Sunday, July 7, 2013

මලක අරුත

පාසැල කියන්නෙ හැමොම හෙඳටම පිස්සු නටපු , ජීවිතේ වැඩිපුරම විඳින/ විඳපු තැනනි..

අද කියන්න යන්නෙ මේ පාසැල් කාලෙ උන එක් සිදුවීමක්..

මේකයි කථාව..

පන්තියේ යාළුවො සෙට් එකම ඉස්කෝලෙන් යන ට්‍රිප් එකකට සහභාගී වුනා..

කස්ටියම ට්‍රිප් එකේ අවසාන භාගය ගෙවමින් හිටියෙ...

දන්නවනි ඉතින් ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියොත් අන්තිමම මොහොතෙ තියන අවසාන ක්‍රියාව ටොය්ස් බඩු වලට ලන්සු තියන එක කියල...

ඔන්න ගමන අවසාන වේගෙන එන මොහොතෙ බස් එක නැවැත්තුව ටොයිස් බඩු තියන කඩ පේලියක් ලඟ...

දැන් ටීචර් කෑ ගහනව..

,ළමයි... ඔය ගන්න දෙයක් අරන් ඉක්මනට බස් එකට එන්න.. යන්න පරක්කු වෙනවා... අම්මලාටත් මොනවහරි ගන්න අමතක නොකර කියල..,

ටීචර් කථාව කියල ඉවර වෙන්නත් කලින් කොල්ලො සෙට් එක කඩවල් ගානෙ යන්නත් පටන් අරන්..

හප්පේ.. කියල වැඩක් නෑ... හැමතැනම පාට පාට සෙල්ලම්බඩු, කෑම ජාති, මල් ජාති පිරිල...

කස්ටියම කෑම ජාති වල සාම්පල් බල බල ඉස්තරම්ම කෑම හොයනව..
(දන්නවනෙ ඉතින්... දොදොල් සාම්පල් එහෙම බලන හැටි කස්ටිය... සාම්පල් බලල ඉවර වෙත්දි සෙට් එක කොහොමත් දොදොල් කිලෝ එකකට විතර වග කියල ඉවරයිනෙ...)

මේ අතරෙ පන්තියට ලඟදි අලුතෙන් ආපු සේනක මල් පොකුරක් අරන්...

ආහ් සේන..
කෙල්ලටවත් දෙන්නද? අඩෝ කැත වැඩ ආහ්... අපිටත් නොකිය උඹ කෙල්ලක් හොයාගෙන එහෙනම්..

අනේ නෑ මචං.. සේනක කීවෙ අපහසුවෙන්...

හරි හරී.. ලැජ්ජ නැතිව කියපන් බන්.....
(පන්තියෙ සෙට් එකට දැන් ඉතින් මාසෙකට බයිට් එකට ඇති මේක..)

සේනකගෙයි, යාළුවන්ගෙයි මේ කථාව උඩින් පල්ලෙන් වගේ මේ වෙනකොටත් පන්තිබාර ටීචර් අහගෙන...

අප්පටසිරි... හරි... බඩුම තමා... අපේ මිස් ඔක්කොම අහගෙන වගේ... ඔවුන් අසලම ඔවුන් දෙස බලාගෙන කේන්තියෙන් පුපුරමින් සිටි ටීචර් ව පෙඇහැකින් පෙන්වමින් එකෙකු කීවෙ රහසින් වගේ...

දැන් ඉතින් කස්ටියම බයවෙලා...

මේ ළමය ඉස්කෝලෙට ආවෙ අළුතෙන් නේද? ආව ගමවන්ම කෙල්ලෙකුත් පටලවගෙනද?
ආ..................

සේනකගෙ ඇස් වල කඳළු පරිල... හැමෝම හිතුවෙ බයට කියල..

ඒත් අන්තිමටම සේනක කථා කලා....

ඔහු කීවෙ මෙපමණයි...

ටීචර්.. මේ මල් මගෙ අප්පච්චිට....
 අප්පච්චිට... නිකන් බොරු කියන්න එපා ළමයො.. තාත්තලට මල් දෙනවද?

කඩවල්වල මිනිස්සුත් මේ වෙනවිට වටවෙලා සිද්දිය බලාගෙන...

නෑ ටීච... අප්පච්චිගෙ සොහොන ළඟ තියන්න............

අවසන් වදන් කීපය මෙලෙස සේනකගෙ කටින් පිටවූයේ හැමෝගෙම දෑස් තෙත් කරමින්..

****************************************************************************

කථාව වැදගත්න්ම්,
ලයික්, කමෙන්ට් දාලම යන්න...
යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න...


2 comments: