ප්‍රභා ගැන ආරංචියක්වත් ආවෙ
නෑ..
සිර දඬවමට බියෙන් ප්‍රභා හොඳ
මිනිහෙක් වෙන්න ඇති. කරපු වැරදි හදන්න බැරි වුවත්, දැන් ආයෙත් වැරදි නොකරන්නට තරම්
ප්‍රභා ප්‍රවේසම් වෙනව වන්නට ඇති.(මට සිතුනෙ එහෙම)
මම හාමුදුරුවන්ගෙ සෙවනෙ
ගොඩක් දේවල් ඉගෙන ගත්ත..
ඕනෑම දුකකට, ප්‍රශ්නෙකට
නොබියව මුහුණ දෙන්න පුලුවන් තරමට මම මානසිකව ශක්තිමත් උනා.
“දරුවො... දැන් මේ දරුව
මානසිකව ලොකු දියුනුවක් ලබල තියනව. ඒ වගේම තිබෙන හැකියාවත් දැන් අසීමිතයි.. මේ
හැමදේම මේ දරුව යහපතට පමනක් යදා ගන්නට ඕනෙ.. තේරුනාද...”
(දිනක් ලොකු හාමුදුරුවො මට කීවෙ එහෙම)
“මචන්... උඹට කෝල් එකක්
ඇවිත්.. පොඩ්ඩක් බලපන්.. හදිසියක් කීව..”
හේමන්ත දුවගෙන ආවෙ කලබලෙන්
වගේ.. දුරකථන ඇමතුම ලැබී තිබුනෙ පන්සලේ ස්ථාවර දුරකථනයට.
“හෙලෝ..”
“හෙලෝ... ජනිත් සර්....”
“කවුද පුතා මේ...”
“සර්... මම සුදීර.
සර්ගෙ ගාල්ලෙ ඔෆිස් එකේ වැඩ කරේ...”
(සුදීර ගාල්ලෙ ප්‍රභාගෙ
මාකටින් ඔෆිස් එකේ හිටපු ළමයෙකු බව මගේ මතකයට නැගිනි.)
“ආහ් පුතා... කියන්න..”
“සර්... කලබල වෙන්න
එපා... සර්... රුවන් සර් ඇක්සිඩන්ට් එකක් වෙලා මීගමු ගෙනාව... රුවන් සර් සර් ට
එන්න කියන්න කීව සර්..”
“මොනව... මොකද රුවන්ට
වෙලා තියෙන්නෙ... රුවන් කොහොමද මීගමු ආවෙ...?”
“නෑ සර්.. එයා
ගෑණු ළමායෙක් හම්බ වෙන්න ඇවිත්. එතකොට තමයි මේක වෙලා තියෙන්නෙ. සර් එනවද?”
හරි මම දැන්මම එනව.. ඕ.කේ..
ඔයාගෙ නම්බර් එක දෙන්න මට.. මම ඇවිත් කෝල් කරන්නම්..
මම හිටියෙ ගොඩක් ලොකු
පටලැවිල්ලක. රුවන් කියන්නෙ ගෑණු ළමයින් පස්සෙ යන කොල්ලෙක් නොවන වග මම හොඳින්ම දැන
සිටිය. ඒ වගේම රුවන් ඒ වගේ දෙයක් තිබුනනම් මට නොකියන්න විදියකුත් නෑ... ඒත්...
සුදීර කීවෙ බොරුවක් වෙන්නත් බෑනෙ.. කෝටත් ගිහින්ම බලනව..
මම සිදුවීම ලොකුහාමුදුරුවන්ට
කීව..
“දරුවො... රුවන් ළමයට
කෝල් එකක් අරන් බැලුවෙ නැත්ද?”
“මම ගත්ත
හාමුදුරුවනේ... ෆෝන් එක ඕෆ්..”
“එහෙනම් මේ දරුවට
ගිහින්ම තමයි බලන්න වෙන්නෙ.. මමත් දැන් කොළඹට යනව.. අපි එක්කම වාහනේ යතෑකි කොළඹට
යනකම්..”
“බොහොම පිං අපෙ
හාමුදුරුවනේ.. මම ඉක්මනට ලෑස්ති වෙන්නම්..”
මම ඉක්මනින් සූදානම් වී ගමනට
එක් වුනා.. ලොකුහාමුදුරුවන්ගේ උපදෙස් පරිදි කතරගම පූජා බූමිය අසලින් වාහනේ නතර
කලා..
“දරුවො.. ඔය දරුවගෙ
ඉෂ්ඨ බල දේවතාව කාලි මෑණියො නේද?”
“එහෙමයි අපෙ
හාමුදුරුවනේ..”
“ගිහින් කාලිමෑණියන්ට
පඬරක් වෙන්කරල එන්න.. මේ ගමන කරදරයක් නැතිව ගිහිල්ල එන්න ලැබෙන්න කියල..”
මම දන්නෙ නෑ ඇයි
හාමුදුරුවො එහෙම කීවෙ කියල.. උන්වහන්සේගේ අනුශාසනය පරිදි මම ක්‍රියාත්මක වුනා...
සවස 5 පමන වන විට මම මීගමුවට ලඟා වුනා.. මම රෝහල අසලට ගොස් සුදීරට දුරකථන ඇමතුමක්
ගත්ත.
වාට්ටු අංකය කීපරිදි මම
රුවන්ව සොයන්නට වුනා.. සවස ලෙඩ්ඩු බලන වේලාවම වූ නිසා සෙනග අතරෙහි තෙරෙපෙමින්
රුවන් සිටි ඉසව්වක් සෙවීම අපහසු කටයුතතක් වුවත්, අවසානයේ මට රුවන්ව සොයා ගත හැකි
උනා..
“රුවන්... මොකද උනේ
ඔයාට...”
“මං ඇක්සිඩන්ට් උනා
සර්..”
“කොහෙදිද? අමාරුද?”
“ඇඹිලිපිටියෙදි...
කකුලක් කැඩිල.. කොන්ද හරිම කැක්කුමයි... පොලු පාරක් වැදුන මතකයි..”
“මොකක්.. ඇක්සිඩන්ට්
උනානම් කොහොමද පොලු පාරක් වදින්නෙ? ඇඹිලිපිටියෙදිනම් උනේ කොහොමද මීගමු ආවෙ..”
“සර්... මේක ප්‍රභාත්
කාරයගෙ වැඩක්... සර් ගෙන් පලි ගන්න බැරුවට මට මෙහෙම කරන්න ඇත්තෙ...”
“ඇඹිලිපිටියෙදි මාව
වෑන් එකකින් හැප්පුව. පස්සෙ පොල්ලකින් හොඳටම ගැහුව.. මට මතක එච්චරයි. මට සිහිය
එද්දි මම හිටියෙ වාහනේක.. උන් මාව අරන් යන්නෙ කොහෙද කියල මම දැනන් හිටියෙ නෑ. මගෙ
ඇස් දෙක බැඳලයි තිබුනෙ. උන් මාව ගෙනල්ල කට්ටුව කියල ගහල තිබුන ස්ටේෂන් එකක් ගාවින්
ඇස් දෙක ලිහුව. ලිහල කීව උඹේ ජනිත් සර් ටත් වෙන්නෙ මේ ටිකමයි කියල. ඒ කියල මට
ආයෙත් හොඳටම ගැහුව.ගහල මගෙ කකුල කඩල එතන තිබුනු කැලේකට දාල උන් යන්න ගියා... එතන
ප්‍රභා කාරයත් හිටිය සර්..”
සිදුවී ඇති සියල්ල මට හොඳින්
වැටහිනි...
දැන් මම මොකද කරන්නෙ...
රුවන්ව එක්ක යන්නත් ඕනෙ.. රුවන්ට මෙහෙ ආරක්ෂාව මදි.. ඒ මදිවට මම. මගෙන් පලි ගන්න
ප්‍රභා කොහේ හෝ සිට මා දිහා බලාගෙන ඇති.. මට කිසිවක් හිතා ගන්න බැරිවයි හිටියෙ...
“එතකොට රුවන් කොහොමද
සුදීරට පනිවිඩේ දුන්නෙ..”
“මම මෙහෙ වැඩ කරල
තියෙනව සර්... ඒ කට්ටුව ගමේ මම දන්න කීප දෙනෙක් ඉන්නව.. ඒ හරියෙ මාළු ලෑල්ලක් කරන
අයිය කෙනෙක් එහෙම තමයි මාව හොස්පිට්ල් එක්ක ආවෙ.. සුදීර ඒ අයියගෙ නෑයෙක්.. එයා අතේ
තමයි සුදීරට පනිවිඩේ දුන්නෙ. මම..”
“සුදීර මට කීවෙ ගෑණු
ළමයෙක් බලන්න ඇවිත් ඇක්සිඩන්ට් වෙලා කියලනෙ....”
“මමයි එහෙම කියන්න
කීවෙ... සර් කලබල වෙන නිසා එහෙම කීවෙ..”
“ඔයත් පුදුම මනුස්සයෙක්
තමයි රුවන්... දැන් ගෙදරින් දන්නවද රුවන්...”
“තාම නෑ සර්...”
“ම්...”
මම සිදුවීම් සියල්ල
ලොකුහාමුදුරුවන්ටයි, හේමන්තටයි කීව...
“මචන්... මන් වෑන් එක
අරන් එන්නම්.. ලොකු හාමුදුරුවොත් එක්කම..”
“ඒක හරි නෑනෙ බන්...
හාමුදුරුවන්ට මහන්සිති ඇතිනෙ..”
“හාමුදුරුවොම තමයි කීවෙ
යමු කියල... හිටපන්... පැය 2න් අපි ඔතන...”
කීව වගේම හේමන්තයි ලොකු
හාමුදුරුවොයි ආව... වාට්ටුව භාරව හිටියෙ ලොකුහාමුදුරුවන්ව හොඳින් හඳනන වෛද්‍ය
වරයෙක්...
හාමුහුරුවො කථා කරල කැමැත්තෙන් ටිකට් කපාගන අපි එන්න පිටත් උනා...
රුවන්ට ඕනෙ උනේ ඉක්මනට ගෙදරයන්න...
අපි කටුනායකට කිට්ටු වෙද්දි
මාර්ගයේ මහා තදබදයක් පෙනෙන්නට වුනා...
“මචන්... ඇක්සිඩන්ට්
එකක් වගේ..හේමන්ත මට කීවෙ ඉදිරියෙන් පෙනෙන්නට තිබුනු මහා කලබලය පෙන්වමින්...”
තව ටිකක් කිට්ටු වන විට
කන්ටේනර් රථයක් පාරෙන් පිටට පැනල පෙරලිලා තිබුන... මෝටර් බයිසිකලයක යැයි සැක කල
හැකි කොටස් කීපයක් සී.සීකඩ විසිරිලා තිබුන..
“මල්ලි... මොකද වෙලා
තියෙන්නෙ... හේමන්ත ඇහුවෙ පාරෙ අයිනට වෙලා සිදුවීම දෙස බලාගෙන හිටපු පිරිමි
ළමයෙකුගෙන්...”
“වැඩක් නෑ අයියා
කථා කරල... පොරක් බීල ආවා... අනූවට පාගල... කන්ටර්‍නර් එකේ හැප්පුනා කන්ට්‍රෝල්
නැතිව.. ඔලුව තිබුනෙ කන්ටේනරේ යට...”
“කාගෙද වරද?” (හේමන්ත ප්‍රශ්න කලේ රහස් පොලීසියෙන් වගේ...)
“වෙන කාගෙද අයියා... මේ
බයික් කාරයගෙනි...අහින්සක කන්ටේනර් ඩ්‍රයිවරයයි අමාරුවෙ.. ෂික්...”
“මෑන් කථා කරන්නෙ
ෆිල්ම් එකක් බලල වගේ නේද ජනිත...”
(හේමන්ත කීවෙ ටිකක්
කේන්තියෙන් වගේ)
අපි කොළඹට කිට්ටු කරන විටම
නැවතත් සුදීරගෙන් දුරකථන ඇමතුමක් ලැබිනි..
“හෙලෝ.........................”
“හලෝ ජනිත් සර්...”
“කියන්න සුදීර...”
“සර්... ආරන්චිද ප්‍රභා
සර්ට වෙලා තියන දේ...”
“මොකක්ද සුදීර.. ඇයි
මොකද වෙලා තියෙන්නෙ..”
“ඇයි සර්.. ප්‍රභා කාරය
තව එකෙකුගෙ කකුලක් කඩලද?” (රුවන් ඇහුවෙ දැඩි කෝපයකින්)
තවත් කොටසක් බලාපොරොත්තු
වන්න...මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් වේ...මෙහි සියළුම
හිමිකම් FreeGetLanka සතු වේ.
Elaga kotasath ikamanata danno....
ReplyDelete
ReplyDeleteස්තූතියි.
පහලින් කියවන්න.
ඉතිරි සියළුම කොටස් කියවීමට මෙතැනට යන්න..
ඉතිරි කොටස් සියල්ලම