Wednesday, October 2, 2013

පිටසක්වල (4 වන කොටස)

පෙර ලිපිය හා බැ‍ඳේ................
(පුමා පුන්කු- මීට අවුරුදු 17000 කට කලින් පරිගණක අනුසාරයෙන් වැඩ කරන ස්ටෝන් කටුන් මැෂින් වලින් කරපු නගර)

ඔබ දන්නවාද? පිටසක්වල ජීවීන් යනු ඉතා දියුනු මානසික මට්ටමක ‍හා තාක්ෂණික මට්ටමක සිටිනවුන් පිරිසක් බැව් කාගේත් මතයයි...

එවැන්නවුන් ඇමරිකාව වැනි රටවල් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා භාවිතා කරන බව කවුරුත් දන්නා රහසක්..

ඒ ඇයි......?

තවත් කරුණක්...

පිරමීඩ වලින් ලොකුම(විශාලම) පිරමීඩය හදල තියෙන්නෙ පෘතුවියෙ මැද ලක්ෂයෙ.. (මධ්‍ය ලක්ෂයෙ) ඒ කියන්නෙ ලෝකයෙ මැද? දැන් ප්‍රස්නයක් එයි කොහොමද ලෝකෙ මැද හොයන්නෙ කියල...
ගණිත කර්ම කියල දෙන්න නම් බෑ.. මේ‍ ෆොටෝ එකෙන් බලන්නකෝ...

පෘතුවිය අංශක 23.5ක ඇලේකටයි පිහිටලා තියෙන්නෙ... කවුරුත් දන්වනේ...

මෙහෙම ගැටළුවක්නම් එනව...

මේ පිරමීඩෙ හදන්න, පෘතුවියෙ මද්‍ය ලක්ෂෙ නිර්ණය කරන්න තරම් දියුණු තාක්ෂණයක් මීට අවුරුදු දහස් ගණනකට කලින් තිබුනෙ කොහොමද කියන එක පුදුමයක් නේද?

පිරමීඩ හදද්දි මීට අවුරුදු 4000 කට පමන කලින් ටොන් 200 ඉඳන් 400 වෙනකම් තියන විශාල ගල් කැපුවෙ කොහොමද?

ඒව ප්‍රවාහනය කරේ කොහොමද?

උඩට ගත්තෙ කොහොමද?
ඇත්තටම මේව නොවිසඳුනු ලොකුම ගොකු ප්‍රස්න නේද?


ටොන් 200ක බරක් උස්සන්න ක්රේන් 21ක් ඕනෙ. එදා ක්රේන් නොතිබුනු යුගයක මේ දේ කරේ කොහොමද? ඇත්තටම අදටත් කරන්න අමාරුයි ඒක...

ඕනෑම භූමි කම්පාවකට ඔරොත්තු දෙන විදියට තමයි පිරමීඩ හදල තියෙන්නෙ...

ඒ කොහොමද?

මේ තියෙන්නෙ පිරමීඩ දල සටහනක්.... බලන්නකෝ...

ඇත්තටම පිරමීඩ හැදුවෙ මොකටද?

වයර්ලස් ඉලෙක්ට්‍රිසිටි තාක්ෂණය.... වර්ථමානෙ ඒ වගේ තාක්ෂණයක් ගොඩ නගන්න පුලුවන්ද?

මේ බලන්න... ගීසා පිරමීඩ පිහිටලා තියෙන්නෙ ඔරායන් තරු රටාවෙ හරියටම ඉන පටියෙ තරු තුන කෙලින්.........

මෙහෙම උනේ කොහොමද? මෙතරම් දියුණු තාක්ෂණයක් මොවුන් සතු වුනේ කොහොමද?

මීට අවුරුදු 4000කට අදික ඈත අතීතෙක මෙවන් විප්ලවයන් සිදු කලේ කවුරුන්ද?

අපි පොඩ්ඩක් වෙනත් දිසාවකට හැරෙමු.....

ජීවී යානා ලංකාව වගේ රටවලට දර්ශණය වෙනව අඩුයි.. ඒකට හේතු කීපයක් තමයි,
පුධාන වශයෙන්ම උතුරු ඇමරිකානු රටවලටලු ඒ යානා පෙනෙන්නෙ.. ඒකට හේතුවක් විදියට දකින්න පුලුවන් දෙයක් තමයි, ඒ ප්‍රදේශ වල තිබෙන අධික චුම්බක ක්ෂේත්‍රය...

කවුරුත් දන්න‍වනේ ලංකාව කියන්නෙ ගුරුත්වාකර්ශණව අඩු රටක් කියල..

කලින් කතා කරපු පිරමීඩ කතාවටම එමු..

ඇත්තටම පිරමීඩ වල තියෙන්නෙ පිටසක්වල තාක්ෂණයද?

මේ පින්තූර පිටසක්වල සමග සබඳතා පැවති බවට සාදක ගෙන එනව නේද?
මේ බලන්න...

 ( මේ පින්තූරෙ අවුරුදු 27000ක් විතර පරණයි කියල කියනව.)




හොඳින් නිරීක්ෂණය කරන්න.. පිරමීඩ සිතුවම් කීපයක් ඔය තියෙන්නෙ...?

තවත් රසවත් තොරතුරු රැගෙන ඔබ හමු වෙන්නම්...
මෙම ලිපියෙහි බොහෝ තොරතුරු ගීක් වෙබ් අඩවියේ සාකච්චාවක් ඇසුරෙන් උපුටාගත් බව කරුණාවෙන් සලකන්න...
මෙහි කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීමෙන් වලකින්න..
ඔබගේ අදහස්, ඔබ දන්නා තොරතුරු පහලින් හැමෝම සමග බෙදා ගන්න..

0 comments:

Post a Comment