“ලෝචන... මචන් කොහොමද
එක්සෑම්...?”
“හප්පා... කියල වැඩක්
නෑ බන්... මටනං ගේමක් තිබුනෙම නෑ... එකෙම්ම පාස්... දාන්නවනෙ ඉතින්...”
“ඔව් ඔව්.. උඹ ඉතින්
කොහොමත් මීටරේනෙ බං.. අපිටනම් හොඳට ඇනුන බං...”
(මුං වෙඩිමක් කතා කරනව.. මං නෙ දන්නෙ උත්තර ටික මතක් කර
ගන්න මොලේ ඉස්මොල්ලෙ දාගෙන තටමපු විදිය...)
“මේ.. යමුද මචන් වැව
පැත්තෙ..රව්මක් දාන්න...”
එක්සෑම් ඉවර වෙලා වෙනද පුරුද්දටම වගේ පාසලට මදක්
නුදුරෙන් වූ වැව පැත්තට යන්නට එකෙකු යෝජනා කලේ කස්ටියම හෙට උදේ 8.30 වෙනකම්
එක්සෑම් ගැන නොහිතන වග හොඳින්ම දන්න නිසා..
“යමං යමං...”
“ඒ....................
අඩෝ... කවුද බං අර කිරිල්ලියො සෙට් එක?”
“මොන කිරිල්ලියොද
හාවො... අඩුම තරමෙ වැහි ලිහිණියෙක්වත් පේන්න නෑ...”
“ගොං වස්සො... මම කීවෙ
අර ඈත ඉන්න කෙල්ලො සෙට් එක ගැන...”
(අපට ඇවිදන් යන දිශාවෙහිම අපට මීටර් 100ක් පමන දුරින්
නාඳුනන පාසලක ගැහැණු ළමුන් පිරිසක් පෙන්වමින් මම කීවෙ රොෂාන් ගෙ ඔලුවටත් එකක්
ගහල..)
“ආහ්... ඔය ආර බාලිකාවෙ
කෙල්ලො ටිකනෙ බං...”
“ෂැහ්... අපරාදෙ බන්...
දැන්නෙ මතක් උනේ... අර උදේ ආපු කෙල්ල... මට ඒකි ඉන්න ඉස්කෝලෙ වත් හොයා ගන්න බැරි
උනානෙ....”
“ඉස්කෝලෙ හොයන්නෙ මොන
වෙඩිමකටද ඌරො... ටයි එකෙන් අඳුන ගත්තැකිනි...”
“අඩෝ රොෂා.. සිරා බං මම
කියන්නෙ... මට ටයි එක මතක නෑනෙ බං...”
“ඔව් ඉතින් උදේ කෙල්ල
දැක්ක වෙලේ ඉඳන් උඹ හීන දකිනවනෙ... උඹ හීනෙන්ද බං එක්සෑම් ලීවෙත්
ලෝචා................”
“අනේ මන්ද බන්... මං ඒ
කෙල්ල දැක්කම මගෙ ඇඟේ මයිල් ස්මයි උනා බං... පට්ට ලස්සන කෙල්ල බං..”
“ෂැහ්...කොහෙද ඉතින් උඹ
රබර් ඇහැ දාපු නිසා අපිත් ලයින් නොදා හිටිය... නොහැකියාව කීවනම් අපිවත් වැඩක් කර
ගන්නවනෙ බං...”
“ඒ... ලෝච............
අර ඉන්නෙ ඒ කෙල්ල නේද බං.............”
“අපේ සෙට් එකේ හිටපු ටිකක්
උසින් වැඩි සජිත් කීවෙ ගෑණු ළමුන් සිටි දිහාවට ඇඟිල්ලක් දික් කරල...”
“මොකක්... අඩේ... පට්ට
බං... යමං යමං... ගිහින් ටෝකක් දාමු...”
“අපේ ජිරාෆ් කොළුව මාර
වැඩ්ඩනෙ... එහෙනම් ලෝචනටත් කලින් කෙල්ලව අඳුන ගත්ත...”
“අඩෝ මේතන කැත ටෝක් එපා
බං... ඒ ලෝච ගෙ ට්‍රයි එක... මම ඕවට උදැල්ල දාන්නෙ නෑ බං... අනික ඒකි මට වඩා අඩි
ගානක් මිටියි...” (සජිත්
රොෂාන්ට කීවෙ මදක් තරහින්..
“හරි හරි මේ.... උදලු
බැරිනම් අලවංගු හරි දා ගනිල්ල පස්සෙ... දැන් යමංකො කෙල්ලො ටික ටිකක් බයිට්
කරන්ඩ...”
මම එහෙම කියාගෙන ඉස්සර උනේ අපේ එවුන් තර්ක කරන්න පටන් ගත්තොත් අද මෙතන
විසුමක් නොවන වග හොඳින්ම දන්න නිසා...
ගෑණු ළමුන් 6 දෙනෙකුගෙන් පමන සමන්විත ඔවුන්ගේ කන්ඩායමේ
සියලු දෙනාම බාලිකා විද්‍යාලයේ අය බව ටයි එකෙන් හැඳින ගත හැකි විය..... ඔවුන් නාන
මංකඩක අඩක් බැසගෙන එකනෙකා සමග ඕපාදූප කියමින්(ගෑණු ළමයි ඉතින් වෙන මොනව කියවන්ඩද
නේද? ඒකයි ඕපාදූප කීවෙ ඈ) හිනා වෙමින් සිටියා මිස අප ආ වගක් ඔවුන්ට නොවැටහිනි...
“හප්පා.............
කකුල් දෙකත් රිදෙනව... මේ ගලේ වත් වාඩි වෙමු බං....”
ටිකක් හයියෙන් කෙල්ලන්ට ඇහෙන්න කියාගෙන රොෂාන් වාඩි උනේ
මටත් ඇසකින් ඉඟි කරගෙන...
හයියෙන් ආ හුළඟක් අප සියල්ලක්ම වැව් ඉවුරෙන් බිමට ඇද
දමන්නට ගත් උත්සාහයක් අප ව්‍යර්ථ කර ගත්තේ ඉතා අසීරුවෙනි... සුලියක් මෙන් ආ ඒ හුළඟ
ගැහැණු ළමයි අසලින් ඇදෙන්නට වූයේ ඔවුන්ගේ අකීකරුහිසකෙස් අවුල් කරමිනි...
“හප්පා............ ගල
රත්වෙලා බං....”
සජිත් කෑ ගැසුවෙ ගෑණු ළමුන් දෙස බලාගෙන... බොහෝ සේ ඉහලට
ඇදුනු ගවුම හදාගන්නට වෙහෙසෙමින් ලැජ්ජාවෙන් මූණ රතුකරගෙන මා දෙස බලගෙන පහතට නැමෙන
උදේ දුටු සුරංගනාවිව මම දැක්කෙ ඒ වෙලාවෙ...
“සජ්ජො... ඔය හැකර කට
වහ ගනින් බං... අර කෙල්ලට ඇහුනද දන්නෙත් නෑ...”
“ඇහුනාවෙ ලෝචයො...
ඇහෙන්ඩ තමයි කීවෙ... අපි උන්ට මුකුත් කීවයැ... මම කීවෙ ගල රත්වෙලා කියල...”
“යකෝ.. උන් හිතයි උන්ට
කීව කියල...”
“මීමො... මම කීවෙ මේ
කළු ගල රත්වෙලා කියල...”
සජ්ජ ආයෙත් කෑ ගැසුවෙ පෙරටත් වඩා හඬ උස් කරල...
ඒ පාරනම් සජ්ජට හරි වගේ... එතන හිටපු කළු කෙල්ලක් කරකවල
රවල බැළුවෙ සජ්ජගෙ රීරි මාංශ උරා බොන්ඩ වගේ...
“හප්පොච්චියේ... කළු
ළඳගෙ තියන ගනං... ඔන්න මචන්... ආයෙනම් මම ඕකුන් ඉස්සරහ කෑම කන්නවත් කට අරින්නෙ
ණෑ...”
සජ්ජකීවෙ හොඳටම බයවෙලා වගේ... ඇති යන්තම්... මුගෙ හැකර
කට වහ ගත්ත...
“මේ... සජියො... ඒක
නෙමේ.. වරෙන්කො යන්න අර කෙල්ලට ටිකක් කථා කරන්න”
“උඹ පලයන්.. දැන් මම
ඔතනය ගියොත් මගෙ බොඩි පාට්ස් කොහෙන් ආනයනව කරන්න වෙයිද දන්නෙ නෑ...”
“පිස්සු නැතුව වරෙන්
බන්.”
මම නාන තොටුපලට සජිතුත් එක්ක බැස්සෙ අනිත් සෙට් එකට
වාඩි වෙලා ඉන්න ඉඩ ඇරල..
“මේ නංගිලා මාළු
අල්ලනවද මෙතන...”
සජිය කීවෙ
කෙල්ලො ටික කථාවට අල්ල ගන්න හිතාගෙන...
කොහොමත් මුගෙ හැකර කට ඇරියොත් ඉතින් පලාතක්
ඉවරයි...
“නෑ අයියා... අපි මේ
පීනනව... නැද්ද ලෝචි....”
(කෙල්ලො සෙට් එකේ
අර උදේ දැකපු සුරංගනාවිට එකියක් එහෙම කීවෙ සජ්ජග බෙල්ල මුලින්ම කපල දාල..)
“ෂැහ්... විලි
හැත්තෑවයි... දැන්නම් ඉතින් නාලම තමයි යන්න වෙන්නෙ...”
(මට දැනුනෙ දරා ගන්න බැරි තරම් ලැජ්ජාවක්... ඒ මදිවට
කෙල්ලො ටික කැපිල්ල දාල හිනත් වෙනව කැකිරි පල පල)
“ආ...හ්...... උඩුගං
බලා වෙන්න ඇති නේද නංගි....”
සජ්ජත් ගේම අතඅරින පාටක් නෑ වගේ... මට මුකුත් කියන්නත්
බෑ.. අර කෙල්ලත් ඉන්න නිසා... නොකියත් බෑ...
“ඇයි අයියත් එන්නද
අහන්නෙ.....”
ෂැහ්... ආයෙත් කඩු පාරක් නේද?
“ආවට කමක් නැද්ද දන්නෑ
නේද නංගි....”
යකෝ... සජ්ජ මං හිතුවට වඩා එල පොරක්නෙ... මූ ගේම
අතාරින්නෙම නෑ වගේ...
“අයියෝ.. අයිය... වැවේ
කොහෙද කමත්... ඒකට හොයන් යන්ට වෙලක්....”
එකියක කීවෙ ටිකක් ගැමි බවක් ආරෝපනය කරගෙන... සියල්ලන්ම
තවත් හිනා ගස්සමින්...
ඒත් ලෝචි නම් වූ ඒ අහිංසකාවි නිහඬව සියල්ල දෙස බලන්
හිටිය...
හප්පොච්චියේ... දැන්නම් ඉස්කෝලෙ යුනිෆෝම් එකත් ගැලවිලා
යයි වගේ සජ්ජගෙයි මගෙයි...
“නංගිට තේරෙන්නෙ
නෑනෙ... කල් ගතවෙද්දි වල් බිහිවෙනව කියල... අන්න ඒයි ප්‍රස්නෙ...”
ඒ පාර සජිය දුන් ටෝකටනම් කෙල්ලො ටික සැලෙන්ඩර් වගේ...
අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතන් මම වැඩේට එන්ටර් වෙන්න තීරනය කලා...
ඒ... ඔයාල වගේ නැහැදිච්ච යාළුවොත් එක්ක ලෝචි වගේ වැදත්
ළමයෙක් කොහොම ඉන්නවද මන්ද?”
“කොහොද බං මේ උදවියගෙ
තව හැදෙන්න තියෙන්නෙ...
(යකෝ.. සජ්ජ ෆෝම් වෙච්ච පාර මූ මටත් කපනවනෙ...)
“හා හා
හා................ එහෙනම් මෙයා නමත් හොයාගෙන.....”
කෙල්ලො ටික තාලෙකට වගේ එකට කීවෙ මට හින්ට් එකක් පාස් කරන්න...
ලෝචි නම් මූණ රතු කරගෙන බිම බලාගත්ත...
ගන්න ඕනෙ පුරුෂ ෂක්තිය ඇඟට...
“නෑ නෑ
නෑ..................... නංගිලමනේ.... අපට ඇහෙන්න එයාට ලෝචි කීවෙ...”
“හරි හරි... අපි පරාදයි
කියමුකො.... දැන් මේ අයියලගෙනම් මොනවද?”
එකියක සියල්ල වෙනස් මගකට යොමු කරමින් ඇහුවෙ සිරාවටම කියල
මට තේරුන...
“මේ සජිත්... මම
ලෝචන....”
“ලෝචන...............................?????”
කට්ටිය කීවෙ පුදුමේන් වගේ...
“ඔව් ලෝචන.. ඇයි
පුදුමෙන් වගේ... අවුල්ද?”
“ලෝචන... ලෝචනා....
කිසී අවුලක් නෑ... මරු ජෝඩුව...”
(ඔන්න මට කෙල්ලන්ගෙන් ආයෙත් නෝන්ඩියක්)
“අප්පට සිරි... එහෙමද?”
සජ්ජ මැදට පැන්නෙනෙ ආයෙත්...
“නෑ නෑ අයිය...
අප්පටසිරි නෙමේ... ලෝචනා... ලෝචනා...කෙල්ලො ටික අද සජියව සුප් හදයි වගේ...”
“මේ ඒක නෙමේ අයියා...
ඔයාල මේ තර්ඩ් ෂයි ද?”
”මොකක්... අපි මේ ෆස්ට්
ෂයි... ඇයි එහෙම ඇහුවෙ..”
මම ඇහුවෙ ටිකක් අවුලෙන්... මොනව උනත් අපි නාකි ගනේට
වැටෙන්න බෑනෙ... මූණත් තහඩුවවත් අවුල්ද දන්නෙ නෑ අපේ...
“නෑ නෑ... අපිට මේ නංගි
නංගි කියද්දි අපි හිතුව මේ වයසක සෙට් එකක් කියල... “
හප්පොච්චියෝ...... මෙහෙමත් නෑමක්නම් ජීවිතේට නාල නෑ...
ලෝචි ගෙ කටින් හිකිස් ගාල හිනාවක් පැන්නෙ කෙල්ලන්ගෙ ඒ කථාවට වෙන්න ඇති... “මොනව උනත් ඔයා හිනා වෙනකොට හරි ලස්සනයි සුදූ” කියල කියන්න හිතුනත් මට ඒහෙම අයිතියක්
නෑනෙ..?
“යමු යමු... වෙලා
ගිහිල්ල තියෙන්නෙ.. නැත්තං ගෙවල් වලින් හොයන්න එයි...”
ෂැහ්... කෙල්ලො ටික යන්න වගේ... අපරාදෙ... ලෝචිගෙ මූණ
බලන්න තිබුනනම් තව ටික වෙලාවක් හරි... ඒත් ඉතින් මම එහෙම හිතුවට ඒ කෙල්ල මාව සත
පහකට ගනන් ගන්නෙ නැතිව ඇති..
“අපි යනව ලෝචන... සජිත්...
එහෙනම් අපි යන්නම්.. තව වෙලා ගත්තොත් ගෙදරින් හොයන්න එයි... බායි... “
කෙල්ලො ටික
ගොඩාක් ලඟින් ඇසුරු කරන දන්නා හඳුනන යාළුවන්ට මෙන් අපට සමු දී යන්නට හැරුනි...ලෝචි
මා දිහා බලා අහිංසක විදහට හිනා වුනේ, සමු ගන්නට අවසරයි කියන්නාක් වගේ...
කෙල්ලො ටික යන තුරුම සජියත් මමත් ඒ දෙස බලන් හිටිය..
මීටර් පනහක් පමන ගිය පසු ලෝචි ඇවිදින එක නවත්තල හොමිහිට ආපහු හැරිල බැලුව... අනිත්
කෙල්ලො ටිකත් ආපහු හැරුනෙ ලෝචිට නොදැනෙන්න....
“අපේ කෙල්ලට ලව්
සන්නිපාතෙ හැදෙන්න වගේ... හෙට හම්බවෙමු... කෙල්ලො ටික කෑ ගැහුවෙ ලෝචිගෙ හැඟිම් අපට
පැහැදිලි වෙන්න වගේ... “
“ලෝචය... මචන්... කෙල්ල
උඹට කැමතියි වගේ... එල මචන්.. අපි කෙල්ලව ගොඩ දාමු...”
“කවුද බං දන්නෙ
හරියටම...”
මම එහෙම කීවෙ
සජ්ජගෙ හැටි හොඳටම දන්න නිසා.. උදව් කරද්දි සීරියස් උනාට පස්සෙ මමම එපැයි මුන්ට
බයිට් වෙන්න...
තවත් කොටසක් බලාපොරොත්තු වන්න...
මෙහි සියළුම හිමිකම් FreeGetLanka සතු වන අතර උපුටා ගැනීම සපුරා තහනම්
වේ....
පට්ට බන්... දිගටම ලියන්න..
ReplyDeleteමේ ඇත්ත හැමෝම විඳිනවනම් කොච්චරනම් පාසැල් කාලෙ සුන්දරද?
එලනි බන්..
ReplyDeleteහිනා යනව බන් තනියම..
බට්ට ලිවීමේ ශෛලියක්..
ආයෙත් ඉස්කෝලෙ ගියා වගේ මම..
තෑන්ක්ස් මචන්..
දිගටම ලියන්න...
ආතල් බං. පිස්සු හැදෙනවා උඹේ කතා වලට.හැමදාම වෙනස් දෙයක් කරන උඹට සැමදා ජය..........
ReplyDelete2 කොටසත් කියෙව්වා...පොඩි අදහසක් කියන්න හිතුනා නවකතාවක් ලියද්දී අර එක එක දේවල් වරහන් ඇතුලේ දාන්නේ නැතුව ඒ අවස්ථා ටිකක් විස්තර කරානම් හොඳයි කියලා හිතුනා
ReplyDeleteම්..
Deleteස්තූතියි..
වෙනස් විදියෙ දෙයක් කරන්නයි උත්සාහය..