Tuesday, October 1, 2013

පරවුනු කුසුම




තවත් එක් ඇත්ත කතාවක්...

අපි ඇයට සුරංගි යැයි කියමු...

ගම්බද හද්ද පිටිසර පළාතක ඉපිද ඉතා අසීරුවෙන් සාමාන්‍ය පෙළ පාස් වුන ඈ පවුලෙ වැඩිමලා...
වයස අවුරුදු 6ක් තරම් වූ බහ තෝරන වයසේ පුංචි ලදැරියක්ව සිටියදී ඇගේ පියා වල් අලි ප්‍රහාරයකින් සදහටම දෙනෙත් පියා ගත්ත..

ජීවිතේ හය හතර නොතේරෙන පුංචි සුරංගි එදා ඉඳන්ම තනිකම කියන දේත් තුරුළු කරන් තමයි ජීවිතේට මූණ දෙන්න පටන් ගත්තෙ...

වෙන ළමයින්ට වගේ.., ඇඳුම් හෝදල දෙන්න, කෑම උයල පිඟානකට බෙදල අතටම ගෙනල්ල දෙන්න සුරංගිට කවුරුත් හිටියෙ නෑ... 

සුරංගිට වයස 12ක් පමන වෙත්දි හිටපු එකම මල්ලියි නංගියි දෙන්නවත් ගෙදර තනියම දාල අම්ම ගමේ කොහු මෝලෙ වැඩට ගියෙ ජීව් වෙන්න කීයක් හරි හොයා ගන්න හිතාගෙන...

තියෙන අඟ හිඟකම් මැද උනත් ළමයින්ට උගන්වන්න සුරංගිගෙ අම්ම දැඩි වෙහෙසක් දැරුව...

උදේ 7ට විතර ගෙදරින් ගියාම අම්ම එන්නෙ 6ට විතර.. ඒ වෙනකම් ගෙදර සියළුම කටයුතු කරන්නෙ සුරංගි...

සමහර දවස් වලට රෑට කෑම ටික පවා හදන්නෙ මේ පුංචි  කෙල්ල..

මල්ලිලගෙ රෙදි හෝදන්න, නංගිවයි, මල්ලිවයි නාවන්න, කවන්න, ඉස්කෝලෙ වැඩ, තමන්ගෙ වැඩ, ගෙදර අතු පතු ගාන වැඩ මේ සියල්ලම තනියමම කරන්න සුරංගි නිතරම උත්සාහ ගත්ත..

කාලයත් එක්ක කුප්පි ලාම්පු එලියෙන් පාඩම් කර කර සා.පෙළ විභාගෙටත් සුරංගි සූදානම්,
ඒ විතරක් නෙමේ, වත්තෙ වැටෙන පොල් අතු ටික වියල වියදමට කීයක් හරි හොයා ගන්නත් සුරංගි පසුබට උනේ නෑ...

සුරංගි කියන්නෙ ගමේ කවුරුත් දන්න හඳුනන, හැමෝගෙම ආදරයට පාත්‍ර වූ චරිතයක්... රෑප සම්පත්තියෙනුත් සුරංගිට සම කරන්න තවත් කෙනෙක් ගමේ නොසිටින බව කවුරුත් අවිවාදයෙන් පිලිගත් කරැණක්...රෝස පාට කම්බුල්, නිල් පාට දීප්තිමත් අවිහිංසක ඇස්, ඇගේ රැවට තවත් වටිනාකමක් එක් කලා...

ඇත්තටම සුරංගි මාර ලස්සන කෙල්ල බන්.. ඒත් විහිළුවක් වත් කරන්න හිතෙන්නෙ නෑ බං ඒකිගෙ තියන මනුස්ස ගතිගුණ වලට.. පව් අහිංසක කෙල්ල මචන්...
 (ගමේ කොල්ලො ටික සුරංගි ගැන කතා උනේ එහෙම)

අම්මෙ... මම කටුනායක යන්නද?

දවසක් සුරංගි ඇහුවෙ දරා ගත නොහැකි ජීවන බර හමුවේ තම මවටම ගෙදර බර පටවල නිහඬව ඉන්න බැරි නිසා...

ඒ මොකටද දුවේ... අනිත් එක ඔය තරම් දුර..

නෑ අම්මෙ... මම මේ... මගෙ පන්තියෙ යාළුවෙකුගෙ අක්ක කෙනෙක් ඉන්නව.. එයා ඉන්නෙ කටුනායක.. ග්ලවුස් ෆැක්ට්‍රියක්... මට කීව කැමතිනම් එන්න.ජොබ් එක හදල දෙන්නම් කියල... 

අනේ මන්ද පුතේ.. ඕවගෙ පඩියක්වත් හරියට තියනවද කවුද දන්නෙ... අනික උඹේ ඉගෙනීමෙ කටයුතු එතකොට..

මට උසස්පෙල කරන්න බෑ අම්මෙ... මම ‍කොහොමහරි නංගිටයි මල්ලිටයි උගන්වනව.. ඒ ‍ෆැක්ට්‍රියෙ මාසෙට විසිදාහක් විතර ගත්තෑකිලි අම්මෙ.. අනික ලොකු අමාරු වැඩත් නෑලු...

අනේ මන්ද දුවේ.. උඹ කැමැත්තක් කරපං... මමනං ඒ හැටි කැමැත්තක් නෑ ඕවට...

මවගේ අකමැත්ත හමුවේ වුවද සුරංගි සමාධි නම් වූ ඇගේ යෙහෙලියගේ අක්කත් සමග රැකියාවට සියල්ල සූදානම් කර ගත්හ..

මල්ලිට හා නංගිට සුළු කාලයකට සමු දෙමින් මවගේ දෙපා නැමැද ආශිර්වාද ගෙන සුරංගි ගෙදරින් එලියට බැස්සේ සිහින කන්දරාවක් සිතෙහි තැම්පත් කරගෙනය..කොහ උනත් කමක් නෑ මගෙ දුවේ... මම උඹව මලක් වගේ පරිස්සම් කර ගත්තෙ... උඹ පරිස්සම් වෙන්න ඕනෙ... සමාධි අක්ක එක්ක මිසක් තනියම ඔය නාඳුනන පලාත්වල ඇවිදින්න එහෙම යනව නෙමේ...

අම්ම මට ගොඩක් ආදරෙයි.. මම අම්මගෙ විස්වාසෙ කඩන්නෙ නෑ... (සුරංගි එසේ සිතාගෙන ගෙදරින් පිටව ගියේ සමාධිගේ බෝඩිම තාවකාලික නවාතැන්පල කරගෙන රැකියාවට යන්න සිතාගෙන...
සමාධි අක්කෙ.. හෙට ඉඳන් මට වැඩට එන්න කීව නේද?

ඔව් නංගි.. හෙට ඉඳන්ම වැඩ... මමත් එක්කම ගියෑකි හෙටනම්...

මොනවද මට කරන්න තියෙන්නෙ..?

ඔයාව කොලිටි සෙක්ෂන් එකට දායි මන් හිතන්නෙ... බය වෙන්න එපා.. ඔයා වගේම පොඩි අය තමයි ඉන්නෙ එතන...

හ්ම්... අක්කත් ඉන්නවනෙ... බයක් නෑ... (සුරංගි හිනා වෙලා කීවෙ අවංකවමයි..)

සුරංගිට නවාතැන් ගන්නට වූ සමාධිගේ බෝඩිම ටිකක් මහ පාරෙන් ඇතුලට වෙන්න තිබුනු මදක් පාළු ස්වභාවයක් ගත් පරන ගෙයක්..

සුව පහසු ඇඳක්,කන්නාඩි මේසයක්,ඇඳුම් වැටක්, මේසයක් සහ පුටු 2කට මේ පුංචි නවාතැනේ බඩු සීමා වෙලා තිබුන.

පිටිපස්සෙ තියනව ගෑස් එක... අපි දෙන්නටම දැන් උයාගෙන කෑහැකි..(සමාධි කීවෙ ඒ ගෙදර පුංචි කුස්සි කෑල්ල පෙන්වල)වෙන කවුද මෙහෙ ඉන්නෙ සමාධි අක්කෙ...

ඔයයි මායි විතරයි ළමයො....

ම්... (ගමේ හාදුනු ලැජ්ජ බය හොඳින් හඳුනන මට එය මහත් අස්වැසිල්ලක් වුනා..)

පසු දින උදෑසනම බෝඩිමෙන් පිටත්වෙලා ෆැක්ට්‍රියට ගියේ රැකියාවක් කියන්නෙ මොකක්ද කියලවත් හරි හැටි නොදත් සුරංගි මද චකිතයකින්...

ඒ.... පට්ට කෑල්ලක් බැහැල බන් අද ෆැක්ට්‍රියට.. අද කොලිටි එකම ෆුල් හොල්මන්... ෂහ්.. මාර කෙල්ල බං... ඇස් නිල් පාටයි... ප්‍රීති සින්ත වගේ බං... (එදා දවසෙම ෆැක්ට්‍රියෙ බොහෝ දෙනා අතර හුවමාරු උනේ ඔය වගේ වචන.. ඒ දේවල් මට නොතේරුනත් නෙමේ.. දුප්පත් කම නිසාම ඉවසන් හිටිය... මොකද මේ තිරිසන් වචන වලට වඩා බඩගින්න දැනෙනව වැඩි බව මම පුංචිම කාලෙ ඉඳන්ම හොඳින් හඳුනගෙන හිටිය..)

උදේ ඉඳන්ම වැඩ කලත් මගෙ හිතට හෝ ගතට ලොකු මහන්සියක් දැනුනෙ නෑ... මොකද ෆැක්ට්‍රියෙ හිටපු ඇතැම් තරුණියො ගම් වලින් වැඩට ආපු අය... ඒ අය මට සැලකුවෙ තමන්ගෙම සහෝදරියකට වගේ...

හවස වැඩ ඇරිල ගෙදර එද්දි සමාධි අක්ක අපි දෙන්නටම කෑම දෙකකුත් කඩෙන් ගත්ත...

මං ඇඟ නාගෙන එන්නම් සමාධි අක්කෙ...

හ්ම්... හොඳට නාගෙන එන්නකෝ...

ඇයි...(සමාධිගෙ ඒ වචනෙ තේරුනේ නැති නිසයි මම ඇයි කියල ඇහුවෙ..)

නිකම් ළමයො... එන්නකො කියන්න..

අනේ මන්ද මොනව කියනවද කියල ඔයා... (මම ගියේ එහෙම කියාගෙන)

මහන්සි යන්නත් එක්ක ෂවර් එක යටට වෙලා ටිකක් සීතලේ ගැහි ගැහි ඉඳල මම කාමරේට ආවෙ හිතේ තියෙන මහා බලාපොරොත්තු එතින් එක අරන් වෙන වෙනම තව දවස් 29 කින් ලැබෙන පඩියත් එක්ක සංසන්දනය කරන්න හිතාගෙන..

නංගි.. දැන් මගෙ යාළුවෙක් එනව කීව.. ඇඳුමක් දා ගන්න එයා එන්න කලින් ඉක්මනට..

කව්ද අක්කෙ... ෆැක්ට්‍රියෙ ළමයෙක්ද?

ඔයා ඇඳුමක් දා ගන්නකො... පස්සෙ විස්තර කියන්නම්...

ටික වෙලාවකින් කාර් එකක් ඇවිත් බෝඩිම ළඟ නැවැත්තුව.. දෙපාරක් හොන් කරල සුදු හොඳ උස මහත, පෝසත් පවුලක යැයි කිව හැකි අවුරුදු 30ක පමන පිරිමි කෙනෙක් බෝඩිම පැත්තට ආව...  සමාධි අක්කෙ. කවුද පිරිමි කෙනෙක් මේ පැත්තට එනව... මම කීවෙ ඇත්තටම මද තැති ගැන්මකින්....

ආහ්... සාලින්ද... එන්න එන්න ඇතුලට... මම කියන විටත් සමාධි ඒ පිරිමියට ගෙට කතා කරලත් ඉවරයි...

මේ මොකක්ද වෙන්න යන්නෙ.. දැකලත් පුරුදු මූණක්  (මමකල්පනා කරේ මොහුව දැකල පුරුදු කොහෙදිද කියල...)

සුරංගි... මේ සාලින්ද.. අපේ ෆැක්ට්‍රියෙ පැකින් සෙක්ෂන් එක බාරව බන්නෙ මෙයා... සාලින්ද... මේ සුරංගි.. 

ආහ්... අලුතෙන් ආව නංගි නේද මේ... නයිස් ටු මීට් යූ... (සාලින්ද අත දිගු කලද හිනාවකින් සංග්‍රහ කර බිම් බලා ගත්තෙ මටමේ සංකර වැඩ හුරු නැති නිසාමයි...)

සුරංගි... මම සාලින්දත් එක්ක ක්ලබ් එකට යනව... ලෑස්තිවෙන්නකො ඔයත්...

අනේ මට බෑ සමාධි අක්කෙ... ඔයා යමු... මට ටිකක් නිදිත් මතයි...

(මම කීවෙ දැඩි අකමැත්තෙන්... ෂහ්... සමාධි කියන්නෙ මෙහෙම කෙනෙක්ද?)

ඕ... කමෝන් බේබි........ මෙහෙ තනියම ඉන්න බෑ ඔයාට.. ලෑස්ති වෙන්න... අපි ගිහින් එන්ජෝයි කරමු... ටුඩේ  ස්පෙෂල්...

සමාධි ගේ සහ සාලින්ද ගේ බල කිරීම නිසාම මම ඇඳුමක් දා ගත්තෙ කරන්න දෙයක් නැතිම නිසා...

ඕ... ඔහොම ක්ලබ් යන්නෙ නෑ කෙල්ලෙ... වෙන ඇදුමක් දාගෙන එන්න... ටිකක් ලුක් ෆැෂන් එකක්...

ගමේ හැදුනු අහිංසක සුරංගිට සංකර කෙල්ලන්ගෙ වැඩ පුරදු නෑ... ඒ නිසාම සුරංගිට දැනුනෙ දැඩි අපහසුතාවක්...

ඕ කේ.... කමක් නෑ... කෙල්ලට තවම හුරුත් නෑනි... ඔහෙම යමු නංගි... (සමාධි කීවෙ මද හෝ අස්වැසිල්ලක් මගෙ හිතට ගෙන දෙමින්..)

ජීවිතේට ක්ලබ් එකක් දෑසින්වත් දැක නොතිබුනු මට එය මහා කිව නොහැකි අරුම පුදුව විකාර දෙයක් විය...

ඇතෙමෙකු සිගරට් බොනව.., තවකෙක්, ඩාන්ස් කරනව.. කෙල්ලො ඔක්කොම අඩ නිරුවතින්.. ඒ මදිවට කොල්ලොත් එක්ක හැසිරෙන්නෙ අම්මෙකුගෙ කුසකින් බිහි නොවූවන් ගානට.. 

ඇත්තටම මේ මිනිස්සුමද? 

මොවුන්ට සහෝදර සහෝදරියන් නැත්ද? 

අම්මල තාත්තල නැත්ද? 

ඒ වගේම මෙහෙම නාස්ති කරන්න සල්ලි කොහෙන්ද? 

දුගී දුප්පත් අන්ත අසරණ අපට බත් ඇටයක් දෙන්න කෙනෙක් නෑ... අපි වගේ අසරණ මිනිස්සුන්ට මේ මුදල් වියදම් කරානම් කොයි තරම්නම් පිනක්ද? 

ආහ්... මෙන්න බියර්.. ඔය දෙන්නට. මම අද විස්කි ගන්නම්.. වෙනසකටත් එක්ක.. මම රූම් එකකුත් බුක් කරා බබා...

සාලින්ද කියූ කිසිවක් මට හරිහැටි තේරුනේ නෑ....

ආහ්... යාළුවත් අද අපි එක්ක ඉන්නවද? නැත්නම් වෙන කෙනෙක් ජොයින් කරනවද? හැබැයි මමනම් කැමතියි එයත් අපි එක්ක ඉන්නවනම්.....

හ්ම්... මාව එපා වෙන්නෙ නැතිවෙයිනෙ... (සමාධි මන් දිහත් බලල ඇහුවෙ දැඩි ස්වරයෙන්, මට තේරුනේ නෑ ඇය කියූ කිසිවක්)

නංගි.. ආහ්.. ගන්න.. සමාධි මගෙ අතින් තිබ්බෙ කහපාර බීම වීදුරුවක්...

මොනවද අක්කෙ මේ...

ආහ් මේ බියර්...

අනේ අක්කෙ... මම ඕව බොන්නෙ නෑ.. ප්ලීස්...

ඕ... බිර් ටිකක් බීවට මුකුත් වෙන්නෙ නෑ ළමයො... ඩ්‍රින්ක් එකක් එහෙම දාල පොඩ්ඩක් ඩාන්ස් කරාම තමයි ගානකට එන්නෙ...

ප්ලීස් අක්කෙ... මට බල කරන්න එපා... (මම කීවෙ දැඩි ස්වරයෙන්.. මොකද මම ආවෙ දුප්පත් මගෙ පවුල ගොඩ දාන්න මිස, කා එක්කවත් බීල නටන්න නොවන වග මම හොඳින් දැන හිටිය..)

හ්ම්... ඉන්නකො. එමෙනම් මම ඔයාට ජූස් එකක්වත් ගෙනත් දෙන්න... (සාලින්ද නැගිටලා ගියෙ එහෙම කියාගෙන)

ඊලඟට මොනව උස්සන් එයිද දන්නෙ නෑ... ගමේ ඉන්නෙ නම් පූසියක් වගේ.. ‍ඒ වුනාට දැන් බලන්න ඕනෙ මෙයාගෙ වැඩ... (සමාධි දිහා බලාගෙන අමනාපෙන් මම කල්පනා කරේ ඒ ගැන)

ආහ්.. මෙන්න... ඔරිජිනල් ෆුඩ් ජූස්... 

සාලින්ද මගෙ ඉස්සරහින් තිබ්බෙ පලතුරු කෑලි පිරුනු ලොකු වීදුරුවක්...

ඒ දෙන්න බියර් බිබී, කිස් කර කර, බලාගෙන බන්න බැරි තරම් අසෝබන විදියට හැසිරෙද්දි මම මගෙ පාඩුවෙ ජූස් එක බිබී කල්පනා කරේ මේ තිරිසන් ලෝකෙ සැබෑව ගැන...

සමාධිගෙ ඇස් රතු වෙලා... කෙලින් හිටගන්න අමාරු තරමට බීල... සාලින්දත් හොඳටම බීල... එහෙන් නන්නාඳුනන උන් එනව මාව ඇදන් යන්න... ඒත් සාලින්ද නිසා හැබැයි ඒ මිනිස්සු මුකුත්ම කීවෙ නෑ..

මේ..... මේ නංගි මාත් එක්ක ආවෙ... කවුරුත් අතක් හරි තිබ්බොත්, හෙට උදේට පණ පිටින් වලලනව... 

හරි.. දන්නවනෙ මන් ගැන...

ඇත්තටම සාලින්ද කියන්නෙ කවුද? ඇයි මිනිස්සු මේ කරම් සාලින්දට බය... මට කිසිවක් තේරුම් ගන්න බෑ..

අක්කෙ... සමාධි අක්කෙ... මට කලන්තෙ ව‍ගේ අක්කෙ...

මම සමාධිට කතා කරේ මට එකපාරටම හිසේ කරැකිල්ලක් වගේ අල්ලන්න ගත්ත නිසායි.

ආහ්.. ඕක ගනන් ගන්න එපා බබා.. ඒක ටික වෙලාවක් යද්දි හරි යනව.. (සාලින්ද කීවෙ ඇඟට පතට නොදැනී වගේ.. මහ පුදුම මනුස්සයෙක්නෙ... මනුස්සයෙකුට අසනීපයක් හැදුන වෙලාවටවත් මේ මිනිස්සු ගාව මනුස්ස කම නැද්ද...)

මට දැනුනෙ මගෙ ඔළුව කරකැවෙනව වගේ... හතර වටේම කැරකෙනව වගේ... ඉස් මුදුන සීතල වෙලා වගේ... සමාධිව මට පෙනුනෙ බොඳවෙලා...

අක්කෙ.. ඇත්තමයි... මට කලන්තෙ වගේ... මට වමනෙ යන්න වගේ අක්කෙ... මම බොඳවුනු සමාදිගෙ අපැහැදිලි මුහුණ දිහා බලාගෙන කියන ගමන් නැගිට්ටෙ ඉඳන් ඉන්නත් අපහසු නිසා... 

මුළු ඇඟම පණ නැතුව ගිහින් වගේ.. මම එහෙමම ඇදගෙන පුටුව උඩට වැටුන... මට හීනෙන් වගේ සමාධියි සාලින්දයි හයියෙන් හිනා වෙනව ඇහුන...මොනව උනාදවත් මම දන්නෙ නෑ... පැය කීපයක් මම එහෙමම ඉන්නට ඇති...

බබා... කෝ නැගිටින්න... මට යාන්තමින් කන ගාවින්ම වගේ ඇහුන හඬ මට කාගෙදැයි හඳුනගන්න අපහසු වුනේ නෑ... තද අරක්කු හා මුසුවුනු සිගරට් ඳුඟදක් මා අසලින්ම වගේ දැනෙන්නට වුනා... මහා ලොකු උනුසුමකු මැද, සැප පහසු මෙට්ටක් මත සිටින වගක් හැඟුනත් මට ඇස් දෙක ඇරගන්න තරම්වත් නොහැකි තරමට ශාරීරිකව අප්‍රාණික වෙලයි හිටියෙ...

කතා කරන්න උත්සාහ කලත් කෙඳිරියකට පමනක් හඬ සීමා වෙලා තිබුන..

ශරීරය පුරාම දැඩි වේදනාවක් දැනෙමින් තිබුනත් ඒ ඇයි, මක් නිසාද, කොතැනින්ද කියා සිතා ගන්නටවත් නොහැකි තරමට මා අප්‍රාණිකයි..

ඔයා හරි ලස්සනයි බබා... ම්.............මා... ලව් යූ බේබි...

කම්බුලක් උනුසුම් කරමන් තැබූ කාගේදෝ හාදුව නිසාම අපහසුවෙන් වුව මා දෑස් අරින්නට උත්සාහ කරා...

 අවට පරිසරයම තද ඝන අඳුරක ගිලී තිබුන... මා සිටි යහන දෙපසින් පමනක් රාත්‍රී පහන් වලින් මද 
ආලෝකයක් සපයා තිබුන... මා සිටින්නෙ කොහිද? කෝ සමාධි, මට මොකද උනේ... බොඳවුනු පරිසරය අතර මම හෙව්වෙ මේ ප්‍රස්න වලට පිලිතුරු. 

හා හා... කලබල වෙන්න එපා ළමයො... මේ මම සාලින්ද? මගේ මුළු ආත්මෙම කඩා වැටුනෙ බොඳ වූ ‍දෙනෙතෙන් වුව දුටු දසුන් වලටයි..

මා සම්පූර්ණයෙන් නිරුවතින්... මා හට උණුසුම දි ඇත්තේ සාලින්ද? මගේ අනෙක් පස සමාධි නිරුවතින් ගොර අදිමින් සිටිය..

ඔයා හරි ලස්සනයි කෙල්ලෙ...

සාලින්ද කියත්ම, ඇ‍ෙඳේ තිබුනු බෙඩ් ෂීට් එක ඇඟට තද කරන් මම අමාරුවෙන් නැගිට ගත්ත..

දෙවියනේ....සිදුවී ඇත් සියල්ල මට ඉවෙන් මෙන් වැටහෙන්නට උනා... ඒත් දැන් සියල්ල සිදුවී හමාරයි...

සාලින්දයි, සමාධියි මගෙ ෆුඩ් ජූස් එකට මත් පෙති දාල දීල..

මම මත් උනාම දෙන්නම මාව කාමරේට ගේනන ඇති...දෙන්න ඇති වෙනකම් සිහිය නැති මගෙන් සතුටු වෙන්න ඇති.. විශේෂයෙන් සාලින්ද? මා හට සිහිය එන විට සිදුවන්නට ඇති සියල්ල සිදුවී හමාරයි...

ජීවිතේ පුරා මැවිව හීන, ආත්මෙ වගේ රැක ගත් පතිවත, නන්නාඳුනන සල්ලාලයකුට, හිතවත් යෙහෙළියක් නිසා මෙසේ බිලි වීම කොයි තරම්නම් අභාග්‍ය සම්පන්නද?

ජීවිතේ ගැහැණු ළමයෙකුට, වටිනාම වස්තුව වන පතිවත කෙලෙසන සල්ලාල සාලින්ද වැනි උන් ඔබේත් සහෝදරිය, පෙම්වතිය දිනක කෙලෙසාවි...

එය ‍මදක් හෝ දැනුවත් කර පාලනය කර ගැනීම සඳහා ඔබෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටිනව...කෙදිනකවත්, කවරෙකුවත් හඳුන ගත් පමනින් විස්වාස කරන්න එපා...

සල්ලාලයන්ගේ මුදල් හමුවේ දුප්පත් අහිංසකියන්ගේ ජීවිත බිල්ලට යෑම නැවැත්වීමට නම් ඔබ අවධියෙන් සිටිය යුතුමය..

මට දැන් ඉතුරු වෙන්න දෙයක් නෑ..

මගෙ නංගි, මල්ලි, අම්ම වෙනුවෙනු ආපු ගමනෙ දෙවන දිනයේම මට සිද්ද වුනේ මේ ටික... මට බෑ නගර සෝබණියක් වෙන්න.. මට බෑ අම්මගෙ ඇස් දිහා කෙලින් බලන්න.. මට බෑ ගමට යන්න.. ඒත් මට බෑ මේ මිනිසුන්ගෙන් පලි දරන්න..

ස්භාව ධර්මය ඇත්තනම්, මොවුන් දඬුවම් විඳීවි..

ඉතින් ආයුබෝවන්.............!!!

(සුරංගි නම් වූ ඇයි කටුනායක දුම්රිය මාර්ගයේ දී, දුම්රියක හැපී සිදුවීම සිදුවූ දිනට පසු දින අවසන් ගමන් ගිය වගයි...)

රචනය: රවීන්ද්‍ර බණ්ඩාර.
(නම් ගම් මනංකල්පිත වන අතර කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් වේ...)
ඔබේ අදහස් කියලම යන්න..

7 comments:

  1. පවු බන් කෙල්ල..
    මුන්ට හෙන ගහන්ඩ ඕනෙ මචන්..
    දිගටම මේ වගේ දේවල් ලියන්න..
    ඔයාට සුභ පැතුම්...

    ReplyDelete
  2. niyamai...
    hadenawanam me athi hodatama..
    me wage w**** genuth innawa..
    ahinsaka kello amaruwe dana..

    ReplyDelete
  3. මේ වගේ කාලකන්නි එවුන්ට යන්න අපායක් නෑ බං.ඇත්තටම සංවේදී බව පිරුනු කතාවක්.උඹේ වැඩ නම් සුපිරි යාලුවා...........

    ReplyDelete
  4. ස්තූතියි අදහස් දක්වපු සියල්ලන්ටම..
    අනිත් අයත් අදහස් කියලම යන්න..

    ReplyDelete
  5. මම ඔය නව කතා කෙටි කතා බලන කෙනෙක් නෙවෙයි එත් උඹගේ කතා බැලුවාම ටිකක් අසා හිතුනා කියවන්න ඒ විතරක් නෙවෙයි ලියන්නත් දැන් නම් ආසයි වගේ ඒත් මට ලියන්න හැකියාවක් තියෙනවද නැද්ද කියන්න මමවත් දන්නේ නැහැ කොහොම උනත් නියමයි මචන් එල

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන්... දිගටම අපත් සමග ඉන්න...

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete