කඳුල සුසුම ළඟ
අතරමන් වූ නෙතක් අවසානය මෙසේ කැටයම් කරයි...
දවස් ඔහේ
ගෙවිල ගියා..
දවසින් දවස
පරණ උනත් හංසිගෙ අතීතෙ මාව නිතරම අතමං උනා..
දන්නෙම නැතිව
වෙසක් මාසෙත් ඇවිත්..
ගමේ හැමෝම
කතරගම පන්සලට රොක් වෙලා වෙසක් උත්සවේ ජයටම සමරන්න සූදානම් උනා..
මතට ඇබ්බැහි
උන මම පන්සලේ ඇසුර නිසාම ඒ දේවල් වලින් ඈත් වෙලයි හිටියෙ..
මත් ද්‍රව්‍ය
පාවිච්චි නොකරන, හැම මනුස්සයටම හදවතින්ම හිනාවෙලා කාරුණිකව කතා කරන, මට ගමේ හැමෝම
සැලකුවෙ එයාලගෙම කෙනෙක්ට විදියට..වෙනද ලොකු හාමුදුරුවො හමුවට ගේන ගමේ ඇතැම් පුංචි
පුංචි ප්‍රශ්න ගම්මු අරන් ආවෙ මගෙ ලඟට.. ලොකු හාමුදුරුවො ලඟට ගියත් උන් වහන්සෙ
කියපු කතාව් තමයි, “ඔය ප්‍රස්නෙ
අර පුංචි මහත්තයට කියපල්ල.එයා ඕකට යස විසඳුමක් දෙයි..” කියල..මේ හැමදේමත්
එක්ක ගමේ අයට මාව නැතිවම බැරි කෙනෙක් උනා..
එදා රෑ බාගෙට
පායපු සඳවතිය මට කුමක්දෝ බැරෑරුම් දෙයක් කියන්න අර අදිනව කියලයි මට හිතුනෙ..
විහාර මළුවෙ
පැත්තකට වෙන්න සඳ රැසින් නෑවුනු කළු ගල් පතුරක මං වාඩි වුනේ හිතේ කියා ගන්න බැරි
රම් ලොකු හිස් බවකින්..
රැකියාවක්
කරන්න ඕනෙ වුනත් ඒ දේටත් හිත් දුන්නෙ නෑ.. පුංචි කාලෙ ඉඳන් ඕනෙ වුනු පරිගණක පද්ධති
ආරක්ෂකයෙකු වීමේ සිහිනෙ ඔහේ බොඳවෙලා ගිහින්.. මට හිතුනෙම මං ගොඩක් තනිවෙලා කියල..
ගමේ දහම්පාසලට
උගන්වන්න එන චාය මට කැමතියි කියල කීවෙ හේමන්ත. ඒත්, මගෙ හිතට දැනුනු පාළුවෙ තරමට
මට ඕනෙ වුනේ හැම තප්පරේකම ඒ පාළුව වැඩි කර ගන්න. මං අමාරුවෙන් උනත් තනිකමට පෙම්
බැන්ද?
චාය වැන්නවුන්
කී දෙනෙක්නම් මගෙන් ආදරේ ඉල්ලන්න ඇත්ද? ඒත්, ජීවිතේ එකම එක වතාවක් පමනක් හමුවුනු
හංසි වගේ ජීවිතේ අර්ථය තේරුම් ගත් කෙනෙක් නැවතත් මට හමුවේදැයි මට කිසිඳු
විස්වාසයක් නෑ.
“අයියෙ.. ඔයා ඔයාගෙ
ගමන යන්නම ඕනෙ. මමත් ආසයි ඔයා පරිගණක ඉංජිනේරුවෙක් විදියට මගෙ ඉස්සරහ ඉන්නව දකින්න.
අනික මට එතකොට මගෙ යාළුවන්ට කීහැකි මගෙ මහත්තය ඉන්ජිනියර් කෙනෙක් කියල.. නේ...”
දවසක් හංසි
මගෙ ඉස්සරහ ඉතා තීව්ර ලෙස කීයා සිටි ආකාරය මට තවමත් මතකයි..
ඒත්.. මගෙ මේ
මානසිකත්වෙත් එක්ක මම කොහොමද ඉගෙන ගන්නෙ.. අනික කවුරු වෙනුවෙන්ද?
“වෙලාව රෑ 11ත්
පහුවෙලා. උඹ නිදියන්නෙ නැත්ද? මමනම් නිදියනව. ඔය මනෝ ගැහුව ඇති. ගිහින් නිදිය
ගනින්..”
හේමන්තගෙ
හඬින් පියවි සිහියට පැමිනි මම සඳවතියට ආයුබෝවන් කියල කාමරේට ගියෙ නින්ද සොයාගෙන..
“අයියෙ මොකක්ද
මේ වැඩවල තේරුම...”
“මොන තේරුමද?”
“ඇයි මෙහෙම
විඳවන්නෙ... ඇයි ඔයාට බැරි ඔයාගෙ ගමන යන්න.. හිනා වෙලා ජීවත් වෙන්න..”
“හංසි.. ඔයා
මොනවද මේ කියවන්නෙ.. ඔයාට පුලුවන්ද
මාව අමතක කරන්න.. ඇයි ඔයා ඔහොම කතා කරන්නෙ..”
“අයියෙ.. දැන්
ඔයා මන් ගැන හිතුවට වැඩක් නෑ.. ප්ලීස්... ඔයා මට ඇත්තටම ආදරේනම් මාව අමතක කරන්න..”
“හංසි.......
පිස්සුද ඔයාට..”
“හරි... මේ
අහන්න අයියෙ.. මම මේ කියන ටික හොඳට අහ ගන්න..”
“හම්....
කියන්න..”
“ඔයා මට ගොඩක්
ආදරෙයි නේද? ම්...”
“ඔව්...
සත්තකින්ම...”
“ඔයා ඇත්තටම මම
සතුටින් ඉන්නවට ආසයි නේද?”
“හම්....මේ
අහන්න අයියෙ... මමත් ආසයි.. මමත් ආසයි සතුටින් ඉන්න... සැනසීමෙන් ඉන්න... මට
සතුටක් සැනසීමක් තියෙන්නෙ ඔයාගෙ සතුට ලඟ..."
“මම ඒක දන්නව
නංගි...”
“එහෙනම් ඇයි
මාව රිදවන්නෙ..”
“ඔයාව මම
රිදෙව්වෙ නෑ රත්තරං..”
“අයියෙ... ඔයා
ඔහොම විඳවන විදවන වාරයක් පාස මම විඳවනව.. ඒ විතරක් නෙමේ ඔයා අසාර්ථක වෙත්දි මට
සැනසීමකුත් නෑ..”
“ඒ ඇයි..”
“අයියෙ.. මම
බලාගෙන හිටියෙ හැමදේම... ඔයා හොඳට ජීවිතේ ඉගෙන ගත්ත... දැන් ඔයාට වෙනස් වෙන්න කාලෙ
ඇවිත්...”
“ඔයා මොනවද මේ
කියන්නෙ හංසි..මේ අහන්න අයියෙ.. ඔයා මම කියන දෙ අහන්ව නේද? අවසන් වතාවට මේ දේ
අහන්න... ප්ලීස්...”
“කියන්න.. මම
ඔයා කියන දේ අහන්නම්...”
“මං ඔයාට
ඇත්තටම ආදරේ කලා.. ඔයාත් එහෙමයි.. අපේ ආදරේ අවංකයි... ඒත් පෙර පවකටද කොහෙද අපිව
අපෙන් ඈත් කලා... මං ඉල්ලන්නෙ මෙච්චරයි..”
“මොකක්ද?”
“ඔයා වගේ අවංක
දැනුමෙන් පිරිපුන් මනුස්සයෙකුට කරන්න බැරි දෙයක් නෑ.. ඔයා අද ඉඳන් වෙනස් වෙන්න
ඕනෙ.. හෙට කතරගමට ගිහින් කාලි මෑණියන්ට පඬුරක් බැඳල අනිද්ද ගෙදර යන්න.. ආයෙ
ඉන්ජිනියරින් ක්ලාස් යන්න.. ඒ එක්සෑම් එක කරන්න.. නවත්තපු තැනින් පටන් ගන්න.. ඒ
වගේම ගොඩාක් ඉහලට ඉගෙන ගන්න. ඔයාට දවසක මටත් වඩා ඔයාට ආදරේ කරන කෙනෙක්
අහම්බෙන් වගේ හම්බ වෙයි.. එයා ඔයාට ආදරෙයි කියයි එයාගෙම කටින්.. එයාට ආදරේ කරන්න.."
“මො.... මොනවද
හංසි ඔයා මේ කියවන්නෙ...”
“ප්ලීස් මං
කියන දේ අහන්න අයියෙ... ප්ලීස්...”
“මේ අහන්න
නංගි... මම ආදරේ කලේ ඔයාට... කරන්නෙත් ඔයාට.. එච්චරයි...”
“නෑ... දැන් මම
නෑ.. ඒ නිසා මගෙ අවසන් ඉල්ලීම ඉටු කරන්න... ප්ලීස්..”
“හරි... ඒත් මම
කොහොමද ඔයාව අමතක කරන්නෙ.. ම්..? ඒක කියන්නකො..”
“ඔයාට මතකද
දවසක් මාත් එක්ක කීව ඔයා නවකාවක් ලියවන්න ආසයි කියල... ම්..”
“ඔව්.. අපි
නමකුත් දැම්මෙ.. පවුරු කියල.. ඉතින්....”
“ඒ කථාව
ලියවන්න.. ඒ අපේ කථාව ගැන වෙන්න ඇති එදා අපි කථා උනේ. මුල ඉඳන් ලියවන්න... මේ සමාජෙට මේ හැම ඇත්තක්ම කියන්න..
කියල හිත
නිදහස් කරගන්න... ප්ලීස්.. මං වෙනුවෙන් ඒ දේ කරන්න... ලස්සනට ලිියන්න පුලුවන් කෙනෙකුුට කථාව කියන්න...”
“ඒ මොකටද?
කාගෙවත් අනුකම්පාව, අවදානය මට අවශ්‍ය නෑ..”
“ප්ලීස්.. ඔයා
ඒක කරන්න... ඔයා ගොඩක් මානසිකව පිරිපුන් කෙනෙක්... ඔයා නිසා ඔයාගෙ ලිපි නිසා.. ඔයා
ලියවන අපේ කථාව නිසා, මේ රටේ ගොඩක් අසරණ තරුණ තරුණියො ජීවිතේ දිනාවි... ඒ දේ
කරන්න... ඔයා ලියවන අපේ කථාවෙ අවසන් කොටස ලියත්දි, ඔයා මේ හැමදේම අමතක කරන්න මට
පොරොන්දු වෙන්න.. ඔයාගෙ කථාව කියවල ඔයාව ගොඩක් අය අදහාවි.. ඔයාට ගොඩක් අය ආදරේ
කරාවි.. ගොඩක් ආදර හීන හැබෑ වේවි..”
“ඉතින්..”
“දවසක ඔයාට
මටත් වඩා හොඳ කෙනෙක් හමුවේවි.. ප්ලීස් පොරොන්දු වෙන්න.. මේ අපේ කථාව ඔයාව වෙනස්
කරාවි.. ප්ලීස්..”
“හම්... හා..
ඔයා වෙනුවෙන්...”
“නෑ ඔයා
වෙනුවෙන්...”
“ඔයාට ආදරේ කරන
සැබෑ කෙනාට මේ කථාව කියන්න අයියෙ.. ඔයා මාව පරිස්සම් කරපු විදියටම එයාවත් රැක
ගන්න.. අපේ කථාවෙ අවසානය කියන්නෙ මගේ සැනසීමේ දිනය...”
“මතු ආත්මෙක
ඔයා මගේම වෙන්න කියල මම පතනව.. ඒත්, ඔයාට හමුවන කෙනා කවදාවත් ඔයාව මට දෙන එකක්
නෑ.. මම ඒක හොඳටම දන්නව අයියෙ...”
“අඩෝ...
ජනිත... ජනිත... නැගිටපන් බන්...”
“මො... මොකද?
කව්ද?”
(මම නින්දෙන්
ඇහැරුනේ ගොඩක් කලබලෙන්. මම හිටියෙ තද නින්දෙ ලොකු හීනෙක කියල තේරුනේ හේමන්ත මගෙ
ඇඳේ වාඩි වෙලා ඉන්නව දැක්කමයි..)
“උඹ හීනෙන්
බාගෙට අඬ අඬ මොනවද කියවනව ඇහුන.. ඒකයි මම බැලුවෙ... මොකද? හීනෙන් වත් බයවුනාද
මචන්..”
“අවුලක් නෑ බන්... මොනව දැක්කද මතක
නෑ මචන්..
(හීනය ගලෙහි කොටපු සිතුවමක් මෙන් මනසේ ඇඳී තිබුනත්
මා එය හේමන්තට පවසන්න ගියේ නෑ..)
ඒ හීනයේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ පවුරු බිහිවිය.
ඔහුගේ කථාව මා මෙසේ රචනා කරන ලද්දේ මගේම කථාවක් අයුරිනි෴
ඔහුගේ කථාව මා මෙසේ රචනා කරන ලද්දේ මගේම කථාවක් අයුරිනි෴
ආදරේට ආදරය
කරන,
ආදරේට වෛර
කරන,
වෛරයට ආදරේ
කරන,
ආදරේ යැයි
කාමය හඳුන්වන,
ඇස් අඳ වූ ළඳ
බොලඳ සුමට තරුණ තරුණියන් ජීවත් වන සමාජයක,
සියළුම ඇවතුම්
පැවතුම් සහ අදහස්,
ඔහුගේ නමින් මා හට වෙනස්
කල නොහැක..
නමුත්,
මාගේ මේ ප්‍රයත්නයෙන්,
එක් හෝ තරුණ ජීවිතයක්
සන්තුෂ්ඨියෙහි පහස ලබන්නේනම්,
අතෝරක් නොමැති
මානසිකත්වයන් මැද වුව ,
මා යම්
තුෂ්ඨියක් ලබන්නෙමි..මෙතෙක් කල් අප සමග රැඳී සිටිම්න්,
දුක සැප එක සේ
බෙදා ගත්,
මාගේම සහෘර්ධ
ඔබ සැමට සෙනෙහසින් ආචාර කරන්නෙමු.
ජීවිතයේ
සියුම් තැන්,
ආඩම්බරය, දුක,
සතුට කැටි කර ගනිමින්,
අකුරෙන් අකුර
යතුරු පුවරුවෙන් කුටයම් කල,
පවුරු තාරුණ්‍යයේ
සැබෑ කථාව මෙතැනින් අප නිමා කරන්නෙමු..
10000කට ආසන්න
පිරිසක් 2013-09-16 දින වෙන විට පවුරු නවකථාව නැරඹූවන් ලෙස සතුටින් ප්‍රකාෂ කල
හැක..
ශක්තියක්
වූවන්:
පවුරු කථාවේ හිමිකරුවානන්෴
මාගේම හොඳම සහෝදර මිතුරන් පස් දෙනා..මෙතෙක් අප සමග රැඳී සිටි ඔබ සැම..
මාගේම හොඳම සහෝදර මිතුරන් පස් දෙනා..මෙතෙක් අප සමග රැඳී සිටි ඔබ සැම..
විශේෂ
ස්තූතිය:
ගීක් වෙබ්
පිටුවට සහ ගීක් සොයුරන්ට.
හිතට ශක්තියක් වූ සහ උපදෙස් දුන් සහෘර්ද දර්ශනට.
හිතට ශක්තියක් වූ සහ උපදෙස් දුන් සහෘර්ද දර්ශනට.
අනුමෝදනාව..
ජීවිතේ කුමක්
දැයි තේරුම් ගැනීමට මට උපකාර කල, මහයියක්
දුකක් ආඩම්බරයක් වූ සමාජයේ ඔබ සැමට෴.
ස්තූතියි:
කථාව කියවූ ඔබ
සැමට සහ අතීතයේ වර්ථමානයේ සහ අනාගතයේ හමු වූ සහ හමුවන සියළුම දෙනාට..
මෙසේ ඔබේ කථාව මට පවසා මා රචකයකු කරන්නට උත්සුක වූ සහෘර්දය෴ නුඹට෴
මෙසේ ඔබේ කථාව මට පවසා මා රචකයකු කරන්නට උත්සුක වූ සහෘර්දය෴ නුඹට෴
“ඔබ...
අහස් ගැබ
විය...
මා..
එහි දිදුළන
එක් තරුවක් විය....
විටෙක...දේදුන්නක්
පෑයුවේය...
තවත් විටෙක,
මල් වරුසා ඇද
හැලුනා මතකය..
නමුදු....
දරාගනු බැරි
ලෙසට,
අහස් ගැබ,
අඳුරු
වලාවකින් වැසී ගියා මතකය...
සමාජයේ සුලි
කුණාටුවට මැදිව..
තනිවුනු තරුව
පමනක්,
දිදුලන්නට
අපමන වෙහෙසක් ගත් බව,
සුළඟ පමනි දැන
උන්නේ...
නමුදු,
සිහිනෙන් පෑයූ
පුරසඳ..,
යළිඳු මා
දිදුලනා තරුවක් කරාවියැයි,
කෙදිනකවත්
සිතෙන්නේනම් නැත..
පායාවිද මේ
අහසට,
තවත්
දේදුන්නක්..,
සඳ තනිය
මකන්නට.....
සමාප්තයි෴
පලි: මෙය රවීන්ද්‍ර බණ්ඩාර වන මාගේ ජීවිත කතාව ලෙස ඇතැමෙකු මුලින්ම තීරණය කල අතර මාද එය නිවැරදි කරන්නට වෙහෙස නොදැරුවේ රචනා ශෛලිය අධ්‍යනය කිරීම උදෙසාය෴
සියල්ලන්ගෙන්ම වැරදි වැටහීන නිවැරදි නොකිරීම පිලිබඳව සමාව අයදින අතර මෙය මා මෙන්ම වූ වෙනත් සහෘර්දයකුගේ බව ප්‍රකාෂ කරනු කැමැත්තෙමි෴
පවුරු සියලුම කොටස් මෙතැනින් බලන්න..
ReplyDeleteපවුරු සියළුම කොටස්
පට්ට කථාව..
ReplyDeleteමට කියන්න වචන නෑ රවීන්ද්‍ර.
ඔයානම් සුපිරිම චරිතයක්..
කොන්ද පන නැති හෙන්චයියන්ට රියල් ටෝක් එකක්.
එල මචා..
මට මුලින්ම හිතුනා මේ ඔයාගෙ කතාවක් වෙන්න ඇති කියලා.සිරා කියන්නෙ මේ කෑල්ල කියවද්දි නොදැනිම මගේ ඇහැට කදුලුත් ඉනුවා.ඒ මොන හේතුවකටද කියලා මම දන්නෙ නෑ.හැම හොද ආදරවන්තයින්ට එකතු වෙන්න් ලැබෙන්නෙ නැති එක මෙ ස්වභාව දර්මය සිදු කරන අසාදාරනයක් කියලා හිතෙනවා.ඇත්තටම ලස්සන ඒ වගෙම ජිවිතයට පාඩම් උගන්වන,සත්‍ය ආදරයේ සැබෑ ස්වරූපය ස්මතු කරන,නෙතට කදුළැලිද එක් කරන ලස්සනම ලස්සන,ලාවට දුක්බර, සියල්ලෙන් සපිරි ඒ වගෙම නිහතමානි හොද කොල්ලෙක් ලියපු,අපේ කාලෙට ආදර්ශ හම්බානෙකට කියා දෙන සත්‍යයෙ පවුරු කතාව අපිට ගෙනාවට ගොඩක් ස්තූතියි.ඒ වගෙම ඔබටත් සැමටත් ජයෙන් ජය අත් වෙවා...!!!
ReplyDeleteබොහොම ස්තූතියි..
Deleteඔව්..
හදවතින්ම ඇත්ත ලියපු නිසා වෙන්න ඇති ඒ...
මටත් බොහොම සතුටුයි..
රැඳී සිටින්න අප සමග..
තත් කථා මම ලියන්න බලාපොරොත්තුවෙන් ඉනනව ඉදිරියේදි.
නැවත වතාවක් ස්තූතියි කියනව ඔයට..
යාළුවන්ටත් අපේ බ්ලොගය ගැන කියන්න...
අනිවා ඔයා කිව්වත් නැතත් අපි එනවා ඔයා ලියන කතා බලන්න.දිගටම සුපිරියටම ලියන්න දෛර්‍යය වැඩි වේවා කියලා එක සිතින්ම ප්‍රාර්තනා කරනවා.
Deletekathawanam supiri aiye.thawa digatama superiyatama liyanna....................
ReplyDeleteස්තූතියි..
Deleteඅනිවාර්යෙන්ම...
aththatama hoda aiya aka lassanay mama katha 12ma aka husmta kiyeuwa pattama patta...
ReplyDeleteස්තූතියි..
Deleteහැමදාමත් අපි සමග රැඳී ඉන්න...
me kathawa mata kiyawanna hmaba une ahamben, samanayen mn kiyawanawa godak aduyi den welawan ude 2.38. mn me katha malawama uda idala kiyawagena awe geek eke sinduwa gena dala thibuna post eken.
ReplyDeletemata kiyanna wachana ne yalu. awankawama aduna. kollek wela aduna kiyanna lejja wenna one ne kiyala hithanawa. meken ada kale kollo kellonta adare kiyanne room walata gihin wena wena dewal karana eka neme eta wada godak arthawath deyak kiyala therum aragena. aniwarayenma me kathawa nisa godak denek a wage dwal karanna eka nawathayi. math adare karanna one kohomada, adare arthaya me kathawen godak igenagaththa yalu. oyawa adarsheta gaththa. oyage hansita pin sidda wenna one me deta. a wagema oyatath godak pin.
ස්තූතියි යාළුවා... ආයෙ ආවොත් නම දාල යන්න..
Deleteඔයා වගේම ගොඩක් අය මේ කථාව නිසා හැදුන.. වෙනස් උනා...
මගෙ දුක උනත් ඒක මට සතුටක්...
ස්තූතියි...
රැඳී සිටින්න අප සමග...
sira machan ..man mata una deta aduwain passe aththatama aduna prathama kathawa...sira kadulu awa... oya aiyek...but man macho kiyanne oyai mai ekai.. man mage kathawa oyage blog eke liyanawa..oyata mawa mathaka athi. geek eke.. ra 12ta patan gaththe.. dan pandara 3.45.. oyai mai ekama thana.. wenasa oyage hansi wage kenek neme.. man mage kathawa liyanawa yaluwa.. patan ganna theren na... oyai mai ekai kiwata samawenna..ath ekai aiye.. man kathawa liyannam ada idan
ReplyDeleteස්තූතියි සහෝදරය..
Deleteඔයා ලියන්න..
මම අනිවාර්යෙන්ම බ්ලොග් එකට දානව..
මටත් අවශ්‍ය සමාජෙ සිද්ද වුනු ඇත්ත කථා තමයි..
රැඳී සිටින්න දිගින් දිගමට අපත් සමග...
මරු බං නියමයි....
ReplyDeleteගින්දර...
අහිමි උන ආදරයක් වෙනුවෙන් අඩන අතරේ මේක කියෙව්වේ. මගේ ආදරේ මගෙන් ඇත් වෙලා. මම පන වගේ ආදරේ කරපු කෙනා අද මගෙන් ඇත වෙලා වෙන කෙනෙකුට ඓති වෙලා. මෙගේ කතාව මේ කතාවෙන් වනස් වෙන්නේ මම ආදරේ කරපු කෙනා තවමත් ජිවත් වෙන නිසා. අලුත් ලෝකෙක කැදලි හදාගෙන මගේ ආදරේ කුඩු වෙලා එයාගේ අලුත් ආදරවන්තිය එක්ක. එත් මේ කතාවේ මට හිත හද ගන්න දෙයක් හම්බ උන..
ReplyDelete"මට සතුටක් සැනසීමක් තියෙන්නෙ ඔයාගෙ සතුට ලඟ..."
ඔව්. අවංක ආදරේ මේ වගේ වෙන්න ඕනා. මම අද ඉදන් ඇහෙම හිතන්න උත්සහ ගන්නවා.
හංසිට පින් මට මේ දැවෙන වේදනාවෙන් මිදෙන්න මග කිව්වට. :)
ඔබ කවුරුන්දැයි නොදනිමි සහෝ෴
Deleteඒත්,
කුමන හෝ ගැටළුවක් නිසා විඳවන බැව් හැඟේ෴
ආදරය නම් පර්ත්‍යාග කිිරීමමයි෴
හිත හදා ගන්න෴
ඔයාගෙ ඊමේල් ලිපිනයක් වත් සඳහන් නොවන නිසා ඔයාට ප්‍රථිචාරයක් දෙන්නට අවස්ථාවක් නෑ෴
මේ කමෙන්ටුව දැක්කොත් මට මේල් එකක් දාන්න෴
rmbraveen@gmail.com
හැමදාමත් අපිත් එක්ක ඉන්න෴
ජීවිතයට අරමුණක් ඇති කරන්, ඇගේ සතුට දිහා බලල සතුටු වෙන්න෴
අලුතෙන් අයන්නෙ ඉඳන් ජීවිතේ පටන් ගන්න෴
ඔබට සුභ අනාගතයක්෴
කියවල ඉවර උනේ දැන් .. පරක්කු වෙලා නිසා පස්සේ ලියන්නම් අදහස්..
ReplyDelete