Sunday, July 14, 2013

කපිලගෙ කෙල්ල

හිනා වෙන්න කැමති අයට...


කපිල කියන්නෙ ඉස්කොලෙ යන පොඩි කොලු ගැටයෙක්..

මිනිහ ඉතින් ටිකක් සමාජෙ කැපිල පේන්න උත්සාහ කරපු මෑන් කෙනෙක්..

මිනිහගෙ වයසෙ ගොඩක් කොල්ලො කෙල්ලක් සෙට් කරගෙන හිටියෙ..

මිනිහත් ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි පස්සෙන් ගිහිල්ල ගිහිල්ල කෙල්ලක්ව සෙට් කර ගත්ත..

දැන් ඉතින් ලව් එක නියමෙටම යනව..කෙල්ලත් ඉතින් ටිකක් ඇහැට කනට පේන්න හිටිය..

හැබැයි ඉතින් කෙල්ල ක්‍රිස්තියානි..

අවුලකුත් නෑ..මොකද කපිලත් ඔය හැම ආගමකටම ගරු කරන පොරක්නෙ...

ඔන්න දවසක් කපිල ව මීට් වුන වෙලාවෙ කෙල්ල කියාපි,

කපිල අයියා.... මම අම්මට ඔයා ගැන කීව.. අම්ම ඔයාට රෑ කෑමකට අපේ දිහා එන්න කීව හෙට හවස..

කපිල උඩ විසිඋනා කථාව අහල..

යකෝ දැන් මොකද කරන්නෙ... මග අරින්න විදිහක් ගැන තමයි කපිල කල්පනා කරේ...

එතකොටම කෙල්ල කියාපි,

කපිල අයිය හෙට මට චොකෝ එකක් ගෙනාවොත් මං හෙට රෑට තුරුල් කරගෙන උම්ම එකක් දෙනවකියල..

කපිලයට දැන් කට උත්තර නෑ..මොකද මිනිහ මේ වෙනකම් කෙල්ලෙකුගෙන් උම්ම තියා අතක්වත් අල්ලල තිබුනෙ එකක්වැ...

දැන් මිනිහට ගමන යන්නම ඕනෙ... අනික ඉතින් කට්ට කාල දාගත්ත කෙල්ලනෙ..

හරි.. මං එනව බබා... හෙට හවස 7.00 වෙද්දි මං ඔයාලගෙ ගෙදර.. හැබැයි පොරොන්දුව ඕනේ...

මිනිහ ඉතින් ඔහොම කියල ගෙදර ගිහිල්ලත් හීන මැව්ව..

පහුවදා හවස මිනිස කෙල්ලගෙ ගෙදර යන ගමන් කඩේකට රින්ගුවෙ චොකෝ එකක් ගන්න..

මිනිහ කඩේට ගියාට මොකද, කවදාවත් කෙල්ලන්ට චොකෝ අරන් තියන එකක් යෑ...

දැන් මිනිහ දන්නෙ නෑ චොකෝ තෝරන්න...

තට්ට හිසක් තිබුන කඩේ මුදලාලි මාම හරි කරුණාවන්ත පාටයි..

කපිල මුදලාලිට ලංවෙලා සීන් එක මුල ඉදලම දිගෑරිය..

මුදලාලි අංකල්.... මට කෙල්ල කිස් එකක් දෙනව කීව අම්මලාට හොරෙන්.. වැඩේ කර ගන්න නම් චොකෝ එකක් ඕනෙ කීව.. මට හොඳ චොකෝ එකක් දෙන්නකේ...

පුතා ආදරේ අලුත්ම පාට නිල් පාටනේ... ආ මෙන්න.. ඔන්න අම්මලට එහෙම මාට්ටු කර ගන්න එපා...

කපිලයටත් ඉතින් ෆුල් හැපී...චොකෝ එකත් අරන් මුදලාලිටත් පං දිදී කෙල්ලගෙ  ගෙදර ගියාම ඉතින් දොහොත් මුදුන් දීල පිලි අරගෙන එහෙම ඔන්න ඉතින් කෑමට ලෑස්තිය...

තාම  කෙල්ලගෙ පියතුමාව දැක්කෙ නෑ... නසරානියෙක්ද කවුද දන්නෙ..

තාත්ත ආව... එයා වොශ් කරගෙන එයි.. එතකන් අපි යාච්නා කරමු...කෙල්ගෙ අම්ම කියපු පිලිවෙලට වැඩේ පටාන් ගත්ත..

දන්නවනෙ ඉතින් එයාල කෑම ගන්න කලින් දෙවියන්ට ස්තූති කරනවනෙ..

ඔන්න ඉතින් කපිලත් වැඩර් වගේ නැමිල ඔලුව බිම  තියන් යාච්නාව...

ඔය අතරෙ කෙල්ලගෙ තාත්තත් වැඩේට සෙට් උනා කියමුකො...

දැන් ඉතින් කස්ටියම් යාච්නා කොරල ඉවරයි...කස්ටිය කන්න ලෑස්තිය

ඒත් කපිලය තාමත් ඔලුව බිම ගහගෙන යාච්නාව...

කෙල්ලට ඉතින් මාර හැපි...

කෙල්ල කපිලගෙ කනට ලන්වී...

මන් දන්නෙ නෑනෙ කපිල අයිය මේ තරම් දේව භක්තිකයෙක් කියල....

තමුසෙ මගුලක් කතා කරනව...

මන් දන්නෙ නෑනෙ අර හන්දියෙ කඩේ හිටපු තට්ටය තමුසෙගෙ තාත්ත කියල...

*********************************************************************************

ඔයාටත් කථාවට හිනාවක් ගියානම් කමෙන්ට් එකක් දාලම යන්න... 

පහල තියන ෆේස් බුක් ලෝගෝ එක ක්ලික් කරල ඔයාටත් මේක ශෙයා කරන්න පුලුවන්...


සියළු හිමිකම් FreeGetLanka සතුය.(සිනහවක් ඉපදවීම සඳහා පමණි)

4 comments:

  1. එලකිරි ආතල් එක.පිස්සු හැදෙයි. පට්ට බං.

    ReplyDelete