Saturday, July 6, 2013

හැම ෆෝන් එකකින්ම සිංහල වෙබ් පිටු බලමුද?(කොටු කොටු නැතිව)

හැම ෆෝන් එකකින්ම සිංහල



ඔන්න ඉතින් තවත් ගොඩක් අයට වටිනා පෝස්ට් එකක් අරගෙන තමයි ආවේ..

මේකනේ ඉතින් Android ෆෝන් වලට එහෙම Root කරලා සිංහල ෆොන්ට්ස් එහෙම දාල, තවත් කතන්දර ගොඩාක් තියනවනේ සිංහල අකුරු තියන වෙබ් පිටු, බ්ලොග් වගේ දේවල් බලන්න නේද? ඔන්න ඉතින් ඒ සීන් එකට පොඩි විසදුමක් ගෙනාවා.. අනේ අපේ Root නොකරපු ෆෝන්,  ඒ වගේම තව පරණ ෆෝන් එහෙම තියන් ඉන්න අයියලා මේක රස කර කර බලයි නේ..

මෙන්න මෙහෙමනේ සාමාන්‍යයෙන් ෆෝන් එකකින් සිංහල තියන වෙබ් එකකට ගියාම පේන්නේ...



දැක්කමත් ඔලුව හතරට පළල ණයට දුන්න වගේ නේද? හිකිස්... හරි මම එහෙනම් මේ වැඩේ Android OS එකෙන් කරන විදිහ කියලා දෙන්නම්. 
අනිත් හැම එකකින්ම කරන්නෙත් මේ විදිහටමයි.

මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. අපි මේක කරන්නේ Opera Mini Web Browser එක මගින්.. මුලින්ම මෙන්න මේ ලිපිනයට යමුකෝ. එතකොට මේ පහල වගේ එයි.
http://m.operamini.com



එතනින් Opera Mini බාගන්න. 
(සැ:යු-Opera Mobile වලින් කල නොහැක)

එතනින් Download දුන්නම Google Play එකෙන් Download වෙයි.
මෙන්න මේ පහල වගේ. (Open/Uninstall කියල වැටිලා තියෙන්නේ මේ වෙද්දීත් දාල තියන නිසයි) Android නොවෙන ෆෝන් වල Google Play එකට යන්නේ නැතුව කෙලින්ම Download වෙයි.



දැන් Download කරලා ඉවර වෙලා එහෙම ඉතුරු ටික කරන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ පහල තියනවා වගේ " opera:config " කියලා Search කරන්න. එතකොට Opera Mini එකේ Configuration එයි. මෙන්න මේ පහල වගේ තමයි Search කරන්න ඕනා..



එහෙම Search කලාට පස්සේ මෙන්න මේ පහල වගේ Configuration එක එයි. ඒ Page එක පහලටම Scroll කරගන්න. එතකොට පහලම ඇති " Use bitmap fonts for complex scripts " කියලා. සාමාන්‍යයෙන් ඒක තියෙන්නේ NO කියලා. ඔයාල ඒක YES කරලා Save කරන්න.




දැන් Opera Mini එක Restart කරලා එහෙම සිංහල තියන වෙබ් එකකට, බ්ලොග් එකකට ගිහින් බලන්නකෝ. එතකොට මේ පහල වගේ ලස්සනට සිංහල ටික එනවා..



එහෙත් මෙහෙන් පොඩි පොඩි ඇලපිලි ඉස්පිලි ප්‍රශ්න සමහරවිට එයි සමහරවිට. එව්වා ඉතින් මහා ෙද්වල් විදියට හිතන්න ඒපා. සිංහල දන්න ඔයාට ඒ්ක ගැටලුවක් ෙනාෙවයිනි. ඒකට හේතුව ඒ බ්ලොග් එකට, වෙබ් එකට පාවිච්චි කරලා තියන සිංහල අකුරු වර්ගය. 

ලිපිය වැදගත්නම් කමෙන්ට් ඒකකුත් දාලම යන්න...
උපුටා ගැනීම:
(පරිගණක අත්වැල වෙබ් පිටුව)

4 comments:

  1. patta... mamath hoya hoya hitiye me karamayak...

    ReplyDelete
  2. onna mama shre parakuth demma a...

    ReplyDelete
  3. niyamai... mage 4n ekathath weda? Thankx..

    ReplyDelete
  4. ah mageth wada... niyamai... Thankx..

    ReplyDelete