Sunday, July 7, 2013

ස්කයිප් තාක්ෂණයට දිවියම කැප කල තරුණියන්

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි එක්‌තරා තරුපහේ හෝටලයක ආලින්දයේ ඔබමොබ සක්‌මන් කරන කඩවසම් තරුණයෙකි. යුරෝපීය ඇඳුමින් සැරසී සිටින මේ තරුණයා කිසිවකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බවක්‌ පෙනෙන්නට තිබිණි. තරුණයා සිටියේ තරමක කලබලකාරී බවකින්ය.
ඔහු විටින් විට සිය වම් අතේ වූ රොලැක්‌ස්‌ වර්ගයේ ඉස්‌තරම්ම අත් ඔරලෝසුව දෙස බලන්නට වූයේ තමන් බලාපොරොත්තුව සිටින පුද්ගලයාගේ ප්‍රමාද බව හඟවමින්ය.
ගතවූයේ සුළු මොහොතකි. හෝටලයේ ප්‍රධාන දොරටුව විවෘත කරගෙන සුකුමාල තරුණියක ආලින්දයට ඇතුළු වූවාය.
තරුණිය දුටුවනම කඩවසම් තරුණයාගේ මුහුණ ප්‍රේමනීය හැඟීම්වලින් පිරී ගියේය

සොරි...........මම ටිකක්‌ ලේට්‌ වුණා....."

රූමතිය කඩසම් තරුණයා අසලට ගියේ කාලයක සිට ඇසුරු කරන බව හඟවමින්ය.

ඔයා අද හරිම ලස්‌සනයි. ස්‌කයිප් එකෙන් කථා කළාට ඔයාගෙ ලස්‌සන හරියටම දැක්‌කේ අදනෙ......."

කඩවසම් තරුණයා තරුණිය දෙස ගිජු බැල්මක්‌ හෙළමින් කීවාය.

මගේ ජීවිතේ සම්පූර්ණ වෙන්න ඔයා හම්බවුණාට පස්‌සේ. ඇත්තටම මම හරිම වාසනාවන්තයි.

තරුණයා රූමතියගේ දකුණු අත තරයේ අල්ලාගෙන කීවේය.

අපේ කසාදෙ ලස්‌සනට කෙරෙන්න ඕනේ. ඔයාව මැරි කරලා අපි දෙන්නම ස්‌විඩන් යනවා. තරුණයා කීවේ ස්‌ථිර හැඟීමෙන්ය.

මේ කඩවසම් තරුණයා සුගත්ය. ස්‌වීඩනයේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයකු වූ සුගත් වසර ගණනක සිට විදේශගතව සිටියේය. සුකුමාල සුන්දර තරුණියකවූ මේනකා මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක වූවාය. පෙරපාසල් ගුරුවරියක වූ ඇය සුගත් දැන හඳුනාගත්තේ ස්‌කයිප් සමාජ ජාල වෙබ් අඩවිය හරහාය. ඒ 2010 වර්ෂයේ දීය.

ඒ වන විට මේනකා සිටියේ ඔස්‌ටේ්‍රලියාවේය. එහි විශ්වවිද්‍යාලයක උපාධියක්‌ ලබා ගැනීමට පැමිණ සිටිය දී ස්‌කයිප් තාක්‍ෂණය ඔස්‌සේ දැන හඳුනා ගත් සුගත් ඉතාම හොඳ තරුණයකු බව ඇය සිතුවාය.

සුගත් මේනකා ප්‍රේම වෘතාන්තය ගලා ගියේ ස්‌කයිප් තාක්‍ෂණය ඔස්‌සේය. ඔවුන් අදහස්‌ හුවමාරු කර ගත්තේද, පෙම්බස්‌ දෙඩෙව්වේද ස්‌කයිප් තාක්‍ෂණය හරහාය.

දිනක්‌ සුගත් නොමනා යෝජනාවක්‌ ගෙන ආ නිසා මේනකාගේ සිත බිඳී ගියාය

ඔයා මහ වල් මිනිහෙක්‌. මගෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ ආදරයක්‌ කරුණාවක්‌ නොවෙයි ඒ නිසා අපි මේ සම්බන්ධය නතර කරලා දාමු.

දැඩි සිත් වේදනාවට පත්ව සිටි මේනකා සුගත් සමග තිබූ ස්‌කයිප් ප්‍රේමය නතර කර දැමුවාය. මේනකා සිය ස්‌කයිප් ගිණුමෙන්ද ඔහු ඉවත් කර දැමුවේ යළි කිසිදිනක සම්බන්ධතාවක්‌ ඇතිකර නොගන්නා ස්‌ථීර අරමුණෙන්ය.

එහෙත් සුගත්ගෙන් ඇයට ගැලවීමක්‌ ලැබුණේ නැත. තමන් ගෙන ආ අයුතු යෝජනාව වෙනුවෙන් සමාව අයෑද සිටි සුගත් කෙසේ හෝ නැවත මේනකාගේ සම්බන්ධතාව අලුත් කර ගැනීමට උත්සාහ කළේය.

අවසානයේ දී සුගත්ගේ අරමුණ සාර්ථක විය. මේනකා සමඟ සම්බන්ධය අලුත් කර ගත් සුගත් ඇය බැලීමට ශ්‍රී ලංකාවට පැමිණීමට ද පොරොන්දු වූවේය.

ඉකුත් 2010 වර්ෂයේ මැද භාගයේදී සුගත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තම ස්‌කයිප් පෙම්වතිය මුණගැසීමේ බලාපොරොත්තු ඇතිවය. ඔවුන්ගේ මුල්ම හමුවීම කොල්ලුපිටිය සුපිරි හෝටලයක ආලින්දයේදී සිදුවන්නේ ඒ ආකාරයටය.

මම ආසයි ටිකක්‌ විවේකීව ඔයා එක්‌ක කථා කරන්න. අපේ වෙඩින් එකත් ළඟදි කෙරෙන නිසා අපිට කථා කරන්න කොච්චර දේවල් තියනවාද?

සුගත් කීවේය. ඔහු සුපිරි හෝටලයේ පස්‌වැනි මහලේ මුහුද පැත්තට වෙන්නට තිබූ සුඛෝපභෝගී කාමරයක්‌ වෙන්කර ගත්තේය.

විවාහ පොරොන්දුවක්‌ දී තිබූ නිසා මේනකාද ඒ යෝජනාවට එකඟ වූවාය. සුඛෝපභෝගී හෝටල් කාමරයේ සුවපහසු යහනක වැතිරී පෙම්බස්‌ දොඩවමින් සිටි මේනකා මොහොතකට සියලු දේ අමතක කළාය.

සුගත්ගෙන් වහනය වූ විලවුන් සුවඳ මේනකාගේ සිත තව තවත් වශී විය. ආදරය දොaරේගලා යන්නට වැඩි වේලාවක්‌ ගත වුණේ නැත.

අනේ සුගත් ඔයා මොනවද ඔය කරන්නේ මට ලැඡ්ජයි. ඇයි ඔයා ඔය විදිහට මේ හැම දෙයක්‌ම වීඩියෝ කරන්නේ.

මේනකා සිය නග්න සිරුර ඇඳ ඇතිරිල්ලෙන් වසා ගන්නා ගමන් කීවාය.

ඔයා නැති වෙලාවට මට මේවා බලලා සතුටු වෙන්න පුළුවන්. මම ඇත්තටම ඔයාට ආදරෙයි කොටින්ම මට ඔයා ගැන පිස්‌සු වැටිලා ඉන්නේ.

සුගත් මේනකාගේ සුන්දර සිරුර තව තවත් වීඩියෝ ගත කරමින් කීවේය. තම අනාගත සැමියාගේ ආසාවන්ට ඉඩදුන් මේනකා නිසොල්මන් වූවාය.

මේනකා සුගත් මුල්ම හමුවීම ගෙවී ගියේ ඒ ආකාරයටය.

මම තව මාසයක්‌ විතර ලංකාවේ ඉන්නවා. හෙටත් අපි නොවරදාම හම්බ වෙමු. අපිට තව කතා කරන්න ගොඩක්‌ දේවල් තියෙනවානෙ.

සුගත් මේනකාගෙන් සමුගත්තේ පසුදින නැවතත් හමුවෙන පොරොන්දුවෙන්ය.

සුගත් අනේ අර ෙµdටෝ වීඩියෝ ටික කාටවත් පෙන්වන්න එපා. ඔයාව මට විශ්වාසයි.

මේනකා තම අනාගත සැමියා කෙරෙහි දැඩි විශ්වාසයෙන් කීවාය.

කතිකා කරගත් පරිදි පසු දින ද සුගත් මේනකා හමුවීමට ආවේ කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි වෙනත් සුපිරි හෝටලයක්‌ වෙතය.

එදින සුගත් ගෙන් දිස්‌වූයේ පෙරදින දුටු ප්‍රේමනීය හැඟීම් නොවන බව හඳුනාගන්නට මේනකාට එතරම් වේලාවක්‌ ගත වුණේ නැත.

සුගත් ඇයි ඔයා අද වෙනස්‌ වෙලා ඔයාට මොකක්‌ හරි කරදරයක්‌ද නැත්නම් අසනීපයක්‌ද මේනකා විමසුවාය.

මේනකා පොඩි ප්‍රශ්නයක්‌ තියෙනවා මේවා හංගන්න දේවල් නෙවෙයි. මගේ ඩ්‍රයිවර් රංජිත් හොඳ කොල්ලෙක්‌.

සුගත් කීමට යන්නේ කුමක්‌දැයි සිතා ගැනීමට නොහැකිව මේනකා තුෂ්ණීම්භූතව සිටියාය.

රංජිත් ඔයාට කැමතියිලු. එයත් කැමැත්තෙන් ඉන්නේ ඔයා එක්‌ක එකට ඉන්න.

සුගත්ගේ මුවින් පිටවූ වදන් මේනකාගේ හිතේ දොaංකාර දෙන්නට විය. ඇගේ දෙකන්වලින් ගිනිපුළිගු පිටවෙන්නාක්‌ මෙන් දැනිණි.

තමුසෙට පිස්‌සුද? එහෙමත් නැත්නම් මොළේ හොඳ නැද්ද. තමුසේ මහ වනචරයෙක්‌. මම ගණිකාවක්‌ කියලා හිතන්න එපා. තමුසෙ වැදගත් මිනිහෙක්‌ කියලා හිතලා මම ආශ්‍රය කළේ.

මේනකා සුගත් දෙස බලමින් ඔහුට දෙස්‌දෙවොල් තියන්නට වූවාය.

මේනකා නිකන් බොරුවට කෑගහන්න එපා. ඔයා මේ වැඩේට කැමැති වෙන්න ඕනෙ. අනික රංජිත් විතරක්‌ නොමෙයි මමත් ඔයා එක්‌ක ඉන්නවා.

සුගත් කිසිදු බරපතළක්‌ නොමැතිව කීවේය. මේනකාගේ ගත වෙව්ලන්නට වූයේ කෝපය දරා ගැනීමට නොහැකිවූ නිසාය.

මේනකා තමුසෙ වැඩිය දැඟලුවොත් මම තමුසෙගෙ ජීවිතේම විනාශ කරලා දානවා. පේනවා නේද මේ කැමරාවල තියෙන දේ. තමුසෙගෙ සෙක්‌ස්‌ පිංතූර වීඩියෝ ටික ඉන්ටර්නෙට්‌ එකට දාන්න වැඩිවේලාවක්‌ යන්නේ නැහැ.

සුගත් කියූ දේවල් මේනකාට ඇසුනේ සිහිනයෙන් මෙන්ය. මුළු ලෝකයම තමා වටේ කැරකී විනාශවී යන බවක්‌ ඇයට දැනෙන්නට විය. ඒ වන විට ඇය පත්ව සිටියේ දැඩි ලෙස අසරණවූ තත්ත්වයකටය. තමන් කරමුලින්ම සිරවී සිටින බව පමණක්‌ ඇය දැන සිටියාය. ගත වූයේ සුළු වේලාවකි. සුගත් ගේ රියෑදුරු රංජිත් හෝටලයේ කාමරය විවෘත කරගෙන එහි ඇතුළු වූවේය.

ව්‍යාඝ්‍රයන් දෙදෙනකුට මැදිවූ මුවපොව්වෙකු මෙන් අසරණ වී සිටි මේනකා වැළපෙන්නට වූවාය. එහෙත් ඒ වනචර සල්ලාලයන් දෙදෙනාගෙන් ඇයට සහනයක්‌ ලැබුණේ නැත. ඔවුන් දෙදෙනා අතින්ම එකවර අතවරයට ලක්‌වූ මේනකා තව තවත් වැළපුනාය.

ඒ සියලු දර්ශන සුගත්තේ වීඩියෝ කැමරාවේ සටහන් වුණේ මේනකාටද නොදැනෙන්නටය.

මේ අශ්ලීල ක්‍රියාව දවසක්‌ දෙකක්‌ නොව දින ගණනාවක්‌ම මේ ආකාරයට සිදු විය. ඒවන විට මේනකා දැඩි ලෙස අසරණව සිටියාය.

මම හෙට ආපසු ස්‌වීඩන් යනවා. මතක තියාගන්න ඔයාට බැහැ මාව අමතක කරන්න. එහෙම වුණොත් පහුවදාම ඔයාගෙ සුන්දරත්වය මුළු ලෝකෙම දකීවි. ඒ නිසා අපේ සම්බන්ධතාවට මොකුත් කරගන්න එපා.

සුගත් මේනකාට කීවේ තර්ජනාත්මක ස්‌වරූපයෙන්ය. මේනකාගේ සුන්දර ජීවිතය අනාගතය මේ ආකාරයට විනාශ කර දැමූ ඒ මෘගයා කිසිවක්‌ නොවූ අයුරින් ස්‌වීඩනය බලා පිටත්ව ගියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පොරොන්දු ඇතිවය.

තමන් පත්ව ඇති අසරණ තත්ත්වය මෙනෙහි කරමින් මේනකා මැරි මැරී උපදින්නට වූවාය. සුගත්ගේ නියෝගවලට කන්දෙනවා හැරෙන්නට වෙනත් කළයුතු යමක්‌ නොමැති බව ඇය සිතුවාය.

කාලය කෙමින් ගෙවී ගියේය. මාස හත අටකට පසු සුගත් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ස්‌වීඩනයේ විශ්වවිද්‍යාලයෙන් මාසයක නිවාඩු ලබාගෙනය.

ශ්‍රී ලංකාවට පැමිණි දිනට පසු දිනම සුගත් මේනකා හමුවීමට ගියේය. ඒ පාපතරයා දකින දකින වාරයක්‌ පාසා මේනකාගේ සිතේ ඇති වූයේ දරාගත නොහැකිවූ වෛරයකි.

අපි හෙට පොඩි ටි්‍රප් එකක්‌ යමු. මං ආසයි මුහුදු වෙරළේ ලස්‌සන හෝටලේක ඔයත් එක්‌ක විනෝද වෙන්න.

සුගත් කීවේය. යෝජනා කරගත් පරිදි පසුදින සුගත් මේනකා සොයා ආවේය. සුගත් පැමිණ සිටියේ සුඛෝපභෝගී වාහනයකින්ය. සුගත්තේ

නියෝගවලට අවනතවූ මේනකා සුඛෝපභෝගී රථයට ගොඩවූයේ දෙගිඩියාවෙන්ය. මේනකාගේ සිරුර ගල්ගැසී ගියේ වාහනයේ සිටින තවත් ළාබාල රූමතියක දැකීමෙන්ය.

මෙයා කව්ද කොහෙද මෙයා යන්නේ මේනකා එසේ විමසුවේ කෝපයෙන්ය.

මෙයාගේ නව දිව්‍යා. එයා වත් දැන අඳුන ගත්තේ ඔයාව අඳුනා ගත්ත විදිහටමයි. අපි අද ටිකක්‌ අලුත් විදිහකට එන්ජෝයි කරමු.

සුගත් ඇඟටපතට නොදැනෙන්නට කීවේය.

තම ජීවිතය විනාශ කර දැමූ මේ පාපතරයා අලුතින් අඩව්වක්‌ ඇල්ලීමට උත්සාහ කරන බව මේනකාට තේරුම් ගොස්‌ තිබිණි. ඔවුන් රැගත් සුඛෝපභෝගී රථය මුහුදු බඩ ප්‍රදේශයේ එක්‌තරා හෝටලයක්‌ අසල නතර කෙරිණි.

හෝටලයේ සුඛෝපභෝගී කාමරයක්‌ ඔවුන් වෙනුවෙන් වෙන්වී තිබිණි. එදින සිදුවූයේ මේනකා සිහිනයකින්වත් නොසිතූ දෙයකි.

සුගත්ගේ ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය චිත්‍රපටයක්‌ දිගහැරී තිබිණි. සුරූපී තරුණියන් අසම්මත ආකාරයට අසභ්‍ය ක්‍රියාවල යෙදී සිටින චිත්‍රපටය දෙස මේනකා බලා සිටියේ දැඩි අකමැත්තෙන්ය.

මේනකා ඔයා දිව්‍යාත් එක්‌ක මේ විදිහට ඉන්න ඕනේ. මම කැමතියි ඔය දෙන්නා එකට ඉන්නව බලන්න.

තම සිතේ වූ පහත් අශ්ලීල හැඟීම් එකින් එක ඉවත දැමූ සුගත් අයිස්‌ දැමූ විස්‌කි වීදුරුවක්‌ තොල ගාන්නට වූවේය.

තමුසෙට පිස්‌සුද මිනිහෝ අපි වැදගත් විදිහට හැදිච්ච කෙල්ලො ඇයි තමුසෙ අපට මෙහෙම කරන්නේ.

මේනකා කෑ ගැසුවාය. එහෙත් සුගත් එය ගණනකට ගත්තේ නැත. ඔහු මේනකාගේ නිරුවත් ඡායාරූප එකින් එක නැවත බලන්නට වූයේ ඇයට තර්ජනයක්‌ද කරමින්ය.

අවසානයේදී සුගත්තේ නියෝගවලට කන්දුන් මේනකා සහ දිව්‍යා අසම්මත ක්‍රියාවන්වල යෙදෙන්නට වූහ. ඒ සියල්ල සුගත් වීඩියෝ ගත කර ගත්තේ අනාගතයේදී එය ප්‍රයෝජනයට ගැනීමේ බලාපොරොත්තුවෙන්ය.

දින කීපයක්‌ තිස්‌සේම මේනකාට මේ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවිය. ඒ වන විට ඇය සිටියේ දැඩිලෙස සිත්තැවුලට පත්වය.

තවත් මට නැතිවෙන්න දෙයක්‌ නැහැ. මේ කාලකණ්‌ණි දවසින් දවස මගේ ජීවිතේ විනාශ කරනවා මූට හොඳ පාඩමක්‌ උගන්වන්න ඕනේ.

මේනකා දැඩි තීරණයක්‌ ගත්තාය. ඇය තමන්ට අත්විඳීමට සිදුවී ඇති භයානක සිදුවීම් පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළාය. ඒ ඉකුත් 2011 වර්ෂයේ මැයි මාසයේදීය.

අහිංසක රූමතියන්ගේ ජීවිත විනාශ කළ මේ

පාපතරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.

රහස්‌ පොලිසිය සුගත් පසුපස ලුහුබඳින්නට වූවේය. ඒ බව සැලවූ පසු සුගත් හොර රහසේම ස්‌වීඩනයට පලා ගියේය.

සුගත් හැම විටම මේනකාට කතා කිරීමට ස්‌කයිප් තාක්‍ෂණය යොදා ගත්තේය. කිසිම අවස්‌ථාවකදී ජංගම දුරකථනයකින් කථා නොකිරීමට ඔහු වගබලා ගත්තේය. ජංගම දුරකථනයක්‌ පාවිච්චි නොකිරීම නිසා සුගත් පිළිබඳව තොරතුරු සොයා ගැනීම පහසු කටයුත්තක්‌ නොවීය. පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ කණ්‌ඩායමට සුගත්aගේ රියෑදුරු වූ රංජිත්ගේ දුරකථන අංකය ලැබෙන්නේ මේනකාගේ මාර්ගයෙන්ය.

සර් දවසක්‌ සුගත් මෙන්න මේ නම්බර් එකෙන් මට කතා කළා.

මේනකා ලබාදුන් දුරකථන අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ රහස්‌ පොලිසිය දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි රංජිත් නමැත්තෙකු අත්අඩංගුවට ගත්තේය. ඔහු සුගත්තේ රියදුරු බව හෙළිවීම පරීක්‍ෂණ කටයුතුවලට විශාල පිටිවහලක්‌ විය.

කෝ තමුසෙගෙ සුගත් මහත්තයා කොහෙද ඉන්නෙ මිනිහා. රහස්‌ පොලිසිය රංජිත්ගෙන් ප්‍රශ්න කරන්නට වූවේය.

සර්.........එයා ස්‌වීඩන්වල ඉන්නේ. රංජිත්ගෙන් ලැබුණේ එවැනි පිළිතුරකි.

සුගත් පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කිරීමට උත්සාහ කළද අවසානයේ සියල්ල වමාරන්නට රංජිත්ට සිදුවිය. සුගත් හොර රහසේම ස්‌වීඩනය බලා යැමට ගුවන් තොටුපළට ගොස්‌ සිටිය දී ඔහු අත්අඩංගුවට ගැනීමට රහස්‌ පොලිසියට හැකි විය.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ සැකකරු සුගත් මල්ලවාරච්චි නමැති ව්‍යාජ නමකින් පෙනී සිටින අයකු බව පරීක්‍ෂණවලින් හෙළිකර ගත්තේය.

ස්‌වීඩනයේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයකු ලෙස රැකියාව කරන සැකකරු වෛද්‍යවරියක හා විවාහව සිටින අයෙකි. දෙදරු පියකු වූ මොහු සිය බිරිඳ සමග ස්‌වීඩනයේ පදිංචිව සිටින බවද හෙළි වූවේය.

ස්‌කයිප් තාක්‍ෂණය මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ඉහළ පැලැන්තියේ රූමතියන් හා ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගන්නා මොහු ඔවුන්ට විවාහ පොරොන්දු දී මේ ආකාරයේ අසම්මත අශ්ලීල ක්‍රියාවල යෙදීම පුරුද්දක්‌ කරගෙන සිටියේය.

මේ පාපතරයාගේ ග්‍රහණයට හසුවූ ලාබාල තරුණියන් බොහොමයකි. ඔවුන් සියලු දෙනා සමඟ ලිංගික ක්‍රියාවල නිරතවූ සැකකරු ඒවා වීඩියේ ගත කරනු ලබයි. පසුව ඒ වීඩියෝපට පෙන්වමින් තරුණියන් බිය පත්කර ඇති මේ අමනයා ඔවුන් විවිධ අශ්ලීල ක්‍රියාවන් සඳහා යොදවා ගත් බව අනාවරණය කර ගන්නට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත් විය. මොහුගේ තර්ජනවලට බියවූ අසහනයට පත්ව සිටි කිසිවකු ඒ පිළිබඳ පොලිසිය වෙත පැමිණිලි කළේ නැත.

තාක්‍ෂණයේ දියුණුවත් සමගම සිදුවන මෙවැනි අපරාධ දිනෙන් දිනම ඉහළ යමින් පවතී. එබැවින් මෙවැනි කපටි කයිරාටික පුද්ගලයන්ගේ උගුල්වලට හසු නොවන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

හේමන්ත රන්දුණු 
උපුටා ගැනීම(ගොසිප් ලංකා)
ඔබේ අදහස් කමෙන්ට් එකකින් දාලම යන්න...
වම්පස ඇති ෆේස්බුක් කවුලුවෙන් ඔයත් අපගේ ෆේස්බුක් සාමාජිකයකු වන්න

2 comments:

  1. ambooo... hena gahanawa popasarayata/...........

    ReplyDelete
  2. shittt......munwa ellanna one

    ReplyDelete