Monday, September 23, 2013

පිටසක්වල (2 කොටස)






(ගීසා පිරමිඩ් පිහිටලා තියෙන්නේ ඔරායන් තරු රටාවේ හරියටම ඉනපටියේ තරු තුන කෙලින්.)


 

චීනයේ ජීවත් වන කුඩා දරුවෙක්‌ පසුගියදා එරට වෛද්‍යවරුන් විසඳිය නොහැකි ප්‍රහේළිකාවකට මැදි කළ හැටි www.thethruthbehindthescence.org  නමැති වෙබ් අඩවිය මගින් හෙළි කළේය.
(විද්‍යාඥයන්ට හෙළිදරව්කර ගැනීමට නොහැකි පාරභෞතික තත්ත්වයන්ට ප්‍රසිද්ධිය ලබා දී ඒවා විසඳීම සඳහා ලොව පුරා වෙසෙන පර්යේෂකයන්ට අවස්‌ථාව සැලසීම මේ වෙබ් අඩවියේ අරමුණ ය.) 

 මේ දරුවාගේ නම නොංග් යවුෂි (Nong Youhui) .  

ඔහුට පුදුමාකාර ඇස්‌ දෙකක්‌ තිබේ. ඒවා නිල් පැහැයෙන් බබලන අතර ඕනෑම ඝනාන්ධකාරයක්‌ තුළ පැහැදිලි ලෙස දැකීමේ හැකියාව ඔහුට තිබේ.  

මේ ගැන බියපත් වූ පියා කුඩා වියේදීම තම පුතා රෝහලකට ගෙන ගිය අතර දොස්‌තරවරුන් කියා සිටියේ දරුවා ක්‍රමයෙන් වැඩෙන විට ඔහුගේ දැසේ දීප්තිමත් නිල නැතිවී වෙනත් චීන ජාතිකයන්ගේ මෙන් කලු පැහැති ඇස්‌ ඇතිවන බව ය.  

එහෙත් එය කවදාවත් සිදු නොවීය. දරුවා ක්‍රමයෙන් නව යෞවනයකු වන අතර ඔහුගේ දෑස්‌ රාත්‍රි අඳුර තුළ දීප්තිමත් නිල් පැහැති රැස්‌ දහරා විහිඳුවන්නට පටන් ගෙන තිබේ.  

මේ වනවිට කොතරම් අඳුරු තත්ත්වයක්‌ යටතේ වුව ඉතා සුපැහැදිලි අකුරු කියෑවීමට නොංග් ට හැකිය. ඔහුගේ ඇස්‌වලින් නිකුත් වන දීප්තිමත් ආලෝකධාරා විසින් පොත කියෑවීමට හෝ තමන් අවට ඇති දේ බලා ගැනීමට අවශ්‍ය ප්‍රභාව ඔහුට සපයනු ලැබේ.
නොංග් යවුෂි නමැති මේ දරුවා කවුද? ඔහු පිටසක්‌වල ජීවීන් සහ පෘථිවි වාසීන් සංකලනය කෙරුණු හයිබ්‍රිඩ් (Hybrid) අවස්‌ථාවක්‌ද? එසේ නැතහොත් නොංග් යවුෂිගේ මව දරු ප්‍රසූතියට සූදානම් වන මොහොත්දී පිටසක්‌වලින් පැමිණ ඇගේ දරු ගැබට ආදේශ වූ කෙනෙක්‌ද?  

මෙබඳු දරුවන් හඳුන්වන්නේ Star child ලෙසය. හිතන්නටවත් බැරි තරම් අද්භූත ශක්‌ති ප්‍රභවයන්ගෙන් සමන්විත සහ අපූර්ව හැකියාවලින් යුතු දරුවෝ විශාල වශයෙන් පහළ වීමේ ප්‍රවණතාවක්‌ හෙවත් රැල්ලක්‌ මේ දිනවල ලොව පුරා රටවලින් වාර්තා වෙමින් පවතී.
නොංග් යවුෂි දරුවාගේ බිහිවීම සම්බන්ධයෙන් පහත සඳහන් ස්‌ථාපිතයන් දැනට ගොඩනැඟී ඇත.
එනම්,
ෆනොංග් යවුෂිගේ මව දරුවා පිළිසිඳගත් අවස්‌ථාවේදී පිටසක්‌වල ජීවීන් විසින් එම කළලයට තම DNA එකතු කිරීම.
ෆනොංග් යවුෂිගේ මව පැහැරගෙන ගොස්‌ පිටසක්‌වල ජීවීන්ගේ පුරුෂ බීජ ඇගේ ගැබ තුළ තැන්පත් කිරීම.
ෆදරුවා බිහි කළ සැණින් ඔහු රැගෙන කල්තියා බිහි කරන ලද මනුෂ්‍ය + පිටසක්‌වල ජීවී දරුවකු එම හිස්‌ තැනට තැබීම.
පිටසක්‌වලට අයත් යෑයි සැලකෙන දරුවකු හමු වූ තවත් අවස්‌ථාවක්‌ ලතින් ඇමරිකාවට අයත් පුවර්ටෝරිකෝ රාජ්‍යයෙන් පසුගියදා වාර්තා විය. එරට වෙසෙන Delia (ඩේලියා) නමැති කාන්තාවක්‌ පිටසක්‌වල ජීවීන් විසින් පැහැර ගන්නා ලද්දේ යෑයි සාක්‍ෂි තිබේ.  

ඇය දරුවන් දෙදෙනකු සිටින විවාහක කාන්තාවකි. එක්‌ දරුවකුගේ වයස අවුරුදු 16 ක්‌ වන අතර අනෙක්‌ දරුවාගේ වයස අවුරුදු 05 කි.  

පිටසක්‌වල ජීවීන් විසින් තමා පැහැරගනු ලැබ ගැබ් ගැන්වූ හැටිත් අවසානයේදී ඇය අර්ධ මනුෂ්‍ය - අර්ධ පිටසක්‌වල දරුවකු ප්‍රසූත කිරීමක්‌ පිළිබඳ ඇගේ සාක්‍ෂිය මෙසේය. 

 "ඔක්‌තෝබර් මාසයේ දවසක මම මිතුරියක සමග යෝග අභ්‍යාස කරන මධ්‍යස්‌ථානයකට ගියෙමි. මෙහි කෙරෙන යෝග අභ්‍යාසවලට විශාල ප්‍රසිද්ධියක්‌ ලැබී තිබිණ. අභ්‍යාස කිරීමට මෙන්ම භාවනාවටද විවිධ අය එහි යති.  

රාත්‍රි 7.30 ට අභ්‍යාස නැවැත්වූ අපි නිදා ගැනීමට සැරසුණෙමු. කාමරයේ ලයිට්‌ නිවන ලද සැණින් කිසියම් කෙනෙක්‌ මගේ මුහුණු වැසීය. අඳුර නිසා මට කිසිත් පෙනුනේ නැත. ඊළඟට කිසිවකු මා රැගෙන අහසින් යනවා මට දැනිණ. පහළින් ඇති තුරු මුදුන්, නිවාසවල දැල්වෙන විදුලි පහන් මට පෙනිණ. මට කතා කිරීමට හෝ කෑගැසීමට බැරි විය. මේ ආකාරයෙන් පැය 10 ක කාලයක්‌ ගතවන්නට ඇත. අවසන අලුයම 5.30 ට මම අවදි වීමි.  

මගේ සිරුර අධික වේදනාවකින් යුක්‌ත වූ අතර බලවත් ලෙස වමනය පිට විය. මම යෝගාශ්‍රමයේ ස්‌වාමිවරයාට මේ බව පැමිණිලි කළෙමි. ආපසු කාමරයට ගොස්‌ නිදා ගන්නා ලෙසත් මධ්‍යහ්න 12 ට අවදි වන ලෙසත් එවිට සියලු වේදනා අතුරුදන් වනු ඇති බවත් ඔහු කීය.


ගීක් වෙබ් පිටුවෙහි පලවූ ලිපි කීපයක් ඇසුරෙන් මෙතැනට උපුටා ගන්නා ලදී..
මුල් පිටුව
<www.geek.lk >  
 
තවත් කොටසක් බලාපොරොත්තු වන්න...


1 comment: