අඩෝ ලෝච... උඹටත් හරි ගියා නේද බං....
ඇයි අපි ඔටුවොද? මම කීවෙ ආඩම්බරයක් මවාගෙන...
අප්පටහුඩු මුගෙ ගනං.... බලපංකො සජ්ජ... (රොෂා මාව තල්ලු කලේ
ටිකක් රිදිල වගේ....)
අපි එකිනෙකා වෙන්වෙලා ගෙවල් ලට ගියේ පසු දින උදයේම ආයෙත්
හමු වෙන්න බලාපොරොත්තු දෙමින්...
ආහ්... උඹ ආවද ලොකු එකෝ....
අප්පට හුඩු ඩැඩා චූන්
වෙලා නේද?
මෙහෙ වරෙන්... මෙහෙ...ට වරේ....න්...
යකෝ ඩැඩා මට කථා
කරන්නෙ මොකද කවදාවත් නැතිව... බෝතලයක්වත් ගෙනල්ලද දන්නෙ නෑ...
(දෙන්නත් එක්කම ගහමු ලොකු එකෝ කියයිද? බඩුම තමයි එහෙම උනොත්...)
අයියෙ... ආන් තාත්ත ඔයාට කථා කරනව... (සිඟිති කාමරේට එබිල කෑ ගැහුවෙ මම දැන් නොගියොත් පියතුමා විසින් විශ්ව ශබ්ධ කෝෂය
එලි දක්වන වග නගා හොඳින්ම දන්න නිසා වෙන්න ඇති...)
ඇයි ඇයි... මොකද? (ටිකක් සද්දෙට සැරෙන් අහගෙන තාත්ත ලඟට ගියෙ
මොන බාල්දියක් පෙරෙලේදෝයි දැඩි සැකෙන්...
ආහ්... උඹ ආවද? උඹ කාලද මගෙ කොල්ලො...?
දවල්ටද රෑටද?
(ආයෙත් මම කඩා පැන්නෙ හිතේ තිබුනකු කේන්තියට...) කන්ඩ දෙයක් නෑ... අඳින්න ඇඳුමක් නෑ... උදේ ඉඳන් රෑ වෙනකම් බීල බීල ඇවිත් දැන් අහනව කෑවද කියල... (මට හිතින් හිතුනෙ එහෙම)
මේ මිනිහට ලැජ්ජ නැතිව
අහනවනෙ... ෂික්... කොහේ හරි කන මදය වගේ
බීල බීල හැම සතේම අරක්කු කරයෙකුට පූජ කරල හතර ගාතෙන් ගෙද ඇවිත් දැන් අහනව කෑවද
කියල කොල්ලගෙන්...
අම්ම නිකටට අත ගසාගෙන
සැරෙන් ඇහුවෙ හිතේ පැසවන දුකට කියල මම දැනන් හිටිය....
ලොකු එකෝ... මෙහෙට ඇවිත් ඉඳ ගනින්කෝ....
කවදාවත් නැතිව ළඟින්
ඉඳගන්න කරන ආරාදනාවනම් වැඩිය සුභ ලකුනක් නොවේ කියලයි මට හිතුනෙ... කවුද දන්නෙ හොඳවගෙන් පුරවල කනේ පාරක් දෙන්නද කියල... අම්මගෙයි නංගිගෙයි මූණු දිහා බලපුවම ඒ තත්වෙ තවත් ස්තිර
උනා...
තාත්ත සරම පැත්තකින්
උස්සල පොල් ගස් ගඳ ගහන කිලිටි කලිසම් කබලෙන් ඇදල ගත්තු මොකක්දෝ මුලක් දිග හරින්න
උනා... සිගරට් කොල කැබලි වල ලියූ දුරකථන අංක කීපයක්, තාත්තගෙ හැඳුනුම්පත, අම්මගෙ පරන කළු සුදු ෆොටෝ එකක්, පොකට් කැලැන්ඩර්
කෑල්ලක් වගේ සුළු සුලු දේවල් කීපයකට වඩා වැඩි යමක් එහි පෙනෙන්නට වූයේ නෑ...
හෙට දවල්ට කාපන් කියල
මොණරෙක්වත් දෙයිද දන්නෙ නෑ,..
මට නිකමට වගේ එහෙමත්
හිතුන...
ම්...ඉඳා... මේක ගනින්... (තාත්ත හතරට පහට නවපු
කොල මිටියක් මගෙ අතේ තිබ්බෙ මගෙ බලාපොරොත්තු සුනු විසුනු කරමින්..
මොකක්ද යකෝ මේ... කෙල්ලෙක් හිටියෙ නැති නිසා ලිවුම් මිටියක් වෙන්ඩත් බෑ... මොන මගුලක්ද එහෙනම් මේ.... (මමනම් හිටියෙ දෙලෝ රත්
වෙලා... මොකද ඉතින් මට පෙරලෙන බාල්දිවල අඩුවක්
නැතුවා...)
මොනවද මේ.... (මම හිමිහිට තාත්තගෙන් ඇහුවෙ අතට දුන්න කොල මිටිය
දිගාරින්නෙවත් නැතිව...)
ඕක දිගෑරල බලපන්... මොන විකාරයක්ද කවුද දන්නෙ ලොකු පුතේ.....
කාන්තා ආධිපත්‍ය ඉස්සර
උනේ තාත්තට කිසිවක් කියන්න ඉඩ නොදී...
දෙවියන්ට ඔප්පු
වෙච්චාවෙ කීවලු... මේ බණ්ඩාර මුදලාලි ගාව උගසට තියල තිබුනු
සින්න වෙන්න ගිය අපේ ඉඩම් ඔප්පුව නේද?
ඔන්න මම උගස බේරුව... මගෙ කොල්ලගෙ නමට ඔප්පුවත් හැරෙව්ව....
දෙයියනේ... ඇත්ත නේන්නම්... ඉඩම් හිමිකරුගේ නම
විදියට ලෝචන සේනාත් ගුණතිලක ලෙස සටහන්ව තිබිනි...
අම්ම මගෙ අතින් ඔප්පුව
උදුරල අරන් කියවන්න උනේ කිසිවක් සිතා ගත නොහැකිව පුදුමෙන්....
අම්මගෙ ඇස් වලට කඳුලු
ඉනුවෙත් සිඟිතිගෙ දෑස් බිමට බර උනෙත් දුකටද සතුටටද කියල මට හිතා ගන්න බෑ... ඒත් මට තිබුනෙනම් ලොකු පුදුමයක්....
තාත්තෙ.... ඇයි තාත්තගෙ නමට තිබුනු ඔප්පුව මගෙ නමට ලීවෙ... කොහෙන්ද ඔප්පුව බේරන්න සල්ලි....
උඹ මගෙ එකා... ගුණතිලක පවුල ගෙනියන්න ඉන්න එකා... පවුලෙ ලොකු එකා... මම දන්නව පුතේ මම මැරෙන්න වැටුනු දාක මට වතුර ටිකක් හරි
දෙන්න ඉන්නෙ උඹ විතරයි....
තාත්ත වෙරි මරගාතෙ
උනත් කියවාගෙන ගියෙ මහා බැරෑරුම් දෙයක් බැවි මට හොඳින්ම තේරුනා....
තාත්ත හරි අසරණ විදියට
මගෙ ඔලුව අතගාල කියපු ඒ කතාවට මගෙත් ඇස් වලට කඳුලු එන්න ඇති. ඒකයි අම්ම මං දිහා බලල බිම බලා ගත්තෙ...
ඇති යාන්තං... ගෙදරට කියල දෙයක් කලා... කොහෙන්ද හැබෑටම ඔප්පුව
බේරන්ඩ සල්ලි....?
අම්ම ප්‍රශ්ණ පත්තරේ දිගෑරියට මොකද අම්මට වගේම මටත් ඒකනම් ලොකු ප්‍රස්නයක්
වෙලයි තිබුනෙ....
පහුගිය ටිකේ... උඹලට කන්ඩවත් නොදී වත්තෙ මහත්තය ලඟ වැඩ කරල හම්බ කරපු
සල්ලි තමයි ඔය... උඹලට ඉහට වහලයක් නැතිවෙයි කියලයි බඩගින්නෙ හරි තියල උඹලව ඔහොම කලේ....
පවු... තාත්තගෙ බීමත් කම නිසා ඔය සුන්දර හදවතට කොතරම්නම් නිගා
කරන්න ඇත්ද? ගරහන්ඩ ඇත්ද? ඒත් තාත්ත කොයි තරම්
උතුම් මනුස්සයෙක්ද?
ජීවිතේ පලමු වතාවට මට
එහෙම හිතුනෙ ඇයි කියලනම් මම දන්නෙ නෑ... ඒත්, හැම තාත්තෙක්ම වගේ බීමට ඇබ්බැහි වෙලා ඉන්නෙ කුමක් හෝ
හේතුවක් නිසා වෙන්න ඇති... ඒත් ඒ හැම තාත්තෙක්ම මගෙ තාත්ත වගේම දරුවන්
ගැන හිතනව ඇති... මට ඒක විස්වාසයි... නොපෙන්නුවත් ඒකයි
සැබෑව....
උඹල බල බල හිටපු ටී.වී එක විකුන්නෙත් සල්ලි අඩු පාඩුව හදා ගන්න... ඒක විකුන්නෙ නෑ... උගස් කරේ... ඒකත් මම බේරල දෙනව...
මම ඒ සල්ලි වලට අරක්කු
බීවෙ නෑ ලොකු පුතේ....
තාත්තගෙ හඬෙ ගැබ්
වෙලා තිබුනු ඉකිබිඳුම මට තේරුම් ගන්න අපහසු වුනේ නෑ,...
ඇත්තටම මෙවන් පියෙකුගේ
පුතකු වීම ආඩම්බරයක් යැයි ජීවිතයේ පලමු වතාවට මට දැනෙන්නට උනා....
තවත් කොටසක්
බලාපොරොත්තු වන්න...
ඔබේ අදහස් අපට ලියල
යන්න...
මෙහි සියළුම හිමිකම් FreegetLanka
සතු වන අතර උපුටා
ගැනීම සපුරා තහනම් වේ....
lassana kathawa... digatama liyanna..
ReplyDeleteරවියෝ එල බං කතාව සුපිරියට යනවා.අද තමයි බලන්න හම්බවුනේ.නියම විදියට කතාව වෙනස් වෙන්නේ.උඹට ජය මචෝ..............
ReplyDeleteඔව්... ඇත්ත කථාවක්නේ...
Deleteදිගමට රැඳී ඉන්න..
5 වෙනි කොටසත් කියෙව්වා
ReplyDeleteදිගටම කියවන්න.. ස්තූතියි..
Delete