“මං දන්නෙ නෑ අංකල්...
මම මැරෙනකම්ම හංසි මගෙ හිතෙන් ඈත් වෙන එකක් නෑ..”
“මචන් ජනිත්... ඔනෙවට
වඩා කිසිම දෙයක් ගැන හිතන්න එපා බන්...
අපි දෙන්න තනියම ඉන්න එකේ ඔය වෙනසකටත් එක්ක හොඳයිනෙ..
අනික ඉතින් ඔෆිස් එකේනි ඉන්නෙත් බන්...”
ප්‍රභාගෙ කථාවට මුකුත්ම කියන්න මට අයිතියක් නැති බව මන්
දන්න නිසාම මම නිහඬ උනා..
එදා කොල්ලො ටිකට
අවුරුදු වගේ... අනිත් ගෑනු ළමයි දෙන්නට විශේෂයෙන් සලකපු උන් ටික අළුතින් ආපු ළමය
පස්සෙ වැටිල.. දන්නවනි ඉතින් කොල්ලො... අලුත් මූණක් දැක්කම නොබල ඉන්නෙ මොන කොල්ලද
ඉතින්... කෙල්ලත් ඇහැට කනට පේන්න හිටියනෙ...
මහේෂිකා.. අපේ අළුත් ඇඩ්මින් වරියට හම්බවුනේ මගෙ ෂීට් එක
ට ඉස්සරහ තිබුනු පුංචි මේසෙ..
ඇයට ඉන්ටව් එක අවසානෙදි ප්‍රභා නියම කරපු විදියටම කෝට්
කිට් එක තමයි ඇගෙ යුනිෆෝම් එක උනේ...
පුදුම ලස්සනයි... මං මේ ලෝකෙ දැකපු ලස්සනම කෙල්ල මගෙ
හංසි... ඒත් හංසිට පස්සෙ මම මේ ලෝකෙ දැකපු ලස්සනම කෙල්ල මහේෂි...
“සර්... මට සර් මේ
ෆයිල් ටික චෙක් කරන්න කීව... ප්‍රශ්ණයක් තිබුනොත් ලොකු සර්ගෙන් අහගන්න කීව... මට
මේ ස්ටෝක් එක හදන විදිය තේරෙන්නෙ නෑ සර්..”
ඇය මා අසලට ඇවිත් ඇහුවෙ ටිකක් බයෙන් වගේ..
ප්‍රභා ඇයට භාර දීල තිබුනු පලුමු වැඩ කොටස ස්ටෝක් එක
චෙක් කරන එක...
ඈ මේ තරම් ලඟට දැකපු පලමු අවස්තාව මේ... ඇය සුන්දරයි....
කියා ගන්න බැරි තරම් සුන්දරයි... ගමේ පිපුන මේ මල් කැකුල කෙසේනම් මේ තරම් සොඳුරු
රුවැත්තියක් වූයේදැයි මට සිතා ගන්නටවත් නොහැකි උනා.. වෙන කෙල්ලන් තුලින් බලාපොරොත්තු
නොවන විදිහේ අමුතු දේවල් ගොඩක් දේවල් ඈ
කෙරෙන් මට පෙනෙන්නට ගත්ත...
අතේ මැණික් කටුව වටේට පුංචි පබලු ඇට වලල්ලක් දාල හිටිපු
ඇගේ ගතින් විහිදුනේ බේබි ක්‍රීම් සුවඳ... හරියටම පුංචි එකියක් වගේ... එක පුංචි
පැල්ලමක් වත් නොමැති ඇගේ පැහැපත් මුහුණ නාගරික ගැටිස්සියන් උදේ, දිවා , රෑ නොබලා
අතුල්ලන දාස් ගණනෙ ක්‍රීම් ජාති භාවිතා නොකරන බවට එක් නිදසුනක් උනා...
පවුඩර් ටිකකින් සුදු මූණ තවත් ලස්සන වෙලයි තිබුනෙ...
“ ඕ. කේ......... මන්
කියල දෙන්නම්... කෝ බලන්න.. වාඩි වෙන්න මහේෂි...”
මන් ඇගේ අතින් ෆයිල් එක ගත්තෙ ඈට ඉදිරිපස අසුන
පිළිගන්වමින්..
ඈ යලිත් අහිංසක විදියට සිනා සුනා...
කාලය ගෙවිල
ගියා... හැමදාමත් වගේ මං දිගටම හංසිගෙ මතකයෙ දුක් වින්ද...
දිනපතාම සිගරට් බොන්න ඇබ්බැහි උනා...
අරක්කු ටිකක් කටට නොවැටුන දිනයක් නැති තරම්.. ඒත්... ප්‍රභාගෙ කම්පැණි එකේ ළමයි හැමෝම මට ගොඩක්
ආදරෙන් සැලකුව.. ඒ හැමෝම අතරෙ මං ගොඩක් ආදරණීය පුදුගලයෙක් උනා...
“සර්... කෝල් එකක්
සර්ට... ෆෝන් එක දෙපාරක්ම දැන් රින්ස් ගියා.. ඒකයි අරන් ආවෙ...”
“ආහ් තැන්කියු මහේෂි...”
“හෙලෝ..........”
“ආහ්... පුතා... කොහෙද
ඉන්නෙ... අපිත් එක්ක අමනාප වෙලාද ෆෝන් එක ගන්නෙ නැත්තෙ... මන් දැන් කීප සැරයක්ම ට්‍රයි
කලා පුතා....”
මම එකපාරටම ෆෝන් එකේ නම්බර් එක චෙක් කලේ කටහඬ හොඳට හුරු
පුරුදු නිසා... එහාපැත්තෙ ඉඳන් කථාකරන්නෙ හංසිගෙ තාත්ත බව වැටහුනේ නම්බර් එක
දැක්කම..
“සොරි අංකල්... මම පොඩි
වැඩක හිටියෙ... ෆෝන් එක අතේ නෙවෙයි තිබුනෙ... ඉතින් අංකල් කොහොමද? කවදද ලංකාවට
ආවෙ...?”
“අපිට නෙවේ පුතා...
ඔයාට කොහොමද? අපි ඊයෙ ආවෙ....”
“හ්ම... ඔහෙ ඉන්නව
අංකල්... වරදක් නෑ...”
“මට ආරන්චියි පුතා...
ඔයාගෙ කටහඬෙන්ම තේරෙනව... ඔයා තවමත් දුකෙන් ඉන්නෙ කියල... ඒත් වෙන්න තියන දේ උනා...
ප්ලීස් පුතා... දැන්වත් හිත හදා ගන්න...”
“මං දන්නෙ නෑ අංකල්...
මම මැරෙනකම්ම හංසි මගෙ හිතෙන් ඈත් වෙන එකක් නෑ..”
“මං දැකල නෑ පුතා මේ
ලෝකෙ මේ තරම්ම ගෑණු ළමයෙකුට ආදරේ කරපු පිරිමි ළමයෙක්...”
ඔයා වගේ කෙනෙක්ගෙ ආදරේ ලබන්න මගෙ දුව ගොඩක් පිං කරල
තියනව... ඒත් ඔයා වගේ කෙනෙක් මගෙ බෑන කරන්න තරම් මගෙ කෙල්ලටයි, අපටයි පිං නෑ
පුතා.... හංසිගෙ තාත්තට ඇඬුම් ආවෙ හදවතින්ම කියල මම දන්නව...”
“ඉතිං අංකල්... කෝ
ආන්ටි එහෙම... කොහොමද එහෙ ජීවිතේ...?”
“වැරදක් නෑ පුතා...
ඇන්ට් මේ ඉන්නව... ඉන්න මම දෙන්නම්...”
“හෙලෝ පුතා...”
“ආහ්.. ආන්ට්.. කොහොමද?
“
“හොදයි පුතා... මන්
ඔයාගෙන්නම් කොහොමද කියල අහන්නෙ නෑ... මන් දන්නවනෙ ඔයා ගැන... ඒක නෙමේ මතකද හෙට
දවස..?”
“හම්... කොහොම අමතක
වෙන්නද ආන්ට්.... මගෙ ජීවිතේ දුක වැඩිම දවස....?”
(හෙට දිනය යනු පන වගේ මම ආදරේ කරපු හංසි මට අහිමි වී
වසරක් සපිරෙන දිනයයි... එය කෙසේ නම් මම
අමතක කරන්නද?)
“පුතා... අපි ආවෙ...
දුව වෙනුවෙන් දානයක් දීල යන්න... පුතත් අනිවාර්යෙන්ම හෙට එන්න ඕනෙ... අපි බලන්
ඉන්නව පුතා එනකම්....”
“ෂුවර්... මං
අනිවාර්යෙන්ම එනව... “
“ඕකේ පුතා...
බුදුසරණයි...”
දුරකථන ඇමතුම එසේ අවසන් වුවත් හිතේ සැඟවී තිබූ දුක යලි
යලිත් පැසේන්නට විය...
“ප්‍රභා.... මචන් මං
හෙට පොඩි වැඩකට කොළඹ ගිහින් එන්නද?”
“මොකෝ ජනා හදිසියෙම...ගෙවල්
පැත්තෙ වත් යන්නද?”
“ඔව් මචන් ගෙවල්
පැත්තෙත් ගිහිල්ලම දවස් 3කින් විතර එන්නම්..”
පහුවදා උදේම මම හංසිලාගෙ ගෙදර යන විටත් හංසිගෙ අම්මයි
තාත්තයි, දානෙට අවශ්‍ය කලමනා සියල්ල සූදානම් කරගෙන තිබුනෙ.... එයාල දානෙ දෙන්න
තීරනේ කරල තිබුනෙ මහනුවර තපෝවන ආරන්‍ය සේනාසනයට...
අපි එහෙ යන විට උදෑසන 10.30 පමන වෙලා තිබුනෙ..
හංසිලා බාර අරන් තිබුනෙ ආරණ්‍ය වාසී තපස් හාමුදුරුවරු 30
නමකට පමන දහවල් දානයයි...
“පුතා.... ඒක නෙමේ... අපිත්
එක්ක පුතත් රට යමුද? මගෙ බිස්නස් වලට ජොයින් වෙලා එහෙම ඉන්න පුලුවන්නෙ.. බලන්න...
වෙනද පිලිවෙලට හිටිය ජනිත්ද කියල දැන් ඉන්නෙ... ඔහේ ඕනෙවට එපාවට වගේ... ජීවිතේ
අතෑරල දාල වගේ ඇයි මේ...”
“ඇත්ත පුතා අංකල්
කියන්නෙ... ඔයා හොඳටම විඳෝනව කියල කවුරුත් නොකීවට බැලූ බැල්මටම අපට පේනව... අපිත්
එක්ක එහෙ යමු... වියදම් සේරම අංකල් බලා ගනී...” (දානය සකස්
කරන අතරතුර හංසිගෙ අම්මයි තාත්තයි මට කීවෙනම් අවංකවම)
“බෑ ආන්ට්... මට මෙහෙ
හොඳයි.. මගෙ අම්ම, තාත්ත, යාළුවො, හංසි... ඒ හැමෝගෙම මතකයන් තියෙන්නෙ මෙහෙ... මං අනිත්
එක ලංකාවට ආදරෙයි... ඒ නිසා මං මෙහෙම ඉන්නම්.. ප්ලීස්...”
එයින් එහාට එයාල මුකුත් කියන්න ගියෙ නෑ...
ආරණ්‍ය සේනාසනේ හිටිය ඔක්කොම හාමුදුරුවරු බැලූ බැල්මටම
එකම වගේ... පඬු සිවුරු පොරෝල.... පාවහන් නොමැති පා තුඩු, ශාන්තව ගල් මුල් අතර
තබමින් , අරණ්‍ය ගල් කුටි තුල සිට දහවල් දානය සඳහා පහතට වැඩම කරන අපූරුව... ජීවිතේ
කෙතරම්නම් සංසුන්, සුන්දර දෙයක්ද කියල මොහොතකට පසක් කලා... මෙලෙස බවුන් වඩන්නෙ,
මා වැන්නවුන් විලස බැඳීම් පසුපස ගොස් වේදනා විඳිනවාට වඩා නිර්වානය කෙතරම්නම්
උතුම්දැයි කල් තියාම පසක් කර ගත් පිනට නොවේදැයි මට සිතුන වාර අනන්තයි...
මගෙ රත්තරං හංසිගෙ නමින්, දානෙ පූජ කරල, පිං අණුමෝදනා
කරල අපි ආපසු එන්න එනකොට හවස 2.30 ට විතර ඇති...
“පුතා ඔයා දැන් කොහෙද
යන්නෙ...”
“මං මෙහෙමම ගෙදරත්
ගිහිල්ල අම්මලවත් බලලම එනව අංකල්...”
හරි... අපි ඔයාව කොළඹින් බස්සන්නම්.. පුතා අපි තැඹිලි
ගෙඩියක් බීල යමු... මටනම් හරිම තිබහයි....” (හංසිගෙ
තාත්ත පාර අයිනෙ පුංචි තැඹිලි කඩයක් ලඟින් වාහනේ නැවැත්තුවෙ පොඩි විවේකයකටත්
එක්ක...)
“පුතා මේ ටික එහෙනම්
පුතා තියා ගන්න... මන් යාළුවෙකුට කථා කරල ඔයාට හොඳ ජොබ් එකකුත් හොයල දෙන්නම්...
දැන් ඇති ඔය පරණ මතකයන් එක්ක ජීවත් උනා.. දැන් එයාව අමතක කරල අළුතින් ජීවිතේ පටන්
ගන්න... අහ් අපි හෙට ආයෙ මැලේසියා යනව.. ආයෙ කවද එවෙයිද දන්නෙ නෑ පුතා”
“අංකල් මොනවද මේ...” (හංසිගෙ තාත්ත මගෙ අතේ තිබ්බ පාර්සලේ දිහා
බලාගෙන මං ඇහුවෙ කිසිවක් තේරුම් ගන්න බැරිව..)
“ඔයාට අනාගතේට අවශ්‍ය
වෙයි...” ඔහු කීවෙ එපමනයි..
මං පාර්සලේ දිගෑරියෙ කිසිවක් හිතා ගන්න බැරිව.....
පවුරු 08 වන කොටස සමග යලිත් හමුවන තුරු,
අපේ පරපුරේ තවත් එක් සත්‍ය කථාවකට මොහොතකට නැවතුම්
තියන්නට අවසරයි...
මෙහි සියළුම අයිතිය
FreeGetLanka සතුය.
ඇත්තටම මාරම කතාවක් මේක..
ReplyDeleteහිතා ගන්න බෑ මොනවයින් මොනව වෙනවද කියල අවසානෙට.
ඇත්තටම ඇත්ත කතාවක්නම් මේ තමයි මන් දැකපු සිරාම කොල්ල.
නියමයි. දිගටම ලියන්න.
ස්තූතියි යාළුවා..
ReplyDeleteරැඳී සිටින්න අප සමග...
ඉතිරි සියළුම කොටස් කියවීමට මෙතැනට යන්න..
ඉතිරි කොටස් සියල්ලම