Monday, July 15, 2013

පවුරු (05 වන කොටස)


 මම නම් හිතුවෙ හොඳ ගුටි පූජාවක් තමයි කියල...

පෞද්ගලිකව තමන්ට හරි හමන් කෑමක් බීමකත් වත් නොලැබුනාට මොවුන් හැමෝම තිබුනු එකම ඇඳුම හරි ඇන්දෙ මේ ලෝකෙ තියන වැදගත්ම සහ ප්‍රභලම රැකියාවට යන්න වගේ..
ටයි එක දාල අත් දිගට ඇඳල කට්ටියම හරියට මැනේජස්ල වගේ.. 
ඒත් බාහිර පුද්‍ගලයින්ට විමසිල්ලෙන් බැලුවොත් පෙනෙන දේකුත් තිබුන..
ඒ තමයි..., සපත්තු ඉරිල, ඇඳුම් අතින් මහල, මේව දැක්කම බුද්ධිමත් කෙනෙකුට පේනව මේ අය ගොඩක් දුක් විඳින අය කියල... ඒත් මේ අය නම් ඒ බව හඟවන්න කැමති නෑ... මොකද මැනේජර් කියන මානසිකත්වයෙන්නි ඉන්නෙ...
ඔන්න ඉතින් කොහොමින් කොහොමින් හරි හැමෝම සූදානම් වෙලා ෆීල්ඩ් එකට යන්න ලෑස්ති උනා... 
දෙන්න දෙන්න තමයි එකට පිටත් උනේ...
එදා එයාලට සේල් කරන්න තිබුනෙ ටිකක් වෙනස් විදිහෙ කාපට් එකක්(පාපිස්නාවක්)
මමයි ප්‍රභායි එක්ක රොෂානුයි සජිනියි දෙන්නත් ආව...
ඒ දෙන්නගෙ අතට කාපට් 25 ගානෙ දීල අපි දෙන්න ගියෙ ෆෝන් දෙක විතරක් අතේ තියා‍ගෙන... 

ඒයාලත් අපි විදියටම ඇඳල පැලඳල හිටියට අපේ තිබුනු ඒ වැදගත් පෙනුම එයාලගෙන් ගිලිහිල ගිහින් තිබුනෙ... 
ඒත් පෙර දින නොදැකපු තෘප්තිමත් බවක් ඒ දෙන්නගෙම මූණු වල පේන්න තිබුන..
මටනම් මෙක අමුතුම අත්දැකීමක්...
අපි බස් එකක නැගල කිලෝ මීටර් 7ක් විතර දුර ටිකක් ගම්බද පලාතකට ගියෙ...
"රොෂාන්... ඉස්සෙල්ලම මේ ගෙදරට ඔයා කතා කරන්න බලන්න..."
ප්‍රභා රොෂාන්ට කීවෙ පාරෙ ඉස්සරලම තිබුනු ගෙදර පෙන්නල... 
රොෂාන් හරි උද්යෝගයෙන් වගේ කථා කලා...  
ඒත් කාපට් එක හඳුන්වා දෙන්න මාකටින් වල නියම්ත පියවර ගාන පැටලුන නිසාදෝ ඒ ගෙදරින් මුකුත්ම ගත්තෙ නෑ...
"කමෝන් ගයිස්... මොකෝ මේ මූණ... එක පාරටම අයිටම් ප්‍රමෝට් කරන්න බෑ...
තව ඉස්සරහට ගෙවල් එහෙමමයි..."
මූණ ඇඹුල් කරගෙන ආපු රොෂාන්ට ප්‍රභා කියපු විදිහට රොෂාන්ගෙ නෙමේ මගෙත් උද්යෝගෙ වැඩි උනා... ප්‍රභා කථා කලේ පුදුම විස්වාසෙකින්... 

"කෝ මට දෙන්න කාපට් 6ක්..."
මම අර ගෙදරට යනව... දෙන්නම බාගන්න මන් කථා කරන විදිය..
ප්‍රභා කීවෙ... සජිනිගෙ අතේ තිබුනු කාපට් 25න් 6ක් අතට ගන්න ගමන්...
මම සජිනි, රොෂාන් එක්ක පිටිපස්සෙන් ගියා...
ප්‍රභා කාපට් ටිකත් අතේ කියාගෙන ගේ ඉස්සරහට ගියෙ ගෙදර ඉස්සරහ හිටපු අවුරුදු 28ක විතර තරුණයෙකුට 

"ගුඩ් මෝනිං සර්...."    කියාගෙන...
ප්‍රභා කථා කරේ අපි හැමෝවම අන්ද මන්ද කරන විදිහට...
ඒකනම් පුදුම කථාවක්...
"සර් කාපට් කීයක් ඕනෙද?"    ප්‍රභා ඇහුවෙ අන්තිමටම එහෙම...
ප්‍රභා මේ වෙනකොටත් කාපට් 6 ම බිමට දාල ඉවරයි...
ඒ පිරිමිය මුකුත් කථා කරන්නෙ නැතිව ගෙට ගියා...  

මම නම් හිතුවෙ හොඳ ගුටි පූජාවක් තමයි කියල... 

රොෂානුයි, සජිනියි... බයවෙලා මූණෙන් මූණ බලාගෙන..
ඒ පිරිමි පුද්ගලය එලියට ආවෙ දාහෙ කොළ දෙකක් අතේ තියාගෙන...
"මහත්තය... අපට කාපට් 8ක් ම දෙන්න..."
අපි උඩ ගිහින් බිම වැටුන... ප්‍රභාටනම් ඒක පුදුමයක් නෙමේ වගේ...
"දහයක්ම ගන්න සර්... එතකොට එකක් ෆී..."
ප්‍රභා කීව විදිහටම කාපට් එකොලහක් එයාට දුන්න..
හැබැයි සාමාන්‍ය විකුණන මිලට වඩා 10%ක් වැඩි මිලට... 

ඒ පිරිමි පුද්ගලය දන්නෙම නැතුව ෆී දුන්න එකේ ගාන අනිත්වයින් අල්ලල... 

"මෙන්න පුතාල මාකටින්..."

ප්‍රභා කීවෙ එච්චරයි...  

අනිත් ගෙවල් දෙකටත් ගෑණු ළමයයි, පිරිමි ළමයයි කාපට් 1 ගානෙ දැම්ම...  

"දැන් ලොකු සර් ගෙ වාරෙ..."
ප්‍රභා කීවෙ... මගෙ දිහාට හැරිල ඇහැක් ගහල...
දැන් මොකද කරන්නෙ... මට කටඋත්තර නෑ...
ඒත් ප්‍රභාගෙ නම් මූණෙ කිසිම වෙනසක් තිබුනෙ නෑ... ඒත් මගෙ හිතට ලොකු චකිතයක් තිබුනෙ...
ඒත් ඉතින් මටත් හොඳට කථා කරන්න පුළුවන්... මමත් හිටියෙ සුපර් මාකට් එකකනෙ...
කාපට් 4කුත් අතට අරන් මම ප්‍රභා පෙන්වපු ගෙදරට ගියේ ළමයි දෙන්නට නෝන්ඩි නොවී වැඩේ ගොඩදාන්න හිතාගෙන...
එක කාපට් එකක්වත් ගත්තෙ නැත්නම් නම් වස නෝන්ඩිය... 

මට හිතුනෙ එහෙම...දෙවියෙ සිහිකරගෙන කාපට් ටික හඳුන්වල දුන්නෙ.. ඒත් හිතුවට වඩා ගොඩක් හොඳට මට වචන ගැලපුනා...
"සර්..."

මම ‍ගාන කියන්න කලින් ඒ මනුස්සය ඇහුවෙ  

"15ක් ගන්නවනම් කීය ගානෙද දෙන්නෙ..?" 
කියල...
මම සාමාන්‍ය ගානට ටිකක් වැඩියෙන් කීව..  
කියල,

"20ට වැඩිපුර ගත්තොත්නම් සර්ට මේ ගානට දුන්නැකි"
 කියල සාමාන්‍ය ගාන කීව...
මගෙ හිතට ඒ අදහස් කොහෙන් ආවෙද මන්ද?
කිව්ව වගේම ඒ ගෙදරින් කාපට් 20ක් ම ගත්ත... 
 ඒ මනුස්සය කීවෙ..
"සර්... ලබන මාසෙ පුතාගෙ වෙඩින් එක... මට මේ කාපට් ටික ගොඩක් ප්‍රයෝජනවත්"  කියල..
ඒ ගෙදරින් අපට තේ පැන් සංග්‍රහයකුත් ලැබුන...
දැන් ඉතින් මට පුදුම සතුටුයි...  

රොෂානුයි, සජිනියි මන් දිහා බලන්නෙ වීරයෙක් දිහා බලනව වගේ...  

මට තවමත් හිතා ගන්න බෑ මොකද උනේ කියල...
"එහෙනම් රොෂාන් සජිනිත් එක්ක ඉතුරු ටිකේ වැඩ කරන්න... ලොකු සරුයි මමයි යනව..."
ප්‍රභා එහෙම කියල මාත් එක්ක ආපහු ගාල්ලෙ ටවුන් එකට ආවෙ කට කොනකින් හිනා වෙවී...
"ප්‍රභා මට හිතාගන්න බෑ බං... කොහොමද එච්චර කාපට් විකිණුනේ කියල බං..."
"ඒව මාකටින් හරී...."
ප්‍රභා කීවෙ සමච්චලේට වගේ හිනා වෙවී මගෙ කරට අතක් දා ගන්න ගමන්... 
"ඇත්තටම මොකක්ද බන් ඒකෙ තේරුම?"
ප්‍රභා සිදු වූ සියල්ල පැහැදිලි කරා... සිදුවී තිබුනේ මම හීනෙකින්වත් නොසිතපු දෙයක්..
"මචන්... "
"උඹයි මමයි කථා කරපු ඒ ගෙවල් දෙකේම ඉන්නෙ මගෙ යාළුවො...
මං එක්ක එලියෙදි එකට ඩ්‍රින්ක්ස් ගන්න උන්..
මන් ඊයෙ සෙට් වෙලා කීව මන් එනව මට මේ වැඩේ කරල දීපන් කියල... 
මේ සල්ලිත් මගෙ බං..
හවසට ළමයි එන්න කලින් ඹෆිස් එකට කාපට් ටික ගෙනල්ල දායි..,"
"ඇයි මචන් ඉතින් මෙහෙම කරේ...,"
"මචන්...  
ළමයි ටික මෝට්වේට්(උද්යෝගිමත්) වෙන්නනම් ඔය වගේ දේවල් කරන්න ඕනෙ... "

"දැන් බලපන්.. උඹ කාපට් 20ක් දැම්ම.. අද ඔවුන්ගෙ මාතෘකාව ඕක.. 
හෙට වෙද්දි ඔෆිස් එකේ කාපට් ඔක්කොම ඔවුන් කොහොමහරි විකුණනව..  
මේ මොටිවේට් එකට..."
ප්‍රභා ගෙ කථාව මම අහගෙන හිටියෙ කියන්න කරන්න  දෙයක් නැති කමට... 

මේක මහ වංචාවක්...  

අහින්සක අම්මල තාත්තලගෙ පුංචි දරු පැටව් මෙහෙම විකුණගෙන කන එක වැරදියි කියල ප්‍රභාට කියන්න තරම් හයියක් මට ඒ වෙලාවෙ තිබුනෙ නෑ...
එදා ප්‍රභා මාත් එක්ක ගිහිල්ල ඇඩ්මින් කෙනෙක් ගන්න ඇඩ් එකකුත් පත්තරේට භාර දීල ඔෆිස් එකට ආවෙ දවල්ට ‍රයිස් 2කුත් අරගෙන...
ඇත්තටම මැනේජරි ෆෝස්ට් එකට වෙලා මේ වැඩ කරවත්දි මැනේජර් කම කරන අපට හොඳට සැප වින්දැකි... 

ඒත් අර ළමයි කී දෙනෙක්නම් මේ වෙලාවෙත් කාල නැතිව බඩගින්නෙ ඇවිදිනව ඇත් මැනේජර් කෙනෙක් වීමේ සිහිනය සැබෑ කර ගන්න...
පව්....  

 මට නිතරම සිතුනෙ එහෙම...
ජීවිතේට විවිධ අද්දැකීම් එකතු කරමින් කාලය ගෙවිල ගියා... 
පත්තරේ ඇඩ් එකට ගොඩක් ගෑණු ළමයි කථා කරා...  

 ටිකක් දුර පළාත්වල ළමයින්ට තමයි ඉන්ටව් එන්න කියල ප්‍රභා දිනයක් දුන්නෙ..
එදා ප්‍රභා එක්ක මාත් එකම ටේබල් එකේ වාඩිවෙලා හිටියෙ...
ටිකක් කටකාර, ගම්බද, ලස්සන කෙනෙක්ව තෝර ගමු කියලයි ප්‍රභා මට යෝජනා කරේ... 

ඒත් මට හිතාගන්න බැරි උනා අධ්‍යාපන සුදුසුකම් වෙනුවට මේ වගේ දේවල් හොයන්නෙ ඇයි කියන එක...
එදා සඳුද දවසක්...

තවත් කොටසක් බලාපොරොත්තු වන්න...

6 වන කොටස හැකි ඉක්මනින් ඔබ වෙත ගෙන එන්නම්...

අප සමග රැදී සිටින්න..

ඔබේ අදහස් පහලින් ලියලම යන්න...
මෙහි සියළුම හිමිකම් FreeGetLanka සතුය..

5 comments:

  1. Ikmanata 6 weni kotasath danna Admin...
    Niyama kathawa..
    mara lassanai..

    ReplyDelete
  2. සුපිරි

    ReplyDelete
  3. patta... maru...

    ReplyDelete
  4. මරුනේ මල්ලියා . උබමද මේවා ලියන්නේ.? සිංහල සින්දිවලට බ්ලොග් එක ඔබහන්. දිගුගමනක් යන්න සුබ පතනවා..!!
    ANW

    ReplyDelete
  5. ස්තූතියි හැමෝටම.
    සින්ඩි යට දාල තියෙන්නෙ..
    ඉතිරි සියළුම කොටස් කියවීමට මෙතැනට යන්න..
    ඉතිරි කොටස් සියල්ලම

    ReplyDelete