උදේ පාන්දර 4 ට අවදිවෙලා
පාඩම් කරන්න පටන්ගත්තෙ තව පැය කීපයකින් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය මත බලාපොරොත්තු ගොන්නක් පොදි
බැදගෙන..
හැමදාම වගේ
අම්මටනම් මං ගැන ගානක් වත් නෑ.අට වසරෙ විතර ඉඳලම තනියම ජීවත්වුණු මං ගැන
අම්මල තව මොනව බලන්නද?පාඩම් කරන්න යන්නත් පාඩම් කරන්න තරම් හිතට
සැහැල්ලුවක් නෑ. ඒත් එහෙමයි කියල ප්‍රශ්නෙකුත් නැති වග මම
දන්නවා .ආයෙත් පැදුරට පැනල පරන සරම් කෑල්ලට ගුලි උනේ
පැයක් දෙකක් නිදා ගන්න.
"අයියේ... නැගිටිනවා
හලෝ... දැන් 7 යි වෙලාව. 8.30 ට නේද විභාගෙ. යන්නෙ නැද්ද ආ......."
මම පොරෝගෙන
හිටපු සරම් කෑල්ලත් අතේ ගුලි කරගෙන දඩබිඩියෙ නැගිට ගත්තෙ ලොකු නංගිගෙ ටකරන් වීනාවෙ
සද්දෙට.
වෙලාව 8.30 ට නේද
විභාගෙට යන්නෙ නැද්ද ආ....
මම පොරෝගෙන
හිටපු සරම් කෑල්ල අතේ ගුලිකරගෙන දනිපනි ගාල නැගිට ගත්තෙ ලොකු නංගිගෙ කෑ ගැහිල්ලට..වෙලාව 7.06යි. හොඳටම පරක්කු
වෙලා..
නිදිමතේම
දත්බෙහෙත් ටියුබ් එකයි, දත් බුරුසුවයි අතට ගත්තෙ ඉක්මනින් ළඳ ගාවට
දුවන්න හිතාගෙන.
ෂැහ්... මගෙ වෙලාවනම් පුදුම වෙලාවක් තමයි. දත් බෙහෙත් පැකට්ටුව බින්දුවටම මිරිකල අරගෙන. දැන් ඉතින් මොකද කරන්නෙ...?
කටින් හපල දත්
බෙහෙත් පැකට් එකේ කට ගාවින් කඩල ඉරටුවකින් දත් බෙහෙත් ටිකක් සූරල අරගෙන බුරුසුවෙ
ගාගත්තෙ දවස ශේප් වෙන්න හිතාගෙන. අඟුරු කාල ළමයි ඉස්සරහට යන්නත් බයයි. කටේ අඟුරු කෑලි හිර වෙලා තිබුනොත් අපේ බුවාල
ඒකත් ආතල් එකට ගනී..?
පැය බාගයක්
විතර බස් අයිතිකාරයින්ගෙ දෙමාපියන්ට පිං දිදී මහ පාරෙ ලැගල ඉඳල යාන්තම් පන ඇද ඇද
ආපු අනුරාධපුර තලාව බස් එකකට නැග ගත්තෙ වෙන කරන්න දෙයක් නැති කමට..
මේ පාන් භාගෙ
යන්නෙ ගෙවල් වල නිදියගෙන ඉන්න මිනිස්සුත් ඇහැරවල නග්ගගෙන...
දැන් ඉතින්
මොනව කරන්නද?
බස් එකෙන්
බහිද්දි 8.20යි. ඈතින් පේන
රුවන්වැලි මහ සෑ රඳුන්ට නමස්කාර වේවායි හිතින් පතමින් පාසලට
දිව්වෙ, තව විනාඩි දහයකින් විභාග ශාලාවෙ පේපර් එක
බෙදන වග හොඳින්ම දන්න නිසා...
ආහ්... මම කොන්ඩෙ පීරුවෙ නෑ නේද? දැන් ඉතින් මොකද කරන්නෙ.. දැන්නෙ ඒකත් මතක් උනේ... ෂිට්.
ආ... අර තියෙන්නෙ රජෝ කෝකටත් තෛලෙ..
දෙයියො බුදුන්
දැක්ක වගේ පාසලේ ටැප් එක ගාවට දිව්වෙ කොන්ඩෙට හොඳ හෙයා වෝටර් පාරක් දෙන්න හිතාගෙන..
හයා වෝටර් පාරක් දාගෙන පාසලේ පන්ති කාමරේක
ජනේලයක් කන්නාඩිය කරගෙන කොන්ඩෙ ශේප් කර ගත්තෙ විනාඩි කීපයක විකල්පයක් බව හොඳ හැටිම
දැනගෙන.කෙලින්ම ගියෙ විභාග ශාලාවට...
ආ... මොකද ඔය ළමය පරක්කු වෙලා.... වැඩිපුර පාඩම් කරාද? නැත්නම් නින්ද
ගිහින්ද?..මොකාද යකෝ මේ මන් ගැන නිවැරදිව දකින මෑන්...
ආපහු හැරිල
බලද්දි, රජ කාලෙ බෝල
කන්නාඩි කුට්ටමකුත් දාගෙන, කන්නාඩි දෙකට උඩින් මගෙ දිහා බලොගෙන හිටියෙ
එද්දාස් නවසිය බර ගනන්වල කොන්ඩෙත් නැති දඩාර පොරක්..
ෂුවර්... මේ නම් ශාලාධිපති තැන තමයි... කට ගහගෙන ගියොත්නම් වැඩේ වන වෙනව... දාන්න ඕනෙ අවිහින්සක හිනා පාරක්..
අහිංසක අකලංක
හිනාවකින් ශාලාධිපතිට අඩුවක් නැතිව සංග්‍රහ කරල “ගුඩ් මෝනින් සර්….” කියාගෙන මම ගියෙ මගෙ ඩෙස්ක් එක හොයාගෙන..
මුළු ශාලාවෙම
ළමයි වාඩිවෙලා.. මම විතරක් මගෙ ඩෙස් එක හොයනව...
ගන්ති
හැත්තෑවයි අප්පා...
නින්ද ගිය
කරුමෙට දැන් ඉතින් මක් කොරන්නද? වැඩි සැප දුකට හේතුවේ කියල හිත හදාගෙන මම
ඩෙස් එක හොයනව..
යකේ මෙන්න
වැඩක්... අපේ සෙට් එකේ උගුඩුවො ටික මන් දිහා බලන්නෙ
වෙනස් ලෝකෙක එකෙක් දිහා බලනව වගේ... මුන් හිතාගෙන ඇති මුන් කලින් ආව කියල මුන්
වැඩර් ල කියල...
“ආ... මොකද? මේ ළමයත්
පාඩම් කරාද මේ වෙනකම්... ම්... විභාගෙ
දවසටවත් කලින් ආවනම් තමයි හොඳ...”
කටද යකෝ මේ මේ
යකා ඒ පාර කෑ ගහන්නෙ..
මම ක්ෂණයකින්
ආපහු හැරුනෙ ශාලාධිපති තැන ගොරවපු මන් වගේම ආතල් බුවා කවුද කියල බලා ගන්න.. මොනව උනත් මෑන් නිසා මම ශේප් නෙ..
දෙවියන්ටම
ඔප්පු වෙච්චාවෙ කීවලු...
ෂහ්... පුදුම ලස්සනක්නෙ... හරියට ඉටි
රූපයක් වගේ ළඳක් නේද බොලේ මූණ රතු කරගෙන ශාලාධිපති තැන ඉස්සරහ බිම බලාගෙන ඉන්නෙ...
හෙමින් ඔළුව උස්සල අහිංසක හිනාවකින් මුළු හාට් එකම ස්ටක් කරල ආයෙත් බිම් බලා ගත්තෙ මොකද මන්ද?
මේ නම් මනුස්ස
දුවක් දැයි මට තිබුනෙ ලොකු සැකයක්... හැබැයි ඉතින්
යහමින් ඇස් පිල්ලම් එහෙම ගහනව...
"මේ... ඔය ළමය භාවනා
කරනවද? ඩෙස් එක
හොයාගෙන වාඩි වෙන්නෙ නැතිව.."
හප්පොච්චියේ... මම තවමත් හිටගෙන නේද?
උන්හිටි තැනුත් අමතක උනා මේ දෙව්දුව දැක්කම... මම ආපහු හැරිල බලද්දි,
ශාලාව ඇතුලෙ හිටපු හැම උගුඩුවම මන් දිහා
බාගෙන කින්ඩ්යට හිනාව...
මුන් හිතනව ඇති අර කෙල්ල මුන්ට කැමති වෙයි
කියල... මුන් ටික කෙල්ල දිහා බලන්නෙ කටවල් ඇරගෙන...
ෂැහ්... මට දැන්නෙ මතක් උනේ... අපේ ඉස්කෝලෙ විභාගෙ ලියන්න අහල පහල ඉස්කෝල
පහ හයකින්ම එනවනෙ...
අපරාදෙ... කලින් ආවනම්...
තවත් කොටසක්
බලාපොරොත්තු වන්න
මෙහි සියළුම
හිමිකම් FreeGetLanka සතු වන අතර
අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් වේ....
ඔබගේ අදහස්
පහලින් ලියල යන්න අමතක කරන්න එපා...
ඔබේ අදහස්
අපගේ සාර්ථකත්වයයි..
අඩෝ පට්ට බන්...
ReplyDeleteඅැත්තම කියනවද ප්‍රස්නයක් අහන්න අැඩ්මින්..
ReplyDeleteඔය තරම් හිත ලස්සන ඔයාෙග අත ගන්න ෙකෙනක් අැත්තටම ඉන්නවද? නැත්ද?
ෙම් ෙලා්ෙක ඉන්න වාසනාවන්තම ෙකල්ල ඒයා..
අහ්... හා...
Deleteතාම නෑ සහෝ...
ස්තූතියි..
නියමයි
ReplyDeleteස්තූතියි...
ReplyDeleteඑලම තමයි රවියෝ.ආයෙත් අපි ඉස්කෝලෙ ගියා බං මේ ටික කියවල.ඉක්මනට දාපං ඉතුරු ටිකත් මට ආයෙත් අපේ පරණ ඉස්කෝලෙ පැත්තෙ රවුමක් දාල එන්න.
ReplyDeleteniyamai aiya supiri bohama sanwedi hithak ubata thiyenne
ReplyDeleteස්තූතියි මලයා..
Deleteදිගටම අපත් සමග රැඳී ඉන්න...
ඔන්න මාත් කියවන්න ගත්තා :D
ReplyDeleteම්..
Deleteදිගටම කියවන්න...
wooow niyamai ayye..:)
ReplyDeletegodak lassanayi aiye oyaage wachana gelapilla nam.. supiriyi
ReplyDelete