දහවල් විවේක
කාලය ලැබුනු බැවින් සැවොම විභාග ශාලාවෙන් පිටතට පැමිනියහ..
මා සැම තැනම
සෙව්වේ ලෝචි වයි..
මචන්... යමු
කෑම කන්න..
බෑ රොෂා..
උඹල ගිහින් කාල වරෙල්ලකො..
ඇයි ලෝච... කෑම
ගෙනාවෙ නැත්ද?
නෑ මචන්...
අද කලින් ආපු නිසා ගෙනාවෙ නෑ.. (මම එහෙම කිවෙ, මම කොහොමද රොෂාන්ට කියන්නෙ ගෙදර
උයන්න හාල් තිබුනෙ නෑ කියල... දුප්පත් කම සඟවානෙ ඉන්නවා හැර වෙන කුමක් කරන්නද?)
වරෙන් බං
ඉතින්.. මගෙ කෑම එක කමු.. යමං..
(රොෂාන් මාව
බලෙන් වගේ ඇදගෙන ගියෙ පාසලේ ක්‍රීඩා පිටිය පැත්තට වෙන්න තිබුනු ගල් බැම්මෙ
හෙවනකට..)
අපිත් ඔය
පැත්තට ආවට කමක් නැතැයි?රොෂයි මායි ගැස්සිලා හැරිල බැලුවෙ ලඟින්ම ආපු ගැහැණු
කටහඬට..
අප්පටසිරි....රොෂාටත්
නොදැනි කටින් පිටවුනු අකුරු ටික ගිල ගත්තෙ බොහොම අමාරුවෙන්..
ආහ් එන්න
එන්න... අපි මේ කෑන්න ලෑස්තිය.. එන්න කමු...
(මම අපිට කතා
කල ගෑණු ළමයට කීවෙ නිකමට වගේ.)
ඒ... අනින්
ලෝචනා... මම ආයෙත් ගැස්සිලා ගියෙ රොෂාගෙ වචන වලට..
යකෝ ලෝචනා
විතරද..? අර.. අර උඹේ කළු නෑව...
මොකක්...
(රොෂා මගෙ දිහා බලල ඇහුවෙ කන්න වගේ.. මම කීව දේ සැර වැඩීදෝයි මට හිතුනෙ එවලෙ..)
සොරි බං...
කියවුනා... මේ ඔයාගෙ නම දන්නෙ නෑනෙ අපි...
මම අපිත් එක්ක
කතා කල ගර්ල් ගෙන් ඇහුවෙ වෙන කතාකරන්න දෙයක් නැති කමටත් එක්ක.. ඇත්තටම මේ කටකාර
කෙල්ල ඊයෙ ඉඳන්ම අපට ටික ටික සමීප උනත්, මෙලෙස විහිළු තහලු කරල නිදහසේ ජීවිතේට මූණ
දෙය ඇගේ නමවත් අපි දැනන් හිටියෙ නැති බවනම් ඇත්ත..
ආහ්... එහෙම
කියන්න පුලුවන්ද වටින දේවල්...
කට පැත්තකට ඇද
කරල, ඉඟි කරල කීවෙනම් මහ අමුතු විදියට එයා... ඇත්තටම ඒ හිනාව දකිනවුන්ගේ නෙත් සිත්
පැහැර ගන්න තරම්..
මම සුජානි...
ආයෙත් එයාම නම
කීවෙ හරියට පුංචි එකියක දඟ කරනව වගේ හිනා වෙවී..
ආහ් ලෝචනා...
එන්න කෑම කන්න.. චතූ... වරෙන් බං ඉක්මනට... බඩේ පනුවො ඩිෂුං ඩිෂුං කියනව..
සුජානි කෑ
ගැහුවෙ ලෝචනාටයි අනිත් අපි කලින් කීව කළු කෙල්ලටයි... ෂැහ් මේකනම් තාර පීප්පයක්...
මොන මගුලකට මේක කැමති උනාද මන්ද? රෑක එහෙම කොහෙහරි ගියොත් හොයා ගන්න රේඩියම් ටිකක්
මූනෙ උලන්ඩ වෙනව... ඒත් ඉතින් මේ පොල් බූරුවට ඕව කියල වැඩැක්වැ???
අඩෝ.. මේ..
කෙල්ලගෙ නම චතූ නේද බං...
හම් හම්...
දැන් සතුටු ඇති... මම ඇද කරල කීවෙ අරකිගෙ රෑප ස්වභාවෙට තිබුනු ආකර්ෂණය වැඩි උන
නිසාමයි..
කෙල්ලො ටිකත්
අපේ බත් මුලට පැනල කන්න ගත්ත... ඔවුන්ගෙ බත් මුල් ටිකත් ලෙහල අපේ එකටම හලල දැන්
ඉතින් කස්ටිය ගජ රාමෙට වැඩ..
හා හා මේ...
ඔහොම බෑ.. රස ගුණ බලන්නත් එක්ක කටක් දෙකක්වත් කාපන්කො බං..
සුජානිගෙ
කෑගැහිල්ලට ඔළුව උස්සල බලනකොටයි දැක්කෙ ලෝචනා කෑම කන්නෙ නෑ කියල..
ඇයි ලෝචනා...
කෑම කන්නෙ නැත්ද? ම්..
(මම ඇහුවෙ
අවංකවම...)
මට කන්න
බෑ ලෝචන.. අතේ තුවාලයක්.. (ලෝචනා කීවෙ ගොඩක් අසරණ විදියට..)
ආව් කෙල්ලට
මොනව නැතත් කොල්ලගෙ නමනම් මතකයි හොඳට ඈ...
(ඔන්න. ආයෙත්
සුජානි මුට්ටියක් පෙරලපි.. ෂැ පාප මිත්‍රයො..)
ලෝචි... ඇවිත්
වාඩි වෙන්නකො මෙතන.. (මගෙ ළඟම තිබුනු පොඩි බැමි කෑල්ල පෙන්නල කීවම ලෝචින් නිහඬව
ඇවිත් වාඩි උනා...)
ආ... කන්න..
මම හොඳට අනාපු
බත් කටක් ඇගේ මුවට ලං කරද්දි ඇය ටිකක් කලබල උනා..
කාපන් බං කෝලං
නොකර... සුජානි කීවෙ ඇහැකුත් ගහල හිනා වෙවී..
කන්න.. මම
කවන්නම්.. කවුරු උනත් බලන් ඉද්දි තනියම කන සිරිතක් මගෙ ලඟ නෑ... ඒ මගෙ හැටි...
ඈ හට මගෙ
ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් හයියක් තිබුනෙ නෑ... ඈ අහිංසක විදියට හිනා වෙලා
බත් කටකට ගත්තෙ පුංචි එකියක් වගේ... ඒ දෙතොල් මගෙ දෑඟිලි වලස්පර්ශ උනේ නා දළු මෙන්
ඉතා සිනිදු ස්වභාවයෙන්..
පව්.. පුංචි
එකියක් වගේ...
ම්..රසයි..
තෑන්ක්ස්... කට්ටිය කාල ඉවර වෙනකම්ම මගෙන් බත් කවාගෙන අන්තිමට ලෝචි දෑස් පුංචි කරල
හිනා වෙලා කීවෙ ගොඩාක් ආදරේ හිනෙ විදියට..
ම්.. ඇතිද
කෑව..
ම්.. බන්ඩි
ෆුල්... ලෝචි කීවෙ හැමෝම හිනා ගස්සමින්...
කෑම කාල ඇවිත්
අපි ටිකක් ඔහේ ඕපාදූප කතා කර කර ඉද්දි තමයි අපේ අනිත් කට්ටඬියො ටිකත් එතනට ආවෙ...
හප්පේ...
කැකුලියො ටිකත් මෙතන නොවැ... ආහ් මේ... අද අපේ අත්තිවාරමේ දානන කළු ගල් අදිනව...
වරෙල්ල හොඳේ...
හපොයි... හැකර
සජ්ජ නේද... විනාසයි.. දැන් ඉතින් සැනස්ම් සුසුමන් පාවීලා තමයි....
අයියෙ මේ...
එන්ඩ එපා ඕනෙ නැති කථා කියන්න හරි...
(දෙයියනේ.. මේ
අර කළු ලඳ නේද සජ්ජට කඩා පැන්නෙ..)
දැන් ඉතින්
සජ්ජට අනිඡ්චාවත සංඛාරා තමයි..
(රොෂා මට
කිට්ටු වෙලා කීවෙ නිකම්ම නෙමේ කියල මට ත් හිතුන)
නංගි මේ.. ඔයා
එක්ක අපේ චැටක් නෑ.. ඒ.කේ... ඔයාට මොනවද අපි කීවෙ...
මේ හලෝ...
සෙරෙප්පු පාර නොකා කට වහ ගන්නව..මේ.. ත
මුන්ටත් මට
කියන්න තියෙන්නෙ එච්චරයි.. අපි මේ කථා උනේ අපේ තට්ටු තුනේ බංග්ලෝ එකේ වැඩක් ගැන...
මෙයානෙ මේ වලිගෙ පාගගන ඉන්නෙ... (අප්පට සිරි.. සජ්ජට තියන ගට්ස්...)
හලේ මේ... එක
එක කතා හදන්න එපා හරී...
නංගි මේ...
නංගි මේ.... කළු ගලට කළු නොකිය සුදුයි කියන්නවැ... අනික ඔයාගෙයි ඒකයි අතර තියන
සමාන කම මොකක්ද ආ....? (බඩුම තමයි ලෝච... දැන්නම් උත්කෘෂ්ඨ සෙරෙප්පු පහරක පෙර
නිමිති පහල වෙනව..)කෙල්ලො ටිකත් රොෂාගෙ කතාවට ඔලුව වනල බලාගෙන හිටියෙ ඊළඟ මොහොතෙ
වෙන්නෙ මොනවද කියල...
අනේ මේ...
අනුන්ට ඇද කියන්න කලින් තමුසෙගෙ ඇද හදා ගන්නව... හිතාගෙන ඉන්නෙ හරි ලස්සනයි කියල..
ගෙම්බ..............
පුහ්...... (කට්ටියගෙම කටවල් වලින් පැනපු හිනාව දෝරෙ
ගලන්නට උනේ, රෙදි පිටින් සජ්ජට විලි දැනෙන්න..)
හවස විභාගෙ
ඉවර වෙලා සුපුරුදු පරිදි අපි වැව් කන්ඩියට නැග්ග... හැබැයි වෙනද බගේ අපි සෙට් එක
විතරක් නෙමේ... මේ වෙද්දි ගොඩාක් හිතවත් වෙලා හිටපු ගෑණු ළමයි සෙට් එකත් අපිත්
එක්ක ආව...
කට්ටියම පච
කිය කිය, කැකිරි පල පලා ආවත් ලෝචි හිටියෙ වෙනමම කල්පනාවක කියල මට තේරුනා... මම
ලෝචි ලඟට ගියේ ටිකක් කතා කරන්න හිතාගෙන.
ලෝචි... බර
කල්පනාවක වගේ...
ආහ් ලෝචන...
ඉතින්...
කොහොමද පේපර් එක...?
පේපර් එකනම්
ලේසියි වගේ... රිසාල්ට් ආවමම තමයි බලන්න
වෙන්නෙ ඉතින්...
ම්....
ඔයාට කොහොමද?
මටනම් අවුලක්
නෑ නංගි... (මට ලෝචිට නංගි කියල කියවුනත් ඇයි ඊට විරුද්දත්වයක් දැක්වූවේ
නෑ)මේ.. ඒක නෙමේ... දවල් කෑම කෑවෙ නැත්තෙ... අත තුවාලයි කීව නේද?
හ්ම්... මේ...
මට ලෝචි අත දිගෑරල පෙන්නුවමයි මම කතාවෙ බරපතලකම දැක්කෙ...රෝසපාට මුලු අත්ල පුරාම
ලේ පාටට දිය බුබුලු දාල...
ආහ්... මොනව
වෙලාද මේ...
මම අතින්
අල්ලගෙන ටිකක් ඇස් මානෙට කිට්ටු කරල බලන ගමන් ඇහුවෙ හිතට දැනුනු අනුකම්පාවට..
රත් වෙච්ච
හීටරේ ඇල්ලුවනෙ අමතක වෙලා...
හයියෝ... ඔයත්
කරගන්න දේවල්... රිදෙනවද?
දෑතින්ම ඇගේ
තුවාල වී දිය බිබිලි මතුවෙලා තිබුනු අත අල්ලගෙන ඇස් දෙක දිහා බලාගෙන ඇහුවෙ
අහිතකින් නොවුනත් මගෙ ඇස්වලින් ආදරේ පිට වෙන්න ඇති කියල මට හිතුන.. මොකද ඒ ඇස් මන්
දිහා බලාගෙන ඒ වෙලාවෙ මටත් ආදරෙයි කීව කියලයි මට හිතුනෙ...
අහෝ
දෙවියනේ... මල්සරා මල්ලි කොල්ලව ගෙනිහින් තියන දුරක්... (චිරිස් ගාන සද්දෙකුත්
එක්ක ඇහුනු සජ්ජගෙ කටහඬ දිහාට මා හැරුනෙ කෑගැහිල්ලට මිස කීව දේවල් තේරිලා නෙවේ...
සජ්ජ ෆොටෝ එකකුත් ගහල සෙට් එකට මොන මොනවදෝ කියනව...
හද්දෙයියනේ...
ගන්ති හැත්තෑවයි නේද? මම තවමත් ලෝචිගෙ අතින් අල්ලගෙන...
හා හා... දැන්
ඉතින් අල්ල ගත්ත අත අතඅරින්න ඕනෙ නැතුවා... කොහොමත් ඉතින් හොඳ හොඳ සෙල්ලං එලිවෙන
ජාමෙට කෙල්ලනේ... එතකම් ටිකක් නිදි මරානෙ හිටපල්ලා... සජ්ජ අතොරක් නැතව කියවනව...
ෂික්.. මේ වගේ වාචාලයෙක් මොකට අපේ සෙට් එකට සෙට් උනාද මන්ද?
මේ ගෙම්බො...
බක බක නොගා ඉන්නවද?
කට්ටියටම හිනා
ගැස්සෙන විදියට කියල සජ්ජගෙ බෙල්ල මුලින්ම කපල දැම්මෙ සුජානි...
මේ... දැන්
ඇති ඔය පෙම් බස් දෙඩුව... ඔය අත අතෑරල යමං... නැත්තං ඔය අතේම එල්ලිලා චුත වෙයං...
ආයෙත් සුජානි
කෑ ගහද්දියි මට මතක් උනේ තාමත් මම ලෝචිගෙ අත අල්ලගෙන නේද කියල..
මම යන්නම් ලෝචන...
බුදුසරණයි...!!
බුදුසරණයි..!!
පරිස්සමින් යන්න... හෙට උදේ හම්බෙමු...
ඔයත්
පරිස්සමෙන්... ඉදිරියට පියවර තබමින් සිටි ලෝචි නැවතිලා හැරිල බලල එහෙම කීවෙ මගෙ
මුලු ආත්මෙටම මොකක්දෝ කියාගන්න බැරි හැඟීමක් දනවමින්...
ජීවිතේ පලමු
වතාවට මම පරිස්සම් විය යුතුයි කියන හැඟීම මට දැනුනෙ ඒ වෙලාවෙ...
විඳින විඳවන
ආදරයක සැබෑ තතු, යතුරු පුවරුවෙන් ඔපවත්
කරන්නට,
හමුවෙමු
නැවතත් තවත් කොටසකින්...
ඔබගේ අදහස්
අපට කියන්න..
මෙහි ඇති
කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් වේ...
රවියෝ කතාව ලස්සනට යනවා.අනිත් කොටස දානකං අපි ඉතිං මග බලාගෙන.උඹට ජය...........
ReplyDeleteස්තූතියි..
Deleteදිගටම රැඳී ඉන්න අපත් සමග...
ela
ReplyDeleteස්තූතියි..
Deleteරවියෝ කෝ බං ඉතිරි කොටස අපි මග බලාගෙන ඉන්නේ.ආතල් කොටසක් දාපං.උඹට ජය......
ReplyDeleteස්තූතියි..
Deleteදිගටම රැඳී ඉන්න අපත් සමග...
දිගටම කියවන්න..
කෙල්ල අතේ තුවාල කියලා කොල්ලට කියලා කවාගන්න එක නම් ටිකක් අතාත්විකයි වගේ නැතිද....
ReplyDeleteස්තූතියි..
Deleteදිගටම රැඳී ඉන්න අපත් සමග...
අතාත්විකයි උනාට ඇත්තටම සිද්ද උන දේවල්නෙ කොල්ලෝ...
මේක ඇත්ත කථාවක්...