයි..."

"මට මේක කියන්න කෙනෙක් හිටියෙ නෑ... මැරෙන්නත් බෑ.. අම්ම ඉන්නව..."

"ඔයාගෙ බ්ලොග් එක දැක්කෙ යාළුවෙකුගෙ ගෙදර ආපු වෙලාවෙ... එයා ඔයාගෙ ලිපි හැමදාම කියවන කෙනෙක්..."

ඉතින් මම ඔයාගෙ ලිපි කියවුවම හිතුන සමාජෙ තවත් සහෝදරියක්ව බේර ගන්න වචනෙකින් හරි දායක වෙන්න මට පුලුවන් වෙයි කියල...මේ එකවුන්ට් එක ෆේක්... මගෙ නම, ගම බොරු ඒව... ඒත් කතාව තිත්ත ඇත්ත.. ඇස්වල කඳුලු පුරෝගන මේක කීවෙ අනාගතේට මූණ දෙන්න ඉන්න මගෙම නංගිලා වෙනුවෙන්... මන් නවත්නනම්.. පුලුවන්නම් මේ කතාව කතාවක් විදියට පල කරන්න...
(මේ ටික එවල එයා ඕෆ් ලයින් ගියා... මට මොනව කියන්නද? මොනව අහන්නද හිතා ගන්න බුරුව හිටියෙ... අද එයා‍ගෙ ෆොෆයිල් එකත් නෑ... මන් හිතන්නෙ මාව බ්ලොක් කරල... වැදගත් කියල හිතුන නිසා මේ අමුතු අද්දැකීම මම මෙහෙම ලීව... වැදි තියනවනම් සමා වන්න..)
කියෙව්වට ‍බොහොම ස්තූතියි...
අමාලිලත් මේක බලනව ඇති...
එයාලගෙ හිත් හැදෙන්නවත් කමෙන්ට් එකක් දාල යන්න...
ඒක ඔබේ යුතුකමක්...
යලි හමුවෙමු...
සියළු හිමිකම් FreeGetLanka සතුය.

10 comments:

  1. oya kawru unathoya me katha liyana widiyata hithata danenne puduma dukak...

    ReplyDelete
    Replies
    1. Thankx...
      oyalathath puluwan apata liyanna..
      rmbraveen@gmail.com
      me email ekata oyalage nirmana apata ewanna.. oyage namath ekka..

      Delete
  2. hapoi............
    admin. mekanam puduma site 1k...
    man me wage site 1k dekkamai...

    ReplyDelete
  3. Ammala nangila hitiyta oya wage hihak papuwak nathi eunuth innawa

    ReplyDelete
  4. ගොඩාක් දුක හිතෙන කතාවක් යාලුවා.මොනවා වුනත් ඔයාට ආයෙත් වරදින්නේ නැහැ නංගියා.ඔයාගේ හිත පිරිසිදුයි.ඒනිසා දුක්වෙන්න එපා.දවසක ඔයාට ඇත්තම ආදරයක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ...
      FreeGetLanka අපගේ පැතුමත් එයමයි

      Delete
  5. ammo....
    me page ekata awamanam jivithe gena bayakmai danenne...
    Genu lamainta igena ganna hoda padam me page eke thiyenawa...
    thans raveendra

    ReplyDelete
  6. හිත ලස්සන නැති,ගත ලස්සන අයට ආදරය කරන කෙල්ලන්ට පොදු සිදුවීමක්

    ReplyDelete