කවදාවත් මේ තරම් බඩගිනි දැනිල නෑලු...
ප්‍රභා මගෙ ප්‍රශ්ණෙට උත්තර දුන්නෙ මට
නෝන්ඩි හිනාවකුත් දාල...
මචන්... මුන්ට ඒකත් වැඩී...
යකෝ පවි බන්... කොල්ලො ටික දවස
තිස්සෙම පාරවල් ගානෙ නැහිල නැහිල දවල්ටත් හරියට කෑමක් නැතිව ඇති බන්...
මචන්.. මේ අහපන්... අපි මේ කරන්නෙ බිස්නස්
එකක්.. මේකෙදි අනුකම්පාව කියන දේ අපෙන් අයින් කර
නොගත්තොත් අපට මේක කරන්න බෑ...
අනිත් එක තමයි... උදේට මුන්ට අඩුවෙන්
කන්න දෙන්න හේතුවක් තියනව...
උදේට හරියට කෑවෙ නෑ කියන්නෙ 10 විතර වෙනකොට හොඳට
බඩගිනි දැනෙනව.. එතකොට මුන් මහන්සි වෙලා කොහොමහරි බඩු ටිකක්
මොකෙක්ගෙ හරි ඇගේ ගහනව දවල්ට කන්න ඹ්නෙ හින්ද?
උඹට තේරුනාද මචන්... ඒව බිස්නස් ට්‍රික්ස්...
හො..................................(කියන්නට තරමි කිසිවක්
මට ප්‍රභා ඉතිරි නොකල නිසා සුසුමතින් හිත සැහැල්ලු කර ගන්නව ඇරෙන්න මට වෙන
විකල්පයක් තිබුනෙ නෑ...)
රෑට කෑම හැදුවෙ කොල්ලො ටික.... මගෙ ජීවිතේ වෙනසක් වෙන
ඒක් ඇරඹුමක පළම දවස අවසන් වේගෙන යනව...
දවල් තිස්සෙ පාරවල් ගානෙ ඇවිද ඇවිද මහන්සි වෙලා වැඩකරපු
කොල්ලො ටික දැලි ගාගෙන කෑම හදනව..
ඒ අතරෙ සමහරු ෆෝන් කෝල්ස් වල...
තවත් සමහරු ඉරිච්ච ඇඳුම් මහනව..
තම තමන්ගෙ ලෝකවලට වෙලා ඹවුන් කුමක් හෝ දෙයකට කාලය වැය
කරමින් ඹවුන් මේ හීන මවන්නෙ මැනේජර් කෙනෙක් යැයි ඹවුන්ගේ ඹලුගෙඩි වලට දාල තියන
හීනෙ හැබෑ කර ගන්න නොවේද?
මචන් ජනිත්... මන් ගැස්සුනේ ප්‍රභාගෙ කටහඬට... යමු... පොඩි ෂොට් එකක් දාමු..
ප්‍රභා මාවත් එක්කරගෙන
ගියෙ ඹෆිස් එකට..
අද අපි දෙන්න විතරයි මචන්... (ප්‍රභා කීවෙ මට අසුනක්ද
පිලිගන්වමින්...)
ජීවිතේ හෙම්බත් වෙලා හිටපු මට ප්‍රභා මහා අස්වැසිල්ලක්
කියලයි හිතුනෙ...
අපි බෝතලේ හිස් කරන ගමන් කථාකලේ මේ ව්‍යාපාරෙ ගැන... කොයිම මොහොතකවත් මගෙ
දුක්බර අතීතෙ ප්‍රභා හාර ඇවිස්සුවෙ නෑ....
මචන්... හෙට පත්තරේ ඇඩ් එකක්
දාමු.. ඇඩ්මින් කෙනෙක් ඹ්නෙ කියල...මෙතන්ට ටිකක් ඇහැට කනට
පේන කෙල්ලෙක් ගත්තම ඇඩ්මින් පෝස්ට් එකට, තව කෙල්ලො කොල්ලො
ටිකක් ගොඩදාගන්ඩ ලේසියි...
උඹත් ඉන්න එකේ කොහොමහරි 50ක් වෙන්න කට්ටිය වැඩි
කර ගත්තනම් අපිට ෆන් එකේ හිටිහැකි හැමදාම... අනික මචන් කෙල්ලෙක්
ඇඩ්මින් පෝස්ට් එකේ ඉන්නකොට ආරක්ෂාව ගැනත් දෙමව්පියො බය වෙන්නෙ නෑනෙ...
ප්‍රභාට කථා කරන්න දීල මන්
සියල්ල අහගෙන හිටියෙ වෙරි මතින් උනත් හොඳ අවදානෙන්...
ප්‍රභාගෙ කථාව ඇත්ත... ඒත් ඒ හැම තැනකම
වන්චාව බොරුව පිරිල තියන බව මට නොතේරුනා නොවේ.. ඒත් මම හිටපු
මානසිකත්වෙත් එක්ක මට ඒ දේවල් ගැන වැඩිය හිතන්න ඹ්නෙ උනේ ණෑ...
රෑ කෑම ගොඩක් රසට හදල තිබුන...
කොල්ලො ඹක්කොටම කලින්
අපි දෙන්නගෙ බත් පිඟන් දෙක ගෙනත් දීල, ගෑණු ළමයි දෙන්නගෙ බත්
දෙකත් බෙදල අයින් කරල තමයි උන්ගෙ පිඟන් වලට බෙදා ගත්තෙ...
මන් ප්රරභාට තනියම කෑමකන්න ඉඩ දීල කුස්සිය පැත්තට ගියෙ
නිකමට වගේ... බඩගින්නක් තිබුනෙත් නෑ..
දෙයියනේ............(කොල්ලො ටිකගෙ බත්
පිගන් දැක්කමයි මට හීල්ලිල ගියෙ..)
ඒ එක පිඟානකවත් අඩිය වැහෙන තරමට බත් තිලුනෙ නෑ...
පව්... ව්‍යංජන වෙනුවට තිබුනෙ
හොදි(මිරිස් වතුර වගේ) ගොඩක්.
මේසයක් උඩ ගෑණු ළමයි දෙන්නගෙ බත් පිඟන් දෙක වහල තිබුන.. මට ඹ්නෙ උනා ඒ දෙකත්
ඇරල බලන්න..
පුදුමයි... මට මොහොතකට හිතුන
කොල්ලො කොයි තරම්නම් ශේෂ්ඨද කියල...
අපිට වගේම ඒ පිඟන් දෙකටත් කෑම නොඅඩුව බෙදල තිබුන...
තාරක කියන්නෙ මේ කන්ඩායමේ හිටපු අහිංසක කොල්ලෙක්... මං තාරක ලඟට කිට්ටු උනේ
ටිකක් කථා කරන්න හිතාගෙන...
පුතා තාරක... ඇයි මේ ගෑණු ළමයින්ගෙ
කෑම එක හොඳට දීල ඹයාල මේ විදිහට කන්නෙ...
නෑ සර්.. අපි කොල්ලොනි.... බඩගිනි උනත් අපිට ඔහෙ
ඉවසන් හිටිහැකි... ඒත් පව් සර් ඒ ළමයි දෙන්න...
ඇයි පුතා පව් කියන්නෙ...
නෑ සර්.. අද ඒ එක ළමයෙක් මාත්
එක්ක ෆීල්ඩ් එකට ගියෙ... මාත් එක්ක කියනව...
කවදාවත් මේ තරම් බඩගිනි දැනිල නෑලු...
මගෙ මුලු ඇඟම සීතල වෙලා ගියෙ ඒ කථාවට...
ඒ කථාවත් එක්ක මට මගෙ හන්සි මතක් උන නිසාදෝ මන් ටිකක්
එලියට ආව...
මට මතකයි... දවල් කෑම එක පැයක් ප්‍රමාද උනොත් හන්සිට
ඒකත් දරා ගන්න බෑ...
තැන තැන වාඩිලො හැමෝම කෑම කනව.. එයාලට ඒක හරියට දිව්‍ය
බෝජනයක් වගේ..
පව්.. අහිංසක ළමයි.....
ගෑණු ළමයි දෙන්නත් කෑම පිඟන් දෙක අරන් ඇවිත් මන් හිටපු
තැනය පොඩ්ඩක් ඈතින් තිබුනු කොට්ටන් ගහ යට හඳ එලියෙම වාඩි උනේ අහිංසක බයාදු
හිනාවකින් මට සංග්‍රහ කරල...
මට දැනුනෙ කියා ගන්න බැරි තරම් දුකක්...
එතන හිටපු එක් ගැහැණු
ළමයෙක් පෙනුමෙන් හංසිගෙ වයසෙ වගේ...
මොකක්දෝ පෙර ආත්මෙක
ගත්තු නයක් ප්‍රභාට ගෙවන්න මෙතනට ඇවිල්ල විදෝනව කියලයි මට
හිතුනෙ...
මේ ක්‍රියාදාමයේ හවුල් කාරයෙක්
වෙන්න උන එක ගැන පුංචි හරි කනගාටුවක් පළමුවෙන්ම මට දැනුනෙ මේ වෙලාවෙ...
රාත්‍රිය ගෙවිල ගියා පහුවදා
උදේම නිදාගන්න දාපු පැදුරු ටික අකුලන ගමන් ළමයි කථා වුනේ එදා වැඩට යන්න හොඳ ගමක් ගැන...
මචන් මන් අද ටව්මට යනව.. අද පොල දවස.. අයිටම් ටිකක්
ගොඩදාගත්තෑකි...
නෑ මචන් අද මන් යන්නෙ ඊයෙ ගිය දිහාමයි... අදවත් කීයක්හරි
හොයාගෙන කාඩ් එකක් දාගන්න ඕනෙ බන් අක්කට කථා කරන්න... කීයක්හරි එවන්ඩ කියන්ඩ
ඕනෙ.. බලපන්කො සපත්තු දෙක කැඩුනනෙ...
කට්ටියක කථා මට උඩින් පල්ලෙන් ඇසුනත් සපත්තු කථාවට මගෙ
ඇස් ඒ පැත්තට හැරුනෙ මටත් නොදැනි...
ඒ සපත්තු දෙක දැක්කම ඇත්තටම මට පුදුම හිතුන...
කළුපාට ටියුලිප් බෑග් කෑල්ලක් ඇතුලට දාල ඒකට කකුල දාගෙන
හිටපු ඒ පිරිමි ළමයගෙ සපත්තුවෙ අඩියක් නැති තරමට ගෙවිල... ඒ මදිවට ඇඟිලි එලියෙ.. මේ වගේ වෙන්න මේ කකුල්
කොයිතරම් දුරක්නම් පයින් ඇවිදින්න ඇත්ද?
ගැහැණු පිරිමි බේදයකින් තෙරව හැමෝටම පොදු මෙම ගෙයක්
ගෙයක් ගානෙ ඇවිදීමේ කලාව කොයි තරම්නම් කටුකද?
එහෙත් මේ දුක තේරුම් ගෙන හෝ නොගෙන තමන්ගේ සාක්කු
පුරෝගන්න ප්‍රභාත් වැන්නවුන් මේ රටේ තව කොතෙක් ඇත්ද?
අසරණ ජීවිතවලට මෙසේ ලන්සු තියමින් මේ කරන ක්‍රියාදාමයේ මමත් සාමාජිකයෙකු
නොවේදැයි මේ වන විටත් මට අනන්ත වාරයක් මතක් වී හමාරය...
මචන්.. අද අපි දෙන්නත් ෆීල්ඩ්
එකට යමු... කෝ මේ වැඩේ අමාරුයි කියපු රොෂානුයි, සජිනියි දෙන්නත් අද
යමු අපිත් එක්ක..(ප්‍රභා මෙසේ කියාගෙන මා අසලට ආවෙ මාවත් පුදුම කරවමින්)
උඹේ ඔය මානසිකත්වය අමතක වෙන්නයි, මේ ගොල්ලන්ට වෙනසකටයි
එක්ක අපිත් අද ෆීල්ඩ් එකට බහිමු 10 විතර වෙනකම්...
(ප්‍රභා එහෙම කීවෙ මට විතරක් ඇසෙන්න. මටත් මේක අළුත්
අද්දැකීමක්... මමත් එක පයින් කැමති උනා...)
ඉහත කී සජිනි කියන්නෙ අර ගෑණු ළමයි දෙන්නගෙන්
එක්කෙනෙක්... මන් අර හංසිගෙ වයසෙ වගේ කීවෙ... එයා...
රොෂාන් කියන්නෙ මේ බිස්නස් එකේ හෙම්බත් වෙලා හිටපු
පිරිමි ළමයෙක්...
මට තිබුනු ලොකුම ප්‍රශ්ණෙ ඇයි මේ දෙන්නව ප්‍රභා තෝරගත්තෙ
කියන එක...
තවත් කොටසක් බලාපොරොත්තු වන්න...
5 වන කොටස හැකි ඉක්මනින් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නම්...
අපිට වටිනම දේ ඔබේ අදහස්....
ඔබේ අදහස් පහලින් දාලම යන්න...
ඔබත් දන්නා සත්‍ය කථා වෙතොත් අප වෙත එවන්න...
rmbraveen@gmail.com
ඇත්තටම යාලුවා සුපිරිම කතාවක්.අනිවා දිගටම අපි කියවනවා.මේ වගේ සංවේදි කතාවක් කාලෙකින් කියවන්නේ.ඇත්තටම සුපිරි වැඩක් මචෝ.
ReplyDeleteසිතූතියි
ReplyDeleteඉතිරි සියළුම කොටස් කියවීමට මෙතැනට යන්න..
ඉතිරි කොටස් සියල්ලම මෙතැතින්