“මන් ඔය දරුවට කාලි
දේවාගෙට පඬුරක් ගැට ගහන්න කීව මතකද? කරදරයක් අත ලඟ බව දැනුන නිසයි මං එහෙම කීවෙ..”
“සර් ප්‍රභා සර්
ඇක්සිඩන්ට් වෙලාලු..”
“මො... මොකක්..?”
“ඔව් සර් මේ දැන් ටිකකට
කලින්ලු සර්..”
“කොහෙදිද? ප්‍රභාට
අමාරුද?”
(මගේ සිතේ තිබුනේ දැඩි තිගැස්මක්. මොනව උනත් මම අසරණ වූ
මොහොතේ කන්න බොන්න දීගෙන මාව පරිස්සම් කලේ ප්‍රභා.. ප්‍රභා නොහිටින්න මම ජීවත්ව
නොයින්නත් ඉඩ තිබුන.)
“කටුනායකදිලු සර්..
කන්ටේනරයක බයික් එක හැප්පිල. ප්‍රභා සර් නම් එතනමලු. කඳෙන් ඔලුව විසිවෙලා
කන්ටේනරේ යටලු තිබිල තියෙන්නෙ. පිටිපස්සෙ ගිය කෙනාගෙ කකුල් 2ම කැඩිලලු.”
මට මොහොතකට පෙර සිදුවීම මතක්වී දාඩිය දමන්නට විට..
“දෙයියනේ.. එතකොට ඒ
ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ ප්‍රභාද?”
මට ඉබේටම කියවුනේ අනිත් අයගෙත් අවධානය මා වෙත යොමුව
තිබියදීමයි.කට්ටියම එකිනෙකාගේ මුහුණු බලන්නට විට..
හාමුදුරුවන්ට සියල්ල වැටහිනි..
“දරුවො.. අපි රෝහලට
ගිහින් බලමු.. මොනව උනත් ඔය දරුවට කාලයක් පිහිට උනු මනුස්සයනෙ..”
අපි රෝහලට යන විටත් රෝහලේ සෙනග පිරී තිබිනි..
මාගේ විශේෂ හැඳුනුම්පත හා ලොකු හාමුදුරුවන්ගේ පිහිටෙන්
අපිට අවේලාවේ වුවත් ලෙඩුන් බලන්නට ඇතුල් වීමට හැකි විය.
ප්‍රභා සමග මෝටර් බයික් එකෙහි පිටුපස ගිය කෙනා සිටි ඇඳ
අපට සොයා ගැනීම එතරම් අපහසු නොවිනි.. මොකද මේ වන විටත් මුලු රෝහලේම ප්‍රධාන
මාතෘකාව වී තිබුනේ මෙම රිය අනතුරයි.. අප ඔහුගේ ඇඳ අසලට යන විට විශේෂ පොලිස්
ආරක්ෂාව ඔහුට ලබා දී තිබිනි. කකුල් 2ම බැන්ඩේජ් කර තිබූ අයුරින් කකුල්
දෙකෙහිම අස්ථි බිඳී ඇතැයි සැක කල හැකි විය.. මාගේ හැඳුනුම්පත පොලිස් නිළධාරීන්ට
පෙන්වූ පසු ඔවුන් මදකට එහා මෙහා වී තුවාලකරු සමග අපට කථාබහ කිරීමට අවස්ථාව
ලබා දුන්හ.
“මොකද පුතා වුනේ.. මම
ප්‍රභා ගෙ හොඳම යාළුවෙක්..”
“සර්.. අපි ඇක්සිඩන්ට්
උනා..”
ඔහු කථා කලේ කෙඳිරිලි හඬත් සමගින්.. ඔහු මහත් වේදනාවෙන්
පසුවන බවත් මහත් බියක් සිතේ තදකරගෙන සිටිනා වගත් මට හැඟිනි..
“මොකද පුතා බයවෙලා...
ම්..”
“නෑ සර්.. ලොකු ප්‍රස්නයක්...”
“ඇයි.. මොකක්ද?”
“ප්‍රභා සර් ඇක්සිඩන්ට්
එකෙන් එතනම නැති උනා සර්...”
“ඔව්... අපිට
ආරන්චියි... ඉතින්..”
“බයික් එකක්
නෑ කියල මාව එක්ක ආවෙ සර්.. මන් දැනන් හිටියෙ නෑ සර් යන දිහාවක්.. මගදි කීව
එකෙක් ඉන්නව, ඌ අද මීගමු ඇවිත්.. ඌට වැඩක් දෙන්න යන්නෙ. උඹ බය නොවී හයියෙන්
අල්ලගෙන හිටපන් කියල..”
“මොකක්? ඉතින්...”
“මං එච්චර ඒ ගැන හිතුවෙ
නෑ. ඒත් හිතට ලොකු බයක් දැනුන..”
“ම්.. කීවෙ නැද්ද ඔය
කියපු කෙනා කවුද කියල..”
“නමක් නම් කීවෙ නෑ
සර්... ප්‍රභා සර්ගෙ ගාල්ලෙ ඔෆිස් එකේ හිටපු සර් කෙනෙක්ලු...”
මට රුවන්ගේත් හේමන්තගේත් හාමුදුරුවන්ගේත් මුහුණු බැලුනේ
කිසිවක් හිතාගන්නට නොහැකිවයි...
ඒ කියන්නෙ ප්‍රභා ඇවිත් තියෙන්නෙ මට මොනවහරි කරන්නද? මට
මුකුත් හිතා ගන්න බැරිවයි හිටියෙ.
“පුතා ඔයාට ප්‍රභා සර්
කීවෙ නැත්ද ඒ ගාල්ලෙ කීව කෙනාට මොකද කරන්නෙ කියල..”
“නෑ සර්.. මුකුත්
කීවෙනම් නෑ... ඒත්...”
“ඇයි... ඒත් කීවෙ.. ඔයා
දන්න දේ කියන්න බය නැතිව... ඔයාට මුකුත් වෙන්නෙ නෑ...”
“නෑ සර්... මන් ඒ දේ
තේරුම් ගත්තෙ ඇක්සිඩන්ට් එක වුනාට පස්සෙ... ප්‍රභා සර්ගෙ බෙල්ලෙන් පහල කඳ කොටස
කානුවෙ තිබුනෙ.. ඔලුව තිබුනෙ පාර මැද කන්ටේනරේ යට.. කඳ කොටස චෙක් කරනකොට ඉනේ තිබිල
මිලි මීටර් 9 පිස්තෝලයක් හම්බ වෙලා.. මේ පොලීසියෙන් දාල තියෙන්නෙ ඒකයි...”
“අප්පටසිරි.. උඹ බේරිලා
තියෙන්නෙ අනූ නමයෙන් මචන්.. හේමන්තගෙ කටින් පිට වුනේ අහම්බෙන් වගේ...”
ඇඳේ සිටි කොල්ල තවත් බිය විය.. ඔහු මාරුවෙන් මාරුවට
සියල්ලන්ගේම මුහුණු බැලුවේ කිසිත් කර කියා ගත නොහැකිව.. මරන්න ගෙනියන සතෙක් වගේ..
“බය වෙන්න එපා දරුවො...
මේ තමයි ඔයා එක්ක ආපු ප්‍රභාත් මරන්න ආව කෙනා.. ඔයාට අපෙන් කරදරයක් නෑ ...
තේරුනාද? කාටවත් ඔය කථාව නොකිය ඔයා කිසිවක් නොදන්න විදියටම ඉන්න. එතකොට ඔයාට ප්‍රස්නයක්
ඇති වෙන්නෙ නෑ.. තේරුණාද? ඔයා ඔය දේවල් කියන්න ගියොත් ඔයයි දැන් අමාරුවෙ වැටෙන්නෙ.
ඒ නිසා නිහඩව ඉන්න..”
හාමුදුරුවො කතා කරේ ඉතා කරුණාබර ස්වරයෙන්...
මට කේන්තියකට වඩා ඇතිවුනේ ලොකු දුකක්...
“මන් ඔය දරුවට කාලි
දේවාගෙට පඬුරක් ගැට ගහන්න කීව මතකද? කරදරයක් අත ලඟ බව දැනුන නිසයි මං එහෙම කීවෙ..”
ලොකු හාමුදුරුවො කියන විටයි මට සියල්ල තේරුම් යන්නට
වුනේ... ඒ කියන්නෙ මේ ඇක්සිඩන්ට් එක වුනේ නැත්නම් මම මේ වෙනකොට මලවුන් අතර වෙන්නට
තිබුන..
එහෙමනම් මේ ඇක්සිඩන්ට් එක වුනේ මාව රකින්නද? මේක එතකොට කාලි මෑණියන්ගෙ
වැඩක්ද?
කිසිවක් හරි හැටි පැහැදිලි කරගන්නට නොහැකි තරමට මගෙ මනස
අවුල් වෙලයි තිබුනෙ.. ඒ වගේම මට කාලි මෑණියන් ගැන ලොකු භක්තියක් දැනෙන්නට වුනා..
“අපි යමු මෝචරියට...”
හේමන්ත මට කතා කලේ කරට අතක් දමාගෙන.. මාව සන්සුන් කරන්න
විය යුතුයි..
අපි මෝචරියට යන විටත් මීඩියා වලින් සියල්ල ආවරණය
කරමිනුයි හිටියෙ.. අපි අමාරුවෙන් මිනිය ළඟට ගියෙ දැඩි සෙනග මධ්‍යයේ තෙරෙපෙමිනුයි.
සුදු රෙද්දකින් වහල තිබුනු ප්‍රභාගෙ මිනිය අසර පොලීසියෙ
දෙදෙනෙකුද රුඳී සිටිය.. ඔවුන් අකමැත්තෙන් උවද මගේ හැඳුනුම්පතට පින්සිද්ද වෙන්න
මිනිය ලඟට කිට්ටු වෙන්න අපට හැකි වුනා..
අප සියල්ලන්ටම සිදුවීමේ බරපතලකම හරියටම තේරුම් ගියේ
මිනිය වසා තිබූ සුදු රෙද්ද මෑත් කල පසුවයි..
ප්‍රභාගෙ හිස නැති කඳ පමක් අපට දක්නට හැකි විය.. පපුව.
උරහිස් පොඩිපට්ටම් වී තිබිනි.. හේමන්ත තවත් ටිකක් සුදු රෙද්ද මෑත් කරන විට බෙල්ල
හරිය කුඩුපට්ටම් වී තිබුන පුභාගේ හිස අපට දක්නට ලැබිනි.. දකිනවුන් බිය ගන්වන තරමට
විරූපී වී තිබූ හිස කොටස ඒ නිසාම කඳේ ඉන හරියෙන් තබා තිබෙන්නට ඇත්තෙ.
මහේෂිට කරපු විනාසයට හා මට කරන්න ආපු හානියට ඕනෙවටත් වඩා
සැරට ප්‍රභා මෙසේ වන්දි ගෙවීම මට හිතා ගන්නටත් බැරි තරම් වීය..
අපි ආපසු කතරගම බලා
පිටත් විය...
කාලය ඔහේ ගෙවී ගියහ... නිදා නොනිදා මා කල්පනා කලේ ජීවිතේ
ඉදිරියට කල යුතු දේවල් ගැනයි..
එදා ගොඩක් ලස්සනට සඳ පායා තිබිනි..
මා වවුලන්ගේ කන් කීරි ගස්සන හඬ පරයමින් ගෙම්බන්ගේ බක බක
හඬ ඉස්මතු වී ඇසෙන්නට විය.. මහා විහාරයේ චෛත්‍ය රාජයාගේ සෙවනැල්ලෙන් වැලි මලුව
මදක් අඳුරු වී තිබුනේ මා හට නිදහසේ සිතන්නට වියනක් සදන්නාක් මෙනි..
හංසි මගේ ජීවිතෙන් යන්නම ගියේ අහම්බයකින්... ඒ දුකේම
වැලපුනු මගේ සිත හොඳ හැටි හෙම්බත් වී තිබිනි..
එමෙන්ම මහේෂි... හංසිව මහේෂි තුලින් හෝ දකින්නට උත්සාහ
කල මට ඒ අහිංසකියත් අහිමි විය..
අසරණ මොහොතේ මට උදව් කල ප්‍රභාත් මාව විනාස කරන්නට ගත්
තීරණය නිසාම අද මිහිකත තුරුලට වෙලා..
ජීවිතේ මොන තරම්නම් පුදුමාකාරද?
දරා ගන්නට බැරි තරමටම ජීවිතේ ඇතැම්විට වේදනා බරයි. තවත්
වලාවකට ජීවිතේ තේරුම් ගන්නට බැරි තරමටම පුදුමාකාරයි..
නාගරික කෙල්ලන් පංති යනවායැයි කියා ගෙදරින් පිටවී කවුරුන්
හෝ නන්නාදුනන එකකුගේ අතේ එල්ලී අසම්මත සතුටක් සොයා හෝටල් කාමර වලට, සිනමාහල් වලට
රිංගන යුගයක; හංසි වැන්නියකට හදවතින්ම සැබෑ ආදරයේ අරුත දැනගෙන පෙම් කල මට
මෙසේ සිදුවූයේ ඇයි දැයි තවමත් මට නොවිසඳුනු රහසක් වීය..
අඳුරෙහිම අත වූ දුරකථනයේ සිතට ගලා ආ සිතිවලි මා මෙලෙස
සටහන් තැබීය..
පින්න මලකි නුඹ මට..
හිමිදිරියේ සීතල ගුලි කරන් හිනැහෙනා..
කඩුපුල් නයනකි හිමි නුඹට..
සඳ එලියේ කාන්තියට බැබලෙනා..
රෝස කුසුම් පෙති පරය වත කමළ..
දකිනවුන්ගෙ ලේ ඉස් මස් කළඹනා..
මුවැත්තියකි සදා නුඹ මට..
ලොව මා දුටු අහින්සකාවිය නුඹම නිසා...
සැමදා පැතුවා මම නුඹ..
මනමාලියක කර කැන්දන් යන්නට කියා..
මා මේ ලොව සදා තනිකර දා..
මෙලොවින සමු ගෙ නුඹ යන්නටම ගියා..
අවසන් කොටස බලාපොරොත්තු වන්න...
මෙහි ඇති කිසිවක් FreeGetLanka
අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් වේ..
මෙහි සියළුම හිමිකම් FreeGetLanka සතුය.
Godak watina dewalwalin pirichcha lassa kathawak.hoda paadam godak kathawen jiwithayata ekathu kara ganna puluwan.aththatama me wage dewal samajaya wenawa kiyana eka oppu karanna hoda udaharanayak me kathawa.godak watinawa me kathawa pala kirima.
ReplyDeleteBohoma sthuthiyi
ස්තූතියි
ReplyDeleteරැඳී සිටින්න අප සමග..
ඉතිරි සියළුම කොටස් කියවීමට මෙතැනට යන්න..
ඉතිරි කොටස් සියල්ලම