Friday, September 6, 2013

ගැහැණියද නොදත් ඇතැම් රහස්..


ගැහැණියද නොදත් ඇතැම් රහස්..

අතීතයේ සිටම මානව වර්ගයාගේ පැවැත්ම තහවුරු වූ, ජානමය ක්‍රියාකාරකම් මත තීරණය වූ, සෙනෙහස නොහොත් ආදරය යන වචන වලින් හොවා දක්වන බැඳීම් වල උපත, තම වර්ගයා බෝ කිරීමහි ලා ආරම්භය වේ..
විවිධ මත දාරීන් විවිද නිර්වචනයන් ඉදිරිපත් කලත්, විවාහය යනු මිනිසාගේ ආදරය නම් අකුරු සතරෙහි ප්‍රථිඵලයයි.
ආදරය නම් වූ අති පූජනීය දෙය වර්ථමානය වන විට රාගය යන්නට සමාන කිරීමට තරම් වර්ථමාන තරුණ පරපුර විකෘර්ථි මානසිකත්වයට පත් වී ඇත.
අතීතයේ සිට පැව එන ඇතැම් නීති, රීති, සම්ප්‍රධායන්ට පටහැනිව යම්න් ‍ වර්ථමානයේ සිදු කරන්නා වූ බොහෝ ක්‍රියාකාරකම්, ජීවිතයේ විනාසයට පමනක් සාර්ථක පිලිතුරක් වේ..
මා මේ කියන්නට උත්සාහ ගන්නේ ආදරය ගැන නම් නොවේ..
මම මෙහෙම ආරම්භයක් ගන්නම්..
ශ්‍රී ලංකාව වූ කලී ඉතා ඈත අතීතයේ සිට ආවේණික සම්ප්‍රදායන්ට මුල් තැන දී සියළු කටයුතු සිදු කල බෞද්ධ රටකි.. ඉතා විනයකාමී තරුණ පරපුරක් ඉතාමත් ගෞරවණීය බැඳීමකට ආදරය ලෙස නම් තැබුවෝය..
 ලියුම් කඩදාසියකට, බට නලාවකට ඒ කාලයේ ආදරේ මණරම් අන්දමින් කැටයම් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබිනි..
නමුත්.,
වර්ථමානය වන විට,
ආදරය සෙක්ස් නම් අනුවර්ථ නාමයකට පෙරලන්නට තරම් වර්ථමාන ලෝකට අශිෂ්ඨ සම්පන්න වී ඇත..
අන්තර්ජාලය, ජංගම දුරකතන, පුද්ගලික බස් රථ, හෝටල් කාමර වර්ථමාන ආදරයේ නවාතැන් පොලවල් වී ඇත..
කුලුඳුල් දියණිය, කන්‍යාවිය, පතිනිය වැනි නිර්වචනයන් ගෙන් හැඳින්වූ පිරිසිදු කතුන් අද වර්ථමානයේ අල්පේච්ඡ වී ඇත..

කන්‍යා පටලය මත පිරිසිදු බව පරීක්ෂා කල අතීතයට අභියෝගයක් ගෙනෙමින් කන්‍යාලටල නැවත සැකසීම නම් පිළියමක් ද බටහිර වෛද්‍ය විද්‍යාව ලොවට හෙලිදරව් කර ඇත..

නමුත් සත්‍ය මෙයයි..

කිසිම වැදගත් පිරිමියෙකු වෙනකකුගේ පහස ලද ගැහැණියක තමන්ගේ සහකාරිය කර ගැනීම ප්‍රථික්ෂේප කරන්නේ ඒකාන්තයෙනි.

ඕනෑම පිරිමියෙකු පතිනියක තම භාර්්‍යාව කර ගැනීමට, තම පිවිතුරු ආදරේ උරුමක්කාරිය කර ගැනීමට කැමති බව නොරහසකි..

වර්ථමානයේ බොහෝ තරුණියන්, බොහෝ පිරිමින්ගේ පහස ලබා, අවසානයේ විවාහයට පෙර රුපියල් දහදාහක් පමන වියදම් කර පහසුවෙන් කන්‍යාපටල සැකසීමකට භාජනය වී කන්‍යාවියක් සේ ලෝකය ඉදිරියේ පෙනී සිටී.. මවැන්නියන් කිසිවෙකුටත් තම හෘද සාක්ෂියෙන් ගැලවිය නොහැකි බව නොරහසකි..

මට කිව යුතුව තිබුනේ මෙයයි..

ඔබ දන්නවාද? ආදි මුතුන් මිත්තන්ගෙන් පැවත එන පෝරු මෂ්ඨකාරූඪ කර කරන්නාවූ පිලිවෙත් සමූහය..

කිරි කඩ ලබා දීම, පොල් බිඳීම, බුලත් හුවමාරුව, සළුපිලි පැළඳීම වැනි චාරිත්‍ර...

බටහිර වෛද්‍ය කලාවේ විශ්වකර්ම නිමැවුන් අභියෝගයට ලක් කරන තවත් එක් දෙයක්ද මෙහි ඇතුලත්ය..

එනම් පෝරු මෂ්ඨකාරූඪ කර අශ්ඨක කීමට..(මෙය ආශිර්වාද කිරීමක් වුවත් සැඟවුනු අරුතක්ද පවතී)
එනම්..,

අපිරිසිදු යුවතියක් පෝරු මෂ්ඨකයේ ඒ වත් පිළිවෙත් කරණ අවස්ථාවේ මනාලිය ලෙස සිටීනම් ඇය ක්ලාන්ත වී ඇද වැටෙයි.. තවමත් රහසක්ව පවතින මෙම හෙලිදරව්වේ ශක්තිය කුමක්දැයි සැමට රහසක් මුතු දැනගතයුතුම දේ නම්, වෙනකකුගේ පහස ලද තරුණියක් නිවැරදිවම හඳුනාගත හැකි එකම ක්‍රමය පෝරු මෂ්ඨකයේ අශ්ඨක කියා විවාහ කර ගැනීමයි..

තරුණියනි..

ඔබත් මේ වන විටත් වරදට පෙළඹුනු කෙනෙකුන් නම්, ඔබව නිර්මාණය කල මව් පියන්ගේ නාමයෙන් හෝ ඔබගේ කල්කිරියාව වෙනස් කොට ගනිමින් රාගය වෙනුවට, සාහිත්‍ය, චිත්‍ර, සංගීතය වැනි සුන්දර කලාවන් තෝරා ගනිමින් ජීවිතයේ විඳවීම වෙනුවට විඳීමේ පහස ලබනා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..

වරදක් කලොත් නිවැරදි කිරීම අපහසුය.. නමුත් වැලකී සිටීම මගින් බොහෝ දුරට වරදින් ඈත් විය හැක...

අකුරු කල යුතු බොහෝ දේ ඇතත් තරුණ තරුණියන් වෙනුවෙනු කිව යුතු දේ කී නිසාවෙන් අදට නවතිමි..


සාර සාර්ථක අර්ථවත් ජීවිතයකට හිමිකම් ලැබේවා...!!!

රචනය: රවීන්ද්‍ර බණ්ඩාර


2 comments:

  1. අප්පට සිරි...
    එහෙමවත් එකක් තියන එක හොඳයි..
    හිතේ නිදහසේ විස්වාසෙ ගොඩ නගා ගන්න..
    ඔබට බොහොම පිං...

    ReplyDelete
  2. ගැබ්වී ඇත්තේ සිද්ධාර්ථ කුමරුන් හා යශෝධරා විවාහය කෙරුනු ඇයුරුම වේ....

    ReplyDelete