පසුගිය කොටසින්෴
එදා වසරේ පලුමු පෝය දිනය විය..සවස් වරුවේ ඈ මල් වට්ටියක්ද සූදානම් කර ගනිමින් සුදෝ සුදට සැරසී සූදානම් වූයේ පන්සල් යෑමටය..
දුරකථනයට කෙටි පනිවිඩයක් ආවේ මෙවිටයි..
“මම සිවුරු ඇරිය අම්මි...“
අද එතැන් සිට෴
කෙටි පණිවිඩය ලැබුනේ පොඩි හැමුදුරුවන්ගෙන්. මේ තමන්ව කසළ ගොඩක් සේ ඉවතට විසි කර දැමූ ඒ හාමුදුරුවන්මය. දනීශා හට පොළව පළාගෙන යෑමට තරම් ලැජ්ජාවක් මෙන්ම තමා ගැනම විශාල පසුතැවීමක් දැනෙන්නට විය. සිව්රු දරා සිටිනා විට දනීශා, මගෙ නංගි යන වචන වලින් ඈ ඇමතීමට සීමා වූ ඔහු, මෙසේ “අම්මි“ කියන්නට තරම් මාව දුරස් කර තැබූ මාස ගනන ඔහු හට සමීප බවක් වූයේ කෙලෙසදැයි දනීශා හට සිතෙන්නට විය. ඈ හට මහත් අසරණකමක් දැනෙන්නට වූයේ එනිසාමයි..
පණ මෙන් ආදරේ කරපු දනීශාගේ පෙම්වතා නොහොත්, පොඩි හාමුදුරුවන් තව දුරටත් ස්වාමීන් වහන්සේ කෙනෙකු නොවේ. ඔහු මහන දමින් මිදී කනිශ්ක සම්පත් ලෙස ගිහි තරුණයෙකු බවට පත්වී සිටී. පණ මෙන් ආදරේ කරපු, දනීශාගේ පළමු මෙන්ම දැබෑ සෙනෙහස නැතිවී ගොස් මාස ගනනාවක් දුක් වින්දා දනීශාට අමතක නැත. ඔහු නිසා විභාගය පවා අනා ගත් සැටි ඈ කෙලෙසින් නම් අමතක කරන්නද.?
නමුදු, සෙනෙහසේ නාමයෙන් ඔහුව අමතක කරන්නට හෝ, ඔහුට පිටු පාන්නට හෝ ඔහුගේ වචන වලට එරෙහිව යන්නට තරම් දනීශාගේ සිත ශක්තිමත් නොවුනි.
යලිදු මිතුරනුත් පෙම්වතුනුත් නොවන අතරමැදි අවස්තාවක හිඳ දෙදෙනාට දෙදෙනා කතා කරන්නට, කෙටි පණිවිඩ හුවමාරු කරගන්නට පටන් ගත්තේ ඒ නිසාමයි.
සිව්රෙහි සිට සිව්ර හැරීම නම්වූ බෞද්ධ සමාජයේ පිළිකුල් සහගතම ක්‍රයාමාර්ගය ගෙන තිබූ කනිශ්ක බෙහෙවින්ම සමාජයේ කොන් විය. ඔහු පැවිදි බිමේ සිටියදී ඔහු කෙරේ මිනිසුන්ගේ වූ ගෞරවයද හේදී ගොස් තිබිනි. යම් තාක් හෝ දුරකට කනිශ්ක හට ඔහුගේ නැතිවී ගිය ගෞරවයෙන් බිඳක් හෝ යලි ගබා ගන්නට සහ බිඳකින් හෝ පෞර්ෂත්වයක් ගොඩ නගා ගන්නට ඔහු හට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.
“අම්මි.. ඔයා ආයෙ ඒ ලෙවල් කරන්න..මම ක්ලාස් හොයල දෙන්නම්..“
වරෙක එසේ කියමින් යලිඳු උසස්පෙළ විභාගයට මූණ දීම සඳහා දනීශා හට පන්ති පවා කනිශ්ක සොයා දුන්නේ කනිශ්ක, දනීහා ලෙස අලුතින්ම ඔවුන්ගේ ආදර කතාව කෙටුම්පත් කරන්නට මුල පුරමිනුයි.
නිතරම සිත් තැවුලින් කලකිරීමෙන් විඳවමින් ගත කල දනීශාගේ දිවියට යලිඳු ස්නේහයේ මල් පූදින්නට වරම් දෙමින්, වැහැරී ගිය දනීශාගේ සිරුර මෙන්ම සිතද, දිනෙන් දෙකෙන් සුපුන් සඳක් මෙන් බබළන්නට වූයේ නැවතත් පොඩි හාමුදුරුවන් කනිශ්ක ලෙස හෝ තම ප්‍රේමය සුරකින්නට අවසර ගත් නිසා වන්නට ඇත.
ගමේ නින්දා අපහාස ලබමින්, බෞද්ධ සමාජයෙන් හීරළුවා යැයි වචන අසමින් අපහසුවෙන් ගතකල කනිශ්කගේ දිවියට නව අරුතක් දෙන්නට දනීශාට ඇවැසි වූවා.
දිනක්, නාවික හමුදාව සඳහා බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණයකට ඉල්ලුම් පත්‍රයක් දනීශා අතින්ම පිළයෙල කර යවනු ලැබුවේ ඒ නිසාමයි.
මේ අතරතුරේ ගම්මුන්ගේ කතා, මිතුරන්ගේ තොරතුරු යන සිල්ලගේ සම්මිශණයක් ලෙස දනීශාගේ ගෙදරින් මේ සම්බන්දය දැන ගන්නට විය.
“පුතේ. ඇත්තට මේ මිනිස්සු කියන කතා.. “
“මොකක්ද අම්මෙ.?“
“අර.. පහල ගමේ සිව්රු ඇරපු ළමයත් එක්ක ඔයා එහෙ මෙහෙ රවුම් ගහනව කියන්නෙ.. ඒ ළමය එක්ක සම්බන්දයක් තියෙනවද?“
දනීශා මදක් තැති ගත්තද, යෙහෙළියක මෙන් වූ ඇගේ මවට සියල්ල මුල සිට පැහැදිලි කලේ සඟවන්නට තරම් දෙයක් දනීශා තුල නොවූ නිසයි..
“මොන දේ උනත් ඒ ළමය සිව්රු ඇරපු ළමයෙක් නෙපුතේ.. මිනිස්සු කියන කතා අහන්නත් අපප්‍රසන්නයි..“
“එයාගෙ දැන් නම කනිශ්ක.. මං නේවි එකට ඇප්ලිකේෂන් එකක් දැම්ම අම්මෙ.. තේරුනොත් නම් හොඳයි.. ගමේ මිනිස්සුන්ගෙත් කටවල් වැහෙයි.. යාපනේ බොම්බෙ පුපුරගෙන මැරුනු හසලක ගාමිණිත් අරන්තලාවෙදි බේරුණු පොඩි හාමුදුරු කෙනෙක්ලු අම්මෙ“
“හම්.. වෙලාවක එන්න කියන්නකො ඔය ළමයට තාත්තවයි මාවයි හම්බ වෙන්න“ දනීශාගේ මව පැසුවේ නම් ඔහු කෙරේ අකමැත්තකින් නොවෙයි.
කෙලෙසින් හෝ කනිශ්ක වෙනුවෙන් නාවික හමුදාවට දනීශා දැනූ ඉල්ලුම් පත්‍රයට, ඇගේ බලාපොරොත්තු මල් ඵල ගන්වමින් ප්‍රථිචාර ලැබී තිබුනත් ඔහු දනීශාට ඒ බව කියන්නේ නෑ.
මේ අතර දනීශා දෙවන වරට උසස් පෙළ විභාගයට පෙනී සිටිනව. දනීශාගේ උත්සාහය යම් තරමක් දුරට සාර්ථක කරමිනුයි උසස්පෙළ විභාගයට මෙවර A-1, B-2 ලබා ගන්නෙ.
මෙසේ කාලය ගෙවී යන අතරතුරේ ලොකු බෑගයකුත් කරේ හොවාගෙන කනිශ්ක දනීශලාගෙ ගෙදර එන්නෙ කිසිවෙකුත් බලාපොරොත්තු නොවුන වෙලාවකයි.
“ඇන්ටි.. මම නේවි යනව අද..“
සුළු වෙලාවක් කතා බහ කරමින් ඉඳල, දනීශාගේ අම්මට දණ ගහල බැඳල කනිශ්ක කීවෙ දනීශ වත් නොහිතපු විදියට.
මේ වන තෙක් දනීශටවත් නොකිය ඉඳල මේ කනිශ්ක පවසන්නේ ඔහු නාවික හමුදා පුහුනුවට යන්නට යන අතරතුරේ නොවේද? දනීශා තුල මහත් සිත් තැවුලකුයි ඇතිවූයේ..
“මං ගිහින් එන්නම් නංගි..“
දනීශා ගෙත් ඔළුව ගොඩාක් ආදරෙන් අතගාල කනිශ්ක පිටත් වුනේ දනීශාගේ සිතට එක්වරම පැමිනි කණගාටුවට සුලු හෝ අස්වැසිල්ලක් ලබා දෙමිනුයි.
නමුත් දනීශාට මේ ගැන නොකියපු වේදනාව නම් දනීශා හට සඟවා ගන්නට නොහැකි උනා.. ඈ කෑ ගසා හඬන්නට වුනේ, නිතර නිතර අසනීප වන්නට වුනේ ඒ නිසා වන්නට ඇති.. නමුදු දනීශාගේ මවටනම් කනිශ්ක බෙහෙවින් සිතට අල්ලා ඇත. ඇය කනිශ්කව වර්ණනා කල අයුරින් ම ඒ බැවි දනීශාට වැටහිනි.
දින සති මාස ගෙවී ගියත්, දනීශා හට ලිපියකුදු කනිශ්ක ගෙන් නොලැබිනි. කාලයාගේ ඇවෑමෙන් වේදනාව දරා ගත නොහැකිම තැන ඈ කනිශ්කගේ මවගෙන් පවා ලිපියක්වත් කනිශ්කගෙන් ලැබුනිදැයි විමසන්නට විනි.
මෙසේ වසරක් යනකම් දනීශා වේදනාවෙන් විඳවමින් බලා හිඳින්නේ තම අපිරිමිත ස්නේහයේ නාමයෙනුයි.. නමුදු, වසරකටත් ආසන්න කාලයක් ගෙවී ගොස් තිබියදීත්, කනිශ්කගෙන් නම් කිසිඳු කෙටි පණිවිඩයක්, ලිපියක් හෝ දුරකථන ඇමතුමක් වත් ලැබෙන්නේ නැහැ.
“ආ.. දනී.. ආන්න උඹේ පොඩ්ඩ නිවාඩු ඇවිත් යනව හම්බ උනා..“
විටෙක ඇගේ යෙහෙලියක් කීවේ එලෙසයි.ඉස්සර පොඩි හාමුදුරුන් නිසාවෙන් ගමේ උන් බොහොමයක් ඔහු හැඳුන් වූයේ එලෙසය.
මෙවැනි ආරන්චි හමුවේ ජීවත් වීමට තිබූ ආසාවද, බලාපොරොත්තුත් සමගින්ම බිඳ වැටෙන්නට වූයේ දනීශාගේ ඉවසීමේ සීමාව හමාර කරමිනුයි..
“මට ජීවත් වෙලා වැඩක් නෑ.. එක පාරක් සමාව දුන්න.. කමක් නෑ.. ඒ පාර මාව අතාරින්න ඇත්තෙ හාමදුරුවො විදියට හිටපු නිසා වෙන්න ඇති. ඒත්, එයා ගමේ බැනුම් අහද්දි, වචන අහනව බලන් ඉන්න බැරි නිසා මමමයි නේවි දැම්මෙ.. මටවත් කීවෙ නෑ තේරිලත්.. ඒත් කමක් නෑ.. ගිහිල්ලත් අද වෙනකම් කිසිම පනිවිඩයක් නෑ..“
දනීශා එදා තනිවම නිවසේ ඇගේ කාමරයට වී සිතන්නට වූයේ ජීවිතය කෙරෙහි වූ ආසාව බින්දුවටම අඩු කර ගනිමිනුයි.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න..
(මෙය සත්‍ය කතාවක් වන අතර නම් ගම් පමනක් මනංකල්පිත වේ)
රචනය: රවීන්ද්‍ර බණ්ඩාර
super aiyeee
ReplyDelete