Thursday, July 25, 2013

පවුරු (6 වන කොටස)

අපිත් මේ බලන් හිටියෙ කව්ද මේ අපේ මැණිකගෙ හි ගත්ත ජනත් කියන කෙනා කියල බලන්න...



ගොඩක් ගෑණු ළමයි ඇවිත් හිටියෙ තාත්තලත් එක්ක.  

මන් හිතන විදිහට ආරක්ෂාව ගැන හොයල බලන්න, ආයතනය ගැන විපරම් කරන්න වගේ දේවල් ඒකට හේතු වෙන්න ඇති. ඔය අතර හිටිය ස්සන ගෑණු ළමයි දෙතුන් දෙනෙක්ම

ප්‍රභා මට අධ්‍යාපන සහතික ටික චෙක් කරන වැඩේ බාර දුන්න...  

"මන් කොහොමත් ඔය අධ්‍යාපනය පේන්න බැරි එකානෙ බන්.. උඹම ඔය ටික චෙක් කරහන්..." (ප්‍රභා ඉන්ටව් එකට කලින් කීවෙ එහෙම)

ගොඩක් හොඳට ඉගෙන ගත්තු ළමයි හිටිය...
ඒත් අවසානයෙ ප්‍රභා තෝරගතත්ත ළමයට මුල් තැන දීල තිබුනෙ ලස්සනට..

ඒ ළමය ඇත්තටම ගොඩක් ලස්සන ළමයෙක්.. වලස්මුල්ලෙ ඉඳල ඇවිත් තියෙන්නෙ... හොඳ සමාජශීලි බවකුත් බැලූ බැල්මටම පේන්ව තිබුන...

"මචන්... මෙයා තමයි අපට හරියනම ගර්ල්... " (ප්‍රභා අන්තිමටම කීවෙ ඒ ළමයගෙ ඇප්ලිකේෂන් එකේ තිබුනු ෆොටෝ එක මට පෙන්නල...)

"ඕ.කේ මචන්..." (මට වෙන කියන්න දෙයක් තිබුනෙ නෑ.. ඒ වගේම මට මුකුත් කියන්න උවමනාවක් තිබුනෙත් නෑ..)  

ඒත්, ඒ ළමයට වඩා ගොඩාක් ඉහල අධ්‍යාපන සුදුසුකම් තියන ළමයි එතන හිටිය.. එහෙම ඉද්දිත් මේ ළමයව තෝරගත්තෙ ඇයි කියන එකනම් මගෙ හිතේ කොනක තිබුනු පොඩි පිළිතුරක් නැති ගැටළුවක්.

ප්‍රභාගෙ තේරීමට අනුව වලස්මුල්ලෙ මහේෂිකා ඇඩ්මින් තනතුරට බඳවා ගත්ත

"දුවව හෙට උදේම එක්ක එන්නම් මහත්තයෝ... නවාතැන් පහසුකම් එහෙම කියනවද?"

"ඔව්... අපේ ඔෆිස් එකේ තව ගෑණු ළමයි කීප දෙනෙක්ම ඉන්නව.. එයාලත් එක්ක ඉන්න පුළුවන්... නවාතැන්, කෑම බීම කිසිදේකට‍ වියදම් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ.. අපි ඒ හැමදේම ආයතනය ගානෙ ලබා දෙනව..."

ප්‍රභා මහේෂිකාගෙ තාත්තට කීවෙ රැකියාව, ආයතනය කෙරෙහි ඒ දුප්පත් මනුස්සයහෙ විස්වාසය තවත් ගොඩ නංවමින්... 

මහේෂිකා මන් දිහා බලල ඒ වෙලාවෙ හිනාවුනේ හරිම අහිංසක විදිහට...

ඒ හිනාව සුළු මොහොතකට මාව හංසිගෙ අතීත මතකයෙ මාව නතර කරන්න තරමි ප්‍රභල වුනා..

මට මතකයි..
හංසි ඉස්සරලම මට එයාලගෙ ගෙදර එන්න කීව දවස..

"අයියෙ...  මම ඊයෙ අපේ අම්මට ඔයා ගැන කීව.. අම්ම ඒක තාත්තිට කියල... තාත්ති ඔයාට හෙට ඇවිත් කථා කරන්න කීව..."

මට හීනියට දාඩිය පාරක් දැම්මෙ ඒ කථාව අහල... 

හරි... දැන් එන්න කියල........ ලොකූ දේශනාවක් දීල.... මේ සම්බන්දෙ අදම නතර කරන්න කියයි...  මන් දන්නෙ නැද්ද අම්මල තාත්තලගෙ හැටි... 
(මට හිතුනෙ එහෙම.. ඒත් මම මගෙ සිතිවිලි හංසිට කියන්න ඉක්මන් උනේ නෑ..)
"හරි.. මං හෙට එන්නම්කො මගෙ සුදු කෙල්ලගෙ ගෙදර.. ම්... හැබැයි ඔන්න නැන්දම්මයි, මාමන්ඩියි, දුම්මල වරම අතට ගත්තොත්, මේ දෙව් දුවට තමයි මාව බේරගන්න වෙන්නෙ..."
(හංසිගෙ කනක් චුට්ටක් කොනිත්තල මන් කීවෙ ආදරෙන්..)
"ඌයි......... අනේ යන්න... අපේ අම්මයි, තාත්තියි හරි හොඳයි... බෑණ දකින්න ආසයි කියලනෙ එන්න කීවෙ... 
(මට ඔලොක්කුවට වගේ ඇහැක් ඉඟි කරල හිනා වෙලා මගෙ පපුවට බර වෙන ගමන් මගෙ හන්සි කීවෙ කියා ගන්න බැරි තරම් ආදරයක් මගෙ හිතට ඇතුල් කරල..)
මම එදා හවස ගෙදර යනකොට හැමෝම මාව බලාපොරොත්තුවෙන් හිටියෙ...
න්සි නම් මාව දැකපු ගමන් මගට දුවගෙන ඇවිත් මාව පිළි ගත්ත.
"අයිය එනව කියපු හින්ද අප තාත්තත් ගෙදර.. යමු ඇතුලට.."
මම ගෙට ඇතුල් වෙනකොටම හන්සිගෙ රූපෙට සමාන රූප සම්පත්තියක් තියන මැදිවියේ කාන්තාවක් සිරියාවන්ත සිනාවකින් මාව පිලි ගත්ත..
"ආහ්... එන්න පුතා.... ඔයා එනකම් මේ දූ උදේ ඉඳන් මග බලාගෙන... අපිත් මේ බලන් හිටියෙ කව්ද මේ අපේ මැණිකගෙ හි ගත්ත ජනත් කියන කෙනා කියල බලන්න..."
ඒ හංසි ගෙ අම්ම බව මට  වැටහෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ... පොඩි ලැජ්ජාවකුත් නොතිබුනාම නෙවෙයි... 
ඒත් ඉතින් මොනව කරන්නද? 
ආදරේ කරනවනම්, මේවටත් මූණ දෙන්නම වෙනවනෙ... 

හිතපු තරම් දරුණු පාටක් පේන්න නම් තිබුනෙ නෑ...කොහොමින් කොහොමින් හරි ගෙදර කට්ටිය අඳුනගෙන තේමේසෙට වඩි උනේ හැමෝම හරිම සතුටින්...
"පුතා.......... මගෙ දුව මේ වෙනකම් කා එක්කව් සම්බන්ධයක් ඇති කරගෙන නෑ... ඒ වගේම අපට බොරු කරලත් නෑ.... මට පුතාගෙ වත්කම්, දේපොළ, මිල මුදල්, ඒ කිසිදෙයක් වැඩක් නෑ.......
පුතා හොඳ කෙනෙක්, ඉගෙන ගන්න කෙනෙක් කියල මට තේරෙනව... ඒ වගේම පුතා කම්පියුටර් උපාධිය කරන්න යනව කියලත් මට දූ කීව... 
මට ඉන්නෙ මෙච්චරයි පුතා... මගෙ මැණිකව ඇස්දෙක වගේ පුතා බලා ගනී කියල මගෙ හිත මට කියනව..."
"ඒ විස්වාසෙ කඩන්න එපා... එච්චරයි මට ඕනෙ.... පුතාට ඉගෙන ගන්න මම වියදම් කරන්නම්.."
(හංසිගෙ තාත්ත කියාගෙන ගිහිල්ල නැවැත්තුවෙ, මාව හිතාගන්න බැරි තැනක තිය... මං මොනව කියන්නද? මටම හිතා ගන්න බෑ... )
සතුටුයි... කියාගන්න බැරි තරම් සතුටුයි... අපේ ආදරේට තිබුනු බයානකම බාධකේ කිසිම නීරස අද්දැකීමකින් තොරව අපි ජය අරගෙන... 

හංසිගෙ ඇස් වලින් සතුට දෝරෙ ගලනව...
අපි හරිම වා‍සනාවන්තයි රත්තරං... 

මගෙ හිතෙන් මම හංසි දිහා බලාගෙන කීවෙ හදවතින්ම... හංසිත් එහෙමම හිතන්න ඇති... ඒක ඒ ඇස් වලින් මට තේරුණා........
"මචන්... ඔය ඇති අනිමිස ලෝච... වරෙන් යන්න, ටව්ම පැත්තට ගිහින් එන්න..."
මන් ගැස්සිලා සිහින ලොකෙන් පියවි ලෝකෙට ආවෙ ප්‍රභාගෙ කටහඬට... 

අර ගෑණු ළමය, තාත්තත් එක්ක ගේට්ටුවෙන් පිටවෙලා යනව පෙනුන... ඒ මිනිස්සු මොනව හිතුවද දන්නෑ... 

හංසි මතක් වෙන සෑම මොහොතකම මම මේ වගේ හැසිරෙන එක වෙලාවකට මට වදයක් නොවුනාමත් නෙවේ... ඒත්... මං ඒ හීන ලෝකෙට ගොඩක් ආසයි... ආදරෙයි...
කාලය ගෙවිල ගියා... පහුවදා උදේම මහේෂිකා ඇඳුම් බෑග් එකත් අරගෙන නවතින්න බලාගෙනම ඇවිත් හිටිය...
"ආහ්... පුතා... එන්න..."

ප්‍රභා ඔෆිස් එකට කථා කලේ මහේෂිකා බෑග් එකත් එල්ලගෙන ඔෆිස් කාමරේට එබෙනව දැකල..
"සජිනි... මේ අපේ අලුත් ඇඩ්මින් මිස්... මෙයාට ඇඳුම් තියාගන්න ඔයාලගෙ රූම් එකේ තැනක් හදල සදන්න.. අද ඉඳන් මේ මිස් අපිත් එක්ක මෙහෙ වැඩ.."
සජිනිට මහේෂිකා ව හඳුන්වල දෙන ගමන් අනිත් වැඩකරන ළමයින්ටත් ඇහෙන්න ප්‍රභා කීවෙ මහ්ෂිකාගෙ චකිතය මුසු අහින්සක මූණ දිහා බලාගෙන...
"මචන් ප්‍රභා... කට්ටියම ‍බඩු විකුණන්න එලියට ගියාම අපි දෙන්නයි, මේ ගර්ල් ලුයි විතරයි නෙ බන් ඔෆිස් එකේ... ඒ‍ක එච්චර හරි මදි නේද මචන්...?"

තවත් ොටසත් බලාොත්තු වන්න.
මෙහි සියළුම හිමිකම FreeGetLanka සතුය.
රැඳී සිටින්න අප සමග... 

අපගේ සාර්ථකත්වය ඔබගේ අදහස් බැවින්, පහලින් ඔබේ අදහස් සටහන් කර යන්න අමතක කරන්න එපා... 

3 comments:

  1. ado... supiri kathawa... digatama liyanna.. super........

    ReplyDelete
  2. ekani... lassana kathawak... mamath hamadama kiyawanawa..

    ReplyDelete
  3. ස්තූතියි හැමෝටම..
    දිගටම රැඳී සිටින්න අප සමග..
    ඉතිරි සියළුම කොටස් කියවීමට මෙතැනට යන්න..
    ඉතිරි කොටස් සියල්ලම

    ReplyDelete