Monday, September 16, 2013

පෘතුවියට ආයුබොවන්..

අද කියන්න නම් යන්නෙ ගොඩක් විශේෂ ඒත් මෙතෙක් සිදු නොවූ විදියෙ දෙයක් ගැන..
ඇත්තම කීවොත් මේක එක පැත්තකින් ඔයාලට විහිලුවක් වගේ වෙයිද දන්නෙත් නෑ..
මෙන්න මේකයි කතාව..

මීට සති කීපයක සිටන් මහා ආන්දෝලනයකට දුඩු දුන්න මාතෘකාවක් තමයි අඟහරු..
මේ අඟහරුගෙ ජීවීන් ඇතැයි කියන එක විද්‍යාඥ්ඥයින් මෙන්ම සමාජයේ බොහෝ මිනිසුන්ද විස්වාස කල සාක්ෂි නොමැති කරුණක්..
පසු සාම්පල, ඡායාරූප, පිහිටීම් ආදී නොයෙකුත් දේ අධ්‍යනය කල විද්්‍යාඥ්ඥයින් අවසානයේ දී අඟහරු මත ජීවීන් නොමැති යැයි විස්වාසනීය මතයක් ඵල කලා...
ඒ වගේම, අඟහරු මත ජීවීන්ට සුදුසු පරිසරයක් ගොඩ නැගිය හැකි බවත් ඔවුන්ගේ තිබුනු මතයක්..

මෙසේ ඉදිරිපත් වූ විවිධ මති මතාන්තර වලට නව ආකල්පයක් එක් කරමින් අඟහරු මත මිනිස් ජීවීන් ව්‍යාප්ත කිරීමේ(ජනාවාසයක් ඇති කිරීමේ) ව්‍යාපෘතියක් යෝජනා සම්මත වූවා..

මෙසේ ඉදිරිපත් වූ යෝජනාව ක්‍රියාවට නැංවීමේදී ලෝකයේ හොඳම බුද්ධිමතුන් තෝරාගැනීම වෙනුවට මොවුන් යොදා ගත් තේ වෙනත් උපක්‍රමයක්...
එනම්..,
මෙහිදී අයදුම් පත් කැඳවා මොවුන්ගෙන් යම් පිරිසක් තෝරා ගනු ලබයි..
මෙහිදී අයදුම් පත සඳහා විශාල මුදලක් අය කරයි..
තෝරා ගන්නවුන් විශාල මුදලක් වැය කර සාමාජිකත්වය ලබා ගනී.
මෙසේ අයකර ගන්නා මුදල් ඔවුන් පුහුණු කිරීම් ඇතුලු මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා යොදවනු ලබයි..
මොවුන් අවුරුදු කීපයක විශේෂ ප්‍රාෙයා්ගික හා න්‍යායාත්මක පුහුනුවකට භාජනය කරනු ලබයි.
ඉන්පසු මාස කීපයකින් අඟහරුවෙත ලඟා වෙන දිගු ගමනකට පිටත් කර යවයි..
එහි පා තැභූ මොහොතේ සිට සිලළුම ක්‍රියාවන් පෘතුවියේ සිට ශ්‍රව්‍ය දෘෂ්‍ය මාද්‍ය ඔස්සේ අධ්‍යයනය කරයි..
එහි යන්නවුන් එහි සිට ජනාවාස ගොඩනගා ගත යුතුය..
ආපසු පැමිනීමට තාක්ෂණික ක්‍රම වේදයක් තවම සොයාගෙන නැත.

ගැටළු මෙලෙසයි...
මෙසේ යන්නවුන් ඇත්තටම අඟහරු වෙත නිරුපද්‍රිතව ගමන් කරයිද?
ඔවුන්ට යලි ආපසු පැමිනීමට නොහැකිය. එසේනම් ඔවුන්ට ජීවිත කාලෙටම රැගෙන යන ආහාර, ඔක්සිජන්, අනෙකුත් දෑ පුමානවත් වේවිද?
සියල්ල ශ්‍රව්‍ය දෘෂ්‍ය මාද්‍ය ඔස්සේ අධ්‍යයනය කරනවානම් මුදල් ගෙවා මොවුන් කර ගන්නේ තම පෞද්ගලිකත්වයත් ලෝකයාට පෙන්වීමක්ද?
මොවුන්ගේ ජීවිතවල වගකීම් කවුරුන් භාර ගනීවිද?
මෙය අඟහරු ආක්‍රමණය කිරීමක්ද?
අඟහරුවල ජීවීන්සිටී නම් මොවුනට කුමන ප්‍රථිඵලයක් අත් වේවිද?

පහල ලින්කය ඔස්සේ ඔබට දැනට මෙම ගමනට අයදුම් කර ඇති අයවලුන් බලා ගැනීමටත්, අයදුම් කිරීමටත් අවස්ථාව ඇත..
ලංකාවෙන් මේ වන විට තිදෙනෙක් ඉදිරිපත් වී ඇත..
ඔවුන් ගෙන් එක් අයෙක් ඔබ හොඳින් දන්නා හඳුනන ලංකාවේ මධුර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂ මෘදුකාංගයේ නිර්මාතෘ මධුර නම් ලාංකිකයාය..
මෙතැනින්

අන්තර්ජාලය ඔස්සේ සොයාගත් තොරතුරු ඇසුරින්..
පහලින් අදහසක් දාලම යන්න.

0 comments:

Post a Comment