Sunday, September 29, 2013

පිනි මත බඹරු (03 කොටස)




ගෙදර එනකොට හැන්දෑවෙ 7ටත් කිට්ටුයි..

මරු... දැන් තමයි හොඳම හරිය... දැන් ඉතින් අම්මගෙ පරන යකඩ තලන සද්දෙ අහගෙන ඉන්න එපැයි ඊලඟට..

ආහ්... උඹ දැන්ද ගෙදර එන්නෙ... මොකද? මේ දවස් ටිකේ විභාගෙ කියන එකත් අමතක උනාද? ම්...? නැත්තන් රෑටත් විභාගෙද උඹට විතරක්....

හප්පොච්චියේ.... මාව කොටියම කාපිය.. විභාගෙ මතක් උනේ ගෙදර ආවමනෙ..

විභාගෙ වගේද අම්මෙ ලෝචි.. (කියල කියන්න හිතුනත් ඊලඟට මට මූන දෙන්න වෙන අභාග්‍ය සම්පන්න සිදුවීම් දාමය මතකයට නැගුනු නිසා ඔන්න ඔහේ නිහඬව හිටිය..)

ආන්න උඹේ මහ එකා අද ගෙදර තිබුනු විදුලි ඉස්තිරික්කෙත් විකුණල බීල අද... අද ඉඳන් පොල්කට්ටු පුච්චාගෙන රෙදි මැදපල්ල...

අනේ අම්මපා... මෙහෙමත් අප්පල ඉන්නවනෙ.. මගෙනම් මොන කරුමයක්ද මන්ද? ජීවිතේ පටන් ගත්තු දා ඉඳන් මම කවදාවත් ‍තාත්තගෙන් කියල කිසි දෙයක් ලැබුවෙ නෑ... අඩුම තරමෙ ඇඳුමක්වත්... අම්ම තමයි හැමදේම කලේ.. දන්න දවසෙ ඉඳල තාත්තගෙන් කියල හම්බුනේ ගුටි බැට වලට අමතරව අහිමි වීම් පමනයි...

මට හොඳට මතකයි.. පහුගිය දවසක, අම්ම සීට්ටුවක් දාල ගෙදරට ගෙනාපු කලර් ටී.වී එක.. බල බලා ඉඳැද්දි ගෙනිහින් උගස් තියල අවුරුදු කැට පොලට සල්ලි ටික පූජ කරපු විදිය.

ෂික්... එක්කො තාත්ත අපිව හදල අපෙන් පලි ගන්නව.. නැත්නම්, එයාගෙ අවශ්‍යතාවයන් වෙනුවෙනු මගෙ අම්මව පාවිච්චි කරල, අපි ඉපදුනම අපිට නොසලකා හරිනව... කොහොම උනත් තේරෙන කාලෙ ඉඳන් මට දැනෙන්නෙ එකම හැඟීමයි.. ඇත්තටම මම හදා ගන්න ගත්ත කොල්ලෙකුටත් අන්තයි..

ලස්සනට ඇඳල පැළඳල වාහන වල ඇවිත් ටියුෂන් පන්ති ගාවින් බහින සමහර මහත් වරුන්ගේ දරුවො දක්ද්දි ජීවිතේ කියන්නෙ ඇත්තටම මොකද්ද කියන ප්‍රස්නෙ මම මගෙන්ම අහ ගත්ත වාර අනන්තයි..

පවුලෙ නංගිල දෙන්නෙක් ඉන්නව... මේ අයගෙ අනාගතය ගොඩනගන්නෙ කවුද? හොඳවෙලාවට ශිෂ්වත්තෙ පාස් වෙලා සෙන්ට්‍රල් එකට යන්න අවස්තාව ලැබුනෙ.  නැත්නම් මටත් වෙන්නෙ ගමේ සමහර කොල්ලන්ට වගේ අද මේසන් වැඩට හරි මල් කාඩේකට හරි ගිහින් දුක් විඳින්න.. බලමු..

මට තියෙන ලොකුම බලාපොරොත්තුව සා.පෙල ගොඩ දා ගන්න එක...

මම මොන දේ කරත්, මොන තීරණ ගත්තත් මගෙ ප්‍රධාන අරමුන සා.පෙල. මට අද වෙනකම් හරි හමන් රැකවරණයක් ලැබුනෙ නෑ.. මට අද වෙනකම් කවුරුවත් ආදරෙන් කතා කරල නෑ. අද වෙනකම් මම කාගෙවත් ආදරයක් විඳල නෑ. ඒ නිසාම මට කා ගැනවත් ලොකු ආදරයක් දැනිලත් නෑ..

ඒත්.... අද අහම්බෙන් දුටු ලෝචි................... මගෙ ආත්මෙම පැහැරගෙන වගේ.... ඒ ලස්සන හිනාව... ඒ කතා බහ.. වැදගත් හැසිරීම්... මේ නේද මම බලාපොරොත්තු වන ලෝකෙ...

අම්මේ........... මෙන්න මෙයා අනිමිස ලෝචනේට සම වැදිල...

හුටා... ලොකු නංගි නේද? මම ගෙදර තිබුනු පොත් මේසෙ පුටුව උඩට වෙලා, කමිසෙත් ගලෝගෙන කවකටු පෙට්ටිය ඕපන් කරගෙන බර කල්පනාවක නේද ඉඳල තියෙන්නෙ කියල තේරුනේ, අපේ නංගිගෙ ටකරන් වීනාවෙ හඬ දෙසවන් පසාරු කලාමයි...

මොකෝ... ප්‍රස්නෙයක්ද ලොකූ...

හම්.. ලොකු ප්‍රස්නයක්.. ඔය වීනාවෙ සද්දෙට මගෙ කන් අඩි දෙක පැලෙන්න එනව...

අනේ යන්ව යන්න... අපි කතා කරාම තමයි කන් අඩි පැලෙන්න එන්නෙ.. අර රෑට තාත්ත බීල කියන ටොප් ටුවෙන්ටි තමුසෙට මිහිරි ඇති...

මම දන්නව.. ලොකූ කියන්නෙ රෑට තාත්ත බීල ඇවිල්ල වපුරණ කුණුහරුප අහගෙන ඉන්න බැරි කමට කියල.. ඒත්, මම කොහොමද ලොකූට තේරුම් කරල දෙන්නෙ.. මට අතක් උස්සන්න හෝ හානියක් දනුවමක් කරන්න හෝ බැරි ඒ මගේ තාත්ත නිසා කියල.. ලොකූට තාම තේරෙන්නෙ නැතිවත් ඇති ඒ දේ...

මොනව උනත් ඒ අපේ තාත්ත ලොකූ... කරන්න දෙයක් නෑ.. ඉවසන ඇරෙන්න.. අපි මොකක් හරි ලොකු පවක් කරන්න ඇති ලොකූ.. මෙහෙම දුක් විඳින්න..

  (මගෙ කටින් අහම්බෙන් වගේ පිටවුනු ඒ වටන වල තිබුන බර ලොකූට දැනිල කියල මම දැන ගත්තෙ ලොකූගෙ කඳුලුකැටයක් සිමෙන්ති පොලවට වැටෙනව දකිද්දි..)

පව්.. කොල්ලෙකුට වඩා කෙල්ලෙක් මේ වගේ අවස්තාවල කොයි තරම්නම් අසරණද?

කරුවලේම වත්ත පහල ලිඳට ගිහින් නාල ගෙදර ආවෙ තියෙන දෙයක් කාල හෙට තියෙන විශයට සූදානම් වෙන්න. ලොකූ..

අදනම් බත් නෑ.. හාල් හුන්ඩු දෙකක් තියනව හෙට උදේට උයන්න. රෑට මේව තමයි...

අම්ම මගෙ අතට රතු බතල අල කීපයක් දාපු පිඟාන ගෙනත් දුන්නෙ ගොඩක් අසරණ විදියට..

අඩේ... පට්ටනෙ.. බතල එල කෑමක්නෙ අම්මෙ..   අම්මවත් හිනා ගස්සමින් මම කීවෙ බතල වලට තියෙන ආසාවටම නෙමේ.. කොහොමත් මම ගෙදර අයට මම දුක් විඳිනව, වි‍ඳෝනව කියල ඇ‍ඟෙව්වෙ නෑ...

කෝ... ලොකුයි සිඟිතියි දෙන්න.

අන්න කුස්සියෙ කනව.. කොහොමද... විභාගෙ ලේසිද?

හම්... අවුලක් නෑ....

මම හැමදාම මට මොනව කන්න ගෙනාවත් ඉස්සරලම බලන්නෙ ලොකුයි සිඟිතියි දෙන්න කෑවද කියල.. පොඩි නංගිට අපි ආදරේට කීවෙ සිඟිති කියල... ඒ වගේම අම්මගෙ කෑම පිඟාන ඇරල බලන්නත් මම අමතක කරන්නෙ නෑ.. හුඟික් වෙලාවට ඒ දේ කරන්නෙ මම හොරෙන්... මොකද මම දන්නව අම්ම ගොඩක් වෙලාවට උයන්න හාල් එහෙම ගෙදර නැතුවම, මට තියනව උඹල කාපල්ල කියල, අම්ම අපට තියන බත් ටික බෙදල දීල බඩගින්නෙ ඉන්නව...
සමහර දවසට එයා කන්නෙ අපි කන්න බැරුව ඉතිරි කලොත් ඒ බත් ටිකක් හෝ දන්කුඩ ටිකක්..

ලොකුයි සිඟිතියි කුස්සියෙ බතල කනව..

පිඟානෙ තිබිනු බතල අල හතරෙන් ලොකුම අලේ දෙකට කඩල දෙන්නගෙ පිඟින් දෙකට දාල ඔලුව අතගාල මම ආවෙ අම්මගෙ පිඟාන බලන්න..

වෙනද වගේමයි.. පිඟානට බෙදලත් නෑ..

පුංචි අයින් කෑලි 3ක් මුට්ටියෙ අඩියෙ තිබුනෙ.. පව්.. මොනව උනත් අම්ම කොයි තරම්නම් දුක් විඳිනවද? මම මගෙ පිඟිනෙ තිබුනු අනිත් ලොකුම බතල අලේ මුට්ටියට දාල එතනම පිඟානෙ ඉතුරු අල කෑලි දෙක ගිල දාල පිඟාන හේදුවෙ අම්ම දකී කියල..

කිරි අප්පට බල්ලො පැනපි කීවලු... මමීට මාට්ටු නොවැ...

දත් තිස් දෙකම පෙන්නල මම ගෙට රිංඟ ගත්තත් මගෙන්න අම්මට අම්මගෙ ඇස් වලින් පැනපු කඳුලුනම් හංග ගන්න බැරි උනා...

පාඩම් කරන්න තරම් මහා ලොකු දෙයක් මට තිබුනෙ නෑ.. මොකද මම දිනයට දෙන පාසැල් වැඩ කොටස එදාටම පාඩම් කරල ඉවර කරන නිසා මට විභාගෙත් නිකම් කිරි කජු වගේ තමයි...

ඔන්න ඔහෙ ඕනෙ එකක් කියල අම්මගෙ හිත හැදෙන්නත් එක්ක පොත අතට ගත්තෙ පොඩ්ඩක් පාඩම් කරන්න..

මේකනම් හරිම ආංජමිකයි... දෙයියනේ... පොත පුරාම ලෝචිගෙ රෑප... මම හිතුවෙ මට වැරදිලා ලෝචිගෙ පොතක්වත් ගෙදර ගෙනල්ලද කියල... දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ කීවලු... බිත්තියෙත්‍ ලෝචි නේද, දැන්නම් ඉතින් ලෙඩේ හොඳටම උත්සන්න වේගෙන එන්නෙ... බෙහෙතක් නොගත්තොත් නම් සන්නිපාතෙට එන්නත් පුලුවන්..

මට හිතුනෙ එහෙම..
ඇයි දෙයිය‍නේ... අහිංසක, සුමට, සුවච කීකරු කෙල්ලෙක් දැක්කම මෙහෙම ලෙඩක් හැදුනම කොල්ලො කියන්නෙ ඒක ලව් මේනියාවද මොකක්ද කියලනෙ.. මටත් ඒකද කොහෙද?

මම කවදාවත් ආදරේ සෙව්වෙ නැති උනාට මට අවශ්‍යම කරන බොහෝ ‍දේ අතර ආදරේ තිබුන කියල මම කලින් ඉඳන්ම දැනන් හිටිය.. ආදරේ කොයි තරම් සුන්දරද? ඒක මොන පාටද? ඒ කිසි දෙයක් මම දැනන් හිටියෙනම් නෑ..

හැබැයි තව දෙයක් මගෙ හිතේ තදින්ම තිබුන...

මං වගේ අන්ත අසරණ දුප්පත් ‍කොල්ලෙකුට කවදාවත් කෙල්ලෙක් කැමති නොවෙන බව මම දැනන් හිටිය..

ඒ මොන දේ උනත් ලෝචිව ඇයි මගෙ හිතින් ඈත් කරන්න බැරි.. මට තිබුනු ප්‍රස්නෙ තමයි ඒක...


පහුවදා උදේ හත වෙනකොට පාසලට ගියේ උ‍දේම ලෝචිගෙ මූණ දැක ගන්න...

ආහ්.......... අන්න අපේ අනංගයා ඇවිත්... වරෙල්ල වරෙල්ල... අද අපට කේක් කන්න හොඳ දවසක්...

(ආ...පෝ...... මේ සජ්ජනම් මගෙ පාසැල් නිළ ඇඳුම ගලවන්නමයි ට්‍රයි එක... ෂැක්... උගුඩුවොත් දැක්ක මේ වගේ උගුඩුවො දැක්කෙ නෑ....)

ගුඩ් මෝනිං ලෝචා....  මොකෝ... උඹේ ස්වීටි තාම පේන්න නැත්තෙ...

මෝනිං මෝනිං...තො‍පි වගේ උගුඩුවො රෑනක් ඉන්න තැනකට ඒ වගේ හැදිච්ච කෙල්ලක් එයිද බං... (මම වැඩිය සජ්ජව ගනන් නොගත්තෙ පොරගෙ තරම මම හොඳටම දන්න නිසා...)

මේ.. ඒක නෙවේ මචන්.. උඹ දන්නව සිරා කතාව...

කියපන්කො දැනගන්න... උඹේ ඔය කොල ‍බොක්කෙ තියන ඒව මම දන්නවයැ..?

හරි හරි බං... දැන් උඹ‍නෙ ලෝචිට ටෝක් කරන්නෙ..

ඔව්….. ඉතින්...?  ඇයි වෙන මොකෙක් හරි හැලපයෙක් ඒකිට ඇහැ දාන්න අරන්ද? ආහ්...
(සජ්ජට මම කීවෙ ටිකක් කේන්තියන්, මොනව උනත් මගෙ පලමු ට්‍රයි එකනෙ අප්පා...)

නෑ නෑ බං... උඹේ ඔය ලෝචිට කාටවත් ටෝක් කරන්න දෙන්නෙ නෑ බං අපි.. අහපංකො කියන්න...

කියපං බං.. තෙපර බාන්නෙ නැතිව...

අපේ රොෂා... අපේ රොෂා අර කළු ළඳට ලයින් ලු නේ...........

අප්පට හුඩු.... අර කළු ගල ද?

මගෙ කතාවට සෙට් එකට හිනා  ගිය පාර හිනාව නවත්තගන්න බැරුව විනාඩි ගානක් බඩ අල්ලන් හිනාව...

මතක් වෙද්දිත් හිනා යනව බං... කොහොමද උඹට ඊයෙ දාපු බැල්ම..
(මම සජ්ජට කීවෙ අතීත සිදුවීම සිහිපත් කරල..)

අනෙ අම්මෝ බං... මමනම් ඔය කළු බඩ්ඩ දිහා ඇහැක් ඇරලබලන්නෙ නෑ... මට නම් හිතෙන්නෙ ඒකි රොෂාව සුප් හදයි බං...

නයි කයිද රොස් පාං කීවලු... රොෂාටම කැපෙන කෑල්ල බං...

හිනාව කොයි තරම්ද කියනවනම් සෙට් එකම කඳුලු එනකම් හිනා වුනා...
ඒයි... අන්න උඹේ පුන් සඳ වඩිනව...
(එකෙක් මට පිටට තටුටවක් දාල කීවෙ අපි සියල්ලන්ගෙම අවදානය ඒ දෙසට යොමු කරමින්..)

ෂහ්.. අද කෙල්ලගෙ ලස්සන.. දුකේ බෑ බං.. උඹ වගේ චිම්පන්සියෙකුට ඒකි ගැලපෙන්නෙ නෑ බං...

ස්ජ්ජ ආයෙත් හැකර කට ඇරියෙ පලාතම ගඳ ගස්සමින්..

ගුඩ් මෝනිං ලෝචන...

ගුඩ් මෝනිං ලෝචි...

ඒයි... මේ...... ලෝචනට විතරද උදෑසන සුභ වෙන්න ඕනෙ... අපිත් මෙතන ඉන්නව ලෝචනා.. ඇයි අපිට ගුඩ් මෝනිං කීවොත් අවුල්ද ඈ...

සජ්ජ කෑගහපි ආයෙත්... අම්මපා... මුගෙ කට කපපු එකාට තිබ්බෙ මුගෙ කට සෙන්ටිමීටරේකට වඩා නොකප ඉන්න...මන් බැන්නෙ ඉවසන් ඉන්න බැරිම තැන...

මෝනිං මෝනිං.. ඔක්කොටම..
ලෝචනා හිනා වෙලා අපේ සෙට් එකට මෝනිං කියල මගෙ දිහා බලල මගෙ මුලු හිතම සසල කරන හිනාවක් මට දීල ශාලාව පැත්තට ගියා...

ෂහ්... මේ වගේ කෙල්ලක් ලබන්නම් පිං පුරන්න ඕනෙ... අද ලෝචනා ඊයෙටත් වඩා ලස්සනයි.. හොඳ සමාජ ශීලී කෙනෙක් වගේ.. නැත්නම් අපේ එවුන් කියන ඒවට නස්කූඥ්ඥ බැල්මක්නෙ දාල යන්නෙ වෙන එකියක්නම්...

ඒයි... අන්න වඩිනවා... රොෂාගෙ කළු ගල...  
අපේ එකෙකුගෙ කතාවට කස්ටියටම බකස් ගාල හිනා පැන්නෙ කෙල්ල අපේ දිහා බලද්දිමයි...

මල හුටප්පරයයි... අදනම් මම සෙත්ත පෝච්චි... මම කැපෙනව ලෝචනයෝ... මම ඇහුවොත් අද ආවෙ නෑ කියපන්...

සජ්ජ සෙට් එකෙන් ශේප් වෙලා ටොයිලට් පැත්තට දීවෙ හරියට මහ සෝන් අවතාරෙට බයවෙලා වගේ...

හායි.... ගුඩ් මෝනිං නංගි...

නංගි... හහ්....
 (එහෙම කියාගෙන රොෂාගෙ මෝනිං පාරට ගස්සගෙන යන්න ගියෙ රොෂාගෙ මූඩ් කනපිට පෙරලල...)

ඒ බං... හරියට පූලම අතෑරුන වැඳිරියක් වගේනෙ බං... මෝනිං කියපුවම මෝනිං වත් කියන්න දන්නෙ නෑනෙ..

අපේ එකෙක් ඒ වෙලාවෙ රොෂාට කීවෙ ගොඩක් සීරියස්... මොනව උනත් රොෂාගෙ මයින්ඩ් අවුල් ගැහුව කියලනම් අපට හොඳටම තේරුනා...

උඹට ඒ කෙල්ලම ඕනෙද බං.... මම රොෂාගෙ කරට අතක් දාගෙන ඇහුවෙ අවංකවම...

ම්... මම ඒ කෙල්ලට කැමතියි බං... ඒ නපුරුකම් වලට මම හරි ආසයි... පුලුවන්නම් ඒකිව සෙට් කරල දියන්කො ලෝච....

හරි... දැන් වෙලාව හරි... යමන් එක්සෑම් හෝල් එකට... මම හවස උඹට ප්ලෑනක් කියන්නම්... අනිව මම ඕක උඹට සෙට් කරනව.. ඉවසපන්...

රොෂාගෙත් හිත හදල සෙට් එකම හෝල් එකට ගියෙ පේපර් එක ගොඩ දාන්න හිතාගෙන....

තවත් කොටසක් බලාපොරොත්තු වන්න....
මෙම කථාවේ සියළුම හිමිකම් FreeGetLanka සතු වන අතර අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් වේ.....
ඔබගේ අදහස් අපගේ සාර්ථකත්වයයි...
ඔබගේ අදහස් පහලින් කියලම යන්න....

12 comments:

  1. මචෝ අර කලු ගලේ කේස් එකට නං පට්ටෙට හිනායනවා.අද කතාවෙ මුලහරිය ගොඩාක් සංවේදියි.ආයෙත් අවසානයේදී අපිව හිනා සාගරයක ගිල්වව්වා.එහෙම තමයි කතා ලියන්න ඕනේ.එළකිරි කොල්ලෝ..............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..
      දිගටම රැඳී ඉන්න අපත් සමග...

      Delete
  2. දුක සැප දෙකම එකම විදියට එකතු කරල, ඇත්ත සමාජෙට දෙන ඔයාගෙ කතා නම් හරිම ලස්සනයි..
    ඔයා දවසක මහා කලා කරුවකු වනු නොඅනුමානයි..
    ඔයාට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..
      දිගටම රැඳී ඉන්න අපත් සමග...

      Delete
  3. නියමයි.....දිගටම මේ වගේ ලස්සන කතා දෙන්න......

    ReplyDelete
  4. Replies
    1. ස්තූතියි..
      දිගටම රැඳී ඉන්න අපත් සමග...

      Delete
  5. උඹ ලියන ඒව ගැන කථා වෙවී අපේ සෙට් එකත් මාර ෆන් එකක් ගන්නෙ බන්...
    එල සහෝ.........
    උඹනම් සුපිරි මචන්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..
      දිගටම රැඳී ඉන්න අපත් සමග...

      Delete
  6. හෙන දුප්පත් කොල්ලෙක් වගේ... කෙල්ල ලොකූ සල්ලිකාර කෙල්ලෙක් වේවි වගේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..
      දිගටම රැඳී ඉන්න අපත් සමග...
      දිගටම කියවන්න.
      ඉදිරිය වෙනස් වේවි...

      Delete