Monday, July 15, 2013

මොහොතක් සිතන්න...

මොහොතක් සිතන්න...

මෙන්න තවත් ඇත්ත කථාවක්...

මේකය කතාව

මන් බයික් එකේ පුත්තලමට යන්න පිටත් වුනේ යාළුවෙකුගෙ යාළුවොක් හම්බ වෙන්න... 

මුන්නේෂ්වරම් කෝවිලත් වැඳල ඒ පැත්තෙන් යන්නයි ගියෙ...

කුරුණෑගල ඉඳන් යනව කියන්නෙ සුලුපටු දුරක්වැයි......

ඔන් ඉතින් ගමන පිටත් උනා... 10ට විතර කෝවිලත් වැඳල හලාවතින් හරවල මන් යනව..

තිබහක් ආවත් වතුර ටිකක් වත් බොන්න ඒ හරියෙ හරි හමන් තැනක් සෙට් උනේ නෑ... 

පස්සෙ ටිකක් දුර යනකොට පොඩි කෑම කඩයක් තිබුන පාර අයිනට වෙන්න..

නියම ප්ලේස් එක...

මන් එහෙම කීවෙ පෙට්ටි කඩේක ඉඳගන්නවත් තැනක් නැති උනාට මේ කඩේ ලඟ පොඩි බංකුවක් තිබුන..

මන් ඉතින් බයික් එක පොඩ්ඩක් එහයින් නවත්තල ජැකට් එක පිටින්ම කඩෙන් බීම එකකුත් අරන් ඇවිත් බංකුවෙ වාඩි වුනා...

මට එහායින් තිබුනු තවත් බංකුවක ටිකක් කොන්ඩෙ එහෙම අවුලු කර ගත්ත කොල්ලෙක් වාඩි වෙලා හිටිය...;

මට නිකමට වගේ හිතුන මිනිය මන් ගැන විමසිල්ලෙන් බලනව කියල..
මං ඕක ගනන් ගත්තෙ නෑ...

මිනිහ කඩේ පැත්තට ඇහැ දානව කියල මට තේරුනා..

මට පිටුපාල කඩේ තිබුනෙ... මං හැරිල බලනකොට තමයි වැඩේ තේරුනේ...

අඩිය අඟලට අඩු කරල මහපු ඩෙනිම් සා කෑල්ලකුයි෴, යන්තමට උඩුකය වහ ගත්තු බුලව්ස් කෑල්ලකුයි ඇඳගෙන කඩේ ඉස්සරහ හිටියෙ කිරි සුදු පාට අක්ක කෙනෙක්...

හප්පේ... බලන්න එපැයි උජාරුව.... නියපොතු එක පාටක්, කරාඹු එක පාටක්, කණේ කරේ රෑන් රෑන් එල්ලෙනව...

අර පොශ් ද? මොකක්ද කියන්නෙ... අන්න ඒ ජාතියෙ කෙනෙක් ඕන්...

මට පිටුපාල හින්ද බලා ගන්න විදිහක් නෑ... අර බංකුවෙ හිටපු මෑන් හොඳට බලනව..

කඩේ ඉස්සරහ මුදලාලි වඩේ බදිනව... පුසුඹේ බැරුව..

මන් තව පාරක් හැරිල බැලුවෙ කෙල්ලත් මේ මෑන් දිහා බලනවද බලන්න...

කියල වැඩක්නෑ... දැකපු දසුන...කෙල්ල අසූහාර දාහට පොරට රවනව...

මං ඉතින් නොදැක්ක වගේ බීම එක ඇද්ද...

තව ඉතින් යන්නත් කොච්චර දුර තියනවද?

ඔන්න එතකොටම තමයි ඇහුනෙ  ඩ් ඩ් ඩ්ර්............................ ගාගෙන කාර් එකක බ්රේක් පාරක්.

සන්ග්ලාස් 2ක් එහෙම දාගෙන කාර් එකෙන් බැස්සෙ නිකන් ආනේල්ඩ් වගේ පොරක්...

"හායි ස්වීටි.... මන් ලේට් ද? සොරි බබා.. පොඩි වැඩකට හිරවුනා... යමු... නගින්න..."

කෙල්ල ගාවට ඇවිත් කාර් එකේ ඉදිරිපස දොර අරින ගමන් මිනිහ කතා කරේ රෝමියෝ වගේ...

කෙල්ල තරහෙන් වගේ ගස්සල අහක බලාගෙන මොන මොනවදෝ කීව... 

ඒ ටික මන් හිටපු හරියට ඇහුනෙ නෑ...

අන්තිමට මිනිහට කෙල්ල අර මට එහාපැත්තෙ බංකුවෙ හිටපු මෑන් ව පෙන්නුව...

මට සීන් එක පෙනුනට මොකද? අර බංකුවට අරක් ගත්ත මෑන් තවමත් කඩේ පැත්තට එබිකම් කරනව...

හරි... මූ නම් ඉල්ලගෙන කන්න හදන්නෙ... 

ඊළඟ තප්පරේ ගැන වැටහීමක් ලැබුන නිසා මගෙ බීම බෝතලෙත් ඉවර උනා... දන්නවනෙ ඉතින් ඔයවගේ වෙලාවට පැයට සැතපුම් ගානක වේගෙට බීම එක ඇද්දැකි කියල...

ආනෝල්ඩ් වගේ මෑන් සන්ග්ලාස් 2 ගලවල ටී එකේ ගහගෙන අර මනුස්සය ලඟට ආව...

"අයිසෙ... පාරෙ යන කෙල්ලෙකුටවත් පාඩුවෙ ඉන්ඩ නෑ... තොපි වගේ කුපාඩියො හින්ද? "

කියනවත් එක්කම අර මනුස්සය පුදුමෙන් වගේ නැගිට්ට... මිනිහ වට පිට බලනව මුකුත් නොකරපු හොඳ එකා වගේ...

"ඇයි උඹ මුකුත් නොදන්න තොත්ත බබා වගේ ආහ්..."

චටාස්....ගාල කනට පාරක් ගහන ගමන් බඩට ඇනපු පා පහරට ඒ මෑන් කලන්තෙ දාල වැටුන...

කාර් එකේ ආපු මිනිහ හිනා වෙවී සීන් එක දිහා බලන් හිටපු අර නිරූපිකාවත් කාර් එකේ දාගෙන යන්න ගිය..

බලන් ඉන්න බැරි තැන මමයි, මුදලාලියි වතුර ටිකක් ගහල තමයි කලන්තෙ දාල හිටපු මෑන් ව යථා තත්වෙට ගත්තෙ....

"මොකෝ මල්ලි... කලන්තෙ දාන්නම දුන්න නේද?"

"ඔහොම තමයි අනුන්ගෙ ගෑනුන්ට ඇහැ දානකොට වෙන්නෙ.."

"මොනවද මහත්තයා කියන්නෙ... මන් ඒ ගෑණි දිහා බැලුවෙ නෑ මහත්තයෝ..... මට කලන්තෙ දැම්මෙ බඩගින්නට... මන් බැලුවෙ කඩේ දිහා... කෑම මුකුත් ඉල්ල ගන්න පුලුවන්ද කියල..."

"දවස් 2කින් මට කෑමක් නෑ මහත්තයෝ...."

ඇස්වල කඳුලු පුරවගෙන බැගෑපත් ස්වරයෙන් අසරව ඒ මනුස්සය කී ඒ වචන ටික මගෙ වගේම ඔයාගෙ හිතෙත් රැව් පිලි රැව් දේවි.......................

මොහොතක් සිතන්න.............

කතාව හොඳනම් කමෙන්ට් එකක් දාලම යන්න...
ඔබත් දන්න සත්‍ය කථා අපට එවන්න.. (rmbraveen@gmail.com)

6 comments:

  1. මට හම්බ උනේ ඊයේ මේ blog එක ..මේ වෙනකොට ඔක්කොම articles කියවලා ඉවරයි.එත් වැඩ කරන ගමන්. නියමයි ඔබට දිගු ගමනකට සුබ පතනවා

    ReplyDelete
  2. '''''''''''''''''''' නිසා ගෙම්බෙක් වෙන මේ වගේ හෙවලයොත් ඉන්නවා.පව් අහිංසක කොල්ල.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. u nam p ekekda koheda???? uta baya athi uge kella uwa athaarala yai kiyala.a nisane kelata penna raganne..

    ReplyDelete